ලෙබනනයේ ඇස ගිය තැන්

  • Home
  • ලෙබනනයේ ඇස ගිය තැන්

ලෙබනනයේ ඇස ගිය තැන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලෙබනනයේ ඇස ගිය තැන්, Magazine, .

😢😢😢Please stop war.
26/02/2022

😢😢😢

Please stop war.

16/02/2022
ලෙබනනයට අහිමි වූ විශිෂ්ට නායකයා..Rafic Baha El Deen Al Hariri(1944-2005)ලෙබනනයේ දෙවරක් අගමැති ධුරය හෙබ වූ රෆීක් හරීරී මහ...
14/02/2022

ලෙබනනයට අහිමි වූ විශිෂ්ට නායකයා..

Rafic Baha El Deen Al Hariri(1944-2005)

ලෙබනනයේ දෙවරක් අගමැති ධුරය හෙබ වූ රෆීක් හරීරී මහතාගේ 17 වැනි ගුණානුස්මරණය අදට යෙදේ..

ලෙබනනයේ සුප්‍රකට සයිදා වරාය නගරයේ සාමාන්‍ය සුන්නි මුස්ලිම් පවුලක උපන් රෆීක් හරීරී, බීරූට් අරාබි සරසවියෙන් පරිපාලනය පිළිබඳව උපාධියක් ලැබ,කලක් සෞදි අරාබියේද සාර්ථකව වෘත්තීය කටයුතුවල නියැලුණු අතර පසුව එහි පුරවැසි තත්වය පවා දිනාගැනීමට සමත්විය.

ව්‍යාපාරිකයෙකු ලෙස ද අති සාර්ථක වු හරීරී පසුව දේශපාලනයට පිවිස,සුන්නි මුස්ලිම් නිකායට සම්බන්ධ Future Movement පක්ෂයේ නායකයා ලෙස 1992.01.31 වන දින පළමුවරට ලෙබනනයේ අගමැතිධුරයට පත් වු අතර වසර 15 ක සිවිල් යුද්ධයෙන් බැට කෑ ලෙබනනය ගොඩනැංවීම ඔහු සතු වගකීම විය.සය වසරක්(1998 දක්වා) පළමුවර අගමැතිධුරය හෙබ වු හරීරී ලෙබනනයේ අතිශය ජනප්‍රියම නායකයා බවට ද පත්විය.
ලෙබනනයේ ආර්ථික සංවර්ධනයේ නියමුවා ලෙස පිළිගැනෙන්නේ ද එතුමාය.රටට පිවිසෙන ගුවන් තොටුපොළ සහ වරායේ සිට සියලුම මර්මස්ථාන සංවර්ධනය සහ නවීකරණය කළ ඔහු ආගම ඇතුලු සමාජීයය තත්වයන් ඔස්සේ අධ්‍යාපනයට පැවති සියලු සීමා බාධකයන් ඉවත් කිරීම ද කැපී පෙනෙන මෙහවරකි.

නැවත 2000 වසරේ ද අගමැතිධුරයට පත් වු එතුමා 2004 වසරේ ඉන් ඉල්ලා අස්වන තුරුම රටේ අසාහය නායකයා විය.
පෘථිවි ගෝලයේ කුඩා තිතක් බඳු ලෙබනනය ලෝක තලයට ඔසවා ලු, හෙතෙම ජාත්‍යන්තර නායකයින් සමග කරට කර කටයුතු කිරීම කැපී පෙනෙන්නක් විය.බීරූට් නගරය ඇතුලු සමස්ත ලෙබනනය පුරා පාලං,ගුවන් පාලං,මංමාවත්,ගොඩනැගිලි ගොඩනංවා සියල්ල වර්තමානයේ පවතින දියුණු තත්වයට පත්වීමට මුලපිරුණේ ඔහුගේ පාලන සමය තුළ වීම විශේෂත්වයකි.

දේශීය වශයෙන් සියලු අන්තවාදී කණ්ඩායම් ප්‍රතික්ෂේප කළ ඔහු රටේ සියලුම ජනකොටස් සමග ඉතා සුහදව කටයුතු කිරීම කැපීපෙනෙන ලක්ෂණයකි.නිදසුනක් ලෙස අද ද ලෙබනනයේ බහුතර කිතුණුවන් පවා තම අසාහය නායකයා ලෙස එතුමාට මහත් ගෞරවාදරයක් දක්වති.

2005.02.14.දින බීරූට් මුහුදුබඩ මාර්ගය ආසන්නයේ පුපුරුවාහළ අධි බලැති කාර් බෝම්බයකින් තවත් විසිදෙදෙනෙකු සමග එතුමා ඝාතනය වූ අතර ලෙබනනයට කලු පැල්ලමක් එක් වූ කණගාටුදායක ශෝකී දිනයක් ලෙස ඉතිහාසයට එක් විය.

ලෙබනනයේ ක්‍රියාත්මකවන හිස්බුල්ලාහ් සංවිධානයට මෙන්ම ලෙබනන් හමුදාවට අනුයුක්ත සිරියානු හමුදා නායකයින් පිරිසකට ද ඝාතනය පිළිබඳව චෝදනාව එල්ල වු අතර එය අදට ද නොවිසඳුණු අභිරහසක් බවට පත්වීම කණගාටුදායක කරුණකි.
කෙසේවුවද පසුකාලීනව අගමැති ධුරය සඳහා කිහිපවරක්ම තේරී පත් වු එතුමාගේ දෙටු පුත් සාද් හරිරි ද ලෙබනනයේ ජනාදරයකට පත් වූ නායකයෙකි.

එතුමා ඝාතනය වූ පෙබරවාරි 14වන දින Rafic Hariri Memorial Day නමින් රජයේ නිවාඩු දිනයක් ලෙස ලෙබනන් රජය මගින් ප්‍රාකශයට පත්කළ අතර රට පුරා එතුමාගේ ගුණානුස්මරණ උත්සව පැවත්වීම ද දක්නට ලැබේ.

(බිහිසුණු කාර් බෝම්බය පුපුරුවාහළ (බීරූට්හි -අයිනර්මුරයිසි) ස්ථානයේ ඉදිකළ රෆීක් හරීරී මැතිඳුන්ගේ සුප්‍රකට පිළිරුව සහිත උද්‍යානයේ ඡායාරූප ද මෙහි වේ)

👉ලෙබනනයේ ඇසගියතැන්.

11/02/2022

ගෑස් සිලින්ඩර අඩංගු ට්‍රක් රථයක් බීරූට්-ට්‍රිපෝලි අධිවේගී මාර්ගයේ ජූනීහ් ප්‍රදේශයේ Zouk Mikail දි,අද සිකුරාදා දහවල් හදිසි ගිනි ගැනීමකට ලක් වු අවස්ථාව..

ලෙබනන් එන්න ළඟම පාර ඔන්න නුවරඑළියෙන්..🤣
11/02/2022

ලෙබනන් එන්න ළඟම පාර ඔන්න නුවරඑළියෙන්..🤣

රජ තුන් කට්ටුව.😊😊මේ සේයා රුවෙහි සනිටුහන් වන්නේ  වර්තමාන ලෙබනනයේ ජාතික දේශපාලනය හොබවන ප්‍රධාන පුද්ගලයින් තිදෙනාම එකට එක් ...
11/02/2022

රජ තුන් කට්ටුව.😊😊

මේ සේයා රුවෙහි සනිටුහන් වන්නේ වර්තමාන ලෙබනනයේ ජාතික දේශපාලනය හොබවන ප්‍රධාන පුද්ගලයින් තිදෙනාම එකට එක් වු මොහතකි.

රතු පළස මැද අසුන්ගෙන සිටින්නේ ලෙබනනයේ ජනාධිපති ජෙනරාල් මිෂෙල් ආවුන්ය.ඔහු ලෙබනනයේ 33.7% ක කිතුණුවන් අතරින් බහුතරය නියෝජනය වන මැරෝනිට්වරුන්ගෙන් පත් වු ජනතා නියෝජිතයෙකි.ලෙබනනයේ ව්‍යවස්ථානුකූලවම ජනාධිපති ධුරය වෙන් වී ඇත්තේ මැරෝනිට් කතෝලික ජනතා නියෝජනය වෙතය.ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව රාජ්‍යයේ ප්‍රධානියා ලෙස පිළිගැනේ.

ඔහුගේ දකුණු පසින් අසුන්ගෙන සිටින්නේ වත්මන් අගමැති නජීම් මිකාටිය.හෙතෙම ජනගහනයෙන් 30.6% ක් නියෝජනය කරනු ලබන සුන්නි මුස්ලිම්වරුන්හට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති අගමැති ධුරයේ වත්මන් හිමිකරුය.ලෙබනනයේ අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස සැළකේ.

ජනාධිපතිවරයාගේ වම් පසින් අසුන්ගෙන සිටින්නේ ලෙබනන් පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක නබී බෙරිහ් ය.ඔහු නියෝජනය කරනු ලබන්නේ ජනගහනයෙන් 30.5 ක ප්‍රතිශතයක් සහිත ෂියා මුස්ලිම්වරුන්ය.ව්‍යවස්ථානුකූලව හෙතෙම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස පිළිගැනේ.එසේම ෂියා සන්නද්ධ කණ්ඩායම් අතරින් ජාතික දේශපාලනයට පිවිසි අයෙකු ලෙස ද බෙරිහ් පිළිබඳව අසන්නට ලැබේ.

ස්ථානය-ශාන්ත මරූන් දේවස්ථානය-ජිමයිස

දිනය-පෙබරවාරි 9 මර් මරූන් සමරු ප්‍රධාන දේව මෙහෙයේ දී,

👉ලෙබනනයේ ඇසගියතැන්..

උණුසුම් වු සේයාරුවක කඳුළු කතාව..😢ව්පත අනුන්ගේ වනතුරු එය එක් හුදෙක් ප්‍රවෘත්තියක් පමණි.එහෙත් එය තමන්ගේ වු කළ දැනෙන වේදනාව...
10/02/2022

උණුසුම් වු සේයාරුවක කඳුළු කතාව..😢

ව්පත අනුන්ගේ වනතුරු එය එක් හුදෙක් ප්‍රවෘත්තියක් පමණි.එහෙත් එය තමන්ගේ වු කළ දැනෙන වේදනාව කෙතරම් නම් දරුණු වනු ඇත්ද??

මේ මීට දින කිහිපයකට පෙර ලෙබනනයේ බීරූට් නුවර පැවති විරෝධතා ව්‍යාපාරයක් අතරතුර ටයර් ගිනි තැබීමක දි,ඒ අසලින් ලෙබනන් ජාතික ධජය ඔසවාගෙන සිටින වයෝවෘද්ධ මිනිසෙකුගේ දුක්බර සේයා රුවයි.

ඔහුගේ එකම පුත්‍රයා සේවය කළේ බීරූට් වරායෙහි සුළු කම්කරුවෙකු ලෙසිනි.අවාසනාවක මහත කෙතරම්ද යත් 2020 වසරේ අගෝස්තු 4 වැනිදා බීරූට් වරාය පරිශ්‍රය ආශ්‍රිතව සිදු වු දැවැන්ත ඇමෝනියම් නයිට්රේට් පිපිරීම නිසාවෙන් ඔහු මියගිය අතර,ඉතා ඛේදජනක ලෙස අවසන් හුස්ම හෙළු තම පුත්‍රයාගේ මළ සිරුර හෝ දැක ගැනීමට මෙම පියාට අවස්ථාව නොලැබිණි.

ඉදින්,මේ වන තුරු ද සාධාරණයක් ඉටු නොවු තම එකම පුත්‍රයාගේ ඡායාරූපයක් ලෙබනන් ජාතික ධජයේ සනිටුහන් කරමින් ඔහුගේ පියා මියගිය පුතුණුවන් වෙනුවෙන් සධාරණයක් ඉල්ලා සිටී.

මුළු ලොවම කම්පා කරමින් බීරූට් වරාය පරිශ්‍රයෙහි සිදු වු දැවැන්ත පිපිරීම අද වන විට බොහෝ දෙනා හට අමතක වී ගිය ද,මෙවන් දුක්බර කතා රැසක් ඒ අඳුරු මතකය තුළ සැඟ වී ඇති බව නම් කෙසේ අමතක කරම්ද??😢😢

👉ලෙබනනයේ ඇසගියතැන්.

09/02/2022

පෙබරවාරි 9
ලෙබනනයේ නව රෝගීන් 8488
යි.දිනයේ මරණ 19 යි.😢

09/02/2022

මහා වර්ෂාව මැද,අද ලෙබනනයේ බීරූට් රෆීක් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දර්ශනය වූයේ මෙසේය.

මර් මරූන්(st Maroun)සෑම වසරකම පෙබරවාරි මස 9 වැනි දා ලෙබනනයේ පිළිගත් නිවාඩු දිනයකි.ඒ සුප්‍රකට  ශාන්තූවර ශුද්ධ වූ මරූන් පි...
09/02/2022

මර් මරූන්(st Maroun)

සෑම වසරකම පෙබරවාරි මස 9 වැනි දා ලෙබනනයේ පිළිගත් නිවාඩු දිනයකි.ඒ සුප්‍රකට ශාන්තූවර ශුද්ධ වූ මරූන් පියතුමන්ගේ අනුස්මරණය නිසාවෙනි..

ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් හතරවන සියවසේ මැද භාගයේ සිරියාවේ පහළ වූ ශාන්ත මරූන් පියතුමන් පසුකාලීනව ලෙබනනයේ කිතුණු ලබ්ධිකයින් අතර ද එක සේ ජනප්‍රිය විය.

ලෙබනනයේ ප්‍රධාන කිතුණු ආගමික නිකාය වන මැරෝනිට්වරුන්ගේ පූරෝගාමී ශාන්තූවරයාණන් ලෙස ද පිළිගැනෙන ශුද්ධ වු මරූන් උතුමන් ලෙබනනයේ අනෙකුත් කිතුණු ආගමික නිකායන් අතර ද එක සේ වන්දනාමානයට සහ ගෞරවාදරයට ලක්වීම විශේෂත්වයකි.

👉 ලෙබනනයේ ඇසගියතැන්

08/02/2022

පෙබරවාරි 8
ලෙබනනයේ නව රෝගීන් 6482
යි.දිනයේ මරණ 20 යි.😢

පෙරදිග සංගීත අඹරේ නොනිමෙන පහන් තරුව..ළයාන්විත හඬින් ලොවක් මුසපත් කළ භාරත ගීත කෝකිලාවිය..🎶🎶🎶ලතා මංගේෂ්කාර් මැතිණියනි ඔබට ...
07/02/2022

පෙරදිග සංගීත අඹරේ නොනිමෙන පහන් තරුව..ළයාන්විත හඬින් ලොවක් මුසපත් කළ භාරත ගීත කෝකිලාවිය..🎶🎶🎶
ලතා මංගේෂ්කාර්
මැතිණියනි ඔබට සුබ ගමන්.😢😢

👉ලෙබනනයේ ඇසගියතැන්.

👉👉👉 #නිදහස්  #අදහස්..😊👉ලෙබනනය/සුද්දන්ගෙන් නිදහස් වෙලාඅවුරුදු 74 යි.සුද්දකරන එවුන්ට අහුවෙලත්අවුරුදු 74යි..😓   /තෙරුවන් සර...
04/02/2022

👉👉👉 #නිදහස් #අදහස්..😊

👉ලෙබනනය

/සුද්දන්ගෙන් නිදහස් වෙලා
අවුරුදු 74 යි.

සුද්දකරන එවුන්ට අහුවෙලත්
අවුරුදු 74යි..😓



/තෙරුවන් සරණයි !! මෙම සටහන තබන්නේ අපි සැබෑ නිදහස භුක්ති විඳින්නන් ද????????? ( සියලු දෙනාටම ....74 වෙනි සංවත්සරය සමරන මානසිකත්වයක් තිබේද ?? අපේ ලක් මෑණියන් මරණ මංචකයට පාලකයන් ඇදගෙනගොස් මරණාසන්න ව පණ අදින මෙ මොහොතේ තමන් හොයාගන්නා සොච්චම් මුදල වැය කොට පෝස්ටුවක් දැමීමට වියදම් කිරීම නොවටිනා නිසා මෙම සටහන තබන්නේ අතිශය සංවේගයෙනි . රට සුරකින බව කියමින් 74 වසරක් තිස්සේ ජනතාව ඇන්දූ පාලකයින් මේ වනවිටත් ඔවුන්ගේ එහෙයියන් යොදවා ජාති කුල ආගම් භේද ඉහළට ඔසවා දමමින් එකිනෙකා කොටමින් සමීපතමයන්ට පමණක් වරප්‍රසාද ලබා දෙමින් රට කාබාසිනියා කොට අවසාන වී ඇති මෙම අවස්ථාවේ සියලු දෙනාම නව අදහස ක්‍රියාත්මක කරන පරපුරක් බිහි කර ගන්නට කල්පනාකාරී විය යුතුය .එසේ නොවුණහොත් අපේ අනාගත පරම්පරාව කිසිම දවසක නිදහස භුක්ති විඳින ජාතියක් නොවනු ඇති බව පෙනෙන්නට තියන කරුණ පසෙකලා මන්ද බුද්ධික ව අපි කටයුතු කරන්නේ නම් සත්‍ය අසත්‍ය කුමක්දැයි තෝරා ගත නොහැකි නම් සාධාරණය අසාධාරණය තෝරා ගත නොහැකි නම් ශ්‍රී ලාංකික ජනතාවට සිදුවන්නේ වහලුන් ලෙස මිය යාමට පමණි අපේ සම්පත් විකුණා දා හමාරව අධ්‍යාපනය නැති භංගස්ථාන කොට පාලක පැලැන්තියේ පමණක් දුවා දරුවන්ට අධ්‍යාපන සුඛෝපභෝගී ජීවිත හිමිකර දී කරන කටයුතු වලට තවදුරටත් සහයෝගය දක්වන කෙනෙක් ඇත්නම් එය උත්පත්තියේ වරදක් බව සිතිය යුතුය .නිදහස සමරන බව කියන අද දිනයේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව අනාගත පරපුරට හෙට
දිනයක් තනන්නට සැබෑ කැපවීමක් කරන පාලකයන් බිහිවේවා යන ප්‍රාර්ථනය සටහන් කරමි .....සියලු දෙනාටම ප්‍රඥාව පහළවේවා!!! සැමදෙනාටම තෙරුවන් සරණයි !!!

04/02/2022

හිම කුමරියගේ ශ්වේත සළු පිළි පෙර වූ,කඳුකර ලෙබනනයේ තවත් අපූරු දසුන්.

Video credit by -Harsha Sandamali.❄❤️

මව්බිමේ 74 වන අභිමානවත් නිදහසට ලෙබනනයේ ශ්‍රී ලාංකික අපගේ උණුසුම් සුබ පැතුම්.❤️👉ලෙබනනයේ ඇසගියතැන්.
04/02/2022

මව්බිමේ 74 වන අභිමානවත් නිදහසට ලෙබනනයේ ශ්‍රී ලාංකික අපගේ උණුසුම් සුබ පැතුම්.❤️

👉ලෙබනනයේ ඇසගියතැන්.

02/02/2022

පෙබරවාරි 2 ලෙබනනයේ කොරෝනා දෛනික රෝගින් දසදහස ඉක්මවයි.නව රෝගීන් 10,760
යි.දිනයේ මරණ 17 යි.😢

31/01/2022

ජනවාරි 31
ලෙබනනයේ නව රෝගීන් 6279
යි.දිනයේ මරණ 16 යි.😢

29/01/2022

සොඳුරු හිම මාවතේ අනන්තය සොයා..❄❄😊

හිම කුමරියගේ සොඳුරු සළු පිළි පෙර වූ කඳුකර ලෙබනනයේ සොඳුරු දසුන්..

(හරිස්සා-උතුරු ලෙබනනය)

Video credit by-Indika Mahesh

29/01/2022

ජනවාරි 29
ලෙබනනයේ නව රෝගීන් 7726
යි.දිනයේ මරණ 15 යි.😢

සුදෝ සුදු හිමෙන් වැසී ගිය කඳුකර ලෙබනනයේ අන්නයාහි,කිතුණු ඉසිවර ශාන්තුවර ශර්බියෙල් මුනිදුන්ගේ දේවස්ථානය ..සේයා රූ-අන්තර්ජා...
28/01/2022

සුදෝ සුදු හිමෙන් වැසී ගිය කඳුකර ලෙබනනයේ අන්නයාහි,කිතුණු ඉසිවර ශාන්තුවර ශර්බියෙල් මුනිදුන්ගේ දේවස්ථානය ..

සේයා රූ-අන්තර්ජාලය ඇසුරිනි.

👉👉👉  #ඇමරිකාවෙන් නිකුත්කරන ඇමරිකානු  #ඩොලරයට  #ලෙබනනයේ කළු වෙළෙන්දෝ කරන  #හානිය.ඇමරිකා එක්සත් ජනපදයෙන් නිකුත් කරනු ලබන (...
27/01/2022

👉👉👉 #ඇමරිකාවෙන් නිකුත්කරන ඇමරිකානු #ඩොලරයට #ලෙබනනයේ කළු වෙළෙන්දෝ කරන #හානිය.

ඇමරිකා එක්සත් ජනපදයෙන් නිකුත් කරනු ලබන (නිල නොලත්)ලොව ජාත්‍යන්තර මුදල් ඒකකය ලෙස පිළිගනු ලබන ඇමරිකානු ඩොලරයට ලෙබනනයේ මුදල් එක්ස්චේන්ජ් කරුවන් විසින් සිදු කරනු ලබන හානිය සුළු පටු යැයි කිව නොහැක.

ඔවුන් විසින් නිකුත්කරන ලද මුදල් නෝට්ටුවක් යැයි තහවුරු කිරීමට සමහර එක්සේචේන්ජ් කරුවෝ අත්සන් තබති.සමහරු රබර් මුද්‍රා තබති.සමහර ඩොලර් නෝට්ටුවල රබර් මුද්‍රා සහ අත්සන් කිහිපයක්ම දැක ගත හැකිය.

ඇමරිකානු ඩොලරයේ නිල අයිතිකරු වන ඇමරිකානු එක්සත් ජනපදය තුළ මෙවැනි මුදල් නෝට්ටු විකෘති කරන ලද මුදල් නෝට්ටු ගණයට ලා පිළිගැනෙන අවස්ථා ද ඇත.

ඔබ ද ලීරා මුදල් හුවමාරු කර ඩොලර් ලබා ගැනීමේ දි,මෙවැනි විකෘති කරන ලද මුදල් නෝට්ටු ලබා ගැනීමෙන් වළකින්න.මුදල් නෝට්ටුවේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නෝට්ටුවේ අංකය සඳහන් ලදු පතක් ඉල්ලා සිටින්න.ඔබ ලබා ගන්නා සෑම ඇමරිකානු ඩොලර් නෝට්ටුවකටම ලදු පතක් ලබා දීමට,මුදල් එක්ස්චේන්ජ් කරුවෝ වගකීමෙන් බැඳි සිටිති.එය ඔබගේ අයිතියකි.

ලෙබනනයේ ඇසගියතැන්.

27/01/2022

ජනවාරි 27
ලෙබනනයේ නව රෝගීන් 9199
යි.දිනයේ මරණ 16 යි.😢

27/01/2022

ලෙබනනයේ බීරූට් ආශ්‍රිත ප්‍රදේශයන්හි මං මාවත් පවා හිම වැස්ස ආක්‍රමණය කළ වගයි.☔❄

පරිස්සමින් යාලුවනේ පාරවල් ලිස්සනවා..

Video credit by-Chaminda bernard (Hazmih)

ශීත සළු පිළි පෙර වු ලෙබනන් කොමළිය ❤️ඔයාලගෙත් මේ වගේ ලස්සන සේයා රූ වීඩියෝ තියෙනවා නම් අපිට එවන්න.☔❄Photos credit by- Chat...
27/01/2022

ශීත සළු පිළි පෙර වු ලෙබනන් කොමළිය ❤️

ඔයාලගෙත් මේ වගේ ලස්සන සේයා රූ වීඩියෝ තියෙනවා නම් අපිට එවන්න.☔❄

Photos credit by- Chathu Kodikara

26/01/2022

ජනවාරි 26
ලෙබනනයේ නව රෝගීන් 8639
යි.දිනයේ මරණ 15 යි.😢

25/01/2022

ජනවාරි 25
ලෙබනනයේ නව රෝගීන් 7250
යි.දිනයේ මරණ 14 යි.😢

24/01/2022

ජනවාරි 24
ලෙබනනයේ නව රෝගීන් 1665
යි.දිනයේ මරණ 12 යි.

23/01/2022

කඩින් කඩ හැලෙන හිරිපොද සහ සුදෝ සුදු හිම පතනය මතින් සුන්දර වන කඳුකර ලෙබනනය..❄❄❄

Video credit-

Rock Saji,
Indunil Krishantha,
එස්.උඩකන්දගේ ❤️

23/01/2022

ජනවාරි 23
ලෙබනනයේ නව රෝගීන් 6381 යි.දිනයේ මරණ 13 යි.පරිස්සමින් යාලුවනේ 😢

සීත හිම රැළි අතරින් උතුරු ලෙබනනයේ අන්නයා පෙදෙසේ ,කිතුණු ඉසිවර ශාන්ත ශර්බියෙල් මුනිඳුන්ගේ අරම බලා..🙏🙏🙏
23/01/2022

සීත හිම රැළි අතරින් උතුරු ලෙබනනයේ අන්නයා පෙදෙසේ ,කිතුණු ඉසිවර ශාන්ත ශර්බියෙල් මුනිඳුන්ගේ අරම බලා..

🙏🙏🙏

22/01/2022

යාලුවනේ හෙට සහ අනිද්දා(ඉරිදා සහ සඳුදා)ලෙබනනයට තද සුළං සමග වැසි ඇද හැළෙන ලකණු.කවුරුත් පරිස්සමින් ❄

22/01/2022

ජනවාරි 22
ලෙබනනයේ නව රෝගීන් 5596 යි.දිනයේ මරණ 14 යි.පරිස්සමින් යාලුවනේ 😢

21/01/2022

ජනවාරි 21
ලෙබනනයේ නව රෝගීන් 5628 යි.දිනයේ මරණ 15 යි.පරිස්සමින් යාලුවනේ 😢

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ලෙබනනයේ ඇස ගිය තැන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලෙබනනයේ ඇස ගිය තැන්:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share