News Only

News Only Breaking news on political, sports, foreign and social

WhatsApp බිඳ වැටේWhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එම වාර්තා වැඩිදුරටත් ප...
25/10/2022

WhatsApp බිඳ වැටේ

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

එසේම WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇත.

යාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට වැඩ වරදීයාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු...
25/10/2022

යාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට වැඩ වරදී

යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ සේවය පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අත්හිටුවීමට පියවර ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසූයේ එම සිද්ධියට සම්බන්ධ සෆාරි මගපෙන්වන්නන් 7 දෙනෙකුගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන බවය.

මෙවැන්නක් සිදුවන්නේ නම් එම නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරින්ට දැනුම්දීමට හැකියාව තිබුනද ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර පසුගියදා වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස් අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින් කුමන තරාතිරමක අය වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙස ද වනජීවී අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබා දී තිබේ.

අහුංගල්ලේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ රියැදුරා  අත්අඩංගුවටපසුගියදා අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර...
24/10/2022

අහුංගල්ලේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ රියැදුරා අත්අඩංගුවට

පසුගියදා අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා තැත් කිරීමේ සිදුවීමට අදාලව එම සැකකරුවන් පැමිණි මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව රඹුක්කන පොලිස් වසමේ වාගොල්ලවත්ත, කූරෙම්පොල, රඹුක්කන ලිපිනයේ දී කල වැටලීමකදී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.

Litro ණය ගෙවයි Litro ගෑස් සමාගම පසුගිය සිකුරාදා  මහ බැංකුවට රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවා තිබෙනවා .ඒ ගෑස් ලබාගැනීමට ල...
24/10/2022

Litro ණය ගෙවයි

Litro ගෑස් සමාගම පසුගිය සිකුරාදා මහ බැංකුවට රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවා තිබෙනවා .

ඒ ගෑස් ලබාගැනීමට ලෝක බැංකුව දුන් මූල්‍ය ප්‍රතිපාදන යළි පියවීම සඳහා ය.

සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 6.5 ක් සහ ඔක්තෝම්බර් මාසේ රුපියල් බිලියන 7.5 ක් ඒ අනුව ගෙවා තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 6.5 ක් සහ ඔක්තෝම්බර් මාසේ රුපියල් බිලියන 7.5 ක් ඒ අනුව ගෙවා තිබෙනවා.

ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රකාශයක් කළ නොහැකි මැතිවරණ කොමිසම කියයි...අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද...
24/10/2022

ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රකාශයක් කළ නොහැකි මැතිවරණ කොමිසම කියයි...

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් නොමැත.

කෙසේ වෙතත් කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරණවා..

එම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව යි එම කොමිසම සඳහන් කළේ.

මැතිවරණයක් අවස්ථාවේ නාම යෝජනා භාරගැනීමේ දි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය චරිත හේරත් මහතා පවසන්නේ නීති පැනවීමට පෙර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සිටින්නේ නම් සිය ධුරවලින් ඉවත් වීමට වහාම පියවර ගත යුතු බවය.

කැසිනෝ වාර්ෂික බද්ද 150%කින් වැඩි කෙරේ; ඔට්ටු සහ සූදු බද්ද ද ඉහළටපසුගිය අගෝස්තු 01 වැනිදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා ...
24/10/2022

කැසිනෝ වාර්ෂික බද්ද 150%කින් වැඩි කෙරේ; ඔට්ටු සහ සූදු බද්ද ද ඉහළට

පසුගිය අගෝස්තු 01 වැනිදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කරන ලද බව මුදල් රාජ්‍ය අමාතයාංශය පවසනවා.

ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරනු ලැබේ.

01. කැසිනෝ සඳහා මෙතෙකේ නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200 ක ගාස්තුවක් අය කිරීම

02. වෙනත් ඔට්ටු හා සූදු සඳහා අවම වශයෙන් පහත සඳහන් පරිදි බදු වැඩි කිරීම

අ. සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා

• රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම

• පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි කිරීම

ආ. ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම

ඇ. සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කිරීම

මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ. මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතගොත්,

• මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අය වේ.
• දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය වේ.

• අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද 40%ක ආදායම් බද්දක් අය කරනු ලබයි.

Address

Hunupitiya Cross Road, Colombo 02

Website

Alerts

Be the first to know and let us send you an email when News Only posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News Only:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share