Dannawada - දන්නවද?

  • Home
  • Dannawada - දන්නවද?

Dannawada - දන්නවද? Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dannawada - දන්නවද?, Magazine, .

ඇසෙහි කළු ඉංගිරියාවේ සමීප ඡායාරූපයක්
17/05/2021

ඇසෙහි කළු ඉංගිරියාවේ සමීප ඡායාරූපයක්

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!මේ post එක අපි කලින් පල කරපු එකක්..ඒත් නොදැකපු අය වෙනුවෙන් ආයෙමත් දාන්න හි...
15/04/2021

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!

මේ post එක අපි කලින් පල කරපු එකක්..ඒත් නොදැකපු අය වෙනුවෙන් ආයෙමත් දාන්න හිතුනා...කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන එක නවත්තන්න බෑ.

පුලුවන් නම් මේ ක්‍රමය උත්සහ කරල බලන්න..රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් වෙනවා කියලා තමයි අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ.
- උපුටාගැනීමකි -

ගැලුමක් ඩොලර් 60,000 වටින Horseshoe Crab කකුළුවන්ගේ නිල්පාට ලේ .....===============================අවුරුදු මිලියන 450 ක්...
09/03/2021

ගැලුමක් ඩොලර් 60,000 වටින Horseshoe Crab කකුළුවන්ගේ නිල්පාට ලේ .....
===============================

අවුරුදු මිලියන 450 ක් පමණ පවතිනවා යැයි කියන Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ හිමෝග්ලොබින් වෙනුවට අඩංගු නැති අතර එමගින් ඔවුන්ගේ රුධිරයට අද්විතීය වර්ණයක් ලබා දෙයි.

Horseshoe Crab වර්ගයේ කකුළුවන්ගේ රුධිරය වෛද්‍ය ක්ෂ්ත්‍රයට කොතරම් වටිනවාද යන්න තේරුම් ගැනීමට හැකි වන්නේ එක් ගැලුමක මිල ඇමරිකානු ඩොලර් 60,000 වෙන නිසාවෙනි.

Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ ඇති ප්‍රයෝජනය නම් ශරිරයේ ඇති විෂ සහිත බැක්ටීරියා වලට සුවිශේෂී ලෙස සංවේදී වන වැදගත් ප්‍රතිශක්තිකරණ හැකියාව කකුළුවාගේ රුධිරයේ ඇති සෛල වල අඩංගු වේ.
එම සෛල ආක්‍රමණික බැක්ටීරියා හමු වූ විට, ඒවා වටා කැටි ගැසී කකුළුවාගේ ශරීරයේ ඉතිරි කොටස් විෂ සහිත බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි. මෙම තාක්ෂණය 1970 සිට භාවිතා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මිනිසුන්ට එය යොදා ගන්නේ , එන්නත් මගින් සරම්ප ඇතුළු සියලු ආකාරයේ බැක්ටීරියා මගින් වැලදෙන රෝග වලින් ආරක්ෂා කිරිමට අවශ්‍ය එන්නත් හා ඖෂධ නිපදවීමට මෙම Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරය භාවිතා කරයි.

රුධිරය ලබාගැනීම පිණිස සෑම වසරකම Horseshoe Crab නම් කකුළුවන් දහස් ගණනක් කෘතිමව ඇතිකර රුධිරය ලබාගැනීම සිදුකරයි.

උපුටාගැනීමකි

ග්‍රීන්ලන්ත මෝරා එසේත් නැතිනම් Gurry shark,grey shark යන නම් වලින් හඳුන්වන මෙම සත්ත්ව ප්‍රභේදය දැනට ලොව වෙසෙන වැඩිම ආයුක...
06/03/2021

ග්‍රීන්ලන්ත මෝරා එසේත් නැතිනම් Gurry shark,grey shark යන නම් වලින් හඳුන්වන මෙම සත්ත්ව ප්‍රභේදය දැනට ලොව වෙසෙන වැඩිම ආයුකාලයක් සහිත පෘශ්ඨවංශී සත්ත්ව ප්‍රභේදය ලෙස හැඳින්විය හැක.ආයු කාලය වසර 300ත් 500ත් අතර වේ.
සාමාන්‍යෙන් මෙම සතුන් උතුරු අත්ලාන්තික් සාගරය,ආක්ටික් සාගර කලාපය තුල හමුවන අතර දිගින් අඩි 21 ත් 24 අතර වන අතර බර 1000kg -1400kg පමණ වේ.අති විශාල ශරීරයක් බව ඔබට මෙයින් පැහැදිලි වනු ඇත.දැනට ලොව වෙසෙන විශාලම මෝරුන් ප්‍රභේද අතරින් එක් ප්‍රභේදයකි.ඉතා කුඩා දෑස් හිමිය.බොහෝ දුරට පරපෝශිතයින් දෑස් වලට හානි කරන බැවින් දෑස් නොපෙනේ.නමුත් අනෙකුත් සංවේදී අවයව නිසා ඒ අඩුව මගහැර ගත හැකිය.
මෙතරම් විශාල ආයුකාලයකට හිමිකම් කීමට හේතුව විමසා බලමු.
සාමාන්‍යෙන් මෙම වර්ගයේ මෝරුන් අයිස් මිදෙන තරම් උශ්නත්වයක් යටතේ මීටර 2200 පමණ ගැඹුරු මුහුදේ වාසය කරයි.අධික ගැඹුරේදී ඇති වන අධික පීඩනය නිසා තම බහිස්‍රාවීඵල ජලයට නිදහස් කරගත නොහැකිය.තවද ලවණ ආශ්‍රිත ජලය නිසාද බහිස්‍රාවීඵලයක් වන Trimethylamine N-Oxide පිටතට බැහැර කරගැනීමට අපහසු වෙයි.ඒවා දේහ සෛල තුල අධික සාන්ද්‍රණයෙන් තැන්පත් වේ.
එය දේහ සෛල තුල සිදුවන පරිවෘත්තිය ක්‍රියා වල වේගය බෙහෙවින් අඩු කරයි.තවද ගැඹුරු ජලයේ අඩංගු වන අඩු ඔක්ශිජන් ප්‍රතිශතය නිසාද පරිවෘත්තිය ක්‍රියා වේගය අඩාල කරයි.
ඉහත හේතු සාධක නිසා සෛල වයස්ගත වීමද ඉතා සෙමින් සිදුවේ.එබැවින් මෙම සත්ත්ව ප්‍රභේදය කෙරෙහි ඉතා ඉහල ආයු අපේක්ශාවක් ඇත.
මෙම අඩු පරිවෘත්තිය ක්‍රියා වේගය නිසා දේහය තුල ශක්තිය නිපදවීම හා ආහාර ජීර්ණය ඉතා සෙමින් සිදුවේ.එම නිසා මෙම මෝරෙකුගේ වර්ධනය වසරකට 1 cm පමණ වේ.එසේම උපරිම පිහිනීමේ වේගය 2.6 kmh පමණ වේ.(සාමාන්‍ය මිනිසෙකුගේ ඇවිදීමේ වේගය 5kmh).
එසේනම් ඇස් නොපෙනෙන තත්ත්වයකදී හා ඉතා අඩු වේගයක් සමග ගොදුරු සොයාගන්නේ කෙසේදැයි දැවැන්ත ප්‍රශ්නයක් මතුවේ.සාමාන්‍යෙන් මෙම මෝරුන් මලකුනු මත යැපෙන අතර නිදා සිටින සීල් මත්ස්‍යයින් , නිදා සිටින සාගර ජීවීන්, ආබාධිත හෝ වයස්ගත ජීවීන් තම ගොදුරු ලෙස ලබාගනී.
මිනිසුන් කෙරෙහි බලපෑමක් නැති තරම්‍.1859 දී එක් පහරදීමක් වාර්ථා වූ නමුත් ඉන් පසු කිසිම පහරදීමක් සිදුවී නැත.මන්ද යත් ඇඟ ගල් වෙන උශ්නතවයක් හමුවේ කිසිවෙකු පිහිනීමට හෝ ජල ක්‍රීඩා සඳහා සාගරය නොබැසීම හා මෝරුන්ගේ මන්දගාමී වේගය නිසා මිනිසුන්ට පහරදීමට අවස්ථා උදා නොවේ.නමුදු යම් ලෙසකින් හෝ හසුවුවහොත් ගැලවීම නම් සිහිනයකි.මන්ද යත් උඩු තල්ලේ උල් දත් 48 ත් 52 ත් අතර ප්‍රමාණයක් ඇත.යට තල්ලේ උල් නොවූ දත් 48 ත් 52 ත් අතර සංඛ්‍යාවක් ඇත.මෙහිදී ආහාර කැබලි කිරීමක් වෙනුවට ඍජුවම ඇඹරීමක් සිදු කරයි.කිසිම ලෙසකින් ගොදුර අතහැරීමක් සිදු නොවේ.
එසේම ඉහත සඳහන් කල පරිදි දේහ සෛල තුල අධිසාන්ද්‍රිත රසායනික ද්‍රවය පවතින බැවින් මෙම සත්ත්වයින් ආහාර ලෙස ඍජුවම ලබාගැනීම ඉතා විශ සහිතය.නමුත් ස්කිමෝවරු විසින් පාරම්පරික වට්ටෝරුවක් භාවිතා කරමින් ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් පසු ඉතා රසවත් ලෙස ආහාරයට එක් කරගන්නා බව සඳහන් වේ.කෙසේවෙතත් හිස කඳින් වෙන් කලත් සැකලිය යුතු වේලාවක් යන තුරු නැසිය නොහැක.මන්දයත් රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වුවත් ඉතා අඩු ඔක්ශිජන් ප්‍රතිශතයක් යටතේ පරිවෘත්තිය ක්‍රියා සිදුකිරීමට හැඩ ගැසී ඇති බැවින් බොහෝ වේලාවක් යන තුරු මරණයට පත් නොවේ.ඔබට මෙහිදී ඉබ්බන් හා කැස්බෑවන් මතකයට නැගෙනු ඇත.ඔවුන්ගේද දිගු ආයුකාලයක් පැවතීම ශරීර කොටස් වෙන් කලත් බොහෝ වේලාවක් නොනැසී සිටීම ආදියටද ඉහත සඳහන් කල කරුනු හේතු වේ.
ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා වේගය මන්දගාමී වීම නිසා වයසට යාම ප්‍රමාද වනවානම් අපටත් එය වලංගුදැයි ඔබට පැනයක් මතුවිය හැක.ඔව් එය එසේමය.නවීන විද්‍යාව මගින් අභ්‍යවකාශය තරණය කිරීම ආදී අධික කාලයක් වැය වන ක්‍රියා සඳහා ඉහත සංකල්පය භාවිතයෙන් ශිශිරතාරක නින්ද හඳුන්වාදී ඇත.එහිදී ශරීරයේ සියලුම අවයවයන්හී පරිවෘත්තිය ක්‍රියා හැකි තාක් දුරට මන්දගාමී කරයි.එමගින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන තුරු වයසට නොයා ජීවත් විය හැක.එය දැනටමත් අත්හදා ඇති බවත් සාර්ථක බවත් සඳහන්ය.

විවිධ පුද්ගලයන්ගේ විවිධ වර්ණ වල ඇසේ කළු ඉංගිරියාව සමීප ඡායාරූප කිහිපයක්
23/02/2021

විවිධ පුද්ගලයන්ගේ විවිධ වර්ණ වල ඇසේ කළු ඉංගිරියාව සමීප ඡායාරූප කිහිපයක්

පාසල් ළමුන්ට S*x ගැන උගන්වන ඩෙන්මාර්කයේ Seks සතිය  ඩෙන්මාර්කයේ සති වලට නොම්මරයක් තියනවා. අපි ජනවාරි මාසෙට පළවෙනි මාසේ, ජ...
12/02/2021

පාසල් ළමුන්ට S*x ගැන උගන්වන ඩෙන්මාර්කයේ Seks සතිය
ඩෙන්මාර්කයේ සති වලට නොම්මරයක් තියනවා. අපි ජනවාරි මාසෙට පළවෙනි මාසේ, ජූලි මාසෙට හත්වෙනි මාසේ කියනවා වගේ තමයි. අවුරුද්දේ පළවෙනි සතිය 1 සිට අවසාන සතිය 52 දක්වා නොම්මර වලින් තමයි හඳුන්වන්නේ. පවුලේ වැඩ කටයුතු වල සිට රැකියාවේ වැඩ සහ ආණ්ඩුවේ වැඩ දක්වා සැලසුම් කරන්නේ මාසෙට වඩා සතියේ නොම්මරයෙන්. මේ යන්නේ 6 වෙනි සතිය. හයට ඩැනිෂ් එහෙම නැතිනම් ඩෙන්මාර්ක භාෂාවෙන් කියන්නේ "සෙක්ස්" කියලා. උච්චාරණය ඉංග්‍රීසි භාෂාවේ සෙක්ස් කියන වචනය හා සමානයි. ලියන්නේ Seks කියලා. තේරුම තමයි සම්පුර්ණයෙන්ම වෙනස්.
ඩෙන්මාර්ක් වල පාසැල් වල මේ හය වෙනි සතියේ එහෙම නැතිනම් සෙක්ස් සතියේ අමුතු වැඩක් කරනවා. එයාලා ළමයින්ට සෙක්ස් සතියේ සෙක්ස් ගැන කියලා දෙනවා. බොහොම විධිමත් සැලැස්මකට අනුව හැබැයි සරළ සහ අවිධිමත් ආකාරයෙන්. තුනේ පන්තිය දක්වා ළමයෙකුට ශරීරයේ පිරිසිදුකම සහ ගැහැණු පිරිමි යන දෙකොටසටම එකිනෙකාට ගෞරව කල යුත්තේ මොන අයුරින්ද යන්න උගන්වනවා. ලිංගික අයිතිවාසිකම් ගැන මූලික අඩිතාලම වැටෙන්නේ මෙතනදි. හතරේ පහේ පන්ති වල ළමයින්ට දරුවෙකු පිළිසිඳ ගන්නේ කුමන ක්‍රියාවලියක ප්‍රථිපලයක් හැටියටද එය කරන්නේ කවුද ඒ වගේම දරුවා එළියට ගන්නේ මොන ආකාර වලටද වැනි දේ ගැන අවබෝදයක් ලබා දෙනවා. විලි රුදාව ගැනත් උගන්වනවා. ඒ නිසාම මෙහෙ හැදෙන ළමයින්ට බබා දෙයියෝ ගෙනත් දුන්නා, අහසින් වැටුනා වගේ බොරු කියන්න බෑ. හයේ පන්තියෙදි විතර සෙක්ස් සතියේ ගොඩක් දුරට උගන්වන්නේ ගැහැණු සහ පිරිමි ළමයිගේ වැඩි විය පැමිණීම (puberty) ගැන. පිරිමිත් වැඩි වියට පැමිණෙන බව අපි දැන ගත්තේ A /L කාලේ මම හිතන්නේ. මෙතනදී තමයි ගැහැණු ළමයින්ට මාසෙකට වරක් ඔසප් වෙනවා කියලා හැමෝටම කියල දෙන්නේ. කොල්ලොන්ට ගැහැණු ළමයින්ගේ ඔසප් දින වල අඳින පෑඩ් එක සෙල්ලම් බඩුවක්, ලිංගික උපකරණයක් හෝ ලේ ගෑවුන අඹුඩ ලේන්සුවක් කියනවට වැඩිය කාන්තාවගේ අත්‍යවශ්‍ය ඇඳුමක් බව අවබෝද වෙන්න පටන් ගන්නේ මෙතනදි.
ඒ විතරක් නෙමෙයි ඔසප් දිනවලදී ගැහැණු අයට ටිකක් කේන්ති යන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා බව දැන් කොල්ලෝ දන්නවා. ඒ නිසාම ගෙදරදී අම්මගේ අක්කගේ විතරක් නෙමෙයි පන්තියේ ගැහැණු ළමයිට පවා ඉඳ හිට මළ පනින ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ. හතේ අටේ පන්ති වලදී ආරක්‍ෂිත ක්‍රමවලට අනුව කොහොමද සෙක්ස් කරන්නේ කියලා දන්නවා. අටේ පන්තියේදී නම් බොහෝ පාසල් වල කොන්ඩෝම් පන්තියට ගෙනල්ලා උගන්වනවා. නමයේ පන්තියෙන් එලියට යනකොට හැමෝම දන්නවා ලිංගික ක්‍රියාවලියේ අවසානය දෙදෙනාගේම සුරාන්තයෙන් කෙළවර විය යුතු බව. සෙක්ස් සතියේ පාසල් ළමුන්ට මේ විදිහට සෙක්ස් කියල දෙන්නේ ඉතාමත් සංවර විදිහට. ලිංගික හැඟීම් අනවශ්‍ය විදිහට උද්දීපනය වීමට නොව ලිංගිකත්වය ගැන නිවැරදි අවබෝදයක් ලැබෙන විදිහට, කුඩා දරුවාගේ පටන් අපයෝජනය නොවී ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝදයක් ලැබෙන විදිහට, සමරිසි අයටත් අයිතිවාසිකම් තිබෙන බව, මග තොටේදී පෙම්වතුන් සිප ගත්තත් ඒක එයාලගේ වැඩක් කියලා තමන්ගේ පාඩුවේ යන්න පුළුවන් වෙන විදිහට, ග්‍රීෂ්ම කාලේදී ගැහැණු ළමයිගේ කකුල් පෙනෙන ඇඳුම් මෝස්‌තර ඇත්තටම ලස්සනයි කියලා කැත හිතක් නැතිව කියන්න පුළුවන් වෙන විදිහට, එහෙම ඇඳගෙන යන ගැහැණු ළමයින්ට අනවශ්‍ය උසුළු විසුළු විතරක් නෙමෙයි හොරෙන්වත් බලන්නේ නැතිව ඉන්න පුළුවන් වෙන විදිහට. අවසානයේ එකිනෙකාට ගරු කරන සමාජයක් ගොඩ නැගෙන විදිහට.

-නවීන්ද්‍ර ද සොයිසා

සූර්යයාගෙන් කිලෝමීටර් මිලියන 6 ක් පමණ ඈතින් පිහිටවා තිබෙන 'පාකර්' නම් සූර්ය ගවේෂණ යානාව මගින් මෙතෙක් ගන්නා ලද සූර්යයාගේ ...
03/02/2021

සූර්යයාගෙන් කිලෝමීටර් මිලියන 6 ක් පමණ ඈතින් පිහිටවා තිබෙන 'පාකර්' නම් සූර්ය ගවේෂණ යානාව මගින් මෙතෙක් ගන්නා ලද සූර්යයාගේ ආසන්නතම ඡායාරූපය...

ඔබ  #දන්නවද? මේ මොකක්ද කියලා? මේ තමයි 2016 දී ඉජීප්තුවේ Wadi El Hitan යන ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මීට වසර මිලියන 44 ප්‍රථ...
29/01/2021

ඔබ #දන්නවද? මේ මොකක්ද කියලා? මේ තමයි 2016 දී ඉජීප්තුවේ Wadi El Hitan යන ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මීට වසර මිලියන 44 ප්‍රථම සිට පාරිසරික හේතුන් මත වදවී ගිය Basilosaurus කුළයට අයත් සම්පුර්ණ තල් මසෙකුගේ ඇටසැකිල්ලක් තමයි මේ තියෙන්නේ, මෙම ෆොසිලයේ ගුණාත්මක බව හෙතුවෙන් මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට පවා එකතු කරලා තියෙනවා..!
(උපුටා ගැනීමකි)

ජැක් මාගේ ජීවිත කතාව___________________________________________ජැක් මා නොහොත් මා යුන් උපත ලැබුවේ 1964 සැප්තැම්බර් 10 වන ...
06/01/2021

ජැක් මාගේ ජීවිත කතාව
___________________________________________

ජැක් මා නොහොත් මා යුන් උපත ලැබුවේ 1964 සැප්තැම්බර් 10 වන දින චිනයේ ෂෙජියැන්ග් පළාතේ හැංෂෝ නගරයේදී ය. මේ වන විට 56 වියැති ජැක් මා චීන ව්‍යාපාරික අධිපති, ආයෝජක සහ ධානපතියෙකි. ඔහු බහු ජාතික තාක්‍ෂණ සමාගම් සමූහයක් වන අලිබබා සමූහයේ සමාරම්භකයා සහ හිටපු විධායක සභාපතිවරයාය.

මේ වන විට ඔහු ලොව 20 වැනි ධනවත්ම පුද්ගලයා වන අතර චීනයේ දෙවනියට ධනවත්ම පුද්ගලයා ද වෙයි.
නමුත් ඔහුගේ ජිවිත කතාව එතරම් සුන්දර එකක් නොවීය.
ජැක් මා පාසල් වියේදි ඉතා දුර්වල ශිෂ්‍යෙක් විය. නමුත් ඔහු කුඩා කල සිටම ඉංග්‍රීසි ඉගෙනීමට දැඩි රැචිකත්වයක් දැක්විය. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගත්තේ හැන්ග්ෂෝ ජාත්‍යන්තර හෝටලයේදී ඉංග්‍රීසි කතා කරන්නන් සමඟ කතා කිරීමෙනි. වසර 9ක් තිස්සේ මා සිය බයිසිකලයෙන් කිලෝමීටර් 27 ක් (සැතපුම් 17 ක්) ගමන් කරමින් තම ඉංග්‍රීසි පුහුණුවීම් සඳහා ප්‍රදේශයේ සංචාරකයින් සමඟ කතා කළේය. ඔහු එම විදේශිකයෙකු සමඟ පෑනේ මිතුරන් බවට පත් විය. ඔහුට ඔහුගේ චීන නම උච්චාරණය කිරීම අසීරු වූ නිසා ඔහුට "ජැක්" යන අන්වර්ථ නාමය ලැබුණි.

පසුව තරුණ වියේදී මා විශ්ව විද්‍යාලයට යාමට මහත් වෙහෙසක් දැරීය. චීන ප්‍රවේශ විභාගය පවත්වනු ලබන්නේ වසරකට එක් වරක් පමණක් වන අතර මා සමත් වීමට වසර 3ක් ගතවිය. මා හැන්ග්ෂෝ ගුරු ආයතනයේ (වර්තමානයේ හැංෂු සාමාන්‍ය විශ්ව විද්‍යාලය) අධ්‍යාපනය ලැබූ අතර 1988 දී ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.

පාසැලේ සිටියදී මා ශිෂ්‍ය සභාවේ ප්‍රධානියා විය.

උපාධිය ලැබීමෙන් පසු ඔහු හැංෂෝ ඩියාන්සි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කථිකාචාර්යවරයෙකු බවට පත්විය. ඔහු හාවඩ් ව්‍යාපාරික පාසලට දස වතාවක් අයදුම් කළ බවත්, සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප වූ බවත් ඔහු වරක් ප්‍රසිද්ධියේ කියා සිටින ලදී.

මා විවිධ රැකියා 30ක් සඳහා ඉල්ලුම් කර ඇති අතර එහෙම සියලූ රැකියාවලින් ඔහු ප්‍රතික්ෂේප වී ඇත. වරක් ඔහු ප්‍රකාශ කරේ "මම පොලිසියේ රැකියාවක් සඳහා ගියෙමි, ඔවුන් කීවේ, 'ඔබ හොඳ නැත' " යනුවෙනි. එමෙන්ම තවත් අවස්තාවකදී ඔහු KFC ආයතනයේ රැකියාවක් සදහා ඉල්ලුම් කරන අතර එහිදී ඉදිරිපත් වු 24 දෙනාගෙන් 23 දෙනෙක්ම රැකියාව සදහා පිළිගනු ලැබීය. ප්‍රතික්ෂේප වු එකම පුද්ගලයා ජැක් මා විය. 1994 වර්ෂය වන විට ජැක් මා තමාගේම ව්‍යාපාරයක් සිදු කර බොහෝ සෙයින් බංකොලොත් බාවයට පත්ව සිටියේය. එම නිසා ඔහු දැඩි ලෙස මානසිකව පීඩාවට ලක්වී සිටින ලදී.

ඉන් අනතුරුව 1995 මුල් භාගයේ දී ඔහු තම මිතුරන් සමග එක්සත් ජනපදයට ගිය අතර එහිදී ඔහු අන්තර්ජාලය පිළිබඳ දැන ගන්නා ලදී. එහිදී ඔහු අන්තර්ජාලය භාවිතා කර බොහෝ රටවල බියර් සම්බන්ධ තොරතුරු සොයා ගත්තද චීනෙන් කිසිවක් නොලැබීම ගැන පුදුමයට පත්විය. ඉන් අනතුරුව ඔහු අන්තර්ජාලය භාවිතා කර චීනය පිළිබඳ සාමාන්‍ය තොරතුරු සෙවීමට උත්සාහ කළ අතර කිසිවක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව පුදුමයට පත්විය. එබැවින් ඔහු සහ ඔහුගේ මිතුරා චීනයට අදාළ තොරතුරු අඩංගු වෙබ් අඩවි

ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා..ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුම...
04/01/2021

ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා..

ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුමනින්ම මමීකරනය වී තිබී ඇති අතර ඔහු සොයාගත් පුද්ගලයින්ට විශ්මයට පත් විය.

සමාගමක් වූ ලොගර්ස් "ජෝර්ජියා ක්‍රාෆ්ට් කෝපරේෂන්" ඔවුන්ට අයත් ඕක් ගසක ඉහළ කොටස කපා එය ට්‍රක් රථයට පටවා ප්‍රවාහනය කළ අතර කඳට ඇතුළත දුඹුරු සහ සුදු දඩයම් බල්ලෙකු සිටින බව දුටු විට පුදුමයට පත්විය.
#දන්නවද? ඔවුන් විශ්වාස කරන්නේ සුනඛයා වසර 60 ක් පමණ එහි සිට ඇති අතර කම්කරුවන්ට අනුව ඔවුන් විශ්වාස කරන්නේ බල්ලා යමක් පසුපස හඹා ගොස් කඳ තුළ සිරවී ඇති බවයි.ඔහු ගසෙහි හිරවුන අතර කිසි විටෙකත් උගේ ගොදුර අල්ලා ගැනීමට නොහැකි විය. කිසිවෙකු ඔහු ගස තුල සිටින බවක දුටුවේ නැත. පැන යාමට නොහැකි වූ ඔහු එම අහම්බ උගුලේ රැඳී සිටිමින් අවසානයේදී මිය ගියේය.

මමීකරනය වූ සුනඛයා ගසෙහි කැපුම හරහා දඩයමට සූදානම්ව සිටී ආකරය තවමත් දැකිය හැකිය. බොහෝ අය කල්පනා කරන්නේ මෙම සුනඛයාගේ සිරුර ආරක්ෂා කිරීම සඳහා මමීකරන ක්‍රමවේදයක් නොමැතිව මෙතරම් කාලයක් ආරක්ශා විය හැකි වන්නේ කෙසේද යන්නයි. පෙනෙන විදිහට ගසේ කදේ ඇති සංඝටක එයට උදවු වී ඇත.

බටහිර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥ ක්‍රිස්ටිනා කිල්ග්‍රෝව් පැහැදිලි කළේ ගස විසින්ම සුනඛයා ආරක්ෂා කළ බවයි.

(උපුටා ගැනීමකි)

මළකුණු වල සමනල්ලු වහන්නෙ ඇයි🤔🤔සමනලුන් බොහෝ විට දිරාපත් වන සතුන්, කුණු වූ පලතුරු, රුධිරය, සත්ව මළ මූත්‍රා හා මුත්රා වලින්...
31/12/2020

මළකුණු වල සමනල්ලු වහන්නෙ ඇයි🤔🤔

සමනලුන් බොහෝ විට දිරාපත් වන සතුන්, කුණු වූ පලතුරු, රුධිරය, සත්ව මළ මූත්‍රා හා මුත්රා වලින් පෝෂණය වේ. මල් පමණක් සමනලුන් සඳහා ප්රමාණවත් සෝඩියම් ලබා නොදෙන බැවින් ඔවුන් ලුණු සහිත දේවලට ආකර්ෂණය වේ. සමනලයෙකු ඔබ වෙත කවදා හෝ වසා තිබේ නම්, #දන්නවද? ඒ ඔබට කැමති නිසා හෝ ඔබ විශේෂයෙන් මලක් මෙන් පෙනෙන නිසා නොවේ; ඇත්ත වශයෙන්ම, එයට හේතුව සමනලයා ඔබේ දහඩිය හා රුධිරයේ ලුණු සුවඳ හේතුවෙන් වූ ආකර්ෂණය වීමකි.

( උපුටා ගැනීමකි)

ඕන් මේකනම් කොල්ලොන්ට පට්ටම වැදගත්🤤 කොහේහරි ගමනක් ගියාම😁 වතුර වලක් දැක්ක ගමන් මී හරක් ගිණියම හැදුන උන් වගේ පැනලා නානවනේ.....
18/11/2020

ඕන් මේකනම් කොල්ලොන්ට පට්ටම වැදගත්🤤 කොහේහරි ගමනක් ගියාම😁 වතුර වලක් දැක්ක ගමන් මී හරක් ගිණියම හැදුන උන් වගේ පැනලා නානවනේ... එතකොට
සමහර තැන්වල🙈 නානකොට ලංකාවේ අපිටනම් බය. ගිලිලා මැරෙයි😁 කියලා. එහෙමත් නැතිනම් අනිත් ලොකුම බය දිය නයෙක් දෙන්නෙක් හරි දිය කුඩැල්ලෙක් හරිනේ... හැබැයි වෙනත් රටක නානකොට මිනිස්සුන්ට වෙන්න පුලුවන් දරුණුම අනතුර🙈 මැරුණත් කොහොමද කටක් ඇරලා කියන්නේ. ඔන්න එහෙනම් අද කතාව එ දරුණුම සතා ගැණ...

❤ කැන්ඩිරු, (වැන්ඩෙලියා සිරෝසා),

යනු ඇමසන් ගංගා කලාපයෙන් හමු වූ ට්‍රයිකොමික්ටෙරිඩේ පවුලේ පරිමාණයෙන් කුඩා පරපෝෂිත කැට්ෆිෂ් කෙනෙකි. ඔවුන් සෙන්ටිමීටර 2.5 (අඟල් 1) පමණ දිග දක්වා වර්ධනය වේ. කැන්ඩිරු රුධිරයෙන් පෝෂණය වන අතර අනෙකුත් මසුන්ගේ කරමල් කුහරවල බහුලව දක්නට ලැබේ. ඔවුන් සමහර විට මිනිසුන්ට පහර දෙන අතර ස්නානය කරන්නන්ගේ හා පිහිනුම් සදහා දියට බසින්නන්ගේ මුත්‍රාශයට ඇතුළු වී ශරිරය තුලට ගමන් කරයි .බොහෝ දුරට මොවුන් මුත්‍රාශයට පැමිණ පරපෝෂිතයන් ලෙස ජිවත් වෙන අතර එමගින් මිනිස්සුන්ට දැවිල්ල, රක්තපාතය හා වින්දිතයාට මරණය පවා සිදුවිය හැකිය...🙈😑.

-උපුටා ගැනීමකි

18/11/2020

ලොව ඕන තරම් එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් තිබේ. තමන් අදාල සංස්කෘතියට අනුගතව ජිවත් වීම එම සංස්කෘතිය තුල ශිෂ්ට සම්පන්න ලෙස සැලකේ. උදාහරණයක් ලෙස සිතන්න, පිඹුරකු පනපිටින් සතෙකු ගිල දැමීම. එසේත් නැත්නම් බල්ලෙකු අසූචි අනුභව කිරීම. එය බල්ලාට හෝ පිඹුරාට රසවත් ආහාරයකි. එම ක්‍රියාව බල්ලාගේ හෝ පිඹුරාගේ සංස්කෘතිය තුළ කිසිදු වැරැද්දක් නොවේ. එසේම පුරාතන මිනිසුන් මස් මාංශ මාළුන් පණ පිටින්, අමුවෙන් අනුභව කිරීමද අනිවාර්යෙන් සිදුකර ඇති බව පිළිගත යුත්තක්. එයද ඒ යුගයට අනුව අශිෂ්ට ක්‍රියාවක් නොවෙයි. එසේම නූතනයේ ද කොරියාවේ, චීනයේ, ජපානය වැනි රටවල අමුවෙන්ම මසුන් සහ වෙනත් සතුන් අනුභව කිරීම ද සංස්කෘතියේ කොටසක්. ඔවුන් පණ තියෙන ඕනෑම සතෙකු, ගෙදර ඇතිකරන බලු පැටවා පවා ආහාරයට ගැනීම සංස්කෘතියේ කොටසක් කරගෙන. එය අප අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ වලින් ඕනෑතරම් දැක ඇත්තෙමු. ඉතින් එය ද ඒ රටවල් වල සංස්කෘතියට අනුව අශිෂ්ට දෙයක් ලෙස ඔවුන් සලකන්නේ නැත. එහෙත් එවැනි සංස්කෘතියක් නොමැති රටවල එය ශිෂ්ට සම්පන්න යැයි සැලකීමක් නොවේ. දිනපතා සිදුවෙන මෙවැනි ක්‍රියා පිළිබඳව බොහෝවිට ජාත්‍යන්තර මාධ්‍ය පවා ඕනෑවට වඩා ප්‍රශ්න කරන්නේ නැත.

පිස හෝ අමුවෙන් හෝ මස් මාළු හෝ වෙන ඕනෑම දෙයක් අනුභව කිරීම හෝ නොකිරීම ඒ ඒ අයගේ කැමැත්ත. අපිට ඒ ගැන විවේචනයක් නැත. ලංකාව තුළ ද ලොකු අවන්හල තුළ සූෂී වැනි ආහාර වර්ග මෙසේ පිළියෙළ කරන බව ද මහා ලොකු රහසක් නොවෙයි. ඒත් ගැටලුව ඇත්තේ එතැන නොව රටක ජනතාව නියෝජනය කරන අයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තුළ අමුවෙන්ම සතා පිටින්ම කිසිදු පිරිසිදු කර ගැනීමකින් පවා තොරව එය එසේ අනුභව කිරීමයි. එසේම එය ප්‍රවෘත්ති විකාශය තුළ කුඩා දරුවන් පවා බලාගෙන සිටින මොහොතක ප්‍රචාරය වීමයි. සංස්කෘතියක් හැටියට, රටේ හැටියට, අපිට එසේ මරාගත් සතෙකු හෝ අමුවෙන්ම කෑම අනුමත කළ හැකි ද කියා ප්‍රශ්නාර්ථයක් තිබේ. එය මෙවන් වූ මාධ්‍ය සාකච්ඡාවක් මැද සිදු නොවුනි නම් තමන්ගේ පුද්ගලික ස්ථානයක සිදුවුනි නම් අප ඒ ගැන සටහනක් වත් තබන්නට උත්සාහ කරන්නේ නැත. අමුවෙන් සතෙකු කා කෑම ඒ අයගේ අයිතිවාසිකමක්. එහෙත් එය ආදර්ශයක් ලෙස ලබා දීම මොන තරම් දුරට ශිෂ්ටයි ද කියා අප දන්නේ නැත. වැසිකිලියක කරන දේ අප මාධ්‍ය ඉදිරියේ කිරීමට යෑම මොන තරම් වීරකමක් දැයි ඇතැම්විට කෙනෙකුට සිතෙන්නට ද පුළුවන. කෙසේ වෙතත් මේ පසුවිපරම කෙරෙන්නේ එහි යුක්ති අයුක්ති සහගත බව, සංස්කෘතික අසංස්කෘතික බව හෝ තමාගේ දේශපාලන පක්ෂයට අදාළව හෝ අදාල නොවී, රටකට හෝ නැත්නම් ජාත්‍යන්තර ලෝකයට හෝ සාපේක්ෂව එහි තීරණය ගැනීම ඔබ සතු බව පසක් කිරීමටයි.

©️ HinniSona (හින්නිසෝන)

රුසියාව ගැන අමුතු කරුණු 10ක් 1. ෆෝබ්ස් සඟරාවට අනුව මොස්කව් නගරයේ පමණක් බිලියනපතියන් 79කට අධිකට ප්‍රමාණයක් ජීවත් වන බව පැ...
15/10/2020

රුසියාව ගැන අමුතු කරුණු 10ක්

1. ෆෝබ්ස් සඟරාවට අනුව මොස්කව් නගරයේ පමණක් බිලියනපතියන් 79කට අධිකට ප්‍රමාණයක් ජීවත් වන බව පැවසේ. එය ⁣ලොව ඕනෑම රටක අග නගරයේ ජීවත් වන වැඩිම බිලියනපතියන් සංඛ්‍යාව වෙයි.

2. රුසියානුවන් මිත්‍යා මත දැඩිව විශ්වාස කරයි. ඔබ #දන්නවද ඔවුන් නිවසක් ඉදිකල පසු ඊට මුලින්ම ඇතුලු වන පුද්ගලයා මිය යන බව ඔවුන් විශ්වාස කරන ඛව? එම නිසා ඔවුන් නව නිවසට මුලින්ම පූසෙකු යැවීමට වග බලා ගනී. ඒ පූසෙකුට පණ නවයක් ඇති නිසා උන්ට ඉන් ගැටලුවක් නොවේයැයි විශ්වාස කිරීම හේතුවෙනි.

3. මොස්කව් නගරයේ දැඩි තබදයක් පවතින නිසා පොහොසත් පුද්ගලයින් ගිලන් රථයක් කුලියට ගෙන තම හදිසි ගමන් බිමන් යාමට පුරුදුව සිටී.

4. රුසියවේ පිරිමි අයට වඩා ගැහැණු අය මිලියන 11ක් පමණ සිටී.

5. රැසියාවේ විශේෂ අවන්හල් ජාලයක් පවතී. එහි සියලුම දේ නොමිලේ ලබා දෙන අතර එහි රැදී සිටින කාලය මත පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට සිදු වෙයි.

6. ලෝක වන ගහනයෙන් 20%ක්ම පවතින්නෙ රුසියාව තුලයි. රුසියාවෙන් 60% ක භූමි ප්‍රමාණයක් තුල වන ගහනය පැතිරී තිබේ.

7. රැසියාවේ සාක්ෂරතා අගය 99.7% වගේ ඉහල අගයක් ගන්නවා.

8. ලොව දිගම රේල් පාර පිහිටන්නේ රුසියාවේයි. එය කිලෝමීටර් 9289 දිගකින් යුක්ත වන අතර සම්පූර්ණ දුරම ගමන් කිරීමට සතියක් පමණ ගත වෙයි.

9. රුසියාවේ ඉතා ඉහල ගබ්සා ප්‍රමාණයක් වාර්තා වන අතර 2005 වර්ෂයේදී දරු උපත් ප්‍රමාණයට වඩා ගබ්සා ප්‍රමාණයක් සිදු කොට තිබේ.

10. සාමාන්‍යයෙන් රුසියානුවෙක් වසරකට මත්පැන් ලීටර් 18කට අධික ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සඳහන්ය.

- (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

ඉනෙන් පහල කිසිවක් නැතුව ජීවත් විය හැකිද ?ඔව් පුලුවන් ඒත් කලාතුරකින්. ඔබ  #දන්නවද එහෙම ජීවත් වෙන කෙනෙක් ගැන?  පෙන්ග් ෂුලි...
15/10/2020

ඉනෙන් පහල කිසිවක් නැතුව ජීවත් විය හැකිද ?

ඔව් පුලුවන් ඒත් කලාතුරකින්. ඔබ #දන්නවද එහෙම ජීවත් වෙන කෙනෙක් ගැන? පෙන්ග් ෂුලින් වන ඔහු චීන ජාතිකයෙකි. ඔහු අනෙක් සියල්ලන් මෙන් සර්ව සම්පූර්ණ අංග වලින් යුක්තව උපත ලබපු කෙනෙක්. නමුත් අවාසනාවන්ත විදියට දරුනු දුම්රිය අනතුරකට මුහුන දිමෙන් අනතුරුව රෝහල් ගත කල ඔහුට අසන්නට ලැබුනේ ජීවිතය රැකගත හැකි මුත් ඉනෙන් පහල කිසිවත් රැක ගැනීමට නොහැකි බවත්ය.
මින් පෙරත් ලංකාවේ දුම්රිය පා පුවරුවේ ගමන් කල තරුනයෙකුටත් සිදු වූයේ මෙවැනි අනතුරක් උනත් ඔහුගේ ජීවිතය රැක ගැනීමට නොහැකි වන තරමට කාලය හරස් විය. කෙසේ නමුත් දැන් පෙන්ග් හට කෘතිම බහිශ්‍රාවිය පද්ධතියක් හා ඔහු වෙනුවෙන්ම සැකසූ කෘතීම පාදයන් තිබුනත් ඔහුට එය භාවිත කිරීමට අවසර ඇත්තේ කෙටි දුරක් ඇවිද යාමට පමනි.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

මාලුවාගේ කතාව 👉 ඔබ  #දන්නවාද ලෝකයේ වැඩිම දුකක් විදල මැරෙන සතා මාලුවා බව....fish suffer by suffocating in air..da same wa...
15/10/2020

මාලුවාගේ කතාව 👉

ඔබ #දන්නවාද ලෝකයේ වැඩිම දුකක් විදල මැරෙන සතා මාලුවා බව....
fish suffer by suffocating in air..da same way u would suffer while drowning in water. Choose kindness. do not fund da fishing industry...
බඩ ගින්න මට ඔබලා කාටත් පොදුයි.. බඩගින්නෙන් අසරණ උන කෙනෙක්ට කැමක් පෙන්නලා හුස්ම හිර කරලා මරලා දාන එක කොච්චර දුරට ශිෂ්ටසම්පන්නද..
අපිට හම්බ කරගෙන කන්න ඉල්ලගෙන කන්න පුලුවන් දියුණු හැකියාවක් තිබුනත් තිරිසන් අසරණ ජිවිත වලට එහෙම නැ.. බඩ ගින්නට වතුර පුරා පි්නලා ඉතාමත් පොඩි කැමක් හොයන මාලුවට මිනිස්සු දානවා ඇමක්.. අනේ බඩ ගින්නට ජිවත් වෙන්න දගලන ඒ සතා කැමට රවට්ටලා අන්තිමේදි බඩ බොකු පිටින් ඉරල දාලා අන්තිමේදි හුස්ම හිර කරලා මරලා දානවා..
ඔවුන් ගේ අගල් අටක තප්පරයක වෙලාවක දිව පිනවන්න.. සමහර විට මාලු බිත්තර දහස් ගනන් බඩේ වෙන් ඇති.. නැත්තම් මාලු පැටවු ටික ගලක් යට හන්ගලා කැම හොයාගෙන ආපු මාලු අම්මා කෙනෙක් වෙන් ඇත් ඒ පැටවු කැම නැතුව බලා ගෙන ඇති.. බඩ ගින්නට රවට්ටලා මරාගෙන කන එක කොච්චර අශිෂ්ට සම්පන්නද..
👉 ඔබේ මුන වැහෙන්න පොලිතින් බැග් එකක් දලාබලන්න..ඔබට හුස්ම ගන්න කොච්චර අමාරැද... මලුවත් එ වග‍ේ ගොඩබිමේ දි හුස්ම ඉල්ලලා ඉල්ලලා වනාඩි 30 වැඩිකලයක් ජිවත් වෙන්න හුස්ම ඉල්ලනවා.. හුස්ම අදිනවා.. අන්තිමේදි හුස්ම හිරවෙලා..මහා වෙදනාවකින් මිය යනවා.. ජලයේ ගිලුනාම හුස්ම ගන්න බැරි වේදනාව වගේමයි මාළුන්ට වාතයේ හුස්ම ගන්න බැරිව විඳින වේදනාව​.. ඔබ වතුර බේසමකට විනාඩි 15 මුන ඔබාගෙන ඉන්න ඔබට දැනෙයි වේදනාව.. බෙල්ල කපලා එකපාර මරන් නැතුව හුස්ම හිර වෙන්න දිලා මරන මාලුවාගෙ මරනය කොච්චර වේදනාවක් ඇතිද???මාළුන්ට මෛත්‍රිය දක්වන්න​. ධීවර කර්මාන්තයට දායක​ වීමෙන් වළකින්න​...
දන්නවා ද සුගත තතාගත.... ලෝක සිවන්දන අප මහා බුද්ධත්වයට පත් බෝසතානන් වහන්සේ පිරිණිවන් පාන මොහොත දක්වා බුදු පියාණන්ට සැරින් සැරේ මහා හිසේ රැදාවක් තිබුණා.. ඒ එක් බෝසත් බවයක ධිවර ගම්මාණයක ඉපදි.. ලැබුණු මාලුවන් විශාල සංඛ්‍යාවක් දගලන දෙස බලා සතුටු විම නිසා.. බුද්ධත්වය ලබා ගෙනද ඒය හිසේ රැදාවක් ලෙස විපාක දිමයි.. ඉතින් එහෙනම් මේ අපි ගැන මොන කතා ද ?
👉 දඩුවම් විදින්න හැම කෙනෙක් ම භයයි..
මරණයට හැම කෙනෙක්ම භයයි..
ඒ නිසා තමන්ව උපමාවට අරගෙන..
කිසි සතෙක්ව මරන්නත් එපා මරවන්නත්එපා..

( බුද්දක නිකාය 01 - දණ්ඩ වර්ගය)

මෙය දුටු පමණින් සිතෙන්නේ අලංකාර ග්‍රැෆික් චිත්‍රයක් හෝ වර්ණ මගින් අතින් කරන ලද නිර්මාණයක් කියා විය හැක. නමුත් ඔබ  #දන්නව...
14/10/2020

මෙය දුටු පමණින් සිතෙන්නේ අලංකාර ග්‍රැෆික් චිත්‍රයක් හෝ වර්ණ මගින් අතින් කරන ලද නිර්මාණයක් කියා විය හැක. නමුත් ඔබ #දන්නවද ඇත්තටම මෙසේ දර්ශනය වන්නේ කුමක්ද කියා.? මේ තියෙන්නේවයස අවුරුදු අටක දරුවකු සෙල්ලම් කිරීමෙන් පසුව අතෙහි වර්ධනය වී ඇති ක්ෂුද්‍රජීවීන් හඳුනාගැනීම සඳහා රන ලද පරීක්ෂණයක ප්‍රතිඵල යි. දරුවා අත තැබූ පසු අතේ ඇති විසබීජ පරීක්ෂණාගාරයක් තුල වර්ධනය වන්නට ඉඩ හැරිය විට මෙසේ වර්ධනය වී තිබිණි. පේනවද අපගේ ඇස් වලට නොපෙනුනාට බොහෝ ශුද්‍රජීවීන් දහස් ගණනක් අත් මත තැවරී සිට ඇති බව... අන්න ඒ නිසයි අපි හැමෝම නිරතුරුව දෑත් පිරිසිදු කර ගත යුතු වන්නේ....

christian bale කියන්නේ හොලිවුඩ්යේ සිටින අති දක්ෂ නළුවෙක්... ඒ වගේම අති සාර්ථක නළුවෙක්... ඔහුගේ මේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහ...
12/10/2020

christian bale කියන්නේ හොලිවුඩ්යේ සිටින අති දක්ෂ නළුවෙක්... ඒ වගේම අති සාර්ථක නළුවෙක්... ඔහුගේ මේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහු කරන දැවැන්ත කැපකිරීමත් සුළු පටු නොවෙයි. රංගනයෙන් වගේම ශරීර හැඩය, ප්‍රමාණය, බර ආදිය වෙනස් කර ගනිමින් ද ඔහු චරිතය වෙනුවෙන් අසාමාන්‍ය සාධාරණයක් ඉටු කරයි... ඔබ දන්නවද ඔහුගේ ඒ චරිත වෙනුවෙන් ඒවා සැලවල් වල දී මොනතරම් තමාගේ පෙනුම සහ බර වෙනස් කරගෙන චරිතයට මොනතරම් අනුගතවී ද තිබෙනවාද කියා... බලන්න මේ ඡායාරූප පෙළ.. රංගනයේදී චරිතයක් වෙනුවෙන් නළුවකුට හෝ නිළියකට තමන්ගේ ශරීරය මේ තරම් වෙනස්කම් වලට භාජනය කර ගනිමින් රංගනයට පිවිසීමට හැකි දැයි කියා...

මත්පැන් බීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක අපි කියන්න ඕන නෑ, මොකද පුන්චි ලමයගෙ ඉඳලා හැමෝම ඒ ගැන දන්නවා.. ඒත් ඔබ  #දන්නව...
12/10/2020

මත්පැන් බීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක අපි කියන්න ඕන නෑ, මොකද පුන්චි ලමයගෙ ඉඳලා හැමෝම ඒ ගැන දන්නවා.. ඒත් ඔබ #දන්නවද? මේ මත්පැන් ගණයටම වැටෙන තරමක් මද්‍යසාර සාන්ද්‍රණයෙන් අඩු, ඇතැම් රට වල ඉතා ජනප්‍රිය බීමක් බවට පත්ව තිබෙන බියර් වල තත්වය ඊට වඩා තරමක් වෙනස් බව... අපේ රටේ වගේ පමණ නොදැන ඕනෑවට වඩා ලිව්වොත් නම් කොහොමත් වාසි වලට වඩා සිදු වන්නේ නම් අවාසි ම තමයි. හැබැයි පමණ දැන එය ප්‍රමිතියකට පාවිච්චි කලොත් යම්කිසි සෞඛ්‍ය වාසි ලබා ගැනීමට හැකි බවත් සඳහන් වෙනවා. ඉතින් ඔව් ඔයගොල්ලො මේ ගැන කියවල බලල අදහස් අපිට කියන්නකො...

බොන්නම හිතෙන හේතු හතක් 😍

🍺.බියර් වල සෞඛ්‍ය ප්‍රතිලාභ


1. අනෙකුත් මත්පැන් වලට වඩා බියර් පෝෂ්‍යදායී වෙනවා 😍

🌍. ප්‍රෝටීන් සහ විටමින් බී හොඳ බියර් වල යකඩ, කැල්සියම්, පොස්පේට් සහ තන්තු අඩංගු වෙනවා 😍

2. බියර් ඔබේ හදවත ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

🌍.අධ්‍යයනවලින් පෙනී යන්නේ මධ්‍යස්ථ බියර් පානය කරන්නන් හෘදයාබාධ හෝ හෘද රෝගවලින් පීඩා විඳීමට ඇති ඉඩකඩ අඩු බවයි.

3. වකුගඩු ගල් වැළැක්වීමට බියර් උපකාරී වෙනවා ❤️

🌍.මධ්‍යස්ථ බීර ප්‍රමාණයක් පානය කරන බව වාර්තා කළ පිරිමින් සහ කාන්තාවන් ගල් සෑදීමේ අවදානම සියයට 41 කින් අඩු කඩුයි..☺️

4. බියර් නරක කොලෙස්ටරෝල් අඩු කරයි.

🌍.බියර්වල ඇති ද්‍රාව්‍ය තන්තු මඟින් ඔබේ “නරක” කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වෙනවා

5. බියර් ඔබේ අස්ථි ශක්තිමත් කරනවා 😍

🌍.බියර් වල ඉහළ සිලිකන් අන්තර්ගතය නිසා ශක්තිමත් ඇටකටු සෑදීමට බියර් උපකාරී වේ. ඔස්ටියෝපොරෝසිස් අවධානම අඩු කරනවලු ☺️🌍

6. බියර් ආතතිය අඩු කිරීමට උපකාරී වෙනවා.

🌍.දිනකට බියර් වීදුරු දෙකක් පානය කිරීම හා සම්බන්ධව ආතතිය හෝ කාංසාව අඩු කළ හැකි බව පර්යේෂකයෝ සොයා ගෙන තියනවා 😍

7. මතකය වැඩි දියුණු කිරීමට බියර් උදව් විය හැකිය.

🌍.දියර වන ඇති ඇතැම් සංයෝගයෙන් වලට ඔබගේ මතක ශක්තිය වැඩි කිරීමේ හැකියාවක් තිබෙනවා 😍

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

කහ වර්ණයෙන් අලංකාරවත්ව ඇති මේ ශාකය කුමක්දැයි ඔබ  #දන්නවද? වසර එක්දහස් හාරසියයක් පරණ පරණ මෙම ගස චීනයේ පිහිටා තිබෙන ගින්ක්...
11/10/2020

කහ වර්ණයෙන් අලංකාරවත්ව ඇති මේ ශාකය කුමක්දැයි ඔබ #දන්නවද? වසර එක්දහස් හාරසියයක් පරණ පරණ මෙම ගස චීනයේ පිහිටා තිබෙන ගින්ක්කෝ ගසකි. කොළ පාට පත්‍ර සහිත මෙම ශාකය සෘතු වෙනස්වීම් වලට අනුව බොහෝ දෙනාගේ සිත් ගන්නාසුලු කහ වර්ණයට පත්ව වසරේ කාලයක් ගත කරයි...

දැක්ක පමාවට මේ මොනවාදැයි අපිට හඳුනාගන්නට නොහැකි වුණාට, ඔබ  #දන්නවද මේ අපි දිනපතා දකින, අපි හොඳටම දන්න දර්ශන පෙළක් කියලා....
11/10/2020

දැක්ක පමාවට මේ මොනවාදැයි අපිට හඳුනාගන්නට නොහැකි වුණාට, ඔබ #දන්නවද මේ අපි දිනපතා දකින, අපි හොඳටම දන්න දර්ශන පෙළක් කියලා...මිනිස් ඇසකින් කිසිදා දැකිය නොහැකි, අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි ඔබත් මමත් හොදින් හදුනන මේ අපුරු දර්ශන පෙළ මොනවාද ඔබට හඳුනා ගැනීමට පුළුවන්ද කියලා බලන්නකෝ...❤️❤️❤️

(ඡායාරූප මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

තව නොබෝ දිනකින් විවෘත වීමට නියමිත ලොව විශාලතම කෞතුකාගාරය වන ග්‍රෑන්ඩ් ඊජිප්තු කෞතුකාගාරය ( Grand Egyptian Museum )(ඡායාර...
11/10/2020

තව නොබෝ දිනකින් විවෘත වීමට නියමිත ලොව විශාලතම කෞතුකාගාරය වන ග්‍රෑන්ඩ් ඊජිප්තු කෞතුකාගාරය ( Grand Egyptian Museum )

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

ගැහැණු පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ ඇයි කියලා ඔබ  #දන්නවද? බලන්නකෝ මේ ඡායාරූප පෙළ... ඇත්ත නේද කියලා ඔබටත් හිතේ...
11/10/2020

ගැහැණු පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ ඇයි කියලා ඔබ #දන්නවද? බලන්නකෝ මේ ඡායාරූප පෙළ... ඇත්ත නේද කියලා ඔබටත් හිතේවි...

(ඡායාරූප මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

Photos leak කරනව කියල තර්ජනය කලොත්?Boyfriend හෝ වෙනත් පිරිමියෙක් private photos පෙන්වනවා කියලා තර්ජනය කරනවා නම් සාපරාධි ...
10/10/2020

Photos leak කරනව කියල තර්ජනය කලොත්?

Boyfriend හෝ වෙනත් පිරිමියෙක් private photos පෙන්වනවා කියලා තර්ජනය කරනවා නම් සාපරාධි බියගැන්විම යන වෝදනාව (දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලිසියට නීතිය කිුයාත්මක කළ හැකියි.
⁣ගමේ පොලිසිය හරියට වැඩේ කරන්නේ නැත්තං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා පොලිසියට යන්න. ඔබ #දන්නවද? මෙන්න මේ අංකයට කතා කරල 011244444 වැඩිදුර නීති උපදෙස් අවශ්‍ය නම් ළගම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සහාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.( ප්‍රධාන කාර්යාලය - 0112433618) සතියේ දවස්වල කාන්තා කටයුතු අමාත්‍යාංශයේ hotline එක 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්..

(Law talks ෆේස්බුක් සමූහයෙන් උපුටා ගන්නා ලදී)

ශ්‍රී ජවරහල් නේරු උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙක් විය. නමුත් ඔහු ආදරය කලේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය කල අවසන් නිත්‍ය නියෝජිත...
10/10/2020

ශ්‍රී ජවරහල් නේරු උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙක් විය. නමුත් ඔහු ආදරය කලේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය කල අවසන් නිත්‍ය නියෝජිත මවුන්ට්බැටින් සාමිවරයාගේ බිරිඳටය.
එල්විනා මිය යන තෙක් පැවති ඒ සම්බන්දතාවය නේරු පවුලට හෝ මවුන්ට්බැටින් සාමිවරයාට රහසක් නොවීය.
ඔබ #දන්නවාද? ඉන්දියාවට නිදහස දී ඉන් මවුන්ට්බැටින් සාමිවරයා සහ එල්විනා පිටව ගියත් වසරකට දෙවරක් හෝ තෙවරක් ඇය තනිවම ඉන්දියාව බලා ගියාය. ඒවා සියල්ල අතිශය පුද්ගලික සංචාර විය.

ඇය ගුවන්යානයෙන් බැස කෙලින්ම ගියේ නේරුගේ අග්‍රමාත්‍ය මන්දිරය බලාය. බොහෝ විට ඇය ඒ නිවාඩු ගතකලේ නේරු සමග කාශ්මීරයේ යැයි කියති.

අවාසනාවන්ත ලෙස එල්වීනා 1960 දී බෝර්නියෝ දුපත් සංචරයකදී මිය ගියාය. එවිට ඇයට වයස 58 කි. ඇය මිය ගිය කාමරයේ ඇද උඩ විසුරුණු ලිපි කිහිපයක් විය. ඇද පාමුල සුට්කේසයක් පුරා තවත් ලිපි එකතුවක් විය. ඇගේ කාමරයට පැමිණි මවුන්ට්බැටින් සාමිවරයාට හා දියණිය වු පැමේලාට ඒවා දර්ශනය විය. මේ සිද්දියෙන් අනතුරුව පැමේලා මෙසේ ලියා තැබුවාය.

‘‘........ ඒ ලිපි කිසිවක් මගේ පියා ඊට පෙර දැක තිබුනේ නැහැ. ඔහු මට කීවා ඔහු ගේ හදවත තුවාල කිරීමට සමත් කිසිවක් ඔය ලිපි තුල නොමැතිබව.
නමුත් ඒ ඉතාමත් ලොකු හදවතක් ඇති මගේ පියා කීවා කමක් නෑ ඔයා මගේ ඉස්සරහ ඔව කියවන්න කියල. මන් හිතන්නෙ යම් සැකයක් මා තුල තියේ නම් ඔහුට අවශ්‍ය වුනේ ඒක නැති කරන්න.
ඔව් මගේ තාත්ත කිව්ව වගේම ඒ ලිපිවල අපේ හදවත් තුවාල කරන්න තරම් කිසිවක් තිබුනේ නැහ.
ඒව ඒ තරමටම විශිෂ්ඨ රීතියකට අනුවයි ලියල තිබුනේ.

නේරුගේ එක ලිපියක් පටන් අරන් තිබුනෙ මෙහෙම, ඒක ලියල තිබුනෙ ඉන්දියාවට නිදහස හම්බවෙන්නත් ඉස්සෙල්ල ‘‘මධ්‍යම රාත්‍රියේ මුලු ඉංදියාවම නිදන විට මා නිදහස හා ආදරය ගැන විචිත්‍රවත් සිහිනයක් දකිමින් සිටින්නෙමි දෙනෙත් නොපියාම".

එල්විනා ආර්යාවගේ අවසන් කැමැත්ත අනුව ඇගේ දේහය මිනීපෙට්ටියක හොවා බ්‍රිතාන්‍යයේ දකුණු වෙරළබඩ මුහුදේ ගිල්වා දැමිය යුතු විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව ඇගේ දේහය පරිවාර බෝට්ටු සහිතව නෞකාවකින් මුහුදු පත්ලට සෙමින් සෙමින් ගිල්වද්දි ඉන්දියාවේ සිට නේරු විසින් සිය ආදරවන්තිය වෙත එවු ඉංදීය නෞකාවකින්
මුහුදු දිය මත ඉංදියානු මල් විසුරවමින් සිටියාය.

සටහන - උපාලි ජයසිංහ

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.කුකුළා වේ...
10/10/2020

රුසියානු ජනාධිපති ස්ටාලින් වරක් කුකුළෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත්, පිහාටු එකින් එක උදුරා ගෙන ඌ ව බිමට විසි කලේය.
කුකුළා වේදනාවෙන් කෑගසයි !!! ,
නැවත ඌට පහර දී, සම්පූර්ණයෙන්ම පිහාටු උදුරා ඌ පහළට විසි කලේය.
ඉන්පසු ඌ ඉදිරිපිට ධාන්‍ය ස්වල්පයක් විසි කළේය.

කුකුළා එය අනුභව කර සෙමින් සෙමින් ඉදිරියට ගියේය.
ඔහු එතැනින් තව ධාන්‍ය ස්වල්පයක් ගෙන තම පාදය දක්වා ඉසින ලදි.
කුකුලා අවසානයේ ඔහුගේ පාමුලට කෙමේන් කෙමේන් පැමිනියේය

එවිට රුසියානු ජනාධිපති ස්ටාලින් පැවසීය.
“නුඹලා #දන්නවද?
මෙයයි දේශපාලනය "

දේශපාලුවන් මිනිසුන්ව හැකි පමණින් තලා පෙලා මිරිකන අතර, අවසානයේදී මිනිසුන් ධාන්‍ය ටිකේන් ටික සොයා ඔවුන්ගේ කකුල යටට පැමිණෙනු ඇත.

මිනිසුන් සැමදාම ඔවුන්ගේ කකුල යටට වී සිටියේ නැත්නම් පියාපත් නැවත නැවතත් ඉරා දමනු ඇත.

සිංගප්පුරුවට අවුරුදු 7 න් පුලුවන් වුන එක අපිට අවුරුදු 70ක් ගියත් බැරි වේන්න එකම හේතුව, හැමදාම ඔයා දාපු ඒ කතිරේ තමයි .

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

යමෙක් රූප සම්පත්තිය ඇතිව උපදින්නේ ඔහුගේ යම් පෙර පුණ්‍යකර්මයක ප්‍රතිඵලයක් හේතු කොට ගෙනයි. එසේ රූප සම්පත්තියෙන් යුතුව ඉපදී...
09/10/2020

යමෙක් රූප සම්පත්තිය ඇතිව උපදින්නේ ඔහුගේ යම් පෙර පුණ්‍යකර්මයක ප්‍රතිඵලයක් හේතු කොට ගෙනයි. එසේ රූප සම්පත්තියෙන් යුතුව ඉපදීමටද විරලයි. තමන්ට එවන් වූ රූප සම්පත්තියක් තියෙද්දි, ඊටත් වඩා සුන්දර වූ බිරිඳක් තමා සතුව ඉද්දි, ඒ හැමටම වඩා ආදරබර මැණිකක් වගේ පුංචි පුත් රුවනක් ඉඳිද්දි, මේ ඔක්කොමත් එක්ක ලෞකික සම්පත් වලින් පූර්ණ ජීවිතයක් විදින්නට හැකියාව තියෙද්දී, ඒ සියල්ල අතහැර දමා ගෑමට හිත හදා ගැනීම මොන තරම් අසීරු කටයුත්තක් වෙන්න ඇතිද?
එහෙත් ඒ සියල්ල අතහැර තමාගේත් තම ආදරය කරන අන් අයගේ සසර ගමන වෙනුවෙන් ඒ උදාර රිත්‍යාගය කරන්නට තරම් ඔහු වීර්යවන්ත වී ඇත.
#දන්නවද? මේ මුහුණු පොතේ දුටුව මොහොතක් අපි හැමෝම සංවේදී කළ ඡායාරූප පෙළක් බව.. ඒ අපි මේ සිතා සිටින ලෞකික සැප සම්පත් වලට වඩා උත්තර වූ මානුෂීය නිදහසක් ඒ නිර්මාණ සම්පත්තිය ගැනත් අවබෝධයක් ඇති පිනක් ඇති අයට පමණයි ඒ වාසනාව උදා වන්නේ...
එතුමන් සොයා යන ඒ උතුම් නිර්වාණය ලඟා කරගන්නට තෙරුවන් සරණ පතමු!🙏🙏🙏

#දන්නවද

කට්ටිය සෙට් වෙනකොට,  පොඩි ෂොට් එකක් දානකොට, එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලද්දි, මඟ තොටේ යනකොට, තනිකමට බයිට් පැ...
09/10/2020

කට්ටිය සෙට් වෙනකොට, පොඩි ෂොට් එකක් දානකොට, එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලද්දි, මඟ තොටේ යනකොට, තනිකමට බයිට් පැකට් එකක් කඩලා එකින් එක කටේ දාන්න ගන්නවා මතක් වෙනකොටත් බොහෝ විට කටට කෙළ උනනවා... එහෙම නේද? ඒ උනාට බොහෝවිට ඔය බයිට් හදන්නේ කොහොමද කියලා ඔබ #දන්නවද? ඒ නිසා ආවට ගියාට එහෙන් මෙහෙන් බයිට් අරන් බයිට් වෙන්නේ නැතිව පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම්කරණ එකකින්ම ගන්නවා නම් තමයි වඩා හොඳ.. බයිට් වර්ග සාදා ගන්නා ආකාරය පිළිබඳ ෆොටෝ කීපයක් අපි අමුණ තිබෙනවා... කන්න කලින් ඔය ඔක්කොම ෆොටෝ ටික බලලා හිටියනං...

මේ ඡායාරූපයේ සිටින්නේ කවුද කියා ඔබ  #දන්නවද?  ඔටාරා ගුණවර්ධන, ස්වර්ණා මල්ලවආරච්චි සමග බතික් ජනප්‍රිය කරවීම සඳහා 1987 දී ...
09/10/2020

මේ ඡායාරූපයේ සිටින්නේ කවුද කියා ඔබ #දන්නවද? ඔටාරා ගුණවර්ධන, ස්වර්ණා මල්ලවආරච්චි සමග බතික් ජනප්‍රිය කරවීම සඳහා 1987 දී කරන ලද විලාසිතා ප්‍රදර්ශනාත්මක ඡායාරූපයකි මේ.

(ඡායාරූපය උපුටා ගැනීම ඔටාරා ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්)

නිතරම ඇහෙන මේ PCR පරික්ෂණය කියන්නෙ මොකක්ද කියලා  #දන්නවද ..?  ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යු...
08/10/2020

නිතරම ඇහෙන මේ PCR පරික්ෂණය කියන්නෙ මොකක්ද කියලා #දන්නවද ..?

ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.

PCR

මෙය පරීක්ශණයක් හදුන්වන කෙටි යෙදුමකි. දිගු නාමය වන්නේ Polymerase Chain Reaction යන්නයි. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් නැතිනම් මිනිසාගේ, සතුන්ගේ, ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ සමහර වෛරසයන්ගේ ජාන වල අඩංගු මූලික සහ ප්‍රධානතම සංඝටකය පිටපත් කිරීමයි.

මෙසේ පිටපත් කරන්නේ ඇයි??

එයට හේතුවනම් වෙන්කර හදුනාගැනීමයි. ජාන නැතිනම් DNA පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව සාමන්‍යයෙන් අප දන්නා කරුණකි. එසේම දෙමාපියන් හදුනා ගැනීමට, අපරාධයකදී අපරාධකරුවකු හදුනා ගැනීම සදහාද DNA භාවිතා වන බව ඔබ අසා ඇති. ඒ සදහාද භාවිතා කරන්නේ ඉහත සදහන් PCR ප්‍රතික්‍රියාවයි.

ජාන සහ ඒ තුළ අඩංගු න්‍යෂ්ටික අම්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන්නා සේම ජීවී විශේෂ සදහා සමාන වන කොටස්ද ජාන තුළ, න්‍යෂ්ටික අම්ල තුළ පවතී. එබැවින් රෝග කාරක ජීවී විශේෂ හදුනාගැනීම සදහාද ඉහත ප්‍රතික්‍රියාව (PCR) යොදාගනී.

** PCR ප්‍රතික්‍රියාව සිදු කළ හැක්කේ DNA සහිත ජාන ඇති ජීවීන් සදහා පමණි. (RNA ජාන සදහා PCR භාවිතා කල නොහැක)

** Covid 19 වයිරසයේ ජාන තුල ඇත්තේ RNA නම් වූ න්‍යෂ්ටික අම්ලයයි.

එසේනම් Covid 19 සදහා PCR පරීක්ෂණය සිදු කරනවා යැයි මාධ්‍ය වල පවසන්නේ කෙසේද??

ඔව්. එය නොගැලපෙන වචනයකි. මන්ද යත් RNA පිටපත් කර හදුනා ගැනීම සදහා RNA, DNA වලට පරිවර්තනය කරගත යුතුය. ඉන් පසු PCR සිදු කල හැක. මේ සදහා Reverse Tranceiptase නම් වූ තවත් එන්සයිමයක් යොදාගනී. ඒ මගින් RNA වලට අනුරූප DNA නිර්මාණය කරනු ලබයි. එසේ කල පසු PCR ප්‍රතික්‍රියාවට ලක් කර හදුනාගැනීම සිදු කරගත හැක.

** මෙම PCR ප්‍රතික්‍රියාව සහ හදුනාගැනීම සදහා අවම පැය 18 ක් පමණ ගතවේ.

එසේනම් PCR ප්‍රතිඵල පැය 6 කින් ලබා දෙන බව මාධ්‍ය හරහා පවසන්නේ කෙසේද??

ඔව්. පැය 6 කින් ප්‍රතිඵල ලබා ගත හැකි ජාන පරීක්ශණයක් ඇත. එය Real Time PCR ලෙස හදුන්වයි. සාමන්‍ය PCR පරීක්ශණයකදී සම්පූර්ණ ප්‍රතික්‍රියාව සිදු වී අවසන් විය යුතුය. එසේම පිටපත් වූ DNA අණු ගැලපීම සදහා Eletrophoresis නම් වූ පරීක්ශාවට ලක් කල යුතුය. ඒ සදහා සැලකිය යුතු කාලයක් ගතවේ.

Real Time PCR වලදී DNA අණු පිටපත් වන අවස්ථාවේදීම හදුනාගැනීමද සිදු කරනු ලබයි. ඒ නිසා කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැක.

එසේනම් Covid 19 සදහා සිදු කරන පරීක්ෂණය හැදින්විය යුත්තේ ලෙසිනි.

**ශ්‍රී ලංකාවේ Covid 19 Reverse Transcriptase Real Time PCR පරීක්ෂණය සිදු කරන ආකාරය.

මේ සදහා සැක සහිත රෝගියකුගේ උගුර සහ ස්වසන මාර්ගය ආශ්‍රිතව ලබගන්නා සෙම සහිත Swab යොදාගනී. වයිරසය ප්‍රධාන වශයෙන් තැන්පත් වන්නේ එම ස්ථානයේ බැවින් එම සාම්පලයේ වයිරසයට පමණක් ලාක්ශණික ජාන ඉන් ලබාගත හැක.

මෙවන් පරීක්ෂණයක් ඔබ නිතර දකින රසායනාගාර තුල සිදු කල නොහැක. ඒ සදහා විශේෂිත පරීක්ශණාගාර සහ විශේෂිත දැනුමක් සහිත තාක්ෂණවේදීන් හෝ විද්‍යාවේදීන් සිටිය යුතුය. ඒ සදහාම වෙන් කරන ලද පරීක්ෂණාගාර Medical Research Institute, Teaching Hospital Karapitiya, National Hospital Kandy වැනි ආයතන තුල පිහිටුවා ඇති බව මාධ්‍ය හරහා නිතර අවධානයට යොමු කරනු ඔබ දකින්නට ඇති.

**විශේෂිත දැනුම සහිත තාක්ෂණවේදීන් මේ සදහා සිටීද?

ඔව්. මෙවන් අණුක ජීව විද්‍යා පරීක්ශණ සිදු කිරීම සදහා අවශ්‍ය තාක්ශණවේදීන් ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන 3ක් ඔස්සේ බිහිවේ.

1. Higher Diploma in Medical Laboratory Technolgy, Ministry of Health

2. BSc. Medical Laboratory Science Special Degree Programmes

3. BSc. Molecular Biology Special Degree programmes

එයිනුත් අංක 1 සහ 2 යන සුදුසුකම් සහිත තාක්ෂණවේදීන් පිරිසක් මේ මොහොත වන විටත් ඉහත සදහන් කල ආයතනයන්හි Covid 19 වයිරසය හදුනාගැනීම සදහා පරීක්ශණ සිදු කරමින් සිටී. මාධ්‍ය හරහා ඒ බව සදහන් නොවුනද මෙම වසංගතය සමග සටනේදී ප්‍රධානතම මෙහෙයක් ඔවුන් විසින් සිදු කරනු ලබයි. ඔවුන් නොවන්නට මෙම පරීක්ෂණය සදහා ඉන්දියාවට සාම්පල යැවීම සිදු කල යුතුවේ. එසේ වූවානම් පැය 6 නොව දින 6ක් වත් ප්‍රතිඵල ලබගැනීමට ගතවනු ඇත.

මේ වන විට තත්වය එසේය. මෙම ලිපිය හරහා PCR ලෙසින් හදුන්වන Covid 19 Reverse Transcriptase Real Time PCR ගැන යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතමි.

එසේම දැඩි අවදානමක් ගනිමින් ඉතා නිරවද්‍ය ලෙස මෙම පරීක්ශණ සිදු කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් සදහා උපහාරයක් දැක්වීමටද මෙම ලිපිය අවස්ථාවක් කර ගනිමි.

PCR පරීක්ෂාව පිළිබද ගැටළු

Covid 19 ආසාදිතකෙනෙකුට PCR ටෙස්ට් එක Negative වෙන්නබැරිද ?

ආසාධනයවෙල කොච්චර කල් යනවද Positive වෙන්න ?

ආසාධනය නොවුන කෙනෙකුට Positiveකියල Result එකක් එන්න බැරිද ?

PCR පරීක්ෂණය කියන්නේ රෝග කාරකයන්ට සුවිශේෂී ජානමය තොරතුරු හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඇති ඉතාමත් සංවේදී පරීක්ෂණයක්. නමුත් මේ පරීක්ෂණයෙහි සංවේදීතාවය (Sensitivity) කරුණු කිහිපයක් මත රඳා පවතිනවා. ඒ අතරින් පහත කරුණු විශේෂයි.

1. පරීක්ෂණය මගින් හඳුනාගැනීමට අවශ්‍ය අවම වෛරස ප්‍රමාණය (Viral Load)

2.පරීක්ෂණයේ සංවේදීතාවය (Sensitivity of the test) සහ අදාල රෝගකාරකය සඳහා වන විශේෂිත බව (Specificity).

3. නිදර්ශක එකතු කරන කාල පරාසය. (Time of Collection)

4. නීදර්ශකයේ ගුණාත්මකබාවය. (Quality of the sample.)

■ පරීක්ෂණය මගින් හඳුනාගැනීමට අවශ්‍ය අවම වෛරස සීමාව. (Viral Load)

ඕනෑම පරීක්ෂණයකට හෝ මිණුමකට සංවේදී වියහැකි අවම පරාසයක් පවතිනවා. උදාහරණයක් වශයෙන් ඔබට මීටර් කෝදුවකින් යමක දිග මැනීමටනම් අදාල වස්තුව 1mm හෝ ඊට වඩා දිග වියයුතුයි. කඩදාසි කොලයක ගණකම මැනීමටනම් ඔබට මීටර් කෝදුවට වඩා සංවේදී උපකරණයක් සොයාගතයුතුයි.

ඒ වගේ තමයි, Covid-19 rRT-PCR පරීක්ෂණයෙන් වෛරසය හඳුනා ගැනීමට නම් සාම්පලයක් තුල පැවතියයුතු අවම වෛරස ජාන ප්‍රරමාණයක් පවතිනව. එය පිරිසිදු කර ලබාගන්නා සාම්පල මයික්‍රෝ ලීටරයක් තුළ පවතින ජාන කොපි (Genome copies) ප්‍රමාණය cp/µL නැමති ඒකකය මගින් මනිනු ලබනවා.

එය පරීක්ෂණයට භාවිතා කරණ උපකරනයේ වර්ගය, ප්‍රතිකාරක එකතුව (Reagent Kit) ආදිය මත රඳා පවතිනවා.

CDC 2019-nCoV Real-Time RT-PCR Diagnostic Panel with QIAGEN DSP Viral RNA Mini Kit සඳහා එය 10^0 RNA copies/µL වේ.

■ සාම්පල එකතු කරන කාල පරාසය. (Time of collection)

දැනට පවතින තොරතුරු අනුව covid-19 ආසාදනයවු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භය දක්වා කාලය (Incubation Period) හෙවත් බීජෞෂණ කාළය, දින 2 සිට 14 දක්වා වන අතර, එය දින 14 ඉක්මවා යන අවස්ථාද වාර්තාවී ඇත.

මේ අතර කාල පරාසය තුල වෛරසය මිනිස් ශරීරය තුල ගුණනයට ලක්වේ. ආසාධනය සිදුවී වෛරස ගුණනය වුවත්, ලබාගන්නා සාම්පලයක අවශ්‍ය අවම වෛරස ප්‍රමාණය ඇතී වීමට කලින් ඉක්මනින් ලබාගන්නා සාම්පල (Too early sampling) සහ වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිෂ්පාදන වීමෙන් අනතුරුව කල්ගතවී ලබාගන්නා සාම්පල (Too late sampling) හේතුවෙන්, රෝගී පුද්ගලයන්ගේ වුවද පරීක්ෂණයේ ප්‍රරතිඵල Negative විය හැකියි. ඒ අනූව නිවැරදි රසායනාගාර ප්‍රතිපලයක් ලබා ගැනීම සදහා, නිවැරදි නිදර්ශකයක් රසායනාගාරය වෙත යොමු කර තිබීම අත්‍යාවශ්‍ය ය.

■ නිදර්ශකයේ ගුණාත්මකබාවය. (Quality of the sample.)

ලබාගන්නා නිදර්ශකයක පවතින මානව දේහ කොටස් අවම වීම, වියලීම, නිවැරදි නොවන සාම්පල ප්‍රවාහන ක්‍රම, ආදිය නිසා ප්‍රරතිඵල වලට බලපෑම් සිදු විය හැකිය.

ඒ අනූව, Covid-19 PCR පරීක්ෂණය සඳහා NEGATIVE ප්‍රතිඵල ලැබූ පමණින් සියල්ල තහවුරු වී නොතිබිය හැකි අවථාද තිබිය හැකියි. වෛද්‍ය රසායනාගාරයක් විසින් පරීක්ෂාවට ලක් කරණුයේ, ලබා දුන් නිදර්ශකයේ වෛරස පවතිනවාද, නැත්ද යන්න මිස, රෝගියාගේ ශරීරය තුල එහි පැවතීම නොවන බව, මෙහිදී අප තරයේ සිහි තබා ගත යුතුය.

රෝගියෙකුගේ සායනික හා සංචරණ ඉතිහාසය මගින්, ඔහු ආසාධනයට නිරාවරණයවූ බවට ඉහල සැකයක් පවතින විට නැවත පරීක්ෂණය සිදු කිරීම හෝ රෝගියා තව දුරටත් රෝහල් අධීක්ෂණය යටතේ රෝගියාව තබා ගැනීම නිර්දේශ කරන්නේ ඒ නිසාය.

රවී කුමුදේශ්/ සභාපති/වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය

උපුටා ගැනීම
(විජය පුවත්පතෙහි පළ වූ ලිපියකින්
බුද්ධික රවීන්ද්‍ර ගුරුවරයාගේ පිටුවෙන්)

මේ දිනවල නිතරම ඇහෙන කියන PCR පරීක්ෂණ ගැන දැනුවත් වීම Corona රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ඔබට යම් උපකාරයක් වේවි යැයි හැඟුනු නිසා අප මෙය පළ කිරීමට අදහස් කළෙමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dannawada - දන්නවද? posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share