Cinema At Backyard

  • Home
  • Cinema At Backyard

Cinema At Backyard Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cinema At Backyard, Digital creator, .

Eternal Eke awul ටිකක් ගැන හෑල්ලක් රෑට දාන්නම්.
25/11/2023

Eternal Eke awul ටිකක් ගැන හෑල්ලක් රෑට දාන්නම්.

😮‍💨 රැල්ලට Film බලන උන්ගෙ තවත් Masterpiece එකක් ගැන තමා  මේ පෝස්ට් එක 😮‍💨Michael Bay ගෙ Transformers franchise එක කියන්න...
24/11/2023

😮‍💨 රැල්ලට Film බලන උන්ගෙ තවත් Masterpiece එකක් ගැන තමා මේ පෝස්ට් එක 😮‍💨

Michael Bay ගෙ Transformers franchise එක කියන්නෙ අර ECG line එක වගේ movie එකෙන් movie එකට quality එක උඩ යට ගිය franchise එකක්. Bayverse එකේ මගෙ තියෙන ලොකුම criticism එක වෙන Designs ටික අත ඇරල දාල Cinematic value එකකින් බැලුවොත් TF1 සහ TF3 කියන්නෙ epic, great movies දෙකක්. දෙවෙනි එක නම් Movie එකක් කියන්න අමාරුයි. ඒක හරියට Aftermath documentary එකක් වගේ. ඒකෙ කිසි storyline එකක් නැහැ, නිකන්ම plot points ටිකකට දෙබස් ලියල විතරයි. But, ඒක යාන්තමින් හරි බලන්න පුලුවන් movie එකක්. හැබැයි TF 4,5 කියන්නෙ තනිකරම කුණු ගොඩවල් දෙකක්. 😂 ලංකාවෙ සමහර අයට අනුව නම් franchise එකේ great ම, epic ම movies දෙක තමයි මේක. හැබැයි Michael Bay උනත් යටි හිතින් දන්නව ඇති මේ දෙක ජරාවල් දෙකක් කියල. 💀 මම මෙතන TF 4 එක ගැන විතරයි කියන්නෙ. මොකද පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඇරෙන්න TF5 එකත් මේකෙම carbon copy එකක් තමයි. 😅 ඉතින් මේ තියෙන අවුල් ටිකම මීට වඩා Worse විදිහට TF5 එකේ බලාගන්න පුලුවන්. 🫢

දැන් මම TF 4 කුණු ගොඩක් කියල කියන්න ප්‍රධාන හේතු තුනක් තියෙනව. මුළු movie එකම කිසි තේරුමක් නැති, ගොං විහිළුවක් වෙන්න බලපාන්නෙ මේ අවුල් තුන තමයි. එහෙනම් මේ issues ටික ගැන උදාහරණ දෙකක් වගේ අරන් මම පැහැදිලි කරල දෙන්නම්;

1. Goofy, comedic mentality එක..

TF 4,5 කියන්නෙ තනිකරම goofy, stressful movies දෙකක්. මේ දෙකේ pain, stress, depression වගේ negative emotions ඇරෙන්න වෙන කිසිම emotion එකක් හොයාගන්න බැහැ. Main protagonist ගෙ ඉඳන් antagonist වෙනකන් මිනිස්සු, Transformers ල හැමෝම depressed මිනිස්සු. හැම plot point එකක්ම හරිම goofy. මේක නිසා මේ movie එකෙන් වෙන කිසිම emotional feeling එකක් අරගන්න හම්බෙන්නෙ නැහැ. සරලවම TF4 සහ 5 කියන්නෙ තනිකරම depression වල multimedia incarnation එකක්. 😅😅

Movie එකේ emotional value එක පහල දාපු අනික් හේතුව තමයි මේකෙ තියෙන comedic mentality එක. මම මේ කියන්නෙ movie එකක විහිළු තිබ්බම මූවි එක ජරාවක් වෙනව කියන cringe මතය නෙවෙයි. මේ movie එකේ ඉන්න හැම චරිතයක්ම සහ plot point එකක්ම ඉදිරිපත් කරල තියෙන්නෙ Joke එකක් විදිහට. උදාහරණයක් විදිහට movie එකේ protagonist වෙන කේඩ් යේගර්ව ගම්මුකො. කේඩ් කියන්නෙ බිංදුවටම වැටිල ඉන්න inventor කෙනෙක්. කේඩ් කොච්චර වැටිලද කියනව නම් තමන්ගෙ දුවව කොලේජ් යවන්න විදිහක් නැහැ, කේඩ් ගෙ ගේ නැති වෙන්න යන්නෙ, කේඩ් ට සල්ලි හොයන්න විදිහක් නෑ...blah blah blah...මිනිහෙක් වැටෙන්න ඕනෙ අන්තිමට අඩියට වැටිල ඉන්න මනුස්සයෙක් තමයි කේඩ්. හැබැයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙවෙයි. කේඩ් inventor කෙනෙක් කියල තමන්ටම කියාගත්තට, කේඩ් ඇත්තටම inventor කෙනෙක් නෙවෙයි. කේඩ් කවදාවත් කිසි වැඩකට ඇති දෙයක් හදල නැහැ, කේඩ් හදන ඕනම දෙයක් විහිළුවක්. එතකොට කේඩ් සල්ලි දීල අරගන්න කිසි දෙයක් වැඩකට ඇති විදිහට හදන්න උත්සාහ කරන්නෙ නැහැ, ඒව ගෙනහල්ල නිකන්ම ඔහේ ගොඩ ගහගෙන ඉන්නව. 🤦‍♂️ movie එකට ඕනෙ කේඩ් ට දුවව කොලේජ් යවන්න සල්ලි හොයන්න උවමනාවක් තියෙනව කියල අපිට පෙන්නන්න. ඒත් කේඩ්ට එහෙම උවමනාවක් ඇත්තටම නැහැ. කේඩ් සල්ලි හොයන්න උවමනාවෙන් කිසි දෙයක් කරන්නෙ නැහැ. කේඩ් හදන දේවල් හදන්නෙත් ඔහේ ගේ ඇතුලෙ වැඩ කරගන්න. සරලවම කේඩ් කියන්නෙ තනිකරම විහිළුවක් විදිහට ඉදිරිපත් කරපු චරිතයක්. මොකද සරලවම කේඩ් කියන්නෙ මම කිසිම දෙයක් හරියට නොකරන, ඒත් හිතින් තමන් හරි inventor කෙනෙක් කියල හිතන් ඉන්න තරහ ගිය, පණ්ඩිත පොඩි එකෙක් වගේ චරිතයක්. හරියට ලංකාවෙ Alpha male ල, chad ල වගේ...🤡

ඊලඟට Plot point එකක් විදිහට ගත්තොත් Optimus+Cade frendship එක ගම්මුකො. ඔප්ටිමස් සහ කේඩ් මොන තරම් හොඳ යාලුවො වෙනවද කිව්වොත් මේ දෙන්න එකිනෙකා වෙනුවෙන් ඕන දෙයක් අත අරින තැනටම එනව. අර CIA එකෙන් ඇවිත් කේඩ්ලට තර්ජනය කරද්දි ඔප්ටිමස් තමන්ව බේරගන්නව වෙනුවට කේඩ් ල වෙනුවෙන් පෙනී ඉන්න එකෙන් මේක හොඳට පැහැදිලි වෙනව. හැබැයි මේකෙ අවුල තමයි මේ දෙන්නගෙ යාළුකම කිසිම විදිහකින් buildup කරපු එකක් නෙවෙයි. ඔප්ටිමස්, කේඩ් වෙනුවෙන් පෙනී ඉන්න එකට face value එකක් තිබ්බත් ගැඹුරින් බැලුවොත් ඔප්ටිමස්ට ඒ වගේ තීරණයක් ගන්න තරම් දෙයක් කේඩ් කරල නැහැ. කේඩ් මහන්සි වෙලා, නිදි මරාගෙන ඔප්ටිමස් ව හදනව පෙන්නන්නෙ නැහැ. කේඩ් සහ ඔප්ටිමස් තමන්ගෙ ප්‍රශ්න කතා බහ කරල එකිනෙකා තේරුම්ගන්නව පෙන්නන්නෙ නැහැ. ඔප්ටිමස් ව විකුණනවද ? බේරගන්නවද කියල කේඩ් ගෙ මනස ඇතුලෙ inner conflict එකක් සිද්ධ වෙනව අපි දකින්නෙ නැහැ. කේඩ් නිකන්ම ට්‍රක් එකක් ගේනව, ඊට පස්සෙ එක පාරටම ඒ ඔප්ටිමස් කියල දැනගන්නව, ටෙස් වයි අනික් ඩෑල් එකවයි ඇදගෙන ගිහින් උන්ට දිග explanation එකක් දෙනව, ඔප්ටිමස් transform උනහම ඔප්ටිමස්ව හදන්නම් කියල කියනව (ඒක හැබැයි කරනව පෙන්නන්නෙ නැහැ), ඔප්ටිමස් එක්ක වචන දහයක් පහලවක් කතා කරනව...විනාඩි 5-10 විතර සීන් එකකින් මෙන්න පණ දෙන්න තරම් යාළුවො වෙලා. 🤦‍♂️💀

ඊලඟ එක තමයි කේඩ් සහ Tess ගෙ කොල්ලගෙ conflict එක. කේඩ් ටෙස් ට කියනව කොල්ලො එක්ක යන්න බැහැ, date කරන්න බැහැ blah blah blah කියල. ඒත් මුවී එකේ ටෙස් තමන්ගෙ කොල්ල එක්ක ඉන්නව පෙන්නන්නෙ නැහැ. ටෙස් ට කොල්ලෙක් ඉන්නව කියල establish කරන්නෙත් අර පොඩි වීඩියෝ කෝල් එකෙන්. කේඩ් ඇයි කොල්ලන්ට මෙච්චර අකමැති කියන එකට කිසි හේතුවක්වත් නැහැ. කේඩ් මෙහෙම හැසිරෙන එකට හේතු දෙයක් තියෙන්නෙ. එක, තාත්තල කරන්නෙ එහෙම දේවල්. දෙක, කේඩ් කොල්ලන්ට අකමැති කෙනෙක් වෙලා, ටෙස් ගෙ කොල්ල එක්ක එකට වැඩ කරන එක funny දෙයක් වෙන නිසා. 🤦‍♂️

මේව විතරක් නෙවෙයි, Movie එකේ පෙන්නන හැම චරිතයක්ම, plot point එකක්ම emotionally establish කරනව වෙනුවට කරන්නෙ ඒව විහිළුවට ගන්න එක. අර කේඩ් ට ගේ නැති වෙන්න යනව කියන එක කේඩ් ට විසඳගන්න අවශ්‍ය obstacle එකක් නෙවෙයි, ඒක නිකන්ම විහිළුවක්. දුවව කොලේජ් යවන්න ඕනෙ කියන එක හරි හමන් obstacle එකක් නෙවෙයි, නිකන්ම විහිළුවක්. ⁉️

2. Divided plotlines

Movie එකේ අනික් ලොකුම අවුල තමයි මේකෙ සිද්ධ වෙන දේවල් වැඩියි. මේකෙ අපිට කිසිම විදිහකින් unite වෙන්නෙ නැති plotlines 4ක් 5ක්ම බලාගන්න පුලුවන්. මෙතන worst ම case එක තමයි, මේ plotlines ටික හරියට අර Mordor වල orcs ල වගේ එකාව එකා මරාගෙන හැම plotline එකක්ම ruin කරන එක. Movie එකේ තියෙන එක plotline එකක් තමයි Chicago battle එක නිසා CIA එකෙන් Transformers ලව විනාශ කරන එක. මොකද මෙයාල TF ලව විශ්වාස කරන්නෙ නැහැ. මේ Plotline එකේ කිසි වරදක් නැහැ. මේක හොඳ compelling plotline එකක් වෙන්න තිබ්බ. හැබැයි ඒ මෙන්න මේ දෙවෙනි plotline එක ඇවිත් අර CIA Plotline එක විනාශ කරන්නෙ නැත්නම්...

හරි එතකොට ඔය දෙවෙනි plotline එක තමයි Lockdown කියන bounty Hunter Transformers ලව විනාශ කරන එක. මේකට මෙයාට උදව් කරන්නෙ CIA එකෙන්. What ⁉️⁉️⁉️ තමන් වෙනුවෙන් සටන් කරපු Autobot ලව විශ්වාස නොකරන මිනිස්සු, Autobot ලව hunt down කරන්න තව Trasformer කෙනෙක්ව විශ්වාස කරනව ⁉️🤦‍♂️ Masterpiece !!!

එතකොට මේකෙ තියෙන තව plotline එකක් තමයි අර තට්ටයගෙ company එක Transformium අරන් අලුත් නිර්මාණ කරන එක. මේ තට්ටයට අනුව උන්ට ඕන දෙයක් හදන්න පුලුවන්. හැබැයි විනාඩි දෙක තුනකට පස්සෙ පෙන්නන විදිහට මුන්ට Optimus ගෙ Clone එකක් හදාගන්න බැහැ. 😂😂 Joke එකක් නෙවෙයිද ඉතින් ? 🫢🙂

මෙහෙම මෙහෙම කිසි තේරුමක් නැති plotlines පහක් විතර movie එකේ බලාගන්න පුලුවන්. ඒ හැම එකක්ම එක්කො තව plotline එකකින් හෝ චරිතෙකින් විනාශ කරල දානව. 😅

3. Dumb Logics and Plotholes

සමහරවිට උඩ හේතු දෙකටත් වඩා movie එක destroy කරන්නෙ මේ issue එකෙන් වෙන්න පුලුවන්. ඒ තරම් මහ මෝඩ logics ටිකක් තියෙන movie එකක් තමයි මේක. මම මේකට තියෙන ඔක්කොම කියන්නෙ නැතුව Major ඒව ටික විතරක් කියන්නම්. 😂

• Lockdown, Transformers ලව hunt කරන හේතුව තමයි TF ලගෙ creators ල TF ල Galaxy එක වටේ දුව දුව කරන දේවල් වලට අකමැති වීම. මේ reason එක හොඳ compelling reason එකක්. මේකෙ අවුලක් නැහැ. හැබැයි මේ Lockdown ගෙ motivation එක CIA Plotline එකෙන් Michael Bay ම විනාශ කරල දානව. ඒ අර Lockdown CIA එකට Transformium හදන බෝම්බයක් දෙන එකෙන්. දැනටම ඉන්න Transformers ල Creators ලට වදයක් වෙන නිසා තමයි Lockdown උන්ව hunt කරන්නෙ. ඒත් මිනිස්සුන්ට Transformers ලව හදන්න පුලුවන් විදිහෙ බෝම්බයක් දෙන එක අවුලක් නෑ. LOL 😂

• අර තට්ටයගෙ Company එකෙන් Transformium අරන් අලුත් නිර්මාණ කරනව කියල කරන්නෙ Transformers ලවම හදන එක. ඒත් ඒ මොකටද කියන එකට හරි හේතුවක් නැහැ.

• මේකෙ තියෙන තවත් plotline එකක් තමයි Megatronට ආයෙ පණ ලැබෙන එක. හැබැයි Third act එකට battle එකක් ඕනෙ වෙන එක ඇරෙන්න මේ plotline එකට හරි හමන් purpose එකක් නැහැ.

• මිනිස්සු පැය දෙකහමාරක් විතර කොහොම හරි මේ Film එක බලල ඉවර උනාට පස්සෙ අන්තිමට එක පාරටම Optimus ට පියාඹන්න පුලුවන් වෙනව. OMG, Badass නේත ? ඉතින් ඇයි ඌ මුලදිම බෝම්බෙ අරන් පියාඹල ගියෙ නැත්තෙ ? 😂😂 යකෝ පැය දෙකකට වඩා වෙලා මූවි එකේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිසි තේරුමක් නැති වෙනවනෙ මේ plothole එකෙන්. 💀🫢

• Tess ගෙ කොල්ල තමන්ගෙ ආදරේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි. හැබැයි තුවක්කුවක් අරන් වෙඩි තියන්න බැහැ. 😂🤣

• අනිවාරෙන්ම කියන්න ඕනෙ දෙයක් තමයි Bay මේකෙන් අලුත් චරිත තුනක් introduce කරල තියෙනව. මෙයාල හරි නම් එකිනෙකාට වෙනස් චරිත තුනක් වෙන්න ඕනෙ. හැබැයි Movie එක බැලුව නම් ඕන කෙනෙක්ට තේරෙනව මුන් තුන් දෙනාටම තියෙන්නෙ එකම විදිහෙ Moron personality එකක් කියල.

• මේ පාර නම් උඩ dilemma එකෙන් Bumblebee ටත් බේරෙන්න බැරි වෙලා තියෙනව. Bumblebee කියන්නෙ කලින් Movies වල හොඳ personality එකක් තිබුන කෙනෙක්. Bumblebee කොහොමත් childish behavior එකක් තියෙන කෙනෙක්. ඒත් Soldier කෙනෙක් විදිහට Bumblebee කියන්නෙ මාර පරිණත පුද්ගලයෙක්. Autobot ලගෙ Second in command වෙන්න තරම් personality එකක් තිබුන කෙනෙක් තමා Bumblebee කියන්නෙ. ඒත් මේකෙ Bumblebee කියන්නෙ අර Chad මානසිකත්වයේ ඉන්න Gladiator මෝඩයෙක්. 🤦‍♂️

තව ඔන්නම් තව Dumb logics, plotholes කියන්න පුලුවන්. 🤣 හැබැයි මේ ටික ඇති වෙයි Movies ගැන පොඩි හරි දැනුමක් තියෙන ඕනම මනුස්සයෙක්ට තේරෙනව TF 4,5 කියන්නෙ තනිකරම ඕනවට එපාවට හදපු කුණු ගොඩවල් දෙකක් කියල තේරුම් ගන්න. 😅

අනික් මගෙ personal issue එක තමයි designs. කලින් movies වලින් Bayverse එක ඇතුලෙ අඩු වෙවී ආපු designs personality එක මේ movie එකෙන් නැත්තටම නැති වෙලා ගියා කියල තමයි මට නම් හිතෙන්නෙ. 💀 මේකෙ Designs තමයි සමහරුන්ට අනුව Cool ම Transformer designs. Cool කියන කතාව නම් ඇත්ත වෙන්න ඇති, But මේව Transformer designs නම් නෙවෙයි. මේව හරියට නිකන් Pacific Rim එකටයි, Anime වලටයි වහ වැටිච්ච පොඩි එකෙක්ගෙ Concept arts අරන් හදපු designs වගේ. 🤦‍♂️

24/11/2023

Whats On My Mind .......

S**e, that's the wrong number...

Note : මෙතන designs ටික comapare කරල නෙවෙයි තියෙන්නෙ. Designs ගත්තොත් Shockwave ගෙ typical CGI monstrosity design එක කෙසේවෙතත්, Soundwave ගෙ Design එක solid innovative design එකක්. පොඩි childish ගතියක් තිබ්බත් "soundwave" කියන නමට ගැලපෙන්න අර සුපිරි සද්දෙ සද්දෙගෙ වගේ ඇඟ පුරා Buffle වගේ (maybe sonar) Drums දාල තියෙන එක හෙනම creative. ඒ වගේ designs වලට තමා Unique designs කියන්නෙ. 🙂

ප්‍රශ්නෙ තියෙන්නෙ Bayverse එකේ මේ චරිත දෙක පෙන්නපු විදිහ. Shockwave, Soundwave කියන්නෙ බොහොම important characters දෙකක්. හරියට develop කලා නම් Shockwave කියන්නෙ Sentinel, Fallen ල වගේ චරිත වලටත් වඩා සුපිරි Villain කෙනෙක්. But අන්තිමට Shockwave ව "බෲහාරුම්රුම්" ගාන CGI Monster කෙනෙක් කරල, Soundwave ව Dylan ගෙ Bumblebee කරල. 😹

Bumblebee opening scene එකේ Decepticon soldiers ලව මදුරුවො වගේ මර මර හිටපු Optimus පවා මුන් දෙන්න (And Starscream) ආපු ගමන් බය වෙලා පහුබහින එකෙන් High Commanders ල තුන් දෙනාගෙ Reputation එක මොන තරම් ප්‍රභලද කියල තේරුම් ගන්න පුලුවන්. මෙතන Optimus උන් දිහා බලපු විදිහයි, "Autobots fallback" කියද්දි Voice එකේ තිබ්බ තිගැස්මයි උන් තුන් දෙනා මොම තරම් ප්‍රභල චරිත තුනක්ද කියල තේරුම් ගන්න හොඳ details දෙකක්. 🔥 මේ පොඩි සීන් එකේ සම්පූර්ණ ෆිල්ම් එකකම හම්බෙනව වගේ චරිත ගැන wide විදිහට explain කරන්න අවස්ථාවක් හම්බෙන්නෙ නැහැ. ඉතින් ඒ වගේ short sequence එකක තියෙන පොඩි පොඩි details උනත් ඇති මුළු Film එකකම runtime එකක් තිබිලත් කරන්න බැරි වෙච්ච දේ කරන්න.

DC Multiverse එකේ එකමත් එක universe  එකක ඉන්නව කිසිම ගැටළුවක් නැතුව Crinimals ලව මරණ, හංවඩු ගහන Batman කෙනෙක්. හැබැයි Ro...
23/11/2023

DC Multiverse එකේ එකමත් එක universe එකක ඉන්නව කිසිම ගැටළුවක් නැතුව Crinimals ලව මරණ, හංවඩු ගහන Batman කෙනෙක්. හැබැයි Robin ව මරපු Joker පනපිටින් නිදහසේ තවත් මිනී මර මර ඇවිදිනව. 🫠

Photo එක නිකන් දෑවෙ

23/11/2023
Black Adam (2022) කියන්නෙ මේ දවස් වල DCEU එක සහ Superman ගැන උණුසුම් විවාද ඇති කරන්න සමත් වුන Film එකක්. Fans ල අතරෙ ෆිල...
23/11/2023

Black Adam (2022) කියන්නෙ මේ දවස් වල DCEU එක සහ Superman ගැන උණුසුම් විවාද ඇති කරන්න සමත් වුන Film එකක්. Fans ල අතරෙ ෆිල්ම් එකට කොච්චර Hype එකක් තිබුනත් අන්තිමේ බලද්දි Film Box Office Fail එකක් වෙලා තමයි නැවතුනේ. මේකට නම් ප්‍රධාන හේතුව මම හිතන්නෙ DC Fans ල Facebook එකේ ලොකුවට DC Films ගැන කියෙව්වට ඇත්තටම Film එකක් ආවම Theaters වලට යන්න මදිකමක් පෙන්වීම කියල තමයි මට හිතෙන්නෙ. 🤣

හැබැයි BO විතරක් නෙවෙයි Cinematically ගත්තත් Black Adam කියන්නෙ Failed opportunity එකක් කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ. ඒකට ලොකුම හේතුව තමයි මේකෙ ඉන්න වීරයා සහ දුෂ්ටයා කියන චරිත දෙක. ඉතින් මේ වීරයා සහ දුෂ්ටයා කියන චරිත දෙක ෆිල්ම් එක විනාස කරල දාන්න සමත් වුනේ කොහොමද කියල මම DCEU එකේ තවත් මේ වගේම film එකක් උන (Origin movie එකක් නොවන Solo movie එකක්), හැබැයි මීට වඩා සාර්ථකව නිර්මාණය උන Aquaman එක්ක සසඳල පැහැදිලි කරල දෙන්නම්.

මේ චරිත දෙකේ ලොකුම ගැටළුව තමයි මේ දෙන්නව පුද්ගලයො විදිහට Develop නොවුන එක. දැන් අපි Film එකකට ප්‍රධාන චරිතයක් හදනකොට ඒ චරිතෙ සාර්ථක චරිතයක් වෙන්න අපි ඒ චරිතෙ වෙනුවෙන් අරමුණක් (Purpose) එකක් ලබාදීල ඒ අරමුණ දිගේ යන්න තමයි අපි ඒ චරිතෙ ගොඩනගන්න ඕනෙ. හැබැයි Black Adam එකේ ගැටළුව තමයි Black Adam ට චරිතයක් විදිහට කිසි අරමුණක් තිබුනෙ නෑ. අපි Aquaman බැලුවොත්, Arthur ට Film එකේ අරමුණක් තිබුන. ඒ තමයි King Orm ගොඩබිම ආක්‍රමණය කරන එක නවත්තන එක. මෙයාගෙ අනික් හැම බාධකයක්ම, Stake එකක් නිර්මාණය වෙලා තිබුනෙ අර අරමුණ සාක්ෂාත් කරගන්න තැනට වෙනකන් මෙයාව ශක්තිමත් Character එකක් විදිහට Build කරන්න. (Shadow Fight Game එකේ Level එකෙන් Level එක Shadow ව upgrade වෙන විදිහ හිතාගන්නකො.)

හැබැයි Black Adam එකේ මෙහෙම සීන් එකක් නැහැ. අර ගෑණු කෙනා (නම මතක් වෙන්නෙ නෑ) Black Adam ගෙ සොහොන උඩට ගිහින් Shazam කිව්වම Black Adam ඇහැරෙනව. මේ හැරුනාට පස්සෙ මසනරීස් ල මෙයාට පහරදීපු නිස මෙයා උන් එක්ක ගහගත්ත. ඒක එතනින් ඉවරයි. ඊට පස්සෙ මෙයාව නගරෙට එක්කගෙන ගියහම මෙයා අලුත උපන් ලමයෙක් වගේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉද්දි (Bumblebee එකේ BB වගේ) අර ගෑණු කෙනා ඇවිත් කියනව එයාගෙ ලමයව පැහැරගත්ත කියල. පස්සෙ මෙයා ඒ ලමයව බේරගන්න යනව. ඊට පස්සෙ Justice Society එක මෙයාව හොයාගෙන එනව මෙයාව අල්ලන් යන්න (Deadpool 2.0). ඒ සිද්ධිය ඉවර උනහම ඊට පස්සෙ මෙයා JSA එකත් එක්ක යන්න කැමති වෙනව. ඊට පස්සෙ JSA එකේ උවමනාවට මෙයා Main Villain එක්ක වලියට යනව. දැන් මේ වෙච්ච කිසි දෙයක් Aquaman එකේ වගේ ප්‍රධාන චරිතෙට තියෙන Main purpose එකක් වටේ ගෙතුන දේවල් නෙවෙයි. හරියට පොඩි බබෙක් දණගාන්න ඉගෙනගන්න කාලෙ බිම දණ ගාගෙන යද්දි මෙයාට අහන්න දකින්න ලැබෙන Random දේවල් වලට ප්‍රතිචාර දක්වනව වගේ දෙයක් තමයි උනේ. 🤣

ඉතින් අනික් කෙනා තමයි මේකෙ Villain. Film එකේ Villain වෙන්නෙ කව්ද කියල නම් මට ඌව දකිද්දිම තෙරුනා. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. මේකෙ විලනුත් Hero ට තියෙන ගැටලු වලින්ම පිරුණ කෙනෙක්. දැන් මෙයා Black Adam ගෙ Villain වෙන එකම හේතුව තමයි මෙයාගෙ Ancestor කෙනෙක් තමයි BA ගෙ පවුල මරපු රජතුමා. මෙයා ඒ රජතුමාගෙ Descendant කෙනෙක් නිසා මෙයා රජ වෙලා ලෝකෙ පාලනය කරන්න හදනව. ඉතින් මේ නිසා මෙයා නිකන්ම Film එකේ Maim Villain වෙනව. හැබැයි මේක ශක්තිමත් Villain කෙනෙක්ව ගොඩනගන විදිහක් නෙවෙයි. මොකද අපිට මේ Villain ව හඳුන්වල දෙන්නෙ Hero aspect එකෙන් Hero ගෙ පවුල උදුරගත්ත කෙනා විදිහට. අපි Villain ගැන දන්න එකම දේ තමයි ඒක. Hero වගේම තමයි මේ Villain ට Person කෙනෙක් වෙන්නෙ නැහැ. මොකද Hero ගෙ හතුර කියන එක ඇරෙන්න මෙයාට කිසි Personality එකක්වත් මෙයාගෙම කියල Identity එකක්වත් Film එකේ නැහැ. මෙයා නිකන්ම Hero ව Develop කරල ගන්න හදපු Plot tool එකක් විතරයි.

අපි මෙතනදි Aquaman එකේ Main Villain වෙච්ච Orm ව අරන් බැලුවොත් මෙයා මීට වඩා ගොඩක් ශක්තිමත් Villain කෙනෙක්. මොකද අපිට Orm ව Arthur ගෙ POV එකෙන් විතරක් නෙවෙයි පෙන්නුවෙ. Orm ට Film එකේ තියෙන්නෙ මොන වගේ Role එකක්ද ? Orm Film එකේ Main Villain වෙන්න හේතුව මොකක්ද ? ඊටත් වඩා වැදගත්ම දේ Orm, Aquaman ගෙ Villain කෙනෙක් වෙන්න කොහොමද ? කියන දේවල් අපිට Personal facts විදිහට බලාගන්න පුලුවන් උනා. Orm සහ Aquaman, Hero and Villain වෙන්නෙ ඇයි කියන එක අපිට On-Screen බලාගන්න හම්බුනා. Aquaman film එකේ Orm කියන්නෙ නිකන්ම Aquaman ව Hero කෙනෙක් කරන්න ඕන නිසා Climax එකේදි Villain කෙනෙක් කරන්න ගෙනාපු කෙනෙක් නෙවෙයි. මෙයා Aquaman වගේම Solid purpose එකක් තියෙන (ගොඩබිම ආක්‍රමණය කරල මිනිස්සු සාගරය දූෂණය කරන එක නවත්තන එක සහ Atlantis වල ඔටුන්නට තරඟ කරන්න පුලුවන් තමන්ගෙ සහෝදරයව අයින් කරල දාන එක) "පුද්ගලයෙක්" විදිහට (පු-ද්-ග-ල-යෙ-ක්) විදිහට ප්‍රේක්ෂකයට බලාගන්න පුලුවන් වෙනව. ඉතින් මෙයා කරන දේවල්, මෙයාට තියෙන බාධක, stakes ඔක්කොම රැඳිල තියෙන්නෙ මේ අරමුණ වටා (Aquaman ගෙ වගේම). ඉතින් මෙතනදි ප්‍රේක්ෂකයට පුලුවන් වෙනව පුද්ගලයො විදිහට මේ චරිත දෙක ගැන තැකීමක් කරන්න. මෙතන තැකීමක් කරනව කියන්නෙ Villain ටවත්, Hero ටවත් Cheer කරන එක නෙවෙයි. මේ Film එකේ hero දිනන්න ඕනෙ නම් අපි ඒක වෙනකන් බලන් ඉන්නෙ, Villain පරදින්න ඕන කෙනෙක් නම් Villain පරදිනකන් බලන් ඉන්නෙ අපි මේ චරිත ගැන care කරන නිසා. ඉතින් අපි චරිත ගැන care කරන්නෙ නැත්තන් Hero දිනන එකෙන්වත් Villain පරදින එකෙන්වත් අපිට කිසි වැඩක් නැහැ. අපි ඒ ගැන ගනන් ගන්නෙ නැහැ. Black Adam එකේ මට මේ චරිත ගැන දැනුන එකම දේ තමයි අන්න ඒක. මම මේ චරිත ගැන තැකීමක් කරන්නෙ නෑ කියන එක. 🤣

ඇත්තටම MCU Films වල Color grading එක නිසා ෆිල්ම් වලට Theme park ගතියක් තිබුනත්. මොන තරම් ලාමක, බොලඳ, මෝඩ විහිලු තිබුනත් බහුතර MCU Films වල මම දැකල තියෙන දෙයක් තමයි මෙයාල චරිත, Plot එක සහ Film එක හරි විදිහට හසුරවනව කියන එක. 🥴 දැන්වත් Snyder, Henry Cavill, Epic fights, Beautiful Cinematography, Symbolism පස්සෙ නොයා Gunn ට පාඩුවෙ තමන්ගෙ Vision එක පෙන්නන්න ඉඩ දීල හිටිය නම් හරි. 🤣 නැත්තන් ඉතින් මේ වගේ Fights, Cinematography, Symbolism විතරක් තියෙන Films තමයි ඉස්සරහටත් බලන්න වෙන්නෙ. 🤣 Gunn ටත් බැරි උනොත් ඇත්තටම ආයෙ කවදාවත් මොකෙක්ටවත් මේක ගොඩදාන්න හම්බෙන්නෙ නෑ. 🥴

Cinema At Backyard

Point වලින් අල්ලලා Explain කරලා හෑල්ලක් දැම්මම තේරුම් ගන්න බැරි Moda Httpala එක්ක මොන Deep Meaning තේරුම්.ගැනිල්ලක්ද කිය...
22/11/2023

Point වලින් අල්ලලා Explain කරලා හෑල්ලක් දැම්මම තේරුම් ගන්න බැරි Moda Httpala එක්ක මොන Deep Meaning තේරුම්.ගැනිල්ලක්ද කියලා හිතෙනවා 😹😹

❌ 𝗧𝗵𝗲 𝗙𝗮𝗸𝗲 𝗠𝗮𝘀𝘁𝗲𝗿𝗽𝗶𝗲𝗰𝗲 ❌ඔයාල Versus movies කියන movie trend එක ගැන අහල ඇති. සරලවම කිව්වොත් versus movies කියන්නෙ යම් Fra...
22/11/2023

❌ 𝗧𝗵𝗲 𝗙𝗮𝗸𝗲 𝗠𝗮𝘀𝘁𝗲𝗿𝗽𝗶𝗲𝗰𝗲 ❌

ඔයාල Versus movies කියන movie trend එක ගැන අහල ඇති. සරලවම කිව්වොත් versus movies කියන්නෙ යම් Franchise එකක හෝ Franchise දෙකක ඉන්න beloved characters දෙකක් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට යොමු කරන චිත්‍රපටි. අපි කවුරුත් දන්න Batman V Superman කියන Fake masterpiece එකත් මේ විදිහෙ Versus movies එකක්. ගොඩක් අය BvS කියන්නෙ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් විදිහට සැලකුවත් (සමහරුන්ට නම් Masterpiece එකක්) මම BvS දකින්නෙ DC Movies අතරෙ worst ම plot එකක් තියෙන movie එකක් විදිහට. ඒකට හේතූන් කීපයක්ම තිබ්බත් ප්‍රධානම හේතුව විදිහට මම දකින්නෙ Passive Character effect එක. Passive characters කියන්නෙ movie එක ඇතුලෙ කිසිම Motivation එකක් හෝ Purpose එකක් නැතුව Plot එකට ඕන විදිහට රූකඩයක් වගේ නැටවෙන ප්‍රධාන චරිත. හොඳම උදාහරණ තමයි Black Adam, Bumblebee movie එකේ Bumblebee, Alita වගේ චරිත.

ඉතින් මේ BvS එකේ අපි දකින Batman සහ Superman කියන චරිත දෙකත් කිසි Motivation එකක් නැතුව plot එකට අවශ්‍ය විදිහට හැසිරෙන චරිත දෙකක්. මේක Movie එක පුරාම එහෙමමයි. කොහොම වුනත් BvS එකෙ අපිට Motivation එකක් දැකගන්න පුලුවන් වෙනව. හැබැයි ඒක පෞද්ගලික නොවෙන පිටස්තර සහ බොහොම දුර්වල Motivation එකක්. මම මේක BvS එකේ Rival movie එක වෙන MCU එකේ Captain V Ironman (Civil War) වලින් උදාහරණයක් අරන් පැහැදිලි කරන්නම්. Civil War කියන්නෙ Avengers කණ්ඩායම Captain America සහ Iron Man යටතේ දෙකට බෙදිල සටන් කරන Movie එකක්. මේකට හේතුව විදිහට Movie එකෙන් ඉදිරිපත් කරන්නෙ සොකෝවියා ගිවිසුම. හැබැයි මේක නිසා මේ කට්ටිය සටන් කරන එක කිසි තේරුමක් නැහැ. Still මේක පෞද්ගලික motivation එකක් නෙවෙයි, Avengers ලට ඕනෙ නම් ගිවිසුමට විරුද්ධව සටන් කරන්න උනත් පුලුවන්. නමුත් ඇත්තටම වෙන්නෙ මේ කණ්ඩායම දෙකට බෙදෙන එක. හැබැයි ඒකට හේතුව වුනේ මේ සොකෝවියා ගිවිසුම නෙවෙයි. අඩු තරමෙ බකීවත් නෙවෙයි. Captain සහ Tony දෙකට බෙදිල සටන් කරන එක එක තවත් තාත්වික කරන්න මෙයාල පෞද්ගලික motivations පාවිච්චි කරනව.

අපි MCU එකේ කලින් ආපු මූවීස් වලින් Facts එකතු කරල බැලුවොත් මුලින්ම හැමෝටම හිතෙන්නෙ ටෝනි ගිවිසුමට විරුද්ධ වෙයි කියල. හැබැයි ටෝනි තමයි ඇත්තටම ගිවිසුමට එකඟ වෙන්නෙ. මොකද Tony ගෙ හෘද සාක්ෂ්‍යයට අනුව සොකෝවියා සිද්ධියට Avengers ලත් වග කියන්න ඕනෙ. සොකෝවියා වල මැරුණ මිනිස්සුන්ගෙ ලේ තමන්ගෙ අත් වලත් තියෙනව කියන වරදකාරී හැඟීමෙන් ටොනිට මිදෙන්න බැහැ. ඉතින් ටෝනි තරයේ විශ්වාස කරනව ගිවිසුමට අත්සන් කරන එක තමයි හරිම වැඩේ කියල. හැබැයි කැප්ටන් මේකට කැමති වෙන්නෙ නැහැ. මොකද කැප්ටන් පෞද්ගලිකව දැකල තියෙනව රාජ්‍ය පාලකයො මොන තරම් දූෂිතද කියන එක. කැප්ටන් ට අනුව ගිවිසුමට අත්සන් කලොත් ඊටත් වඩා විනාශයක් ඇමරිකානු ආණ්ඩුව අතින් සිද්ධ වෙන්න පුලුවන්.

ඉතින් අපි බැලුවොත් මෙතන දෙන්නට දෙන්න විරසක වෙන්න සාධාරණ හේතු දෙකක් තියෙනව. දැන් අපි මෙතන සොකෝවියා ගිවිසුම විතරක් හේතුව විදිහට ගත්තොත් මෙයාල විරුද්ධ වෙන එක තාර්කික නැති වෙනව. අනික් කාරණය තමයි ප්‍රේක්ෂකයන්ට මේ චරිත දෙකෙන් කවුරු හරි වෙනුවෙන් Support කරන්න තරම් emotional reason එකක් නැති වෙනව. දැන් අපි මේක තව ටිකක් පැහැදිලි කරගන්න Steppenwolf ව ගම්මුකො. Josstice League එකේ සහ ZS Justice League එකේ ඉන්න ප්‍රධානම හතුරා තමයි Steppenwolf කියන්නෙ. Josstice League එකේ Steppenwolf පෘථිවිය ආක්‍රමණය කරන්නෙ කිසි Motive එකකට නෙවෙයි. Plot එකට අනුව SW පෘථිවිය ආක්‍රමණය කරන නිසා තමයි එහෙම වෙන්නෙ. ඒත් ZSJL එකේ SW ට clear motivation එකක් තියෙනව. ඒ තමයි Darkseid වෙනුවෙන් ත්‍යාගයක් පිරිණමල සමාව අරගෙන ගෙදර යන එක. බලන්න මේක අර Josstice SW ගෙ arc එකට වඩා කොච්චර motivated ද කියල. මෙතන SW පෘථිවිය ආක්‍රමණය කරන්නෙ Justice League එක වීරයො විදිහට Establish කරන්න නෙවෙයි, තමන්ට ආපහු තමන්ගෙ ගෙදරට යන්න තියෙන අරමුණ වෙනුවෙන්. මේ කියන Personal motivation එකෙන් පුලුවන් ඕනම චරිතයක් Humanize කරල පෙන්නන්න. යම් චරිතයක් Bigger picture එකක් බලන කෙනෙක් නොකර Inner motivations, Inner conflicts තියෙන Human characters බවට පත් කරහම තමයි ප්‍රේක්ෂකයාට ඒ චරිතෙ ඇතුලෙ තියෙන purpose එක හරියටම දැනෙන්නෙ.

මම ඉස්සරහට යන්න කලින් කියන්න ඕනෙ BvS එකේ Batman, Superman, Luthor කියන තුන් දෙනා ඇතුලෙම inner conflicts තිබුන. මම හිතන්නෙ ගොඩක් අයට මේක නම් දැනෙන්න ඇති. හැබැයි මෙයාලගෙන් Personal motivation එකක් තියෙන්නෙ Luthor ට විතරයි. ඒ තමයි Superman ව දකිද්දි තමන්ගෙ කටුක ලමාවිය මතක් වීම. හැබැයි ඒකත් Civil War එකත් එක්ක ගද්දි Zemo ගෙ motivation එක තරම්ම Strong එකක් නෙවෙයි.

හරි අපි යමු දැන් Batman සහ Superman ගෙ විරුද්ධතාවය දිහාට. BvS එකේ Batman සහ Superman දෙන්නට එකිනෙකාට විරුද්ධව යන්න Personal motivation එකක් තිබුනෙ නැහැ. Batman ට Superman ව නවත්තන්න ඕනෙ වුනේ Superman තර්ජනයක් වෙන්න "ඉඩ තියෙන" නිසා. Superman ට Batman ව නවත්තන්න ඕන වුනේ Batman අපරාධකාරයින්ට දඬුවම් කරන නිසා. දැක්කනෙ, අර පෞද්ගලික motivation එකක් මෙයාල ඇතුලෙ නැහැ. ඒ වගේම තමයි මේ motivations දෙක එකිනෙකාට පොදු motivations නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට Civil War එකේ තියෙන Critical point එක තමයි සොකෝවියා ගිවිසුම. ඒ සොකෝවියා ගිවිසුම වටා තමයි Tony සහ Captain වටා personal motivations දෙකක් හැදෙන්නෙ. හැබැයි BvS එකේ පොදු Outer Motivation එකකුත් නැහැ, චරිත දෙකට එකිනෙකාට විරුද්ධ වෙන්න Inner motivation දෙකකුත් නැහැ. Superman පෘථිවියට තර්ජනයක් වෙන්න පුලුවන් නිසා Superman ව නවත්තන එක නිකන්ම Bigger picture එකක් පෙන්නන වැඩක් විතරයි. එතනදි ඒ දේ වෙන්න ඕනෙ කියල urgency එකක් ප්‍රේක්ෂකයට දැනෙන්නෙ නැහැ. Batman අපරාධකාරයන්ට දඬුවම් කරන නිසා Supes බැටාව නවත්තන්න හදන එකත් එහෙමමයි. ඇයි බැටා අපරාධකාරයන්ට දඬුවම් කරන එක නවත්තන්න ඕනෙ ? මොකක්ද ලොජික් එක ? ඇයි ප්‍රේක්ෂකයාට ඒක urgent දෙයක් විදිහට දැනෙන්නෙ ? ඔය දේවල් justify කරන්න සුපර්මෑන්ට motivation එකක් නැහැ. Movie එකේ script එකට අනුව මෙයාල දෙන්න මරාගන්න ඕනෙ. ඉතින් මොකක් හරි හේතුවක් පෙන්නල මරාගන්න ඕනෙ. ඒ හේතුව ප්‍රේක්ෂකයගේ කෝණයෙන් තාර්කික වෙන්න ඕනෙද, ප්‍රේක්ෂකයට මේ දෙන්න සටන් කරන එකේ urgency එකක් දැනෙන්න ඕනෙද, ප්‍රේක්ෂකයට මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට සපෝට් කරන්න හේතුවක් දෙන්න ඕනෙද කියන ඒවගෙන් වැඩක් නැහැ.

ඕක මෙහෙම හැදුව නම් ඔයිට වඩා සාර්ථක වෙන්න තිබුන. ලූතර් සහ ජොකර් එකතු වෙලා රොබින්ගෙ මරණෙන් පස්සෙ Batman ඒකට පලිගන්න බෲටල් විදිහට අපරාධකාරයන්ව මරනව. අපිට ඩික්ගෙ මරණෙ තව ලඟට ගේන්න පුලුවන්. ඉතින් ඕක රටේ කතා බහට පත් වෙන දෙයක් වෙනව. මිනිස්සුන්ට insecure බවක් ඇති වෙනව. මෙයාලගෙ ආරක්ෂකය මෙයාකටම අනතුරක් වෙනව. හරි දැන් ඕක තමයි BvS එකේ සොකෝවියා ගිවිසුම. දැන් එක දවසක් බැටා ඔහොම අපරාධකාරයෙක්ව මරන්න යද්දි සුපිය බැටාව නවත්තල ඒ මනුස්සයව බේරගන්නව. මොකද සුපිය කියන්නෙ සමාව දෙන විදිහෙ කෙනෙක්. පස්සෙ සුපිය බැටාට කියනව කරුණාකරල ඔය වැඩේ නවත්තන්න කියල. ඉතින් බැටා මේක දකින්නෙ යුක්තියට ගරගනව වගේ වැඩක් හැටියට. ඔන්න සුපියට විරුද්ධව යන්න බැටාට හොඳ motivation එකක්. බැටාට ඩික්ගෙ මරණෙට පලිගන්න ඕනෙ. හැබැයි සුපිය ඒකට බාධාවක් වුනා. ඉතින් බැටා හිතාගන්නව ඕන වුනොත් සුපියව උනත් මරන්න. ඒක නිසා මෙයා පටන් ගන්නව සුපියගෙ වීකනස් හොයන්න. දැන් ලූතර් ඕක ගැන දැනගෙන ක්‍රිප්ටොනයිට් ගැන බෲස්ට කියනව. ඒකට හේතුව විදිහට මෙට්‍රොපොලිස් සටනෙන් ලූතර්ගෙ කෙල්ල හරි කවුරු හරි මැරිල ඌ සුපිය එක්ක තරහ කරවන්න පුලුවන්. ඉතින් බැටා ක්‍රිප්ටොනයිට් ගන්ට්ලෙට් එකක් හදාගන්නව. ඔහොම ඉද්දි මේ දෙන්න ඔය වගේ situation එකකදි ආයෙ මුණ ගැහිල බැටා අර ගන්ට්ලෙට් එකෙන් සුපියට ගහනව. ඔතනින් වලියක් ඇති වෙනව. දැන් ලූතර් ඕක තවත් දිග්ගස්සන්න මාර්තව හරි ලොයිස්ව හරි පැහැරගෙන ගිහින් ලොයිස් ගෙ ගෙදර බැට්සිම්බල් එකක් දාල යනව. ඔතනින් සුපියගෙ මෙව්ව එකත් හරි. දැන් තියෙන්නෙ මරාගන්න. හැබැයි සුපියට ඕනෙ නැහැ බැටාව මරන්න. මොකද සොඩ් ගෙ සීන් එක නිසා සුපිය මිනිස්සු මරණ එක පිලිකුල් කරනව. හැබැයි බැටාට ඕන ඕක. ඉතින් බැටා ඇත්තටම සුපියව මරනව. එතකොට ෆිල්ම් එකේ plot එක ඇත්තටම movie එකේ නමට true වෙනව. (මේකෙ ඩූම්ස්ඩේ කෙනෙක් නෑ) පස්සෙ ලූතර් ලොයිස්වත් අරන් සුපිය මැරුණ තැනට ඇවිත් විලන් මොමෙන්ට් එකක් දෙනව. පස්සෙ බැටා දැනගන්නව මේ දෙන්න ලූතර්ගෙ රූකඩ වෙලා කියල. ඒ වගේම ලොයිස් ප්‍රෙග්නන්ට් කියලත් ලූතර්ගෙ කටින් කියවෙනව. පස්සෙ බැටා ලූතර්වත් මරල ලොයිස්ට යන්න දීල බැට්මෑන් කියන මැන්ටල් එක අත අරිනව.

ඉතින් මේ story arc එකෙන් උනත් Universe එක දිගටම continue කරන්න පුලුවන්. ඒක මෙතන කියන්න යන්නෙ නැහැ තව ටයිප් කරන්න කම්මැලියි. දැන් කවුරු හරි කියයි movie එකෙත් ඇත්තටම බැටා සුපියව මරන්න ගියේ මුල්ම encounter එකෙන් පස්සෙ සුපිය බැටාට අපරාධකාරයො හංවඩු ගහන එක නවත්තන්න කිව්වට පස්සෙ, ඇත්තටම ලූතර් මේ දෙන්නව manipulate කරපු එක උනේ කියල. please ආයෙ movie එක බලන්න. එහෙම එකක් නම් උනේ මුල්ම encounter එක වෙද්දි බැටා ක්‍රිප්ටොනයිට් හෙව්වෙ සුපියට මගුල් මුද්දක් හදන්නද ?

BvS කියන movie එක ඇත්තටම ඔයිට වඩා හොඳ සාර්ථක මූවි එකක් වෙන්න තිබුන Man of Steel සහ BvS අතරදි Batman කියන චරිතෙ වෙනම establish කරල පස්සෙ BvS කියන movie එක legit versus movie එකක් විදිහට හැදුව නම්. මොකද මේ Movies දෙක අතරෙ අවුරුදු 4ක පරතරයක් තිබුන. ඔය කාලය අතරෙ අඩු තරමෙ තව movies 3ක්වත් හදන්න පුලුවන්. එහෙම කලා නම් ඇත්තටම BvS කියන movie එක Injustice වගේ arc එකකට ගේන්න පුලුවන්. ඕක ගැන කල්පනා කරල බලද්දි ඇත්තටම හිතෙනව Zack ට ඇත්තටම සාර්ථක plan එකක් තිබ්බද කියලත්.

ඉතින් BvS Plot එකේ තව අවුල් ගොඩක් තියෙනව. තව උදාහරණයක් තමයි On-screen develop කරපු Villain ව හලල අන්තිම මොහොතෙ ඇත්තම විලන් Doomsday කරපු එක, Movie එකෙ නමට true end එකක් නොදී දෙන්නව සමාදාන කරල on-screen develop නොවුන 3rd party එකක් final boss කිරීම. Civil War එකේ තව Quality එකක් තමයි ඒකට ඇත්තටම movie එකේ theme එක true ending එකක් තිබුන. අන්තිමට උනේ කැප්ටන් සහ ටෝනි සමාදාන වෙලා වෙන off-screen villain කෙනෙක්ට විරුද්ධ සටන් කරපු එක නෙවෙයි. Climax battle එක ඇත්තටම සිද්ධ වුනේ මේ දෙන්න අතරෙ.

ඉතින් BvS එකේ සමහර positive sides තියෙනව. නැත්තෙ නැහැ. හැබැයි මේක great movie එකක්වත්, Masterpiece එකක්වත් නෙවෙයි. මට නම් දැනුනෙ Justice league එක හදන්න ඕන නිසා ඕනවට එපාවට හදපු movie එකක් විදිහටයි.

මට නම් හිතෙන්නෙ මේ ඉන්නෙ Nathaniel Richard නෙමේ.මේ ඉන්නෙ Nathaniel Varient කෙනෙක්.එහෙම කියන්නෙ කොමික්ස් වලදි කෑන්ග් ටයිම...
29/10/2023

මට නම් හිතෙන්නෙ මේ ඉන්නෙ Nathaniel Richard නෙමේ.මේ ඉන්නෙ Nathaniel Varient කෙනෙක්.

එහෙම කියන්නෙ කොමික්ස් වලදි කෑන්ග් ටයිම්.ට්‍රැවල් කරන හැම සැරේකම තමන්ගෙ දැන් තියෙන සෙල්ෆ් එකමයි ඒ ටයිම් ලයින් එකට යන්නෙ

Example එකක් දුන්නොත් Kang The Conquerer Time Travel කරලා Egypt
වලට ගියාම තමන්ගෙ කෑන්ග් වේරියන්ට් කෙනෙක් හැදෙනවා.වගේම රාමා ටට් කියලා වෙනම වේරියන්ට් කෙනෙක් හැදෙනවා.හැබැයි රාමා ටට් ගෙ නිවු යන්ග් ලයිෆ් එකක් පෙන්නන්නෙ නෑ වික්ටර් ටයිම්ලිගෙ පෙන්නුවා වගේ (ලෝකි ) .ඒ වගේම නැතෑනියෙල් වික්ටර් ටයිම්ලි විදියට 80 ගනන් වල මතු වෙන්නෙත් මේ විදියටම තමා.

ඉතින් සීරීස් එකේ මේ පෙන්නන්නෙ අපිට ලෝකි පලවෙනි එන්ඩ් එකේදි සෙට් වුන හී හූ රිමේන්ස් නෙමෙ.නිකන් ලෝකි සහ සිල්ව් වගේ එක වර්ශන් එකක් විතරයි.

ඔයාල හිතන්නෙ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න

16/08/2023

Where My Goddamn Electric Car You Promised On This Year😂😂😂

Even Good Man Can Have Secretආකම් අසයිලම් එකේ අදුරු පැත්තහැමෝම දන්නෙ ආකම් අසයිලම් එක සයිකොපත් ලට බෙහෙත් කරන සුපර් විලන් ...
12/08/2023

Even Good Man Can Have Secret

ආකම් අසයිලම් එකේ අදුරු පැත්ත

හැමෝම දන්නෙ ආකම් අසයිලම් එක සයිකොපත් ලට බෙහෙත් කරන සුපර් විලන් ලට හදපු හිරගෙයක් කියලනෙ.ඒ උනාට මේකෙ යට කොටස එහෙම නැ.මේක නිර්මානය කරන්නෙ වේන් ලා වගේම මේකට කෝර්ට් ඔෆ් ඔවුල් එකත් සම්බන්ධයි. මේකෙ කතාව ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්

Get Ready For The Marvels
11/08/2023

Get Ready For The Marvels

10/08/2023

Most Underated Series In Mcu
Falcon And The Winter Soldier

Comic Book Movies
09/08/2023

Comic Book Movies

ස්පයිඩර්මෑන් අක්‍රොස් ද ස්පයිඩර්වර්ස් මූවි එකේ වැඩියෙන්ම එක්සයිට් උන සීන් එක මොකක්ද.
09/08/2023

ස්පයිඩර්මෑන් අක්‍රොස් ද ස්පයිඩර්වර්ස් මූවි එකේ වැඩියෙන්ම එක්සයිට් උන සීන් එක මොකක්ද.

සුපිරි නිලි මාර්ගොට් රූබි හට Mcu හි Fantastic Four කන්ඩායමේ Susan Storm ගෙ චරිතයට රගපාන්න ආරාදනවක් ලැබිලා තියෙනවා
02/05/2023

සුපිරි නිලි මාර්ගොට් රූබි හට Mcu හි Fantastic Four කන්ඩායමේ Susan Storm ගෙ චරිතයට රගපාන්න ආරාදනවක් ලැබිලා තියෙනවා

Finally
30/04/2023

Finally

Happy Birthday Wonder Woman
30/04/2023

Happy Birthday Wonder Woman

The Direct සමග සාකාච්චවකට එලබුනු ඈ නම් කියන්නෙ තමන්ගෙ චරිතය දැනට හෙලි කරන්න බෑ කියලත් හෙලි කරොත් ඇයව TVA එකෙන් Proune කර...
30/04/2023

The Direct සමග සාකාච්චවකට එලබුනු ඈ නම් කියන්නෙ තමන්ගෙ චරිතය දැනට හෙලි කරන්න බෑ කියලත් හෙලි කරොත් ඇයව TVA එකෙන් Proune කරන නිසා කියලයි.

අපි බලමු මොන වගෙ චරිතයකින් ඇය හමුවෙයිද කියලා

Source - The Direct

කෞන්සිල් ඔෆ් කෑන්ග්ස් ❤️✌️අර ක්වොන්ටමේනියා වල ඉදියේ og Kang ද.Og Kang නම් ඌව කෝමද Exile කරේ ක්වොන්ටම් රෙල්ම් එකට.ඒකෙ ඉදි...
21/04/2023

කෞන්සිල් ඔෆ් කෑන්ග්ස් ❤️✌️

අර ක්වොන්ටමේනියා වල ඉදියේ og Kang ද.Og Kang නම් ඌව කෝමද Exile කරේ ක්වොන්ටම් රෙල්ම් එකට.

ඒකෙ ඉදියේ Og Kang නොවුනත් ඌ නම් තැනෝස් ට වඩා ගොඩක් පවෆුල් කියලා පේනවා ❤️✌️

Symbolism.
20/04/2023

Symbolism.

ස්නයිඩරෙ ගේ හිංගියෙ ජලක් 😂✌️
20/04/2023

ස්නයිඩරෙ ගේ හිංගියෙ ජලක් 😂✌️

👙 ඇදගත්ත එවුන් ඇඩ්මින් මන්ඩලේක.ඉද්දි 😹😹
20/04/2023

👙 ඇදගත්ත එවුන් ඇඩ්මින් මන්ඩලේක.ඉද්දි 😹😹

  🦇 Zack Snyder Ruined The Bat 🦇මම දැන් කාලෙක ඉඳන් Facebook එකේ දකින hypocritic දෙයක් තමයි ගොඩක් අය රැල්ලට වගේ DCEU batm...
20/04/2023


🦇 Zack Snyder Ruined The Bat 🦇

මම දැන් කාලෙක ඉඳන් Facebook එකේ දකින hypocritic දෙයක් තමයි ගොඩක් අය රැල්ලට වගේ DCEU batman තමයි Comic Accurate ම LA (Live+Action) Batman කිය කිය යන එක. Batman ගැන දන්න, නොදන්න හැම එකාම රැල්ලට මේක තැන තැන කියවනව මම දැකල තියේ. දැන් මෙයාල Comic accurate කියන එකෙන් අදහස් කෙරෙන්නෙ Batman Returns එකේ ඉන්න Batman හෝ Thomas Wayne ගැන නම් මෙයාල හරි. හැබැයි මෙයාල Generally comic කියන හැම එකක් ගැනම කියනව නම් මේකත් "Rings of Power" කියන්නෙ LOTR, The Hobbit trilogies දෙකටම වඩා පොත් වලට accurate කියල කියන කතාව වගේමයි.

මොකද Batman කියන චරිතය එක්ක බැලුවම Snyder හරියටම අරන් තියෙන්නෙ Batman ගෙ physical strenth එක විතරයි. Batman ව Batman කෙරෙන අනික් හැම ගුණාංගයක්ම Snyder හලල දාල තියෙනව. 🤦‍♂️ කාටහරි Batman ගැන තේරෙන්නෙ නැත්තන් Batman කියන්නෙ නිකන්ම Martial Artist කෙනෙක් නෙවෙයි. Batman කියන්නෙ පෘථිවියෙ ඉන්න බුද්ධිමත්ම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම Batman කියන්නෙ (GL කෙනෙක්ගෙ තරම් නැතත්) බොහොම ශක්තිමත් will power එකක් තියෙන නිර්භීත, අධිෂ්ඨානශීලී පුද්ගලයෙක්. ඒ වගේම Batman කියන්නෙ ගුණධර්ම වලිනුත් ගොඩක් පෝසත් පුද්ගලයෙක්. Batman කාවවත් මරන්නෙ නැති එකට හේතුවත් ඒකමයි. මම දකින විදිහට Physical abilities වලටත් වඩා Batman ව Define කෙරෙන්නෙ මෙන්න මේ ගුණාංග වලින්. බුද්ධිමත්කම, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ගුණධර්ම. ✌️

දැන්, DCEU batman දිහා බැලුවම අපිට Batfleck ගෙ චරිතෙ ඇතුලෙ මේ ගුණාංග වලින් කොච්චර දැකගන්න පුලුවන් වෙනවද ? හරියටම කියනව නම් Snyder තමන්ගෙ Adaptation එකේ සාර්ථකව පෙන්නන්න සමත් වෙලා තියෙන්නෙ Batman ගෙ physical strenth එක විතරයි. අපි මේක අත ඇරල Batfleck ගෙ අනික් ගුණාංග ටික අනික් Batman Adaptations එක්ක සසඳල බලමු...🙂

1. බුද්ධිමත්කම

මම කලින් කිව්ව වගේම Batman කියන්නෙ පෘථිවියෙ ඉන්න බුද්ධිමත්ම මනුස්සයෙක්. Probably Luthor ට විතරයි දෙවෙනි වෙන්නෙ. හැබැයි මම Batman ගෙ බුද්ධිමත්කම කියන කියන එකෙන් අගයන්නෙ Iron Man ගෙ බුද්ධිමත්කම වගේ එකක් නෙවෙයි. අපි Iron Man ව ගත්තොත් Iron Man highly intelligent person කෙනෙක් කියන්න ගොඩක් අය උදාහරණයට අරගන්නෙ Iron Man ගෙ තියෙන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම. හැබැයි Batman ගෙ බුද්ධිමත්කම ගැන කතා කරද්දි මීට වඩා ගොඩක් දේවල් අපිට සලකන්න පුලුවන්. පලවෙනිම කාරණය තමයි Batman ගෙ තියෙන උපායශීලීත්වය. Batman කියන්නෙ මොන තරම් හොඳ Tactician කෙනෙක්ද කියනව නම් Batman ගාව ඕනම දේකට Contingency plan එකක් තියෙනව. Batman ඕනම දෙයක් කරන්නෙ අඩුම තරමෙ එක Backup plan එකක් හරි තියාගෙන. ඒ වගේම Batman කියන්නෙ ඉක්මනින්ම අනික් මිනිස්සුන්ගෙ දුර්වලතා හොයාගන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම Batman තරමන්ගෙ enemies ලව පරද්දන්න පාවිච්චි කරන්නෙ තමන්ගෙ ඇඟේ හයිය නෙවෙයි. මොලේ හයිය.

මේකට Comic ඕනෙ නැහැ. ඔයාල Animations බලල තියෙනව ඒ ඇති Batman සටනකදි කොච්චර දුරකට තමන්ගෙ Tactical intelligence එක පාවිච්චි කරනවද කියල. හොඳම උදාහරණයක් තමයි Batman/Superman : Apocalypse. මේ Movie එකේ වෙන්නෙ Darkseid විසින් පැහැරගෙන ගිය Supergirl ව බේරගන්න JL එක Apocalypse වලට යන සිද්ධියක්. ඉතින් මේකෙ Superman, Wonder woman වගේ ශක්තිමත් අයටවත් Darkseid එක්ක ඇඟේ හයිය පාවිච්චි කරල සටන් කරල Supergirl ව බේරගන්න බැරි වෙනව. හැබැයි Batman අනික් අයව ගහගන්න ඇරල හොරෙන් Darkseid ගෙ security system එක hack කරල Darkseid ට තර්ජනය කරනව Supergirl ව අත ඇරියෙ නැත්තන් Apocalypse පුපුරවනව කියල. ඒ වගේම Batman ගෙ intelligence එක කොච්චරද කියල බලාගන්න පුලුවන් තව තැනක් තමයි Injustice එකේ Cyborg ට Virus එකක් ඇතුල් කරපු තැන. මොකද Batman වැරදි වලින් ඉගෙනගන්න බලන් ඉන්න කෙනෙක් නෙවෙයි, Batman කියන්නෙ කවදාවත් වැරැද්දක් සිද්ධ වෙන්න කලින්ම ඒකට පිලියමක් හොයන කෙනෙක්. 🙂✌️

හැබැයි Snyder Batman බුද්ධිමත් කියල කියන්න පුලුවන් දේවල් කොච්චර තිබ්බද ? එකම එකයි. ඒ Luthor ගෙ database එක hack කරල metahumans ල ගැන හොයාගත්ත එක විතරයි. 💀 මුළු DCEU එකේම Batman බුද්ධිමත් වැඩක් කලා නම් ඒ මේක විතරමයි. 😅 God level alien attack එකකින් පෘථිවිය බේරගත්ත කෙනාව Possibility එකක් මත මරන්න යන එක එච්චර බුද්ධිමත් දෙයක් නෙවෙයි. Snyder ZSJL එකෙන්ම ඔප්පු කලා BvS එකේදි Batman කලේ මෝඩ වැඩක් කියල. 💀 කිසිම Backup plan එකක් නැතුව සුපර්මෑන් ට පනදීපු එක. සුපිය ඊට කලින් කවදාවත්ම දැකල නැති Flash ටත් ගහද්දි තමන්ව මරන්න හදපු එකාට මොනව නොකරයිද කියල හිතල සුපිය ඉස්සරහට ගිය එක. 🤡 කවුරුහරි කියයි එහෙම ගියේ Courage එක නිසා කියල. 😅 මෝඩකමයි, නිර්භීත කමයි කියන්නෙ දෙකක් කියල තේරුම්ගන්නකම් ඕන කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්. 🤦‍♂️

ZSJL එකත් එක්ක බලද්දි Josstice League එකේ හොඳයි කියන්න පුලුවන් එකම දේ තමයි අඩු තරමෙ Batman ට backup plan එකක් තිබුන එක. මේ Backup plan එකත් ඇත්තටම dumb. මොකද මුළු JL එකම මරන්න ආපු එකා ඉස්සරහට ලොයිස් ගේන එක එච්චර බුද්ධිමත් වැඩක් නෙවෙයි. At least එතන Batman ට backup plan එකක් තිබුන. ඒත් ZSJL එකේ Batman කියන්නෙ අමුම අමු මෝඩයෙක්. 🤡 සාමාන්‍යයෙන් Comic හෝ Animations හෝ වේවා ගොඩක් වෙලාවට JL එක සටනක ඉද්දි Batman JL එක lead කරන ගමන් tactical උපදෙස් දෙනව. ඒත් මේකෙ සම්පූර්ණ වලියෙදිම Batman ව දකින්න හම්බුනේ නැහැ. එක පාරටම කොහෙ හරි ඉඳන් ඇවිත් කිසිම tactical advantage එකක් නැතුවම අර මරු කටට අත දානව වගේ තරහ ගිය සුපිය ඉස්සරහට එනව. 🤦‍♂️

2. අධිෂ්ඨානය

Batman කියන්නෙ බොහොම අධිෂ්ඨානශීලී පුද්ගලයෙක්. "I can do this all day." ටත් වඩා අධිෂ්ඨානශීලී, Strong will එකක් තියෙන, Strong mental capacity එකක් තියෙන පුද්ගලයෙක් තමයි Batman කියන්නෙ.

"You know how many times I have heard that ? 'Rest is peace Batman', 'There's no escape Batman', 'Time to die Batman'. Every night, over and over, and over, for so many years. Every damn night. And yet...I am still here."

👉 That's how Batman gets up each time he falls.

DCEU එකේ Batman ගෙ අධිෂ්ඨානය මොන තරම්ද කියන්න හොඳ උදාහරණය තමයි Batman තමන්ගෙ හැම Moral එකක් compromise කරල තියෙන එක. DCEU එකේ Batman කියන්නෙ දුර්වල mentality එකක් තියෙන, තමන්ගෙම Morals වලට පිටුපාපු cry baby කෙනෙක්. 🤦‍♂️ කෙනෙක්ට කියන්න පුලුවන් DCEU Batman ගොඩක් දරුණු දේවල් වලට මුහුණ පාපු කෙනෙක් කියල. Is he really ??

හැම modern comic run එකකම වගේ Jason මැරෙනව. හැබැයි Batman කවදාවත් තමන්ටම වැටෙන්න දුන්නෙ නෑ. DCEU Batman ගෙ අධිෂ්ටානය ගැන බලන්න් හොඳම උදාහරණය තමයි Injustice. Injustice කියන්නෙ JL Heroes ල වෙනස් වුනොත් මොකක් වෙයිද කියන premise එකෙන් හදපු comic run එකක්. Injustice universe එකේදි Superman, Batman ගෙ identity එක reveal කරන නිසා හැමදේම නැති වෙනව, යාළුවො නැති වෙනව, Richard (Duck) මැරෙනව, Alfred මැරෙනව, JL එකෙන් බාගෙකට වඩා Batman ට විරුද්ධ වෙනව, Worse ම දේ Batman ගෙ හොඳම යාලුව, Superman තමයි මෙයාගෙ හතුර වෙන්නෙ. ඒත්...එච්චර දේවල් වෙලත් Injustice Batman තමන් කවුද කියන එකට විරුද්ධ වෙන්නෙ නැහැ. දැන් මේක DCEU එකේ Batman ගෙ loses එක්ක compare කරල බැලුවොත් Moral එක compromise කරන්න DCEU Batman ටත් වඩා අයිතියක් තියෙන්නෙ Injustice Batman ට. හැබැයි ඒ Batman කවදාවත් තමන්ව compromise කරගත්තෙ නැහැ. මොකද Batman කියන්නෙ සාමාන්‍ය will power එකක් තියෙන කෙනෙක් නෙවෙයි. 🤦‍♂️

Batman ගෙ අධිෂ්ඨානශීලීබව හොඳටම පෙන්නපු Live Action moment එකක් තමයි TDKR එකේ Bruce ව Bane හිටිය ලිඳට දාන එක. මෙතනදි Bruce උත්සාහ කරල කරල කොහොම හරි ඒ ගුහාවෙන් උඩට නැගල යනව. නිකන්ම නෙවෙයි, ඒ ලිඳෙන් එලියට ගිය පලවෙනි හිරකාරය විදිහට. කොච්චර sanity එකක් දාරගන්න පුලුවන් වෙන්න ඕනෙද කැඩුන කොණ්ඩත් හදාගෙන ඒ වගේ එකකින් බේරිලා යන්න. 🙂

3. නිර්භීතකම

Comic වල Batman ගෙ නිර්භීතකමට හොඳම උදාහරණයක් තමයි Damien ව බේරගන්න Hellbat එක දාගෙන Darkseid එක්ක සටන් කරපු සිද්ධිය. තමන් මැරෙනවමයි කියල දැන දැනත් තමන්ගෙ ලමයව බේරගන්න Hellbat suit එක එච්චර වෙලාවක් ඇඳන් හිටපු එක නම් crazy. Snyder ගෙ Batman ගෙත් තැන් දෙක තුනක මේ ගුණාංගය දකින්න ලැබුන ඇත්තටම. එක තමයි අර කඩන් වැටෙන බිල්ඩිම දිහාට දුවන එක, දෙක තමයි සුපියට ගහන්න ගිය තැන, ඒ වගේම තුන තමයි...🤷‍♂️ That's all...💀

4. මානව ගුණධර්ම

Batman ගෙ Intelligence එකට පස්සෙ Batman ගෙ වටිනම ගුණාංගය තමයි ගුණධර්ම කියන්නෙ. Batman ගෙ no killing rule එකත් ඇතුලත් වෙන්නෙ මේකට. DCEU එක ගැන කතා කරද්දි ලොකුම criticism එක තමයි Batman මිනි මරන එක. මිනීමරන එකටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තමයි Batman ගෙ කිසි ගරුත්වයක් නැහැ, අනික් මිනිස්සුන්ගෙ ජීවිත වල කිසි වටිනාකමක් මේ Batman ට නැහැ. සරලවම කිව්වොත් මේ Batman Satanist කෙනෙක් වගේ චරිතයක්. මේක සාධාරණීකරන කරන්න Snyder ගෙනාපු එකම defense එක තමයි තමන්ගෙ dark tone එකට ගැලපෙන්න චරිත හදන්න ඕනෙ කියන එක. ඒ වගේම Snyder BvS ආපු කාලෙදි තිබ්බ Panel එකකදි කිව්ව මට මතකයි "මිනී මරන්නෙ නැති, Moral code එකක් තියෙන අහිංසක (WTF) වීරයො ඉන්නෙ dream world වල විතරයි. ඒ වීරයො realistic නැහැ." කියල. Snyder කියපු සම්පූර්ණ කතාව මට මතක නැහැ, ඒ කියපු එකේ හරය මේක තමයි. Snyder ඇත්තටම මේ චරිතෙ තේරුම් අරන් නෑ කියන එකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ කතාව. Snyder ඇත්තටම Batman කියන චරිතෙ තේරුම් ගත්ත නම් Snyder දැනගන්න ඕනෙ The Punisher, Spawn, Phantom වගේ කීප දෙනෙක්ට පස්සෙ ඉන්න Dark ම, Realistic ම, අහිංසක නැතිම character එක තමයි Batman කියන්නෙ කියල. 💀

Batman ඇත්තටම අහිංසක කෙනෙක් නෙවෙයි. Batman superman ට ලේ එන්න ගහනව. Batman අනික් අයව මැරෙන ගානට බය කරල තියෙනව. Superman ටවත් බය නැති උන් Batman දැක්කම බය වෙන්නෙ Batman ඇත්තටම මොන තරම් දරුණු වෙන්න පුලුවන්ද කියල උන් දන්න නිසයි. 💀 හැබැයි Batman කියන්නෙ ගෞරවාන්විත පුද්ගලයෙක්. ඒකයි JL එකට විරුද්ධව තිබුන contingency plans දැනගෙනත් සුපිය Batman ට loyal වුනේ. Ras' වගේ අය Batman ට ගරු කරන්නෙ Batman ගෙ තියෙන මානව ගුණධර්ම, අධිෂ්ඨානය වගේ ගුණාංග නිසා. 🙂 Batman මිනී මරන්නෙ නැත්තෙ Batman අහිංසකයෙක් නිසා නෙවෙයි, මොකද Batman හැම ජීවිතයකටම ගරු කරන නිසා. අනික් කාරණාව Batman ගෙම වචන වලට අනුව කවුරු හරි කෙනෙක් එක පාරක් මනුස්සයෙක්ව මැරුවොත් ඒ කෙනා ඒක දෙවෙනි පාරටත් කරන්න පසුබට වෙන්නෙ නැහැ. ඇත්තටම Batman මිනීමරන්න පුරුදු උනා කියන්නෙ Batman සහ අනික් අපරාධකාරයො අතර කිසි වෙනසක් නැති වෙනව. සමහරවිට ලොකෙ දරුණුම අපරාධකාරය Batman වෙන්නත් පුලුවන්. So yeah, Batman මිනීමරන්නෙ නැත්තෙ අහිංසකයෙක් නිසා නෙවෙයි කියන එක පොඩ්ඩක් කල්පනා කලා නම් Snyder ට තේරුම්ගන්න පුලුවන් වෙනව. ඒ වගේම Snyder එහෙම හිතනව නම් මම කලින් කිව්ව වගේම Snyder මේ චරිතෙ තේරුම් අරගෙන නැහැ. 🙂✌️

කවුරු හරි මොකකින් හරි Adaptation එකක් කරද්දි තමන්ට ඕන විදිහට චරිත Alter කරන්න අයිතියක් තියෙනව. හැබැයි තමන්ගෙ Tone එකට ගැලපෙන්න ඕන නිසා චරිත විකෘති කරන එක පිලිගන්න බැහැ. Batman මිනීමරන එකයි, The Rock size එකෙන් ඉන්න එකයි නම් මෙයාව The Dark Knight Returns එකෙන් inspire කරගත්ත කියන එකෙන් සාධාරණීකරනය කරන්න පුලුවන්. ඒත් Batman කිසි ගරුත්වයක් නැති, මෝඩයෙක් විදිහට පෙන්නල තියෙන එක සාධාරණීකරනය කරන්න මොකෙන්වත් බෑ. 💀

දැන් මම කලින් Injustice ගැන mention කරපු එකේ කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් Injustice එකේ සුපිය මිනීමරනව, ඒක විතරක් කොහොමද Accept කරන්නෙ කියන එක. මේ දෙකේ වෙනස තමයි Injustice එකේ premise එක තමයි ඒක. Injustice වල main point එක තමයි සුපිය වෙනස් වෙන එක. හැබැයි DCEU එකේ කෙරිල තියෙන්නෙ නිකන්ම Snyder ගෙ So called tone එක නිසා චරිත වෙනස් කරපු එක. ඇත්තටම Dark, grim storyline එකකට මිනීමරන Batman කෙනෙක් ඕනෙ නැහැ. Daredevil බලල තියෙන කෙනෙක් නම් Morals තියෙන hero කෙනෙක් ඉන්න කතාවක් කොච්චර dark වෙන්න පුලුවන්ද කියන එක තේරුම් ගන්න පුලුවන්. TDK Trilogy එක, The Batman බලල තියේ නම් base Batman කොච්චර realistic වෙන්න පුලුවන්ද කියල තේරුම් ගන්න පුලුවන්. 🙂 Soo දැන්වත් Batfleck තමයි comic accurate ම Batman කියන එක රැල්ලට තැන තැන කියව කියව යන එක නවත්තන්න. 😌 මොකද ඒක හෙන disturbing. 💀

Credits - Er Mûrazôr

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Cinema At Backyard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share