ස් ව ර - Swara

  • Home
  • ස් ව ර - Swara

ස් ව ර - Swara
කන හරහා හදවතට 👈......�

20/02/2024

මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැක.

ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක.

ඔබේ පෞරුෂයට හානි කළ හැක.

එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක.

ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න.

විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්, ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය කරනු ඇත. 🌻

ආදරණීයයන් වෙනුවෙන් දිවිය කැප කරන නිහඬ වැඩකරු... දිලූ නොහොත් දි ලු ස් ව ර ය.....
20/02/2024

ආදරණීයයන් වෙනුවෙන් දිවිය කැප කරන නිහඬ වැඩකරු... දිලූ නොහොත් දි ලු ස් ව ර ය.....

අඟල අඟල උස යනකොටලඟට ඇවිත් මනිනවාතව පොඩ්ඩයි අම්ම ලඟටඑන්නට මට කියනවාතුරුල් කරන් හැම තිස්සෙමකම්ඹුල් මගෙ සිඹිනවාමගෙ පන උඹ ලො...
14/01/2023

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
තව පොඩ්ඩයි අම්ම ලඟට
එන්නට මට කියනවා
තුරුල් කරන් හැම තිස්සෙම
කම්ඹුල් මගෙ සිඹිනවා
මගෙ පන උඹ ලොකු වෙනකොට
ආඩම්බර හිතෙනවා

කරුණාබර හදවතකට
නුඹ හිමිකම් කියනවා
කීකරු කම හැමදාමත්
එක වගේම තියනවා
අම්මාගෙම පෙනුමට නෑ
කිසි වෙනසක් කියනවා
එතකොට නම් ඔය ඇස්වල
සතුට දෝරෙ ගලනවා

වැඩ්යෙන් ආදරෙ මං මගෙ
අම්මාටයි කියනවා
ඒ සෙනෙහස, ආදරයට
සීමා නෑ හිතෙනවා
ශක්තිය මට දවසක නුඹ
හිත සතුටින් පිරිනවා
කරට උසට පුතෙක් ඉතිං
පනට වඩා වටිනවා

යන එන තැන කොහේ ගියත්
මං වටේම එතෙනවා
සෙනෙහස මේ පපු තුරුලේ
උතුරන්නට තියනවා
වස්තුව මගෙ නුඹයි පුතේ
හැමදාමත් වටිනවා
හොඳ මිනිහෙක් වෙයන් දිනක
අම්ම බලන් ඉන්නවා.

අම්මා

ඔබ කැමති විදියටඔබ ජිවත් වෙන්න...අනිත් අයට වෙලාවක් නෑඅපි ගැන හිතන්න.....මිනිස්සු ජිවිත කාලේමකරන්නේ අනුන් ගැනහිත හිතාතමන් ...
13/01/2023

ඔබ කැමති විදියට
ඔබ ජිවත් වෙන්න...
අනිත් අයට වෙලාවක් නෑ
අපි ගැන හිතන්න.....

මිනිස්සු ජිවිත කාලේම
කරන්නේ අනුන් ගැන
හිත හිතා
තමන් විදවන එක නේද...

හිතන්න

මම මැරුණම
දවසක් දෙකක් තියා ගනීවි
තුන් වෙනි දවසේ
සොහොනක තනි කරාවි...

ඉට පස්සේ ඇවිදින්
හිස් වෙච්ච තැන් ඇස් පස් කරාවි
තිබුන නම් මගේ දෙයක්
එකත් විසි කරාවි
හට්ටි මුට්ටි පුරවලා
මසවුළු පිසේවී
යාලුවෝ නෑදෑයෝ
එයත් රස බලාවි....

රෑ වෙද්දී ඒ අයත්
සමු අරන් යන්න යයි..
වියදම් කරපු අය
පාඩුවේ ගනන් බලයි
දානෙට දෙන්න මට
තියෙන්නේ මෙච්චරයි
දැන් බලන් යනකොට
මරණයත් අමතකයි

ඉද හිටලා දුරකතනේ
පාඩුවේ හඩ තලයි
මියදුනයි නොදන්න වුන්
අමතලා යළි සොයයි
මියැදිලා යන්තමින්
ගතවෙන්නේ දින හතයි
සුපුරුදු ලෝක වල
උනු නොවුනොත්
සැරි සරයි.....

ඉතින් මේ ටිකත් මට
කියන්න ට අවසරයි
ආදරෙයි කියූ වුණුත්
පාඩුවේ වැඩට යයි..
කාටවත් කාගෙවත්
හුස්මකින් වැඩක් නෑ
තමන් ගැන මිසක්
ලෝකයක්‌ මට වැඩක් නෑ.

ජිවත් වෙන්න පුළුවන් නම්
තමන්ට ඕනේ විදියට දවසක්
ඒක තමයි ජිවිතේ
අපි ලබන සතුටත්....

සමහර කාල එනවා…අපිට තනියෙම දරාගන්න වෙන…වැටෙන්න ප්‍රශ්න ඒයි. ඒත් දරාගෙන ඉමු…( උපුටාගන්නා ලදී.)
12/01/2023

සමහර කාල එනවා…
අපිට තනියෙම දරාගන්න වෙන…

වැටෙන්න ප්‍රශ්න ඒයි. ඒත් දරාගෙන ඉමු…

( උපුටාගන්නා ලදී.)

නිමිත්ත: මහලු නිවාසයක රෝගතුරව මියගිය දෙනෙත් අන්ධ පියකුගේ දින පොතක් මහලු නිවාසයේ භාරකරුවන් තැපෑලෙන් ඔහුගේ පුතුට එවා තිබුන...
12/01/2023

නිමිත්ත: මහලු නිවාසයක රෝගතුරව මියගිය දෙනෙත් අන්ධ පියකුගේ දින පොතක් මහලු නිවාසයේ භාරකරුවන් තැපෑලෙන් ඔහුගේ පුතුට එවා තිබුනි.එහි සදහන්ව තිබූ සංවේදී සිදුවීම..
( මා අසා ඇති කතාවක් ඇසුරෙන් අකුරු කලෙමි )
*********************************************
මං තමයි - පොඩි පුතේ
උඹෙ අන්ධ - තාත්තා...
උඹෙ අඹුව - මට කිව්වෙ
පොට්ට කුදු - මහල්ලා...
අන්ධ වුනෙ - ඇයි කියා
ඈ දන්නෙ - නැති නිසා...
නෑහුනා වගෙ - හිටියෙ
මගෙ කරුමෙ - බව සිතා...
මතකයිද - පොඩි පුතේ
අපි එදා - බය වුණා..
අපි ගියපු - වාහනේ
මහ වැවට - පෙරලුනා...
නුඹෙ අම්ම - ඒ මොහොතෙ
වැව් පතුලෙ - හැන්ගුනා...
නුඹ එක්ක - මං පුතේ
මේ ලෝකෙ - තනි වුණා...
මට වාරු - නැති වුනේ
නුඹ අන්ධ - බව අසා...
මට තිබුණු - මේ ලෝකෙ
සේසතම - නුඹ නිසා...
මගෙ දෙඇස් - නුඹ නමින්
මං පුතේ - වෙන් කලා...
ඒ බවක් - පොඩි පුතේ
මං උඹට - හැන්ගුවා...
නුඹෙ අඹුව - බනින විට
මගෙ අන්ධ - බව කියා...
හිත මගේ - පිච්චුනත්
මං හුගක් - ඉවසුවා...
උඹෙ දරුවො - මං ලගට
එන විටදි - නවතලා...
ඈ ගොඩක් - මගේ හිත
පොඩි පුතේ - රිද්දුවා...
මේ දඹර - වලකන්න
උත්තරේ - ලෙස එදා...
මේ වහල - යට මාව
උඹ පුතේ - තනි කලා...
දැන් මගේ - ජිවිතේ
අවසාන - ටික නිසා...
තුන් වේල - ගත උනේ
බණ පොතේ - අත තියා...
මගෙ හුස්ම - නැවතුනත්
මේ වහල - යට මෙදා...
රත්තරං - පොඩි පුතේ
මං උඹට - පෙම් කලා...
දැනෙන විට - ලොකු දුකක්
නුඹෙ හිතම - රිදවලා...
වහ ගනින් - ඇස් දෙකම
නුඹ ලගයි - තාත්තා...

හෙට ඉඳන් සයනයත් පාලුයිඉන්නෙ කොහොමද ඉවසලා...සඳ ගිහින් බැස මගේ ලෝකෙන්අමාවක ඇත රජවෙලා...මගින් හැරිලා ගියේ කොහොමද කියනවද හීන...
10/01/2023

හෙට ඉඳන් සයනයත් පාලුයි
ඉන්නෙ කොහොමද ඉවසලා...
සඳ ගිහින් බැස මගේ ලෝකෙන්
අමාවක ඇත රජවෙලා...
මගින් හැරිලා ගියේ කොහොමද
කියනවද හීනෙං ඇවිල්ලා...
තාම රස්නෙයි නුඹේ නලලත
ආදරෙයි මං ඔන්න ඉම්බා...

ලැබුණු හැම දුක සැප දෙකේදී
සිනාසී මං ළඟින් උන්නූ...
නුඹේ සිනහව ලෝකයක් මට
සෑම වෙහෙසක් පහව ගියපූ...
ඇස් දෙකෙන් මං දැක්ක දෙව්දූ
දමා ගිය පසු ලංව උන්නූ...
තනිවෙලා මං ඉන්නෙ කොහොමද
කියනවද මගෙ සොඳුරු ළන්දූ...

ආදරේ උස කඳු මුදුනකට
මං එක්ක නුඹ ගොඩවෙලා...
ජීවිතේ දුර යන්න පැතුවා
බොහෝ පැතුමන් පුරවලා...
පැතුම් සේරම නිමේෂයකින්
මරුව අරගෙන හැංගුවා...
වැටුණු අන්තිම හුස්ම ඩිංගෙත්
මං එක්ක නුඹ හිනැහුනා...

කනට කොඳුරපු සිහින් හඬ නෑ
හෙට ඉඳන් යලි මට ඇහෙන්නේ...
නුඹ නොමැති උරතලේ පාලුයි
කවුද සුසුමන් ගෙල තබන්නේ...
මුරුගසං වැහි එනව ඈතින්
විදුලි කොටනව පපුව ඇතුලේ...
මාත් එන්නද නුඹේ පස්සෙන්
කළුවරයි විජිතයම මාගේ....

මනෝ විද්‍යාවට අනුව,1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත...
07/01/2023

මනෝ විද්‍යාවට අනුව,

1. කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.

2. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්.

3. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.

4. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න. එයාගෙ ළඟින් ඉන්න. එයාට එක වචනෙකින් හරි උදව්වක් වෙන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

Copied

කිසිදා, කිසිවෙකුට නොතේරෙන ගැහැණියකගේ හදවත.....❤❤කෝපයෙන් කෑ ගසන,ගැහැණියකගේහද තුල,පවසා ගත නොහැකි වේදනාවක් සිරවී තිබිය හැක....
22/12/2022

කිසිදා, කිසිවෙකුට නොතේරෙන ගැහැණියකගේ හදවත.....❤❤

කෝපයෙන් කෑ ගසන,ගැහැණියකගේ
හද තුල,
පවසා ගත නොහැකි වේදනාවක් සිරවී තිබිය හැක.
පිටතට පෙනෙන්නේ ඇගේ කෝපය පමණි.
වේදනාව කිසිවෙක් නොදනී.

අධිකව සිනාසෙන ගැහැණියකගේ හද තුල ,
කිසිවෙක් නොදන්නා කඳුලු කතාවක් සැඟවී
තිබිය හැක.
ලෝකයා දකින්නේ ඇගේ සිනාව පමණි.
කඳුල කිසිවෙක් නොදකී.

බාහිර සමාජය වෛශ්‍යාවක් ලෙස හංවඩු
ගැසූ ගැහැණියකගේ හද තුල,
කිසිවෙකුට කිසිදා නොකියු කතාවක් සැඟවී තිබිය හැක.
සමාජය දකින්නේ ඇගේ කතාවේ, එකම එක
පරිච්ඡේදයක් පමණකි.

අසම්මත ආදරයක පැටලුන ගැහැණියකගේ
හදවත තුල,
කිසිවෙක් නොදුටුව, ආදරයෙන් හදවත හිස්වූ,තනිකමෙන් පීඩා විඳින ගැහැණියක් සිටිය හැක.
ඇයගේ නොමනා හැසිරීම මිස කිසිවෙක් ඇගේ හැඟීම් නොදකී.

අප සමාජය තුල , අනන්ත දුක් ගිනි උහුලමින්,
යුතුකම් පමණක් ඉටුකරන ගැහැණු බොහොමයක් ඇත.
ඔවුන්ගේ ජීවත්ව සිටියදීම මියගිය හදවත කිසිවෙකුට නොපෙනේ.

ගැහැණියකට දෝෂාරෝපණය කිරීමට පෙර කීප වරක් සිතා බලන්න.
බාහිරින් ඔබ දකින ගැහැණියට වඩා බොහෝ
වෙනස් ගැහැණියක් ඇගේ හදවත තුල වේ.
ඇය යශෝධරාවක් හෝ යක්ෂණියක් වන්නේ
ඇයව නිසියාකාරව තේරුම් ගැනීම හෝ නොගැනීම මතයි.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්ත්‍රීත්වයට,මාතෘත්වයට නිසි ගරු සැලකිලි ලැබෙන සමාජ පසුබිමක් තුල හැම ගැහැණියක්ම රැජිනක් මෙන් බබලනු ඇත. ✍

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ  කියයි. “මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක්...
17/12/2022

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ කියයි.

“මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක් නැරඹීමට ගියෙමි, ටිකට් පත් සදහා දිගු පෝලිමක් තිබූ අතර අප ඉදිරිපිට සිටියේ දෙමාපියන් සහ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක්.

ඔවුන් දරිද්‍රතාවයෙන් යුතු අය බව පැහැදිලි වූ අතර, ඔවුන්ගේ ඇඳුම් පරණ නමුත් පිරිසිදුයි. සර්කස් ගැන පිරිමි ළමයින් කතා කරන විට ඔවුන්ගේ පියා ඉතා සතුටු සිතින් සිටියේය.

තම වාරය පැමිණි විට ඔවුන්ගේ පියා ටිකට් මිල ඇසීය අයකැමි ටිකට් මිල ගණන් ඔහුට පැවසූ විට, මිනිසා ගොත ගසමින් හැරී තම බිරිඳගේ කනට යමක් කීවේය.

"ලැජ්ජාව නිසා එය පහසුවෙන් කියවිය හැකි විය."

හදිසියේම, මගේ පියා සාක්කුවෙන් ඩොලර් 20 ක් ගෙන එය බිමට විසි කළේය. මගේ පියා නැමී එය අතට ගෙන මිනිසාගේ උරහිසට අත තබා මෙසේ කීවේය. "ඔයාගේ සල්ලි වැටුනා සර් ..."

ඒ මිනිසා මගේ පියා දෙස බැලූ අතර ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය.

"ස්තුතියි සර්." යැයි පැවසීය.

අනතුරුව තාත්තා මාව අතින් ඇදගෙන පෝලිමෙන් එළියට ආවා. ඒ මිනිසාට දුන් ඩොලර් 20 හැර මගේ පියා සතුව ප්‍රමාණවත් මුදල් නොමැති විය.

එතැන් සිට මම මගේ පියා ගැන ආඩම්බරවීමි. එම මිනිත්තු 2 මගේ ජීවිතයේ මම දුටු හොඳම දර්ශනය විය.

චාලි චැප්ලින්

බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.... 👇කසාද පිරිමින්‍ට පමණයි !!!! 😜☝️1🙂රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්2🙂ඊට පස්...
07/12/2022

බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.... 👇
කසාද පිරිමින්‍ට පමණයි !!!! 😜☝️

1🙂
රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්

2🙂
ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට හිටපන්

3🙂
අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි කරපන්

4🙂
නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්

5🙂
ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්

6🙂
කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රගපාපන්

7🙂
රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගනින්

8🙂
බිරිද හැමදාම නාන්නේ නැත්තේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගනින්

9🙂
ප්‍රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියපන්

10🙂
ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියපන්

11🙂
පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතපන්

12🙂
සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න හිටපන්

13🙂
ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරපන්

14🙂
ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගනින්

15🙂
අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ හිටපන්

16🙂
බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියපන්

17🙂
සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතහැරපන්

18🙂
බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගනින්

19🙂
පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගනින්

20🙂
බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට හිටපන්

21🙂
උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියපන්

22🙂
බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරපන්

23🙂
ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගනින්

24🙂
ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියපන්

25🙂
බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගනින්

***********************************************
බිරිද යනු "සෑම විටම නිවැරදි" කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.

ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්‍රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන් 🙂☝️😍

🥛නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. මස්පිඩු එහෙම පෙරලෙනවද?..හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.♦️අනිවාර්යයෙන්ම...
07/12/2022

🥛නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. මස්පිඩු එහෙම පෙරලෙනවද?..
හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.
♦️අනිවාර්යයෙන්ම කියවන්න.
රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේවි යන මතය දරමිනි.
මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?
මේ සම්බන්ධව හෘද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රතිචාරය මෙසේය :
“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.
දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.
එය අවසාන ප්‍රකාශයට ගැලපේ!
ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!
එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.
හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ වචන ....!
නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:
1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ
2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම - ආහාර දිරවීමට උපකාරී වේ
3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ?
4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)
5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.
6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.
හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!
මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත..
අන්තර් ජාලයෙන් උපුටා ගැනීමකි...

23/11/2022
සමස්ත ලෝකයටම අගනා පාඩමක් කියල දීපු නිහතමානී කලා පවුල.....
22/11/2022

සමස්ත ලෝකයටම අගනා පාඩමක් කියල දීපු නිහතමානී කලා පවුල.....

විශ්වයේ තිතක් වූ අපි..!!💚🧡💛-------------------------------ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනව. අපැහැදිලි...
20/11/2022

විශ්වයේ තිතක් වූ අපි..!!💚🧡💛
-------------------------------
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනව. අපැහැදිලි නම් ටිකක් ලං වෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරුපය ප්‍රසිද්ධ වෙන්නෙ Pale Blue Dot කියන නමෙන්. මේ ඡායාරූපයට වශී වුන කාල් සේගන් නම් විද්‍යාඥයා පහත වචන කීපය ඒ වෙනුවෙන් ලියා තිබුනා. මේ වචන ටික ඇතුලෙ මහ ගොඩක් දේවල් තියෙනව.

"අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න. ඒ තමයි අපි. ඒ තමයි මෙතන. අපේ ගෙදර. ඒ තිත ඇතුලේ තමා ඉන්නේ ඔබ දන්නා සියලුම දෙනා.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජිවත් වෙන්නේ, ජිවත් වුනේ ඒ තිත ඇතුලේ. අපි සතුටු වෙන්නෙත්, වේදනා විඳින්නෙත් ඒක ඇතුලේ ඉඳන්. දහස් ගණන් ආගම්, දර්ශන, ආර්ථික ක්‍රම තියෙන්නේ ඒක ඇතුලේ යි.
දඩයක්කරුවත් - මංකොල්ලකරුවත් දෙන්නම ඉන්නේ ඒකෙ. විරයත් - බයගුල්ලත් ඉන්නේ ඒකෙ. ශිෂ්ටාචාරය හදන්නෙත් ඒකෙ - විනාශ කරන්නෙත් ඒකෙ. රජවරු, වහල්ලු, මව් වරු, පියවරු, ගුරුවරු, සංචාරකයෝ, ප්‍රේමයෙන් වෙලුණු තරුණ ජෝඩු, බලාපොරොත්තු පිරුණු දරු පැටවු, දුෂිත දේශපාලකයෝ, සුපර් ස්ටාර් ලා, එකාධිපතියෝ, ශාන්තුවරු, පවුකාරයෝ ඔක්කොම ඉන්නේ අර පේන පුංචිම පුංචි තිත ඇතුලේ. අපේ පෘථිවිය කියන්නේ විශ්වය ඇතුලේ බොහොම පුංචි තිතක්. නමුත් හිතන්න මේ මොහොතේත් ඒ තිත ඇතුලේ එක කොනක පදිංචි පිරිසක්ව තවත් කොනක පදිංචි පිරිසක් විසින් ආක්‍රමණය කරමින් ඉන්නවා. මේ පුංචි තිත ඇතුලේ ඒ මායිම් ලකුණු කරන්නවත් බැරි වුනාට ඒ දෙගොල්ලන්ගේ සිත් ඇතුලේ තියන තරහව, ක්‍රෝධය කොච්චර විශාල ඇත්ද?
උන් උන්ව මරාගන්න උන්ට කොච්චර වුවමනාවක් තියනවා ඇත්ද?
ඒ වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවා ඇත්ද?
අර ඇහැට යාන්තන් පේන තිත බෙදා ගන්න බැරුව? "
ඉතිං මිත්‍රවරුනි අන්තිමට මම කියන්න උත්සාහ කරේ මේකයි, ඒ තමයි ඔබ මම අපි හිතන තරම් අපි විශාල වත් දියුණු වත් නැහැ. මේ තිතට වඩා ගොඩක් දියුණු ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනව. මේ තිත ඇතුලෙ ඉන්න ඔබෙන් මම එක දෙයක් විතරක් ඉල්ලන්නම්..!
ඔබට යන්නට පුළුවන් තරම් ඉහලට යන්න. ඒත් ඒ වෙනුවෙන් තව කෙනෙක් පහලට ඇද දමන්න තරම් මෝඩයෙක් වෙන්නට එපා. මොකද අපි හැමෝටම වඩා ඉහලින් තවත් බොහෝ දේවල් තියෙනව. ඒක මතක තියාගන්න.!

හෙළයේ මහා ගීත කෝකිලාවීය දේශමාන්‍ය, කලාශූරී ලතා වල්පොල මැතිනියගේ 88 වන උපන්දිනය අදයි. එතුමියට නිදුක්, නීරෝගී සුවපිරි සුබම...
14/11/2022

හෙළයේ මහා ගීත කෝකිලාවීය දේශමාන්‍ය, කලාශූරී ලතා වල්පොල මැතිනියගේ 88 වන උපන්දිනය අදයි. එතුමියට නිදුක්, නීරෝගී සුවපිරි සුබම සුබ උපන්දිනයක්ම වේවා..
සිංහල සිනමා වංශ කථාවේ සිංහල ගීත ගායනය ලාංකීය ගායිකාවන් ගීත ගායනය අරම්භය සනිටුහන් කලේ ලතා වල්පොල මහත්මියයි. 1946 වසරේදී දොලොස් වියැති ලතා වල්පොල ගුවන් විදුලියට එක්වී 1947 දී ප්‍රථම ගීතය ලෙස "කඳුළු දේනේතේ වෑහේනා " ගීතය ගායනා කලා. එතනින් සංගීත ජීවිතය ඇරඹි එතුමිය සිංහල සිනමාවට එක්වන්නේ 1952 වසරේ "එදා රෑ" සිංහල චිත්‍රපටයේ ගීත ගායනා කරමින්ය. යුග ගීත ගායනයෙන් එතුමියට සහාය දුන් අග්‍යගන්‍ය ගායනවේදී ධර්මදාස වල්පොල මහතා සමග 1959 දී යුග දිවිය ඇරඹු එතුමිය දරුවන් සිව්දෙනෙකුගේ දයාබර මවකි. සියළුම දු දරුවන්ට වගේම ඔවුන්ගේ දරුවන්ටද ගීත ගැයිමේ මනා හැකියාවක් සේම ඒ සියළු දෙනාමද ඉතා ජනප්‍රිය ගායක ගායිකාවන්ය. අමිත් වල්පොල, සුනෙත් වල්පොල ,ධම්මිකා වල්පොල සහ චමින්ද වල්පොල එතුමියගේ ගායනයට ඉතා දක්ෂ දු දරුවන්ය.
එදා මෙදා තුර සිංහල ගීතයට, සිංහල චිත්‍රපට ගීතයට වැඩිම ගීත ගනනක් (5000 කට අධික) ගායනා කරමින් සිංහල සංගීතයට උපරිම සේවයක් කල අග්‍රගන්‍ය ගායන ශීල්පී ලතා වල්පොල මහත්මියට දිර්ඝායුෂ සපිරි නිදුක්,නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. චිරං ජයතු ගීත කෝකිලාවියනි෴..

සුරිය මහත්තයා  හාමිනේ එක්ක ඉදන් හිටියේ උත්සව ශාලාවේ කොනකට වෙන්න තිබුණු මේසෙක.ශාලාව පුරා පැතිරිලා තියන  කෘතිම සීතල දෙන්නට...
11/11/2022

සුරිය මහත්තයා හාමිනේ එක්ක ඉදන් හිටියේ උත්සව ශාලාවේ කොනකට වෙන්න තිබුණු මේසෙක.ශාලාව පුරා පැතිරිලා තියන කෘතිම සීතල දෙන්නටම ඔරොත්තු දෙන්නෙ නෑ වගේ. මියුලාවතී හාමිනේ ඔසරි පොට අරගෙන උර වටේ දාගත්තා.සුරිය මහත්තයා ඒ දිහා බලලා වචනයක්වත් කිව්වෙ නැත්තෙ හාමිනේට වැඩි සීතල ඔරොත්තු නොදෙන බව දන්න නිසාමයි.
රවුම් මේසෙ මැද්දට වෙන්න ලොකු පාට පාට මල් පොකුරක් දාලා උස වීදුරු වාස් එක පිරෙන්නම.සුදු පැහැති පිගන්,දිලිසෙන හැදි ගෑරුප්පු,සිහින් උස වීදුරුවක රෝස පැහැති බීම, හැඩට නැවු කළු පැහැ අත් පිස්නා.ඒ අතර බටහිර ක්‍රමයට සකස් කල මේසයෙ රන් පැහැයක් ආලේප කල සුවපහසු පුටුවේ මියුලාවතී හාමිනේ එබීගෙන වගේ ඉදගෙන.සුරිය මහත්තයාට දුක හිතුනා.වැඩිමනක් එලියට පහළියට බහින්නෙ නැති හාමිනේ අද මේ මගුල් ගෙදරට ආවේ තමුන්ගෙ හිත රිද්දන්න බැරි නිසා කියලා ඔහු දන්නවා.එකට වැඩ කරපු හිතවත්ම මිත්‍රයා සුමනසේකරගෙ බාල පුතාගෙ වෙඩින් එක.ඒ ලමයත් එංගලන්තෙ ගිහින් ඉගෙන ගෙන එහෙන්ම ඇති කරගත්තු යාළුකමට කරන කසාදෙ .සුමනසේකර ගෙ මිත්‍රයෝ කියලා මගුල් කිව්වෙ කීපදෙනාටලු.ඒකත් කිව්වෙ ගෙදරට ඇවිත් හාමිනේ අතටම බුලත් දීලා.ඉතින් නෑවිත් කොහොමද..
මගුල් ගේ සම්පුර්ණ බටහිර පන්නෙට බොහොම අලංකාරෙට ලෑස්ති කරලා.අපරාදෙ කියන්න බෑ මනමාල ජෝඩුව පිටරටක ඉගෙන ගත්තා කියලා නෑ සුරිය මහත්තයටයි හාමිනේටයි දෑත් එකතු කරලා අම්මට තාත්තට වදිනවා වගේ වැන්දා. රත්නත්තරේ පිහිටයි කියලා මියුලාවතී හාමිනේ දෙන්නගෙම හිස අත ගෑවා.සුරිය ඉස්කෝලෙ මහත්තයා නොදැක්කා වගේ හිටියා මියුලාවතී ඔසරි පොටේ කොනින් ඇස් දෙකේ තෙත මාත්තු කරනවා.ඒ ලොකු පුතාවයි,දුවවයි මතක් වෙලා කියලා ආයේ අමුතුවෙන් හිතන්න ඕනෙ නෑ...
අඩ ඇදුරු ශාලාවේ බටහිර ගීතයක් ගැයෙනවා .අලුත බැදපු ජෝඩුව එකිනෙකාට තුරුල් වෙලා තාලයට අඩිය තියනවා.උස් හඩින් නැගෙන කතාබහ,වීදුරු ගැටෙන හඩ, රසමසවුළු වගේම මත්පැන් වලින් නැගෙන උණුසුම් සුවඳ අතර කාලය ගතවෙනවා ඉක්මනට..
" ඔන්න සුරි දැං මමත් ඔයා වගේ නිදහස්. ."
සුමනසේකර ඇවිත් වාඩි උනේ එහෙම කියාගෙන.
දැං ඉතින් සුමනෙටත් පුළුවන් අපි දෙන්න වගේ පන්සලකට ගිහින් බනක් භාවනාවක් කරගෙන නිවි සැනසිල්ලෙ ඉන්න..."සුරිය මහත්තයා තමුන්ගෙ පැරණි මිත්‍රයා ගෙ අත තදින් අල්ලාගෙන කිව්වා.කිව්වා නෙමේ කියවුණා.
පරිසරයෙ තිබුණෙ වැහි අඳුරක්. මියුලාවතී හාමිනේ හිටියේ කාරයේ සීට් එකට හේත්තු වෙලා කල්පනාවක.සුරිය මහත්තයා ඒ කල්පනාවට බාධා කලේ නෑ.පියල් මෝටර් රථය බොහොම සෙමින් පැදෙව්වෙ.සුරිය මහත්තයා දුර බැහැරක යද්දි පියල්ව අඩගහගන්නවා වාහනෙ ඩ්‍රයිවර් වැඩේට. ඒක ඔළුවට නිදහස්.සුරිය මහත්තයට කල්පනා වෙන්නෙ උත්සව ශාලාවෙදි මියුලාවතී හාමිනේගෙයි සුමනෙගෙ නෝනාමහත්තයයි අතර උන සුහද කතා බහ.එතනිනුත් සුරිය මහත්තයාගෙ හිත ඇතුලෙන් තාම ඇහෙනවා වගේ මියුලාවතී හාමිනේ ගෙ කටහඩ...
"අපේ දෙන්නමත් පවුල් පිටින් ඒ රටවල් වලම පදිංචි උනාට හිත මෙහෙ..දවසට දෙතුන් විඩේ කතා කරනවා..කෑවද බිව්වාද..වෙලාවට ප්‍රෙෂර් පෙත්ත ගත්තද...ඕවා තමා අහන්නෙ...................

"එනවා කියලා තිබුනා සිංහල අවුරුද්දට..පොඩි උන්ට ඒ කාලෙට ඉස්කෝලලු කියලා ආවේ නෑ...මේ පාර අනිවාර්යයෙන්ම එයි.............
ඔව් ඔව්..මූන බලං කතා කරන්න පුළුවන් නේ..පොඩි උන් ආච්චී සීයා කියලා කෑ ගහනවා..හප්පේ හුරතල් වයස නේ.සූදුම සූදුයි අපේ දුවත් පාටයි නේ ..ඒ පාටම ගිහින් දරු පැටවුන්ටත්....ඒ හැටි සිංහල තේරෙන්නේ නෑ ඒ දරුවන්ට..පෝන් එකට එබිලා අත වනලා ආච්චී කියල යනවා..".............

"අප්පේ...ඔව් ..එක පාරක් මං හදන සව් අළුවා කන්න ආසයි කියලත් සැරයක් ලොකු පුතාට පාර්සලය ක් ඇරියා අපේ මහත්තයා ඒ රටට කාගෙදෝ අතේ...
පියල් මිදුලටම විත් කාරය නවත්වනකම් දෙන්න දෙමහල්ලෝ හිටියේ එකම කල්පනාවක.

කළු පූසි පැටව් එක්කම කොහෙදෝ ඉදලා දුවගෙන ඇවිත් මියුලාවතී හාමිනේගේ දෙපයේ ඇතිල්ලෙනවා.අතු ගාන්න බැරි උනා නිසා අඹ ගහේ කොළ මිදුල පුරාම.පියල් ගියාට පස්සේ සූරිය මහත්තයා කල්පනාවෙන්ම පඩිය නැග්ගා."කිරි කිරි... ගාලා දොර පියන අරිද්දිම පේන්න තියෙන්නෙ ලොකු පුතාගෙයි,දුවගෙයි පවුල් වල පින්තූර .දෙන්නටම දරු පැටව් දෙන්න දෙන්න ඉන්නවා.එකම පාරක් ලංකාවට ඇවිත් ගියා.ඒත් පුතාගෙ පවුලෙ කට්ටිය විතරක්.පොටෝ වල ඉන්නවාට වඩා මුණුපුරු මිනිබිරියෝ දැං ලොකු ඇති..පොටෝ එකත් අවුරුද්දක් වත් පරණ ඇති.මියුලාවතීගෙ වදේටමයි ඒ පින්තූර රාමු කෙරුවේ..ටෙලිපෝන් එක කැඩිලත් සෑහෙන දවසක්.පෙන්ෂන් එකෙන් බේත් වලට වෙනදට වඩා වැඩි වියදම් උන නිසා ටෙලිපෝන් එක හදන වැඩේ කල් ගියේ...සුරිය මහත්තයා බරට හුස්මක් පිටකරා...
මියුලාවතී හාමිනේ කළු පූසිට කතා කරන අඩ ඇහෙනවා.
"මගෙ රන් කැටේ..බඩිගිනිද මගෙ අම්මා..මං උදේ බත් ඩිංගක් දීලා නෙ ගියේ..පාළු හිතුනද දරුවනේ.. මට උඹලව අමතක උනේ නෑ...කෝ ඔහොම හිටිල්ලා...බඩුවක් දෙන්න"
සුරිය මහත්තයා කණ්නාඩි කුට්ටම ගලවලා මගුල් ගෙදරදි මියුලාවතී හාමිනේගේ කතාබහ ඇහිලා ඇස් වලට දැනිලා තිබුන බර නිදහසේ ගලා නොයන්න ඇගිලි වලින් තද කරද්දිම දැක්කේ පේපර් සර්වියට් එකක ඔතන් ආපු කට්ලට් එකක් කෑලි වලට කඩ කඩ පූසිටයි පැටවුන්ටයි කවන මියුලාවතී හාමිනේව....

එයා හරි වෙනස්.......ටීචර් එයාගෙ පන්තියෙ ළමයි හැමෝම උපාධි උත්සවේට අරන් ඇවිත්... දුෂ්කර පාසලක ළමයිට කොළඹ පෙන්නලා කන්න බොන්...
10/11/2022

එයා හරි වෙනස්.......
ටීචර් එයාගෙ පන්තියෙ ළමයි හැමෝම උපාධි උත්සවේට අරන් ඇවිත්... දුෂ්කර පාසලක ළමයිට කොළඹ පෙන්නලා කන්න බොන්න දීලා එක්කගෙන ආවෙ... ළමයින්ට කරන්ට් වද්දන ගුරුවරු ඉන්න සමාජෙක මේ වගේ ටීචර්ලා හරිම ආදර්ශමත්!✌️♥️🥲
Ravindu Wanigasekara Photography 😁

ජීවිත කාලය.....වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනු...
10/11/2022

ජීවිත කාලය.....

වයස අවුරුදු 92ක් පමන වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුනා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුන අයුරක් පෙනුනා....

වයස අවුරුදු 70ක් පමන වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර ගොස් ඇති අතර එයින් පසු මෙපමන කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා....

පැය කීපයක මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටිය ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාසුනු ඔහු හැරමිටියේ ආධාරයෙන් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිනියා...

කාමරයට පැමිනීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා.කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනා සුනා...

"මම එයට ගොඩාක් කැමති" සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්‍යෝගයෙන් ඔහු පැවසුවා...

"මහත්මයා ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ....?, මදක් ඉවසන්න ,තව ටිකකින් අපි ඔබේ කමරයේ." මම ඔහුට කීවා....

"මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා" ඔහු පිලිතුරු දුන්නා....

"සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා,කාමරයට මම කැමතිද නැද්ද කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රදා පවතින්නේ නෑ...එය රදා පවතින්නේ ,මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි."

"මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි,සෑම දිණයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා"

"අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුනු මොහොතේ පටන් යහන මතට වී මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්,එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්"

"ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්...මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන් ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා, පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා" ම්නිසා කීවා .....

ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න....

1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න
2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න
3. ජීවිතය සරල කර ගන්න
4. වැඩියෙන් දෙන්න
5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති ...
09/11/2022

තාත්තෙක් වීම ලේසි නැත. කෙල්ලෙක්ගේ තාත්තා වීම කොහෙත්ම ලේසි නැත. කෙල්ලගේ ජීවිතයේ වීරයා තාත්තා ය. තාත්තාට බැරි මගුලක් නැති බවත්, තාත්තා නොදන්නා මගුලක් නැති බවත්, තාත්තා මාර පොරක් බවත් කෙල්ල සිතා සිටීම ඊට හේතුවයි.

කෙල්ල අම්මා එක්ක දාගන්නා වලි සියල්ලේ ඇරියස් කවර් කරන්නේ තාත්තාගෙනි. අම්මා එපා කියූ සියල්ල කරන්නට පර්මිෂන් ගන්නේ ද තාත්තාගෙනි. එසේ පර්මිෂන් දුන් කළ අම්මා තාත්තා සමග වලි දාගන්නා බව කෙල්ලට අදාල නැත. ඒකිගේ ලෝකයේ වීරයා තාත්තා ය. ඉතිං අම්මා සමග දාගන්නා වලි වලින්ද තාත්තා දිනන බව ඒකිට ෂුවර් ය.

කෙල්ල සමග නිදා ගැනීමද ලේසි නැත. ඒකිය නින්ද යන තෙක් තාත්තාගේ අත පය තිබිය යුත්තේ ඒකිට ඕනෑ හැටියට ය. ඒකි කම්ෆර්ටබල් වනතුරු තාත්තාගේ අතපය හතර එහෙට මෙහෙට අඹරවමින් ඒකිට ඕනෑ කම්ෆර්ටබල් එක ලබා ගන්නා අතර, තාත්තාගේ කම්ෆර්ටබල් එක ඒකිට අදාලම නැත. නින්ද ගිය පසුව ද එය වෙනසක් නොවේ. බොහෝ විට රෑ මැදියමේ දී කෙල්ලගේ කකුල් දෙක ඇත්තේ තාත්තාගේ ඔළුව උඩ ය.නැත්නම් බඩට ඔළුව තියා තාත්තා ඇඳෙන් වැටෙන තුරු තල්ලු කිරීම ද නින්දෙන් කෙල්ල කරන සෙල්ලමකි. ඇහැරෙන ඇහරෙන වාරයක් පාසා ඒකි දෙපයින් ඇන විසි කරනා රෙද්ද ගෙන ඈට පෙරවීම තාත්තලා අනිවාර්යයෙන් කළ යුතු ය. කොච්චර රස්නයක හිටියත් කෙල්ල සීතලේ යැයි තාත්තලාගේ හිත නිතර කියයි.

තාත්තා යන්නේ කොතැනද ඒ ඕනෑම තැනකට එල්ලී ඒමට කෙල්ල දත කට මැදගෙන සිටී. හැන්දෑවට පොඩ්ඩක් සෙට් වෙන්න හැදුවද ඉස්සෙල්ලාම බලන්නේ කෙල්ලගේ මූඩ් එක කොහොමද කියා ය. කෙල්ල ෂේප් නම් අම්මාව ගොඩ දමා ගැනීම සිම්පල් ය.

ඇබ ඇට, බටු ඇට ගානට හිඳිනා කෙල්ලන් ලොකු වෙද්දී උනට අවශ්‍ය කළමණාද වෙනස් වේ. ඒවට තට්ටු වෙන්තේ තාත්තාගේ පර්ස් එකට ය. තාත්තාලගේ පර්ස් එක හිස් කිරීමේ මහත් වූ හැකියාවක් කෙල්ලන් සතුව තිබේ. ඉල්ලන ඉල්ලන ඕනෙ මගුලක් තාත්තා අරන් දෙන බවට කෙල්ලන්ට ඇති විශ්වාසය ඊට හේතුවයි.

තාත්තාට කෙල්ලව වඩාගෙන සිටීමට අම්මා අවසර දෙන කාලය ඉකුත් වීමට දැන් ආසන්න ය. ඒත් තාත්තාට අදටත්, හෙටටත් කෙල්ල කෙල්ලම ය. ඒකී වඩාගෙන යෑමට බැරි උනත් කරේ අත දමාගෙන යාමට හෝ තාත්තාට හිඳිනා හොඳම යාළුවා ය. කෙල්ලගේ හොඳම යාළුවා ද තාත්තා නම් , තාත්තාට කෙල්ල ගැන බය වීමට කිසි හේතුවක් නැත.

මනෝවිද්‍යාවට අනුව,1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.2. ඔවුන් ඔබ සම...
09/11/2022

මනෝවිද්‍යාවට අනුව,

1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.

2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි.

3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.

4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.

5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා

6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.

7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි.

8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත.

9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි.

10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි.
ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි.

11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ.

12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.

13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.

14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය.

15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.

16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය.

17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.

18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.

19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ.

20 නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි.

ඉපිද දියණියකව ,තරුණියක මවක හෝ මොනයම්ම ගැහැණියකව කටු අකුළු මතින් පා තියාරිදුම් සුසුමන් අමතක කරන්වෙර දරන් නැගී සිටි මාවතේ ...
08/11/2022

ඉපිද දියණියකව ,
තරුණියක මවක හෝ
මොනයම්ම ගැහැණියකව
කටු අකුළු මතින් පා තියා
රිදුම් සුසුමන් අමතක කරන්
වෙර දරන් නැගී සිටි මාවතේ ...
ඔබ ම පමණයි දන්නෙ හද
ගැස්ම නුඹෙ හදවතේ
නෑ කිසිවෙකුත් පදවි දෙන්නට
මල් පිරුණු මාවතේ
ඔබ ම ගෙන පළදින්න
මල් ඔටුනු ජීවිතේ ...

Address


Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ස් ව ර - Swara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share