RapidNews

RapidNews තහවුරු කරපු තොරතුරු ලද සැනින් ජනගතකර?
(2)

හෝටන් තැන්නට බයික් වල එහෙම යනවා නම්.. කල්පනාවෙන්.!!!😱🥲17 Aug 2022.. 7.01amඒ වගේම මේ සතුන්ගේ නිදහසත් රකින්න කටයුතු කරන්න....
18/08/2022

හෝටන් තැන්නට බයික් වල එහෙම යනවා නම්.. කල්පනාවෙන්.!!!😱🥲
17 Aug 2022.. 7.01am
ඒ වගේම මේ සතුන්ගේ නිදහසත් රකින්න කටයුතු කරන්න..👏

Credits goes to Nishantha de silva..

18/08/2022

මර්වින් සිල්වා CID අත්අඩංගුවට.. 15 වසරක් පැරණි සිදුවීමක්…‼️

18/08/2022

සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට
සහනාධාර නොදිය යුතුය. සෑම කෙනෙකුටම පරිභෝජනය කිරීමට අවශ්‍ය නම්, තමන් පරිභෝජනය කරන දේ සඳහා නියමිත මිලක් ගෙවීමට ඉඩ දෙන්න. දුප්පත්කම යනු පරාජය කළ යුතු දෙයක් මිස වැළඳ ගත යුතු දෙයක් නොවේ. අපේ දේශපාලන සංස්කෘතිය දිළිඳුකම වැළඳගන්නට දිරිමත් කළා මිස, දිළිඳුකම කවදාවත් පරාජය කිරීමට උදව් කලේ නැත‼️
- මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

18/08/2022

ඇලෝසියස්ට යළිත් අරක්කු ලයිසන්‼️

බිලියන 1.5ක හිඟ සුරා බදු තවම ගෙවා නෑ‼️

18/08/2022

ජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.‼️

17/08/2022

මාසයක් කොළඹ ජීවත් වෙන්න එක් අයෙකුට රු. 13,421 ක් ප්‍රමාණවත් – නිල වාර්තාවක් කියයි!

17/08/2022

කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ කොල්ල කල්ලිය

08/08/2022

දේශපාලන පක්ෂ සහ බහුවිධ සංවිධාන විසින් හෙට (09) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

30/07/2022

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක්
ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් දෙන්නේ නෑ - ලෝක බැංකුව‼️
(ඕවට ආන්ඩුවට වෙලාවක් නෑ ඇගිලි සලකුණුයි pool එකේ සබන් ගාලා නාපු එකයි අල්ලන්න තියනවනේ)🤣

📢හෙට තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න‼️⛽👇
27/07/2022

📢හෙට තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න‼️⛽👇

27/07/2022

ගතවූ පැය 24 තුලදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 154ක් සහ මරණ 04ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.‼️

27/07/2022

හදිසි නීතිය පාර්ලිමේන්තුවේී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ‼️

26/07/2022

දේශපාලන අවුල ලිහෙන තුරු IMF සහනය ලංකාවට නොලැබේවි‼️

මුදල් ආපසු ගෙවන බවට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් ඕන - IMF‼️

26/07/2022

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ අද (26) මේ දක්වා කොරෝනා
ආසාදිතයින් 119ක් වාර්තා වී ඇති බවය.‼️

26/07/2022

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කරන ලද අද (26) වාර්තා කරන ලද සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 05ක් බව රජයේ ප්‍රවෘත්තිදෙපාර්තමේන්තුව පවසයි.‼️

26/07/2022

ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ඇරඹෙයි
කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය අංශ සදහන් කළේ ගම්පහ රෝහලේ කොවිඩ් ආසාදිතයින් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.

26/07/2022

බස්නාහිර පළාතේ මෙන්ම සෙසු පළාත්වල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් - 19 පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ. තවත් එය සුළු වැඩිවීමක් බවයි ඔහු කියන්නේ. ඔහු කියා සිටියේ, ජනතාව මීට පෙර අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවත අනුගමනය කිරීමට ක්‍රියා කළ යුතු බවයි.

මුඛ ආවරණ පැලඳීම, මීටරයේ දුර තබාගැනීම, අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශීවීම් අවම කිරීම, මුඛ ආවරණ පැලඳීම ආදී වූ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ. ව්‍යාප්ත වෙමින් පවතින්නේ, කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට අදාළ අනු ප්‍රභේදයක් බවයි ඔහු කියන්නේ. එය ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත එකක් බවත් ඔහු පවසනවා.

මේ වන විට ලංකාව තුළ පවතින තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින වුවත් කොවිඩ් මරණ වාර්තා වීමේ සුළු වැඩිවීමක් ද පෙන්නුම් කරන බව වෛද්‍යවරයා කියා සිටිනවා. රට තුළ දැනට පවතින තත්ත්වය කොවිඩ් රැල්ලක් බවට පත්වීම පාලනය කිරීම සඳහා වන පූර්ණ වගකීම සියලු දෙනා ම සතු බවයි වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ.

26/07/2022

මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා මාසිකව ලබා දිය හැකි වන්නේ ඩොලර් මිලියන 150ක් 200ක් පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දී තිබේ.‼️

26/07/2022

QR ඉන්ධන කෝටාව වැඩි කරයි‼️

26/07/2022

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී එම රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට නියමිතව ඇත. එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.‼️

📅 ජූලි 26 ඉඳන් 31 වෙනකන් ‼️⛽️පෙට්‍රල් 92 ලබාදෙන ඉන්ධන හල්👇
25/07/2022

📅 ජූලි 26 ඉඳන් 31 වෙනකන් ‼️

⛽️පෙට්‍රල් 92 ලබාදෙන ඉන්ධන හල්👇

25/07/2022

පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙස් මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.‼️

Respect brother...
22/07/2022

Respect brother...

22/07/2022

ගාලු මුවදොර ප්‍රහාරය‼️: ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රකාශයක්‼️

"ඇයි දැන් මෙහෙම වෙන්නේ" කැනඩා මහ කොමසාරිස් ප්‍රශ්න කරයි‼️"Why this is happening now" Canada High Commissioner questions
21/07/2022

"ඇයි දැන් මෙහෙම වෙන්නේ" කැනඩා මහ කොමසාරිස් ප්‍රශ්න කරයි‼️
"Why this is happening now" Canada High Commissioner questions

21/07/2022

GalleFace ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකර විසින් පළ කරන ලද Facebook සජීවී වීඩියෝව ඔහුට ආරක්ෂක අංශ විසින් පහර දෙන බව පෙන්නුම් කරයි‼️

21/07/2022

ගාලුමුවදොර විරෝධතා භූමියේදී ආරක්ෂක අංශ ප්‍රහාරයට ලක්වූවන් අතර විදෙස් මාධ්‍යවේදියෙකුද සිටියි‼️

21/07/2022
21/07/2022

ගාලු මුවදොර විරෝධතා භූමියට හමුදාව ඇතුළුවීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්‼️

21/07/2022

ගෝල්ෆේස් එකේ
මොකද වෙන්නේ?
😩😳😥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when RapidNews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RapidNews:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share