නිවා

නිවා විඳවීමට නොව විඳීමට
(2)

දෙවියන් යැයි යමෙක්කොතැනක හෝ සිටී නම්ඔහු තවදුරටත් එම නමින්හැඳින්වීමට සුදුසු නැත...If there is someone called God somewher...
09/11/2023

දෙවියන් යැයි යමෙක්
කොතැනක හෝ සිටී නම්
ඔහු තවදුරටත් එම නමින්
හැඳින්වීමට සුදුසු නැත...

If there is someone called God somewhere, he does't deserve to be called God anymore....

😢
21/04/2023

😢

පීදෙන්න මල් වැස්ස ඉල්ලාපු        අහසින්ම,ළපටි තුරු මුදුන් වෙත මහා හෙණ එව්වාම,පිළිස්සුනු කැළැල් දෙස බල බලා  රහසින්ම,එහෙව්...
17/03/2023

පීදෙන්න මල් වැස්ස ඉල්ලාපු අහසින්ම,
ළපටි තුරු මුදුන් වෙත මහා හෙණ එව්වාම,
පිළිස්සුනු කැළැල් දෙස බල බලා රහසින්ම,
එහෙව් ගස් මේරුවේ අඬ අඬයි හැමදාම.

😢

ඔබට අමතක වුවද අපට අමතක නැත, අමතක කළ යුතු ද නැත. ඔවුනට සාධාරණයක් ඉටු ඉටු කිරීමට කාලය පැමිණ තිබේ. මොහොතක් සිතන්න 🙏
10/01/2023

ඔබට අමතක වුවද අපට අමතක නැත, අමතක කළ යුතු ද නැත. ඔවුනට සාධාරණයක් ඉටු ඉටු කිරීමට කාලය පැමිණ තිබේ. මොහොතක් සිතන්න 🙏

🤔
19/05/2022

🤔

නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරේ 🙏
09/05/2022

නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරේ 🙏

 #ගෙදරදීම_සබන්_හදමු_මිලියන_ගානක්_වටින_බිස්නස්_අයිඩියා_එකක්.👉👉👇❤ගොඩක් අය ගණන් උස්සන්න හදන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය ක...
25/04/2022

#ගෙදරදීම_සබන්_හදමු_මිලියන_ගානක්_වටින_බිස්නස්_අයිඩියා_එකක්.👉👉👇

❤ගොඩක් අය ගණන් උස්සන්න හදන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන්න පුලුවන්. (මමත් මේ විදියට අත්හදා බැලුවා ) වගේම හොද වෙලද පොලක් තියෙනවා. මම දැක්කා මෙහෙම හදපු සබන් කෑලි 3ක් රු.100 අලවි කරනවා හොද ඉල්ලුමකුත් තිබුනා මොකද වෙලදපොලේ තියෙන අනෙකුත් සබන් එක්ක බලනකොට මේ සබන් මිලෙන් අඩුයි. හදන්න යන පිරිවැයත් එක්ක වෙලෙන්දාට හා පාරිබෝගිකයාට ගොඩක් ලාභයි.

👉හදන විදිය(ඔයාලට පුලුවන් මේක ඩිවලොප් කරලා අලුත් ව්දියකට හදන්නත්.)

★උසස් තත්වයේ සබන් නිවසේදීම.★

❤සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය.

❤සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ total fatty matter (TFM) අගයයි. එය සන්ලයිට් වැන්නක 54% ක්. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා.

❤ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා. ලක්ස් වැනි සබන් වල සත්ව තෙල් අඩංගු නොවන බව සඳහන් වෙනවා.

❤පොල් තෙල් හා කෝස්ටික් සෝඩා භාවිතා කර උපරිම TFM අගයට ලඟා වෙමින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ සබන් ගෙදරදීම හදාගන්න පුලුවන්.

👉අවශ්‍ය දේ

💚පිරිසිදු පොල් තෙල් : කලවම් තෙල් ගන්න එපා මිනුම් වරදිනවා. පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්න එපා. හොඳ පොල් තෙල් ලීටරයක් 650/- විතර වෙයි.

💚කෝස්ටික් සෝඩා (NaOH) : පිටකොටුවේ භංගසාල වීදියෙන් ගන්න පුලුවන් ග්‍රෑ. 250ක් 50/- යි.

💚පිරිසිදු වතුර

💚සුවඳ කාරකයක් : මම දාන්නේ කේක් වලට දාන එසන්ස්. කුප්පියක් 75/- යි.

💚සබන් අච්චු : ඕනෑම සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප්…

💚මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් : අයිස්ක්‍රීම් කප් එකක් වගේ.

💚Hand mixer හෝ be**er එකක්.

👉සැ.යු.

කෝස්ටික් සෝඩා ප්‍රබල භස්මයක්. අතේ ගාගන්න එපා. අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ. ගොඩක් ගාගත්තොත් හම යයි. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.✋

💚කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.

👉ක්‍රමය:

💚සබන් හදන එක සම්බෝලයක් හදනවාටත් වඩා ලේසියි. මේකේ අමාරුම වැඩේ තමයි කෝස්ටික් සෝඩා ටික හරියට කිරාගන්න එක.

💚ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒක නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ලඟ තියෙන කඩේට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගෙන එන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකේම තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ. ඒවා ගෙදර තරාදියෙන් මැනගත හැකියි.

👉අනුපාතය: තෙල් ග්‍රෑ. 540 ට සෝඩා ග්‍රෑ. 97 යි, වතුර ග්‍රෑ. 242 යි.

☝️1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.

☝️2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.

☝️3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.

☝️4. විනාඩි 10ක් විතර බීට් කරලා අච්චු වලට වක් කරලා වහලා තියන්න.

☝️5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරන කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.😁

💚මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ moisturizing සබන් කියලා කියනවා. ඇඟේ ගාන්න හොඳයි. චුට්ටක් ගෑවත් හොඳට පෙන එනවා. අත්දුටුවයි.

උපුටා ගත්තකි.. ස්තූතියි මුල් අයිතියට..
🙏🙏🙏🙏🙏🙏🙏🙏

දැන් උද්ඝෝශනවලට ගිය හැම කෙනෙක්ට ම තේරෙනවා මේ වැඩේ leadership එකක් නැතුව අයා⁣ලේ යන්ඩ පටන් ගන්නවා කියලා.එහෙම වුනොත් අපි මේ...
05/04/2022

දැන් උද්ඝෝශනවලට ගිය හැම කෙනෙක්ට ම තේරෙනවා මේ වැඩේ leadership එකක් නැතුව අයා⁣ලේ යන්ඩ පටන් ගන්නවා කියලා.
එහෙම වුනොත් අපි මේ දවස් ටිකට කරපු දේවල් ඔක්කොම වතුරේ. අන්තිමට හිත හදාගෙන ඉන්ඩ වෙන්නෙ. පුළුවන් අයට මේ රටින් යන්ඩ වෙන්නෙ. ආයේ මේ වැරද්ද කවදාවත් හදන්ඩ තියා හිතන්ඩවත් බැරි වෙනවා.

දැන් මේකට Leadership එකක් ඕන කියන එක ඕන මොලේ තියන කොල්ලෙක්ට කෙල්ලෙක්ට තේරෙනවා. ඒක ⁣Political leadership එකක් වෙන්ඩ ඕන කියන එකත් තේරෙනවා. මේ movement එක/ අරගලය අදේශපාලනික එකක් නෙමෙයිනෙ. ටිකක් කල්පනා කරලා බැලුවාම තේරෙනවා ඒක.

ඔන්න ඔය leadership එක අපි මේ ඉස්සරහා දවස් දෙක තුන ඇතුලෙ හොයා ගත්තෙ නැත්තම් මේ ගමන මෙතනින් ඉවර වෙනවා. ආයෙත් කියන්නෙ මේ ගමන මෙතනින් ඉවර වෙනවා.

මේ වෙලාවෙ මේ Leadership එක දෙන්ඩ පුළුවන් විභවයක් තියන කණ්ඩායම් දෙකයි ඉන්නෙ.

01. JVP/ NPP
02. 43 සේනාංකය

අනුරට මිනිස්සු කැමතියි. ඉන්න තැන හරි.
පාඨලීට මිනිස්සු කැමතියි. ඉන්න තැන වැරදි.

එහෙනම් මේක lead කරන්ඩ ඕන JVP/ NPP කියන එක හිතුවොත් තේරෙනවා. අපි තරුණ තරුණියො විදියට කැමති එතෙන්ට කියන එකත් තේරෙනවා. ඕක හැංඟි හැංඟි වෙස් බඳින්ඩවත් වහෙන් ඔරෝ කියන්ඩ ඕන දෙයක්වත් නෙමෙයි.

මෙතන දේශපාලනයක් නෑ අරකයි මේකයි කියලා අපි තරුණ තරුණියො විදියට ගොන් මොරාල් ඇඟට ගන්නවා කියන්නෙම අපි අපේ වල කපා ගන්නවා කියන එක.

මමත් දේශපාලනේ පිලිකුල් කරාට පෞද්ගලිකව කැමති මේකෙ Leadership එක JVP/ NPP අතට ගන්නවා නම්. (දැන් මට ලේබල් ගහන්ඩ ඇවිත් කුණුහරප නං අහගන්ඩ එපා)

මේ අරගලය දියාරු නොවී හරි තැනට හරි විදියට අරන් යන්ඩ ඕන නම් JVP/ NPP Leadership එක අපිට ගෙන්න ගන්ඩ වෙනවා.

නැත්තම් මේ අරගලේදි කරන උද්ඝෝශන Hijack වෙලා අපිට නිකම්ම එපා වෙලා යයි.

මේ පර නාකින්ට මේක දිනන්ඩ දෙන්නෙ නැතුව තරුණ අපි හරි තීරණ හරි වෙලාවට අරන් මේක ජයග්‍රහනයෙන්ම කෙලවර කරමු!

නාකින්ට පරදිනව ද තරුණ අපි දිනනව ද?

අරගලයට ජය! ❤️💪🏻

- copied -

🔥🔥 🔥🔥

ක්‍රීඩාව ඇරඹී ඇත. කල්පනා කොට ක්‍රීඩා කිරීම අප සතුය 🙏
02/04/2022

ක්‍රීඩාව ඇරඹී ඇත. කල්පනා කොට ක්‍රීඩා කිරීම අප සතුය 🙏

කොළ මඩින යන්තරේ තෙල් නැතිව නැවතුණාෂෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩිං             වුණාපෙෂර් පෙත්තත් නැතිව රෑ දෙකක් ගත    වුණාමට ම...
01/04/2022

කොළ මඩින යන්තරේ තෙල් නැතිව නැවතුණා
ෂෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩිං වුණා
පෙෂර් පෙත්තත් නැතිව රෑ දෙකක් ගත වුණා
මට මතක එච්චරයි පපුව මැද හිර වුණා

රෝහලේ කරන්ට් නෑ යන්තරේ නැවතිලා
දොස්තරත් තෙල් නැතිව පෝලිමක හිරවෙලා
අයිස් පෙට්ටිය නැතිව දාඩියෙන් නෑවිලා
කළුවරේ පැය අටක් මෝචරියෙ ගත කළා

ඉටිපන්දමත් තියන් එම්බාම් එක කළේ
සුදු සරම කණපිටට අන්දලා කරුවලේ
ජෙනිය එව්වත් මොටද ලොකු සාදු පන්සලේ
මං ගෙදර එනකොටත් මළ ගෙදර කරුවලේ

කළුවරේ එකිනෙකා පෙට්ටියට එබෙනවා
උන් උන්ම හැප්පිලා තේ කහට හැලෙනවා
ඇසිලිනා ඇණතියන් දර ලිපට පිඹ්නවා
ඇදුම වැඩි වෙලා ඇති ආයෙමත් කහිනවා

මාත් අවසන් වරට සැප රියක යන වාරෙ
හර්ස් එක නැවතුණා තෙල් නැතිව මහපාරෙ
සැතපුමක් කර පිටින් ඇවිල්ලත් සංසාරෙ
ගෑස් එක ඉවරයි ලු ආදාහනාගාරෙ

ආදාහනාගාරෙ නැවතිලා පඩි පෙලේ
පිච්චෙන්න ඉන්නවා ලිස්ට් එකේ කෙළවරේ
ගෙම්බෙක් නට නටා ගයනවා කළුවරේ
අපි තමායි, අපි තමායි, මමයි හොඳටම කළේ...🙊

Copied from a whatsapp group .....
නම නොදන්න රචකයාට ගෞරවය 🙏🙏

ළමයෙක් හම්බවුනාට පස්සෙ සමාජයේ අසම්මතයි කියලා මම දැනගත්ත දේවල් 😑 😑🏮දුක කියන්න (තමුසෙට කවුද ඉතින් ලමයි හදන්න කිව්වේ?) 😑🏮අඬ...
29/11/2021

ළමයෙක් හම්බවුනාට පස්සෙ සමාජයේ අසම්මතයි කියලා මම දැනගත්ත දේවල් 😑

😑🏮දුක කියන්න (තමුසෙට කවුද ඉතින් ලමයි හදන්න කිව්වේ?)

😑🏮අඬන්න ( ලමයි හදන එක ලේසියි කියලා හිතුවද?)

😑🏮මහන්සියි කියන්න (මොන මහන්සියක්ද දවසම ගෙදරනේ ලමයත් එක්ක)

😑🏮නිදාගන්න (හැමවෙලේම නිදි මේ ගෑණිනං)

😑🏮විවේකගන්න (ලමයි ලොකුවුනාට පස්සේ ඉතින් හැමදාම විවේකයෙන්

ඉන්න පුලුවන්නේ )

😑🏮ආයෙත් ප්‍රෙග්නන්ට් වෙන්න (ඇයි හදිස්සි උනේ? පව් පොඩි එකා )

😑🏮 රැකියාවකට යන්න (ඇයි මිනිහා හම්බ කරන එක මදිද ළමයි ටික ඉවරයි

දෙන්නම වැඩට ගියාම)

😑🏮රැකියාවෙන් අස්වෙන්න (කොහොමද අප්පා ලමයින්ට කන්න දෙන්නේ ? )

😑🏮දිගටම රැකියාව කරන්න (එතකොට ලමයා බලාගන්නේ කවුද? )

😑🏮ඩේකෙයා දාන්න (අපෝ ඔයාලත් අම්මලද!! )

😑🏮ගෘහණියක් වෙන්න (පව් අර මිනිහා,ගෙදරටම නහිනවා!! )

😑🏮 දික්කසාද වෙන්න (ලමයෙක්ට තාත්තෙක් නැතිකරන්න එපා)

😑🏮යාලුවොත් එක්ක ටිකක් ඇවිදින්න යන්න (අපෝ ලමයින්ව ආච්චි ලග

දාලා රටවටේ යනවා අර ගෑනි )

😑🏮සැහැල්ලු ඇදුමක් අදින්න ( අප්පෝ ලමයි ඉන්න ගැනියෙක් අදින හැටි)

අවාසනාවකට මෙහෙම දේවල් කියකිය පුලුවන්නම් තරම් ගැහැණියකට බිම දාගෙන පහර දෙන්නේ තවත් ගැහැණියක්.

රුෂ්ඩා රවුෆ්ඩීන්.

සුන්දර ඉවසීමඑක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර...
13/11/2021

සුන්දර ඉවසීම

එක්තරා නිවසක මරණයක් ..... මියගියේ සැමියා. ඔහුට දරුවන් හතර දෙනෙක් සහ බිරිඳක් සිටියා. මේ පුද්ගලයා මිය ගියේ වසර ගණනක් අංශබාගයෙන් පීඩා විදීමෙන් අනතුරුවයි. ඒ කාල සීමාවේ ඔහුගේ කැත කුණු අතගාමින්, දරුවන් ගැනත් සොයා බලමින් වතුපිටි ආදායම ගැනත් කල්පනා කරමින් බිරිඳ නොවිදිනා දුක් වින්දා. ඉන්න තැනම මළ පිට කරන එක, මුත‍්‍රා පිට කරන එක අන්තිමට මේ ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. නිවසට කෙනෙක්ට එන්න කියන්න බැරි කරමට දුර්ගන්ධයක් හමනකොට සියලූ වැඩ නවත්වලා බිරිඳට නිවස පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ගඳ මැකිලා යයි කියලා හිතෙන කල් අත් ගෙවෙන තුරු ඇය බිම මැද්දා. රෙදි හේදුවා, අව්වේ වැනුවා. අවසානයේ දි එක් රාත‍්‍රියක ඔහු මිය ගියා.

එදා මරණයේ අවසාන දවස. බිරිඳ සිය සැමියා වෙනුවෙන් මරණයට ආ අයට ස්තුති කථාව කරන්න සුදානම් වුණා. ඇය බොහොම ගෞරවයෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වුණා. අවසානයේදී ඇය සැමියා වෙනුවෙන් කථා කරන්න පටන්ගත්තා.

‘ "‘මට මුණගැසෙනකොට ඔහු බොහොම කඩවසම් තරුණයෙක්. ඉතින් මම ඔහුට එක පයින් කැමති වුණා. දෙවරක් හිතන්නේ නැතුවම. අපි විවාහ වුණා. ආලිංගනයේ යෙදුනා. දරුවන් හැදුවා. නමුත් ඔහු එක්ක විවාහ වුණු දා ඉදලා කවදාවත් මම හොඳින් නිදාගත්තේ නැහැ. මොකද ඔහු මහා හයියෙන් ගොරවනවා. ඒක මහ පුදුම ගෙරවීමක්. ඒ හැම ගෙරවීමකදිම මම කේන්තියෙන් ඔහුව අවදි කරනවා. ඔහු ආයෙම නින්දට වැටෙනවා. ආයෙත් ගොරවනවා. මේ වදය මම අවුරුදු 35 ක්ම වින්දා. දැන් මට අවුරුදු 55 ක්. අවුරුදු 20 ඉදලා අවුරුදු 55 ක්ම හරියටම නින්දක් නැතිව මම දුක් වින්දා. ඒක මහ පුදුම වදයක්. කිසිම ගැහැණියෙක් ඒ වදය ඉවසන්නේ නැහැ.

අවසානෙදි ඔහු රෝගි වුණා. පුරුදු විදියට හැම රෑකම ඔහු ගෙරෙව්වා. ඒ ගෙරවීම මට අරගෙන ආවේ පුදුම සැනසීමක්. ‘‘ඔහු තාමත් ජීවත් වෙනවා’’ කියලා මම දැනගත්තේ ගෙරවීමෙන්. ගෙරවීම පොඩ්ඩක් හරි නැවතුනා නම් මම ගැස්සිලා නින්දෙන් ඇහැරුනා. ඔහුගේ ගෙරවීම ඇහෙන මානෙක මිස වෙන තැනක මට නින්ද ගියේ නැහැ. ගෙරවීම නැවතුන ගමන් මම ඇහැරලා ඔහුව හොලවලා අවදි කලා. නහයට අත තියලා හුස්ම ගන්නවද කියලා බැලූවා.
දැන් ඔහු මිය ගිහිල්ලා. අදින් පස්සේ ඔහු කවදාවත් ගොරවන්නේ නැහැ කියලා දැනෙනකොට ඇතිවෙන වේදනාව මට දරාගන්න බැහැ. ආයේ කවද්ද මම ඒ සද්දේ අහන්නේ කියලා හිතෙනකොට මට මහ වේදනාවක් දැනෙනවා. හරියට හැමදේම හොරු අරගෙන ගිහිල්ලා වගේ......

ඉතින් මම ඔබට කියනවා අපි ආදරය කරන මිනිස්සුන්ගේ සමහර පුංචි පුංචි දුර්වලකම් එක කාලෙක දී අපිට මහ කරදරයක් වුණත් ඒ දුර්වලකම් මොන තරම් සුන්දර ද කියලා හිතෙන්නේ ඒ මිනිස්සු අපිට අහිමි වුණාමයි. සමහර විට අපිට තරහා යන ඒ සුන්දර දුර්වලකම් දවසක අපිට අපූරු මතකයක් වේවි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔවුන්ගේ පුංචි දුර්වලකම් වලට සමාව දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඒ දුර්වලකම් සුන්දරව විදින්න. ඔබට මහ පුදුම සැහැල්ලූවක් අවසානෙදි දැනේවී..." කියා ඇය ඇගේ කතාව අවසාන කළා.

ඔබේ සැමියා පිඟාන සෝදන්නේ නැති වෙද්දි, තේ බිව්ව කෝප්පේ තිබ්බ තැනම තියලා යද්දි ඔබට එන කේන්තිය සාධාරණයි. ඒත් කවදාහරි දවසක ඒ කරදරකාරයා ඔබව දාලා යන්නම යන දවසට, හරියට මුලින් මම කිව්ව කතාවේ වගේ ඔබට ඒ දුර්වලකම් හරිම සුන්දර මතකයක් වේවි. හදිසියට කතා කළාට කවදාවත් හෙලෝ කියන්නේ නැති ඔබේ පෙම්වතාගේ අපූරු දුරකථනයට ‘‘කෝල් කළාම කතා කරන්න බැරිද’’ කියලා කේන්තියෙන් අහනවා වෙනුවට ‘‘ෆ්‍රී වුණාම ගන්නවද’’ කියලා අහන්න තරම් ඔබේ මනස දියුණු වුණොත් ඒ බැඳීම් මඟහැරුනත් ඔබට අපුරු මතකයන් ඉතිරි වේවි. ඔහුටත් ඔබ වැනි ඉවසිලිමත් කාන්තාවක් මඟහැරුනු එක ගැන යම් වේදනාවක් දවසක දැනේවි.

ඒවා දුර්වලකම් නෙවෙයි. අවස්ථාවන් පමණයි. අපි ප‍්‍රාර්ථනා කරන සර්ව සාධාරණ ලෝකය අපිට නොලැබුණත් ලැබෙන ලෝකය ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහ ලොකු රාජකාරියක් නෙවෙයි. හැමදාම කෑ ගහලා රණ්ඩු වෙලා ඔබේ සතුටත් පවුලේ සතුටත් නැති කරගෙන ජීවිතය නීරස කරගන්නවාට වඩා ඒ පුංචි දුර්වලකම් සතුටින් විදීම ඔබේ ජීවිතය සුන්දර කරාවි. හැමදාම කුස්සියට වෙලා තරහට වගේ එකම දේවල් උයනවාට වඩා විවිධ විවිධ කෑම හදමින් සැමියා සතුටින් තියමින් හොඳ බිරිඳක් වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි.

ගැහැණුකමත් එක්ක උරුම වෙන සමහර දේවල් දුර්වලකම් නෙවෙයි. ඒ දේවල් හරිම සුන්දරයි.... මොකද හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.. අපි අලුතෙන් හිතමු....

(Wonder Women සගරාවෙන් උපුටා ගැනීමකි)

මෙතනට එන පෙම්වතුන්ටකෑ ගහල කියනවා මමහිතන තරම් මෙයආදරණීක බිමක් නොවන වගනුඹ ලෝකයක් රැවටූ බවඔව් නුඹ රජෙක්මම තනි ගැහැනියක්නුඹේ...
19/10/2021

මෙතනට එන පෙම්වතුන්ට
කෑ ගහල කියනවා මම
හිතන තරම් මෙය
ආදරණීක බිමක් නොවන වග
නුඹ ලෝකයක් රැවටූ බව
ඔව් නුඹ රජෙක්
මම තනි ගැහැනියක්
නුඹේ බල කන්ද ලග
මම අමු හිගන්නියක්
ඉතිං වෙන මොනව කරන්න ද
ඇස් කන් පියන් ඉන්නවා හැර
ලෝකයක් ම කතා වෙන්නෙ
නුඹ මා නැති සොවින් තැනුව
කිරිගරුඬ මැදුර ගැන
නමුත් මමයි දන්නෙ
ලෝකයා
මුලා වී ඇති බව
උන් දන්නවා නම්,
සත් බිරින්දෑවරු අතරින්
මා සිව්වැන්නා බව
දැනගනී නුඹෙ ප්‍රේමයේ තරම
මා මලේ
දාහතර වෙනි දරු ප්‍රසූතියේදී බව
දැනගනී නුඹෙ රාගයේ තරම
ඉවර නෑ තවත් ඉවර නෑ
හැකිනම් මේ බිත්ති වලට පන දෙන්න
ඔවුන් කියාවි මට වඩා හොදට
ලෝකයා මුලා වූ තරම
ඒ තරම් තාත්විකයි
නුඹේ රංගනය
ලෝකෙටම පෙන්නුවත්
බොරු ආලයක් නුඹ
හැකිද එකග වෙන්න
හෘදසාක්ශියට....
ඇත්තම කියපන්
සාජහන් මට
මේ ටජ් මහල
මගේ මරණෙට ද
නැතිනම්
නුඹේ අට වෙනි
මගුලට ද

✍️✨

11/09/2021

ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්වභාව ❤
Link 👉 https://youtu.be/o7Nf3Dj6tOA
#නිවා

නිම්නය දිගේ ඇවිදින් බොහො දෙයින්  මිදී කල් ගොස් පිපී හෙමිහිට ඇස් දෙකෙන් අදී කිමිදෙනු රිසින  ගං දිය වැල් දැනුත්       මදීන...
15/08/2021

නිම්නය දිගේ ඇවිදින් බොහො දෙයින් මිදී
කල් ගොස් පිපී හෙමිහිට ඇස් දෙකෙන් අදී
කිමිදෙනු රිසින ගං දිය වැල් දැනුත් මදී
නොලියූ කවිය මයෙ පපුවේ සුවෙන් නිදී....

ආකහේ ගැබ්බරව කඳුළු සඟවනු නොහීමල් කොපුල තෙමාගෙනමේ රැයෙත් වැහි වහී... නියොන් එළි දැල්වෙනා නුහුරු අග නගරයක නැංගුරම් ලෑ නැවක...
23/07/2021

ආකහේ ගැබ්බරව
කඳුළු සඟවනු නොහී
මල් කොපුල තෙමාගෙන
මේ රැයෙත් වැහි වහී...
නියොන් එළි දැල්වෙනා
නුහුරු අග නගරයක
නැංගුරම් ලෑ නැවක
රුවල නවතනු නොහැක...
පාසි බැඳි සළඹ හඬ
දිදුලද්දි එක ඇසෙක
ලොව කොහිද ප්‍රේ.ම.ය.ක්
ළඟක නැති නුඹ මිසෙක...
ගිරි කඳුරු ප්‍රපාතෙක
සීත සෘතුවක අග
හිස නමන ලිලී මල්
සුවඳ විහිදනා රඟ...
බීර ටින් හිස් කරත්
හිත නිවා ගීතයක
අනේ නුඹ හිනැහියන්
කොහේ හරි 'සිහිනයක'...

මුහු වෙන්න බැරි වුනා
හිස සිඹින ප්‍රේමයක...!!!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when නිවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිවා:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share