Ceylon Courtroom

  • Home
  • Ceylon Courtroom

Ceylon Courtroom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Courtroom, Media/News Company, .

13/04/2024

PATH TO BE AN ATTORNEY-AT-LAW ! 👨‍⚖️

Join us for a free seminar on the Sri Lanka Law College Special Entrance Examination conducted by Thineth Korasagalla, empowered by Ceylon Courtroom. Gain valuable insights and tips to excel in this crucial examination, ensuring your success in entering the legal profession. Don't miss this opportunity to prepare effectively and confidently for your future career in law.

🔻Registration link in first comment.

ප්‍රවණතාවක් ලෙස බොහෝ අපරාධ වලට මුල් වන ඉඩම් සම්බන්ධ ආරවුල් වලදී ඔබගේ අයිතීන් ද රැකගෙන සාමය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?🔴අද රා...
02/04/2024

ප්‍රවණතාවක් ලෙස බොහෝ අපරාධ වලට මුල් වන ඉඩම් සම්බන්ධ ආරවුල් වලදී ඔබගේ අයිතීන් ද රැකගෙන සාමය ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

🔴අද රාත්‍රී 9.15 සජීවීව.

02.04.2024

16/03/2024
15/03/2024

අංක 22

💢 T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15

[ CA/HCCA/0365/2017 (Decided on 2023.12.15) ]

2010 යනු ශ්‍රී ලංකාවේ අවුරුදු 30ක පමන කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමා වී රට යතා තත්වයට පත් වෙමින් තිබූ කාල වකවානුවකි.

2010 දෙසැම්බර් මස 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම නඩුවේ අභියාචක තැනැත්තා සැකකරුවෙකු ලෙස අත්තඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහු විසින් පොලීසියට කරන ලද ප්‍රකාශයකට අනුව නිත්‍යානුකූල නොවන බලපත්‍ර රහිත ආයුධ “පට්ටකාඩු” ප්‍රදේශයේ සගවා තිබූ ස්ථානයකින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නඩුව, වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව බලපත්‍ර නොමැතිව T-56 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සන්තකයේ තබා ගැනීම (possession) යන වරදවල් දෙක මත අධිචෝදනා පත්‍රයක් වව්නියාව මහාධීකරණයේ විභාග වී අවසන්ව චූදිතයා හට මරණ දඩුවම ලබා දෙමින් දුන් තීන්දුව අභියෝග කරමින් ඉදිරිපත් වූ අභියාචනාවකි.

පළමු චෝදනාව - (Firearm Ordinance) ගිණි අවි ආඥා පනතේ 22(3) වන වගන්තිය සමග කියවිය යුතු එකී පනතේම 1996 අංක 22 සංශෝධිත පනතේ 22(1) වගන්තිය.

දෙවන චෝදනාව - (Explosive Ordinance) 1956 අංක 21 දරණ පුපුරණත් ද්‍රව්‍ය ආඥා පනතේ 9(2) (1996 අංක 33 හා 2005 අංක 18 මගින් සංශෝධිත) Explosive Acts

දිනය 2010 දෙසැම්බර් 23

2010 දෙසැම්බර් 23 වන දින පොලීසියට ලද තොරතුරක් මත මෙම අභියාචකව සැකකරුවෙකු ලෙස යාපනයේ වාදුකොඩායී ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන ඇති අතර දෙසැම්බර් 24 ඔහුව වව්නියාව පොලිස් ස්ථානයට රැගෙන විත් සාක්ෂි ආඥා පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව සැකකරුගෙන් සටහන් කරගන්නා ප්‍රකශයකට අනුව “පට්ටකාඩු” වල සගවා තිබී T-56 ස්වංක්‍රීය ගිනි අවිය සහ ජීව උණ්ඩ 15 සොයාගත් බව පොලීසිය විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්ථා කර ඇත. තවද පරීක්ෂණ වලදී හෙලී වී ඇත්තේ මෙම ගිනි අවිය පුදුකුඩුඉරිප්පු හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුගෙන් සොරකම් කෙරූ එකක් බවයි.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන හා මංකොල්ල කෑම් සිදු කිරීම් සම්බන්ධව සැකකරුවෙකු ලෙස උවමනා වී සිටින පුද්ගලයෙකු ලෙසත් කරුණු අනාවරණය වී ඇති බවත් කරුණු වාර්තා කර තිබුනි.

මහාධිකරණ තීන්දුව

පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 4 දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවමින් නඩු භාණ්ඩ 6ක් නම් කරමින් පැමිණිල්ලේ නඩුව අවසන් කර ඇති අතර විත්තිකරු සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි (Dock Statement) ලබා දෙමින් විත්තියේ නඩුව අවසන් කර ඇත.

පසුව මහාධිකරණ විනිසුරුතුමන් විසින් පළමු චෝදනාවට මරණ දඩුවමත් දෙවන චෝදනාවට අවුරුදු එකක කාලයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද ලබා දෙමින් තීන්දුව ලබා දෙන ලදී.

අභියාචකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රාකාර “ප්‍රකාශය” සාක්ෂියක් ලෙස යොදා ගැනීමට නොහැකි බවත්, ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් ලබා දී ඇති තීන්දුව කිසිදු සාක්ෂිමය හේතු කරුණු දැක්වීමකින් තොරව නිගමනයකට එලබ ඇති බවත් ය.

අභියාචණාධිකරණ තීන්දුව

ගරු අභියාචණාධිකරණ විනිසුරු පී.කුමාරරත්නම් විනිසුරුතුමා විසින් පෙන්වා දී ඇත්තේ, සාක්ෂි ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අභියාචනාකරුගෙන් ලබා ගත් ප්‍රකාශය මත සොයා ගන්නා ලද ස්වංක්‍රීය ගිණි අවිය සහ උණ්ඩ සම්බන්ධව නඩු විභාගයේදී පැමිණිලි පාර්ශව විසින් ඊට අදාලා ප්‍රකාශය හා සොයා ගත් ගිණි අවිය සහ උණ්ඩ අතර පවතින සම්බන්ධතාවය සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond Reasonable Doubt) ඔප්පු කල යුතු බවත් ය.

අභියාචක විසින් පොලීසියට ලබා දී තිබූ ප්‍රකාශයේ සොයාගත් ආයුධය වලට අදාල කොටස වූයේ..

පරිවර්තනය කරන ලද මහාධිකරණ නඩු ගොනුවේ 39 වන පිටුවේ, නඩුව විභාගයේදී පැමිණිල්ල විසින් p1 ලෙස සලකුණු කර තිබූ කොටස 👇

" එය පට්ටකාඩු වල අගලක් යට සගවලා තියෙනවා. එම ස්ථානය මට පොලීසියට සොයාදෙන්න පුලුහන්"

ගරු අභියාචණාධිකරණය තවදුටත් පෙන්වාදී ඇත්තේ මෙම නඩුවේ තිබෙන එකම සාක්ෂිය මෙය බවත්, මෙහි කිසිදු ස්ථානයක සොයාගත් "T-56 ස්වයංක්‍රීය ගිණි අවිය හා උණ්ඩ" සම්බන්ධව අභියාචක විසින් සදහන් කර නොමැති බවත්, අභියාචක හා මෙම අපරාධය අතර ඇති සම්බන්ධතාවය වෙනත් කිසිදු සාක්ෂියකින් හෝ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවත් ය.

තවද උගත් මහාධිකරණ විනිසුරුතුමන්ගේ තීන්දුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 283(1) වගන්තිය ප්‍රකාරව සපුරාලිය යුතු අංග නොමැති බවත් අභියාචණාධිකරණය පෙන්වාදෙන ලදී.

එනම් තීන්දුව ලබා දීමේදී නිශ්චය කළ යුතු වූ කරුණ හෝ කරුණු ද ඒ පිළිබද තීරණය ද ඒ තීරණයට හේතු ද එහි ඇතුලත් විය යුතු බවයි. මේ සම්බන්ධව අභියාචණාධිකරණය තවදුරටත් පහත නඩු තීන්දු හා ලිපිය පෙන්වාදෙමින් විග්‍රහ කර ඇත.

Moses v The State 1993 3 SLR 401
Ibrahim v Inspector of Police Rathnapura 59 NLR 235
Article - “The Art of Writing Judgment” by Justice Sunil Ambwani

ඒ අනුව ගරු අභියාචණාධිකරණය අභියාචනාවට අවසර ලබා දෙමින් ඒකමතිකව තීරණය කර ඇත්තේ ගරු මහාධීකරණය විසින් 1 හා 2 චෝදනාවලට පිළිවෙලින් ලබා දුන් මරණ දණ්ඩනය හා එක අවුරුදු බරපතල වැඩ සහිත සිරදඩුවම ඉවත්කර නිදොස් කොට නිදහස් කරන ලදී.

තවද මෙම නඩුව නැවත නඩු විභාගයක් (Re-Trial) සදහා යොමු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් පෙන්වා දෙන ලදී.

✍️ නීතිඥ තිනෙත් කොරසගල්ල.

ලංකාවේ ජනපති මෙච්චර බලවත්ද ?නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා හා  ජනිත වැලිකලගේ මහතා  විසින්  ජනපති බලතල ගැන කෙරෙන පුළුල් විග්‍...
28/02/2024

ලංකාවේ ජනපති මෙච්චර බලවත්ද ?
නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා හා ජනිත වැලිකලගේ මහතා විසින් ජනපති බලතල ගැන කෙරෙන පුළුල් විග්‍රහය

Ceylon Courtroom | Episode 03

අන්තර් ජාල වංචාවන් සඳහා නිතිය  👨‍⚖️ජනිත වැලිකලගේ මහතා සම්බන්ධ වන විශේෂ ගුවන්විදුලි වැඩසටහන  VFM 107
12/12/2023

අන්තර් ජාල වංචාවන් සඳහා නිතිය 👨‍⚖️

ජනිත වැලිකලගේ මහතා සම්බන්ධ වන විශේෂ ගුවන්විදුලි වැඩසටහන
VFM 107

ස්ත්‍රී දූෂණ, ගණිකා නිවාස, SPA නීතිය දැනගනිමුද?සමාජයක් වශයෙන් කතිකාවකට භාජනය නොවන මාතෘකාවන් වන ගණිකා නිවාස, ස්ත්‍රී දූෂණ...
29/11/2023

ස්ත්‍රී දූෂණ, ගණිකා නිවාස, SPA නීතිය දැනගනිමුද?

සමාජයක් වශයෙන් කතිකාවකට භාජනය නොවන මාතෘකාවන් වන ගණිකා නිවාස, ස්ත්‍රී දූෂණ , ළමා අපචාර ,බරපතල ලිංගික අපයෝජන වැනි මාතෘකාවන් වල නීතිමය පසුබිම සම්බන්ධව Ceylon Courtroom හරහා සාකච්ඡාවට බඳුන් වෙයි. මෙම සාකච්ඡාව නීතිය සම්බන්ධ ඇල්මක් දක්වන ජනතාවට ශිෂ්‍යයන් වගේම නීති සම්බන්ධ උනන්දුවක් දක්වන සියලු දෙනාටම විවෘතයි නීතිඥවරුන් දෙදෙනෙකු වන තිනෙත් කොරසගල්ල මහතා හා ජනිත වැලිකලගේ මහතා විසින් මෙහෙයවනු ලබයි.

Ceylon Courtroom | Episode 02

full video link in comment section👇

ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද?👨‍⚖️paths to be a LAWYER in SRILANKA | LEGAL TALKS | EP1first episode of our "𝐋𝐄𝐆𝐀𝐋 𝐓𝐀𝐋𝐊𝐒" po...
08/09/2023

ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද?👨‍⚖️
paths to be a LAWYER in SRILANKA | LEGAL TALKS | EP1

first episode of our "𝐋𝐄𝐆𝐀𝐋 𝐓𝐀𝐋𝐊𝐒" podcast series is now avilable on YouTube!

stay tuned and subscribe now!

Sri Lanka's First Ever Law related Podcast Series!🎙Get ready to dive into the world of legal insights and expertise with...
05/09/2023

Sri Lanka's First Ever Law related Podcast Series!🎙

Get ready to dive into the world of legal insights and expertise with Sri Lanka's groundbreaking podcast series. Whether you're a legal professional, a curious citizen, or just someone interested in understanding the intricacies of the law, Here is your gateway to the fascinating world of legal matters in Sri Lanka.

Stay tuned for thought-provoking conversations, insightful analysis, and a fresh perspective on the legal system as we gear up to launch Sri Lanka's first-ever law-related podcast! 🤘

02/09/2023

Ceylon Courtroom Soon on YouTube!
Stay Tuned !✌️

Please find the link below in 1st Comment. 👇

Stay Tuned! ⏳Ceylon Courtroom
01/09/2023

Stay Tuned! ⏳
Ceylon Courtroom

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Courtroom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Courtroom:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share