MovieGeeks

MovieGeeks අලුත්ම Movies / Games / Comics ගැන News, Facts, Memes බලන්න Like කර?

Something big is coming. Stay tunedහෙට 7.30ට official announcement එක දෙන්නම් ‼️
28/02/2023

Something big is coming. Stay tuned
හෙට 7.30ට official announcement එක දෙන්නම් ‼️

Avatar: The Way of Water Exclusive Fan Event ඔන්න ගොඩක් අය අපෙන් ඉල්ලපු event එක වෙන Avatar 2 එක ගැන මේ කියන්න යන්නේ. NW...
29/11/2022

Avatar: The Way of Water Exclusive Fan Event

ඔන්න ගොඩක් අය අපෙන් ඉල්ලපු event එක වෙන Avatar 2 එක ගැන මේ කියන්න යන්නේ.
NWH, MOM fan event එකට පස්සෙ අපි ඔයාලට අරගෙන එන අලුත්ම අත්දැකීම තමයි ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන ඉඳපු විදිහට Avatar 2 එක වෙනුවෙන් අපි කරන Exclusive Fan Event එක.

Multiverse of Madness Special Fandom Screening Event එකෙන් පස්සෙ ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන අලුත්ම event එක ගැන විස්තර තමයි මේ කියන්න ලෑස්ති වෙන්නෙ.

පලවෙනි ෆිල්ම් එක ඇවිල්ල අවුරුදු 13ට පස්සේ ජේම්ස් කැමරන් ඕඩියන්ස් එකට දෙන්න බලාගෙන ඉන්න අත්දැකීම කොයි වගේ එකක් වෙයිද කියලා experience කරන්න බලාගෙන අපි සංවිධානය කරන Fan Event එකට සහභාගි වෙන Geek ඔයාලට අමතක නොවන අත්දැකීම් ගොඩක් එක්ක අතිසුන්දර දවසක් ඔයාලගෙ මතකයට එකතු කරන්න මේ වෙද්දි අපි සැලසුම් කරලා ඉවරයි.
ඒ වගේම Covid වලින් පස්සේ 3D එන පලවෙනි Hollywood Movie එක තමයි මේ අපි අරන් එන්න හදන්නේ.

කලින් තිබුන Fan Event දෙකට සහභාගී උනු අපේ geeks ලා දන්නවා Event එක දවසට අපි ඔයාලට අරගෙන එන දේවල් කොයි වගේද කියලා.

මේක තියෙන්නේ
🗓දෙසැම්බර් 23 වෙනිදා (දෙසැම්බර් 16 අනිත් රටවල්වල රිලීස් උනාට ලංකාවේ රිලීස් වෙන්නේ 23 වෙනිදා) මේක තමයි ලංකාවේ පළවෙනි ශෝ ටයිම් එක

🕥10.30 show time එක අපි අපේ Fan Event එක වෙනුවෙන් වෙන් කරනවා.

📍Savoy 3D Wellawatte

මතකනේ Geeks එහෙනම් සතුට විනෝදය ආශ්වාදය පිරුණු සුපිරිම Fan Event එකකින් ඔයාලට තෑගි බෝගත් අරගෙන අපි ඔයාලව හම්බෙනවා.

Event එක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයාලට පුලුවන් මේ ලින්ක් එක හරහා අපේ වට්සැප් ගෲප් එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/JZOa9l5r6JHFLoVMHhR5nr

වැඩි දුර විස්තර දැනගන්න ඔයාලට පුලුවන් වට්සැප් හරහා අපිව සම්බන්ද කරගන්න පහල තියන link එක හරහා.

https://wa.me/qr/LXGS5BVQ6FFZK1

වෙනදා වගේමයි ඔයාලගෙ seat එක තෝරගෙන payment එක කරලා slip එක https://wa.me/qr/LXGS5BVQ6FFZK1 මේ නම්බර් එකට වට්සැප් කරන්න.

Payment Details පහල ලින්ක් එකෙන් ගිහින් බලාගන්න:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeLJ5gEJ2Nfq_oTRqg7p7fjwYzN5IheRZgKjZ4g2Fwvt1rW_g/viewform?usp=sf_link

ඒ වෙනකම් දැන්ම ඉඳන්ම Avatar 2 Fan Event එ⁣කට participate කරන එකට ඉඩක් ඔයාලගෙ To Do List එකේ වෙන්කරගන්න.

එහෙනම් ඉතින් Fan Event එකේ වැඩි විස්තර සහ අලුත්ම විස්තර අරගෙන අපි ආයෙත් ඉක්මනටම එන්නම්.

Hello Dear Fellow Geeks❤️✌️ ඉතින් කොහොමද ගායිස්❤️අපි හිතනවා අපි එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක් ඊයෙ අපි සංවිධානය කරපු Doc...
07/05/2022

Hello Dear Fellow Geeks❤️✌️

ඉතින් කොහොමද ගායිස්❤️
අපි හිතනවා අපි එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක් ඊයෙ අපි සංවිධානය කරපු Doctor Strange: In The Multiverse Of Madness Fan Event එක සහභාගි වෙන්න ඇති කියල 😍

ඊයේ අපිත් එක්ක එකතු වෙලා අපේ Special Fandom Screening එකට ඇවිත් Multiverse of Madness බලපු හැම කෙනෙක්ටම අපිත් අපේ සහෝදර Geek Pages වෙනුවෙනුත් අපි ඔයාලා හැමදෙනෙක්ටම ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි වෙනවා ගායිස්❤️
මොකද මේ විදියට Fan Event එකක් අපිට කරගන්න පුලුවන් උනේ ඔයාලගෙන අපිට ලැබුන Comments, Feedbacks සහ Suggestions නිසයි😍
ඒ වගේම තමයි අපිව විශ්වාස කරලා අපි සංවිධානය කරපු දෙවනි Fan Event එකට සහභාගි වුන එකටත් ඔයාලට ගොඩක් ස්තුතියි ගායිස්😍✌️

05 වෙනිදා අපිට Fan Event එක සාර්ථක කරගන්න උදව් කරපු හැමදෙනෙක්වමත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෙමයි❤️

මුලින්ම ගායිස් Event එකගැන කතාකරද්දි අපි මුලින්ම Hatsoff Respect එකක් දෙන්න ඕනෙ පුද්ගලයෙක් ඉන්නවා ගායිස්..
ඒ තමයි ලංකාවෙ Geek ලා හැම කෙනෙක්ම දන්න කියන අපි හැමෝම ආදරේ කරන චරිතයක් වෙන TVනාත් Reviews එහෙම නැත්නම් තරිඳු විශ්වනාත් අයියා❤️
Event එකේදි අපි ඔයාලට දුන්න මැගසින් එක වෙනුවෙන් ලොකුම සහයෝගයක් දුන්නෙ තරිඳු විශ්වනාත් අයියා තමයි ගායිස්😍✌️
Event එක කරනවා කිව්ව දවස් වල ඉඳන්ම අපිට උදව් කරපු චරිතයක් විදියට තරිඳු විශ්වනාත් අයියට අපි අපේ ස්තුතිය ලබා දෙනවා❤️❤️❤️

ඊලඟට මතක් කරන්නම ඕනෙ අය තමයි අපේ සහෝදර Geek Pages කීපය..Event එකක් කරන්නැද්ද කියල නිතරම හොයලා බලපු පිරිසක් තමයි අපේ සහෝදර Geek Pages කීපයේ ඇඩ්මින්වරු ටික. ඉතින් Event එක Plan කරපු තැන ඉඳන්ම ඊයේ Event එක ඉවරකරනකන්ම එයාලා ලබා දුන්න සහයෝගයත් අපි මතක් කරන්නම ඕනෙමයි❤️

ඊට අමතරව අපේ Fan Event එකෙ ඔයාලට දුන්න ඒ Magazine එක Design කරපු කියන කියන හැමවෙලාවෙම කවර්ස්, පෝස්ට් පවර් කට් ප්‍රශ්නය අස්සේ තමන්ගේ අනිත් වැඩ පස්සට දාගෙන මේ වැඩේ වෙනුවෙන් මහන්සි උන Dilshan Kankanamge සහෝදරයාටත්, සහ ඔෆිස් එකේ 1000ක් වැඩ තියෙද්දි අපේ Event එකේ Planing & Coordinating වැඩ ටික කරපු Sonali D Herath සහෝදරියටත් ඒ වගේම ගොඩාක් දුර ඉදල ඇවිත් අපේ Event එකේ Photography කරපු
Gloom Studios: Chandupa Induwara/ Kavindu Chamara
Studio Stanly and Photos: Senal Cooray
Ash 3Zero Photography: Ashan Eranda
Mad Eye Photography: Himal Sayura
සහෝදරවරුන්ටත් අපි ගොඩාක් ස්තූතිවන්ත වෙනවා 💚

ඉතින් ගායිස් ඊලඟ මතක් කරන්නම ඕන අය තමයි Savoy Theater එකේ CEO ඇතුළු Crew Members ලා ටික..
No Way Home Event එකේ ඉඳන්ම මාරම Support එකක් අපිට දුන්න Theater එකක් තමයි Savoy Theater එක කියල කියන්නෙ.. එයාල විශේසයෙන් අපේ Event එක වෙනුවෙන්ම Combo Pack Bonus එකක් පවා එයාලා අපිට සකස් කරලා දුන්නා❤️
ඉතින් අනිවාර්යයෙන්ම Savoy Theater Crew එකේ සහයෝගයත් මතක් කරන්නම ඕනෙ❤️✌️

වගේම එකී මෙකී නොකී හැමදෙනෙක්ටමත් වචනෙකින් හරි උදව් කරපු හැමදෙනෙක්ටමත් අපි ස්තූති කරනවා

ඊටපස්සෙ ගායිස් ඉතින් අපිට ආයෙම පාරක් ස්තුති කරන්න තියෙන්නෙ අපි සංවිධානය කරපු Event එක වෙනුවෙන් අපිව විශ්වාස කරලා ආව Geeksලා ඔයාලා වෙනුවෙන්මයි😍

ඒවගේම තමයි අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නෙ NWH Event එකේදි වගේම අපිව විශ්වාස කරලා අපේ Multiverse Of Madness Event එකට ආව ඔයාලට අපි අතින් මොනවම හරි අඩුපාඩුවක් උනානම් වචනෙකින් හරි අඩුපාඩුවක් උනානම් ඔයාලා හැමෝම වෙනුවෙන් අපි සමාව ඉල්ලනවා💔
අපි අතින් උන පොඩි පොඩි අතපසුවීම් ඒවෙලාවෙම නිවැරැදි කරා උනත් අපි නොදැනුවත්ව මොනවම හරි අඩුපාඩුවක් උනානම් ගායිස් ආයෙත් පාරක් ඒ වෙනුවෙන් Geek Pages හැමෝම වෙනුවෙන් අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා💔💔

ඒවගේම ඊලඟට මතක් කරන්නම උනේ දෙයක් තමයි අපි Fan Event එක කොලඹ විතරක් සංවිධානය කැපු එක..අපි ඉතින් ඔයාලට සැරින් සැරේ Updates දුන්නා වගේම මේපාර Event එක කොලඹ⁣ට විතරක් සීමා වෙන්න ලොකුම හේතුව උනේ මේ වෙද්දි රට තුල ඇතිවෙලා තියෙන ගැටලුකාරී අර්බුදය 😥💔
ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක ලිපි ද්‍රව්‍ය ඇතුලු හැම දෙයකම මිල වැඩි උන හින්ද අපිට නගර කීපයක Fan Event එක සංවිධානය කරලා Magazine එකක් ඔයාලාට බෙදලා දෙන්න හැකියාවක් තිබුනෙ නෑ මොකද එහෙම උනානම් ඔයාලගෙ Ticket Price එක ලොකු මුදලකින් වැඩි කරන්න සිද්ධ වෙන නිසා💔
ඒ වගේම තමයි කෑගල්ල සහ නුවර නගර දෙකේ Theater Crew එකෙන් මිත්‍රශීලී සහයෝගයක් ලැබුනෙ නැති එකත් එක පැත්තකින් මේ Event එක කොලඹට විතරක් සීමා වෙන්න බලපෑවා💔ඉතින් ඔය කියපු කාරණා ඇතුලු හැමදෙයක් වෙනුවෙන්මත් අපි ඔයාලා හැමෝගෙන්ම ආයෙ පාරක් සමාව ඉල්ලනවා ගායිස්...

ඉතින් එහෙනම් ආයෙත් ආයෙත් මතක් කරන්න තියෙන්නෙ හේ Event එක සංවිධානය කරන්න සහයෝගය දුන්න හැස කෙනෙක්ටම සෑහෙන ස්තුතියි සහ Hatsoff Respect ඒ කරපු හැම උදව්වකටම😇😍❤️🔥🔥

එහෙනම් ගායිස් තවත් මේ වගේම Fan Event එකකින් හමුවෙමු කියල ප්‍රාර්ථනා කරන ගමන් අපේ Event එකට සහභාගි වුන හැම කෙනෙක්ටම අපේ ස්තුතිය ආදරය අවසන් වශයෙනුත් ප්‍රකාශ කරනගමන්ම අපේ Multiverse Of Madness Fan Event එක ඔයාලා Enjoy ක⁣රේ මොන විදියටද කියලත් අනිවාර්යයෙන් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා මොකද, ඔයාලගෙ අදහස් නිසා තමයි මේ Fan Events සාර්ථක වෙන්නෙ ගායිස්😍✌️

The Madness begins🌀Enter the Multiverse බහුවිශ්ව අරගලයත් ලබන මාසේ එනවා ඒකට අපි fan event එකකුත් කරනවා කියල ඔයාලා දන්නවා ...
10/04/2022

The Madness begins🌀
Enter the Multiverse
බහුවිශ්ව අරගලයත් ලබන මාසේ එනවා ඒකට අපි fan event එකකුත් කරනවා කියල ඔයාලා දන්නවා ඇතිනේ ගායිස් කලින් Spider-Man event එක මතකනේ ඊටත් වඩා ලොකුවට මේ පාර අපි event එක කරන්න සියලුම කටයුතු සූදානම් කරල තියෙන්නේ.. මේ සැරේ event එක කරන්නේ කොළඹ විතරයි.. එන හැමෝටම කලින් වගේම මැගසින් එකකුත් දෙනවා වගේම cosplay(එදාට ඔයාලට විශේස කෙනෙක් බලාගන්නත් පුළුවන්🌚🌝) photographyත් තියෙනවා.. පහලින් විස්තර දාන්නම්

🗓මැයි 05 උදේ 10:30 සහ රෑ 7.00 🕥
📍Savoy 3D වැල්ලවත්ත,

🎟ටිකට් බුක් කරන්නේ කොහොමද?
ටිකට් price: රු.900යි

ඔයාලට කැමතිනම් Savoy Combo Offer එක ගන්න පුළුවන් රු:1500ට වගේ මුදලකට(Movie Ticket🎟, 6" Submarine🥖, Popcorn Bucket🍿, Soft Drink🥤) ඔයාලට මේවා වෙනම ගත්තොත් 2200ක් වගේ වෙනවා..

💺මේ සැරේ ඔයාලටම කැමති සීට් එක තෝරගන්න පුළුවන් පහසුකම අපි සලසල දීලා තියෙනවා

🎫Event එකේ ටිකට් බුක් කරන account details:

Bank: BOC
Account Number: 81157732
H.M.S Dimanthika
Mahiyangana Branch

Bank: People's Bank
Account Number: 041200290056839
H.M.S Dimanthika
Peoples bank
Horana branch

Bank: HNB
Acc No: 035020080167
Acc Name: C D N Silva
Wattala Branch

ඔයා සල්ලි දාල slip එක WhatsApp කරන්න ඕන නම්බර් එක: https://wa.me/94740706490

එන අය හැමෝම WhatsApp Group එකට ජොයින් වෙන්නේ announcement දෙන්නෙ ඒකේ
https://chat.whatsapp.com/IuQ8tIYGUSaDMjU3iuo2pX

එහෙනම් 05 වෙනිදා මතක තියාගන්න🌀


Hello Geeks❤️✌️ ටිකක් විතර සතුටු news එකක් තමයි ඒත් පොඩිපොඩි අව්ල් ටිකකුත් තියෙනවා ඔයාලට මතක ඇති අපි Spider-Man Fan Even...
04/04/2022

Hello Geeks❤️✌️

ටිකක් විතර සතුටු news එකක් තමයි ඒත් පොඩිපොඩි අව්ල් ටිකකුත් තියෙනවා

ඔයාලට මතක ඇති අපි Spider-Man Fan Event එක විදියටම Multiverse Of Madness movie එකටත් සුපිරි event එකක් කරනවා කියල පොරොන්දු උනා ගායිස්😍✌️ ඉතින් දැන් මේ අපි කියන්න යන්නෙ Multiverse Of Madness Event එකට Ticket Booking අපි open කරනවා කියල 🤩🤩🤩 (ඊයේ තමයි ඇත්තටම බුකින් ඕපන් කරන්න හිටියේ මේ කරදර අස්සේ එහෙම කරන එක හරි නෑ කියල හිතුනා)
හැබැයි ඉතින් මේ Event එ⁣කේදි අපි පොරොන්දු වුන විදියට හැම theater එකකම කරන්න වෙන්නෙ නම් නෑ ගායිස්💔
ඒකට හේතුව තමයි රටේ තත්වය සහ ticket price වැඩි වෙලා තියෙන එක.. ඉතින් දැනටත් මේ ගැන 100% sure කරන්න බැරි උනත් අපි පුලුවන් තරම් උත්සහ කරනවා ඔයාලාට Fan Event එක ලබා දෙන්න..

ඒ නිසා අපි මේ පාර කොලඹ සහ මාතර කියන දිස්ත්‍රික්ක දෙකේදි විතරක් Fan Event එක සංවිධානය කරන්න තීරණය කරා😥💔
ඇත්තටම සමාවෙන්න මේ විදියට වෙනස් කරන්න වුන එක ගැන... ඒත් අපිට කලින් විදියට ලොකු Event එකක්.. කරලා ඔයාලට Magazine එකක්වත් දෙන්න වෙන එකක් නැති වෙයි දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක..(පුළුවන් තරම් මැග් එකට උත්සහ කරනවා) ඒ වෙනුවට අපි වෙන තෑග්ගක් අනිවාර්‍යෙන්ම දෙනවා සහභාගි වෙන අයට
අපි කොලඹ සහ මාතර දිස්ත්‍රික්ක වල Booking විස්තර පහලින් දාගෙන යන්නම්

දිනය: මැයි 06( මේක සමහරවිට 04 වෙනිදා වෙන්නත් පුළුවන් release date එක වෙනස් උනොත්)
⭕ මාතර Skylite Theater : 10.30
: Ticket Price - 450/=

⭕ කොලඹ Savoy Theater : 10.30 , 7.30
: Ticket Price - 900/=
With Savoy Combo deal: 1500/=
(Movie Ticket, 6 Inches Chicken submarine, soft drink, Popcorn) ඔයාට කැමතිනම් මේ පැකේජ් එකත් ගන්න පුළුවන්

🩱Cosplay කරන අය සහ 📸 Photography කරන අය ඉන්නවනම් කියන්න එයාලට අපි ෆ්‍රී ටිකට් දෙනවා මූවි එකට

එහෙනම් Event එකට එන්න පුලුවන් හැමෝම ඔයාලගෙ Tickets අදම book කරන්න පටන් ගන්න.. මේ පාර කොලඹ සහ මාතර විතරක් Event එක තියෙන නිසා Ticket Booking ඉක්මනට ඉවර වේවි...ඒ නිසා පරක්කු වෙන්නැතුව දැන්ම මේ දැන්ම ඔයාලගෙ Ticket එකත් Multiverse Of Madness Fan Event එක වෙනුවෙන් වෙන් කරගන්න✌️🔥🔥

ආයෙත් සමාව ඉල්ලනවා ගායිස් පොරොන්දු වුන හැම Theater එකකම Event එක කරන්න බැරි වෙන එකට... කෑගල්ල Theater එකේ service එක අපි බලාපොරොත්තු වෙන මට්ටමක නැති එකත් මේ විදියට cancel කරන්න එක හේතුවක් උනා😥
කොහොම උනත් ඉතින් මේ Event එක අපේ උපරිමයෙන් ඔයාලට ලබා දෙන්න අපි කටයුතු කරනවා ගායිස්✌️

ඒ නිසා දැම්මම පහල ලින්ක් එකෙන් ගිහින් ඔයගේ ටිකට් එක වෙන් කරවා ගන්න
Link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdzHP7KYf4LplMNCkseW-ZgDdDuRwDOrFYLYyIZFbMg-J9nmA/viewform?usp=sf_link

වැඩි විස්තර සඳහා:
Colombo Event Coordinators
📲Keshava: https://wa.me/94716361271
📲Srimal:https://wa.me/94785485666
📲Dhanuka: https://wa.me/94773250850

Matara Event Coordinators
📲Ravindu: https://wa.me/94784994463
📲Harindu: https://wa.me/94755936131
📲Sandaru: https://wa.me/94701048483


මෙ දවස් වල ලොකු කතාබහක් ගියානේ Batman Movie ඒකේ Runtime එක ගැන. පේන විදියට Film ඒක පැය 3කට ආසන්නයි. 😘😘Exec. Produver කෙන...
20/01/2022

මෙ දවස් වල ලොකු කතාබහක් ගියානේ Batman Movie ඒකේ Runtime එක ගැන. පේන විදියට Film ඒක පැය 3කට ආසන්නයි. 😘😘
Exec. Produver කෙනෙක් ඒයාගේ instagram එකනේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට තමයි film එක 175min දිගයි කියලා කිව්වේ. 😍

Hello, Peter!and yes..it's real 😂❤
22/12/2021

Hello, Peter!
and yes..it's real 😂❤

Geek මිත්‍රවරුනී,ඉතින් පහුගිය සතිය කියන්නෙ ඔයාලට අමතක නොවෙන දවස් කිහිපයක් උනානෙ නේද❤️E Unity අපේ Fan Event එක සහ Spider ...
20/12/2021

Geek මිත්‍රවරුනී,

ඉතින් පහුගිය සතිය කියන්නෙ ඔයාලට අමතක නොවෙන දවස් කිහිපයක් උනානෙ නේද❤️
E Unity අපේ Fan Event එක සහ Spider Man No Way Home ආගමනය ගැන තමයි මේ අපි ආයෙමත් කතා කරන්න යන්නෙ..
ඉතින් ගායිස් අපිට අමුතුවෙන් ඔයාලට නැවත නැවත මතක් කරන්න දෙයක් නැහැ Fan Event එක ගැනනම්..ඇත්තටම අපිට මතක් කරන්න දෙයක් නැති තරම්.
මොකද E unity එකත් එක්ක එකතු වෙලා Fan Event එ⁣කට සහභාගි වුන හැම දෙනෙක්ම Fan Event එක ගැන ඔයාලගෙ Experience එක ගැන සටහන් කරපු පෝස්ට් වලින් මේ වෙද්දි අපි හැමෝගෙම වගේ Wall එක පිරිලා තියෙන්නෙ ..
ඒ නිසා තමයි අපිට අමුතුවෙන් ඒ ගැන කතාබහක් ඇති කරන්න අවශ්‍ය වෙන්නැත්තෙ..
ඒ උනත්, අපි කරපු Fan Event එක ගැන කතාබහ වෙන සහ කතාබහ නොවෙන දේවල් ගැන තමයි අද මේ අපි කතා කරන්න යන්නෙ🤘
ඉතින් Friendly Geeks, අපි ඔයාලට හැම වෙලේම කියනවා වගේ E Unity එක පවතින්නෙ ඔයාලා නිසා..ඒකට හොඳම උදාහරණය තමයි අපි පහුගිය සිකුරාදා සංවිධානය කරපු Fan Event එක..
ඒ Fan Event එකට සහභාගි වෙලා උප⁣රිම සහයෝගයක් අපිට ලබා දුන්න ඔයාලා නිසා තමයි මේ දවස් කිහිපය පුරාම Fan Event එක ගැන මේ තරම් කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ සහ Fan Event එක අපි හිතුවටත් වඩා සෑහෙන්න සාර්ථක විදියට නිමා කරගන්න ලැබුනෙ..

ඉතින් මිත්‍රවරුනි, අපේ මේ No Way Home Fan Event එක අති සාර්ථක කරගන්න ගොඩ දෙනෙක් සෑහෙන්න මහන්සි උනා වගේම අපි අතින් සුලු සුලු අතපසුවීම් කිහිපයකුත් උනා..
මුලින්ම අපි මේ Fan Event එක වෙනුවෙන් මහන්සි වුන සහයෝගය දුන්න හැමෝම මතක් කරගෙන යමු මොකද, එයාලගෙ සහයෝගය අපිට වචන වලින් විස්තර කරන්න බැරි මිල කරන්න බැරි කැපකිරීමක් කිව්වොත් අපි නිවැරදියි..
Fan Event එකට එකතු වුන ඔයාලා සහ අනිත් පිරිස අත⁣රෙ මේ වෙද්දි විශාල කතාබහක් ඇති වෙලා තියෙන මාතෘකාව තමයි අපි ඔයාලට ලබා දුන්න Magazine එක.
ඉතින් ඒ Magazine එක නිර්මාණය කිරීමට නිර්මාණ දායකත්වය ලබා දුන්න Dilshan Kankanamge ටත් Magazine එකෙහි අන්තර්ගත වුන ලිපි පෙල ලබා දුන්න සහෝදර Geek Pages වල අපේ සහෝදර පිරිසට වගේම Shenal Gunasekera අයියාටත්, ඒවගේම ඔයාලා දකින්න ඇති Magazine එකේ තිබුන Spider Man No Way Home Fan Made Poster එක.. ඉතින් ඒ වගේ ලස්සන සුපිරි ගින්දර Poster එකක් නිර්මාණය කරල දුන්න අපේ Sri COM ඇඩ්ම්න් Thamara Nadun Sumanasekara මල්ලිටත් මේ ස්තුතිය අනිවාර්යයෙන්ම හිමි වෙන්න ඕනෙමයි❤️
ඒ වගේම තමයි මේ magazine එක ප්‍රින්ට් කරල ඔයාලගෙ අතට දෙන්න අපිට අනුග්‍රාහක දායකත්වය ලබා දුන්න Tharindu Vishwanath අයියාටත් Comic Script Studio පිරිසටත් PRUVE කණ්ඩායමටත් Marvel sounds සහ Platinum Graphics ආයතන Amila Dahanayake ඇතුලු අනුග්‍රාහක මණ්ඩලයෙ පිරිසත් අපිට මේ Fan Event එකට ලබා දුන්න සහයෝගය කියා ගන්න බැරි තරම් විශාල සහ හිතාගන්න බැරි තරම් ලොකු සහයෝගයක්..
ඉතින් ඒ විදියට මේ හැමෝගෙම උදව් සහ අදහස් වලින් සංවිධානය වුන E Unity එකේ ප්‍රධාන සංවිධායක මණ්ඩලයෙ හැම දෙනෙක්ටමත් මේ Event එක සඳහා ඡායාරූපකරණයෙන් සහයෝගය ලබා දුන්න කොලඹ(Mad Eye) මාතර(Vikasitha M. Kodithuwakku) සහ කෑගල්ල(Gloom Studios) Event සඳහා එකතු වුන සියලු දෙනාටමත් මේ Fan Event එකේ සාර්ථකත්වයේ ගෞරවය හිමි විය යුතුමයි❤️

ඉතින් මේ කොහොම මොන විදියට අපි සංවිධානය කරත් මේ Fan Event එකේ සාර්ථකත්වය රඳා පවතින්නෙ Fandom එකෙ ඔයාලගෙ සහභාගීත්වය මත..
Event එක ගැන නිවේදනය කරපු මොහොතෙ ඉඳන් ඔයාලගෙ තිබුන Vibe එක සහ Hype එක නිසා තමයි මේ Event එකේ අවසානය අපිවත් හිතුවෙ නැති ආකාරයට මේ තරම් විදියට සාර්ථක උනේ😍❤️
ඒ වගේම තමයි Event එකට පස්සෙ මේ මොහොත දක්වාම ඔයාල අපිට ලබා දෙන Feedback එක..ඒ Feedbacks දැක්කම අපිට මාරම සතුටක් දැනෙනවා අපි සංවිධානය කරපු Fan Event එක හිතුවටත් වඩා සෑහෙන්න සාර්ථකයි සහ ඔයාලා ඒ Event එක උපරිමයෙන්ම Experience කරලා තියෙනවා කියලා❤️❤️

Fan Event එකේ සාර්ථකත්වය වගේම අපි අතින් සුලු අඩුපාඩු කිහිපයකුත් ඔයාලට සිද්ධ වුනා..
Savoy Theater එකේ උදේ Show Time එකේදි Screen එකේ සිද්ධ වුන අඩුපාඩුව Savoy Theater එනේ කාර්මික දෝශයක් නිසා සිද්ධ වුන දෙයක් වගේම ඒ වෙනුවෙන් ඔයාලා අපහසුාවයට පත් වුනානම් Theater එක වෙනුවෙන් සහ Event එක වෙනුවෙන් අපි සමාව ඉල්ලනවා..
ඒවගේම තමයි කොලඹ, මාතර සහ කෑගල්ල යන Event තුනේදිම ඔයාලට යම් යම් විදියට මුහුණ දෙන්න වුන Ticket ලබා දීමෙදි සිදුවුන ප්‍රමාදය😕
ඒ වෙනුවෙනුත් අපි ඔයාලගෙන් සමාව ඉල්ලන ගමන් මේ මතක් කරපු අඩුපාඩු වලට අමතරව අපෙන් මොනයම් හෝ අයුරකින් අපෙන් ඔයාලට අඩුපාඩුවක් , වැරැද්දක් සිද්ධ උනානම් E Unity අපි සියලු දෙනාගෙම කණගාටුව සහ සමාව අපි ප්‍රකාශ කරසිටිනවා❤️
ඉතින් මේ වගේ ලංකාවෙ ප්‍රධාන නගර කිහිපයක්ම ඉලක්ක කරගෙන මේ විදියට දැවැන්ත ලෙස සංවිධානය වුන Event එකේ සිදුවුන සුලු අඩුපාඩු ගැන නොතකා අපිට ලබා දෙන Feedback ගැන නැවතත් ඔයාලට අපි ස්තුතිවන්ත විය යුතුමයි❤️❤️😍

ඉතින් මේ වගේ අපි අතින් සිද්ධ වුන සුලු අඩුපාඩු හදාගෙන අපි ඊලඟ Fan Event එක මීටත්වඩා දැවැන්ත විදියට අනර්ඝ Event එකක් සංවිධානය කරන්න අපි මේ වෙනකොටත් සාකච්ඡා කිරීම් ආරම්භ කරලා තියෙන්නෙ 😍
Fan Event එකට සම්බන්ධ වුන සියලු දෙනා දන්න විදියට අපේ මීලඟ Fan Event එක Batman Movie එක වෙනුවෙන් වෙන්කරන්න අපි තීරණය කරලා තියෙන්නෙ 😍❤️
එහෙනම් ඉතින් ගායිස් දැන් ඉඳන්ම දින වෙන් කරගෙන ඒ Event එක වෙනුවෙනුත් ලෑස්ති වෙලා ඉන්න..

ඉතින් අවසන් වශයෙනුත් නැවත නැවතත් අපිට කියන්න තියෙන්නෙ මේ Event එක සාර්ථක කරගන්න වචනෙකින් හරි උදව් කල සියලු දෙනාටමත් Event එකට සහභාගි වෙලා මේ Event එක උපරිමයෙන් Experience කරපු ඔයාලටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤️
ඒ වගේම තමයි පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වුනත් කොලඹ Savoy Cinemas , මාතර Sky Lite 3D Cinema සහ කෑගල්ල Milano Cineplex වලින් Event එක පවත්වන්න ලබා දුන්න සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි ❤️

ආයෙත් ආයෙත් කියන්න තියෙන්නෙ ගායිස්, Geek ඔයාලා නැත්නම් E Unity කියල දේකුත් නෑ..
ඉතින් අපේ අඩු පාඩු පෙන්නලා, Event එකේ හොඳ කියල තව එකතු වෙන්න ඕන දේවල් ගැන විස්තර කියල දෙන Feedbacks වලට අපි නැවත වතාවක් ඔයාලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..

ඔයාලා වෙනුවෙන්ම ඉස්සරහට තව අලුත් වැඩ ගොන්නක්ම සූදානමින් තියෙනවා කියලත් අමතක කරන්න එපා❤️🤘
එහෙනම් එතකන් පරිස්සමට ආතල් එකේ බලන් ඉන්න🤘

ආ තව දෙයක් ගායිස්...
ඔයාලා කිසිම කෙනෙක්ට කිසිම movie එකක් Spoil කරන්න නම් එපා ✋
ඒක Spider Man No Way Home එකට විතරක් අදාලා දෙයක් නෙවේ..
කිසිම ආකාරයේ Spoiler එකක් ඔයාලගෙ profile එකේ හරි Community එකේ හරි දාන්න උත්සහ කරන්න එපා..
මොකද ඒ වැඩේ ඔයාට ආතල් උනාට Spoil වෙන කෙනාට ඒකෙ කිසිම ආතල් එකක් නෑ..
ඒ නිසා ඔයා E Unity එකේ සාමාජිකයෙක් නම් E Unity Guidlines වලට ගරු කරන්න පුරුදු වෙන්න..

අපේ රටේ කොල්ලො ටිකක් එකතුවෙලා කරපු තවත් සුපිරි වැඩක් මෙන්න.. 😇😇 අපේ රටේ හදපු SCI-FI (විද්‍යා ප්‍රබන්ධ) Short ෆිල්ම් එකක්...
19/12/2021

අපේ රටේ කොල්ලො ටිකක් එකතුවෙලා කරපු තවත් සුපිරි වැඩක් මෙන්න.. 😇😇 අපේ රටේ හදපු SCI-FI (විද්‍යා ප්‍රබන්ධ) Short ෆිල්ම් එකක්.. 😌😌
MIRAGE.. 🔥🔥
දකින හැම දේම ඇත්ත නෙමෙයි...
ALREADY SEEN. ALREADY KNOWN. ALREADY LIVED.
මැදියම් රාත්‍රියේ පාළු මාවතක් ඔස්සේ ගමනාන්තයක් සොයා ඉදිරියට ඇදෙන මිතුරන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීම් මාලාවක්.
මොහොතකට කාලය පිලිබඳ ඇති වෙන බිය දනවන අවිනිශිචිත භාවයෙන් ගැලවීමට වෙරදරන තරුණයෙක්..!
A series of events that two friends have to face as they make their way to a lonely road destination
in the middle of the night. A young man trying to escape from the frightening uncertainty of time for a moment..!
🖤✅
පහල Link එකෙන් ඔයාලත් බලල අදහස් දක්වලා තවත් මේ වගේ නිර්මාණ කරන්න මෙයාලට ශක්තියක් වෙන්න කියල ආරාධනා කරනවා.. 🙏🙏
https://youtu.be/I7GzLmW7ePE

⚠️විශේෂ දැනුම්දීම⚠️Hello Geeks ඔයාලට මේ දෙන්න යන්නෙ Warning එකක්..මේ වැරැද්ද ඔයාලා කිහිප දෙනෙක්ගෙන් මේ වෙනකොටත් වෙලා තිය...
15/12/2021

⚠️විශේෂ දැනුම්දීම⚠️

Hello Geeks ඔයාලට මේ දෙන්න යන්නෙ Warning එකක්..
මේ වැරැද්ද ඔයාලා කිහිප දෙනෙක්ගෙන් මේ වෙනකොටත් වෙලා තියෙන නිසා සහ ඉස්සරහට වෙන්න පුලුවන් නිසා තමයි මේ warning එක ඔයාලට දෙන්නෙ..
ඔයාලා මේ දවස් කිහිපය පුරාම දකින්න ඇති හැම Page එකකින්ම වගෙ දාලා තියෙනවා No Spoilers 🚫කියල.. අපි හිතනවා ඒ කියන දේ හැමෝම තේරුම් ගනීවි කියල..
මේ වගේ ලොකු hype එකක් තියෙන movie එකක් Spoil උනාම 17 වෙනිදට හෝ ඊටපස්සෙ ලැබෙන experience එක කිසිම වැඩක් නැති වෙනවා කියල ඔයාලා හැමෝටම වගේ තේරුම් ගන්න පුලුවන් ඇති කියල අපි බලාපොරොත්තු වෙනවා.. ඒ නිසා ගායිස් ඔයාලා 17 වෙනිදට අපේ Fan Event එකකින් හෝ කොහොම හරි No Way Home Movie එක බලන්න ඉන්නවනම් කිසිම විදියකින් Spoil කරන්න නම් එපා.. අනික තමා මේ දවස් ටිකේ Share වෙන spoilers අපේ Group වල හෝ Community වල Share කරන්නත් එපා..
ඔයා මේ Warning එක නොසලකා හැරලා ඒව⁣ගේ Spoilers ඔයා අපේ community වල share කරලා තිබුනොත් ඔයාව අපේ E Unity එකෙන් Ban කරන්න අපිට සිද්ධ වෙනවා.. ඒ වගේම තමයි ඒ Ban කිරීම E Unity අපේ හැම Event එකකටම අදාල වෙනවා.
ඒ කියන්නෙ ඔයා ඒ විදියට Spoilers Share කරලා තිබුනොත් මේ කාලය ඇතුලත ඔයාව අපේ සියලුම E Unity Geek Pages වලින් Ban කරනවා වගේම ඔයාට අ⁣පි සංවිධානය කරන කිසිම Event එකකට සහභාගි වෙන්න ලැබෙන්නෙත් නෑ🚷

ඔයාලා දන්නවා ගායිස් අපි Movie Review දාද්දි උනත් ඒවා දාන්නෙ Movie එක Release වෙලා අඩුම සතියක විතර කාලෙකට පස්සෙ. ඉතින් ඒ නිසා කිසිම විදියකින් Spoilers Share නොකර ඉන්න.
අනිත් දේ තමයි මේ Community වල ඉන්න හැමෝටම Theater වලට ගිහින් film එකක් බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඔයාලා film එක බැලුවත් අනිත් පිරිස අමතක කරල එයාලා spoil වෙන කිසිම දෙයක් Share කරන්න එපා. එහෙම කොහෙන් හරි හොයාගත්ත ක්ලිප් එකක් ශෙයාර් කලා කියල ඔයා පොරක් වෙන්නේ නෑ.. පේජ් වලට සහ adminලගේ whatsapp වලට direct msg දාල ස්පොයිල් කරන අය ඉන්නවා කිහිප දෙනෙක් එහෙම අයව අපි ලිස්ට් කරන් ඉන්නේ 😃 ඔයා spoiler review එකක් දානවනම් අඩුම ඔයා Film එක බලලා සතියක කාලයක්වත් ඉවසන්න.. Spoilers දානවනම් Spoiler Alert කියල අනිත් අයව දැනුවත් කරන්න මතක තියාගන්න... මොකද ඔයා විතරක් නෙවේ Film එකක් බලන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ..

ඔයාලා දැනටමත් දන්නවා E-Unity එක මේ Fan Event එක organize කරන්නෙ කොහොමද කියල.. හැමදෙයක්ම තිතට plan කරලා පිලිවලට කරගෙන යන Event එකක් මේක.. ඉතින් මේ සම්පූර්ණ process එකට ඔයාලා හිතනවට වැඩිය සෑහෙන පිරිසක් සෑහෙන්න මහන්සි වෙනවා මේ Event එක පුලුවන් උපරිමෙන් ඔයාලට Experience කරන්න දෙන්න. ඒ විදියට පිලිවලට වෙන Event එකක ඔයා Spoil කරනවා කියන්නෙ ඔයා E Unity එකේ සාමාජිකයෙක් වෙන්න සුදුසු නෑ කියන එක.
ඉතින් ඒ නිසා මේ බොහොම හොඳින් දුන්න Warning එක හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති කියල හිතෙනවා.
ඒ නිසා No Way Home movie එක වේවා වෙන Movie එකක් වේවා Spoil කරන්න කලින් මේ කිව්ව දේවල් ගැන හොඳට හිතන්න.. මේ වෙද්දි ඔයා අපේ event එකේ ටිකට්ස් බුක් කරලනම් තියෙන්නේ ඔයා spoil කරන බූරුවෙක්නම් ඔයාට refund කරල හරවලා යවන්න අපි දෙපාරක් හිතන්නේ නෑ 🙂 17 වෙනිදා Theater වලට යද්දි මේ කිව්ව ටික මතක තියාගන්න..

එහෙම නැති උනොත් අපිට ඔයාව කලින් කිව්ව විදියට E Unity එකෙන් සම්පූර්ණයෙන්ම Ban කරන්න සිද්ධ වෙනවා.
කිසිම කෙනෙක්ව Spoil කරන්න උත්සහ කරන්න එපා අනවශ්‍ය විදියට මේ ඔයාලට දෙන First and Last Warning එක ඒ නිසා අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ ඔයා අපේ E Unity එකේ වැඩ පිලිවලට පටහැනි විදියට ක්‍රියා කරනවා නම් අපිට ඔයාව Ban කරන්න සිද්ධ වෙනවා..

ඔන්න 100% RT අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් movies වල early reviews postive වෙනවා. ඒක් මේක හොද ආරම්භයක්. 🤩Fansලා reaction v...
14/12/2021

ඔන්න 100% RT අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් movies වල early reviews postive වෙනවා. ඒක් මේක හොද ආරම්භයක්. 🤩
Fansලා reaction videos පවා ඇවිත් තියෙනවා. film එක නම් සුපිරියක් වෙයි 🥺❤

"ඉදිරියේ නිකුත් වෙන project එකක Daredevil ඉන්නවනම් ඒ චරිතය සදහා දැනට චරිතය රගපෑ  Charlie Coxවම නැවත බලාන්න පුලුවන්. හැබැ...
06/12/2021

"ඉදිරියේ නිකුත් වෙන project එකක Daredevil ඉන්නවනම් ඒ චරිතය සදහා දැනට චරිතය රගපෑ Charlie Coxවම නැවත බලාන්න පුලුවන්. හැබැයි ඒ කවදද කොහොමද කියන එක තාම තිරණය කරලා නෑ."

"If you were to see Daredevil in upcoming things, Charlie Cox, yes, would be the actor playing Daredevil. Where we see that, how we see that, when we see that, remains to be seen."
🔥😍

අපහාසයට නොවේ උපහාසයට Nave සහෝදරයගේ නිර්මාණයක් තමා 😂❤
30/11/2021

අපහාසයට නොවේ උපහාසයට
Nave සහෝදරයගේ නිර්මාණයක් තමා 😂❤

Hello friendly neighborhood folks✌️ඔයාල දැනටමත් දන්නවා ඇති No Way Home එකට බුකින් open කරපු ගමන් ගොඩක් ප්‍රධාන පෙලේ සයිට...
30/11/2021

Hello friendly neighborhood folks✌️
ඔයාල දැනටමත් දන්නවා ඇති No Way Home එකට බුකින් open කරපු ගමන් ගොඩක් ප්‍රධාන පෙලේ සයිට්ස් crash උනා කියල ඒ වගේම no way home ටිකට් එකක් Ebay එකේ 💲25000 list කරලත් තිබුනා 😅 පේනවනේ, තවම ලංකාවේ කිසිම සයිට් එකකින් බුකින් open කරල නෑ ඉතින් ඔයාලට කරදරයක් නොවී ටිකට්ස් බුක් කරන්න අපි තවත් කාලය පොඩ්ඩක් විතර දීර්ඝ කලා දෙසැම්බර් 5 වෙනිදා වෙනකල් ඔයාලට පුළුවන් කිසිම වදයක් නැතුව ටිකට්ස් ටික බුක් කරගන්න

ඒ අනුව Savoy එකේ දෙසැම්බර් 17
🕥උදේ 10:30 ත් 🕖රාත්‍රී 7:00 show times දෙකකට දාල තියෙනවා (ජොබ්ස් කරන අයගේ පහසුව සඳහා)
ඔයාට මේ දෙසැම්බර් 5 වෙනිදා වෙනකන් කාලය තියෙනවා ✌️

ඉතින් ඒ හින්දා ඔයාටයි මේ ගැන තාමත් දන්නැති ඔයාගෙ යාලුවන්ටයි කියල අනිවාර්යයෙන් 05 වෙනිදට කලින් අපි දාලා තියෙන Google Form වලට ගිහින් විස්තර ටික හරියට දාලා ඔයාගෙ Seat එක Book කරගන්න..💺

📍 කොලඹ දිස්ත්‍රික්කය - Savoy 3D Dolby ATMOS
ටිකට් එකක මිල: රු.850
https://docs.google.com/forms/d/1dOsc3Ze3up0Sr-9TdOaJCHgbCzCf6LLkfaOsR6RIIOs/edit?usp=sharing

📍 කෑගල්ල දිස්ත්‍රික්කය - Milano Cineplex Diamond Theatre
ටිකට් එකක මිල: රු.350
https://docs.google.com/forms/d/1BkRVYifUoRrIbZTiUM_qU5UUHWaAT31Q3bqkjEEr6AQ/edit?usp=sharing

📍 මාතර දිස්ත්‍රික්කය - Skylight 3D Cinema
ටිකට් එකක මිල: රු.350

https://docs.google.com/forms/d/1YCBTkLkkfgNgrZtFspF4KrXy2YQbHsKrtCzjk3mU44Y/edit?usp=sharing

ඔයාලට ඇතිවෙන ඕනම ප්‍රශ්නයක් අපේ Organizersලට WhatsApp මැසේජ් එකක් දාල Clear කරගන්න
🔰Colombo: Srimal 📲0785485666
🔰Kegalle: Udith 📲0775802709
🔰Matara: Harindu 📲 0755936131
Fan Event එකක් විතරක් නෙවේ,
හරි පිලිවලට හැම දෙයක්ම සැලසුම් කරලා ඔයාලට සුපිරිම Experience එකක් දෙන්න සංවිධානය කරන ලොකු Event එකක්🔥✌️
ඒ නිසා මේක missed කරගන්න හිතන්නවත් එපා ගායිස්❤️❤️

Hello friendly neighborhood folks✌️Spider-man No Home Fan Event එකේ අලුත්ම විස්තර ටිකක් අරගෙන ආවේHappy News එකක් තියෙනවා...
22/11/2021

Hello friendly neighborhood folks✌️
Spider-man No Home Fan Event එකේ අලුත්ම විස්තර ටිකක් අරගෙන ආවේ

Happy News එකක් තියෙනවා ඔයාලට කියන්න😍
අලි මුලින්ම කිව්වනෙ මේ හැමදෙයක්ම කරන්නෙ මේ Fandom එකේ හැමෝම වෙනුවෙන් කියල.
ඉතින් ඔයාල අපෙන් ඉල්ලන හැම ඉල්ලීමක්ම පුළුවන් විදියට කරන්න අපි උත්සහ කරනවා
කොලඹ අවට ගොඩ දෙනෙක් අපිට කියල තිබුනා එයාලා Job වලට යන නිසයි ඒවගේම ගොඩ දෙනෙක්ට උදේ Show එකට එන්න බැරි වෙන නිසයි පුලුවන්නම් තව Show Time එකක් දෙන්න කියල.
ඉතින් මේ වෙද්දි ඒ ඉල්ලීම ගැන සලකලා බලලා අපි තීරණය කරා කොලඹ Savoy Theater එකේ Fan Event එක Show Time දෙකකට දික් කරන්න

ඒ අනුව දෙසැම්බර් 17
🕥උදේ 10:30 ත් 🕖රාත්‍රී 7:00 විදිහට තමයි show times වෙන් වෙන්නේ

🔺මතක තියාගන්න
ඔයාලට මේ හැම දෙයක්ම කරන්න 24 වෙනි බදාදා වෙනකන් කල් තියෙනවා💪
ඔයා තාමත් Google Form එක පුරවලා ඔයාගෙ විස්තර ඇතුලත් කරල Fan Event එකේ ඔයාගෙ Ticket එක තාමත් වෙන් කරගෙන නැත්නම්
ඔයා තාමත් පරක්කු නෑ😍
ඔයාට මේ නොවැම්බර් 24 වෙනි බදාදා වෙනකන් කාලය තියෙනවා ✌️
ඉතින් ඒ හින්දා ඔයාටයි මේ ගැන තාමත් දන්නැති ඔයාගෙ යාලුවන්ටයි කියල අනිවාර්යයෙන් 24 වෙනිදට කලින් අපි දාලා තියෙන Google Form වලට ගිහින් විස්තර ටික හරියට දාලා ඔයාගෙ Seat එක Book කරගන්න..💺
ඒවගේම තමා ඔයා මේ වෙද්දි Google Form එක Fill කරලා ඒත් තවමත් Ticket එක සඳහා සල්ලි දාලා නැත්නම්,
බය වෙන්න එපා ඔයාටත් 24 වෙනිදා වෙනකන් කාලය තියෙනවා..
ඒ නිසා මේ ගැන තාමත් දන්නැති හැමෝවම දැනුවත් කරල ඔයාලත් 24 වෙනිදා වෙද්දි ඔයාගෙ Ticket එක book කරල තියාගන්න❤️🔥

📍 කොලඹ දිස්ත්‍රික්කය - Savoy 3D Dolby ATMOS

ටිකට් එකක මිල: රු.850

https://docs.google.com/forms/d/1dOsc3Ze3up0Sr-9TdOaJCHgbCzCf6LLkfaOsR6RIIOs/edit?usp=sharing

📍 කෑගල්ල දිස්ත්‍රික්කය - Milano Cineplex Diamond Theatre

ටිකට් එකක මිල: රු.350

https://docs.google.com/forms/d/1BkRVYifUoRrIbZTiUM_qU5UUHWaAT31Q3bqkjEEr6AQ/edit?usp=sharing

📍 මාතර දිස්ත්‍රික්කය - Skylight 3D Cinema

ටිකට් එකක මිල: රු.350

https://docs.google.com/forms/d/1YCBTkLkkfgNgrZtFspF4KrXy2YQbHsKrtCzjk3mU44Y/edit?usp=sharing

🔶 Free Ticket දිනාගන්න අවස්තාවකුත් ඔයාලට තියෙනවා 😃
හැබැයි අවස්ථාව බොහොම සීමිතයි!
ඒ හින්දා දන්න කියන හැමෝටම Event එක ගැන විස්තර කියලා හැමෝම සෙට් වෙලා කවදාවත් අත්විඳපු නැති සුපිරි, අපි කලින් කිව්වා වගේ එකී මෙකී නොකී සෑම ආකාරයකම අතිසුන්දර Fan Event එකක අත්දැකීම ලබා ගන්න දැන්ම ගිහින් ඔයාගෙ විස්තර ටික ඇතුළත් කරලා ඔයාගෙ ආසනය වෙන් කරවා ගන්න ✅

ඔයාලට ඇතිවෙන ඕනම ප්‍රශ්නයක් අපේ Organizersලට WhatsApp මැසේජ් එකක් දාල Clear කරගන්න

🔰Colombo: Srimal 📲0785485666
🔰Kegalle: Udith 📲0775802709
🔰Matara: Harindu 📲 0755936131

✴️ ඒවගේම නුවර පරක්කු උනාට කමක් නෑ බලන්න යන්න ඕනේ කියල හිතන අයත් අපේ ටීම් එකේ උදිත්ව contact කරගන්න

ඉතින් ඔයාලා ඉල්ලන හැම ඉල්ලීමක්ම අපි සලකා බලලා පුළුවන් හැම දෙයක්ම සිදු කරන්න අපි කටයුතු කරනවා..
ඉතින් මේක නිකන්ම නිකන් Fan Event එකක් විතරක් නෙවේ,
හරි පිලිවලට හැම දෙයක්ම නූලට තිතට සැලසුම් කරලා ඔයාලට සුපිරිම Experience එකක් දෙන්න සංවිධානය කරන ලොකු Event එකක්🔥✌️
ඒ නිසා මේක missed කරගන්න හිතන්නවත් එපා ගායිස්❤️❤️

Hello Again Geeks👋😊Spider-Man No Way Home දෙවෙනි Trailer එකෙන් කට්ටිය බලන් හිටපු Vibe එක ලැබුනද 🤔ඔව් ඔයාලා මේ වෙනකොටත් ම...
18/11/2021

Hello Again Geeks👋😊

Spider-Man No Way Home දෙවෙනි Trailer එකෙන් කට්ටිය බලන් හිටපු Vibe එක ලැබුනද 🤔

ඔව් ඔයාලා මේ වෙනකොටත් මේ ගැන දන්නවා

මතකයිනේ අපි කලින් කිව්වා ලංකාවෙ ලොකුම සහ ජනප්‍රියම Geek Pages ටික එහෙම නැත්නම් E unity එක එකතුවෙලා සූදානම් කරන Spider-man No Way Home Special Screening Fan Event එක ලංකාවෙ වටේම තෝරාගත් සුපිරි Theaters වලදි Streaming කරනවා කියල😊❤️

ඉතින් මේ වැඩේ අති සාර්ථක කරගන්න එකට එකතු වෙලා සංවිධාන කටයුතු සිදු කරන Geek Pages ටික තමයි,

▶️ Sri COM

▶️ TSML

▶️ Hype Zone

▶️ Comic Script

▶️ Cinematic Universe

▶️ SL Marvel Talks

▶️ Movies පිස්සො

▶️ Movie Geeks

▶️ විචාරකයා

▶️ Rebel LK

▶️ තතු සිනෙ රූ

▶️ Plot Readers

▶️ Comic Cage

සහ තවත් ගොඩාක් Geek Pages සමූහයන් එකතුව❤️❤️

ඉතින් දැන් මේ කියන්න යන්නෙ Spider Man No Way Home Premiere Fan Event එකේ අලුත්ම සහ වැදගත්ම විස්තර ටික😌

ඒ හින්දා මේ කියන හැම කාරණයක්ම බොහොම පරිස්සමට කියවලා අපි මේ කියල තියෙන විදියටම ඔයා මේ දේවල් ක⁣රොත් අනිවාර්යයෙන්ම ඔයාටත් මේ අනභිභවනීය Fan Event එකේ සාඩම්බර කොටස්කාරයෙක් වෙන්න පුළුවන් ❤️😙

මේ Fan Event Premiere එකේ මූලික පියවර විදියට අපි ඔයාලව මේ Premiere Event එකේ මූලික කරුණු ටික ඔයාලට මීට කලින් විස්තර කරා.

මූලික කරුණු විදියට අපි ඔයාලට මේ Premiere Event එක දීපව්‍යාප්තව අතිවිශාල වැඩසටහනක් විදියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියල අපි ඔයාලට විස්තර කරා.

ඒවගේම අපි මේ Event එක ලංකාව පුරා තෝරාගත් නගර කිහිපයක එකම දවසක ආරම්භ වෙනවා කියල ඔයාලට විස්තර කරා.

ඉතින් මේ Event එක ගැන අපිට මේ වෙනකොට ලැබිලා තියෙන ප්‍රතිචාර සහ අදහස් වගේම රටේ තත්ත්වය සලකා බලලා පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න සිද්ධ වුනා.

අපි මේ Post එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ ⁣සිද්ධ වුන වෙනස්කම් සහ ඉදිරි වැඩකටයුතු වෙන්නෙ කොහොමද කියල ඔයාලව දැනුවත් කරන්න..

⭕වැඩේ වෙන්නෙ මෙහෙමයි හරිද..

අපි තෝරගෙන තියන Theaters ටික සහ නගර ටික මුලින්ම පහලින් දාන්නම්..ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට එන්න ලඟම සහ පහසුම දිස්ත්‍රික්කයේ තියන Theater එක තෝරගෙන අපි පහලින්ම දාලා තියෙන Link වලින් අදාල දිස්ත්‍රික්කය තෝරගෙන Google Form එක පුරවන එක😌

කණගාටුවෙන් උනත් දැනුම් දෙන්න තියෙන්නේ අනුරාධපුර හොඳම තියටර් එකේ අළුත්වැඩියා කටයුතු නිසා තව මාස කිහිපයකට විවෘත වීමක් වෙන්නේ නැ 😥

මේ දිස්ත්‍රික්ක අතරින් නුවර ඇරුනම අනිත් හැම දිස්ත්‍රික්කයකම Fan Event එක එම දවසකදි එහෙම නැත්නම් දෙසැම්බර් 17 වෙනිදා තමයි සිද්ධ වෙන්නෙ..

No Way Home Film එක නුවරට ලැබෙන දිනයෙ පොඩි ප්‍රමාද වීමක් තියෙනවා.ඒ නිසා නුවර Fan Event එක බොහෝවිට දෙසැම්බර් 22 වගේ දිනයක සිද්ධ වේවි.අපි ඒ ගැන වැඩි විස්තර ඔයාලට දැනුම් දෙන්නම්..

ඉතින් මේ සුවිශේෂී Fan Event කොටස්කරුවෙක් වෙන්න ඔයාලට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්. ඔයාලට කරන්න තියෙන්නෙ මේ පහල තියෙන Link වලින් ඔයාලට පහසුම දිස්ත්‍රික්කය තෝරගෙන Google Form එක පුරවන එක👇

ඊටපස්සෙ ඔයාලා ඒ ලබා දෙන තොරතුරු අනුව අපේ ඇඩ්මින්වරු ඔයාලව ඒ අදාල දිස්ත්‍රික්ක වෙනුවෙන් නිර්මාණය කරල තියෙන Whatsapp Group වලට Add කරයි.. ඔයාලගෙ දිස්ත්‍රික්කයටඅදාල Fan Event එකේ වැඩි විස්තර වගේම ඔයාලට ඇති වෙන ගැටලු හැම දේකටම ඒ Group වලින් අවශ්‍ය විස්තර ලබා දෙනවා

ඉතින් මුලින්ම Google Form එකට ගිහින් ඔයාලගෙ විස්තර අපි කියල තියෙන විදියට හරි පැහැදිලිව Input කරන්න.

ඔයාගෙ විස්තර ඇතුලත් කරලා අදාලා දිස්ත්‍රික්කයේ ඔයාගෙ ආසනය වෙන් කරගන්න..

☑️කොලඹ දිස්ත්‍රික්කය - Savoy Theater

ටිකට් එකක මිල: රු:850

https://docs.google.com/forms/d/1dOsc3Ze3up0Sr-9TdOaJCHgbCzCf6LLkfaOsR6RIIOs/viewform?fbclid=IwAR26qFqhPkHKUzb9pcaTje-eukTBYfdk1rRkvaH20tf8MHSWqQL-khcVblY&edit_requested=true

☑️ කෑගල්ල දිස්ත්‍රික්කය - Milano Cineplex Diamond Theater

ටිකට් එකක මිල: රු:350

https://docs.google.com/forms/d/1BkRVYifUoRrIbZTiUM_qU5UUHWaAT31Q3bqkjEEr6AQ/viewform?fbclid=IwAR22pP_t6oaLdCDdPbAj2pbS_TcvBitk9rrEsktZT0cA9uwmiKE9H69Ir2M&edit_requested=true

☑️ මාතර දිස්ත්‍රික්කය - Skylight Theater

ටිකට් එකක මිල: රු: 350

https://docs.google.com/forms/d/1YCBTkLkkfgNgrZtFspF4KrXy2YQbHsKrtCzjk3mU44Y/viewform?fbclid=IwAR37aRdJirIoscTe_dN-d8e-NlMPStRrg3h6qA2TAh8iOV52_fVZ2iqWXzk&edit_requested=true

☑️මහනුවර දිස්ත්‍රික්කය

ටිකට් එකක මිල: රු: 850

https://docs.google.com/forms/d/1YVp9PuaA3xVUhTpmi65cCQpnhKbMu6EIlCWUX267ogU/viewform?fbclid=IwAR1n_fhvLtEpbQaD7UAioM-eGkXnnXfuAffrlDmH0gbWbsz7rhN1nEJisCE&edit_requested=true

රටේ තත්ත්වය සහ සිනමාශාලා වල නීතිරීති අනුව අපිට මේ දීප ව්‍යාප්ත Fan Event එකේ අවස්ථාව ලබා දෙන්න පුලුවන්කම තියෙන්නෙ බොහොම සීමිත පිරිසකට විතරයි😌

ඒ නිසා තප්පරයක්වත් අපතේ යවන් නැතුව ⁣මේ දැන්ම මේ Fan Event එකේ කොටස්කරුවෙක් වෙන්න.

Fan Event එකේ වැඩි විස්තර ඉක්මනටම අරගෙන අපි එන්නම්😊😊

මතක තියාගන්න😉 Free Ticket දිනාගන්න අවස්තාවකුත් ඔයාලට තියෙනවා😙❤️

හැබැයි අවස්ථා බොහොම සීමිතයි

ඒ හින්දා දන්න කියන හැමෝටම Premiere එක ගැන විස්තර කියල හැමෝම සෙට් වෙලා කවදාවත් අත්විඳපු නැති ආතල් පිරුණ, අපි කලින් කිව්වා වගේ එකී මෙකී නොකී සෑම ආකාරයකම අතිසුන්දර Fan Event එකක අත්දැකීම ලබා ගන්න දැන්ම ගිහින් ඔයාගෙ විස්තර ටික ඇතුලත් කරලා ඔයාගෙ ආසනය වෙන් කරවා ගන්න 😊

ඔයාලට ඇතිවෙන ඕනම ප්‍රශ්නයක් අපේ ඇඩ්මින්වරුන්ට Inbox message එකක් හරි Page එ⁣කට Message එකක් හරි දාලා අවශ්‍ය විස්තර ලබා ගන්න..

මේ හැමදේම ලංකාවෙ ඉන්න geeks ඔයාලා වෙනුවෙන්මයි❤️😊

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MovieGeeks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MovieGeeks:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

MovieGeeks

We post news, fact, and memes all about pop culture, daily. Join with us and get ahead every Geek.

@MvoieGeeksSL