News Alert

News Alert Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Alert, Media/News Company, .

24/04/2024

KDU මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දිම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාව

Medical Faculty Students' Action Committee News Alert News 19 News Alert Srilanka Follow Me News World Webnews.lk එසැනින් පුවත් - Breaking News Alert News24

ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජප...
24/04/2024

ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද නිකුත් කළා.

එමෙන්ම, එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබුවා.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවත් නියෝගවල සඳහන්.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා ඇතුළු දූත පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන් තොට...
24/04/2024

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා ඇතුළු දූත පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගත් අයුරු සහ එහි අනෙකුත් ඡායාරූප කිහිපයක්

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Police News Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්) Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

24/04/2024

කැලණිය තාක්ෂණ පිඨයේ සිසුන් පිඨයෙන් එළියට බහී...
අසාධාරණ ලෙස පවත්වාගෙන යන ශෂික දිල්හාර සහෝදරයාගේ පංති තහනම වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විරෝධතාවක.

News Alert News 19 News Alert Srilanka Follow Me News World Webnews.lk එසැනින් පුවත් - Breaking News Alert Inter University Students' Federation

සන්නස්ගල සිදු කරපු වංචාවක් සම්බන්ධයෙන්.ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩි...
23/04/2024

සන්නස්ගල සිදු කරපු වංචාවක් සම්බන්ධයෙන්.

ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.

එම වීඩියෝවේ නුවන් ප්‍රදීප් නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් සන්නස්ගල ලබා දුන් ගිණුමට බැර කළ බවයි.

රුපියල් ලක්ෂ 10ක් වංචා කළේ යැයි සමාජ ක්‍රියාකාරිකයෙකු සහ අරගල නායකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා යැයි කියා ලබා ගත් මෙම ණය මුදල මෙතෙක් ගෙවා නොමැති අතර චිත්‍රපටයක් ද නිෂ්පාදනය කර නොමැත.

අදාළ ණය මුදල පියවන ලෙස දිගින් දිගට ම උපුල් ශාන්ත සන්නස්ගලට දැනුම් දුන්න ද ඔහු එය පැහැර හැර තිබෙනවා..

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Upul Shantha Sannasgala

සජිත් - අනුර එකටජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වී...
23/04/2024

සජිත් - අනුර එකට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව පවසමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී තිබුණා.

එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

සජබයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවත් එම ලිපියේ සඳහන් වනවා.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයිදුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප...
23/04/2024

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමටශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජප...
22/04/2024

ඇමති විජයදාසගේ නම මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.

ඒ අනුව, නිදහස් පක්ෂ වැඩබලන මහලේකම්වරයා විසින් විජයදාස රාජපක්ෂ මහතාගේ නම සහ විධායක සභාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය පසුගිය 20 රැස්වූ අවස්ථාවේ ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයකදී කැඳවා තිබිණි.

මෙම විධායක සභා රැස්වීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත් කර ගැනුණි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

හෝමාගම හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක්හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක්...
22/04/2024

හෝමාගම හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක්

හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බදින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් සිටි පුද්ගලයා අලුත් අවුරුදු නිවාඩු කාලයෙන් පසු දින කිහිපයකට පෙර රැකියාව සදහා එම ස්ථානයට පැමිණ ඇති බවත් එම පුද්ගලයාට දවසේ වියදම සදහා කොන්ත්‍රාත් සමාගම විසින් ලබා දෙනු ලබන රුපියල් දහසක මුදලින් රුපියල් තුන් සියයක් වැය කර කෑම පාර්සලයක් මිලදී ගෙන ඉතිරි මුදලින් මත්පැන් පානය කර ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24NSBM

ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටපුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් ම...
22/04/2024

ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පැවති මෝටර් රථ තරගාවලියේ දී සිදුවූ බිහිසුණු අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 24 දෙනෙකු තුවාල ලැබීය.

අනතුරින් ජීවිත අහිමිවූවන් අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරග නිරීක්ෂකයින් 04 දෙනෙක් ද ඇතුළත් ය.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහල් වෙතයි.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පැවසුවේය.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි දරුණු අනතුරකින් 5ක් මරුට – 21 කට තුවාලදියතලාව, නරියාකන්දේ දී පැවති “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස...
21/04/2024

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි දරුණු අනතුරකින් 5ක් මරුට – 21 කට තුවාල

දියතලාව, නරියාකන්දේ දී පැවති “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් ” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී සිදුවූ දරුණු අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථ ධාවන තරගය අතරතුරදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තවත් පුද්ගලයින් 21 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.

එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය ඇතැයි පොලිසිය පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් මෙය සංවිධානය කළ අතර, ඒෂියන් පේන්ට්ස් සමාගම මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.



News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්...
21/04/2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු එම පාර්ශවයේ කණ්ඩායමක් මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.

මෙහිදී වාරණයට ලක්වූ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කරගනු ලැබුවා.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලත...
21/04/2024

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා...

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති වයස අවුරුදු 33ක් වන තරුණයෙක්...

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග (19) දින උදෑසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහළට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබෙනවා...

ශ්‍රි පාද උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් (20) දින උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බවද සඳහන්..

ශ්‍රි පාද මළුවෙන් පහළට පැන ඇති තරුණයා මළුවෙන් පහළට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇති බවයි වාර්තා වන්නේ..

අතුරුදන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර තිබෙනවා..

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ලෙස  විජයදාස රාජපක්ෂ මැතිතුමා  තෝරාපත් කරගනී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති...
21/04/2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ලෙස විජයදාස රාජපක්ෂ මැතිතුමා තෝරාපත් කරගනී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබේ.

ඒ අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක සභා රැස්වීමක දී යි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය ඇමති විජේදාස ට දෙන්න සාකච්ඡාවක්අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබ...
21/04/2024

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය ඇමති විජේදාස ට දෙන්න සාකච්ඡාවක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් අද (21) පෙරවරුවේ කෝට්ටේ සෝලිස් හෝටලයේදී සංවිධානය කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය වෙනුවෙන් එම රැස්වීම කැඳවා ඇත්තේ ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.

මෙම රැස්වීමකට විරෝධය පළකරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින් වැඩබලන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය ඊයේ (20) ද දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි. ඒ, ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී ය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිප වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා එම රැස්වීම ද කැඳවා තිබුනේ, වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.

කෙසේවුවද දැනට වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ කණ්ඩායම එම උත්සාහය ව්‍යර්ථ කර තිබිණ.

එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කළේය.

එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මාධ්‍ය වෙත පැවසුවේ, පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවයි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

ලක්ෂ පහකට වැඩි අවම මාසික වැටුපකට පාර්ලිමේන්තුවේ නව තනතුරු දෙකක්ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්...
21/04/2024

ලක්ෂ පහකට වැඩි අවම මාසික වැටුපකට පාර්ලිමේන්තුවේ නව තනතුරු දෙකක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

මෙසේ අයදුම්පත් කැඳවා ඇත්තේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා 2023 අංක 06 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට අනුව පිහිටුවා ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පුරප්පාඩුව පවතින “පාර්ලිමේන්තු අයවැය නිලධරයා” සහ “නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයා” යන නව තනතුරු දෙක සඳහාය.

මෙයින් පාර්ලිමේන්තු අයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස) ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයාට එලෙසම රුපියල් 5,60,000 (පන් ලක්ෂ හැට දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද හිමිවන බව මෙම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවූ නිවේදනයේ සඳහන්වේ.

දක්ෂ ,අවංක,උසස් සදාචාරාත්මක ගුණයෙන් යුත් කීර්තිනාමයක් සහිත වයස අවුරුදු 65 ඉක්මනොවූ , රජයේ අයවැයකරණය ,මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති හෝ සාර්ව ආර්ථික විශ්ලේෂණය පිළිබඳ පළපුරුද්දක් සහිත ශ්‍රි ලාංකික පුරවැසියන්ට ඉදිරි මැයි මස 06 දා දක්වා මෙම තනතුරු දෙක සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම නිවේදනයේ සඳහන්වේ.

වසර පහක නිල කාලයක් සහිත මෙම තනතුරු දෙක සඳහා තෝරාගත් සුදුස්සන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කෙරේ.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News Alert

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහයිශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක්...
21/04/2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන ‘පාස්කු ඉරුදින දින’ ත්‍රස්ත ප්‍රහාරයට අද ට (21) වසර 5 ක් සම්පූර්ණ වේ.

අන්තවාදී ආගමික කල්ලියක් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ එකවර බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 273 මරණයට පත්ව 500 කට අධික සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ හානීන්ට පත්වූ බව නිල පිළිගැනීමයි.

එදිනට කතෝලික භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන ‘පාස්කු දින‘ යෙදී තිබීම නිසා පසු කළ බොහෝ දෙනා එම බෝම්බ ප්‍රහාර මාලාව ‘පාස්කු දින‘ ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වීය.

එදින පෙරවරු 8.45 ට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව ආරක්‍ෂක අංශ පවසන අතර එම ප්‍රහාරයට ලක්ව දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වී සිටි සහ කොළඹ තරු පන්තියේ හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි පවුල්පිටින් මරු වැළඳගත්තේය.

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමන් එම ප්‍රදේශයේ ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මරණයට පත්වීමෙන් තවමත් වසා ඇති නිවාස ඇති බව ද එහි ප්‍රදේශවාසීහූ පවසති.

ඇතැම්හූ එදින සිට තවමත් ඇඳ මත සිටින අතර ඇතැම් පවුල්වල සාමාජිකයෝ සිහිමද ගතින් පසුවෙති.

මෙම බෝම්බ ප්‍රහාර මාලාව මෙරට දේශපාලන සහ සමාජීය තත්වය උඩුයටිකුරු කළ සිද්ධියක් බවට පත්ව ඇති අතර එම ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තන් කවුරුන් ද යන්න තව දුරටත් අභිරසකි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අදාල ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන ලෙස පසුගිය වසර පහක කාලය තුළ දැඩි අරගලයක නිරතව සිටිති.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

19/04/2024
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අදඅභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ...
19/04/2024

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය.

පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම ඉදිකරන ලද සොහොන් භූමියේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලිසැර වැදීමක් හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය අඟහරුවාදා (16) ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවුණි.

පසුගිය 17 වනදා රාත්‍රියේ දේහය ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රිය වන විටත් විශාල ජනතාවක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටි බව අප වාර්තාකරුවන් පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් ද ඊයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණි.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කළේය.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුව...
08/04/2024

පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් පරීක්ෂණයක්

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී අද (08) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවයි.

මූලික සොයාගැනීම්වලින් පෙනීගොස් ඇත්තේ ගුවන් හමුදා කෝප්‍රල් සහ මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි.

ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසියේ තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා සිද්ධිය වන අවස්ථාවේ රාජකාරියෙන් බැහැරව සිට ඇත.

සාපරාධී ක්‍රියාවලට තම සෙබළුන්ගේ සම්බන්ධයක් ඇත්නම් එය බරපතළ ලෙස සළකන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමක් අතරතුර මුරපොළක නතර කරන ලෙස කළ නියෝගයක් ඔහු නොසළකා හැර ඇති බව වාර්තා වේ.

මේ පුද්ගලයා අදාළ සිද්ධිය වන අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයා පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව පොලිසිය විසින් නැවත වෙඩි තැබීමත් සමඟ යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertPolice News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)News24

ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති තනතුර නිමල්ටශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවර...
08/04/2024

ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති තනතුර නිමල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කර තිබේ.

හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.

නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බවයි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දේශපාලන රැස්වීමක් මෙලෙස කැඳවා තිබිණි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් වැටුප හෙට සිට රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්...
07/04/2024

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් වැටුප හෙට සිට

රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (07) කෑගල්ලේ දී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“වැඩි වුණ රුපියල් 10,000 සමගින් හෙට 08 සිට ආයතනවලට මුදල් නිදහස් කරන්න සුදානම් කරගෙන තියෙනවා. රුපියල් බිලියන 107ක්. වැඩි වුණු මුදල විතරක් රුපියල් බිලියන 13කට ආසන්නයි.”

“අප්‍රේල් 21 වනදා රටටම එක සැරේ… පවුල් 28 ලක්ෂයකටම සහල් කිලෝ 10 බැගින් ලබාදෙනවා. දේශීය කර්මාන්තකරුවාගෙන් මේක මිලදී ගන්නේ.”

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

නඩු විභාගයක් අතරතුර සිදු කළ වෙඩිතැබීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.බ්‍රසීලයෙන් මෙම පුවත වාර්තා වන අතර සිය ...
07/04/2024

නඩු විභාගයක් අතරතුර සිදු කළ වෙඩිතැබීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බ්‍රසීලයෙන් මෙම පුවත වාර්තා වන අතර සිය පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුට නඩු විමසුම අතරතුරදී 27 හැවිරිදි පුතා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertPolice News Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්) Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)News24

ලොවම කලඹමින් ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයිඅමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8...
07/04/2024

ලොවම කලඹමින් ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය.

එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙය ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය බවය.

කෙසේ වුවද භූකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැත.

එම කම්පනයත් සමග ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNews24

හරක් හොරුන්ට අමරවීරගෙන් අනතුරු ඇඟවීමක්හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල...
06/04/2024

හරක් හොරුන්ට අමරවීරගෙන් අනතුරු ඇඟවීමක්

හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හරක් හොරුන්ට එරෙහිව දැඩි නීති ඒ මගින් ක්‍රියාත්මක කරන බව ද අමරවීර මහතා සඳහන් කළේය.

ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන් වෙනුවෙන් ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද අමරවීර මහතා පැවසීය.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News Alert

ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන් 29 සිට වැඩවර්ජනයේඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම මස 29 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ...
06/04/2024

ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන් 29 සිට වැඩවර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම මස 29 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබේ .

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සඳහා නිර්බාධ උසස් වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දී තිබෙන දීමනා හා සමාන දීමනාවක් ලබා දීම එම ඉල්ලීම් අතර වෙයි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබෙන නමුත් මේ දක්වා කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බවත් එහෙයින් ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බවත් එහි ලේකම් ධම්මික මිරිහාන මහතා පැවසීය.

විද්‍යාපීඨ වීශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන නමුත් එය කඩිනම් කිරීමේ වගකීම අමාත්‍යාංශය සතු වන බව ද මැතිවරණයට පෙර එම කෙටුම්පත සම්මත කිරීමට නොහැකි වුවහොත් එම ක්‍රියාවලිය යළිත් ආපස්සට යොමු වන බවත් හෙතෙම පැවසීය.

News AlertNews Alert SrilankaNews 19Follow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertPolice News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)News24

දමිතා සහ සැමියා රිමාන්ඩ්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න ...
05/04/2024

දමිතා සහ සැමියා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කළා.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (05) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

News AlertNews 19News Alert SrilankaFollow MeNews WorldWebnews.lkඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertPolice News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)Police News (පොලිස් පුවත්)

Address


Alerts

Be the first to know and let us send you an email when News Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share