02/02/2020
කාලෙන් කාලෙට ලෝකෙ විවිධ වසංගත පැතිරෙන එක සාමාන්‍ය දෙයක්. කුරුළු උණ, සූකර උණ , සාස් වගේ වසංගත උදාහරණ විදිහට ගන්න පුලුවන්. ඒ වගේම තමයි මේ දවස් වල චීනයේ වූහාන් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැතිරෙන 2019 නව කොරෝනා වසංගතයත් උදාහරණයක් වීදිහට ගන්න පුලුවන්. මේ කොරෝනා වසංගත එක්ක කතාවට ලක් උන තවත් දෙයක් තමයි අවුරුදු 100න් 100ට වසංගතක් ඇවිල්ල පෘතුවියේ ජනගහනය ස්වාභාවිකව පාලනය වෙනව කියල. ඉතින් අද අපි බලමු එහෙම 1918ත් 1920ත් අතර කාලයේ තිබුන වසංගතයක් ගැන.මේක h1n1වෛරසයෙන් හැදුනත් හැමෝම මේක හැඳින්වුවේ ස්පාඤ්ඤ ඉන්ෆ්ලූවන්සාව කියල.
⏩ මෙම වසංගතය නිසා ලෝක ජනගහනයෙන් මිලියන 50ත් 100ත් අතර පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා වෙනවා.එච්1එන්1 වෛරසය නිසා සිරුරේ සෛල විනාශ වීම නිසා මරණය සිදු වෙලා තියෙන්නෙ ඒ වගේම වැඩිවශයෙන්ම ආසාදනයට ලක් වෙලා තියෙන්නෙ පෙණහළු සෛලය. ප්‍රතිශක්තිකරණ ශක්තිය අනවශ්‍ය පරිදි උත්තේජනය වෙලා ශරීරගත ප්‍රෝටීන පෙනහළු පටක මතට කාන්දු වී එහි සෛල විනාශ වීම රෝගයේ ලක්ෂණ ලෙස හඳුනා ගන්න පුලුවන්. රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීමෙන් ඔහු මරණයට පත් වීම සිදු උනා.
⏩මේ කාලය වෙද්දි ලෝකේ තිබුන එකම අර්බුදය මේ වසංගතය විතරක් නෙවෙයි. මේ වසංගතය ආරම්භ උන 1918 කියන්නෙ පලවෙනි ලෝක යුද්ධයේ උච්චාතම අවස්තාව වගේම යුද්ධයේ අවසාන භාගය ඒ නිසා සිවිල් ජනයාගේ සහ සොල්දාදුවන්ගේ චිත්තධෛර්යය බිඳ වැටීම වළක්වා ගැනීමට ජර්මනිය, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ඇමෙරිකාව රටවල් පුවත්පත්වල වසංගතය හා මරණ සම්බන්ධ වාර්තා පළ කිරීමට වාරණයක් දැමුවා. එහෙත් මධ්‍යස්ථ රටක් උන ස්පාඤ්ඤයේ පුවත්පත්වලට එවැනි වාරණයක් තිබුණෙ නෑ. පළමුවන ලෝක යුද්ධයේදී සටන් කළ හමුදා භටයන්ගෙන් විශාල පිරිසක් මෙම රෝගයෙන් මැරුන බවට වන වාර්තා පළ කළ එකම යුරෝපා රාජ්‍යය වූයේ ස්පාඤ්ඤයයි. මෙම රෝගයට ‘ස්පාඤ්ඤ ඉන්ෆ්ලුඑන්සාව’ යන නම පටබැඳෙන්න හේතුව උනෙත් එරට පුවත්පත් මගින් රෝගය හා මරණ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාදීම නිසා කියල කියන්න පුලුවන්.
⏩මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ ඇමෙරිකාවේ කැන්සාස්හි පිහිටි රයිලි බලකොටුව ආසන්නයේ පිහිටි ෆන්ස්ටන් හමුදා කඳවුරෙන් බවට මතයක් තියෙනවා. ෆන්ස්ටන් හමුදා කඳවුර පළමුවැනි ලෝක යුද්ධයට සහභාගී වූ ඇමෙරිකානු සෙබළුන් හට පුහුණුව ලබා දුන් ප්‍රධාන කඳවුරක්. එම කඳවුරේ පළමු රෝගියා ලෙස එහි අරක්කැමියෙකු 1918 මාර්තු මාසයේදී හඳුනාගත් බවයි වාර්තාවල සඳහන් වෙන්නෙ.
⏩සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුඑන්සා රෝගයෙන් මරණයට පත්වනුයේ මහල්ලන් සහ ළදරුවන් වුවත් මෙම වෛරසයෙන් මිය ගියේ තරුණ වියේ පසු වූ පුද්ගලයන්ය.1918 කාලයේ නිකුත් කෙරුණු වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් මෑත කාලයේ සිදු කෙරුණු පර්යේෂණයන්ගෙන් අනාවරණ වූයේ මෙම වෛරසය ඉන් පෙර පැවැති වෙනත් වෛරසවලට වඩා දරුණු නොවූවක් බවයි. එහෙත් එවක පැවැති දුර්වල සනීපාරක්ෂක ක්‍රම, මන්දපෝෂණය, රෝහල් සහ වෛද්‍ය කඳවුරුවල පැවැති තදබදය හේතුවෙන් බැක්ටීරියා පහසුවෙන් වර්ධනය වීමෙන් විශාල පිරිසකට මරණය පත් වෙන්න ඇති බවයි.
⏩ මෙම රෝගය පැතිර යන්නේ කිඹුහුම් මගින් සහ කැස්ස මගිනි. පළමුවන ලෝක යුද සමයේ හමුදා භටයන් විශාල පිරිසක් යුද පෙරමුණේදී එකිනෙකාට සමීපව සිටීම නිසා ආසාදිත පුද්ගලයකුගෙන් රෝගය පහසුවෙන් පැතිර යෑමට හැකියාව තියෙනව. පර්යේෂකයෝ අනුමාන කරන්නෙ ප්‍රතිශක්තිය හීන සොල්දුදාවන් අතර මෙය පහසුවෙන් පැතිර යන්නට ඇති බව හා යුද්ධයේ බිහිසුණු බව නිසා ඇතිවූ මානසික ආතතිය හා රසායනික ප්‍රහාර මගින් ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය හීන වන්නට ඇති බවයි.
⏩රෝගයෙන් සිදුවූ මරණ සංඛ්‍යව ස්ථිර වශයෙන්ම ගණනය කරල නැති උනත් රෝගයට ගොදුරු වූ අයගෙන් 20%ක් පමණ මරණයට පත් වූ බවට නිගමනය වෙලා තියෙනව. එමඟින් එවකට ලෝක සමස්ත ජනගහණයෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් එනම් මිලියන 50ත් 100ත් අතර සංඛ්‍යාවක් මරණයට පත් වූයේ මානව සංහතියේ මාරාන්තිකම ස්වාභාවික ආපදාව බවට පත් වෙමිනි.
⏩වෛරසය පැතිරී ගිය පළමු සති 25 ඇතුළත මිලියන 25කට අධික පිරිසක් මරණයට පත් වූ බවට වාර්තා වල සඳහන් වෙනවා. ඉන් මරණ මිලියන 17ක් වාර්තා වෙන්නෙ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවේ බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවැති ප්‍රදේශවල පමණක් මියගිය සංඛ්‍යාව මිලියන 14ක් පමණ වෙනවා. ජපාන ජාතිකයන්ගෙන් මිලියන 23ක් රෝගයට ගොදුරු වූ අතර ඔවුන්ගෙන් 390,000 මිය ගිහිල්ල තියෙනවා. ඕලන්ද නැගෙනහිර ඉන්දියානු කලාපයේ රෝගීන් මිලියන 30ක් වාර්තා වූ අතර ඉන් මිලියන 1.5ක් මරණයට පත් වෙලා තියෙනවා. තහිටියේ සමස්ත ජනගහනයෙන් 13%ක් මසක් ඇතුළත මරණයට පත් වෙලා තියෙනවා. සමෝවාවේ සමස්ත ජනගහණයෙන් 22% නොහොත් 38,000 පිරිසක් මාස දෙකක් ඇතුළත මිය ගිහිල්ල තියෙනව. ඇමෙරිකානු එක්සත් ජනපදයේ සමස්ත ජනගහනයෙන් 28%ක් ආසාදනයට ලක් වූ අතර ඔවුන්ගෙන් 500,000ත් 675,000ත් අතර පිරිසක් මරණයට පත් වෙලා තියෙනවා. ඇලස්කාවේ ගම්බද ජනගහනයෙන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර කැනඩාවේ 50,000ක්ද, බ්‍රසිලයේ ජනාධිපති රොඞ්රිගෝ ඇල්වෙස් ඇතුළු 300,000ක්ද බි්‍රතාන්‍යයේ 250,000ක්ද ප්‍රංශයේ 400,000කට අධික පිරිසක්ද, ඝානාවේ 100,000ද ඔස්ටේ්‍රලියාවේ 12,000ද වශයෙන් මරණයට පත් වෙලා තියෙනවා. පැසිපික් සාගරයේ ඇමෙරිකානු සැවෝමා සහ ප්‍රංශ කොලනියක් වූ නව කැලිඩෝනියාවේ එකදු මරණයක් හෝ වාර්තා වෙලා නෑ. ඒ වගේම රෝගය පැතිරයාමෙන් වැළකුණු එකම රට වූයේ බ්‍රසිලයේ ඇමසන් ගඟේ ඩෙල්ටාවේ හුදෙකලා දිවයිනක් වූ මරායෝ රාජ්‍යය විතරයි.
මේ වගේ කාලෙන් කාලෙට විවිධ අභියෝග ව්ලට මනුෂ්‍යවර්ගයාට මුහුණ දෙන්න වෙලා තියෙනවා.ඉතින් අපි බලමු මනුෂ්‍යවර්ගයාට අනාගතයේ මොන වගේ අභියෝග ලැබේවිද කියල .
පේජ් එකට ලයික් එකකුත් දාන්න 💪🏿✌🏿👍👍
(ඡායාරූප ගූගල් වෙබ් අඩවිය ඇසුරින්)