Sri Lanka Association of Professional Communicators

  • Home
  • Sri Lanka Association of Professional Communicators

Sri Lanka Association of Professional Communicators Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Association of Professional Communicators, .

Lakshan Manuranga
22/01/2024

Lakshan Manuranga

Jackson Anthony
10/10/2023

Jackson Anthony

සුබ උපන් දිනයක් හිතාදර සොයුර - දර්ශන මල්දෙණිය ! ❤️💐Dharshana Maldeniya
30/08/2023

සුබ උපන් දිනයක් හිතාදර සොයුර - දර්ශන මල්දෙණිය ! ❤️💐
Dharshana Maldeniya

ඒක පුදගල දිරිගන්වන්නාශතවර්ෂ දෙකකට අධික කාලයක් පුරා දිව යන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව 70  දශකය ආරම්භයත් සමග වඩාත් කතා...
30/07/2023

ඒක පුදගල දිරිගන්වන්නා

ශතවර්ෂ දෙකකට අධික කාලයක් පුරා දිව යන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව 70 දශකය ආරම්භයත් සමග වඩාත් කතාබහට ලක්වන්නේ ටෙස්ට් තත්ත්වය පවා නොතිබුණු කාලයක, මුළු ක්‍රිකට් ලෝකයටම අභියෝග කළ හැකි වීරයන් රැසක් මෙරටින් බිහි වූ නිසාවෙනි. නමුත් එදා අපේ රටෙන් බිහිවුණු ක්‍රිකට් විරුවන් ගැන කතාකළ ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකින් සියලු දෙනා , ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වුණු අපූරු චරිතයක් ගැනත් නිරන්තරව සිහිපත් කළා.ලෝක ක්‍රිකට් වංශ කතාවට "ඒක පුද්ගල දිරිගන්වන්නා" නම් වූ අපූරු සංකල්පය හදුන්වා දුන් ඔහු, පර්සි අබේසේකරයන්.

තමන්ටම ආවේණික වූ ශෛලියකින්,ක්‍රීඩාවේ ජීව ගුණය සුරකිමින්, ක්‍රීඩකයන්ගේ සහ රටේ ගෞරවය ආරක්ෂා කරමින් , ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ සිත් දිනා ගනිමින් පර්සි අබේසේකරයන් කළ දිරිගැන්වීමේ විප්ලවය මුළු ක්‍රිකට් ලෝකයටම ආදර්ශයක්.

1936 වසරේ අද වැනි දිනක ගාල්ල බූස්ස ප්‍රදේශයේ දී විදුහල්පතිවරයෙක් වූ පියකුට සහ , මුල් ගුරුවරියක් වූ මවකට දාව උපත ලැබූ පර්සි අබේසේකරයන් ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සහ ශාන්ත ඇලෝසියස් විදුහලෙන් සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළා. පාසලේ වයස අවුරුදු 13 න් පහල , 15 න් පහල සහ 17 න් පහල දෙවන පෙල ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පර්සි , ඒ සමයේ දකුණතින් පිටදග පන්දු යවන වමත් පිතිකරුවෙක් .

පාසැල් නිවාසාන්තර ක්‍රීඩා තරඟ සමයේදී තම නිවාසයේ ධජය රැගෙන සහෝදර ක්‍රීඩකයන් දිරිමත් කළ ඔහු , ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරමින් මුලින්ම ක්‍රීඩකයන්ගේ ඡායාරූප එකතු කරන්නට පටන් ගත්තේ යාන්තම් වයස අවුරුදු දහයේදී පමණ.

පර්සි මුල් වරට සිංහ කොඩිය අතින් ගෙන කණ්ඩායම දිරි ගැන්වීම සිදු කරන්නේ 1979 වසරේදී පැවති ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේදීයි. එදා සිට අද දක්වා සිංහ කොඩිය රැගත් පර්සි දක්නට නොලැබුණු මෙරට පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නැති තරම්.

පර්සි අබේසේකරයන් මුල්වරට මට මුණගැහෙන්නේ 1993 වසරේ දී. ඒ එවකට මුද්‍රණයෙන් නිකුත් කෙරුණු "ක්‍රිකට් ලොව"සඟරාව වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා.ඒ සිදුවීමෙන් අදට වසර තිහක් ගත වී අවසන්.නමුත් එදා මා සමඟ ගොඩනඟාගත් මිත්‍රත්වය එලෙසින්ම පවත්වාගෙන යාමේ සුහදශීලී බවක් බවක් ආදරණීය පර්සි අංකල් තුළ තිබීම විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණක්.

අද දින සිය 87 වෙනි උපන් දිනය අභිමානයෙන් සමරන ආදරණීය "පර්සි අංකල්"ට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි ...!!

නුවන් උදාර කරුණාරත්න

29/06/2023
ලක්ෂාන් මනුරංග, ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවට සහ ලක්විරු ගුවන් විදුලියට සමුදෙයි...මේ පිළිබදව විමසීමේදී, ලක්ෂාන් ප්‍රකාශ කල...
17/06/2023

ලක්ෂාන් මනුරංග, ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවට සහ ලක්විරු ගුවන් විදුලියට සමුදෙයි...

මේ පිළිබදව විමසීමේදී, ලක්ෂාන් ප්‍රකාශ කලේ, "මීඩියා මහගෙදර" හරහා දැයේ දරුවන්ගේ හැකියාවන් ඉහල නැංවීමේ කාර්යය වෙනුවෙන් මූලිකත්වය ලබාදීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි....

වසරේ විධායක නිලධාරීනිය ,චේතනා ලියනගේ'කැපිටල් මහරාජා සමූහයේ 43වන 'විධායක නිලධාරී සම්මාන උළලේ'දී, වසරේ විධායක නිලධාරීනිය ...
16/06/2023

වසරේ විධායක නිලධාරීනිය ,චේතනා ලියනගේ

'කැපිටල් මහරාජා සමූහයේ 43වන 'විධායක නිලධාරී සම්මාන උළලේ'දී, වසරේ විධායක නිලධාරීනිය ලෙස 'චේතනා ලියනගේ' මහත්මිය සම්මාන ලැබුවා ය..

උපන් හැදුණු - වැඩුණු ගමෙන් ලැබිය හැකි උපරිම ගෞරවාදරයට පාත්‍ර වුනෙමි.. 🙏❤️ඓතිහාසික රුහුණු මාගම්පත්තුවේ අපරැක්ක ග්‍රාමය ඔබ...
10/06/2023

උපන් හැදුණු - වැඩුණු ගමෙන් ලැබිය හැකි උපරිම ගෞරවාදරයට පාත්‍ර වුනෙමි.. 🙏❤️

ඓතිහාසික රුහුණු මාගම්පත්තුවේ අපරැක්ක ග්‍රාමය ඔබ සියල්ලන් දන්නා හඳුනන ග්‍රාමයකි. ගමේ ඉපැරැණි විහාරස්ථානයක් වන උඩ අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම විහාරස්ථානයේ වාර්ෂිකව අපගේ අනුබුදු මහා මහින්ද සමිඳුන්ට කෘතගුණ පූජා පිණිස පවත්වාගෙන ආ පෙරහැර මංගල්‍යය අන් කවරදාටත් වඩා ඉහලින් රන්දෝලි මහා පෙරහැර මංගල්‍යයක් ලෙසින් සියළු පෙරහැර අංගයන්ගෙන් සමන්විතව සිද්ධ කරන්නට මෙවර විහාරස්ථානයේ අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය තීරණය කල මොහොතේ,

බස්නායක නිලමේවරුන් තිදෙනා අතරට මගේ නමද යෝජනා කල ගමේ අපේ සහෝදර ජනතාවටත් ඒ සඳහා ආශීර්වාද කල මාතර උඩඅපරැක්ක ශ්‍රී සේපාලිකාරාමය, යටියන නිමලාවත්‍ත ශ්‍රී සුනන්දරාමය මඩිහ ශ්‍රි සුදර්මාරාමය යන විහාරත්‍රයාධිපති විශ්‍රාමලත් ප්‍රවීණාචාර්‍ය් අති ගරු දෙනගම සාරානන්ද ලොකුහාමුදුරුවන් වහන්සේටත් උඩ අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක, විචිත්‍ර ධර්ම කථික කුඩාබැදිගම සුමන හිමිපාණන් වහන්සේත් ප්‍රමුඛ මහාසංඝරත්නයටත් හිස නමා ගෞරවය පුදකරන්නෙමි.

මෙවර පෙරහැර මංගල්‍යය අලි ඇතුන් 05 දෙනෙකු සමඟින් 50කට අධික විචිත්‍රවත් පෙරහැර අංගයන් රැසකින් සමලංකෘතව රන්දෝලි මහ පෙරහැරක් ලෙසින් පසුගිය සඳුදා රාත්‍රියේ වීථි සංචාරය කරන්නට අපට හැකිවිය..

ඒ සඳහා කටයුතු සූදානම් කළ සංවිධාන ශක්තිය ලබාදුන්, ආධාර උපකාර සිදුකල ගම්වාසී අවට ගම්වාසී විහාරස්ථානයේ සතරපේරුවේ දායක කාරක ආදීන්, රාජ්‍ය නිලධාරීන්, හමුදාව, පොලීසිය ඇතුළු සියල්ලන්ටම අපගේ ගෞරවය පුණ්‍යානුමෝදනාව මෙලෙස සිදුකරන්නෙමු.

ලක්ෂාන් මනුරංග

මතකයි  "ඉවාන් පවුලුෂා" මේ  ගීතය අවුරුදු 27 ක් පරණයි. පද ගැලපුවේ චාරුක සුරවීර. සංගීතය , ප්‍රියන්ත ඩිරෙක්ස්. ගායනය, අප්සරා...
08/06/2023

මතකයි "ඉවාන් පවුලුෂා"

මේ ගීතය අවුරුදු 27 ක් පරණයි. පද ගැලපුවේ චාරුක සුරවීර. සංගීතය , ප්‍රියන්ත ඩිරෙක්ස්. ගායනය, අප්සරා ද සිල්වා. කොළඹ විශ්ව විද්‍යාල එක්ක බැදිච්ච කලා නිර්මාණයක්...

අන්තර් විශ්ව විද්‍යාල නාට්‍ය තරගාවලිය මේ ගීතයට දායක වෙන්න මට මග විවර කලා. ඒ අනුවයි මම ඉවාන් පව්ලුෂා උනේ....

ගීතයට රංගනයෙන් එක්වුන නිශාන්ත කහවිට අද රූපවාහිනී නිවේදකයෙක්. කුමාර ලියනගේ ප්‍රවීන ගීත රචකයෙක්.

ජාතික රූපවාහිනීයේ විකාශය වූ "යාත්‍රා" ජනප්‍රිය සංගීත වැඩසටහන වෙනුවෙන් මේ ගීතය රූපරචනය උනේ.. වැඩසටහන ඉදිරිපත් කලේ සෞම්‍ය ලියනගේ සහ ගිහාන් ප්‍රනාන්දු . නිර්මාණ අධ්‍යක්ෂනය ෂෙනේශ් බන්ඩාර දිසානායක .

විශ්ව විද්‍යාල කාලේ අප්සරා මගෙ හොදම යාලුවෙක් . ගීතය නිර්මාණය කලේ නුවර එළියේ... නිර්මාණය නිම කරල අපි කොළඹ ආවා... ගීතය රූපවාහිනීයේ ප්‍රචාරය උනා.. රසිකයින් අතරේ ජනප්‍රිය උනා.. නමුත්, අප්සරා.. එදායින් පස්සේ අද වෙනකල් මට මුනගැහුනේ නෑ...

පියල් ගුනවර්ධන
08/06/2023

https://youtu.be/TRewRYxOYmw

දවස් 5ක් වගේ දැනෙන අවුරුදු 5ක්...හේම නලින් කරුණාරත්න, හරිම වෙනස් හිතක් තිබ්බ සුන්දර මනුස්සයෙක්. එහෙම කියන්නේ ඕනම මනුස්සය...
06/06/2023

දවස් 5ක් වගේ දැනෙන අවුරුදු 5ක්...

හේම නලින් කරුණාරත්න, හරිම වෙනස් හිතක් තිබ්බ සුන්දර මනුස්සයෙක්.

එහෙම කියන්නේ ඕනම මනුස්සයෙක් දිහා , ප්‍රශ්නයක් දිහා, සතාසීපාවා දිහා බැලුවේ වෙනස් විදිහකට, සමහරවිට අපට ඒ දේවල් වල අරුත පේන්නේ ටිකක් පමා වෙලා. ගුරුවරයෙක් විදිහට කතා කරන වචනයක, ඒ කතා කරන විදිහේ, කතා කරන හැඩයෙන් විතරක් නෙවෙයි, බලන බැල්ම තුල පවා ඉගෙන ගන්න හුගක් දේවල් තිබුණු කෙනෙක්.

කොයි තරම් රාජකාරි බහුල කෙනෙකුවුනත් රෑ දහයට එකොළහට වැඩ අවසන් වෙලා කොළඹ ඉදල වාද්දුවට මහ රෑ යන්නේ අම්මා බලන්න. මේ ගමන්වලදී අපිවත් එකතු කරගන්නවා. අම්මා එක්ක අයියා එක්ක ගිහින් කරන කතාබහ, ඒ දේවල් හරිම වෙනස් ආදරණීයයි, වෙලාවකට පාන්දර වෙනකල් සාලෙ මැද පුටුවක අම්ම ලඟ නින්ද ගිහින්...

එන්න එන ගමන් අපිත් එක්ක කියන්නේ මේ වැඩත් එක්ක තියෙන ඔලුවෙ බර නිදහස් වන්නේ අම්ම ලඟට ඇවිල්ල යන්න වෙලාවේ තමයි කියලා.

මාධ්‍ය ක්ෂේත්‍රයට අපි වගේ බොහෝ පිරිසක් එකතු කළ බව කවුරුත් දන්නවා. ඒ විතරක් නෙවෙයි සංගීත ලෝකයට, ගායන ක්ෂේත්‍රයට තවත් විවිධ පැතිකඩයන් වලට දක්ෂතා තියන පිරිස් එකතු කරන්නට ලොකු කැමැත්තක් සහ උත්සාහයක් තිබුණ, සුවිශේෂී කෙනෙක්. අද ඉන්න සමහරක් අයගේ මූලික අඩිතාලම දාලා දෙන්නේ හේමනලින් කරුණාරත්න.

අවස්ථා කිහිපයක එහෙම උදව් කරන්න ගිහිල්ලා පස්සෙ කාලෙක වෙච්ච අලාභහානි සුළුපටු නැහැ, සමහර නොමිනිසුන් නිසා. හැබැයි ඒවා ගැනත් ඒ මිනිස්සු ගැනත් අහිතක් හිතුවෙ නෑ.

ගුරුවරයෙක් විදිහට විවිධ ක්‍රමවේද තුළින් බොහෝ දේ ඉගැන්නුවා සහ ඉගෙන ගන්න පාර පෙන්වා.

සමහර වැඩසටහන් ඔහුට ඕන මට්ටමකට අපෙන් ඉදිරිපත් නොවුණු වෙලාවල්වල ඇඩෙන්න අහගත්ත අවස්ථා තියෙනවා. ඒ තරමටම සමහර වෙලාවට දරුණු ගුරුවරයෙක් වෙනවා,
තවත් වෙලාවක සහෝදරයෙක් වගේ, තවත් වෙලාවක අම්ම තාත්ත වගේ, තව වෙලාවක යාලුවෙක් වගේ. කොහොම වුණත් මාධ්‍ය තුළ ඉඩකඩ ලබා දීමේදී හුඟක් දේවල් සම්පූර්ණ කරගන්න ඕන.

ඒ නිසාම ඒ දවස්වල ඒවා අපට දැනෙන්නේ මහා කට්ටක් විදියට. අවුරුදු දෙකක් පඩියක් නැතිව පුහුණුවීම් ස්වර්ණවහිණී නාලිකාවේ. ඒ අතර නිවේදකයෙක් වෙන්න කොළඹට ආපු මට කියන කතාව තමයි තරංග මාධ්‍යයේ හරි විදිහට ඉස්සරහට යන්න නං හැමදේම ඉගෙනගෙන යන එක තමයි හොඳ.

ඒක නිසා මං වැඩ පටන් ගන්නේ වැඩසටහන් නිෂ්පාදන සහාය කියන තැනින් පසුව නිෂ්පාදකවරයෙක් , නිවේදකයෙක් විදිහට ස්වර්ණවාහිණියේ ඉන්නකොට හේමනලින් මහතා පටන් ගන්න HTV, Heritage Television, උරුමයේ නාලිකාවට ආරාධනා කරන්නේ, එය උඩුගම්බලා යන ගමනක්. හැබැයි මාධයේ හැම පැත්තක්ම ඉගෙන ගන්න පුළුවන් ප්‍රායෝගික විශ්ව විද්‍යාලයක් වෙනවා බොහෝදෙනෙකුට.

මෙරට විතරක් නෙවෙයි පිට රටවල් ගණනාවක අපට ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. HTV නාලිකාව සහ HTV Academy හරහා බිහිවුණු පිරිස අතිවිශාලයි.

මේ සියලු දේ අතර පරිසරයට සොබාදහමට, සංචාරයට මේ තරම් ළැදිව බොහෝ දෙනාගේ ආදරය දිනා ගන්න පුළුවන් දේවල් සිදු කරන්න අවස්ථාව ලැබුණේ වෙන කවුරුවත් නිසා නෙවෙයි හේමනලින් කරුණාරත්න ආදරණීය ගුරුතුමා නිසා.

හිතට 7ට හදවතට, 9.5 , සුන්දර සෙනසුරාදා බොහෝදෙනෙකුට අදත් සොඳුරු මතක. හැබැයි බොහෝ දෙනාගේ හිතට හදවතට සුන්දරව ලංවුන මේ සොඳුරු සිත්තම් මවන්නා, අදත් ටිකක් දුරක ඉදන් මාධ්‍යයේ සොඳුරු හරවත් දේ කරන දන්න නොදන්න දුටු නොදුටු ඕන කෙනෙකුට හදවතින්ම ආශිර්වාද කරන බව, සක්සුදක් සේ විශ්වාස කරන මම,

තරංග ප්‍රසාද් හේරත්.
05/06/2023

ජ්‍යේෂ්ඨ සන්නිවේදක ආරියසිරි විතානගේ, ස්වාධීන රූපවාහිනී සේවයේ වසර 44 ක සොදුරු මතකයන් සමගින් ......
05/06/2023

ජ්‍යේෂ්ඨ සන්නිවේදක ආරියසිරි විතානගේ, ස්වාධීන රූපවාහිනී සේවයේ වසර 44 ක සොදුරු මතකයන් සමගින් ......

සුබ උපන් දිනයක් වේවා.!
03/06/2023

සුබ උපන් දිනයක් වේවා.!

නිලාර් සහ විදුර එකම ස්ත්‍රියකගෙන් බෞතිස්ම වෙලා!මේ රට මගෙ රට මැයෙන් විශාරද මාලිනී බුලත්සිංහල සහ එච් එම් ජයවර්ධන අනුමස්මරණ...
03/06/2023

නිලාර් සහ විදුර එකම ස්ත්‍රියකගෙන් බෞතිස්ම වෙලා!

මේ රට මගෙ රට මැයෙන් විශාරද මාලිනී බුලත්සිංහල සහ එච් එම් ජයවර්ධන අනුමස්මරණ උලෙළක් පසුගියදා පැවැත් වුණේ ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී.

එහිදී අනාවරණ වුණේ සන්නිවේදත නිලාර් එන් කාසිම් සහ සන්නිවේදක විදුර ඩයස් අභයගුණවර්ධන ගීත රචකයින් ලෙස කරලියට පිවිස ඇත්තේ විශාරද මාලිනී බුලත්සිංහල මහත්මියට ගීත ලිවීමෙන් බවය.

මෙම උලෙළේ සජීවීව ඔවුන් දෙදෙනාම ඒ සඳහා බාවිත කළ යෙදුම වූයේ අපි ගීත රචකයින් ලෙස ‘බෞතිස්ම කරන ලද්දේ’ විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය බවය. Nilar N. Cassim විදුර තුල්සි ඩයස් අභයගුණවර්ධන 🖊️

අද මගේ වගේම තවත් ගීත රචකයන් ගණනාවකගෙ උපන් දිනය.ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කරුණාරත්න අබේ...
03/06/2023

අද මගේ වගේම තවත් ගීත රචකයන් ගණනාවකගෙ උපන් දිනය.

ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කරුණාරත්න අබේසේකර සහ ප්‍රේමකීර්ති ද අල්විස්.
දිලීප අබේසේකරගෙත් අද.

ඒ හැමෝමත් සිහිපත් කරමු.

නිලාර් එන් කාසිම්
03/06/2023

ශ්‍රී ලාංකේය වෘත්තීය සන්නිවේදක සංසදයේ විධායක කමිටු සාමාජික නිලාර් එන්. කාසිම් සොදුරු සන්නිවේදකට සුබ උපන්දිනයකට ආසිරි පැත...
03/06/2023

ශ්‍රී ලාංකේය වෘත්තීය සන්නිවේදක සංසදයේ විධායක කමිටු සාමාජික නිලාර් එන්. කාසිම් සොදුරු සන්නිවේදකට සුබ උපන්දිනයකට ආසිරි පැතුම් 🌹🌼🌻

හිෂාන් වැල්මිල්ලට ආචාර්ය උපාධියක් ! ❤️💐ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස ලත් සාර්ථකත්වය උපරිම තලයකට රැගෙනවිත්, ක්‍රීඩා කළමනාකරණය...
01/06/2023

හිෂාන් වැල්මිල්ලට ආචාර්ය උපාධියක් ! ❤️💐
ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස ලත් සාර්ථකත්වය උපරිම තලයකට රැගෙනවිත්, ක්‍රීඩා කළමනාකරණය පිලිබද ආචාර්ය උපාධියෙන් ගෞරවයට පත් අප සංසදයේ සාමාජික හිෂාන් වැල්මිල්ලට අපගේ උණුසුම් සුබ පැතුම්…!

පෘථිවියට ණය නැති පුෂ්පරත්නය..෴ඉදින් රත්නාවනි, පුෂ්පාවනි, කුමාරියනි, ඔබ සිනහවේ කුමරියයි, ආදරයේ රත්නයයි. තාරුණ්‍යයේ පුෂ්පය...
29/05/2023

පෘථිවියට ණය නැති පුෂ්පරත්නය..෴
ඉදින් රත්නාවනි, පුෂ්පාවනි, කුමාරියනි, ඔබ සිනහවේ කුමරියයි, ආදරයේ රත්නයයි. තාරුණ්‍යයේ පුෂ්පයයි.

ඔබට සුබ ගමන්!!!

විශ්වය මත පහළවන ඕනෑම මිනිසකු ස්වකීය ජීවිතයේ පූර්ණත්වයට පත් වූ පසු නික්ම යන්නේ සැහැල්ලුවෙන්, මහත් අස්වැසිල්ලකින්. සෞන්දර්...
31/03/2023

විශ්වය මත පහළවන ඕනෑම මිනිසකු ස්වකීය ජීවිතයේ පූර්ණත්වයට පත් වූ පසු නික්ම යන්නේ සැහැල්ලුවෙන්, මහත් අස්වැසිල්ලකින්. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල කුලපති මහචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා වනාහී එවන් පූර්ණ මිනිසෙක් මෙන්ම අග්‍රගණ්‍ය සංස්කෘතික මානවකයෙක්. ඉදින් ඔහු තුළ මේ මොහොතේ නිසැකවම ඇති නිරාමිස සැහැල්ලුව අස්වැසිල්ල කෙතරම්දැයි ගිණිය නොහැක.

එහෙත් එතුමන්ගේ ආදරණීය පවුලේ සහ සුවහසක් සහෘද රසික නෑදෑ හිතවත් ශිෂ්‍ය ශිෂ්‍යා ප්‍රජාවේ කිසිවකුට තම හෘදයේ උපදින හිඩැස සදාකාලික වේදනාවකින් පිරෙනු ඇත.

අපිදු එකී වේදනාවෙන් නමුත් අප්‍රමාණ කෘතවේදී හැඟීමෙන් එතුමන්ට සමුදෙන්නෙමු!

හෘදයාංගම සුබ පැතුම්.! ❤️💐🎉
09/02/2023

හෘදයාංගම සුබ පැතුම්.! ❤️💐🎉

දුකට කරදරයට හැමදාමත් බොදුනු අපහට පිහිට සලසන්නේ උතුම් තුණුරුවනයි. අප ශ්‍රී ලාංකේය වෘත්තීය සන්නිවේදක සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජි...
05/02/2023

දුකට කරදරයට හැමදාමත් බොදුනු අපහට පිහිට සලසන්නේ උතුම් තුණුරුවනයි. අප ශ්‍රී ලාංකේය වෘත්තීය සන්නිවේදක සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවක් වන අප හිතාදර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී , මනෝ විද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය මේ දිනවල අසනීප තත්වයකින් පීඩා විදිනා බව ඔබ සියල්ලන්ම දන්නා කරුණකි. ඇයට ඉක්මන් සුවය නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්, පෙබරවාරි 04 වනදා එනම් ඊයේ දින, කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වූ ආශීර්වාදාත්මක සිරි ගෞතම බෝධි වන්දනාවේ පින්බර දසුන් කිහිපයකුයි මේ ඔබ දකින්නේ..

මේ පුණ්‍යානුභාවයෙන්, සිරි ගෞතම බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් අපට මවක් බඳු බොහෝ සන්නිවේදකයන් දැයට දායාද කරන්නට මගපෙන්වූ එතුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා.!

වන්දනාව සඳහා අවශ්‍ය සියළු කටයුතු බොහෝම කරුණාවෙන් සූදානම් කර අනුශාසනා සිදුකල, වන්දනාව පැවැත්වූ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සංඝ උප්ස්ථායක පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අප ප්‍රථම කොට ගෞරව නමස්කාරය සිදුකල යුතුමය. එමෙන්ම වන්දනාව සංවිධානය කළ ශ්‍රී ලාංකේය වෘත්තීය සන්නිවේදක සංසදයේ උපකාර කළ, පැමිණ සහභාගී වූ, දැක බලා සතුටු වන පින්වන්ත සාමාජික පිරිසටත් මේ සියළු පින් එකලෙසින්ම අනුමෝදන් වෙත්වා !

මෙත් සිතින් ඔබට ආරාධනා.!
01/02/2023

මෙත් සිතින් ඔබට ආරාධනා.!

Happy Birthday Lakshan Manuranga 🎉🎊
21/01/2023

Happy Birthday Lakshan Manuranga 🎉🎊

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Association of Professional Communicators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share