15/12/2022
💔😭
සුබ ගමන්, සුපර්මෑන්...
සුපර්මෑන් කියන්නේ සුපර්හීරෝස්ලා එක්ක ලොකු මහත් වුනු ඕනම කෙනෙක් දන්න, ඒ හැම කෙනෙක්ම තමන්ගේ ළමා කාලයේ ඉඳන්ම ආදරේ කරන කැරැක්ටර් එකක්. Marvel, DC දෙපැත්තෙන්ම ගොඩක් චරිත 2000 න් පස්සේ කරලියට ආපු CBM නිසා ජනප්රිය වුණත්, සුපර්මෑන් කියන්නේ ඊටත් දශක ගණනාවකට කලින් නම ඇහුණම ඕනම කෙනෙක් දන්න චරිත අතලොස්සෙන් කෙනෙක් 🙂❤️
ඉතිං හැමෝටම ජීවත් වෙන්න කියල දුන්නු මේ සුන්දර චරිතයේ ඩයිහාඩ් ෆෑන් කෙනෙක් විදිහට මට බය නැතුව කියන්න පුලුවන් Henry Cavil කියන්නේ එතෙක් මෙතෙක් සුපර්මෑන්ට වුනු හොඳම ජීවමාන කිරීමක් කියලා ❤️🙏
සුපර්මෑන් තුළින් ඔයා මම බලාපොරොත්තු වෙන "බලාපොරොත්තුව" (hope) කියන දේ ස්නයිඩර් සහ කැවිල් දෙන්නා එකතු වෙලා පෙන්නුවේ වෙනස්ම විදිහකටයි.
ආත්මාර්තකාමිත්වය සහ බලය පස්සේ කෑදරකමින් පන්වන අද වගේ සමාජයක Superman වගේ අයිකන් එකක් ඉන්න ඕනේ ඇයි කියලා ෆිල්ම් තුනකින් ලස්සනට මේ දෙන්න එකතු වෙලා පෙන්නුවා. කැවිල්ගෙ වර්ශන් එකට ගොඩක් අය ඔවුන්ටත් නොදැනිම ආදරය කරන්නේ ගත්තේ ඒ ෆිල්ම් තුනින් උඩ කියපු කාරණාව එක්ක අපිව අරන් ගිය ඒ එපික් ඇඩ්වෙන්චර් එක නිසයි. 💯
DCEU එකේ කාස්ට් එකෙන් පවා භාගෙට භාගයක් ෆෑන්ස්ලා රිජෙක්ට් කරද්දී, හෑශ්ටැග් කැම්පේන් පවා කරලා Henry ව ආපහු ඉල්ලන්න කට්ටිය පෙළඹෙන තරමටම Henry ගේ සුපර්මෑන් අපිට දැනුනා.
මීට මාස දෙක තුනකට කලින් කැවිල්ම රිටර්න් වෙනවා කියලා නිල වශයෙන් ප්රකාශ කරාම ආයෙත් ඒ වගේ ලස්සන ඇඩ්වෙන්චර් එකක් අපිට යන්න පුලුවන් කියන බලාපොරොත්තුව ඇති වුනා. ලොව වටා ෆෑන්ස්ලා මිලියන ගාණක් ආයෙත් වතාවක් කැවිල්ව පිලිගන්න සූදානම් වුණා. 🥺
ඒත් එක පාරම අද උදේ කැවිල්ම කියනවා නැවත වතාවක් සුපර්මෑන් විදිහට ඔහුව අපිට දැකගන්න ලැබෙන එකක් නෑ කියලා. කාලෙකින් DC ෆෑන් කෙනෙක් විදිහට දැනුන බලාපොරොත්තුව ඊට නොදෙවෙනිව සුනු විසුනු වෙලා යන්න මේ වචන කිහිපයම ඇති 🙂💔
ඉතිං මෙතනින් පස්සේ කොච්චර කිව්වත් කැවිල් රෙඩ් කේප් එකක් දරාගෙන ගිය ගමන මෙතනින් අවසන් වෙනවා... මේ තමා කොමික් බුක් සිනමා තිරයට ලැබුණු වටිනාම කාස්ටින් එකක සමුගැනීම 🥺
සමුගන්න අමාරුයි... ඒත් කැවිල්ව සුපර්මෑන් විදිහට දකින්න ලැබෙන අන්තිම වතාව "Black Adam" වෙන්න පුලුවන්. ඉතිං ඒ moment එකට witness කරන්න පුලුවන් වුණු එක ගැන හදවතින්ම සතුටු වෙනවා ❤️🙏
එහෙනම්...
Goodbye, Superman. Thank you for that wonderful journey. You will be always remembered 👑
Admin: Sachintha Benat