Tea Life

Tea Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tea Life, News & Media Website, .

තේ වතු ආශ්‍රිත ඉන්දීය සම්භවයක් සහිත ජනතාව කියන්නෙම වෙනම සංස්කෘතික කාරණයක්. ඒ උප වතු සංස්කෘතිය ඇතුලෙ ජීවිතය ජයගන්නවා කියන...
21/12/2022

තේ වතු ආශ්‍රිත ඉන්දීය සම්භවයක් සහිත ජනතාව කියන්නෙම වෙනම සංස්කෘතික කාරණයක්. ඒ උප වතු සංස්කෘතිය ඇතුලෙ ජීවිතය ජයගන්නවා කියන්නෙම ඇදැහිය යුතු කාරණයක්. එහෙම සිද්ධියක් මුහුණු පොතෙන් එළියට ආව. ඒ තමයි පුන්නියාසෙල්වන්ගෙ ජයග්‍රහණය. ඒ තොරතුරු වලට අනුව නානුඔය ග්ලොසෝ වතුයායේ ( Glassaugh Estate ) වතු කම්කරු පවුලකින් බිහිවූ ප්‍රථම උපාධිධාරීයා ලෙසින් පුන්නියාසෙල්වන් ඉතිහාසගත වෙනවා. ජයවේවා පුන්නියාසෙල්වන් සහෝදරයා!
Tea Life අපි ඔබට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනය කරනවා

මෙම තේ පෝච්චියකින් තේ වත්කරන 3D සිතුවම තියෙන්නෙ චීනයේ Guangzhou නගරයේයයි. එම නගරයේ පැරණි මාවත අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘ...
18/12/2022

මෙම තේ පෝච්චියකින් තේ වත්කරන 3D සිතුවම තියෙන්නෙ චීනයේ Guangzhou නගරයේයයි. එම නගරයේ පැරණි මාවත අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ එම මාවතේ දෙපස ඇති පැරණි ගොඩනැගිලි බිත්ති මත හරි අපූරු ආකාරයට ත්‍රිමාණ(3D) සිතුවම්වලින් අලංකරණය කොට තිබෙනවා. ඒ අනුව තමයි මෙම සිතුවමත් නිර්මාණය වෙලා තියෙන්නෙ. තේ කියන්නෙ චීන ජාතිකයන්ගෙ ප්‍රියතම පානයක්. ඒ වගේම මෙම සිතුවම් සංචාරකයන්ට තම ඡායාරූප මතකයන් බවටත් පත්වෙලා.

කොහොමද ඒක තේ එකක් බොන ගමන් ජීවිතය කියවන තැන..යාපනය විශ්ව විද්‍යාලයේ හොස්ටල් ජිවිතය ගැන අපූරුවට අකුරු කල ආකාරය...තිබුනෙ ය...
11/12/2022

කොහොමද ඒක තේ එකක් බොන ගමන් ජීවිතය කියවන තැන..යාපනය විශ්ව විද්‍යාලයේ හොස්ටල් ජිවිතය ගැන අපූරුවට අකුරු කල ආකාරය...තිබුනෙ යාල් සිහින page එකේ....

Urumeen කියන Tamil Film එකේ හරි අපූරු අදහසක් අන්තර්ගත වෙනවා. ඒකෙ කියනවා TEA කියන්නෙ T (Total ) E ( Earth ) A ( Addiction...
07/12/2022

Urumeen කියන Tamil Film එකේ හරි අපූරු අදහසක් අන්තර්ගත වෙනවා.

ඒකෙ කියනවා TEA කියන්නෙ T (Total ) E ( Earth ) A ( Addiction ) කියල. ඒ කියන්නෙ TEA කියන්න Total Earth Addiction ( මුළු ලෝකයේම ඇබ්බැහිවීම ).

ඒක වැරදිත් නැහැනෙ. තේ වලට ඇබ්බැහි වූවෙක් විදින්නෙම අපූර්ව රසයක මිහිරියාවක්ම තමයි.

ඒ වගේම ඒ ෆිල්ම් එකේ මෙහෙමත් Naration ( පසුබිම් කථනයක් ) එකක් යනවා.
" සාමාන්‍ය ඉන්දියානුවෙකුට ටී කියන්නෙ ලේ වගෙයි. කෙටියෙන්ම කියනවා නම් පහල පන්තියේ ලේ තමයි ටී. අපේ රටේ ඉතිහාසයේ අමතක කළ නොහැකි වස්තුවක් තමයි මේ ටී.... "

ඉතින් පේනව නේද තේ වලට ඉන්දියාවේ තියෙන තැන..

ඕනෑම දුෂ්කර අවස්ථාවකදීත් 'තේ' එකකට පුළුවන් සිතුවිලි උණුසුම් කරවන්න ....
04/12/2022

ඕනෑම දුෂ්කර අවස්ථාවකදීත්
'තේ' එකකට පුළුවන්
සිතුවිලි උණුසුම් කරවන්න ....

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම තිත්තගල්ල රමණීය පරිසරයක පිහිටි Handunugoda Tea Estate (හදුනුගොඩ තේ වත්ත) සංචාරයට හොද ගමනාන්තය...
01/12/2022

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම තිත්තගල්ල රමණීය පරිසරයක පිහිටි Handunugoda Tea Estate (හදුනුගොඩ තේ වත්ත) සංචාරයට හොද ගමනාන්තයක්. ලෝ සුපතල මිලෙන් අධිකම තේ වර්ගය වන White Tea, නිපදවන "Virgin White Tea" කර්මන්තශාලාව නරඹමින්, තේ කෞතුකාගාරයත් නරඹමින් , අක්කර ගනනක් පුර විහිදුන කුරුදු හ රබර් වත්ත පුරා නිදහසේ ඇවිදිමින් හොද මිහිරියාවක් විදින්න පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් කතා කරන්න 0779720095 දුරකතන අංකයට. නැත්නම් Handunugoda Tea Estate ෆේස්බුක් පිටුවට යන්න.

World’s Best Tea Tourisum Destination ලෝකයේ හොඳම තේ සංචාරක ගමනාන්ත--------------------------------------වියට්නාමයේ MOC C...
24/11/2022

World’s Best Tea Tourisum Destination
ලෝකයේ හොඳම තේ සංචාරක ගමනාන්ත
--------------------------------------
වියට්නාමයේ MOC CHAU
--------------------------------------
උතුරු වියට්නාමයේ Moc Chau දිස්ත්‍රික්කයේ මීදුමෙන් වැසී ගිය හිරු එළියෙන් පැහැබරව දිලිසෙන මනරම් තේ වතු ලෝකයේ සුන්දර තේ සංචාරක ගමනාන්තයකි. මෙම කලාපය වෙනත් සංචාරයකයන් අඩුවෙන් සංචාරය කරන ප්‍රදේශයක් වන නිසා එහි නිශ්ශබ්දතාවයේ උපරිමය සංචාරකයන්ට ගෙන එන්නේ අපූරු චමත්කාරයකි.

හැනෝයිහි Pu Luong ජාතික වනෝද්‍යානය අසල සිට පැය පහක් බටහිරට ගමන් කිරීමෙන් Moc Chau තේ සංචාරක ගමනාන්තයට ලගාවිය හැකිවෙයි. එය රටේ විශාලතම තේ වගා කරන කලාපය නොවුනත් එය වඩාත්ම ලස්සන තේ වගා බිම ලෙස සැලකෙයි.

වියට්නාමයේ මධ්‍යම කඳුකරය සහ ඩලාත්( Dalat) අවට ප්‍රදේශයන් කෝපි වතු සඳහා වඩාත් ප්‍රසිද්ධ වුවද, එහි උතුරුදිග තේ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වෙයි. 1880 දශකයේ ප්‍රංශ ජනපදිකයන් විසින් මෙම ප්‍රදේශයට තේ වගාව හදුන්වා දී තිබෙයි. එම තේ වගාවන් ආරම්භයට පෙරද වියට්නාම වැසියන් පිටතින් තේ කොළ ආනයනය කොට තේ පානය සිදුකොට තිබෙයි.

Moc Chau සහ හැනොයිට උතුරින් තායි න්ගුයෙන් (Thai Nguyen) ප්‍රදේශයේ වතුවලින් වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙනත් තේ සංචාරක ගමනාන්ත මෙන් මෙම කලාපය වාණිජකරණය වී නොමැත. සංචාරකයන්ට සැහැල්ලුවෙන් නිරීක්ෂණය කිරීමට, කර්මාන්ත ශාලාවේ සංචාරය කිරීමට මෙන්ම නැවුම් තේ රස බැලීමටද හැකිවෙයි.
Text - දිනේෂර
Information & Images - අන්තර්ජාලය

21/11/2022

සංගීtea එක්ක
හිtea මැවුණු ජීවිtea....

( Art අයිතිය Tatsuya Tanaka )

ටී වලට ලී ඇසුරුමක්.. මේක දැකගන්න ලැබුනෙ මේ දිනවල ( නොවැම්බර් 18,19,20 ) BMICH තියෙන Pro Food, Pro Pack & Ag-biz- 2022 ප්...
19/11/2022

ටී වලට ලී ඇසුරුමක්..
මේක දැකගන්න ලැබුනෙ මේ දිනවල ( නොවැම්බර් 18,19,20 ) BMICH තියෙන Pro Food, Pro Pack & Ag-biz- 2022 ප්‍රදර්ශනයේදී...

මේ රූපරාමු වල තියෙන්නෙ නුවර තේ වත්තක් මැද්දෙ තියෙන ලස්සන හෝටලය වුනු Madulkelle Tea & Eco Lodge වල අපූර්වත්වය. මේ සුන්දර ...
13/11/2022

මේ රූපරාමු වල තියෙන්නෙ නුවර තේ වත්තක් මැද්දෙ තියෙන ලස්සන හෝටලය වුනු Madulkelle Tea & Eco Lodge වල අපූර්වත්වය. මේ සුන්දර තැන Tea Tourisum වලට හොද නිදර්ශනයක්.
( ඡායාරූප මුහුණු පොතෙනි )

තේ කහට කිතුල් හකුරුත් එක්ක මරු... රසත් එහෙමයි ගුණයෙනුත් එහෙමයි....
03/11/2022

තේ කහට කිතුල් හකුරුත් එක්ක මරු... රසත් එහෙමයි ගුණයෙනුත් එහෙමයි....

තේ පානයට දැඩි ප්‍රියතාවක් දක්වන චීන ජනතාව තේ අලෙවිය ප්‍රවර්ධනය සදහාද විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි. ඉකුත් 31වැනි දා චීනයේ...
02/11/2022

තේ පානයට දැඩි ප්‍රියතාවක් දක්වන චීන ජනතාව තේ අලෙවිය ප්‍රවර්ධනය සදහාද විවිධ ක්‍රියාකාරකම් සිදුකරයි. ඉකුත් 31වැනි දා චීනයේ Chengdu නගරයේ පැවති 11වැනි Sichuan ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයත් එවන්නකි. මේ එහි ජාත්‍යන්තර මාධ්‍ය ගෙනහැර දැක්වූ ඡායාරූප පෙළකි. ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය සඳහා මෙවැනි ප්‍රදර්ශනයන් හොද වේදිකාවක් නිර්මාණය කරන අතර මෙවැනි ප්‍රවර්ධන කාර්යන් අප ක්‍රියාත්මක කිරීමද ඉතා වටනේය.

තේ වතු අතර කෙළිසෙල්ලම් පිටිය ...
01/11/2022

තේ වතු අතර කෙළිසෙල්ලම් පිටිය ...

tea tourisum .....( ඡායාරූපය අන්තර්ජාලයෙනි )
30/10/2022

tea tourisum .....
( ඡායාරූපය අන්තර්ජාලයෙනි )

තේ කොළ නිෂ්පාදනය සහ අගය එකතු කළ තේ නිෂ්පාදනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවCertificate Course in Tea & Value Addition Techn...
18/10/2022

තේ කොළ නිෂ්පාදනය සහ අගය එකතු කළ තේ නිෂ්පාදනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
Certificate Course in Tea & Value Addition Technology

මෙම පුහුණු පාඨමාලාව සඳහා සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් දුරකථනයෙන් විමසා ලියාපදිංචි වීමෙන් පසු ලංකා බැංකුවේ ඉඩම ශාඛාවේ ගිණුම් අංක: 0070034730 ට“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය” නමින් අදාල මුදල් බැර කර බැංකු බැරපතේ පිටපතක් සමඟ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ වැඩමුළුවේ නම සඳහන් කර පහත සඳහන් ෆැක්ස් අංකයට යොමු කරන්න.
ලියාපදිංචි වීමේ අනුපිළිවෙල මත ප්‍රමුඛතාවය හිමිවේ.
වැඩමුළුවට පැමිණෙන විට බැංකු බැරපතේ මුල් පිටපත රැගෙන ආ යුතුය.
ප්‍රධාන කාර්යාලයේ තාක්ෂණික සේවා අංශයට සහ අපගේ දිස්ත්‍රික් කාර්යාලවලට මුදලින් ගෙවීම් සිදුකල හැක.
වැඩි විස්තර
අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශය
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව
දුරකථන : 011-2605278/2605326/7 – Ext:167,150,197
ෆැක්ස් අංක : 011-2623846 / 011-2607002
ඊ-මේල් : [email protected]

( උපුටා ගැනීම IDB මුහුණු පොතෙන් )

තේ කර්මාන්තය දිනෙන් දින ප්‍රවර්ධනය කොට එහි අපනයන ආදායම් ප්‍රතිලාභය රටේ සමස්ථ ආර්ථිකයට අත්කර දියයුතුම වෙයි. ( පුවත්පත් වා...
26/09/2022

තේ කර්මාන්තය දිනෙන් දින ප්‍රවර්ධනය කොට එහි අපනයන ආදායම් ප්‍රතිලාභය රටේ සමස්ථ ආර්ථිකයට අත්කර දියයුතුම වෙයි.
( පුවත්පත් වාර්තාව උපුටා ගැනීම - ලංකාදීප /22.09.26)

ලෝකයේ ඉහලම තේ අපනයන කරුවන් අතර සිටින අපේ රටට එම අපනයන ආදායම ,තේ නිෂ්පාදනය වැඩිකරගැනීමෙන්‍තේ වල ගුණාත්මකබව වැඩි කර ගැනීමෙ...
25/09/2022

ලෝකයේ ඉහලම තේ අපනයන කරුවන් අතර සිටින අපේ රටට එම අපනයන ආදායම ,
තේ නිෂ්පාදනය වැඩිකරගැනීමෙන්
‍තේ වල ගුණාත්මකබව වැඩි කර ගැනීමෙන්
තේ අගය අගය එකතුකල නිෂ්පාදනයන් ලෙස වෙළෙඳ පොලට එක්කිරීමෙන් වැඩි කර ගත හැකිය

දැනටමත් අපේ රටේ තේ කර්මාන්තයට පොහොර නිසා ඇතුවූ අර්බුදය කලමනාකරන කරමින් සිටිනව.

එමෙන්ම පාංශු සංරක්ෂණය , ජල කලමනාකරනය, පසේ ගුණාත්මය වැඩි කිරීම , නව පැල රෝපණය , විධිමත් අස්වනු නෙලීම සහ ප්‍රවාහනයත් ක්‍රමිකව වර්ධනය කරගනිමින් සිටිනවා.

ඒ හරහා ගුණාත්මකව මෙන්ම ප්‍රමාණාත්මකව ඉහල තේ අස්වැන්නක් අපනයනය කරන්න පුළුවන්

මෙහිදී අප වඩාත් අවධානය යොමු කල යුත්තේ අගය එකතු කල තේ නිෂ්පාදන අපනයනය කෙරෙහිය.

ඒ වෙනුවෙන් අප ලොව නව ප්‍රවණතාවයන් අධ්‍යනය කොට ක්‍රියාත්මක කිරීම කලයුතු වෙනවා.

ග්‍රාමීය වැව් ආශ්‍රිතව තිබෙන නෙළුම් උපයෝගී කොට ගෙන නෙළුම් පත්‍ර තේ ( lotus leaf tea ) නිර්මාණය කරන්න පුළුවන්..
Jasmine Tea ,
විවිධ Green Tea නිෂ්පාදනයන්,
ජපානයේ oraganic Matcha tea වගේ කාබනික තේ වර්ගයන්,
Flowering tea or Blooming tea වැනි නිෂ්පාදනයන් , කිරීම පිළිබඳවත්, අපට අවධානය යොමු කරන්න පුළුවන්

එමෙන්ම අගය එකතුකල තේ නිෂ්පාදනයේදී මෙරට තේ කලාප හතේ සුවිශේෂත්වයන් මුල්කොට ගෙන වෙන වෙනම ප්‍රවර්ධනය කටයුතු කිරීම වැදගත් බවත් අපගේ හැගීමයි.

ලොව පූර්ණ දත්ත විශ්ලේෂණයන්ට අනුව 2020 වර්ෂයේදී තේ යනු ලෝකයේ 374 වැනි තැනට වෙළඳාම් කරන ලද නිෂ්පාදනය විය. එම මුළු වෙළඳාම ඩ...
22/09/2022

ලොව පූර්ණ දත්ත විශ්ලේෂණයන්ට අනුව 2020 වර්ෂයේදී තේ යනු ලෝකයේ 374 වැනි තැනට වෙළඳාම් කරන ලද නිෂ්පාදනය විය. එම මුළු වෙළඳාම ඩොලර් 7.7Bකි.

එම තේ වෙළඳාම සමස්ත ලෝක වෙළඳාමෙන් 0.046% ක ප්‍රමාණයකි.

2020 වසරේ ඉහළම තේ අපනයනකරුවන් වූයේ චීනය ($1.75B), ශ්‍රී ලංකාව ($1.27B), කෙන්යාව ($1.2B), ඉන්දියාව ($703M), සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ($310M) කි.

2020 දී ඉහළම තේ ආනයනකරුවන් වූයේ පකිස්ථානය (ඩොලර් මිලියන 646), එක්සත් ජනපදය (ඩොලර් මිලියන 473), රුසියාව (ඩොලර් මිලියන 413), එක්සත් රාජධානිය (ඩොලර් මිලියන 330), සහ හොංකොං (ඩොලර් මිලියන 312) කි.

ලෝකය තුළ ජලය හැරුණු විට ඊලඟට ජනප්‍රියම පානය වන්නේ ' තේ' ය. මේවනවිට ලොව පුරා රටවල් 50 ක පමණ ප්‍රමාණයක තේ වගා කරනු ලබයි. එ...
21/09/2022

ලෝකය තුළ ජලය හැරුණු විට ඊලඟට ජනප්‍රියම පානය වන්නේ ' තේ' ය.
මේවනවිට ලොව පුරා රටවල් 50 ක පමණ ප්‍රමාණයක තේ වගා කරනු ලබයි.
එමෙන්ම පුරුද්දක් වශයෙන් තේ පානය කිරීම රටවල් 160 කට වඩා අධික ප්‍රමාණයක ජනතාව සිදුකරනු ලබයි. ඒ අනුව සාමාන්‍යයෙන් ලොව පුරා බිලියන 3 ක පමණ ප්‍රමාණයක් තේ පානය කරනු ලබයි.

කපුරු මල් තේ නිමවන්න භාවිතා කරන්නෙ කපුරු මල්. එය චීන ජනතාව ඉතා කැමැත්තක් දක්වන තේ වර්ගයක් . මේ චීනයේ Shanxi පළාතේ Yunche...
19/09/2022

කපුරු මල් තේ නිමවන්න භාවිතා කරන්නෙ කපුරු මල්. එය චීන ජනතාව ඉතා කැමැත්තක් දක්වන තේ වර්ගයක් . මේ චීනයේ Shanxi පළාතේ Yuncheng නගරයේ එම කපුරු මල් අස්වනු නෙළන අකාරයයි.

මේ චීනයේ බෙයිජිං නගරයේ විවෘත කෙරුණු ප්‍රථම තැපැල් කාර්යාල කෝපි හලයි. තැපැල් කාර්යාලයක හිදිමින් එම අත් දැකීම විදිමින් කෝප...
14/09/2022

මේ චීනයේ බෙයිජිං නගරයේ විවෘත කෙරුණු ප්‍රථම තැපැල් කාර්යාල කෝපි හලයි. තැපැල් කාර්යාලයක හිදිමින් එම අත් දැකීම විදිමින් කෝපි හා කේක් රස විඳින්න අවස්ථාව ලැබීම එහි සුවිශේෂත්වයයි.

මෙලෙස කැමරාවට හසුව තිබුනේ ඉන්දියාවේ ගෝරාහාට් ප්‍රදේශයේ තේ වත්තක සිටින වන අලි රංචුවකි.
13/09/2022

මෙලෙස කැමරාවට හසුව තිබුනේ ඉන්දියාවේ ගෝරාහාට් ප්‍රදේශයේ තේ වත්තක සිටින වන අලි රංචුවකි.

කොළඹ තේ වෙන්දේසියේදී ඉතිහාසගත මිලක්---------------------------------------පසුගිය අගෝස්තු 30 වෙනිදා පැවති කොළඹ තේ වෙන්දේස...
13/09/2022

කොළඹ තේ වෙන්දේසියේදී ඉතිහාසගත මිලක්
---------------------------------------
පසුගිය අගෝස්තු 30 වෙනිදා පැවති කොළඹ තේ වෙන්දේසියේදී ආර්ටීඑස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත්‍ රත්නපුර හිදැල්ලන තේ කර්මාන්ත ශාලාව නිපදවූ BOOF ශ්‍රේණියේ පහතරට කාණ්ඩයේ තේ තොගයක් ලංකාවේ මෙතෙක් අලෙවි වූ ඉහලම මිල වාර්තා කිරීමට සමත්ව තිබෙයි. ඒ වාර්තාගත මිල කිලෝවක් සදහා රුපියල් 3250 ක මුදලකි.

කැළෑ තේ ( Jungle Tea )----------------------මේ තේ පැකට්ටුවෙ තියෙන තේ ඔවුන් හදුන්වන්නෙ ජංගල් ටී නැත්නම් කැළෑ තේ කියාය. එය...
12/09/2022

කැළෑ තේ ( Jungle Tea )
----------------------
මේ තේ පැකට්ටුවෙ තියෙන තේ ඔවුන් හදුන්වන්නෙ ජංගල් ටී නැත්නම් කැළෑ තේ කියාය. එයට හේතුව කැළේට ඇරෙන්න තිබෙනාවක් මෙන් මිශ්‍ර භෝග වගාවක් ලෙස මෙම ගෘහාශ්‍රිත කුඩා තේ වතු මගින් ලැබෙන දළුවලින් මේ තේ නිෂ්පාදනය කෙරෙන නිසාය. ඔවුන් පවසන පරිදි රසායනික පොහොර නොයොදා කාබනිකව වගා කෙරෙන මේ තේ නිෂ්පාදනය කෙරෙන්නේ හෝම් මේඩ් ටී ලෙසය. එහිදී වංගෙඩියේ දමා කෙටීමද සිදුකරනු ලබයි. එනිසා මෙම ජංගල් ටී 'වංගෙඩි තේ' ලෙසින්ද හදුන්වයි. සීනි රහිතව වුවද පානය කළ හැකි මෙම තේ වල රසයෙහි වෙනසක්ද පැහැදිලිව හදුනාගත හැකි වෙයි.
- දිනේෂර -

The Challenge of Change තේමාව යටතේ Tea Exporters Association ( TEA) හි 23 වෙනි වාර්ෂික මහා සභාව පසුගියදා ( සැප්තැම්බර් 9...
11/09/2022

The Challenge of Change තේමාව යටතේ Tea Exporters Association ( TEA) හි 23 වෙනි වාර්ෂික මහා සභාව පසුගියදා ( සැප්තැම්බර් 9 ) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනා.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්වුනා. එහිදී ගෝලීය ප්‍රවණතා සමගින් තේ අපනයන කාර්යයේ දිශානතිය පිළිබඳව පුළුල් කතිකාවක් සිදුවුනා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති , Tea Exporters Association හි නිළධාරින් හා සාමාජිකයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියා.

ඖෂධීය තේ බෑග් ව්‍යාපාරික ලෙස නිෂ්පාදනය කරන්න කැමති නම් මේ ඔබට ගැලපෙනම එක් දින වැඩමුළුවක්...
18/08/2022

ඖෂධීය තේ බෑග් ව්‍යාපාරික ලෙස නිෂ්පාදනය කරන්න කැමති නම් මේ ඔබට ගැලපෙනම එක් දින වැඩමුළුවක්...

What is tea tourism?( text & Photo Credit - Darshi Peiris ) Tourism which is motivated by an interest in the history, cu...
29/06/2022

What is tea tourism?
( text & Photo Credit - Darshi Peiris )

Tourism which is motivated by an interest in the history, culture, and traditions related to the consumption of tea, consists of tea gardens where tea is planted, tea factories where it is produced, tea shops where it is for sale or served, and institutions that preserve and interpret the tea culture; can be defined as tea tourism.

A peripheral industry built up around tea, focuses on the production of goods for the tea-loving public, including tea accessories, books on tea, and a variety of tea-themed giftware.

Tea tourism can be identified as a niche tourism segment that emerged with a novel concept of responsible tourism, sustainable and nature-based eco-friendly tourism. Tea combination has developed as an art in some societies, such as Japan. Various tea tourism-based products attract tourists to tea destinations such as China, Japan and England that promote tea-related products to their visitors who take a nice memory of their favourite beverage from the destination where it originated.

These are either sold as souvenirs and complimentary giveaway gift items to make their tea tour memorable which in turn creates an opportunity to make them repeat guests and to promote the destination by word of mouth. I feel Sri Lanka can also expand on these initiatives to further position ourselves as a tea tourism destination.

මෙලෙස ඈතට ගුවනේ පාවෙන ලෙසින් නිර්මාණය කොට ඇති තේ පෝච්චි වතුර මලක් තියෙන්නෙ චීනයෙයි..
11/06/2022

මෙලෙස ඈතට ගුවනේ පාවෙන ලෙසින් නිර්මාණය කොට ඇති තේ පෝච්චි වතුර මලක් තියෙන්නෙ චීනයෙයි..

" 1972 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රථම සමුළුවේ මුඛ්‍ය පාඨය වූ, Only One Earth ...
04/06/2022

" 1972 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රථම සමුළුවේ මුඛ්‍ය පාඨය වූ, Only One Earth ( එකම මිහිතලයක් පමණි ) යන්න, ඉන් වසර 50 කට පසු ලෝක පරිසර දිනය සමරන අද දිනයේද තේමාව වී තිබෙනවා. මේ වනවිට ගෝලීය කොරෝනා වසංගතය අපට පරිසරයට අනුගත ජීවිතවල වටිනාකම මෙන්ම පරිසරය රැක ගනිමින් තිරසාර ආර්ථික සංවර්ධනයක ඇති අවශ්‍යතාවද හොදින්ම වටහා දී තිබෙනවා. එනිසා අප , අපත් රැකෙමින් , පරිසරයත් රැක ගනිමින් , අපේ මතු පරපුරත් රැකගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි 'පෙරට ' විත් පෙරමුණ ගනිමු "

වෛද්‍ය රමේෂ් පතිරණ
වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය

ලෝක කිරි දිනය (World Milk Day) අදයි.....' කිරි 'සැබවින්ම ' කර්මාන්තයක් 'ලෙසින්මඔසවා තබමු !වෛද්‍ය රමේෂ් පතිරණ වැවිලි කර්ම...
01/06/2022

ලෝක කිරි දිනය
(World Milk Day) අදයි.....

' කිරි '
සැබවින්ම
' කර්මාන්තයක් '
ලෙසින්ම
ඔසවා තබමු !

වෛද්‍ය රමේෂ් පතිරණ
වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය

Teh Tarik තේ -------------මැලේසියාවේ ඉතා ජනප්‍රිය පානයක් වන Teh Tarik සකසා ගන්නේ තේ කොළ සහ උකු කිරිවලිනි. විශාල තේ ජොග්ග...
31/05/2022

Teh Tarik තේ
-------------
මැලේසියාවේ ඉතා ජනප්‍රිය පානයක් වන Teh Tarik සකසා ගන්නේ තේ කොළ සහ උකු කිරිවලිනි. විශාල තේ ජොග්ගු දෙකක් භාවිතයෙන්, පෙරන ලද තේ හා උකු කිරි උස් කොට එක් ජෝගුවකින් අනෙක් ජෝගුවට කිහිප වතාවක් එහා මෙහා වත් කොට මිශ්‍ර කිරීමෙන් මෙම Teh Tarik සාදා ගැනීම සිදුකරයි. මෙහිදී තේ සහ උකු කිරි මනාව මිශ්‍රවීමෙන් ප්‍රණීත රසයක් ඉපදෙයි.
( මූලාශ්‍ර/රූදසුන් cheena sinhala handa තුලින් )

ජාත්‍යන්තර තේ දිනය (International Tea Day ) අදයි." තේ කර්මාන්තයෙන් ලොව ජයගනිමින් ,රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට අප අන...
21/05/2022

ජාත්‍යන්තර තේ දිනය
(International Tea Day ) අදයි.

" තේ කර්මාන්තයෙන් ලොව ජයගනිමින් ,
රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමට
අප අනවරතව ඉදිරියටත් කැපවෙමු "
- රමේෂ් පතිරණ -
( වැවිලි කර්මාන්ත අමාත්‍ය )

ඔබත් පිටිකිරි  නැතිව දුකෙන්ද.. එහෙනම් පිටිකිරි අයින් කරල ගෙදර අයට පොල්කිරි තේ (COCONUT MILK TEA)  එකක් හදල දෙමු.. COCONU...
08/04/2022

ඔබත් පිටිකිරි නැතිව දුකෙන්ද.. එහෙනම් පිටිකිරි අයින් කරල ගෙදර අයට පොල්කිරි තේ (COCONUT MILK TEA) එකක් හදල දෙමු.. COCONUT MILK TEA හරිම රසයි ඒවගේම විස නසන ගුණයෙන් යුක්ත නිසා, ශරිරයට ගුණදායකයි....

විවේක හැම අවස්ථාවකම තේ පානය චීන ජනතාවගේ සිරිතක්. බොහෝවිට වසන්ත කාලයේ සෞම්‍ය දේශගුණය යටතේ බොහෝ අය එළිමහනේ තේ රසවිඳින්න කැ...
27/03/2022

විවේක හැම අවස්ථාවකම තේ පානය චීන ජනතාවගේ සිරිතක්. බොහෝවිට වසන්ත කාලයේ සෞම්‍ය දේශගුණය යටතේ බොහෝ අය එළිමහනේ තේ රසවිඳින්න කැමතියි. මේ එලෙස චීනයේ Chengdu නගරයේ මහජන උද්‍යානයක පිහිටි ඉතා ජනප්‍රිය තේ අවන්හලක චීන වැසියන් තේ රසවිඳින අයුරුයි...

තේ දළු නෙලන්න රොබෝවරු--------------------------2019 වසරේ සිට චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් කෘත්...
23/03/2022

තේ දළු නෙලන්න රොබෝවරු
--------------------------
2019 වසරේ සිට චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිත කර තේ දළු නෙලීමේ රොබෝවරයෙක් නිර්මාණය කිරීමට මේ වනවිටත් පර්යේෂණ කරමින් සිටියි. ඒ අනුව අනාගතයේදී රොබෝවරුන් මගින් තේ දළු නෙලීමේ කාර්යය ඉටු කර ගැනීම‍ට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
( මූලාශ්‍ර/රූදසුන් cheena sinhala handa තුළින් )

යුද්ධයට මැදිවන අපේ තේ වෙළෙඳ පොළ....2022 මාර්තු 7 - අද පුවත්පත් කාටුනය..
08/03/2022

යුද්ධයට මැදිවන අපේ තේ වෙළෙඳ පොළ....
2022 මාර්තු 7 - අද පුවත්පත් කාටුනය..

යුක්රේන ජනතාව විසින් මේ  තේ පැන් සහ ආහාර ලබාදෙමින් ආගන්තුක සත්කාර කරනුයේ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ අවසානයේ යුක්...
07/03/2022

යුක්රේන ජනතාව විසින් මේ තේ පැන් සහ ආහාර ලබාදෙමින් ආගන්තුක සත්කාර කරනුයේ යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ අවසානයේ යුක්‍රේනය වෙත භාර වූ රුසියානු සොල්දුවෙකුටයි. එමෙන්ම එම අවස්ථාවේදීම යුක්‍රේන එක් තරුණියක් විසින් සොල්දාදුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දෙන අයුරුද දැක්වෙනවා. විදෙස් මාධ්‍ය හරහා සංසරණය වන මෙම රූ දසුන් ලෝකයම සංවේදී කොට ඇති අතර සිය ට්විටර් ගිණුම හරහා යුක්රේනයේ කියෙව් රූපවාහිනයේ මාධ්‍යවේදිනියක වන අනාස්ටසිලියා ලැපටිනා විසින් මෙම කථාව ලොව වෙත දක්වා තිබෙනවා. ඇය සදහන් කොට ඇත්තේ අවුරුදු 20 පසුවන තරුණයන් විශාල පිරිසක් යුද්ධ කිරීම සඳහා රුසියාව විසින් යුක්රේනයට එවා ඇති බවත් යුක්රේන ජනතාවගේ මනුස්සත්වය නැතිවී නොමැති එකට දෙවියන්ට ස්තූති වන්ත වන බවත්ය.

ලොව පුරා පවතින විවිධ කෝපි හා චොක්ල්ට් වර්ග ප්‍රදර්ශනය කෙරෙන ජාත්‍යන්තර කෝපි හා චොක්ලට් ප්‍රදර්ශනයක් මේ දිනවල ඇල්ජීරියාව්...
23/02/2022

ලොව පුරා පවතින විවිධ කෝපි හා චොක්ල්ට් වර්ග ප්‍රදර්ශනය කෙරෙන ජාත්‍යන්තර කෝපි හා චොක්ලට් ප්‍රදර්ශනයක් මේ දිනවල ඇල්ජීරියාව් ඇල්ජිරියස් නුවර දී පැවැත්වෙන ආකාරය ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tea Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share