Lanka Eye Witness

  • Home
  • Lanka Eye Witness

Lanka Eye Witness News Sri Lanka

What a Shame on the West…..Russians’ sacrifice’s not counted in your agenda…The Soviet Union lost around 27 million peop...
07/06/2024

What a Shame on the West…..

Russians’ sacrifice’s not counted in your agenda…

The Soviet Union lost around 27 million people during the war, including 8.7 million military and 19 million civilians. This represents the most military deaths of any nation by a large margin……

30/03/2024
සැබෑ මිල පාලනය යනු කුමක් ද?මේ දිනවල බහුලව කතාබහට ලක් වන මාතෘකාවක් වන්නේ වෙළෙඳපොළ භාණ්ඩ මිල පාලනය සහ ගැසට් පත්‍ර යන මාතෘක...
10/10/2021

සැබෑ මිල පාලනය යනු කුමක් ද?

මේ දිනවල බහුලව කතාබහට ලක් වන මාතෘකාවක් වන්නේ වෙළෙඳපොළ භාණ්ඩ මිල පාලනය සහ ගැසට් පත්‍ර යන මාතෘකාවයි. රජය විසින් ගැසට් ගහන්නේ කැසට් ගහන ආකාරයටයැයි විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කරති. මේ මිල පාලනය යනු කුමක්දැයි නිශ්චිතවම සොයා බැලීම වටී.

https://www.lankaeyewitness.com/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af/

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණය නව දිශානතියකටසමකාලීන සමාජ සන්දර්භයේ ජීවත් වන පුද්ගල ජීවිතවලට අත්‍යවශ්‍ය උපාංගයක් වී ඇත්තේ ජනමා...
10/10/2021

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණය නව දිශානතියකට

සමකාලීන සමාජ සන්දර්භයේ ජීවත් වන පුද්ගල ජීවිතවලට අත්‍යවශ්‍ය උපාංගයක් වී ඇත්තේ ජනමාධ්‍යයි. ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මීට කලකට පෙර පුද්ගල ජන ජීවිතයේ සමාජ අවශ්‍යතාවන් පිළිබඳ ව තොරතුරු සපයනු ලැබීය. මේ වන විට ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන්හි වටිනාකම් යටපත් කරමින් සමාජ මාධ්‍ය (Social Media) පුද්ගල ජීවිත ඇතුළටම කිඳා බැස තිබේ.

https://www.lankaeyewitness.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab/

ආර්ථීකයට නොවරදින සැත්කමක් විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධ...
08/10/2021

ආර්ථීකයට නොවරදින සැත්කමක්

විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම ඟ කළ සාකච්ඡාවකි මේ.

https://www.lankaeyewitness.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%93%e0%b6%9a%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%83%e0%b7%90%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b6%9a/

සය මසක පෙර දැක්මෙන් යථාර්ථයට මුහුණ දීමලෝක ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ද මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව නොරහස...
08/10/2021

සය මසක පෙර දැක්මෙන් යථාර්ථයට මුහුණ දීම

ලෝක ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ද මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව නොරහසකි. ලංකාව තුළ ගොඩනැගී ඇති ආර්ථිකමය කඩාවැටීම හා එයට හේතු සාධක සෙවීම විවේචනය කිරීමට වඩා අප මේ සඳහා කෙසේ මුහුණ දිය යුතු ද යන්න පිළිබඳ පෙර දැක්මක් හෝ ක්‍රමෝපායක් සකස් කිරීම හා එම ක්‍රියාදාම එකිනෙකට පෙළ ගස්වමින් ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳ රජයට අවබෝධයක් මේ අවස්ථාවේ ඇති වීම වැදගත්ය.

https://www.lankaeyewitness.com/%e0%b7%83%e0%b6%ba-%e0%b6%b8%e0%b7%83%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ae%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a/

අපේ රට ගොඩගන්න අපේ දේ අගයන්නමේ වන විට රටම කතා කරන මාතෘකා බවට පත්ව ඇත්තේ, දේශීයත්වය, දේශීය ආර්ථිකය, ආනයනික භාණ්ඩ සීමා වීම...
07/10/2021

අපේ රට ගොඩගන්න අපේ දේ අගයන්න

මේ වන විට රටම කතා කරන මාතෘකා බවට පත්ව ඇත්තේ, දේශීයත්වය, දේශීය ආර්ථිකය, ආනයනික භාණ්ඩ සීමා වීම වැනි දේ ගැනය. තවත් පසෙකින් කතා බහට ලක් වන්නේ, සහල් ගැටලුව, කිරිපිටි ගැටලුව වැනි දේ පිළිබඳය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මේ මාතෘකා පිළිබඳ පොදු සමාජය විවිධ කෝණ ඔස්සේ කතා බහට ලක් කරයි. මේ කරුණු පිළිබඳ එකිනෙකට වෙනස් මතවාද ද සමාජගත වෙමින් පවතී.

https://www.lankaeyewitness.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a-%e0%b6%85%e0%b6%9c%e0%b6%ba%e0%b6%b1/

ගුරුවරු දෙවිවරුයළදරුවන්ට වැටි වැටී නැඟිටින්නට මව්පියන් උදව් වන්නේ යම් සේ ද, සමාජයේ පුරවැසියන්ට නොවැටී සිටින්නට අවැසි ආකල...
06/10/2021

ගුරුවරු දෙවිවරුය

ළදරුවන්ට වැටි වැටී නැඟිටින්නට මව්පියන් උදව් වන්නේ යම් සේ ද, සමාජයේ පුරවැසියන්ට නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයමින් ලෝකය දිනන්නට, හිස ඔසවා ජීවත් වන්නට හුරු කළේ ගුරු මව් පියවරු ය. වයස අවුරුදු 05 ලබද්දී දරුවන් සිය මව්පියන්ගේ ඇකයෙන් මිදී සමීප වන්නේ ගුරු මව් පියවරු වෙතය.

https://www.lankaeyewitness.com/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%ba/

ඩොලර් අර්බුදයට විසඳුමක් ගෙන එන සංචාරක කර්මාන්තයශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්ත අතර, අද වන විට ප්‍රමු...
01/10/2021

ඩොලර් අර්බුදයට විසඳුමක් ගෙන එන සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්ත අතර, අද වන විට ප්‍රමුඛස්ථානයට එන්නේ සංචාරක කර්මාන්තයය. එයට හේතුව, රටේ ආර්ථික වර්ධනයට එය බෙහෙවින්ම උපකාර වන ව්‍යාපාරයක් වන බැවිනි. ශ්‍රම සූක්ෂ්ම (Labour Intensive) කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ලොව විශාල පිරිසකට රැකියා සපයන සේවා යෝජකයකු ලෙස ක්‍රියා කරයි.

https://www.lankaeyewitness.com/%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/

ළමා-වැඩිහිටි ලොව තනමු යළිලෝක ළමා දිනයත්, වැඩිහිටි දිනයත් අදට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.චීනයේ මාවෝ සේතුංට අනුව,...
01/10/2021

ළමා-වැඩිහිටි ලොව තනමු යළි

ලෝක ළමා දිනයත්, වැඩිහිටි දිනයත් අදට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

චීනයේ මාවෝ සේතුංට අනුව, ලෝකයේ උත්තම චරිතය දරුවාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ළමා දිනය සමරන මේ මොහොත, වත්මන් සමාජය තුළ දරුවන් මුහුණපා සිටින ගැටලු පිළිබඳ හැරී බැලීමට සුදුසුම අවස්ථාවකි. දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන විට, ජනප්‍රිය සාකච්ඡාව තුළ බොහෝවිට මතු වන ගැටලු ලෙස අප හඳුනා ගන්නේ, ළමා අපයෝජනය, ළමා හිංසනය, ළමා ශ්‍රමය සූරාකෑම වැනි පොදු ගැටලු කිහිපයකි.

https://www.lankaeyewitness.com/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%ad%e0%b6%b1%e0%b6%b8%e0%b7%94-%e0%b6%ba%e0%b7%85%e0%b7%92/

විවෘත කළ රට තුළ විවෘත මනසකින් වැඩ කරමුකොවිඩ් වසංගතය පැතිර යෑම හේතුවෙන් දෙදහස් විස්සේ මාර්තු මාසයේ සිට තෙවරක් රට පූර්ණ ලෙ...
30/09/2021

විවෘත කළ රට තුළ විවෘත මනසකින් වැඩ කරමු

කොවිඩ් වසංගතය පැතිර යෑම හේතුවෙන් දෙදහස් විස්සේ මාර්තු මාසයේ සිට තෙවරක් රට පූර්ණ ලෙස වසා දැමීමට සිදු විය. 2020 ඔක්තෝබර් මාසයේ දී ගම්පහ සහ කොළඹ යන තදාසන්න ප්‍රදේශවලට පොලිස් ඇදිරිනීතිය පැන වුණි. එම තත්ත්වය ද මාසයකට ආසන්න කාලයක් පැවැතිණි. ඉන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව යම් සාධනීය තත්ත්වයකට රට පත් වෙමින් තිබිණි. ආර්ථික ක්‍රියාකාරකම් කෙමෙන් ඇරඹෙන්නට විය.

https://www.lankaeyewitness.com/%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%98%e0%b6%ad-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%98%e0%b6%ad-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b6%9a/

රට වැසීමේ ආර්ථික ප්‍රතිවිපාකඅද වන විට ලෝකයම කොවිඩ් අර්බුදයෙන් වැසී පවතින වටපිටාවක ශ්‍රී ලංකාව ද සිටින්නේ කොවිඩ් හතරවන රැ...
30/09/2021

රට වැසීමේ ආර්ථික ප්‍රතිවිපාක

අද වන විට ලෝකයම කොවිඩ් අර්බුදයෙන් වැසී පවතින වටපිටාවක ශ්‍රී ලංකාව ද සිටින්නේ කොවිඩ් හතරවන රැල්ලේ අභියෝගයන්ට මුහුණ දෙමිනි. ආණ්ඩුව කොවිඩ් පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේ දී රට අගුළු දමා එය පාලනය කර ගැනීමට හැකි විය. කොවිඩ් තුන්වන රැල්ල අනෙක් රැලි වලට වඩා දරුණු බවක් ඇති වූ අතර රෝගය ක්‍රමයෙන් පැතිරී ගොස් මිය යන ප්‍රමාණය ද වැඩි විය.

https://www.lankaeyewitness.com/%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80/

දුර්මත දුරලා එන්නත ගනිමුලොව මුලින්ම ප්‍රතිශක්තිකරණ එන්නතක් භාවිත කර ඇත්තේ චීනයේය. ඒ වර්ෂ එක්දාස් හත්සිය අනූ හයේදීය. එකල ...
29/09/2021

දුර්මත දුරලා එන්නත ගනිමු

ලොව මුලින්ම ප්‍රතිශක්තිකරණ එන්නතක් භාවිත කර ඇත්තේ චීනයේය. ඒ වර්ෂ එක්දාස් හත්සිය අනූ හයේදීය. එකල පැවති ගව වසූරියට එරෙහිව එන්නත්කරණයෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ඇති කරවිය හැකි බව විද්‍යාඥයෝ සොයා ගත්හ. ඉන් පසුව දිගින් දිගටම කළ පර්යේෂණවලින් වසර දෙකකට පසු එහි තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් එය ‘වැක්සින්’ ලෙස නම් කෙරිණි. වැක්සින් භාවිතයවට ගැනුණේ එතැන් පටන්ය.

https://www.lankaeyewitness.com/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%ad-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%8f-%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%94/

අපේ දරුවන්ගේ අධ්‍යාපනය කොයිබට ද?මානව සමාජයේ පැවැත්මට අධ්‍යාපනය තරම් වටිනා සම්පතක් තවත් නැත. යම් කිසිවකු සමාජයට නොගැළපෙන ...
28/09/2021

අපේ දරුවන්ගේ අධ්‍යාපනය කොයිබට ද?

මානව සමාජයේ පැවැත්මට අධ්‍යාපනය තරම් වටිනා සම්පතක් තවත් නැත. යම් කිසිවකු සමාජයට නොගැළපෙන ක්‍රියාවක් කළ හොත්, ඔහු පාසල් ගිය කෙනෙක් ද? කියා ප්‍රශ්න කරන්නේ, ගුරු ඇසුරක් ඇතිව හැදුණු වැඩුණු කෙනකු, එවැනි වැරැදි ක්‍රියාවක් නොකරන බව හඟවමිනි. සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීමට අධ්‍යාපනයෙන් ලැබෙන පිටිවහල, පරපුරෙන් පරපුරට උරුම වූ සදාතනික ධර්මතාවකි.

https://www.lankaeyewitness.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a/

සීනුව හැඬවෙන දිනය…පියවරෙන් පියවරට ක්‍රියාත්මක වන ලෙස පාසල් විවෘත කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණ...
28/09/2021

සීනුව හැඬවෙන දිනය…

පියවරෙන් පියවරට ක්‍රියාත්මක වන ලෙස පාසල් විවෘත කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එය ඉතා ඉක්මනින්ම ආරම්භ කරන බව ද ප්‍රකාශ වී ඇත. පළමුව විවෘත වන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව දෙසීයට අඩු කුඩා පාසල් බව ද වාර්තා වෙයි. අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත්තේ හැකි විගස රටේ අධ්‍යාපනය යථා තත්ත්වයට ගැනීමය. අන්තර්ජාතික ළමා අරමුදල මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර සිටී.

https://www.lankaeyewitness.com/%e0%b7%83%e0%b7%93%e0%b6%b1%e0%b7%94%e0%b7%80-%e0%b7%84%e0%b7%90%e0%b6%ac%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba/

හොඳම ගමනාන්තයලෝක සංචාරක දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් එක්දාස් නවසිය අසූවේ සිට මේ දිනය ම...
27/09/2021

හොඳම ගමනාන්තය

ලෝක සංචාරක දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් එක්දාස් නවසිය අසූවේ සිට මේ දිනය මහත් හරසරින් සමරනු ලැබූවද මෙවර එය සමරන්න සිදු වී ඇත්තේ දුක්මුසු පසුබිමක තිගැස්මකින් යුතුවය. කොවිඩ් ලෝක වසංගතය මත ලෝක ආර්ථිකය, සමාජ ක්‍රියාකාරිත්වය පමණක් නොව ජනී ජනයාගේ දෛනික ජීවිතයත් බරපතළ කඩාවැටීමකට ලක් වී ඇත. එහෙත් සංචාරය යනු මානවයාගේ සහජ වුවමනාවක් වන බැවින් කුමන තත්ත්වයක් යටතේ වුව එම කර්මාන්තය ගොඩනැඟිය යුතුව තිබේ.

https://www.lankaeyewitness.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%b3%e0%b6%b8-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/

තිරසර ආහාර පද්ධති ඔස්සේ නීරෝගි ජීවිතයක්ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (එෆ්ඒඕ) ගණනය කර ඇති පරිදි ලෝක ජනගහනයෙන් කෝටි දෙසිය ...
27/09/2021

තිරසර ආහාර පද්ධති ඔස්සේ නීරෝගි ජීවිතයක්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (එෆ්ඒඕ) ගණනය කර ඇති පරිදි ලෝක ජනගහනයෙන් කෝටි දෙසිය තිස් හතක් ඉකුත් වසරේදී ආහාර අහේනියෙන් පීඩාවට පත් විය. ඉන් අනූ කෝටියකට වඩා දැඩි ලෙසම ආහාර හිඟයෙන් බැට කෑ පිරිසය. ඒ අතුරින් අඩක් ආසියාවේ ජීවත් වන අතර, තුනෙන් එකක් අප්‍රිකා, ලතින් අමෙරිකා සහ කැරිබියානු රටවලිනි.

https://www.lankaeyewitness.com/%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b6%bb-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ad%e0%b7%92-%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%b1/

බලාගාර අර්බුදයමේ දිනවල දේශපාලන කරළියේ උණුසුම් පුවත් අතරින් එකක් වන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අයිතිය ඇ...
26/09/2021

බලාගාර අර්බුදය

මේ දිනවල දේශපාලන කරළියේ උණුසුම් පුවත් අතරින් එකක් වන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ රජයේ තීන්දුවය. කැබිනට් මණ්ඩලයේ දී ඉතා අවම කතාබහකින් පසුව එම කොටස් අයිතිය රජය හොර රහසේම ඇමෙරිකානු සමාගමකට පැවරීම කර ඇතැයි ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු මෙන්ම විපක්ෂය ද චෝදනා කරති.

https://www.lankaeyewitness.com/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f%e0%b6%bb-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba/

තේ කෝප්පේ කුණා‍ටු මවන ව්‍යාජ ආහාර හිඟයආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යනු මේ දිනවල පුවත් මවන ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්ව ...
24/09/2021

තේ කෝප්පේ කුණා‍ටු මවන ව්‍යාජ ආහාර හිඟය

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යනු මේ දිනවල පුවත් මවන ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්ව ඇත. එක් පසෙකින් කිරිපිටි හිඟයක් ගැන කතාබහකි. ඊට සමගාමිව තවත් බොහෝ දේ ගැන සමාජය තුළ කතාබහ අඩු වැඩි වෙමින් තිබේ. මුලින්ම ආහාර හිඟයක් ගැන සමාජයේ කතාබහක් ඇති වූයේ පළමු කොවිඩ් රැල්ල කඩා වැදුණු කාලයේදීය. සමහරු කඩ පීරමින් සබන් කැටයේ සිට සියල්ල රැස් කිරීමට උනන්දු විය.

https://www.lankaeyewitness.com/%e0%b6%ad%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9d%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e2%80%8d%e0%b6%a7%e0%b7%94-%e0%b6%b8%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e0%b7%8a%e2%80%8d/

චීනයට අභියෝග කරන අමෙරිකාවේ රාජාලි පනතසරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස කුමක් වූවත් සිය රටට ආවේනික ක්‍රමවේද...
24/09/2021

චීනයට අභියෝග කරන අමෙරිකාවේ රාජාලි පනත

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස කුමක් වූවත් සිය රටට ආවේනික ක්‍රමවේදයක් නිරතුරුවම භාවිත කරන අමෙරිකාව සිය රටට ඇතුළු වීමට සහ නීත්‍යනුකූල රැකියාවල නිරතවීමට විදේශිකයන්ට ග්‍රීන් කාඩ් අවසර පත්‍ර නිකුත් කරන්නේ දශක ගණනාවක සිටය.

https://www.lankaeyewitness.com/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/

ලොව පුරා පැතිරෙන කොරෝනා ප්‍රභේදකොරෝනා වසංගතය ව්‍යාප්ත වී යෑම ආරම්භ වූයේ 2019 වසරේ අගභාගයේ සිටය. එදා මෙදා තුර ගෙවුණු වසර ...
23/09/2021

ලොව පුරා පැතිරෙන කොරෝනා ප්‍රභේද

කොරෝනා වසංගතය ව්‍යාප්ත වී යෑම ආරම්භ වූයේ 2019 වසරේ අගභාගයේ සිටය. එදා මෙදා තුර ගෙවුණු වසර දෙකකට අඩු කාල පරාසයේදී කොරෝනා ආසාදිතව ලෝ පුරා ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මිලියන 4.713කට ආසන්න ය. කොරෝනා ආසාදිත වූවන් 229,845,805කට අධික සංඛ්‍යාවක් ලෝකයේ විවිධ කලාපවලින් වාර්තා විණ.

https://www.lankaeyewitness.com/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%99%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b4/

විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්නේ නෑපවතින ගෝලීය වසංගත තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වන්නේ වැඩිහිටි ප්‍රජාවයි. එබැවින්...
23/09/2021

විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්නේ නෑ

පවතින ගෝලීය වසංගත තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වන්නේ වැඩිහිටි ප්‍රජාවයි. එබැවින් පවතින අවදානම් තත්ත්වය හමුවේ ඔවුන් පිළිබඳ වැඩි අවධානයක් ද යොමු කළ යුතුව ඇත. ප්‍රථමයෙන්ම ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමට සිදුව ඇත්තේ වැඩි අවදානම ඔවුන් වෙත එල්ල වෙන බැවිනි.

https://www.lankaeyewitness.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-%e0%b6%85/

සුන්දර රටක් ආකල්පමය වෙනසක්පරිසරයේ සිදු වන විවිධ වෙනස්කම් මඟින් පරිසරයේ වෙසෙන ජීවීන්ට ද විවිධ වෙනස්වීම්වලට මුහුණ දීමට සිද...
23/09/2021

සුන්දර රටක් ආකල්පමය වෙනසක්

පරිසරයේ සිදු වන විවිධ වෙනස්කම් මඟින් පරිසරයේ වෙසෙන ජීවීන්ට ද විවිධ වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුව තිබේ. කොරෝනා වසංගතය ද එවැනි පරිසර වෙනස් වීම් ඔස්සේ මිනිසා වෙත පැමිණි භයානක තත්ත්වයකි. මෙසේ වන්නේ ඇයි?

https://www.lankaeyewitness.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b6%bb%e0%b6%a7%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b8%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83/

වසංගත අභියෝග මැද ‍රැස් වන ලෝක නායකයෝඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා මණ්ඩල සැසි වාරය ඉකුත් 14 දා නිව්යෝර්ක් නුවරදී ...
22/09/2021

වසංගත අභියෝග මැද ‍රැස් වන ලෝක නායකයෝ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා මණ්ඩල සැසි වාරය ඉකුත් 14 දා නිව්යෝර්ක් නුවරදී ආරම්භ විය. මේ සැසි වාරයේ සභාපතිවරයා වශයෙන් මාලදිවයිනේ අබ්දුල්ලා ෂහීඩ් පත් කර ගැනීම ද එදින සිදු විණි. නව සැසි වාරයක් ආරම්භයේ ලෝකයේ වඩාත් අවධානය දිනා ගන්නා අවස්ථාව වන රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වාර්ෂික පොදු විවාදය ඊයේ (21) ආරම්භ විය.

https://www.lankaeyewitness.com/%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e2%80%8d%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1/

ආනයන සීමාවේ වාසිය කාට ද?අපගේ ඇඟලුම් අපනයනවලින් සියයට හතළිස් හයක් ම අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය වේ. අමෙරිකානුවන්ට සරිලන ...
21/09/2021

ආනයන සීමාවේ වාසිය කාට ද?

අපගේ ඇඟලුම් අපනයනවලින් සියයට හතළිස් හයක් ම අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය වේ. අමෙරිකානුවන්ට සරිලන ඇඳුම් නිෂ්පාදනය කරන අප, දේශීය අවශ්‍යතා සපුරා නොගන්නේ ඇයි ද? යන්න ගැටලුවකි.

https://www.lankaeyewitness.com/%e0%b6%86%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1-%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af/

හෙළ ගොවිතැනට අලුත් හුස්මක්ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑම හේතුවෙන් ආනයනික භාණ්ඩ හයසිය විස තුනක් සඳහා ආනයනයට ...
21/09/2021

හෙළ ගොවිතැනට අලුත් හුස්මක්

ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑම හේතුවෙන් ආනයනික භාණ්ඩ හයසිය විස තුනක් සඳහා ආනයනයට පෙර එම භාණ්ඩවල මූලික වටිනාකම ආන්තික මුදල් ලෙස තැන්පත් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත් කළේය. මෙරට කෘෂිකර්මාන්තයට නව ආලෝකයක් ලැබෙන්න යෑම ඉන් මෝදු වෙමින් පවතින යහ ප්‍රතිඵලයකි.

https://www.lankaeyewitness.com/%e0%b7%84%e0%b7%99%e0%b7%85-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%b8/

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Eye Witness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Eye Witness:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share