Gossip Lanka News

  • Home
  • Gossip Lanka News

Gossip Lanka News උණුසුම් පුවතක් ලද සැනින් නිවැරදිව දැ?

29/04/2023

පඩි හම්බවෙනකන් ණයක් ඉල්ලගන්න පුළුවන් ධනපති යාළුවෙක් හැමෝටම ඉන්නවා😃😃🙊

30/03/2023
පුළුවන් නම් දායක වෙන්න.!!!අපිට සිංගප්පූරුවට යන්න බෑ නේ.. අපිම තමා කරගත්තොත්..
30/03/2023

පුළුවන් නම් දායක වෙන්න.!!!
අපිට සිංගප්පූරුවට යන්න බෑ නේ.. අපිම තමා කරගත්තොත්..

විකිණිමට ටීවි එකක් ඇත😎
28/03/2023

විකිණිමට ටීවි එකක් ඇත😎

© Loku Talks
28/03/2023

© Loku Talks

සැන්දෑ කළුවර, එදාමෙදාතුර, බුදුහාමුදුරුවෝ වැඩියාවාගේ වැනි ගීත මින් පසුව සජීවීව නොඇසෙනු ඇත.. 🥺🥺
28/03/2023

සැන්දෑ කළුවර, එදාමෙදාතුර, බුදුහාමුදුරුවෝ වැඩියාවාගේ වැනි ගීත මින් පසුව සජීවීව නොඇසෙනු ඇත.. 🥺🥺

සංගීත් ඔබට ඉක්මන් සුවය ලැබේවා!!(මොළයේ ලේ කැටියක් සිර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත)
28/03/2023

සංගීත් ඔබට ඉක්මන් සුවය ලැබේවා!!

(මොළයේ ලේ කැටියක් සිර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත)

🔴🔴🔴 ශ්‍රීපාදය කියන්නෙ ඉතා සංවේදී පරිසර පද්දතියක් තියෙන රක්ශිතයක්. පිච්ච වගේ ආගන්තුක ශාකයක් ඒ වගේ සංවේදී පරිසර ප්ද්දතියකට...
28/03/2023

🔴🔴🔴 ශ්‍රීපාදය කියන්නෙ ඉතා සංවේදී පරිසර පද්දතියක් තියෙන රක්ශිතයක්. පිච්ච වගේ ආගන්තුක ශාකයක් ඒ වගේ සංවේදී පරිසර ප්ද්දතියකට එකතුකරන එක මෝඩකමක්. Primary forest එකකට ආවට ගියාට එහෙම වෙනත් ශාක හිටවන එක පරිසර පද්දතියට විශාල හානියක්. අනික පිච්ච කියන්නෙ දේශීය ශාකයකුත් නෙමෙයි…

කරුණාකර එසේ දුටුවොත් ගලවා දමන්න..!!! බුදුදහම තුල සොබාදහමේ වටිනාකම ගැන කතා කලත් මේ පිරිස් කරන්නේ එය විනාශ කරන එක..

ටිපර් පාක් කිරීමට අවසර ඇත..

🔴තෙල් සංස්ථාවේ සෙඩ් 450ක් විදේශ සමාගම් 3කට දීමට කැබිනට් අනුමැතිය..ඒ අනුව චීනයේ sinopec.. United Petroleum of Australia හ...
27/03/2023

🔴තෙල් සංස්ථාවේ සෙඩ් 450ක් විදේශ සමාගම් 3කට දීමට කැබිනට් අනුමැතිය..

ඒ අනුව චීනයේ sinopec.. United Petroleum of Australia හා Shell යන සමාගම් වලට ඉන්දන බලපත්‍ර ලැබෙයි..වසර 20ක් වලංගු වන ලෙස මෙලෙස බලපත්‍ර ලබා දී ඇත..

🔴 මේ කතාව මේ නංගි ගැන නෙමෙයි.. මෙහෙම දන් දෙන්න හැමෝටම පුලුවන් කියලා දැනුවත් කරීම අරමුණ... කියවන්න..- නොදන්නා අයටත් ජීවත්...
27/03/2023

🔴 මේ කතාව මේ නංගි ගැන නෙමෙයි.. මෙහෙම දන් දෙන්න හැමෝටම පුලුවන් කියලා දැනුවත් කරීම අරමුණ... කියවන්න..

- නොදන්නා අයටත් ජීවත් වෙන්න... ජීවිතය දෙන මිනිසෙකු වන්න - 🖤

ඔබේ නිරෝගි අවයව මරනයෙන් පසු ඉතා ඉක්මනින් ලබා දුනහොත් අන් ජීවිත ජීවත් කිරීමට හැකි නේද ඔබත් සිතන්න....❤️
___________________________________

පෙරුම් දම් පුරන බෝසත් උතුමකුගේ මග යමින් තමන් ජීවත්ව සිටියදීම මෙන්ම මරණින් පසු අන් කෙනෙකුගේ යහපත පිණිස තම සිරුරේ අවයව දන්දීමේ අවස්‌ථාව වර්තමානයේදීද උදාවී තිබේ.

ඇත්තටම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකුම විය යුතු නැත. සිතේ කරුණාව උපද්දවා ගැනීමට හැකියාව ඇත්නම් ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයැදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කිරීමට පුළුවන.

🔴 ඔබට ආකාර තුනකින් මේ සදහා දායක විය හැකිය. ඒ වගේම ඔබට ඒකට විශේෂ සුදුසුකම්ද තිබිය යුතුයි..

🔹1. "ඇස් දන් දීම"

ළදරු වියේ සිට මහළු විය දක්වා වයස සිමාවක් නැත. පැය 3ක් ඇතුලත ඇස් ලබාගත හැකි පරිදි 0112692051 දුරකථන අංකය මගින් අක්ෂිදාන සංගමයට දැනුම් දී ඇස් දන්දීම සිදු කල යුතුය.

🔹2. "සිරුරේ කොටස් දන් දීම"
(පටක, ඇස්, හදවත, වකුගඩු, අස්ථි , සම,.....)

මිය යන විට වයස අවුරුදු 70ට අඩු නම් පැය 12ක් ඇතුලත අවශ්‍ය පටක ලබාගැනීමට සිරුර පටක බැංකුවට ගෙන යා යුතුය.
සිරුර නැවත අවශ්‍ය නම් ආපසු භාරදිය හැකිය.

මෙසේ ලබා ගන්නා කොටස් අනතුරු වලට ලක්වීමෙන් බරපතල අවස්ථාවලට ලක් වන්නන් වෙනුවෙන් නොමිලේම සපයා දෙයි.

🔹‌‌‍3. "වෛද්ය විද්යාලයට සිරුර භාරදීම."
වයස් සීමාවක් නැත.

▪️ඒසේම විවිධ වෛරස් අසාදන, සමාජරෝග වලින් මිය යන අයගේ සිරුරු කොටස් මෙලෙස දන් දිය නොහැක.
▪️නීතිමය ගැටලු සහිත හා සියදිවි හානිකරගත් පුද්ගලයන්ගේ සිරුරු මෙලෙස කොටස් ලබා ගැනීමට බාර ගනු නොලැබේ.
______________________________________
🔴 ඒ සදහා;
- සාමාජිකත්වය ලබාගන්නා ආකාරය -

ඇස් සහ සිරුර දන්දීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීමට, ඔබට පහත වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදු කළ හැකිය.

http://htb.mobitel.lk/

🔹1. පළමුව ඔබ පොරොන්දු පත්‍රයක් ලබාගතයුතුය.
පොරොන්දු පත්‍රයක් පහත සදහන් අයගෙන් හෝ ඔබ ප්‍රදේශයේ පොරොන්දු පත්‍ර ලබාදෙන අයෙක් සිටිනම් ඔහුගෙන් ලබාගන්න.

🔹2. පොරොන්දු පත්‍රය A හා B ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. එම කොටස් දෙකම පුරවා. B කොටස පමණක් ඔබ පොරොන්දු පත්‍රය ලබාගත් අයට ආපසු ලබාදෙන්න.

🔹3. B කොටස ලබා දීමෙන් පසුව කහ පැහැති සාමාජික කඩ් පත ඔබට ලැබෙනු ඇත.

🔹4. සාමාජික කඩ් පතේ ඔබගේ හැදුනුම්පත් අංකය දමා, දායකයාගේ අත්සන ලෙස සදහන් ස්ථානයේ ඔබගේ අත්සන යොදන්න.

(එය ලැමිනේට් කර හෝ හානි නොවී තබාගත හැකි ක්‍රමයක් අනුගමනය කර පසුම්බියේ දමාගෙන සිටීමෙන්;
නිවසින් බැහැරව සිටින විටකදී මියගියහොත් ඔබගේ පාර්ථනය ඉටු කරගැනීම සදහා වැඩි අවස්ථාවක් උදාවෙනු ඇත .)

🔹5. ඔබට ලැබුණු සාමාජික කඩ් පතේ ඇති දායක අංකය, ඔබ පිරවූ පොරොන්දු පත්‍රයේ A කොටසේ ඇති දායක අංකය යන ස්ථානයේ දමන්න.

(එයද ලැමිනේට් කර හෝ හානි නොවී තබාගත හැකි ක්‍රමයක් අනුගමනය කර , නිතර පෙනන තැනක තැබීමෙන් ඔබ මියගියහොත් ඔබගේ පාර්ථනය ඉටු කරගැනීම සදහා වැඩි අවස්ථාවක් උදාවෙනු ඇත. )

🔴 පොරොන්දු පත්‍ර ලබා ගැනිමට හා වැඩි විස්තර දෑනගැනිම සඳහා

කොළඹ 07, විද්‍යා මාවතේ ශ්‍රීලංකා අක්ෂි දාන සංගමයේ මිනිස් පටක බැංකුව වෙතින් හෝ,
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංක ඇමතීමෙන් ලබා ගන්න.
කොළඹ - අක්ෂිදාන සංගමය -
011-2692051 ,
011-2698040 / 41 / 43 ,
011-5742929

ඔබත් අන් අයගේ යහපත උදෙසා පොරොන්දු පත්‍ර ලබාදෙන අයෙක්නම්,
ඔබගේ විස්තර මෙහි සදහන් කරන්න.

එවිට ඔබගේ ප්‍රදේශය අවට පොරොන්දු පත්‍ර අවශ්‍යතාවයන් ඇති අයට ඔබ හරහා පහසුවෙන් පොරොන්දු පත්‍ර ලබාගැනීමේ අවස්ථාව ඉටුකරගත හැකි බැවින් එය ඉතා කාර්යක්ෂම සේවයක් වනු ඇත.
_______________________________________

ඒ උතුම් දානය ක්‍රියාවට නංවමින් අපගේ ශරීරය සහ ශරීර කොටස් පහන් සිතින් යුතුව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත්ම පැකිළිය යුතු නැත. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණය.

ඒ වෙනුවෙන් මරණින් පසු ඔබත් ඔබේ ඇස් හෝ සිරුරේ කොටස්; ඒ අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන අපේම මිනිසුන් උදෙසා පරිත්‍යාග කිරීමට කැමති ඔබ; ඉහත දැක්වූ පරිදි ඒ මහා පුණ්‍ය කර්මයට නොපමාව සහභාගීවන්න
(Copied post)

🔺දෙසැම්බරයට පෙර මැතිවරණයක් තියේවි..  - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  -
27/03/2023

🔺දෙසැම්බරයට පෙර මැතිවරණයක් තියේවි.. - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ -

ඔබ ගැනම ලැජ්ජා වෙන්න..!!!ඔබේ ශ්‍රද්ධාව හිතේ පමණක් තබාගෙන කරුණාකර ගෙදර ඉන්න.. මේවා අති සංවේදී පරිසර කලාපවේ..
27/03/2023

ඔබ ගැනම ලැජ්ජා වෙන්න..!!!
ඔබේ ශ්‍රද්ධාව හිතේ පමණක් තබාගෙන කරුණාකර ගෙදර ඉන්න.. මේවා අති සංවේදී පරිසර කලාපවේ..

27/03/2023

"ඔයාට කැමති නම් කේන්දර බලන්න අම්මා.. කේන්දරේ හොද උනත් නැතත් මම එයාව බදිනවා.."

"හිතේ කහට ඕනෑ නෑ නේ.. කේන්දරේ නොබලා ඉමු.. ඔයාල දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් එච්චරයි..
ඕනිම සම්බන්ධයක වටින්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසයයි"

29 බදින්න එපා..??

බම්බුව තමයි.. කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ..

ඔක්කොම ගැලපුවත් අදහස් වෙනස් නම් පේනවා නේද පහල.. 🫢 ඕකෙන් සීයට 90ක් වගේ හරියටම කේන්දර බලලා හොද වයස පන්නලා බැදපු උන් තමයි..

අනිත් කෙනාව තේරෙන්නේ නැත්තන්?
අහන් ඉන්න පුරුදු වෙන්න.තේරුම් ගන්න උත්සාහ කරන්න.Effort එකක් ඇති තැන කරන්න බැරි දෙයක් නැහැ..🤗

"විශ්වාසය කියන්නේ පිරිමි ළමයා වෙන ගෑනු ලමයි එක්ක කතා නොකර හා ගැහැණු ලමයා වෙන පිරිමි ලමයි එක්ක කතා නොකර ඉන්න එක නේද?"
ඔබ අසාවි..
කොහොමත් නැහැ..මුළු ලෝකයත් එක්කම ගැටුණත් choice එකෙන් අනෙක් කෙනාව සෑමවිටම තෝරාගැනීමයි විශ්වාසය රැකීම කියන්නේ..
"තමන්ගේ ජීවිතේ වෙන හැමදේම කියන්න ඕනි නේද විශ්වාසය රකින්න???"

ඒ වගේම රහස් තියාගන්න එපා.. Open වෙන්න කියලා දාන්න... S*x 🫠 ඒකත් කතා කරන්න..

ඉතින් මේ සරල දේවල් ටික කරන්න පුලුවන්නම් හොදටම ඇති ඔබේම Perfect relationship එකක් හදාගන්න..😊

අන්තිමටම කියන්නම්..

සමහර මිනිස්සු ඉන්නවා.. ඒ මිනිසුන්ට හි ගා කන්න ලැජ්ජයි.. ඒනිසා ඒ මිනිස්සු කරන්නේ කේන්දරයක් කිය කිය එකක් ගලප ගලප කීයක් හරි හොයාගෙන හොදට ඉන්න කපල් වෙන් කරන එක..

අහුවෙන්න එපා..කෙල්ලට කොල්ල හොදයි නම්.. කොල්ලට කෙල්ල හොදයි නම්.. වයසත් හරි නම් ( I mean අක්ක මල්ලි උනත් ) බැදපන්.. ❤️😇

සුභපැතුම්.

මලියදේව බාලිකාවේ විහඟනා හදවත-පෙණහලු දන් දී නිර්වින්දන වෛද්‍යවරියට ජීවිතය දෙයි..!🔴 තවත් 4කගේ දිවි බේරයි🔴 ද්විබද්ධයක් කර ව...
27/03/2023

මලියදේව බාලිකාවේ විහඟනා හදවත-පෙණහලු දන් දී නිර්වින්දන වෛද්‍යවරියට ජීවිතය දෙයි..!

🔴 තවත් 4කගේ දිවි බේරයි

🔴 ද්විබද්ධයක් කර වෛද්‍යවරු වාර්තාවක් තබති

හදවත සහ පෙණහලු යන ශරීර අවයව දෙකම රෝගියකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය දා සිදු කළහ.

මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු මෙසේ වෙනත් රෝගියකුට බද්ධ කෙරුණු අතර, මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයකි. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේ දී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නීරෝගි ජීවිතයක් ලබා දී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනෙකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයකි.

විහඟනා සිසුවිය අඹන්පොළ නගරයේම පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවා වූවාය. ඇයට වැඩිමල් එක් සොයුරියක් සහ සොයුරෙකු සිටින අතර සොයුරියද මලියදේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියි . විහඟනා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට ඇතුළත්ව ඇත.

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයටද ඇය සාර්ථකව පෙනී සිට ඇත. ඉන් පසුව හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා පසුගිය දා (17) ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. එහි දී ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදිනම රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහි දී සිහිය නොලබාම ඇය මරණයට පත්ව ඇත.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ ඔඩු දුවා තිබීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බව කියයි. පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීමට පියවර ගෙන තිබුණි. නමුත් ඒ වන විටද විහඟනා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොයුරියද සමඟ එක්ව මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව ද කියයි.

“විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටිය අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම හරිම පරිත්‍යාගශීලි කෙනෙක්. තමන් සතු ඕනෑම දෙයක් අනෙක් අයට නොපැකිළිව දීමට තරම් පරිත්‍යාගශීලි කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා අක්කා වගේම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න. නමුත් ඒ දරුවාගේ වගේම දෙමාපියන්ගෙත් හීන සියල්ලම බොඳ වෙලා ගිහින් ඉවරයි.

ඒත් මේ දරුවා දන් දුන්න ශාරීරික අවයවවලින් මේ වන විට රෝගී පුද්ගලයන් පස් දෙනෙකුටම නීරෝගිව ජීවත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මහඟු පිනම ඇති මේ දරුවාට නැවත නීරෝගිමත් ජීවිතයක් ලබන්න..Ó විහඟනාගේ උසස් පෙළ පන්තිය බාරව කටයුතු කළ ලක්මිණි සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න

27/03/2023

🔴ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව උපවාසයක්..

සාර්ථකව උපවාසය
මාRa . න්තිකම වේවා.. අවසානයේ නිවන් සුව.!!!😣🙏

වසර ගණනාවක් පුරාවට පුරන් වී තිබී අස්වැද්දූ කොහොමඩ වෙල්යායේ ගොයම් කැපීමේ උත්සවය 24 දා පැවැත්වුනා. කොහොමඩ වෙල්යායේ ගොයම් ක...
27/03/2023

වසර ගණනාවක් පුරාවට පුරන් වී තිබී අස්වැද්දූ කොහොමඩ වෙල්යායේ ගොයම් කැපීමේ උත්සවය 24 දා පැවැත්වුනා. කොහොමඩ වෙල්යායේ ගොයම් කැපීමේ උත්සවය සඳහා මා සහභාගී වුනා.

© Mahindananda Aluthgamage

26/03/2023

2025 වෙනකොට දැන් මේ විකුණන ඒවයෙන් ලැබුන සල්ලි වලට මොකද උනේ කියලා හොයන්න කමිටුවක් පත්කලේ නැත්නම් මේක ලංකාව නෙමෙයි ..👍

26/03/2023

සිංහල අළුත් අවුරුදු සමයේ එනම් අප්‍රේ 01 සිට අප්‍රේ 12 දක්වා ඕනෑම පුද්ගලයෙකුට මහාමාර්ග දෙපස සිට වෙළදාම් කිරීමට රජය
අවසර ලබාදේ..!

විශිෂ්ටතම ගායිකාවට හිමි සම්මානය 🏆️🙏-- රයිගම් සම්මාන උලෙළ 2023-- ටෙලි නාට්‍යය - පිච්ච මල සුවඳයි-- සංගීතය - ගයාන් ගණකධාර--...
26/03/2023

විශිෂ්ටතම ගායිකාවට හිමි සම්මානය 🏆️🙏
-- රයිගම් සම්මාන උලෙළ 2023
-- ටෙලි නාට්‍යය - පිච්ච මල සුවඳයි
-- සංගීතය - ගයාන් ගණකධාර
-- පද - වසන්ත කුමාර කොබවක
-- අධ්‍යක්ෂණය - සමන් කුමාර ලියනගේ

📷 by NEXUS Creations

© Lokutalks
26/03/2023

© Lokutalks

🔴බෙල්ලන්විල පාක් එකේ සීදේවී.!!!තත්පර ගානකින් ගොඩට එනවලු.. කපල් පරිස්සමින්..!!! දිග අඩි 12ක් පමණ.. වැව රවුම විශේෂිතයි..
25/03/2023

🔴බෙල්ලන්විල පාක් එකේ සීදේවී.!!!
තත්පර ගානකින් ගොඩට එනවලු.. කපල් පරිස්සමින්..!!! දිග අඩි 12ක් පමණ.. වැව රවුම විශේෂිතයි..

ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුව...
25/03/2023

ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා. පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.
කෙසේ උවත් කිවයුතුම දේ....මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න
- එම් ජී ඩී දයාරත්න-

හිත හොද හො,රු.. 😁😁සාගරිකා කෝච්චියේදි පර්ස් එකට ශො.ට් එක දීපු අයියෙක් ලියුමකුත් එක්ක ආපහු එවලා.. ❤Coppied
24/03/2023

හිත හොද හො,රු.. 😁😁
සාගරිකා කෝච්චියේදි පර්ස් එකට ශො.ට් එක දීපු අයියෙක් ලියුමකුත් එක්ක ආපහු එවලා.. ❤

Coppied

24/03/2023

Breaking 💥
IMF එකෙන් ලැබුණු $ මිලියන 330න්, 121ක් ඉන්දියාවෙන් ගත්ත ණය වලට ගෙවලා..
දැන් ඉතිරි $ මිලියන 209යි.

මේ කාලේට ගැලපෙනම දන්සැල්මේවා ❤️🙏
24/03/2023

මේ කාලේට ගැලපෙනම දන්සැල්
මේවා ❤️🙏

මෙවර  කොලොන්නේ    කඩඉම්  වැඩිම  ලකුණු 183  දඹේමඩ   අහිංසක  දුප්පත්  පවුලක උපන්  පුතෙකුට. ඔහුට රාජකීය විදුහලට අයදුම් ...
24/03/2023

මෙවර කොලොන්නේ කඩඉම් වැඩිම ලකුණු 183 දඹේමඩ අහිංසක දුප්පත් පවුලක උපන් පුතෙකුට. ඔහුට රාජකීය විදුහලට අයදුම් කිරිමට සුදසුකම් ඇත.පුලුවන් විදියට.

0771516111 විදුහල්පති.

ඔබට නිවන් සුව ලැබේවා !💔🏳️🙏
24/03/2023

ඔබට නිවන් සුව ලැබේවා !💔🏳️🙏

youtube,tiktok අලුත්කඩේ street food ලණු කන්න එපා 🤢යාලුවෝ 6 එක්ක ගියා අලුත්කඩේ street food කන්න තවම 4 දෙනාට බඩේඅජිරණේ හොද...
24/03/2023

youtube,tiktok අලුත්කඩේ street food ලණු කන්න එපා 🤢
යාලුවෝ 6 එක්ක ගියා අලුත්කඩේ street food කන්න තවම 4 දෙනාට බඩේඅජිරණේ හොද උනේ නෑ
පලවෙනි පොටෝ එකේ තියෙන්නේ bbq කරන්න චිකන් සීසන් කරලා තියන තැන එක වැසිකිලි වලක් වැසිකිලිපොච්චියත් තියනවා ඒ වැඩ කරන ළමයට වැරදිලා සම්පුර්ණ අරුණ අපි දැක්ක විතරයි පොර ඉක්මනට වැහුව
ඔය beef එක නරක වෙලා තිබුනේ ඒ මනුස්සයට එක කියුවම "පිස්සුද මහත්තය අද ඒවා කියල"මිනිස්සුන්ට දෙන එකටම එක දැම්ම
තවත් දැක්ක වැදගත්ම දෙයක් තමයි කොත්තු දෙද්දී ටේබල් වල කන ඒවා මෙයාල විසික් කරන්නේ නෑ එකතු කරනවා ඊට පස්සේ ඔය යට තියන එකට දානව ගෙනියන්න දෙන ඒවාට කවලමට දානවා මේක ඉස්සරහට පෙන්නේ නෑ පැත්තෙන් පෙන්නේ
මේ බිම විදුරු නම් හෝදන්නේ නෑ
කව්රුවත් සැන්විච් හදද්දී ග්ලව්ස් දාල හිටියේ නෑ සමහරුන්ගේ අත්වල තුවාල
තැටි දැක්කම කෑම එපා වෙනවා
අනේ මන්ද youtube,tiktok වලින් මේ වගේ සව්ස්තු තැන් ප්‍රොමෝට් කරන්න එපා
මොකද මේ කෑම ගොඩක් ගණන්
ලොකු මුදලකට මෙහෙම අපිරිසිදු කෑම දෙන්න එපා
අපි නම් ඇත්තටම අවේ youtube වීඩියෝ දැකල ආසාවට
එත් මෙතන තනිකර අපා.යක්
PHI ලා නිදිද මන්ද
සල්ලි නාස්ති කර ගන්න එපා ඔය කියුවේ අප්පේ අත්දැකීම 🤢🤮

(බඩජාරි ස්ංගමය පිටුවෙනි)

කීමට කිසිත් නැත 🥹🥲🥹💔
18/05/2022

කීමට කිසිත් නැත 🥹🥲🥹💔

කිලෝමීටර් 3ක් විතර තෙල් නැතුව තල්ලු කරන් ඇවිල්ලා, පෝලිමේ පැය ගානක් ඉඳලා, වැස්සටත් අහු වුණාට පස්සෙ ශෙඩ් එකේ තෙල් ඉවර වුණා...
17/05/2022

කිලෝමීටර් 3ක් විතර තෙල් නැතුව තල්ලු කරන් ඇවිල්ලා,
පෝලිමේ පැය ගානක් ඉඳලා,
වැස්සටත් අහු වුණාට පස්සෙ

ශෙඩ් එකේ තෙල් ඉවර වුණාම..😌😌😌😌
මේ සැප ලෝකේ......😵‍💫😵‍💫😵‍💫🤪

ටික්ටොක් ටික්ටොක්, තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, මේ ගතවෙන්නේ ඔබේ ධනයයි ඔබේ ධනය විනාශ කරන්නෙක් නැවත බල...
17/05/2022

ටික්ටොක් ටික්ටොක්, තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, මේ ගතවෙන්නේ ඔබේ ධනයයි ඔබේ ධනය විනාශ කරන්නෙක් නැවත බලයට ගේන්න එපා..☝️

කටකතා අසත්‍යයයි. එතුමා සුවෙන් !
17/05/2022

කටකතා අසත්‍යයයි. එතුමා සුවෙන් !

නිකන් තෙල් ගහන මිනිස්සු මෙහෙම රස්තියාදු උනාට කමක් නෑ.. සල්ලි දීල තෙල් ගහන මැති ඇමතිවරු සංතෝෂෙන් නම්..🙂
17/05/2022

නිකන් තෙල් ගහන මිනිස්සු මෙහෙම රස්තියාදු උනාට කමක් නෑ.. සල්ලි දීල තෙල් ගහන මැති ඇමතිවරු සංතෝෂෙන් නම්..🙂

අරගලය නැත් නම් නන්දලාලුත් නැහැ. මේ වෙනස් කමුත් නැහැ. තාමත් අපි ආර්ථික අවපාතයෙන් ගොඩ ඇවිල්ලා නැතිවුනත්, දන්න මනුස්සයෙක් ව...
16/05/2022

අරගලය නැත් නම් නන්දලාලුත් නැහැ. මේ වෙනස් කමුත් නැහැ. තාමත් අපි ආර්ථික අවපාතයෙන් ගොඩ ඇවිල්ලා නැතිවුනත්, දන්න මනුස්සයෙක් වැඩක් කරන නිසා බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන් !

තාම හිතනවා නම් අර අරගලය අස්සේ ඉන්නේ ජෙප්පෝ, මුන් ආතල් ගන්නවා, බුරියානි කනවා වගේ එකක් කියලා, කොහොම මෙවා කියලා දෙන්නද තේරේන්නේ නැහැ.

දැන්වත් ඔලුව පාවිච්චි කරලා හිතන්න කාලේ හරි! අරගලයේ හැමොම කට වල් වහන් ගේදර හිටිය නම් නන්දේ තාම හානවා, " අපි තමයි හොදටම කොලේ කියලා"

අරගලයට ජය!

Copied

එහා ගමේ තෙල් පොලිමයි මෙහා ගමේ තෙල් පෝලිමයි මඟදි සෙට් වුනාම 😧😒
16/05/2022

එහා ගමේ තෙල් පොලිමයි මෙහා ගමේ තෙල් පෝලිමයි මඟදි සෙට් වුනාම 😧😒

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gossip Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share