03/10/2024
ඔයාගේ සමාජ මාධ්‍ය පිටුවල ඉන්න ප්‍රේක්ෂකයන්, ඔයාගේ ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවා මිලදී ගන්න පාරිභෝගිකයන් බවට පරිවර්තනය කරගන්න රහස තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඔයා, ඔයාගේ සමාජ මාධ්‍ය පිටුවල පළ කරන පළ කිරීම්, එහෙමත් නැත්තං අන්තර්ගතයන් මතයි.
ඒ වගේ ආකර්ශනීය අන්තර්ගතයන් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු පිළිබඳව අපි අද මේ ලිපියෙන් සාකච්ඡා කරනවා.
1) අන්තර්ගතයක් නිර්මාණය කිරීමේදී මුලින්ම සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ වන්නේ, ඔයා, ඔයාගේ සමාජ මාධ්‍ය පිටුව හරහා විකිණුම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක ගත ප්‍රේක්ෂකයන් කවුරුන්ද යන්න තේරුම් ගැනීම මතයි.
ඒ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතා, රුචිකත්වය වගේම ඔවුන්ගේ සංවේදීතාවය හඳුනාගෙන, ඔවුන් සඳහා කෙලින්ම කතා කල හැකි අන්තර්ගතයක් නිර්මාණය කිරීම වඩා වැදගත් වෙනවා.
2) ඔයාගේ සමාජ මාධ්‍ය පිටු වෙනුවෙන් අන්තර්ගත නිර්මාණය කිරීමේදී මීළඟට අවධානය දිය යුතු වැදගත්ම කරුණක් වන්නේ, එම අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා රූප, වීඩියෝ හෝ ඉන්ෆොග්‍රැෆික්ස් වඩාත් උසස් තත්ත්වයේ ඒවා වීමයි.
මොකද තරගකාරී වගේම, වෙනත් දේවල් පිළිබඳව දිනපතා ලක්ෂ ගණන් සමාජ මාධ්‍ය post පළ කෙරෙන සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රේක්ෂකයන්ගේ අවධානය ක්ෂණිකව ආකර්ෂණය කර ගැනීමට මෙම උසස් තත්වයේ යොදා ගැනීම් උපකාරී වෙනවා.
3) මිනිස්සු කතා වලට ආසයි! ඉතින් වඩාත් වැඩි පාරිභෝගක ආකර්ෂණයක් ඔයාගේ ව්‍යාපාර සඳහා ලබාගැනීමට ඔයාගේ ව්‍යාපාරයේ තිරය පිටුපස කතා, පාරිභෝගික සාර්ථක අවස්ථාවන් පිළිබඳව කතා, එම භාණ්ඩ හෝ සේවාවෙන් ලැබෙන ප්‍රතිලාභ උද්දීපනය කරන කතා පළ කිරීමට වැඩි අවධානයක් දෙන්න.
4) තවත් වැදගත් දෙයක් විදිහට ඔයා මතක තියාගන්න අවශ්‍ය කරන දෙයක් තමයි, ඔයාගේ සමාජ මාධ්‍ය පිටුවල පළ කරන විශේෂ අන්තර්ගතයන් වලට ශක්තිමත් CTA (Call to Action) එකක් ඇතුලත් කරන්න එක. ඒ මගින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ වෙබ් අඩවියට වැඩිපුර ප්‍රවේශ වීම් එකතු කරන්නත්, දත්ත පත්‍රිකා සඳහා ලියාපදිංචි වීම් සිදු කරන්නත්, online මිලදී ගැනීම් සිදු කරන්නත් වගේ ඊළඟ පියවර සඳහා ඔයාගේ පාරිභෝගිකයන් දිරිපත් කරන්න.
5) බොහෝවිට පාරිභෝගිකයන් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදීගන්න උත්සාහ කරන අවස්ථාවේදී, වෙනත් අය එම භාණ්ඩය හෝ සේවාව මිලදී ගෙන, ඒ පිළිබඳව දක්වන අදහස් මොනවද කියා දැනගන්න කැමතියි. හරි යහපත් ප්‍රතිචාර ඇති පෙර පාරිභෝගිකයන්ගේ සහතික වීම් වලින්, ඔයාගේ නව පාරිභෝගිකයාගේ මිලදී ගැනීම තහවුරු කිරීමට බොහෝ ඉඩකඩක් තියෙනවා. ඒ සඳහා ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය පිටුවලට ඇතුළත් කරන අන්තර්ගත සඳහා පාරිභෝගික සහතික, සමාලෝචන, පරිශීලක සහතික වැනි අන්තර්ගතයන් බෙදාගන්න. ඒ මගින් ඔයාගේ ව්‍යාපාරයේ විශ්වාසය සහ විශ්වාසනීයත්වය ගොඩනැගෙනවා.
මෙම ලිපියෙන් අපි අවධානය යොමු කළ අංග ගැන ඔයාගේ අවධානය යොමු කිරීමෙන් ව්‍යාපාරයට අර්ථවත් අලෙවියක් වගේම, ශක්තිමත් පාරිභෝගිකයන් පිරිසක් එකතු කරගන්න අවස්ථාව හිමිවෙනවා.
🧠 Curzor
Social Media Agency.
සමාජ මාධ්‍ය වේදිකා තුළ ඔබේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මෙවැනි දැනුම ලබා ගැනීමට, අපේ Facebook පිටුව follow කර අපිත් සමග සම්බන්ධ වී සිටින්න.