JSB Film

JSB Film ඉන්දියානු චිත්‍රපට සිංහල උපසිරැසි සමගින්

◾ DAS KA DHAMKI (2023)◾ දාස්ගේ අනතුරු ඇඟවීම◾ ACTION / DRAMA ◾ 6/10 IMDB ◾ SUBTITLES ( CINERU TEAM )හයිඩ්‍රාබාද් වල තරු ප...
09/05/2023

◾ DAS KA DHAMKI (2023)
◾ දාස්ගේ අනතුරු ඇඟවීම
◾ ACTION / DRAMA
◾ 6/10 IMDB
◾ SUBTITLES ( CINERU TEAM )

හයිඩ්‍රාබාද් වල තරු පහේ හෝටලයක වේටර් කෙනෙක් විදියට වැඩ කරන ක්‍රිෂ්ණ දාස්ට වේටර්වරුන්ට සමාජය සලකන හැටි දැකලා.. එයා ඒ වේටර් රස්සාව අතහැරල පොහොසතෙක් වෙන්න හීන මැව්වා. ක්‍රිෂ්ණ දාස්ට උපත දුන් අම්මායි තාත්තයි එයාව හැර ගියාම එයාගෙ දුකට සැපට අම්මයි තාත්තයි උනේ ආදි – සුරේෂ් කියන එයාගේ යාළුවෝ දෙන්නා..දවසකට හරි පොහොසතෙක් විදියට ඉන්න ඕන කියන හිතේ ආසාව පෙරදැරි කරගෙන එයාලගේ වේටර් රස්සාවෙන් ලැබෙන මාස 3ක 4ක පඩියත් වියදම් කරල මෙයාල වැඩ කරන හෝටලයටම දිනක් අමුත්තන් විදියට එනවා. එදා මෙයාලට කෙනෙක් හම්බවෙනවා. ඒ තමයි කීර්ති.. පළමු බැල්මෙන්ම කීර්තිට වසග වෙන ක්‍රිෂ්ණ දාස්.. එක හිතින් කීර්තිට ආදරය කරන්න ගන්නවා. ඒත් ක්‍රිෂ්ණ දාස් දැනන් හිටියේ නෑ , එයා පැටලෙන්න යන්නෙ ලිහාගන්න බැරි ලොකු අවුලක කියල..
එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාලා ෆිල්ම් එක අරන් බලලම ඉන්නකෝ..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/139058722415114/permalink/139071572413829/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1552

◾ GURUDEV HOYSALA (2023)◾ යක්ශයෙක් වැනි ආරක්ෂකයෙක්◾ ACTION / CRIME ◾ 7.3/10 IMDB ◾ SUBTITLES අංජුල උමේෂ්  (CINERU)ගුරුදේ...
07/05/2023

◾ GURUDEV HOYSALA (2023)
◾ යක්ශයෙක් වැනි ආරක්ෂකයෙක්
◾ ACTION / CRIME
◾ 7.3/10 IMDB
◾ SUBTITLES අංජුල උමේෂ් (CINERU)

ගුරුදේව් කියන්නේ අවංක වගේම සෑහෙන්න තද පොලිස් නිළධාරියෙක්..ඉතින් මේ ගුරුදේව්ට කමිෂනර් කැදවීමක් කරලා විශේෂ කේස් එකක් භාරදෙනවා..ඒ තමයි අතුරුදහන් වුණු SI භාර්ගව්ගේ කේස් එක..ඉතින් මේ කේස් එක භාරගත්ත ගුරුදේව් භාරගව් රාජකාරි කරපු Athini වල තියන පොලිස් ස්ටේෂන් එකට මාරුවීමක් අරගෙන අලුත් ඉන්ස්පෙක්ටර් විදියට වැඩ භාරගන්න යනවා..ඉතින් මෙහෙම භාර්ගව්ගේ අතුරුදහන් නඩුවේ වැඩ කටයුතු කරගෙන ඉද්දි සල්ලි වලට ඕන ජරා වැඩක් කරන්න පුලුවන් විදියේ හිතක් තියන Athini පොලිස් ස්ටේෂන් එකේ SHO එහෙමත් නැත්තන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිළධාරියා වුණු සම්පත් රාත්‍රි මුර සංචාරයකදි නිකරුනේ සැක කරලා රවී සහ භූමි කියලා විවාහ වෙන්න හිතන් ගමෙන් පැනලා යන ජෝඩුවක් පොලිස් ස්ටේෂන් එකට අරගෙන එනවා..ඉතින් පහුවදා උදේ ස්ටේෂන් එකට ගුරුදේව් මේ දෙන්නගෙන් විස්තරේ අහගන්නවා..එතකොට දෙන්නම කියන්නේ දෙන්නම අනාථයෝ දෙන්නගේ කැමැත්තෙන් සාමූහික විවාහ උත්සවයක් තියන තැනකට ගිහිල්ලා විවාහ වෙන්න යනවා කියලා..ඒත් සම්පත්ගේ වැඩේ නිසා දෙන්නට ඒක මග ඇරෙනවා..ඉතින් මේකට තරහා ගියපු ගුරුදේව් සම්පත්ට කියනවා එයාගේ වියදමින් ඒ දෙන්නව විවාහ කරවන්න කියලා..ඔන්න ඔහොම භූමියි රවීයි පොලිස් ස්ටේෂන් එකේදිම විවාහ වෙනවා..ඒත් ගුරුදේව් හිතන්න නැතුව ඇති මේ විවාහය කවදාවත් ගමක්ම අවුලවලා දායි කියලා..මොකද මේ විදියට ගුරුදේව්ටත් බොරු කියලා රවී විවාහ කරගෙන තියෙන්නේ ගමේ වංශවතෙක් වුණු ධාදගේ දුවව..ඉතින් මේක කුලභේදෙකට හැරෙන්න වැඩි කාලයක් ගියේ නෑ..කොහොමින් කොහොම හරි මේ හරස් ප්‍රශ්නය මැද්දට ගුරුදේව් මැදි වෙන්නේ ගුරුදේව් මේ දෙන්නව විවාහ කරපු නිසා..ඉතින් මේක වංශාධිපතිත්වය ඉහට ගහලා තියන ධාදටයි ධාදගේ පුතා වුණු නානටයි, නානගේම මල්ලි වගේ ඉන්න බලීටයි ගුරුදේව්ව යහතින් නොතියන්න තරම් ලොකු හේතුවක් වෙනවා..ඔන්න ඔහොමයි මේ කතාවට පාර කැපෙන්නේ..ඉතින් මේ ප්‍රශ්නෙට මැදි වුණු ගුරුදේව් කොහොාමද මේක විසදන්නේ කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/941055323896314/permalink/941066187228561/?app=fbl

◾ DEAR VAAPPI (2023)◾ ආදරනීය තාත්තා◾ DRAMA / ROMANCE ◾ 6.9/10 IMDB ◾ SUBTITLES ශිහාන් අමරකෝන් (CINERU)බැඳීම් මූලික කර ගත...
05/05/2023

◾ DEAR VAAPPI (2023)
◾ ආදරනීය තාත්තා
◾ DRAMA / ROMANCE
◾ 6.9/10 IMDB
◾ SUBTITLES ශිහාන් අමරකෝන් (CINERU)

බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරනවා.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1209657556359837/permalink/1209667509692175/?app=fbl

◾ THE KASHMIR FILES (2022)◾ කාශ්මීරයේ ලිපිගොනු අතරින්◾ DRAMA/HISTORICAL FILM ◾ 8.7/10 IMDB ◾ HINDI ◾ SUBTITLES Shawini S...
28/04/2023

◾ THE KASHMIR FILES (2022)
◾ කාශ්මීරයේ ලිපිගොනු අතරින්
◾ DRAMA/HISTORICAL FILM
◾ 8.7/10 IMDB
◾ HINDI
◾ SUBTITLES Shawini S Lakmali (CINERU)

JNU ශිෂ්‍යයෙකු වන ක්‍රිෂ්ණා පණ්ඩිත් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුගේ සීයා වන පුෂ්කර් නාත් කියපු විදිහට ඔහුගේ දෙමාපියන් හදිසි අනතුරකින් මිය ගිය බව මොහු හිතාගෙන හිටියත් සත්‍යය වඩාත් කණගාටුදායක එකක්. 1990 පණ්ඩිත් වරුන් කාශ්මීරයෙන් යාම ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකකට අහුවෙන්න ක්‍රිශ්ණා ට සිද්ධවෙනවා… එක් පසෙකින් කාශ්මීරයේ ත්‍රස්තවාදීන් ලෙස සලකන පිරිස් වෙනුවෙන් හඬ නගන විශ්වවිද්‍යාල ආචාර්යවරියක්… අනෙක් පසින් යුක්තිය ඉටුකර ගැනීමට වසර 30ක් තිස්සේ අරගල කරන නාත්. ක්‍රිශ්ණා ඉන්නෙ මේ දෙන්නගෙම අදහස් වලට මැදිව, කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව.. ඔය අතරේ තමයි පුෂ්කර් නාත් අවසන් හුස්ම හෙලන්නෙ. මරණයෙන් පස්සෙ ක්‍රිෂ්ණා ඔහුගේ අවසන් ආශාවන් ඉටු කරන්න කාශ්මීරයට යනවා.. එතකොට තමයි ක්‍රිශ්ණා ට නාත්ගේ යාළුවෝ හතර දෙනෙක්, ඒ කියන්නේ මාධ්‍යවේදියෙක්, වෛද්‍යවරයෙක්, හිටපු පොලිස් නිලධාරියෙක් සහ විශ්‍රාමික සිවිල් සේවකයෙක් මුණ ගැහෙන්නෙ… ක්‍රිෂ්ණා තම පියාගේ මරණයේ සත්‍ය කතාව නොදැන සිටි බව දැනගැනීමෙන් ඔවුන් කම්පනයට පත්වෙනවා… ඉන් පසුව තමයි කාශ්මීර ලිපිගොනු පසුව ක්‍රිෂ්ණා සඳහා සත්‍යය සොයා ගැනීමේ ගමනක් බවට පත්වෙන්නේ…

ඉතින් කතාව ගැන කිව්වා ඇතිනේ.. මේකේ ටිකක් කම්පන සහගත දර්ශනත් ඇතුලත්. එහෙම ඉතින් ලොකුවටමත් නැහැ. ඒත් සමහර අවස්ථාවල සංවේදී නොවුනොත් තමයි පුදුම..

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🚫🚫 WARNING 🚫🚫

JSB Film බලන්න ඕනේ නම් අනිවාර්යයෙන් මේ පහල තියෙන Group එකට Join වෙලා, Moderator කෙනෙක් විය යුතුයි.
ගෲප් එකට ජොයින් වෙද්දි අහලා තියන Question එකට Answer එක දුන්නම Auto Group එකට Join වෙනවා. ඊට පස්සෙ ඒ ගෲප් එකේ තියෙන Post එකට Comment කර Moderator ලබාගන්න.

🛡️ JSB UPLOAD GROUP 👇👇
https://www.facebook.com/groups/3059964500954507/?ref=share

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

◾ FACEBOOK LINK👇
https://m.facebook.com/events/423559102559497?view=permalink&id=423563489225725

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1499

17/04/2023

JSB film Upload Group එකේ තිබිච්ච Events බර ගානක් ඊයේ දවල් ඩිලීට් කරලා. ඒ කීයක් කියන්නද නම් අපේ ඇඩ්මින්ලා කවුරුත් දන්නේ නෑ. කාගෙවත් Moderator අයින්කරලා නෑ Post වල link වලින් ගිහිල්ලා බලන්න Film ඔක්කෝම ස kකිලියෙක් ඊයේ ඩිලීට් කරලා. දවස් දෙක තුනක් ඇතුලත Film ටික Reupload වෙයි.

◾ BURQA (2023)◾ ඇය◾ DRAMA / ROMANCE ◾ 7.1/10 IMDB ◾ SUBTITLES ශාන් සසංග (CINERU)නජ්මා කියල කියන්නේ ඉස්ලාම් ආගමිකයෙක්.. ම...
16/04/2023

◾ BURQA (2023)
◾ ඇය
◾ DRAMA / ROMANCE
◾ 7.1/10 IMDB
◾ SUBTITLES ශාන් සසංග (CINERU)

නජ්මා කියල කියන්නේ ඉස්ලාම් ආගමිකයෙක්.. මෙයාගේ මහත්තය මෙයා කසාද බැදලා හරියටම සතියක් යද්දී මැරෙනවා..තමන්ගේ මහත්තය මැරුණාම කිසිම පිරිමි කෙනෙක්ට මුණ පෙන්නන්නේ නැතුව, ගෙදරින් එලියට වත් බහින්නේ නැතුව තනියම ගෙදරටම වෙලා මාස 4ක්‌ ඉන්න,ඉස්ලාම් කාන්තාවන් කරන චාරිත්‍රයක් තියෙනව IDDAT කියලා.. මෙයා ඒක කරන ගමන් ඉන්නේ..ඔහොම ගෙදර තනියම ඉන්නකොට හදිස්සියේ කැපුම් තුවාල වෙච්ච මනුස්සයෙක් මෙයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ල සිහිය නැතුව වැටෙනවා.. පොලිසියත් මේ මනුස්සයව හොයන ගමන් ඉන්නේ.. නජ්මා නර්සින් ඉගෙනගත්තු කෙනෙක් නිසා මේ මනුස්සයට ප්‍රතිකාර කරනවා..ඔන්න එතකොට තමයි මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නේ කොයි තරම් දුර‍ට මේක සාර්ථකද කියලා නම් මං දන්නැ.. ඒක තීරණය කරන්න ඔයාලටම බාරයි

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/946834183229688/permalink/946839879895785/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1458

◾ PREMADESAM (2023)◾ මම ඔයාට ආදරෙයි ◾ DRAMA / ROMANCE ◾ 8.5/10 IMDB ◾ SUBTITLES උචිනි පෙරේරා (CINERU)ප්‍රේමදේසම් යනු අධි...
16/04/2023

◾ PREMADESAM (2023)
◾ මම ඔයාට ආදරෙයි
◾ DRAMA / ROMANCE
◾ 8.5/10 IMDB
◾ SUBTITLES උචිනි පෙරේරා (CINERU)

ප්‍රේමදේසම් යනු අධි සම්බන්ධිත කතාවකි,
ආදර කතා දෙකක්! ජීවිත හතරක්! ගැටළු දෙකක් - එක් විසඳුමක්! - එක් සිදුවීමක්! ඒ සිදුවීම ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවාද? නැත්නම් තවත් දුෂ්කරතා ඇති කළාද? ෆිල්ම් එක බලලම දැනගන්න

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/4818215834970386/permalink/4818288884963081/?app=fbl

◾ PATHU THALA (2023)◾ ඔලු දහය◾ CRIME / ACTION ◾ 7.3/10 IMDB ◾ SUBTITLES පීටර් බාත්ලට් (CINERU)Pathu Thala (ඔලු දහයක්) සි...
16/04/2023

◾ PATHU THALA (2023)
◾ ඔලු දහය
◾ CRIME / ACTION
◾ 7.3/10 IMDB
◾ SUBTITLES පීටර් බාත්ලට් (CINERU)

Pathu Thala (ඔලු දහයක්) සිම්බු නොහෝත් සිලම්බරසන්ගේන් ලොකු බලාපොරොත්තුවක් එක්ක කවුරුත් බලාසිටි චිත්‍රපටිය කියල මේක හදුන්වන්න පුලුවම්. සිම්බු වගේම මේකේ ගෞතම් කාර්තිකුත් ප්‍රධාන චරිතය හොබවනවා. කියන්න ගියොත් සිම්බුට වඩා වැඩි අවස්ථාව ගෞතම්ටයි හිමිවෙන්නේ. ඒ වගේම දෙන්නම හොද සාධාරණයක් කරල තියෙනවා මේකට. ෆිල්ම් එකනම් තනිකරම මැර ලයිෆ් එකක්ම තමයි.

කතාවේ තේමාව. බෙහෙත් මාෆියාව තමයි. බෙහෙත් ගෙන්නන එකේ ඉදල එන්නත් කරනය දක්වා ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් පවතින මාෆියාව කොහෝමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි. මේකේ තොරගෙන තියෙන්නේ එන්නතක් . ඒකට අනුමැතිය හා ඒ එන්නතෙන් ලැබෙන ප්‍රතිඵල ගැන වෙන ඝට්ඨණය.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1236678783634594/permalink/1237433360225803/?app=fbl

◾ SAUDI VELLAKA (2022)◾ සවුදි කුරුම්බැට්ටිය◾ DRAMA ◾ 8/10 IMDB ◾ SUBTITLES රොෂේන් මලන්ද (CINERU)ඔයාලා ක්‍රිකට් සෙල්ලම් ක...
13/04/2023

◾ SAUDI VELLAKA (2022)
◾ සවුදි කුරුම්බැට්ටිය
◾ DRAMA
◾ 8/10 IMDB
◾ SUBTITLES රොෂේන් මලන්ද (CINERU)

ඔයාලා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද , නොකරපු කෙනෙක් නැති තරම් , මාත් යාලුවොත් එක්ක නිතරම සෙල්ලම් කරනවා , පොඩි කාලෙ පන්ති ගියාම ඉන්ටවල් එකට හම්බෙන විනාඩි 15 ත් අපි සෙල්ලම් කරා ,ඒ වගේම තමයි මේ කෝචි වල සවුදියෙ ඉන්න කුන්ජුමෝලුත් , ටියුශන් ගියත් හම්බෙන ඉන්ටවල් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා , පොල් පිති බැට් එකක් කපාගෙන කුරුම්බැට්ටියකින් ( වෙල්ලක්කා ) සෙල්ලම් කරනවා ,
දැන් ඊලග පැත්තට යමු , රාධාක්‍රිෂ්ණනුයි ආයිශායි කියන්නෙ අසල්වැසියො , දෙන්නා නිතරම මායිම් ප්‍රෂ්ණ වලට වලි , කතාව පටන්ගන්න දවසෙත් වලියක් , ඉතින් අපේ කුන්ජුමෝල් යාලුවො එක්ක සෙල්ලම් කරන්නෙත් මේ රාධාක්‍රිෂ්ණන්ගෙ ගෙදර , මේ වලි අස්සෙ ආයිශා අම්මට කුරුම්බැට්ටි පාරක් වැදුනොත්………. මොනා වෙන්න ඇතිද
මේවගේ දේවල් ඇත්තටම ලෝකෙ සිද්ධවෙනවා , සමහර අවස්ථාවලදි මිනිස්සු අසරණ වෙන තරමක් ……
අපොයි මෙහෙමත් සිද්දියක් , මුලින් තරහා ගස්සලා සැනෙකින් ඔයාලව දුකේ අන්තයටම අරන් යාවි , IMDb 8/10 ක අගයක් ලබාගනිපු සම්මාන රැසකට හිමිකම් කියපු මේ ලස්සන කතාව බලමු හැමෝම

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1359542171273178/permalink/1359548437939218/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ ENKILUM CHANDRIKA (2023)◾ ඇයි එහෙම කරේ චන්ද්‍රිකා ☹️◾ ROMANCE / COMEDY ◾ 6.1/10 IMDB ◾ SUBTITLES ශිහාන් අමරකෝන් (CINER...
07/04/2023

◾ ENKILUM CHANDRIKA (2023)
◾ ඇයි එහෙම කරේ චන්ද්‍රිකා ☹️
◾ ROMANCE / COMEDY
◾ 6.1/10 IMDB
◾ SUBTITLES ශිහාන් අමරකෝන් (CINERU)

කේරලේ ලස්සන ගමක ජීවත් වෙන තරුණයො ටිකක් ගැන තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. වයසත් එක්ක කසාදෙ කල් යන මැදි වයසෙ පුද්ගලයෙකුත් එයාගෙ යහළුවො කසාද බඳින්න වගේම කසාද කඩන්න දරණ උත්සාහයන් තමයි කතාවෙ අන්තර්ගතය.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/131809186528392/permalink/131861323189845/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ Bagheera (2023)◾ බගීරා◾ THRILLER / DRAMA ◾ 3.4/10 IMDB ◾ SUBTITLES ශාන් සසංග (CINERU)මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්...
07/04/2023

◾ Bagheera (2023)
◾ බගීරා
◾ THRILLER / DRAMA
◾ 3.4/10 IMDB
◾ SUBTITLES ශාන් සසංග (CINERU)

මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. සමහර අය කියයි මේක සුපිරිම නෑ කියලා..සීරියල් කිලර් කෙනෙක් ගැන කතාවක් තියෙන්නේ.. විශේෂත්වය තමයි මේ මිනීමරුවා මරන්නේ ගෑනු ළමයිව.. ඒකත් පිරිමි ළමයින්ට ආදරේ කරලා, එයාලට බූට් එක තියන ගෑනු ළමයින්ව 😒♥️ එහෙම කරන්නත් ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. හරියටම මේ ෆිලුමේ මොකද වෙන්නෙ කියලා බලන්න

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/3522861258036444/permalink/3522889444700292/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1446

◾ BOB BISWAS (2021)◾ කතාවක මිනීමැරුවෙක්◾ CRIME / THRILLER ◾6.7/10 IMDB ◾ SUBTITLES ලහිරු උදයංග (ZOOM LK)අවුරුදු 8ක් කෝමා...
28/03/2023

◾ BOB BISWAS (2021)
◾ කතාවක මිනීමැරුවෙක්
◾ CRIME / THRILLER
◾6.7/10 IMDB
◾ SUBTITLES ලහිරු උදයංග (ZOOM LK)

අවුරුදු 8ක් කෝමා එකක ඉදල එක පාරටම සිහින එන රක්ෂන නියෝජිතයෙක්..මොහුට සිහිය ආවට අතීතයේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් මොහුට මතක නෑ..රෝහලෙන් එලියට එන මොහුට දකින්න ලැබෙන්නේ අලුත්ම ලෝකයක්..තමන්ගේ ආදරණීය බිරිද,දරුවන් එක්ක ඊට පස්සේ කාලේ ගත කරමින් තමන්ගේ මතකය ආපහු ලබාගන්න උත්සහ කරන අතරේ..අමුතු මිනිස්සු වගයක් මොහුව හම්බවෙන්න එනවා..ඒ මිනිස්සු මෙයාට කියන්නේ කෙනෙක්ව මරන්න ඕනි කියල..ඉතින් මොකක් වෙයිද එතනින් එහාට කියල දැනගන්න අරගෙන බලන්නකෝ Bob Biswas

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/759935332026337/permalink/773037377382799/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ RRR (2022)◾ සතුරෙකු හා මිතුරුව ◾ 7.9/10 IMDB ◾ ACTION / DRAMA ◾ SUBTITLES Shawini S Lakmali (CINERU)මුලින්ම පටන් ගැන්ම...
27/03/2023

◾ RRR (2022)
◾ සතුරෙකු හා මිතුරුව
◾ 7.9/10 IMDB
◾ ACTION / DRAMA
◾ SUBTITLES Shawini S Lakmali (CINERU)

මුලින්ම පටන් ගැන්ම වෙන්නේ..1920 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ස්කොට් සහ ඔහුගේ බිරිඳ කැතරින් අඩිලාබාද් හි වනාන්තරයකට ගියපු වෙලාවක ගොන්ඩ් ගෝත්‍රයේ දැරියක් වන මල්ලි බලහත්කාරයෙන් රැගෙන යන තැනින්….ඉතින් මේ ගෝත්‍රයේ රැකවලා..අපේ එක වීරයෙක් වෙන භීම්…ඉතින් මෙයා මල්ලිව ආපහු අරන් එන්න වෙස්වලාගෙන නගරයට යනවා….
මේ අතරේ අපේ අනිත් වීරයා රාම්…මෙයා පොළිස්කාරයෙක්..අවුරුදු ගානක් තිස්සේ මෙයා සුද්දන්ට සේවය කරනවා..මොකද මෙයාටත් ලොකුම ලොකු අරමුණක් තියෙනවා ඉටුකරගන්න.ඒක ඉතින් පස්සෙ තමයි දැනගන්න වෙන්නෙ..ඉතින් මෙයා මෙයාගෙ අරමුණ වෙනුවෙන් නොකරන දෙයක් නෑ…ඔය අතරේ තමයි මෙයාට මෙහෙයුමක් ලැබෙන්නෙ.ඒ තමා භීම්ව පණ පිටින් අල්ලලා රජයට බාර දෙන එක.එයා මේකට එක පයින්ම කැමති වෙනවා.මොකද ඒකෙන් එයාගෙ අරමුණට යන්න පුළුවන් නිසා….
ඉතින් මේ දෙන්නා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ කරන් ඉන්නවා.එක වෙලාවක භීම් ගේ යාළුවෙක් රාම් ට අහුවෙනවා..කොහොම වුනත් වැඩේ ගැස්සෙනවා..මිනිහා සෙනග අස්සෙ අතුරුදන් වෙනවා…ඔන්න ඔය වෙලාවේ තමයි පොඩි පිරිමි ළමයෙක්ට අනතුරක් වෙන්න යන්නේ…එයාව බේරගන්න කවුරුත් නැතිවෙලාවේ මේ නොදන්නා හතුරො දෙන්නා රාම් සහ භීම් අහම්බෙන් මුණගැහිලා මේ කොල්ලව බේරගන්නවා.ඉතින් ඔය විදිහටයි ගින්දරයි ජලයයි අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ..ඒත් මේ ගොඩ නැගුනේ ලෙයින් අවසන් වන මිත්‍රත්වයක්ද…අවසානයක් නොමැති සදාකාලික මිත්‍රත්වයක්ද යන්න කවුරුත් දැනන් හිටියේ නැහැ….

සත්‍ය හෙළි වූ විට කුමක් සිදුවේවිද…. අරමුණ වෙනුවෙන් මිත්‍රත්වය කැප කරාවිද…ෆිල්ම් එක බලලම දැනගන්න

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1259201465000614/permalink/1259253051662122/?app=fbl

https://www.facebook.com/events/678078814317232/permalink/678083964316717/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1414

◾ VINARO BHAGYAMU VISHNU KATHA (2023)◾ අපුරු මෙහෙයුම◾ ROMANCE / COMEDY ◾ 7.8/10 IMDB ◾ SUBTITLES කවිශ්ක සංකල්ප (CINERU)ම...
25/03/2023

◾ VINARO BHAGYAMU VISHNU KATHA (2023)
◾ අපුරු මෙහෙයුම
◾ ROMANCE / COMEDY
◾ 7.8/10 IMDB
◾ SUBTITLES කවිශ්ක සංකල්ප (CINERU)

මිනිසුන්ගේ නොමිනිස්කම් මැදින් නින්දා අපහාස මැද , විශ්නු පොඩි කාලෙදිම ඔහුගේ දෙමව්පියන් සියදිවි හානි කර ගන්නවා. ඊට පස්සෙ විශ්නු එයාගේ සීයා ගාව ගුරුහරුකම් ලබනවා. ඉතිං සීයා එයාට යහපත් දර්ශනක් ලෝකෙට ගෙනියන්න කියල වගකීමක් පවරනවා. කාලය ගෙවී යද්දී තිරුපති වල පුස්තකාලාධිපති කෙනෙක් විදියට සේවය කරන ඔහුට දිනක් අහම්බෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ලස්සන හුරුබුහුටි ගෑනු ළමයෙකුගෙන්.. ඒ තමයි දර්ශනා , ඇය යූටියුබර් කෙනෙක්. දර්ශනා විශ්නුට කෝල් කරන්නේ “දුරකථන අංක අසල්වැසියා” කියන ඇයගේ හිතට ආපු අමුතුම සංකල්පයක් නිසා
හෝව්.. හෝව්.. ඔය ටික ඇති නේද.. එහෙනම් ආදරය , හාස්‍යය , කෘතුහලය , සටන් ජවනිකා සමගින් මනුසත්කම කියල දෙන මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/173956478815990/permalink/174831632061808/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1402

◾ MIDDLE CLASS LOVE (2022)◾ සල්ලිකාරයෙක් වෙන්න හීන මවපු යුඩී◾ ROMANCE / DRAMA◾ 6.3/10 IMDB  ◾ SUBTITLES විනෝද් උක්ෂාන් (...
19/03/2023

◾ MIDDLE CLASS LOVE (2022)
◾ සල්ලිකාරයෙක් වෙන්න හීන මවපු යුඩී
◾ ROMANCE / DRAMA
◾ 6.3/10 IMDB
◾ SUBTITLES විනෝද් උක්ෂාන් ( ZoomLk)

යුඩී කියන්නෙ සාමාන්‍යය පවුලක කොල්ලෙක් සාමාන්‍යය විදියට ජීවත් වෙලා එපා වෙලා ඉන්න යුඩිට ඕන කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න ඉතින් මේකට මිනිහා තෝරගන්නෙ වෙනස්ම විදියක් ඒ තමයි නගරෙ ලොකුම කොලේජ් එකකට ගිහින් ඒකේ ඉන්න සල්ලිකාර කෙල්ලෙක් යාලු කරගන්න එක. මෙයා හිතන විදියට ඒක තමයි සල්ලිකාරයෙක් වෙන්න ලේසිම විදිය ඉතින් ,එයාගෙ මේ උත්සහයට මොනා වෙයිද? ැඑක දැනගන්න නම් මේ සලරුව නරඹන එක ඔයාලට භාරයි 6.4 ක IMDB අගයකුත් 81% ක් ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් මෙ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා ආරම්භයේ ඉදලා අවසානය වෙනකම් එක හුස්මට බලාගෙන යන්න පුලුවන් විදියේ හොද ෆ්ලෝ එකකින් කතාව දිග ඇරෙනවා පැය දෙකයි විනාඩි 16 ක් පුරා දිවෙන මේ සලරුව හාස්‍ය,ආදරය,විරහව හරි හරියට කැටි උන චිත්‍රපටියක් මේක බැලුවට පාඩුවක් නම් වෙන්නෙ නැහැ ඒ වගේම මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ තරමක නවක නලු නිලියක් ටිකක් ඒත් රංගනයේ නම් කියන්න අඩුපාඩුවක් නැති තරම්

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/5986038801503414/permalink/5986067588167202/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1386

◾ KUTTEY (2023)◾ නොහිමුණු භල්ලෝ ◾ ACTION / CRIME ◾ 6/10 IMDB ◾ SUBTITLES හෂිනි ඉමාෂා කෝටි ගණනක මුදල් රැගෙන ගිය වෑන් රථයක...
19/03/2023

◾ KUTTEY (2023)
◾ නොහිමුණු භල්ලෝ
◾ ACTION / CRIME
◾ 6/10 IMDB
◾ SUBTITLES හෂිනි ඉමාෂා

කෝටි ගණනක මුදල් රැගෙන ගිය වෑන් රථයක්. මුම්බායි නගරයට ආසන්නයේ එක් වැසි සහිත රාත්‍රියක්. එකිනෙකා නොදැන අයාලේ යන කල්ලි තුනක් දඩයමේ යන මාර්ග හරහා ගමන් කරයි. අවාසනාවට, ඔවුන් සියල්ලෝම එකම සැලැස්මක
දූෂණය, කෑදරකම සහ මුදලට ඇති නිමක් නැති තෘෂ්ණාව පිළිබඳ පුළුල් පදනමක් මත පිහිටුවා ඇති කුට්ටේ, බොහෝ දුරට, සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන් පිටුපස තමන්ගේම හේතු ඇත්තේ මන්දැයි සාධාරණීකරණය කරයි.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/115997701369885/permalink/116007438035578/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ CHEPPALANI UNDHI (2022)◾ මව් භාශාව අමතක වීම◾ ACTION / DRAMA ◾ 5.8/10 IMDB ◾ SUBTITLES ඉසුරු ලක්මාල් ( JSB Film )ඔන්න එ...
17/03/2023

◾ CHEPPALANI UNDHI (2022)
◾ මව් භාශාව අමතක වීම
◾ ACTION / DRAMA
◾ 5.8/10 IMDB
◾ SUBTITLES ඉසුරු ලක්මාල් ( JSB Film )

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා හම්බෙන්න මේක මං JSB Film වෙනුවෙන් කරන හතරවැනි සිංහල උපසිරසිය ❤️
මේකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arun Barathi L විසින්..Stefy Patel,Rajeev Kanakala,Tanikella Bharani,Mohammad Ali,Raghu Babu වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 5.8ක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

චන්දු කියන්නේ ප්‍රවෘත්ති නාලිකාවක වැඩ කරන මාධ්‍යවේදියෙක්..ඉතින් මෙයා තෙළිඟු භාෂාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්..ඉතින් ඔහොම ඉද්දී මෙයාට සත්‍යමූර්ති කියලා සමාජයේ නම ගිය පුද්ගලයෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න අවස්ථාවක් හම්බෙනවා..ඉතින් ඒකට කලින් දවසේ චන්දුගේ ජීවිතේ උඩු යටිකුරු වෙන සිදුවීමක් වෙනවා..ඉතින් මේ සිදුවීම මොකද්ද ? එතනින් එහාට චන්දුගේ ජීවිතේට මොනවා වෙයිද ? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/3422579968029403/permalink/3422636784690388/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ KRANTHI (2023)◾ කාන්තාවන් වෙනුවෙන් කල විප්ලවය ◾ THRILLER ◾ 4.9/10 IMDB ◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ පොලිස් පරීෂකයෙක...
15/03/2023

◾ KRANTHI (2023)
◾ කාන්තාවන් වෙනුවෙන් කල විප්ලවය
◾ THRILLER
◾ 4.9/10 IMDB
◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ

පොලිස් පරීෂකයෙකු වන රාම් (රාකේන්දු මවුලි) සහ සන්ධ්‍යා (ඉනායා සුල්තානා) දිගුකාලීන සබඳතාවක් බෙදා ගනී. සන්ධ්‍යා රාම්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ආදර කාරණය ගැන තම පියා සමඟ කතා කරන ලෙසයි, එවිට ඔවුන්ට විවාහ වී සතුටින් ජීවත් වීමට හැකි වේ. ඊළඟ දවසේම, සන්ධ්‍යා රාම් කම්පනයට පත් කරන අභිරහස් ආකාරයකින් ඝාතනය වේ. ඔහු ඉක්මනින් මානසික අවපීඩනයට යයි. සන්ධ්‍යාගේ මරණයෙන් වසරකට පමණ පසු, රාම්ට ඇගේ සහෝදරයා ලෙස සලකන රම්‍යා (ශ්‍රාවනි ෂෙට්ටි) අතුරුදහන් වේ. රාම් ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට පැමිණ රම්‍යා සෙවීම ආරම්භ කරයි. මේ අතරතුර ඔහුට විශ්මිත තොරතුරු කිහිපයක් දැනගන්නට ලැබෙනවා. රම්‍යාට මොකද වුණේ? රාම්ව මවිත කළ ඒ විස්තර මොනවාද? රාම් රම්‍යාව බේරගත්තද? ෆිල්ම් එකේ උත්තර තියෙනවා.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/894050398569211/permalink/894377735203144/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ MAJA MA (2022)◾ ජරමරයක් වු කසාදය◾ DRAMA / COMEDY ◾ 6.1/10 IMDB ◾ SUBTITLES ඉෂාන් මධුශංක (CINERU)කතාවේ වීරයා තේජස්ගෙන් ...
15/03/2023

◾ MAJA MA (2022)
◾ ජරමරයක් වු කසාදය
◾ DRAMA / COMEDY
◾ 6.1/10 IMDB
◾ SUBTITLES ඉෂාන් මධුශංක (CINERU)

කතාවේ වීරයා තේජස්ගෙන් තමා කතාව ඇරඹෙන්නේ.ඔහු සම්බන්ධයක් පවත්වගෙන යනවා ඒශා නම් ඇමරිකානු පුරවැසිභාවය ඇති ධනවත් ඉන්දියානු පවුලක යුවතියක් සමග..මේ කෙල්ලගේ තාත්තා කොල්ලගේ හිසකෙස් වල ඉදලා වරදක් තියෙනවද කියලා බලලා දශමෙක වැරැද්දක් තිබ්බත් ලව් එක කඩාකප්පල් කරලා දාන්න හපනෙක්.ඉතින් තේජස්ගේ අම්මාගේ චරිතය තමා අපේ නිලි රැජින රග දක්වන්නේ..පොඩි දේටත් කනකොකා හඩන මේ තාත්තට කොල්ලගේ පැත්තෙන් මේ විවාහය නතර කරන්න පුලුවන් කාරණාවක් අහුවෙනවා.ඒ තමයි කොල්ලගේ පවුලේ කෙනෙක් සමලිංගික කියලා ආරංචි වෙනවා..ඉතින් මේ කවුරු වෙන්න ඇතිද?මේ ප්‍රශ්නෙන් ගොඩ ඇවිත් මධුරි කොහොම පුතාගේ කසාදය කරලා දෙයිද?
මේ ප්‍රශ්න ටිකට උත්තට ෆිල්ම් එක බලලම දැනගන්න..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1230459737848530/permalink/1230487531179084/?app=fbl

◾ VARTHAMANAM (2021)◾ අරගලය◾ DRAMA ◾ 5.8/10 IMDB ◾ SUBTITLES අංජලි මදුවන්ති (JSB Film)අබ්දූර් රහ්මාන් සාහිබ් කියන්නෙ කේර...
14/03/2023

◾ VARTHAMANAM (2021)
◾ අරගලය
◾ DRAMA
◾ 5.8/10 IMDB
◾ SUBTITLES අංජලි මදුවන්ති (JSB Film)

අබ්දූර් රහ්මාන් සාහිබ් කියන්නෙ කේරළයෙන් බිහිවුණ, ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරයේ වැදගත් සාමාජිකයෙක්. එයා ගැන සමීක්ෂණයක් කරන්න දිල්ලියේ විශ්වවිද්‍යාලයකට එන මලයාලම් ශිෂ්‍යාවක් වන ෆයිසා සූෆියා ( Parvathy Thiruvothu ) වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ.

ඉන්දියාව කියන්නේ කුල ක්‍රමය, ජාතිවාදය, ආගම්වාදය වගේ දේවල් තදටම තියෙන රටක්නේ. ඒත් ෆයිසා කියන්නෙ සමානාත්මතාවය ගොඩක් අගය කරන කෙනෙක්. ඒ වෙනුවෙන් සටන් කරන ෆයිසා සූෆියා, අමල් ක්‍රිෂ්ණා ( Roshan Mathew ) ඇතුළු කණ්ඩායමට ඉදිරියේදී මොන මොන ප්‍රශ්න වලට මුහුණදෙන්න සිද්ද වේවිද?
මේ ෆිල්ම් එක බලන්න කලින් ඔයාලා මේ සංකල්ප ගැන යන්තම් දැනගෙන යනවනම් හොඳයි කියලා මට හිතුණා.

ෆැසිස්ට්වාදය : සරලවම කීවොත් ෆැසිස්ට්වාදය කියන්නේ ඒකාධිපති දේශපාලන දෘෂ්ටිවාදයක්. මේකෙදි ජනතාවට පාලකයා ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. ඇඩොල්ෆ් හිට්ලර් සහ බෙනීටෝ මුසෝලිනි වගේ අය මේ පාලන ක්‍රමය තමා අනුගමනය කරේ.

ලෞකිකවාදය/නිර් ආගම්වාදය : මේ කියන්නේ දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය වගේ දේවල් සහ ආගම එකිනෙක පටලවා නොගෙන කටයුතු කිරීම. ඒ කියන්නේ ආගම පදනම් කරගෙන කෙනෙක්ව සමාජයෙ වෙන්කරලා සළකන්නෙ නැහැ.

දලිත්වරු : දලිත්වරු කියන්නේ ඉන්දියාවේ ඉතාම පහත් කියලා සැළකෙන කුලයක මිනිස්සු. සාමාන්‍යයෙන් අපි දන්න බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල හතරටත් පහළින් තියෙන පස්වෙනි කුලය. මෙයාලව 'ස්පර්ශ නොකළ යුතු අය' කියලත් හැඳින්වුවාලු.

එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා..
✍️ අංජලි මධුවන්ති
━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/620268469953241/permalink/620341333279288/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ 181 (2022)◾ වැළපෙන යුක්තිය◾ HORROR ◾ 7.5/10 IMDB ◾ SUBTITLES සුලක්ෂණ කෝණාර (CINERU)කතාව පැත්තට ගියොත් චිත්‍රපට අද්‍යක්...
13/03/2023

◾ 181 (2022)
◾ වැළපෙන යුක්තිය
◾ HORROR
◾ 7.5/10 IMDB
◾ SUBTITLES සුලක්ෂණ කෝණාර (CINERU)

කතාව පැත්තට ගියොත් චිත්‍රපට අද්‍යක්ශක කෙනෙක් බිරිද එක්ක චිත්‍රපට පිටපතක් ලියන්න නිවාඩු නිකේතනයකට යනවා. එතනදි සිද්ද වෙන අත්භූත සිදුවීම්වලට මේ දෙන්නා මුහුන දෙන විදිහ තමා මේ කතාවෙ තියෙන්නෙ. මේ දෙන්නට මේ අත්භූත දේවල් වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න විනාඩි 110 ක බය හිතෙන අත්දැකීමක් විදගන්න ලෑස්ති වෙන්න.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/164583329753783/permalink/164624646416318/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ GULMOHAR (2023)◾ ගුල්මෝහර් ගෙදර◾ DRAMA ◾ 8/10 IMDB ◾ SUBTITLES දැහැමි ධර්මමාල (CINERU)ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ ...
12/03/2023

◾ GULMOHAR (2023)
◾ ගුල්මෝහර් ගෙදර
◾ DRAMA
◾ 8/10 IMDB
◾ SUBTITLES දැහැමි ධර්මමාල (CINERU)

ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ…

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1945916979100092/permalink/1945926259099164/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1376

◾ CHRISTY (2023)◾ ගුරු ගෝල මිතුදම◾ ROMANCE / DRAMA ◾ 5/10 IMDB ◾ SUBTITLES (ZOOM LK)රෝයි කියන්නේ ඉගෙනීමට උනන්දුවක් නැති ...
12/03/2023

◾ CHRISTY (2023)
◾ ගුරු ගෝල මිතුදම
◾ ROMANCE / DRAMA
◾ 5/10 IMDB
◾ SUBTITLES (ZOOM LK)

රෝයි කියන්නේ ඉගෙනීමට උනන්දුවක් නැති කොල්ලෙක්. ගෙදර අයගෙ බල කිරීමට මොහු ටියුෂන් පන්තියකට යනවා, ළග ගෙදරක තියෙන. ඒ පන්තිය කරන්නේ මොහු වෙනුවෙන්මයි. ඉතිං ගුරුවරිය තමයි ක්‍රිස්ටි. ටික කලක් යනකොට මේ ගුරු ගෝල මිතු දම දැඩි වෙනවා.
ක්‍රිස්ටිගෙ හැමදේටම රෝයි උදව් කරනවා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි රෝයිට ගුරුතුමිය ගැන ආදරයක් ඇතිවෙන්නේ. මොහු මේක ඇයට පවසනවත් එක්ක. ටික දවසක් යනකොට ඇය ඉල්ලපු රස්සාව මාලදිවයිනෙන් හම්බවෙනවා. ඉතිං ඇය එහේ යනවා. රෝයි මෙහේ තනිවෙනවා.
කොහොම නමුත් ඇයව අතාරින්න සූදානමක් නැති රෝයි, ඇයව සොයන් යන්න තීරණය කරනවා. ඔහොම තමයි කථාව යන්නෙ.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1720605871689316/permalink/1720621275021109/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ ADRISHYAM (2022)◾ හැමෝම හොයන මේ කෙල්ල කවුද?◾ 5.3/10 IMDB ◾ MYSTERY / THRILLER ◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ මුලින්ම ...
09/03/2023

◾ ADRISHYAM (2022)
◾ හැමෝම හොයන මේ කෙල්ල කවුද?
◾ 5.3/10 IMDB
◾ MYSTERY / THRILLER
◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ

මුලින්ම පටන් ගනිද්දීම ගැනු ලමයෙක් වැන් එක්ක දාගෙන යනවා.ඊටපස්සේ කොටසේ ගුරු ප්‍රසාද් කියන නලුවාට අලුත් කතාවක් ඇවිල්ලා ඒක ගැන කතා කරනවා. ඊටපස්සේ ගුරු ප්‍රසාද්ට ගෙදරදිම වෙඩි තියනවා.
ඊටපස්සේ පුර්ෂත්තම් කියලා DSP කෙනෙක්ගේ දුව නැති වෙලා කියලා නන්දා කියලා රහස් පරික්ෂක කෙනෙක්ට හොයලා දෙන්න කියලා පුර්ෂත්තම් භාර දෙනවා.ඒවගේම ඒ ගැණු ලමයා ගැන විස්තර රාජ්කුමාර් කියලා කෙනෙක් අතේ නන්දාට එවනවා එයාගෙනුත් උදව් ගන්න කියලා. ඒ අතරේ තව දේශපාලනය කණ්ඩායමක් මේ කෙස් එකම මැරයෙක් වගේ ඉන්න ස්වාමීට භාර දෙනවා. එහෙනම් අපි බලමු මේ කතාව කොහොම වෙයිද කියලා. කවුද මුලින්ම හොයාගන්නේ කියලා බලන්න ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා.මෙක සුපිරි ෆිල්ම් එකක්.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/931468724967388/permalink/931472184967042/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1360

◾ VASANTHAM MULLAI (2023)◾ වෙහෙස නොබලා වෙහෙසෙන මිනිසෙක්◾ DRAMA / THRILLER ◾ 7.2/10 IMDB ◾ SUBTITLES දිලීප මධුශාන් (ZOOML...
05/03/2023

◾ VASANTHAM MULLAI (2023)
◾ වෙහෙස නොබලා වෙහෙසෙන මිනිසෙක්
◾ DRAMA / THRILLER
◾ 7.2/10 IMDB
◾ SUBTITLES දිලීප මධුශාන් (ZOOMLK)

රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි නිලා කියන්නේ…රුද්‍රන් කියන්නේ හැමවෙලේම ව්‍යාපෘති වලටම හිර වෙලා මනස පීඩනයට ලක් කරගෙන ඉන්න කෙනෙක්…දිනක් මෙයාට ක්ලාන්ත ගතියක් ඇති වෙලා ප්‍රතිකාර ගන්න නිලා එක්ක යනවා..ඩොක්ට “මෙයාව රිලැක්ස් කරන්න” කොහේ හරි එක්කන් යන්න කියලා නිලාට කියනවා…ඒක නිසා මෙයාලා දෙන්නා යනවා ට්‍රිප් එකක්…රෑ බෝ වෙලා එන්න විදිහක් නැති වෙද්දී වසන්ත මුල්ලෙයි කියන හෝටලේ නැවතෙනවා…තව කතාව කීවොත් මේක Thriller ගතිය යනවා ඒක නිසා මිස් නොකර බලලා ඉන්න..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/179861338120729/permalink/180487781391418/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1352

◾ DILPASAND (2022)◾ හඳවතේ කැමැත්ත◾ ROMANCE / COMEDY ◾ 6.5/10 IMDB ◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ සන්තෝෂ් යනු මෘදුකාංග න...
03/03/2023

◾ DILPASAND (2022)
◾ හඳවතේ කැමැත්ත
◾ ROMANCE / COMEDY
◾ 6.5/10 IMDB
◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ

සන්තෝෂ් යනු මෘදුකාංග නිර්මාණකරුවෙක්, ඔහු ගතානුගතික බ්‍රාහ්මණ පවුලකින් එන ඔහුගේ පෙම්වතිය වන මින්චු සමඟ විවාහ වීමට සූදානම් වේ. මින්චු නවීන ගැහැනියක් ලෙස ජීවත් වෙමින් සන්තෝෂ්ගේ සිත් ඇදගැනීමට තීරණය කරයි. එක් රාත්‍රියක, සන්තෝෂ්ට අයිශ්වර්යා මුණගැසෙන අතර, ඇය බීමත්ව ලැගුම්හලකට ගෙන යන අතර එහිදී ඔහුටද නින්ද ගියේය. පසුව, ඓශ්වර්යා ඇය සහ සන්තෝෂ් ලිංගිකව හැසිරී ඇත්දැයි සැක කරන අතර, ගැබ්ගැනීම් වාර්තා ලැබෙන තුරු දින 45 ක් රැඳී සිටින ලෙස ඔහුව බ්ලැක්මේල් කරයි.
ඇත්තටම ඓශ්වර්යා එහෙම බොරු කියමින් බ්ලැක්මේල් කරේ සන්තොෂ්ට ආදරය කල නිසාත්, ඔහු සමඟ කාලය ගතකිරීමට අවශ්‍යත් නිසා.
දින 45 කට පස්සේ මොකද වුනේ සන්තොෂ් මින්චු විවාහකරගත්තද ? නැත්නම් ඓශ්වර්යා සමඟ විවාහ වුනාද ? ෆිල්ම් එක බලලම දැනගන්න 😌

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1855933544782105/permalink/1855947358114057/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1334

◾ DEAR SATHYA (2022)◾ THRILLER ◾ 5.2/10 IMDB ◾ KANNADA ◾ SUBTITLES සිතුම් දිල්මිත්සත්‍යා කියන්නේ පීස් ඩිලවරි එකක වැඩ කරන...
03/03/2023

◾ DEAR SATHYA (2022)
◾ THRILLER
◾ 5.2/10 IMDB
◾ KANNADA
◾ SUBTITLES සිතුම් දිල්මිත්

සත්‍යා කියන්නේ පීස් ඩිලවරි එකක වැඩ කරන කොල්ලෙක්. අහම්බෙන් නෙත ගැටෙන අංජලිට ආදරයක් හිතිලා පීසා ඩිලවරි එකෙන් අයින්වෙලා සත්‍යා අංජලි වැඩ කරන තැනටම වැඩට යනවා.
දවසින් දවස ගෙවිලා යද්දි දවසක් අංජලිගේ මල සිරුර රේල් පාරක් ගාව තිබිලා හම්බෙනවා.
අංජලිගේ ඝාතකයන් සොයා ඔවුන්ගෙන් පලිගන්න එක තමයි සත්‍යගේ ප්‍රධාන අරමුණ.සියලු දෙනා ඝාතණය කරාට පස්සේ අංජිලව ඝාතණය කරන්න කලිං පොල්ස් නිලධාරියෙක් අංජලිව දුශණය කරනවා ඒ කවුද සත්‍යා පොල්ස්නිලදාරියගෙන් පලිය ගත්තද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/730850521747516/permalink/730920941740474/?app=fbl

◾ TELEGRAM LINK👇

◾ OPERATION ROMEO◾ ආදරේට ඇයි මෙතරම් තහංචි◾ DRAMA / ROMANCE ◾ 6.3/10 IMDB ◾ SUBTITLES දර්ශන නිශාන්ත පීරිස් (ZOOMLK)ආදි හා...
01/03/2023

◾ OPERATION ROMEO
◾ ආදරේට ඇයි මෙතරම් තහංචි
◾ DRAMA / ROMANCE
◾ 6.3/10 IMDB
◾ SUBTITLES දර්ශන නිශාන්ත පීරිස් (ZOOMLK)

ආදි හා නේහා කියන්නේ ආදවන්තයින් දෙන්නෙක්.. නේහාගේ 19 වැනි උපන්දිනයට ඇයව පුදුම කරන්න කියලා හිතාගෙන ආදි කියනවා හවසට හම්බවෙමු කියලා. මේ දෙන්නාගේ පැලැන් එක තමයි රෑ පුරාම නඟර වටේ වාහනේ රවුමක් ගහන එක. කොහොම හරි මැදියම් රෑට කිට්ටු වෙද්දි ආදි වාහනේ ටිකක් පාලු තැනක නතර කරනවා.. නතර කරලා නේහාට කියනවා කවුරුත් නැති එකේ පොඩි කිස් එකක් දෙන්න කියලා. නේහාත් මුලින් අදි මදි කරලා පොඩි හාද්දක් දෙන්න ලං උනා විතරයි.. නොසිතු විදියට මේ දෙන්නා අතරට තව දෙන්නෙක් කඩා පනිනවා.. ඒ පොලිසියේ දෙන්නෙක්… මහා රෑ තනියම වාහනේ හිරවෙන මේ ජොඩුවට මොනා වේවිද? ගෙදරට හොරෙන් ආපු මේ ගමන කොතනකින් කෙලවර වේවිද? ඒක දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා..

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1591811591319325/permalink/1591945821305902/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1326

◾ KALYANAM KAMANEEYAM (2023)◾ ROMANCE / DRAMA ◾ 6.1/10 IMDB ◾ SUBTITLES සිතුම් දිල්මිත්◾ TELUGU            Kalyanam Kama...
28/02/2023

◾ KALYANAM KAMANEEYAM (2023)
◾ ROMANCE / DRAMA
◾ 6.1/10 IMDB
◾ SUBTITLES සිතුම් දිල්මිත්
◾ TELUGU

Kalyanam Kamaneeyam යනු 2023 ඉන්දියානු තෙළිඟු භාෂා ප්‍රහසන හාස්‍යමය චිත්‍රපටයක් වන අතර එය නවකයකු වන අනිල් කුමාර් අල්ල විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී.එය නිෂ්පාදනය කරනු ලබන්නේ UV Creations හි අනුබද්ධ UV Concepts විසිනි. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Santosh Sobhan සහ Priya Bhavani Shankar (ඇගේ තෙළිඟු මංගල දර්ශනයේ).
මෙම චිත්‍රපටයේ ප්‍රේමණීය යුවලක් තම පවුලේ අයගේ කැමැත්ත ඇතිව විවාහ වීමක් සිදු වේ. විවාහයෙන් පසු, වීරයාට පසුගාමී මානසිකත්වයක් ඇති බවත්, ඔහු තම තනිකඩ ජීවිතය තම පියා වෙනුවෙන් ගත කළ ආකාරයටම තම බිරිඳගේ ආදායමෙන් ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට අවශ්‍ය බවත් වීරවරිය දැනගත් විට විවාහයේදී ඔවුන් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙති. ආදායම්. වීරවරිය ඔහුගේ මෙම ආකල්පය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර වෘත්තියක් කිරීමට හෝ රැකියාවක් සොයා ගැනීමට තල්ලු කරයි. චිත්‍රපටයේ ඉතිරි කොටස වීරයා තම ආකල්ප වෙනස් කර ඔහුගේ බිරිඳට සහ පවුලේ අයට ඔහු වෙනස් වී ඇති බව ඔප්පු කරන ආකාරයයි, එබැවින් ඔහුගේ බිරිඳ නැවතත් දිනා ගනී.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/709083567664715/permalink/709093314330407/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1315

◾ THANKAM (2023)◾ රත්තරන් ගනුදෙනු ◾ CRIME / ACTION ◾ 7.3/10 IMDB ◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ ශාහිඩ් අර්ෆත් විසින් අධ...
28/02/2023

◾ THANKAM (2023)
◾ රත්තරන් ගනුදෙනු
◾ CRIME / ACTION
◾ 7.3/10 IMDB
◾ SUBTITLES සිතාර නලින්ද රණසිංහ

ශාහිඩ් අර්ෆත් විසින් අධ්‍යක්ෂණය කරපු 2023 නිකුත් වුනු අලුත් මලයාලම් ෆිල්ම් එකක් තමා මේ. අනුශම් ජෝශී, අපර්නා, වීනම් යන අය ප්‍රධාන චරිත අතුරින් අපට හමුවෙනවා.
කතාව පැත්තට ගියොත්,
කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා එත් ඊට කලින් රත්තරන් ටික තව කොල්ලෙක් අතේ යවලා තියෙනවා.පොලිසියේන් ඇහුවාට කියන්නේ නැ.පස්සේ සාක්ෂි නැති නිසා යවනවා ඒ අයව. පහුවෙනිදා අයෙත් කන්නන් ඒ රත්තරන් බඩු ටික ගන්නවා එවගේ බිස්නස් එකක් තියෙනවා කියලා කන්නන් කියනවා.පස්සේ කන්නන් නෑ. පොලිසියට පැමිනිල්ලක් දානවා. එතකොට එයාලා හොයාගන්නවා කන්නන් මැරිලා කියලා.ඉතින් මෙතනින් එහාට තාමා හොදම හරිය යන්නෙ ඉවර වෙනකම් කුතුහලය තියෙන චිත්‍රපටයක්.හොද වැදගත් පනිවිඩයක් සමාජයට දෙන්න.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1201541303815434/permalink/1201548277148070/?app=fbl

◾ GAALODU (2022)◾ ACTION / ROMANCE ◾ 6.4/10 IMDB ◾ SUBTITLES හෂිනි ඉමාෂා රාජ් හෙවත් රජිනිකාන්ත් (සුදීගාලි සුධීර්) අරමුණක...
28/02/2023

◾ GAALODU (2022)
◾ ACTION / ROMANCE
◾ 6.4/10 IMDB
◾ SUBTITLES හෂිනි ඉමාෂා

රාජ් හෙවත් රජිනිකාන්ත් (සුදීගාලි සුධීර්) අරමුණක් නොමැතිව නගරයේ සැරිසරයි. රජිනිකාන්ත් පෝකර් ගහන්නේ ගමේ සර්පන්ගේ පුතා එක්ක රණ්ඩුවකට පැටලෙනවා. මේ සටනේදී සර්පන්ච්ගේ පුතා මැරෙනවා. රාජ් ගමෙන් පැනලා හයිද්‍රාබාද් වලට එනවා. නගරයට පැමිණි රාජ් යාචකයන්ගෙන් මුදල් ලබාගෙන පන්සලේ ප්‍රසාද් අනුභව කරමින් කාලය ගත කරයි. ශුක්ලා (ගෙහානා සිප්පි) රජිනිකාන්ත්ට හඳුන්වා දෙන්නේ මෙම අනුපිළිවෙලෙහි ය. රජිනිකාන්ත්ගේ තත්වය දුටු ශුක්ලා ඔහුට තම නිවසේ රියදුරෙකු ලෙස රැකියාවක් ලබා දෙයි. පසුව ඇය රජිනිකාන්ත් සමඟ ආදරයෙන් බැඳෙනවා. ඇය ඔහුට යෝජනා කළ විට ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කරයි. මේ අතර පොලිසිය පැමිණ රජිනිකාන්ත් අත්අඩංගුවට ගෙන රැගෙන යයි. රජිනිකාන්ත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/151906771043252/permalink/151954054371857/?app=fbl

◾ RAANAA (2022)◾ රානා...◾ ACTION / ROMANCE ◾ 8.8/10 IMDB ◾ KANNADA නන්දකිශෝර් අධ්‍යක්ෂණය කරපු 2022 එලියට ආපු කන්නඩා මූවි...
23/02/2023

◾ RAANAA (2022)
◾ රානා...
◾ ACTION / ROMANCE
◾ 8.8/10 IMDB
◾ KANNADA

නන්දකිශෝර් අධ්‍යක්ෂණය කරපු 2022 එලියට ආපු කන්නඩා මූවි එකක් තමයි රානා කියන්නේ... මේකේ තාකූර්, සමුයුක්තා, ශ්‍රේයා යන අය ප්‍රදාන චරිත වලින් අපිට හම්බවෙනවා. කතාව පැත්තට ගියොත්,
රානා කියන්නේ පොලිසියට බැදෙන්න ඉන්න අලුත් කොල්ලෙක් පොර ඇකඩම් එහෙම ගිහින් ඉන්නේ ඒ අතරේ පාට් ටයිම් එකක් විදියට කැබ් එකක් පදිනවා.බැංගලුර් වල එතකොට පාලනය කරන මැරයා කපාලී.රානා කොහොම හරි මේ මැරයාව දැනගන්නවා එත් අවුලක් දාගන්නේ නෑ.කොහොම හරි කපාලීට කවුරු හරි ගහනවා.පස්සේ බලනකොට පොරට ගහපු බැට් එක රානා ගේ කාර් එකේ තිබිලා හම්බෙනවා.රානාගේ මල්ලී සුරා හැම තැනම රානා හොයනවා. ඉතුරුටික බලන්න හිතාගන්නවත් බැරි සින් එකක් තියෙන්නේ.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/498633805590657/permalink/499073952213309/?app=fbl

◾ VAATHI (2023)◾ ගුරුවරයා ◾ ACTION / DRAMA ◾ 8.1/10 IMDB ◾ SUBTITLES ( ZOOM LK )◾ CAM COPY WITH SINHALA SUBTITLES චිත්‍ර...
21/02/2023

◾ VAATHI (2023)
◾ ගුරුවරයා
◾ ACTION / DRAMA
◾ 8.1/10 IMDB
◾ SUBTITLES ( ZOOM LK )
◾ CAM COPY WITH SINHALA SUBTITLES

චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන.
රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා.. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ වාතී. මං කිව්වේ, බාලා සර්.
බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/861515181609251/permalink/861568878270548/?app=fbl

Address


Website

Alerts

Be the first to know and let us send you an email when JSB Film posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share