Katha Diganthaya

  • Home
  • Katha Diganthaya

Katha Diganthaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Katha Diganthaya, Video Creator, .

08/03/2024

එයා ❤️

08/03/2024

සිකුරු ලියා ❤️

08/03/2024

🖤

01/03/2024

සිරා කතාව 🖤

27/02/2024

❤️

27/02/2024
25/02/2024

🖤

25/02/2024

04/02/2024

.

කොල්ලො වීඩියෝ කළ නිසා...Le media - 😶😶😶😶😶Le පුරවැසියා : ඩිමෝ බට්ටෙක් එළවගෙන ආව, ළමයි තුන්දෙනෙක් ඉන්න අහිංසක තරුණ වඩුබාස් ...
20/01/2024

කොල්ලො වීඩියෝ කළ නිසා...

Le media - 😶😶😶😶😶

Le පුරවැසියා : ඩිමෝ බට්ටෙක් එළවගෙන ආව, ළමයි තුන්දෙනෙක් ඉන්න අහිංසක තරුණ වඩුබාස් කෙනෙක්ට පොලිසියෙන් වෙඩිතියලා. මොන අපරාධයක්ද. පුදුම රටක්නෙ මේක. එහෙම මිනිස්සුන්ට වෙඩිතියන්න පුලුවන්ද නිකරුණේ? 😠
........................................................................

එහෙම වීඩියෝ නොකළ නම්...

Le media - කලක් තිස්සේ නාරම්මලටම කුඩු බෙදූ "නාරම්මල වඩ්ඩා" නැමැත්තා කුඩුත් සමඟ පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාර වලින් මරුට!

Le පුරවැසියා : හොඳ වැඩේ. ඕකුන්ට ඔහොම කරල මදි. මුන් හින්ද තමයි පොඩි එකෙක්වත් හදාගන්න නැත්තෙ. මම නම් කියන්නෙ මරණ දඬුවම අනිවාරයෙන් ගේන්න ඕනෙ ඔය වගේ උන් එල්ලන්න! 😡

කාන්තාරයක් වෙච්ච අබුඩාබියෙ කැරට් 1Kg AED 2 ඒ කියන්නෙ රුපියල් වලින්:175 වගේ වෙන්නෙ කෘෂිකාර්මික රටක් වන ලංකාවෙ කැරට් 1Kg 2...
19/01/2024

කාන්තාරයක් වෙච්ච අබුඩාබියෙ කැරට් 1Kg AED 2 ඒ කියන්නෙ රුපියල් වලින්:175 වගේ වෙන්නෙ කෘෂිකාර්මික රටක් වන ලංකාවෙ කැරට් 1Kg 2100/=
" නිකම් දැම්මෙ ඉතිම්😪😐🥴 "

මේවා ලංකාවේ මිනිස්සුන්ගෙම වැරදි තමයි 🙂

මේ දේම හෙට මට වුනත් ඔයාට වුනත් වෙන්න පුලුවන්! 😔Uniform එකක් නැතුව දෙන්නෙක් වාහනයක් නතර කරන්න කියුවට මම නතර කරයිද? ඔයා නත...
19/01/2024

මේ දේම හෙට මට වුනත් ඔයාට වුනත් වෙන්න පුලුවන්! 😔

Uniform එකක් නැතුව දෙන්නෙක් වාහනයක් නතර කරන්න කියුවට මම නතර කරයිද? ඔයා නතර කරනවද?

කලු ජැකට් ඇදගෙන, සෙරෙප්පු දාගෙන, නිකන් සාමාන්‍ය බයික් එකක්, අඩුම තරමෙ සුදු හෙල්මට් එකක්වත් තිබ්බානම් පොඩ්ඩක් හරි හිතෙන්න තිබ්බා මේ පොලීසියෙන්ද කියලා!

මේක මාරම කෙළියක්... වෙලාවට මෙතන මිනිස්සු ඉදලා වීඩියෝ එකක් කරගෙන තිබ්බෙ. එහෙම නැත්නම් වෙනම “ලොරිය ඇතුලෙ කුඩු ගංජා එහෙමත් තිබ්බා” වගේ ස්ක්‍රිප්ට් එකකට වෙන්න තිබ්බ කතාවක් මේ.

19/01/2024

19/01/2024

Doni

19/01/2024

ok bye

19/01/2024

wow

ඔබ දන්නවාද? 😱මනෝවිද්‍යාවට අනුව, ඔබ දන්නා පුද්ගලයෙකු ඔබේ සිහින තුළ පෙනී සිටින්නේ නම්, ඒ පුද්ගලයාට ඔබව මග හැරෙන බැවිනි. 😳
03/04/2023

ඔබ දන්නවාද? 😱

මනෝවිද්‍යාවට අනුව, ඔබ දන්නා පුද්ගලයෙකු ඔබේ සිහින තුළ පෙනී සිටින්නේ නම්, ඒ පුද්ගලයාට ඔබව මග හැරෙන බැවිනි. 😳

මිනිසුන් සොයාගත් ප්‍රයෝජනවත්ම නව සොයාගැනීමක් බවට ප්ලාස්ටික් පත්වුනත්, මේ ප්ලාස්ටික් පරිසර දූෂණයට සෘජුවම බලපායි. එමනිසා ම...
30/03/2023

මිනිසුන් සොයාගත් ප්‍රයෝජනවත්ම නව සොයාගැනීමක් බවට ප්ලාස්ටික් පත්වුනත්, මේ ප්ලාස්ටික් පරිසර දූෂණයට සෘජුවම බලපායි.

එමනිසා මෙක්සිකානු ජාතික රසායන විද්‍යා සමාගමක් සාමාන්‍යයෙන් නම් විසිකරන අලිගැටපේරවල බීජ භාවිතා කර අලුත්ම ජෛව ප්ලාස්ටික් වර්ගයක් නිපදවා ඇත.

සාමාන්‍ය ප්ලාස්ටික් විදියටම මේ ප්ලාස්ටික් අපිට භාවිතා කිරීමට හැකි උවත් මේවා වසරකින් දිරායෑම මේ ප්ලාස්ටික් වල ඇති සුවිශේෂීතාව බවට පත්වේ.

හංගන් ආදරේ...🥺🖤🍃(කෙටි කතාවකි)"අපි කෙලින්ම දැන් හැට්න්වලට ද යන්නෙ?""ඔව්ව්... අපාර්ට්මන්ට් එකට ගිහින් ටිකක් ඉමු නේද""ආන්ටි...
28/03/2023

හංගන් ආදරේ...🥺🖤🍃(කෙටි කතාවකි)
"අපි කෙලින්ම දැන් හැට්න්වලට ද යන්නෙ?"

"ඔව්ව්... අපාර්ට්මන්ට් එකට ගිහින් ටිකක් ඉමු නේද"

"ආන්ටි කේස් එකක් දාන්නෙ නැති වෙයි ද කියපන්කො"

"එයා කවදද කේස් නොදැම්මෙ කියපන්කො"

"මොකද තෝ හිනාවෙන්නෙ"

"නෑ නෑ මොකුත් නෑ"

"ඩේයි... කාර් එක නවත්තපන් දේශ්"

"මොකද බල්ලො යකෙක් දැකල වගේ"

"කාර් එක පොඩ්ඩක් පිටිපස්සට ගනින්"

"අපිට ලේට් වෙලා තියන්නෙ යකෝ. වෙන ඒවට වෙලාවක් නෑ දැන්"
"මචං ඒ උඹේ අහස්නා"

"පිස්සු ද තොට"

විහස්ගෙ වචන ටිකට මට කාර් එක නිකන්ම රිවස් එකට පෑගුනා වගේ. ගෙදර ඉන්නව කිව්ව උඹ මෙතන ඉන්න කොහෙත්ම විදිහක් නෑ. පාත් කරපු ෂට්ල් එකෙන් දෙපාරක් තුන්පාරක් ඇහිපිල්ලන් ගහල මම බලන් හිටියෙ පාර අයිනට වෙන්න තිබුන අඹ ගහ යට නවත්තල තිබුණ බයික් එක උඩ ඉදගෙන හිටපු කෙල්ල දිහා. කහපාට දණහිස ළගට වෙන්න තිබුණ හුරුබුහුටි ගවුම. කැරලි ගැහුන ලාවට තඹ පාට කොන්ඩෙ. ඔව් ඒ මම අවුස්සන කෙහෙරැලි. ඒත් උඹ හිනාවෙන්නෙ ඇයි එයත් එක්ක. මගේ කෙල්ලව මට අදුරගන්න බැරි නෑ. ඒත් ඇස් අදහගන්න බෑ වගේ තවත් මං බලන් ඉන්නෙ මගෙ ඇස් ගැනම විශ්වාසයක් නෑ කියල දැනෙන නිසා.
"බැහැපන්කො ගිහින් බලමු මොකක්ද වෙන්නෙ කියල"
කාර් එකෙන් බහින්න හදන විහස්ගෙ අත මං අල්ලගත්තෙ ඌව නවත්තන ගමන්. අරූ රවල බලද්දි මං කාර් එක ස්ටාර්ට් කරන් ඉස්සරහට ඩ්‍රයිව් කළේ වචනයක්වත් කියන්නෙ නැතුව. මොනවනම් කියල කියන්න ද? ගෙදර ඉන්නව කියපු කෙල්ල කොල්ලෙක් එක්ක පාරක ඉද්දි මං තව මොනවනම් කියල හිතන්න ද? මොනවහරිම අඩු වුනා ද? නෑ මම හිතන්නෙ නෑ...

"කාර් එක හරවපන් ..... මං මේ උඹට හොදින් කියන්නෙ"
"තොට කිව්වට තේරෙන්නෙ නැද්ද බල්ලො"

බලෙන්ම වගේ විහස් කාර් එක නැවැත්තුවෙ පාර මැද්දෙමයි. තේරෙනව උට යකා නැගල උපරිමයටම. මොකද උගෙ ආදරේ නෙවෙයි ඒ. ඌ ආදරේ කළේ නෑ ඒ කෙල්ලට. ඒත් මම. මගෙ ජීවිතේම එතන. කොහොමද ලැජ්ජ කරන්නෙ පිට එවුන් ඉස්සරහ. කොහොමද කදුළු දෙන්නෙ මගෙ වගේ පරිස්සම් කරපු ඒ ඇස්දෙකට. මං ඒ තරම් තිරිසනෙක් නෙවෙයි.

"උඹට ඇහෙන්නෙ නැද්ද දේශ්... ඒ උඹ ආදරේ කරපු කෙල්ල නෙවෙයි ද? යකෝ වෙන එකෙක් එක්ක ඔහොම හුරතල් වෙද්දි උඹට ගානක්වත් නැද්ද කියපන් මට"

"වරෙන් යන්න. කනට ගහල අහපන් මොකාද මූ කියල. ඒකිගෙ කටින්ම අහගමු වරෙන්කො"

"මොනාද යකෝ අහන්නෙ. මේ හොර එක ද කියල ද? තව කීයක් ඉන්නව ද කියලද. ඒ මගෙ කෙල්ල බං. ඒ මගෙ ආදරේ. උඹ මට කියන්නෙ පිට එකෙක් ඉස්සරහ ඒකිට ලැජ්ජ කරන්න කියල ද? ඒකද යකෝ පිරිමිකම"

"එතකොට ඒකි කරන වැඩේ හරිද කියපන්කො මට"

"තොටනම් මං ආයෙ කියන්නෙ නෑ"

තරහෙන් විහස් අහක බලා ගනිද්දි අත් දෙකෙන්ම කොන්ඩෙත් අවුස්සල ලොකු හුස්මක ගත්තෙ මොන සැනසීමක් හොයන් ද කියල මං දන්නෙ නෑ. ඒත් රිදෙනව පපුව පුදුම විදිහට. වචන කරගන්න බැරි විදිහට මාව පිච්චෙනව. ආදරේ... නෑ මටත් වඩා උඹට ආදරේ කළා මම. උඹෙන් එහා ලෝකයක් මගෙ ඇස්දෙක දැකලවත් තිබුනෙ නෑ. ඒත් අද ඒ මුළු ලෝකෙම මගෙ ඇස් ඉස්සරහ කඩන් වැටෙනව. උඹ වැරැද්දක් කරන්නෙ නෑ මට. මේකටත් හේතුවක් ඇති. මං මාවම සනසගන්න කියන වචන ඒ. යාළුවෙක් වෙන්නැති. හදිස්සියෙ හම්බෙන්න ඇත්තෙ. ඒකයි මට කියන්න බැරි වෙන්න ඇත්තෙ. ඒව වෙන්න පුළුවන් දේවල් ද බං. මං අහන්නෙ මගෙන්මයි. සැරින් සැරේ ඇස් ඉස්සරහ මැවිල පේන ඔය හුරතල් මූණ. කතා කරන ඇස්දෙක. ලෝභයි උඹව එහෙම දාල එන්නත්. දුවල ගිහින් පපුවට තුරුල් කරන් මගෙ අයිතිය පෙන්නන්න හිතෙනව. ඒත් උඹේ අයිතිය උටත් දීල තිබුනොත් කොහොමද එහෙම කරන්නෙ.
තව කොච්චරකල් මතක් කරන්න ද ඒ දවස. මේ පපුව තව කොයිතරම් කාලයක් මම පුච්චගන්න ඕනිද. දන්නෙ නෑ බං. කොයිතරම් ඕනි වුනත් මට ඉඩක් නෑ උඹ නැති ලෝකෙක හුස්මගන්න. උඹ ගිහින් අද ගොඩක් දුර. ඒත් මං තාමත් ඒ මතකවල...

කාර් එකෙන් බැහැල ෂූස් දෙකත් ගලවන ගමන් මම ඇවිදන් ගියෙ මුහුද ළගට. හැමදාම මම තනිවෙන තැන. උඹ ගැන මට මතක් වෙන තරම මේ මුහුදු රැල්ල ඇරෙන්න වෙන කවුරුවත්ම දන්නෙ නැතුව ඇති. සී සීකඩ විසිරෙන මුහුදු රල දිහා පැය ගනන් බලාගෙන මම හිතන්නෙම අපෙ අතීතය. තාමත් මම මැරී මැරී හුස්ම ගන්නෙ ඒ අතීතයෙ...

ඔෆිස් යන්නෙත් නැතුව පාර්ක් එකට වෙලා නිදහසේ ඉන්න කියල ආවත් හිතටනම් නිදහසක් දැනෙන්නෙ නෑ වගේ. හෙඩ් සෙට් දෙකත් ගහන් ඈත අතීතයෙ අතරමං වෙලා හිටපු මාව ගැස්සිලා ගියෙ කාගෙහරි කෑගැහිල්ලකට. හරි ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්. හැබැයි පුදුම දගකාරකමක් ඒක. දුවගෙන ඇවිත් මගෙ උකුලෙන් බොක්ස් එකක් තියල කියාගෙන ගිය ටික තේරුම් ගන්නත් මට විනාඩියකට වඩා ගියා.

"අනේ මං විනාඩියෙන් එන්නම් මේක චුට්ටක් බලාගන්න"

හදිස්සියට කියාගෙන ගිය ඒ වචන කීපයත් එක්කම ආයෙත් අනිත් පැත්ත හැරිල දිව්වෙ පොඩි කොල්ලෙක්ට ගහන්න පන්නන ගමන්. හරියට පොඩි එකෙක් වගේනෙ.

තාමත් මං අත්දෙක බැදගෙන බලන් ඉන්නෙ මගෙ උකුලෙන් තියල තියන බොක්ස් එක දිහා. නිදහසේ ඉන්න කියල පාර්ක් එකට ආව මදෑ. බොක්ස් එක බෙන්ච් එක උඩින් තියල මං නැගිටල ආවෙ ඒ මතක ආයෙ ආයෙමත් මගෙ හිතේ හොල්මන් කරද්දි. තාමත් පරිස්සම් උඹ මගෙ හිතේ. ඒත් මං තනියම තාමත්. කහපාටට ඇහැළ මල් වැටිල තියන පාර දිගට මං ඇවිදන් ගියෙ ආයෙමත් ඔෆිස් එකට යන්න හිතන්. ඒත් තාමත් මං අතරමං කොහෙදෝ ලෝකෙක.
"මූඩ් එකක් නෑ බං"

"උඹ තව කොච්චර කල් ඔහොම ඉන්න හිතනවද කියපන්කො"
"හැමදාම වුනත්"

"යකෝ ඒකි වෙන එකෙක් ළගට ගියා. උඹව පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් නොගෙනයි යන්..."

"වහගනින් ඔය කට"

"තාමත් රිදෙනව නේද"

"මං යනව. හෙට මීටින්ග් එක ගැන මේල් එකක් දාල තියපන් මට"

සමහර ප්‍රශ්න ළග උත්තර හොයාන්න මට තාම බැරි වෙලා. මනුස්සෙකුට මෙච්චර ඇබ්බැහි වෙන්න පුළුවන් ද? නැති වුනත් එයා වෙනුවෙන්ම හදවත ගැහෙන්න තරම් ඒ අකුරු හතර ශක්තිමත් ද? දන්නෙ නෑ මම. ඒත් තාමත් මං උඹව මගෙ පපුවෙ තියන් පරිස්සම් කරනව. ඒ හැගීම නවත්තගන්නෙ කොහොමද කියල මටවත් තාම හොයාගන්න බැරි වුන එකේ වෙන එව්වො කොහොම කරන්න ද?

හැමදාම වගේ අදත් හවස් වෙලා ගියෙ බීච් එක පැත්තට. රැල්ල ඇවිත් දණහිස ළගට වෙන්නම තෙමෙනකම් සීමාවක් නැති මුහුද දිහා මං බලන් හිටිය. එක රැල්ලක් වෙරලට ඇවිත් යන්න කලින් ඊළග එක එනව. ඒත් ඒ එකකටවත් වෙරලෙ නවතින්න ආසාවක්නම් නෑ වගේ. මගෙ කකුලෙ වැදිල සුදු පාටට විසිවෙන පෙන පිඩු හරි ලස්සනයි. ඉර බැහැල යන්නම් තව චූටි වෙලාවයි. මං බලන් ඉන්න ආසම මොහොත.

"ඒයි... ඔයාට ඇහෙන්නෙ නැද්දෙ"

"එක්ස්කියුස් මී... මම ඔයාට කතා කරන්නෙ"

කලින් මට නෙවෙයි කියල ගනන් නොගෙන් හිටියත් නිකමට වගේ හැරිල බැලුවෙ මට ද කියල හිතන ගමන්මයි. අත්දෙකෙන්ම ගවුමත් චුට්ටක් උස්සගෙන රවාගෙන මං දිහා බලන් ඉන්නෙ ඒ චූටි කෙල්ල. මුහුදු හුළගට ඇවිස්සෙන කොන්ඩෙ අතින් හදන්න දගලන්නෙ පොඩි එකෙක් වගේ. මෙයාට මොකක්ද මගෙන් ඇති වැඩේ...

"කෝ මගෙ බොක්ස් එක"

"ඒක මං බෙන්ච් එක උඩ තියල ආව"

"මං කිව්වෙ මම එනකම් තියාගන්න කියල නේද"

"මං දන්නෑ..."

මොන විකාරයක් ද මේ කියල හිතන ගමන් ගලවල තිබුණ ෂූස් දෙකත් අතට අරන් මම ඇවිදන් ආවෙ එයත් එක්ක කතා කරන්න දෙයක් මට නැති නිසා. ඒත් නැවතිල්ලක් නෑ වගේ එයාගෙනම්. බොක්ස් එකක් ගැන අහ අහ පිටිපස්සෙන්ම එනව. බැරිම තැන මම හැරිල බැලුවෙ හොද දෙකක් කියන්න හිතන්.

"මම එකපාරක් කිව්වා...."

"මං ඒක හැමතැනම හොයනව🥺"

"මං ඒක එතනම තියල ආව. මම ගත්තෙ නෑ ඇත්තමයි"
අඩන්න ඔන්න මෙන්න තියන ඒ ඇස්දෙක දැක්කම සැර කරන්න හිතුනෙ නෑ මට. බොදවෙලා තියන කළු පාට බෝල ඇස්දෙක. ලාවට රතු වෙලා තියන සුදු පාට කම්මුල් එයාගෙ වේදනාව ඕනිවටත් වඩා මට පෙන්නුව. ඒත් මං මොනව කියල කරන්න ද?

"සොරි කරදර කළානම්😔"

හරි අහිංසක විදිහට එහෙම කියල එයා යන්න යනව. කොහෙන් ආව හැගීමක් ද මම දන්නෙ නෑ. ඒත් එයාට ඒ විදිහට යන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.

"මං උදව් කරන්න ද ඒක හොයන්න"

"ඇයි?🙄"

"මාත් හේතුවක්නෙ ඒක නැති වෙන්න"

"දවල් ඉදන් මං හොයන්නෙ. කොහෙවත් නෑ ඒක"
"කවුරුහරි ගන්න ඇති"

"අනේ🥺"

"හරි හරි අපි හෙට කොහොමහරි හොයාගමුකො. කෝ දැන් ගෙදර යන්න හොද ළමය වගේ"

"හෙට කොහොමහරිම හොයල දෙනව මම"

"මට ඒක නැතුව බෑ.🥺අනේ කවුරුහරි ඒක අරන්නම් ආයෙ මට දෙනකම් නෑ නේද"

"මොකක් ද මං දැන් කිව්වෙ"

"මං යන්නම්"

"පුළුවන් ද තනියම"

"මම පොඩි ළමයෙක් නෙවෙයි"

"දැක්කම නම් එහෙම හිතෙන්නෙ නෑ"

"මොකක් ද කිව්වේ..."

"මොකුත් නෑ පරිස්සමින් යන්න එහෙනම්"

"හෙට මට හොයල දුන්නෙ නැත්තම්නෙ. අර මුහුදටම දානව ඔයාවත්"

"උදව් ගන්නෙ ඔහොම ද කාගෙන්හරි"

"ඉතින් ඔයානෙ පරිස්සම් කළේ නැත්තෙ"

රණ්ඩු කෙක්කක් ඒකනම්. ආයෙත් මට හැරිල යන්න යන දිහා මම එක දිගටම බලන් හිටියෙ හිනාවෙවී. හෙටනම් බේරෙන්නම බැරි වෙයි වගේ. කෙල්ල අඩන්නෙ නැතුව බොහොම අමාරුවෙන් හිටියෙ කියල මට තේරුනා. ඒ නිසාමයි චුට්ටක් හිත හදල ගෙදර යැව්වෙ. දවල් ඉදම් ඒක හෙව්ව කියන්නෙ. මට තව චුට්ටක් ඒක තියන් ඉන්න තිබුනෙ. මං වැඩිය හිතුවෙ නෑනෙ.

ගෙදර ආව ගමන් වොෂ් දාගෙන ඇදට පැන්නෙ ෆෝන් එකත් අරගෙනමයි. දැන් ඉතින් නින්දයනකන්ම මේකෙ තමයි. ගොඩක් වෙලාවට එහෙමතමයි. සමහර මතකවලට මං හුගාක් භය ඒව මට ඒ තරමටම රිදෙන නිසා. කොයිතරම් නවත්තන්න හැදුවත් මගෙ හිත නවත්තගන්න බෑ මට. නිදිමත වෙනකන්ම ෆිල්ම් එකක් බලනව කියල ලෑස්ති වුනත් මං දන්නෙ නෑ කීයට මට නින්ද ගියාද කියලවත්. ඔලුව රිදිල්ලත් එක්ක උදේ ඇහැරෙද්දි ලැප් එකත් ඇදේ එක පැත්තක. ඇස් දෙකත් එක්කම ඔළුවත් රිදෙන්නෙ මෙච්චර ෆිල්ම් බලන නිසාද. අත් දෙකෙනම් කොන්ඩෙ අවුස්සන ගමන් වොෂ් රූම් එකට ඇවිදන් ගියෙ හොද සිහියකින්නම් නෙවෙයි.

"කොහෙද යකෝ ඉන්නෙ"

"මේ එනගමන්"

"මීටින්ග් එකේ ඩීටේල්ස් බැලුව ද මට දාන්න කිව්වට"

"ආ... මං බැලුව ද කොහෙද"

"එහෙනම් ඒකෙ වෙලාව තිබ්බෙ කීයද කියපන්කො"

"අයියෝ මං බැලුවෙ නෑ මගුල. කෑගහන්නෙ නැතුව හිටපන්කො😠"

"මීටින්ග් එක පටන් අරන් තියන්නෙ. තෝ එනවනම් වරෙන්. නැත්තන් ආන්ටිට උත්තර දෙන්න ලෑස්ති වෙයන්"

විහස්ගෙ කෝල් එකත් එක්ක තව ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කලේ හිතට ආව තරහටමයි. ඔළුව රිදෙනව ඉන්න බෑ. ඒවුනාට එකෙක් නෑ හොදින් නෙවෙයි ද ඉන්නෙ අහන්නෙ. හැම රෙද්දක්ම දරාගෙන බොරුවට හිනාවෙන්න විතරයි ද මගෙ ජීවිතේ තියන්නෙ.

මං ඇතුළට යනකොටත් මීටින්ග් එක කෙරීගෙන යනව. ලාවට හිනාවක් දාගෙන ගිහින් මගෙ පුටුවෙන් ඉදගත්තෙ ප්‍රසන්ටේෂන් එක දිගටම කරගෙන යන්න කියල අතින් කමාන්ඩ් එක දෙනගමන්. විහස් එවල තිබුන මේල් එක ඕපන් කරල බැලුවෙ මීටින්ග් එක ගැන මොලේ අයිඩියා එකක් මගෙ ඔළුවෙ නැති නිසා.

"මිස්ටර් දේශ් මොකද හිතන්නෙ මුහුද ළගින් හදන මේ හොටෙල් එක ගැන. ෆොරිනස්ලගෙ තමයි වැඩි ඇටෙන්ෂන් එක යන්නෙ"

"මුහුද...."
"ඔව්..."

මුහුද කිව්වත් එක්කයි මට මතක් වුනේ අර කෙල්ලව. මම කිව්ව අද ඒක හොයල දෙනව කියල. ආයෙ කතා දෙකක් නෑ උදේ වුන ගමන්ම පාර්ක් එකට ගිහින් ඇති. ඒ අහිංසක මූණ මතක් වුනා විතරයි මට ඉන්න තැනත් අමතක වුණා. ඊයෙ හවසත් හිටියෙ කොච්චර දුකෙන් ද? දැන් මාත් බොරුවක් කිව්වෙ කියල හිතුනොත්... පව් පොඩි කෙල්ල...

"එක්ස්කියුස් මී..."

දෙපාරක් හිතන්නෙ නැතුව මීටින්ග් එකෙන් නැගිටල එළියට දිව්වෙ වෙලාවත් බලන ගමන්මයි. සිකියුරිටි එකටත් ගේට් එක අරින්න කියල කෑගහන ගමන් මම දිව්වෙ කාර් එකට. හිත හරි කලබලයි අද. මාව මුහුදට දානව කිව්වෙ. ඒ කිව්වෙ එයාගෙ ජීවිතේට කරදරයක්වත්. නෑ බොක්ස් එකක් වෙනුවෙන් එහෙම කරන්න තරම් මෝඩ වෙන්නෙ නෑනෙ. ඒත් ගොඩක් වටිනව කිව්වනෙ.

කාර් එක පාර්ක් කරපු ගමන් මම දුවන් ගියෙ එදා හිටපු බෙන්ච් එක ළගටමයි. දාඩිය බිංදු බෙල්ල දිගේ ගලන් යනව. ඒ තරම් හයියෙන් මම දිව්වෙ. මං දන්නව වටිනම දේවල් නැති වෙලා යනකොට දැනෙන වේදනාව. එදා මං මගෙ ජීවිතේ නැති කරගන්න තත්වෙට වැටුනනම් එයාට එහෙම හිතෙන එකත් අසාධාරණ නෑ. මං තරම් ආදරේ කරන්න එපා ඔයානම්...

ආයෙත් ඒ මූණ දකින්න හීන දැක දැක මං දුවපු දිවිල්ල නැවතුනේ ඒ බෙන්ච් එක දැක්කම. එයා ඉන්නව. එතන ඉදගෙන අත් දෙකම උකුල උඩ ගුලි කරගෙන බිම බලන් ඉන්නෙ හරි අසරණ විදිහට. එයාටත් නොදැනෙන්නම හිමීට ගිහින් එයාගෙ ළගින් වාඩි වුනේ ලාවට වගේ අහිංසක ඇස්දෙක ගැස්සෙද්දි. කදුළු ගලන්න ඔන්න මෙන්න තියන ඇස්දෙක ලොකු කරන් මං දිහා බලන් හිටියෙ අනේ ඔයා ආව ද අහන්න වගේ🥺

"අඩනව ද ළමයො"

"මං හිතුවෙ හොයල දෙනකම් නෑ කියල"

"මං කිව්වනෙ කරනව කියල"

"එහෙනම් කරන්න දැන්"

"පිටින් පේන අහිංසකකම නෑ නේද නපුරුයිනෙ"

"ඔව් මං එහෙමතමයි"

"මං කිව්වදේ කරනව භය නැතුව ඉන්න"

මෙච්චර වෙලා අදුරු වෙලා තිබුන මූණට චූටි හිනාවක් ආවෙ ඒ මූන තවත් ලස්සන වෙද්දි. කෙල්ලගෙ පිටටත් තට්ටුවක් දාන ගමන් මම නැගිටල ආවෙ විහස්ට කෝල් එකක් ගන්න ගමන්.

"කොහෙද උඹ ඉන්නෙ කියපන්"

"මට උදව්වක් ඕනි"

"ආන්ටිට හේතු කියල හිටපන් මීටින්ග් එක මැදින් නැගිටල යන්න. මගෙ ඔළුව කන්න හදනව"

"හරි මං ඒක බලාගන්නම්. මම ඩීටේල්ස් ටිකක් එවන්නම්. ඒ ටිකයි ඒ විදිහට ෆොටෝ එකකුයි දාල පෝස්ටර් ටිකක හදල අපේ කොල්ලො ටිකක් අතේ පාර්ක් එකට එවපන්කො ගහන්න කියල"

"ඉක්මන් කරපන් හරිද. 10 000ක් දෙනව කියන එක ටිකක් ලොකුවට දාපන්"

"මම දාන්නම්කො උඹට"

විහස්ට වැඩේ භාර දුන්න කියන්නෙ වොරි වෙන්නම දෙයක් නෑ කියල මම ඉතින් දන්නව. හවස් වෙනකොට ඕක මගෙ අතේ තමයි. එතකොට බලාගන්නම්කො මං උස්සපු එකාව.

"ඔතනට වෙලාම ඉන්න ද අයිඩියා"

"ඒක හම්බුනා ද?"

"හවසට හම්බෙයි. දැන් ගෙදර යන්න"

"හ්ම්ම්..."

"කොහෙද යන්නෙ"

"බීච් එකට. ඔයත් එනව ද?"

"ඔයාව ඕනි නෑ මට එතනට යන්න. ‍යන්නෙ කොහෙද අහපු නිසා මං කිව්වෙ"

"අනේ ඇත්ත ද?😒"

"ඇත්ත තමයි. මං මොකට ද බොරු කියන්නෙ"

"පණ්ඩිතයි නේද?"

"කවුද?"
"වෙන කවුද ඉතින් මෙතන ඉන්නෙ"

"යමු යමු හොයල දුන්නෙ නැත්තන් ඔයාව මුහුදට දාන්නත් තියනවනෙ මට"

මටත් යන්න ආසාවක් තිබුනත් කෙල්ල කියන නිසාම යනව වගේ බොරුවට ඇඩ් එකක් දුන්න ඉතින්. මේ ටයිම් එකටනම් සෙනග ටිකක් වැඩී. ඒත් කමක් නෑ කෙල්ල චුට්ටක් හරි රිලැක්ස් වෙයි කියල හිතල මාත් ගියා. ට්‍රවුසර් එකේ කකුල් දණහිස ළගට වෙනකන්ම මුහුදු වතුරෙ නටනව. හරියට අදම දැක්ක වගේ. මමනම් පැත්තට වෙලා බලන් හිටියෙ එයත් එක්ක කොහොමද ඉන්න ඕනි කියල හිත හිත. විහස් මැසේජ් එකක් දාල තිබුන පෝස්ටර් අලවන්න යැව්ව කියල. ඒක සීන් කරල අත් දෙකත් බැදගෙන ආයෙමත් මුහුද දිහා බලනකොට කෙල්ල මං දිහාට ඇවිදන් එනව. වැලි නාල කොන්ඩෙත් අවුල් කරගෙන. දැන්නෙ මෙයාගෙ හිනාව පේන්නෙ.

"ඇයි ඔයා රැල්ල පාගන්නෙ හවසට විතරයි ද?"

"ඔව් නැකත තියන්නෙ ඒ වෙලාවටනෙ😒"

"මගෙනෙ වැරැද්ද"

"ඒත් නීතියක් නෑනෙ ඒක පරිස්සම් කරන්න කියල"

"මගෙ මල්ලි කෙනෙක් එක්ක. එයා මාව හීරුව. මේ ලේත් ඇවිල්ල තුවාලත් වුණා🥺"

"එහෙම කියල ගහගන්න යනව ද?"

"ඉතින් මට රිදුනනෙ. තව ටිකෙන් මං අඩනව😔"

"බබෙක් වගේනෙ"

"නෑ... මං නපුරුයි😒"
"මොකක් ද ඉතින් නම"

"මගෙ ද?"

"ළමයෝ කියන්න. මං ආසයි ඒකට"

"ඒක ද නම"

බොරුවට මටත් රවල වෙරල අයිනට වෙන්න ඉදගත්ත එයා. පොඩි ළමයෙක් වගේ චූටි චූටි වැඩවලට නම් හිනා නොවී ඉන්නත් අමාරුයි. ඒත් මං අමාරුවෙන් නවත්තගන්නව. හිනාවෙන එක ඒ තරමට මට අමතකයිනෙ.

"හෙලෝ කියපන්"

"වැඩේ හරි"

"හම්බුනා ද?"

"ඔව් කොහෙද තෝ ඉන්නෙ"

"බීච් එකේ..."

"ගෙනාව එකාව තියාගනින්"

"ඕක උඹ කියන්න ඕනි නෑ"

විහස් එනකම් එයාට මම කිව්වෙ නෑ බොක්ස් එක හම්බුනා කියල. වෙරලට වෙලා ඉදගෙන ඇගිල්ලෙන් වෙරලෙ රූප අදිනව. එයා ඒව අදිනවටත් වඩා වේගෙන් රැල්ල නිසා මැකිල යනව. ඒත් තරහක්නම් නෑ වගේ. ඇත්තටම මොනාද බොක්ස් එකේ තියන්නෙ. ගෙනාවම අහනව ඉතින්. කියන්න ඕනිකමක් තිබුණ නම් මෙච්චර වෙලා මට නොකිය ඉන්නෙ නෑනෙ.

"දැන් නැටුව ඇති එන්න අයිනකට යන්න"

"බඩගිනි නැද්ද ඔයාට"

"නෑ මං හොදට කාලනෙ ඉන්නෙ"

"බොරු නේද කියන්නෙ"

"පණ්ඩිතකම් කියවන්නෙ නැතුව එනව මෙහෙට. කන්න යමු චුට්ටකින්"

"මං පණ්ඩිත නෑ හරිද. අල්ලල දාන්න ඕනි මුහුදට මේ යකාව"

"කවුද යකා..."

"ඔයානෙ😒"

ඕනි එකක් කරගන්න කියල මං හැරිල එද්දි අරූ එනව බොක්ස් එකත් උස්සන්. ආයෙමත් මං පිටිපස්ස හැරිල බැලුවෙ එයා ඒක දැක්ක ද කියල බලාගන්න. ඔව්.. අත් දෙකම කටට තද කරගෙන බලාගෙන ඉන්නෙ ඇහිපිල්ලන් ගහන්නත් අමතක වෙලා වගේ. හුළගත් එක්ක දග කරන කෙහෙරැලි මූණට වැහෙන්නම වැටෙද්දිත් තාමත් එකම විදිහට බලන් ඉන්නව. අරූ හිනාවක් දාගෙනම මගෙ අතින් බොක්ස් එක තිබ්බෙ කෙල්ල ගැන නෝට් නැතුව.

"මොකක් ද කියපන්කො මේකෙ ඔච්චරටම තියන්නෙ අර මීටින්ග් එකත් දාල දුවන්න තරම්"

"හා හා උඹ පලයන්කො මං බලාගන්නම් ඒක"

"බෑ බෑ.. මටත්..."

උට එච්චරයි කියන්න වුනේ මං අතේ තිබුණ බොක්ස් එක ඇදල ගත්තනෙ. මදැයි ෂේප් එකක් දාගන්න හැදුව. දැන් ඉතින් මුට උත්තර දීපන්කො. විහසුයි මායි දෙන්නම කන්ෆියුස් වෙලා කෙල්ල දිගා බලන් ඉද්දි ඒකි ඒක තුරුල් කරන් ඉන්නෙ එයාට තිබුන වටිනමදේ ලැබුන වගේ. කවුරුහරි උදුරගන්නවට වගේ හයියෙන් බදාගෙන බිම බලන් හිටියත් මට පේනව ඒ රෝස පාට කම්මුල් දිළෙසෙනව. සතුටට ද දුකටද මං දන්නෙ නෑ ඒත් ඒ ඇස්වල කදුළු. නෑ ඒ සතුටට... මෙච්චර වෙලා නොදැකපු ලස්සන හිනාවක් ඒ අහිංසක මූණෙ ඇදිල. දැක්කත් ඇති තව කෙනෙක්ට හිනාවක් ගේන්න. කෙල්ලට සමවැදිල හිටිය මාව ගැස්සිල ගියෙ විහස් කොන්දට ගහපු පාරට.

"මොකද බල්ලෝ..."

"පල පල ඔෆිස් එකට මගුල් නටන්නෙ නැතුව"
"යකෝ මම ද මගුල් නටන්නෙ බොල"

"අයියේ..."

"ම... ම..."

කියාගන්න ඕනි වුන වචනෙ මට කියාගන්න බැරි වුණා. පැනපු ගමන් පොඩි එකෙක් වගේ මාව බදාගත්තෙ ඇස් දෙක හීනි වෙන්නම හිනාවකුත් දාගෙනමයි. මොකක්ද වුණේ කියල හිතාගන්න බැරුව මං තාමත් ගල් වෙලා වගේ විහස් දිහා බලන් හිටියෙ ඌ මට චාටර් එකට හිනාවෙද්දි. ඒත් කෙල්ලව ඈත් කරන්න හිතුනෙ නෑ මට. මගෙ ෂර්ට් එකත් එක අතකට ගුලි කරගෙන ඔය බදාගෙන ඉන්නෙ පොඩි එකෙක්ට කෑමක් හම්බුනාම තෑන්ක්ස් කරනව වගේ. ඇත්තටම ඒ හුරතලේට ලෝභ නොහිතෙන්න නම් මම හදවතක් නැති මනුස්සෙක් වෙන්න ඕනි.

"මොනාද තියන්නෙ කියල කියන්නෙ නැද්ද"

"පාත් වෙන්නකො🙄"

"ඇයි...?"

"මං රහසින් කියන්නම්"
"කෝ කියන්න බලන්න"

"ඒක මගෙ තාත්ති එවල තියන්නෙ. ඒත් තාම මටවත් බලන්න වුනේ නෑ🥺"

"ඇයි තාත්ති කොහෙද ඉන්නෙ ළමයගෙ"

"දුරයි මට😔"



ෆුල් එකම දෙන්න ඉඩ මදි. ඊළග එපියෙන් කතාව ඉවර කරනෝ. ටයිප් කරලත් ඉවරයි ඒක. ඔයාලට ඕනිදෝ🙄❤

කාලෙකිම් මං🥺🖤
Piyu_dew💙
Copied

ගෝනුස්සන් යනු අරුම පුදුම සතුන් පිරිසකි.ඔවුන්ට එක හුස්මක් ගෙන එය රඳවාගෙන දින හයක කාලයක් එකදිගටම සිටීමට හැකිය. එලෙසම ඔවුන්...
28/03/2023

ගෝනුස්සන් යනු අරුම පුදුම සතුන් පිරිසකි.

ඔවුන්ට එක හුස්මක් ගෙන එය රඳවාගෙන දින හයක කාලයක් එකදිගටම සිටීමට හැකිය.

එලෙසම ඔවුන්ට අවුරුද්දක පමණ කාලයක් කිසිදු ආහාරයක් නොගෙන තම ජීවිතය රැකගැනීමට හැකිවේ.

ඊට අමතරව ඔවුන්ට තමන්ගේ ශරීරය භාවිතා කර ස සාමාන්‍යයෙන් ඕනෑම මතුපිටක ගමන් කිරීමට පුළුවන.

මේ සියල්ලටම අමතරව ගෝනුස්සන් පාරජම්බුල කිරණ වලට නිරාවරණය කළ විට අපූරු ලෙස බැබළෙයි.

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව ATM යතුරු පෑඩ් පොදු වැසිකිළි ආසන තරම් අපිරිසිදු ය. 😳🥴
25/03/2023

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව ATM යතුරු පෑඩ් පොදු වැසිකිළි ආසන තරම් අපිරිසිදු ය. 😳🥴

Address


Alerts

Be the first to know and let us send you an email when Katha Diganthaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Katha Diganthaya:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share