පුනර්ජනනී/Renewable energy

  • Home
  • පුනර්ජනනී/Renewable energy

පුනර්ජනනී/Renewable energy To create a better future with Renewable Energy

20/12/2023
TESLA සමාගම ඇමෙරිකාව තුළ විකිණූ මිලියන 2ක් වන සියලු වාහන ආපසු කැඳවයිවිදුලියෙන් ක්රි යාත්මක, ස්වයංක්රී යව ධාවනය කෙරෙන මෝට...
14/12/2023

TESLA සමාගම ඇමෙරිකාව තුළ විකිණූ මිලියන 2ක් වන සියලු වාහන ආපසු කැඳවයි

විදුලියෙන් ක්රි යාත්මක, ස්වයංක්රී යව ධාවනය කෙරෙන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම (TESLA) එක්සත් ජනපදය තුළ අලෙවි කළ සිය ටෙස්ලා මෝටර් රථ මිලියන 2කට ආසන්න ප්රතමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම ප්රරමාණය එම සමාගම එරට තුළ අලෙවි කළ සමස්ත වාහන සංඛ්යාීවට සමාන වන බවත් පැවසෙයි.

එම මෝටර් රථ සතුව ඇති Autosteer ඔටෝපයිලට් (ස්වංයක්රීළය ධාවන) විශේෂාංගය සතුව පවතින දෝෂයක් මේ තීරණය සඳහා හේතුව වී ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව එම විශේෂාංගය භාවිතා කිරීම සීමා කිරීමේ අරමුණින් එම සමාගම මෙලෙස සිය මෝටර් රථ ආපසු කැඳවීමක් සිදු කර තිබේ.

එක්සත් ජනපදයේ සුරක්ෂිතතා නියාමකයන් විසින් අදාළ විශේෂාංගය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් විමර්ශනයක් සිදුකළ අතර, පසුගිය කාලසීමාවේදී ටෙස්ලා මෝටර් රථ සම්බන්ධයෙන් සිදු වූ අනතුරු 1,000 කට ආසන්න සංඛ්යාරවක් සම්බන්ධයෙන් මෙම ඔටෝපයිලට් විශේෂාංගය හේතු වී ඇති බවටද හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් ජනපදයේ ජාතික අධීවේගී මාර්ග සුරක්ෂිතතාව පිළිබඳ පාලනාධිකාරිය, මෙම ඔටෝපයිලට් පද්ධතිය මගින් රියදුරන් වෙත ආරක්ෂාව පිළිබඳ වැරදි වැටහීමක් ලබා දෙන බවත්, ඒ හරහා අනතුරුදායක අවස්ථාවක් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙන බවත් පවසා සිටියි. ඒඅනුව මෙම විශේෂාංගය නිසා රියදුරන් මාර්ගය පිළිබඳ අවදානම අඩු කරන බවත් හඳුනාගෙන තිබේ.

මෙලෙස එම ටෙස්ලා මෝටර් රථ ආපසු කැඳවීමෙන් අනතුරුව ටෙස්ලා සමාගම අදාළ විශේෂාංගය සතුව ඇති රියදුරන්ගේ අවදානම් මට්ටම් පිළිබඳ කරුණ පිළිබඳව නැවත සලකා බැලීමක් සිදු කරනු ඇති බවත්, එම දෝෂ නිවැරදි කරනු ඇති බවත් පැවසෙයි. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේ සිට මෙම ඔටෝපයිලට් විශේෂාංගයට අදාළ මෘදුකාංගය යාවත්කාලීන කිරීමට ටෙස්ලා සමාගම එකඟතාව පළ කර තිබේ.

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කඩිනම් තීරණ ගැනීමේ කමිටුවක් පත් කෙරේමෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්යා්පෘති ක්ර...
14/12/2023

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කඩිනම් තීරණ ගැනීමේ කමිටුවක් පත් කෙරේ

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්යා්පෘති ක්රිියාත්මක කිරීම සඳහා කඩිනමින් තීරණ ගැනීමේ යාන්ත්රකණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්යා හමුවේදී මේ පිළිබඳව අනාවරණය කෙරිණි.

මෙහිදී රාජ්යර ආයතන කිහිපයක් නියෝජනය වන පරිදි ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්යෝ කංචන විජේසේකර මහතා විසින් මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙම කමිටුවේ සභාපති ධුරය ජනාධිපති කාර්යාලය වෙත හිමිව තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලය (කමිටු සභාපති), අග්රා මාත්යබ කාර්යාලය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රනතිපත්ති අමාත්යාංයශය, ආයෝජන ප්ර වර්ධන අමාත්යාං ශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්යාං ශය, පරිසර අමාත්ංාතිශය, සංචාරක හා ඉඩම් අමාත්යාංසශය, කර්මාන්ත අමාත්යාංනශය, විදුලිබල හා බලශක්ති අමාත්යාං ශය, වාරිමාර්ග අමාත්යාංචශය, ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශශය, ශ්රීබ ලංකා සුනිත්යය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය එම නියෝජිත ආයතන වෙයි.

විශේෂයෙන්ම වසර 2030 වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්යායපෘති කඩිනමින් ක්රිියාත්මක කිරීමේ අවශ්යලතාව හඳුනා ගනු ලැබ ඇතැයි රජය පවසයි.

එහෙත් දැනට පවතින ක්ර මවේද අනුගමනය කරමින් එවැනි ව්යා පෘති ක්රිවයාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්රැමවේද අනුව කටයුතු කිරීමේදී උනන්දුවක් දක්වන ආයෝජකයින්ට මුහුණ පෑමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්ති ව්යා්පෘති කඩිනමින් ක්රිුයාත්මක කිරීම පිණිස නව ක්රසමවේදයක් හඳුන්වා දීමට රජය මෙලෙස යෝජනා ඉදිරිපත් කර ඇතැයි සඳහන් වෙයි.

අදානි සමූහය ඉදිකරන ලොව විශාලතව හරිත බලශක්ති උද්‍යානයඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අදානි සමූහය මගින් ඉදි කරන ල...
07/12/2023

අදානි සමූහය ඉදිකරන ලොව විශාලතව හරිත බලශක්ති උද්‍යානය

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අදානි සමූහය මගින් ඉදි කරන ලොව විශාලතම හරිත බලශක්ති උද්‍යානයේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව එහි සභාපති ගෞතම් අදානි පවසයි.

අද දිනයේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ඒ අනුව ලොව විශාලතම හරිත බලශක්ති උද්‍යානය ඉදිකරමින් ඉන්දියාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තමන් රඟදක්වන භූමිකාව සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් අදානි සඳහන් කර සිටියි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාන් කාන්තාර ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 726ක භූමියක් පුරා ව්‍යාප්තව පවතින්නකි. එය සිංගප්පූරුවට අයත් භූමියට සමාන භූමියකි. ගෞතම් අදානිට අනුව මෙම ව්‍යාපෘතිය අභ්‍යවකාශයේදී පවා හොඳින් දැක ගත හැකිය.

“මෙම බලාගාර ව්‍යාපෘතිය මගින් උත්පාදනය කරන ගිගාවොට් 30ක (30GW) බලශක්තිය මගින් නිවාස මිලියන 20ක් බලගැන්වේවි.” අදානි පවසා සිටියි.

මේ අතර එම ස්ථානයට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි කර්මභූමි මුන්ද්‍රා ප්‍රදේශයේදී මේ වනවිටත් තමන් සූර්ය සහ සුළං බලශක්තිය සඳහා වන එකිනෙක සම්බන්ධ වුණු ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන පරිසරපද්ධතිය නිර්මාණය කරමින් සිටින බවත් අදානි සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘති මගින් තිරසාර බලශක්තියක් වෙත ඉන්දියාව යන ගමනේ කැපී පෙනෙන මංසලකුණු සටහන් කරන බවත් ගෞතම් අදානි වැඩිදුරටත් පවසා සිටියි.

වෙනත් වාහනවලට වඩා විදුලි වාහනවල 79%ක් ගැටලු තිබෙනවාලුවිදුලි වාහන සතුව අනෙකුත් වාහන හා සාපේක්ෂව 79%කට වඩා වැඩි ගැටලු පවති...
06/12/2023

වෙනත් වාහනවලට වඩා විදුලි වාහනවල 79%ක් ගැටලු තිබෙනවාලු

විදුලි වාහන සතුව අනෙකුත් වාහන හා සාපේක්ෂව 79%කට වඩා වැඩි ගැටලු පවතින බව අලුත්ම පාරිභෝගික දත්ත වාර්තාව (Consumer Report) පවසයි. එක්සත් ජනපදය තුළ සිදු කරන වාර්ෂික මෝටර් රථ සමීක්ෂණයේ (auto reliability survey) දත්ත මගින් මෙම පාරිභෝගික දත්ත වාර්තාව සකස් වී තිබේ.

විශේෂයෙන්ම මෑතකදී හඳුන්වාදුන් මෙවැනි විදුලි මෝටර් රථ මාදිලි සතුව ගැටලු රැසක් පවතින බවත් හඳුනාගෙන තිබේ. මෙහිදී මූලිකවම ගැටලුවක් වී ඇත්තේ එම විදුලි මෝටර් රථ සියල්ලම අලුත්ම මාදිලියේ මෝටර් රථ වීමයි. එහිදී මූලිකවම ආසන්න වසර කිහිපය පුරා නිපදවුණු මෙම මෝටර් රථ මාදිලිවල පවතින ගැටලු නිරාකරණය කිරීමට තරම් කාලයක් එම නිෂ්පාදන සමාගම් සතුව නොතිබීමත් හේතුවක් වී ඇත.

මීට අමතරව අද වනවිට වෙළෙඳ පොළට නිකුත් කරන විදුලි මෝටර්රථ තුළ ඇති සුවිශේෂී තාක්ෂණික විශේෂංග නිසා ඒවායේ මිල ගණන් පවා ඉහළ අගයක් ගනී. ඒහේතුවෙන් අමතර ආරක්ෂක සංවේදක සිට අමතර උපාංග ඇතුළු දෑ රැසක්ම මෙම මෝටර් රථ වෙත එකතු වී තිබේ. ඒ අනුව මෙම විවිධාකාර වූ විශේෂාංග නිසා මෝටර් රථය තුළ ගැටලු ඇති වීමේ අවස්ථාවන් ඉහළ නංවන බවත් මෙම වාර්තාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම සමීක්ෂණ කණ්ඩායමේ අධ්ය ක්ෂවරයා වන ජේක් ෆිෂර්, මෙම මෝටර් රථ විදුලියෙන් ක්රිෑයාත්මක ඒවා වීම නිසාම පමණක් මෙම ගැටලු මතු වී නොමැති බව පවසා සිටියි. “මේ විදුලියෙන් ක්රි්යාත්මක මෝටර් රථගත්තොත් ඒවායේ නව තාක්ෂණික උපාංග රැසක් සවි කර තිබෙනවා. අද මේ මෝටර් රථහිමිකරුවන්ගෙන් වාර්තා වන ප්ර්ධානතම ගැටලු වෙන්නේ බැටරි සහ ඒවායේ ආරෝපණය පිළිබඳ ගැටලුයි. ඒ වගේම මේ උපාංග නිසා ඇති වන ගැටලුත් වාර්තා වෙනවා.”

මෙහිදී අදාළ සමීක්ෂණයේදී විදුලියෙන් ක්රි්යාත්මක මෝටර් රථ330,000ක් පිළිබඳ තොරතුරු රැස් කරගෙන තිබේ. එහිදී වඩාත් නවීනතම විදුලි මෝටර් රථ මාදිලි පිළිබඳ දත්ත රැස් කරගෙන ඇත. ඒ අනුව සෑම විදුලි මෝටර් රථයක්ම අවිශ්වාසදායක නොවන බවටත් එම පිරිස් කරුණු දක්වා ඇත.

මෙම මෝටර් රථ අතරින් Tesla Model 3 සහ Model Y මෙන්ම Ford MustangMach-E යන රථ මාදිලි සතුව සාමාන්යර මට්ටමේ බලාපොරොත්තු වූ විශ්වාසයක් පවතින බව පැවසෙයි. එසේම Nissan Ariya සහ Hyundai Ioniq 6 යන මාදිලි සතුවද සාමාන්යු බලාපොරොත්තු තබා තිබූ විශ්වාසයට වඩා හොඳ තත්ත්වයක් පවතින බව සඳහන්ව තිබේ.

මේ අතර විදුලි මෝටර්රථවලට වඩා අදටත් ජනතාව අතර දෙමුහුන් (Hybrid) මෝටර් රථ කෙරෙහි විශ්වාසයක් පවතින බවත් මෙම වාර්තාව සඳහන් කරයි. එහිදී එම මෝටර් රථනිපදවූ ලොව පිළිගත් සමාගම් ඊට හේතුව වී තිබේ. “මේ විදියට හයිබ්රිහඩ් මෝටර් රථ අදටත් ජනතාව අතර විශ්වාසදායක වීමට හේතුව ඒවා වඩාත් විශ්වාසවන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන Toyota, Honda, Hyundai, Kia යන සමාගම් මගින් වෙළෙඳ පොළට නිකුත් වීමයි’ යනුවෙන් ජේක් ෆිෂර් පවසා සිටියි.

චීනය එරට පළමු ජාතික අක්වෙරළ සුළං විදුලි බලාගාර පර්යේෂණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අරඹයිචීනය එරට පළමු ජාතික අක්වෙරළ සුළං විදු...
03/12/2023

චීනය එරට පළමු ජාතික අක්වෙරළ සුළං විදුලි බලාගාර පර්යේෂණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අරඹයි

චීනය එරට පළමු ජාතික අක්වෙරළ සුළං විදුලි බලාගාර පර්යේෂණ සහ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පසුගියදා ඇරඹූ බව පවසයි. එරට නැගෙනහිර පිහිටි ෆුජිආන් පළාතේ ෆුකින්ග් නගරය තුළ මෙය ඉදිකර තිබේ.

චීනයේ Sate Grid Corporation of China (State Grid), China Huadian Corporation Ltd. සහ Power Construction Corporation of China එක්ව සිදු කළ මුදල් ආයෝජනයක් ලෙස මෙය ඉදිකිරීම අරඹා තිබේ. මෙය 2024 වසරේ සිට මෙහෙයුම් ආරම්භ කිරීම සැලසුම වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමත් සමගින්ම මෙම මධ්‍යස්ථානය අක්වෙරණ සුළං බලාගාර සම්බන්ධයෙන් වන නවීනතම තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කිරීමේ ස්ථානයක් ලෙස වඩාත් ප්‍රචලිත වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

ෆුජිආන් පළාතේ පිහිටි මෙම ෆුකින්ග් නගරයත් අද වනවිට චීනයේ අක්වෙරළ සුළං බලාගාර සම්බන්ධයෙන් වන උපාංග කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නගරයක් බවට පත්ව තිබේ.

ලොව පළමුවරට මෙගාවොට් 16ක (16 megawatt) අක්වෙරළ සුළං ටර්බයින සවි කෙරුණේද චීනයේ ෆුජිආන් පළාතේදීය.

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට යයිශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල...
03/12/2023

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට යයි

ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සූදානම් බව රජය පවසයි. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 2026 වසරේදීය. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් වේ.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී පසුගියදා (01) සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තබා තිබේ.

චීනයේ BYD සමාගම සිය මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිපදවයිලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන චීනයේ BYD...
30/11/2023

චීනයේ BYD සමාගම සිය මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිපදවයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන චීනයේ BYD සමාගම සිය Zhengzhou කර්මාන්ත ශාලාවේදී තම මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් පසුගියදා ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව පවසයි.

ඒ අනුව මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව පළමු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම ලෙසත් BYD සැලකෙයි. මෙම සුවිශේෂී ජයගරොව හණය මගින් විදුලි මෝටර් රථ කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා BYD හි නොසැලෙන කැපවීම මැනවින් පෙන්නුම් කරන බවත් එම සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙලෙස මිලියන 5 සිට මිලියන 6 වෙනි NEV නිෂ්පාදනය දක්වා BYD සිය නිෂ්පාදන වේගවත් කිරීමට සමත්ව සිටියි. මෙහිදී BAO 5ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී රථය, BYD හි විශේෂිත උප සන්නාමය වන FANGCHENGBAO යටතේ නිර්මාණය කර ඇති සුපිරි hybrid SUV මෝටර් රථයක් වේ.

රුසියානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් දේශීය වෙළෙඳ පොළ වෙත SUV රථයක් එළිදක්වයිරුසියානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම...
20/11/2023

රුසියානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් දේශීය වෙළෙඳ පොළ වෙත SUV රථයක් එළිදක්වයි

රුසියානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක්වන MotorInvest සමාගම දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් සිය නවතම විදුලියෙන් ක්‍රියාත්මක SUV මාදිලියේ නිෂ්පාදන කටයුතු අරඹා ඇතැයි පවසයි.

Evolute i-SKY ලෙස නම් කර ඇති මෙම මාදිලිය මැදි ප්‍රමාණයේ SUV රථයක් ලෙස හඳුන්වාදී ඇති අතර, එහි එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක දුරක් ධාවනය කළ හැකි බව සඳහන් වෙයි.

රුසියාවේ ලිපෙට්ස්ක් පළාතේ පිහිටි MotorInvest සමාගමේ කර්මාන්තශාලාවේදී එකලස් කෙරෙන මෙම මෝටර් රථ මාදිලිය පෙර ඇනවුම් සඳහා පමණක් නිකුත් කෙරෙන බව සඳහන් වෙයි. මෙහිදී එක් රථයක් රූබල් මිලියන 4කට ආසන්න මුදලකට (ඩොලර් 45,000ක් පමණ වන මුදලකට) මිල කෙරී ඇතැයි සමාගම පවසයි.

MotorInvest සමාගම 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී සිය විදුලි මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇරඹූ අතර, එහි Evolute සන්නාමය මගින් i-Pro Sedan, i-JOY compact crossover සහ i-VAN minivan ලෙස මාදිලි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. මෙම රථ සියල්ලම චීනයේ Dongfeng සහ Sokon යන සමාගම් මගින් නිපදවූ මාදිලි අනුව නිපදවා තිබේ.

MotorInvest සමාගමට අනුව මෙම වසරේදී විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ 7,500ක් අලෙවි කිරීමට අපේක්ෂා කරන අතර, 2024 දී එය 12,000ක් දක්වා ඉහළ නංවා ගැනීම අරමුණ වී තිබේ.

Xiaomi සමාගමේ විදුලි මෝටර් රථ ප්‍රසිද්ධියටචීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම නිපදවන විදුලියෙන් ක්රිසයාත්...
17/11/2023

Xiaomi සමාගමේ විදුලි මෝටර් රථ ප්‍රසිද්ධියට

චීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම නිපදවන විදුලියෙන් ක්රිසයාත්මක මෝටර් රථ මාදිලි ප්‍රසිද්ධියට පත් කර ඇතැයි පවසයි.

ඒ අනුව Xiaomi SU7, SU7 Pro සහ SU7 Max යන මාදිලි තුනට අයත් විදුලි මෝටර් රථ වල ඡායාරූප ඊයේ දිනයේදී චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්යාං ශ වෙබ් අඩවිය වෙත නිකුත් කෙරී තිබේ.

මෙම මෝටර් රථ මාදිලි තුනම මීටර් 5ක දිගකින් සහ මීටර් 2ක පළලකින් යුත් මෝටර් රථ වන අතර, එම රථ සියල්ලම ආසන පහකින් යුත් සෙඩාන් මාදිලියේ රථ වීමත් විශේෂත්වයකි.

මෙම රථ සියල්ලගේම ඉදිරිපස සහ පිටුපස Mi සන්නාමය මෙන්ම Xiaomi සමාගමේ වෙළෙඳ නාමය සටහන් කර තිබේ.

මෙම විදුලි මෝටර් රථ මාදිලි අතරින් SU7 Pro සහ SU7 Max යන මාදිලි වෙත පැයට කිලෝමීටර් 265ක වේගයකින් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.

මෙහිදී රථ සියල්ලගේම බැටරි චීනයේ තවත් ප්ර මුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගමේ හිමිකාරීත්වය සහිත Contemporary Amperex Technology Co. Limited සමාගම මගින් නිපදවා තිබේ. එසේම මෙම රථවල එන්ජින්ද සමාගම් දෙකක් මගින් නිපදවා තිබේ. මීට අමතරව Xiaomi සමාගමේ මෙම විදුලි මෝටර් රථ නිපදවීම බීජිං නුවර පිහිටි චීන රජයට අයත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමූහයක් වන BAIC Group හි කර්මාන්තශාලාවකදී සිදු කෙරේ.

මෙලෙස ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් විදුලි මෝටර් රථ නිෂ්පාදනය වෙත පිවිසි ලොව පළමු අවස්ථාව ලෙසත් මෙය සැලකෙයි. මීට පෙර Apple සමාගමද තමන්ගේ විදුලි මෝටර් රථයක් නිපදවන බවට සඳහන්කළද එය මෙතෙක් ක්රිායාත්මක වී නැත.

Xiaomi සමාගම මීට පෙර සඳහන් කර තිබූ ආකාරයට එම සමාගමේ පළමු මෝටර් රථයේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරිමට නියමිතව තිබේ.

MAS සමාගමේ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW දක්වා ඉහළටමෙරට ඇගලුම් කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන MAS හෝල්ඩිංග්ස් ස...
15/11/2023

MAS සමාගමේ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW දක්වා ඉහළට

මෙරට ඇගලුම් කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන MAS හෝල්ඩිංග්ස් සමාගම සිය සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW ක් දක්වා ඉහළට නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. එම සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

සමාගම මගින් ක්‍රියාත්මක කරන MAS Photon නම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් මෙම කටයුතු සාර්ථක කර ගෙන තිබේ.

මෙම ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සම්පූර්ණ කිරීමට MAS සමාගමට හැකියාව ලැබී ඇති අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුද්ගලික අයිතිය ඇති අපනයන සැකසුම් කලාපය වන තුල්හිරිය අක්කර 165ක භූමි ප‍්‍රදේශයක විහිදෙන MAS Fabric Park ^MFP& හි එය ස්ථාපිත සිදුකර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ විශාලතම ජනන යන්ත‍්‍රය සහ වහලය මත සවිකර ඇති සූර්ය බලශක්ති පැනල පද්ධතිය ලෙස වාර්තා අතරට එක්වෙයි.

මෙහිදී මෙගාවොට් 7ක විදුලි බල උත්පාදනයක් දක්වා ව්‍යාප්ත වෙමින්, එය එක් ලංවිම ගිණුමක් යටතේ ශ‍්‍රී ලංකාවේ විශාලතම වහලය මත සිදුකරන ලද සූර්ය පැනල ස්ථාපනය ලෙසින්ද වාර්තා අතරට එක්ව සිටියි. මෙම ව්‍යාපෘතිය මගින් එම කර්මාන්ත උද්‍යානයේ විදුලි අවශ්‍යතාවය 20% කින් පමණ අඩු කිරීමට උපකාරී වන බවත් පැවසෙයි..

මින් පෙර වූ MAS Photon ව්‍යාපෘති හරහා විවිධ ස්ථාන කිහිපයක මෙගාවොට් 1.7ක් ජනනය කර තිබුණි. එසේම පුනර්ජනනීය බලශක්තියට මාරුවීම වේගවත් කිරීමට සමූහයේ කැපවීමත් සමඟ ක්‍රියාත්මක කෙරුණු Photon ව්‍යාපෘතියේ 1 අදියර යටතේ ස්ථාන 18ක් හරහා 16 MWක් ජාතික පද්ධතියට එක් කෙරිණි.
ඒ අනුව මෙම දෙවන අදියරේදී එක් කෙරුණු මෙගාවොට් 7ක ධාරිතාවත් සමඟම MAS හි සම්පූර්ණ වහල මත සවිකළ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 23.7 MW දක්වා ඉහළ නැංවී තිබේ.

මෙම ව්‍යාපෘතිය විශාල පරිමාණයෙන් ඉදිරියට ගෙන ඒම සඳහා MAS ආයතනයෙහි සූර්ය පැනල 67000 ක් සවිකර ඇතැයි පවසයි.
MAS සමාගම සිය Photon හි පළමු ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 12.7 ක ආයෝජනයක් සිදු කර ඇති අතර, දෙවැනි අදියර වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ක් ආයෝජනයක් කර ඇත.

මේ අතර අද Photon ව්‍යාපෘතියට ලෝකයේ ඕනෑම තැනක ඕනෑම පරිමාණයකින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති භාර ගත හැකි තරම් නිපුණතාවයකින් හෙඹි තමන්ගේම පළපුරුදු සූර්ය බලශක්ති ඉංජිනේරු කණ්ඩායම් ද ඇතැයි MAS සමාගම පවසයි.

ඔක්තෝබර් 26 ඇරඹෙන Japan Mobility Show 2023 ප්‍රදර්ශනයේදී විදුලි වාහන වෙත වැඩි ඉඩක්ජපානයේ ටෝකියෝ නුවර හාචියෝජි නුවරදී පැව...
24/10/2023

ඔක්තෝබර් 26 ඇරඹෙන Japan Mobility Show 2023 ප්‍රදර්ශනයේදී විදුලි වාහන වෙත වැඩි ඉඩක්

ජපානයේ ටෝකියෝ නුවර හාචියෝජි නුවරදී පැවැත්වෙන Japan Mobility Show 2023 ප්‍රදර්ශනය සඳහා ටොයොටා මෝටර් සමාගම (Toyota Motor Corp.) ඉදිරිපත් කර ඇති Kayoibako නම් සංකල්පීය බැටරි විදුලි මෝටර් රථය (BEV) මෙහි දැක්වෙයි.

මෙම Japan Mobility Show 2023 ප්‍රදර්ශනය ලබන ඔක්තෝබර් 26 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය ඉසව්වේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.

ජපානයේ ටොයොටා, හොන්ඩා, නිසාන් ඇතුළු මෝටර් රථ නිෂ්පාදන සමාගම් මෙම ප්‍රදර්ශනය සඳහා සිය නවතම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ සංකල්ප ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂාව වී තිබේ. විශේෂයෙන්ම ඉදිරි වසර කිහිපයේදී ජපානයේ මාර්ග වෙත බැටරි බලයෙන් ක්‍රියාත්මක විදුලි මෝටර් රථ වැඩි වශයෙන් යෙදවීම එහි අරමුණයි.

දත්ත වාර්තාවලට අනුව 2022 වසරේදී ජපානයේ සිදු වූ මෝටර් රථ අලෙවියෙන් 1.5෴ක් බැටරි සහිත විදුලි මෝටර් රථ ලෙස සඳහන්ව තිබේ.

මීට අමතරව අමතරව ටොයොටා සමාගම සිය විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ සඳහා ඉදිරිපත් කරන මීළග පරම්පරාවේ ලිතියම් අයන් බැටරියක ආදර්ශයක්ද මෙහිදී ප්‍රදර්ශනයට තබා තිබේ.

1954 වසරේදී ආරම්භ වුණු මෙම Tokyo Motor Show ඉසව්ව අවසන්වරට පැවැත්වුණේ 2019 වසරේදීය. එවරදී ලක්ෂ 13ක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ තිබේ. මෙවර ප්‍රදර්ශනය සඳහා ලක්ෂ 10ක පමණ පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

මෙවර ප්‍රදර්ශනය සඳහා සමාගම් 500ක් පමණ ඉදිරිපත් වන බව පවසා ඇති අතර, ඒ අතරින් විදේශීය සමාගම් තුනක් පමණක් සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි. ඒ අතර චීනයේ BYD සමාගම, ජර්මනියේ Mercedes-Benz සමූහය සහ BMW යන සමාගම් පවතී.

සමනල වැව මතුපිට මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලාගාරයක් සඳහා යෝජනා කැඳවෙයිසමනල වැව ජලාශයේ මතුපිට ආසන්න වශයෙන් හෙක්ටයාර් 100ක...
24/10/2023

සමනල වැව මතුපිට මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලාගාරයක් සඳහා යෝජනා කැඳවෙයි

සමනල වැව ජලාශයේ මතුපිට ආසන්න වශයෙන් හෙක්ටයාර් 100ක අවකාශය මත මෙගාවොට් 100ත් 200ත් අතර ධාරිතාවකින් යුත් පාවෙල සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා යෝජනා කැඳවෙන බව රජය පවසයි.

මෙම ව්යාතපෘතිය සම්බන්ධයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්ය වරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණු බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්යය හමුවේදී අනාවරණය කෙරිණි.

ඒ අනුව යටිතල පහසුකම් ව්යාපපෘති ක්රිණයාත්මක කිරීම සම්බන්ධයෙන් වන අදාළ ජාතික ප්රටසම්පාදන මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් උනන්දුවක් දක්වන ව්යාිපෘති ආයෝජකයන් වෙතින් මෙම යෝජිත සූර්ය බලාගාරය සඳහා යෝජනා කැඳවීම සිදු කරන බව රජය පවසයි.

විශේෂයෙන්ම ශ්රීම ලංකා මහවැලි අදිකාරිය යටතේ පවතින ජලාශවල මතුපිට සූර්ය බලශක්ති ජනන ව්යා පෘති ක්රිෂයාත්මක කිරිම සඳහා මනා විභවයක් පවතින බවට ලංකා විදුලිබල මණ්ඩලය හඳනාගෙන ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලය යටතේ පවතින මෙම සමනල වැව ජලාශය ආශ්රිතතව මෙලෙස පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනාව ඉදිරිපත්ව තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිත කරලාවිදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අ...
22/10/2023

විදෙස්ගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිත කරලා

විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි අනාවරණය වී තිබෙන බව මාධ්යධ වාර්තා පවසයි.

පසුගියදා පැවැති පාර්ලිමේන්තුවේ ක්රාම සහ විධි පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

මේ අතරින් වාහන වාහන 75ක්ම ගෙන්වා ඇත්තේ, එක් ආයතනයක් මගින් බවත්, වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්රඅ අලෙවි කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය කෙරී ඇත.

මෙහිදී අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 250,000ක් වටිනා බලපත්ර ය අලෙවි කිරීමට රුපියල් මිලියන 5ක තීරු බද්දක් අය කෙරුනු නමුත්, මෙම ක්රිකයාව හරහා ජාවාරම්කරුවන් රජයේ බදු ආදායම් අහිමි කරමින් විශාල ආදායමක් උපයා ඇති බවත් මෙම කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ක්රමම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා, විදෙස්ගත ශ්ර මිකයන්ට ලැබිය යුතු ප්රනතිලාභය අයථා ලෙස භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්රිවයාත්මක කරන ලෙස පවසා තිබේ.

එසේම අදාළ වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස සභාපතිවරයා ශ්රී, ලංකා ‍රේගුවට නි‍ර්දේශ කර තිබේ.

කෙසේ වෙතත් විදෙස් ගත ශ්රිමිකයන් සඳහා ලබාදුන් අදාළ බලපත්රයය, විධිමත්ව භාවිත කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංනශය සහ මුදල් අමාත්යාං ශය එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් වී තිබුණි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු off-road මෝටර් රථය අත්හදා බලයිසම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු off-road...
16/10/2023

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු off-road මෝටර් රථය අත්හදා බලයි

සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු off-road මෝටර් රථය පසුගියදා මොරොක්කෝවේ කාන්තාර භූමිය ආශ්‍රිතව අත්හදා බලා ඇතැයි වාර්තා වෙයි.

නෙදර්ලන්තයේ එයිඩන්හෝවන්හි පිහිටි එයිඩන්හෝවන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් මෙම රථය නිපදවා තිබේ. කාකි කොළ පැහැයෙන් යුක්ත මෙම රථය Stella Terra ලෙස නම් කර තිබේ. මෙය SUV මෝටර් රථයක් ලෙස නිපදවා ඇතැයි එම කණ්ඩායම පවසයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට ලොව දුෂ්කර මාර්ග මතදී, සිය බැටරි ආරෝපණය සඳහා ජාතික පද්ධතියේ විදුලිබල අවශ්යනතාවකින් තොරව ධාවනය කළ හැකි රථයක් ලෙස මෙය හඳන්වාදී තිබේ. ඒඅනුව මෙම රථය හදිසි අවස්ථාවලදී ආධාර රැගෙන යාන යනාදිය සඳහා යොදා ගත හැකි බව ඔවුන් පවසයි.

මෙම මාසය මුලදී මොරොක්කෝවේදී සිදුකළ ‍මෙම රථයේ අත්හදා බැලීමේදී එය කිලෝමීටර් 1000කට වැඩි දුරක් ධාවනය කෙරී ඇත. එහිදී එරට උතුරුදිග වෙරළේ සහ දකුණු දිග සහරා කාන්තාර භූමියේ රථය ධාවනය කර තිබේ.

මෙම රථය දැනටමත් මහාමාර්ග මත පැදවීමේ අනුමැතියද සහිත රථයක් වන අතර, එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 145කි. එසේම හොඳින් සුර්යාලෝකය ලැබෙන දිනකදී මෙම බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 710ක දුරක් එය මහා මාර්ගයක් මත කළ හැකිය. එසේම මහාමාර්ගයෙන් පිටත දුෂ්කර මාර්ගවලදී එයට කිලෝමීටර් 550ක පමණ දුරක් ධාවනය කළ හැකිය. එහිදී එම භූමියේ ස්වභාවය සහ වලාකුළු තත්ත්වයන් බලපානු ඇතැයි සඳහන් වෙයි.

මෙම Stella Terra රථයේ බර කිලෝග්රෑ ම් 1,200ක් වන අතර, එය සාමාන්‍ය මැදි ප්රනමාණයේ SUV රථයක බර මෙන් 25%ක් අඩුය. මේ හරහා රථයෙන් ඉහළ කාර්යක්ෂමතාවක් ලැබෙන බව එම සිසුන් පවසා සිටියි.

විදුලි මෝටර් රථ පිළිබඳ තොරතුරු දෙන E shi‍ft Concept Center කොළඹදී විවෘත කෙරේමෙරට තුළ විදුලියෙන් ක්රිළයාත්මක මෝටර් රථ පිළ...
12/10/2023

විදුලි මෝටර් රථ පිළිබඳ තොරතුරු දෙන E shi‍ft Concept Center කොළඹදී විවෘත කෙරේ

මෙරට තුළ විදුලියෙන් ක්රිළයාත්මක මෝටර් රථ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිළිබඳ තොරතුරු ලබාදීම සහ තිරසාර ප්රකවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් E shi‍ft Concept Center නමින් මධ්ය්ස්ථානයක් ඊයේ (11දා) කොළඹදී විවෘත කෙරිණි.

විශේෂයෙන්ම පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්රීම ලංකාවේ ප්රයවාහන ක්ෂේත්ර ය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්යපස්ථානය විවෘත කෙරී තිබේ.

සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (CDB) හි තිරසාර ප්රවවාහන සේවා විසඳුම්හි ඉදිරි පියවරක් ලෙස මෙම ව්යාසපෘතිය ක්රිෑයාවට නංවා ඇති අතර, ඒ සඳහා CodeGen International පුද්ගලික සමාගම සමගින් සහයෝගිතා ගිවිසුමක්ද මෙහිදී අත්සන් කෙරී තිබේ.

CodeGen International යනු මෙරට පළමු විදුලියෙන් ක්රි යාත්මක සුපිරි මෝටර් රථය වන Vega හි නිෂ්පාදන සමාගම වන Vega Innovations හා සම්බන්ධ සමාගමකි.

මෙම E shi‍ft Concept Center තුළ විදුලි මෝටර් රථ පිළිබඳ දැනුමට අමතරව, විදුලි මෝටර් රථ බැටරි ආරෝපණය සඳහා වන අතිනවීන පහසුකම්ද පිහිටුවා තිබේ. ඒ අනුව සූර්ය බලශක්තිය මගින් බලගැන්වෙන ආරෝපණ ස්ථාන 07ක් මෙහි ඇති අතර, ඉන් ආරෝපණ ස්ථාන දෙකක් ත්රිවරෝද රථ සඳහා වෙන් කර තිබේ.

මීට අමතරව සාමාන්ය7 වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමට අවස්ථාව සැලසෙන පූර්ණ පහසුකම් පද්ධතියක්ද නිර්මාණය කර ඇතැයි පවසයි.

විශේෂයෙන්ම ශ්රීම ලංකාව තුළ මේ වනවිට ත්රිුරෝද රථ මිලියනයකට වඩා වැඩි ප්ර මාණයක් ධාවනයේ පවතින අතර, මෙම ත්රිංරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමටද සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම සහ CodeGen International බලාපොරොත්තුව සිටියි.

Jetwing Colombo Seven විදුලි ත්‍රිරෝද රථයක් සහ විදුලි මෝටර් රථ ආරෝපණ පරිශ්‍රයක් හඳුන්වා දෙයිJetwing Hotels ජාලයට අයත් කො...
30/09/2023

Jetwing Colombo Seven විදුලි ත්‍රිරෝද රථයක් සහ විදුලි මෝටර් රථ ආරෝපණ පරිශ්‍රයක් හඳුන්වා දෙයි

Jetwing Hotels ජාලයට අයත් කොළඹ පිහිටි Jetwing Colombo Seven හි භාවිතය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රිරෝද රථයක් යෙදවිමටත්, එම හෝටලය තුළ විදුලි මෝටර් රථ ආරෝපණ පහසුකමක් ස්ථාපිත කිරීමටත් කටයුතු කළ බව එම කළමනාකාරිත්වය පවසයි.

එම සමාගමට අනුව මෙම විදුලි මෝටර් රථ ආරෝපණ පහසුකම සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්රසභවයක් වන සූර්ය බලශක්තිය මගින් බලගැන්වෙයි.

මෙහිදී ජාත්ය න්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය හෙවත් USAID ආයතනයේ සහයෝගීත්වයෙන් මෙම නවතම පරිසර හිතකාමී පුනර්ජනනීය හඳුන්වාදීම සිදු කළ බව Jetwing Hotels පවසයි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ජ් මහත්මියද සම්බන්ධවී තිබේ.

මෙලෙස Jetwing Colombo Seven මගින් සියභාවිතය සඳහා යොදා ගෙන ඇත්තේ Vega Innovations සමාගම මගින් නිපදවා ඇති විදුලියෙන් ක්රිSයාත්මක Elektrateq ත්රිිරෝද රථයකි. එසේම සූර්ය බලයෙන් ක්රිරයාත්මක මෙම විදුලි මෝටර් රථ ආරෝපණ පහසුකම එම සමාගමටම අයත් chargNET සමාගමේ නිෂ්පාදනයකි.

මෙම Vega Innovations සමාගම මෙරට තුළ නිපදවුණු විදුලියෙන් ක්‍රියාත්මක පළමු සුපිරි මෝටර් රථය වන VEGA රථයේ නිෂ්පාදන සමාගමයි.

එක්සත් අරාබි එමීර්යේ පළමු විද්‍යුත් ස්කූටර් ධාවන තරඟය දෙසැම්බරයේදීඑක්සත් අරාබි එමීරයේ මයික්‍රොමොබිලිටි සහ ක්‍රීඩා සම්මේල...
25/09/2023

එක්සත් අරාබි එමීර්යේ පළමු විද්‍යුත් ස්කූටර් ධාවන තරඟය දෙසැම්බරයේදී

එක්සත් අරාබි එමීරයේ මයික්‍රොමොබිලිටි සහ ක්‍රීඩා සම්මේලනය සහ ඩුබායි ක්‍රීඩා කවුන්සිලය එක්ව ඩුබායි ඉලෙක්ට්‍රික් ස්කූටර් කුසලානය තරගාවලිය පිළිබඳව නිවේදනය කර සිටියි.

පළමුවරට සංවිධානය කෙරෙන මෙම ඩුබායි ඉලෙක්ට්‍රික් ස්කූටර් කුසලානය ලබන දෙසැම්බර් 16 වන දින පැවැත්විමට නියමිතව තිබේ. ඩුබායිහි වීදි පුරා සංවිධානය කෙරෙන මෙම තරගාවලිය සඳහා ලොව ලොව හොඳම ධාවකයින් සහභාගි වනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී ඩුබායි ඉලෙක්ට්‍රික් ස්කූටර් කුසලාන ශූරතාව සඳහා ප්‍රමුඛ පෙළේ පිරිමි සහ ක්‍රීඩිකාවන් දහසය දෙනෙකු පැයට කිලෝමීටර් 100කට වැඩි වේගයකින් පිළිමළුන් පිටුදැකීමේ ආකාරයේ වූ තරගයකට එක්ව තරග කරනු ඇතැයි සංවිධායකයෝ පවසති.

මෙම ඩුබායි ඉලෙක්ට්‍රික් ස්කූටර් කුසලානය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති RS-Zero DXB සංස්කරණය ලොව වේගවත්ම විදුලි ධාවන ස්කූටරය වන අතර, එහි උපරිම වේගය පැයට කිලෝමීටර 140 ඉක්මවයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් සයීඩ් මොහොමඩ් හරෙබ්, "ඩුබායි ඉලෙක්ට්‍රික් ස්කූටර් කුසලානය අති නවීන විද්‍යුත් තාක්‍ෂණය සහ ඊ-ස්කූටර් ධාවන තරඟවල උච්චතම අවස්ථාව සඳහා වන ප්‍රදර්ශනයක් වනු ඇත." යනුවෙන් පවසා තිබේ.

බ්‍රිතාන්‍යයේදී ඇරඹුණු Bee Network පොදු ප්‍රවාහන සේවාවට විදුලි බස් රථ 50ක් ඇනවුම් කරලාබ්‍රිතාන්‍යයේ ග්‍රේටර් මැන්චෙස්ටර්...
24/09/2023

බ්‍රිතාන්‍යයේදී ඇරඹුණු Bee Network පොදු ප්‍රවාහන සේවාවට විදුලි බස් රථ 50ක් ඇනවුම් කරලා

බ්‍රිතාන්‍යයේ ග්‍රේටර් මැන්චෙස්ටර් නගරයේදී අද ආරම්භ කෙරුණු Bee Network පොදු ප්‍රවාහන මගී බස් රථ සේවාව සඳහා අලුතින් විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ 50ක් ඇනවුම් කර ඇතැයි වාර්තා වෙයි.

එම නගරය යටතේ ක්‍රියාත්මක ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ග්‍රේටර් මැන්චෙස්ටර් (TFGM – Transport for Greater Manchester) මගින් මෙම ප්‍රවාහන සේවාව ආරම්භ කර තිබේ. මේ සඳහා තට්ටු දෙකේ බස් රථ 100ක් යොදවා ගැනීම අරමුණ වී ඇත.

සම්පූර්ණයෙන්ම කහ පැහැයෙන් යුත් මෙම බස් රථ සේවාව, ලන්ඩන් නුවර ක්‍රියාත්මක සුප්‍රසිද්ධ London Buses නම් තට්ටු දෙකේ බස් රථ සේවාව හා සමානව මෙහෙයුම් සිදු කරයි.

එම සේවාව සඳහා අවශ්‍ය විදුලි බස් රථ නිපදවීම උතුරු යෝර්ක්ෂයර්හි ස්කාර්බොරෝහි පිහිටි ඇලෙක්සැන්ඩර් ඩෙනිස් සමාගම මගින් සිදු කරයි.

මෙම නව විදුලි බස් රථ සඳහා අරමුදල් සැපයීම ග්‍රේටර් මැන්චෙස්ටර් රජයේ නගර කලාපීය තිරසාර ප්‍රවාහන අංශය (City Region Sustainable Transport Settlement) මගින් සිදු කරයි.

මෙම නවතම Bee Network සේවාවේ පළමු ගමන් මාර්ගය ලෙස ක්‍රියාත්මක විගන් සිට බෝල්ටන් දක්වා වූ බස් රථ සේවාව සඳහා යොදා ගෙන ඇත්තේද විදුලියෙන් ක්‍රියාත්මක බස් රථයකි.

පුනර්ජනනීය ව්‍යාපෘති අල්ලා හිර කරගෙන – වාණිජ මණ්ඩලයේ ලේකම් කියයිජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3500ක් එක් කළ හැකි පුනර්ජ...
24/09/2023

පුනර්ජනනීය ව්‍යාපෘති අල්ලා හිර කරගෙන – වාණිජ මණ්ඩලයේ ලේකම් කියයි

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3500ක් එක් කළ හැකි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති (සුළං සහ සූර්ය) විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා විදුලිබල මණ්ඩලය මගින් නවතා ගෙන සිටින බව ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා කියයි.

දැනට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදුකරන සමාගම් හා අලුතින් එම කර්මාන්තයට පිවිසීමට සිටින සමාගම් පන්සියයකින් පමණ රුපියල් කෝටි 30ක (මිලියන 300) පමණ මුදලක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ලබාගෙන ඇතැයි ද ඒ මුදල් ආපසු ගෙවීම පවා පැහැර හැර ඇතැයි ද ඒ මහතා කීය.

අද දිනයේදී පළ වුණු දිවයින ඉරිදා සංග්‍රහය වෙත ශිරාන් රණසිංහ ලියූ පුවතක් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියි.

මෙරට විදුලිබල අර්බුදය විසඳීම සඳහා පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට කාලයක සිට උත්සාහ කළත් ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ කෙරෙහි නිසි පරිදි ක්‍රියා නොකරන බවද ඒ මහතා පවසා තිබේ.

2016 වසරේ සිට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ අයදුම්පත් මෙලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් නතර කරගෙන සිටින බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා එම මණ්ඩලයේ විදුලිබල සහ බලශක්ති කවුන්සිලයේ සභාපතිවරයාද වෙයි. එසේම ඔහු මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන Regen Renewables සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි.

මීට වසර හයකට පමණ පෙර සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කළ ඉල්ලීමකට ලංකා විදුලිබල මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව දෙමින් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග අධිකරණයට දැනුම් දෙන ලෙස දනුම් දී ඇතැයි ද ඒ මහතා පුවත්පත වෙත පවසා තිබේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතාගෙන් පුවත්පත විමසීමේදී අධිකාරිය වෙත ලැබෙන අයදුම්පත් සමග රජයේ අනුමත මුදල් එම සමාගම්වලින් අයකර ගන්නා බව ඒ මහතා පවසා තිබේ.

මෙම ලැබෙන යෝජනා සියල්ල ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කරන බවත් ජාතික විදුලි පද්ධතියේ ඉඩ තිබෙන්නේ නම් ගිවිසුම් ගසා එම ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන බවත් ඒ මහතා පවසා ඇත.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිවලට අනුමැතිය දීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය ජාතික විදුලි පද්ධතියේ ඉඩ තිබෙන බවට දැනුම් දියයුතු බවද ඒ මහතා කීය. ඒ අනුව පුනර්ජනනීය ව්‍යාපෘති යෝජනාවලට අනුමැතිය ලබාදීමේ දී විදුලිබල මණ්ඩලයේ තීරණ අතිශය බලපාන බවද සේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ JAT Holdings PLC ගල්ෆ් කලාපයේ රටවලට විදුලි වාහන ආරෝපණ සේවා සමාගමක් අරඹයිමෙරට තුළ තීන්ත සහ දැව ආලේපන නිෂ්පාද...
24/09/2023

ශ්‍රී ලංකාවේ JAT Holdings PLC ගල්ෆ් කලාපයේ රටවලට විදුලි වාහන ආරෝපණ සේවා සමාගමක් අරඹයි

මෙරට තුළ තීන්ත සහ දැව ආලේපන නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන JAT Holdings PLC සමාගම සිය ආයෝජන තවදුරටත් පුළුල් කරමින් සෞදි අරාබිය තුළ Volt Industrial Company නමින් සමාගමක් පිහිටුවීම සඳහා දායකත්වය ලබාදුන් බව පවසයි.

පසුගිය අපේල් මාසයේදී මෙම එකඟතාවට පිවිසීම සිදුව ඇති අතර, එහිදී JAT Holdings PLC සමාගම සෞදි අරාබියේ පිහිටි Safari Company, CJSC සහ Quality Support Solutions Company Ltd. යන සමාගම් අතර ඊට අදාළ ගිවිසුම් පසුගියදා අත්සන් තබා තිබේ.

මෙම නව සමාගම හරහා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රාජ්‍යයන් තුළ විදුලි මෝටර් රථ ආරෝපණ පහසුකම් සඳහා තාක්ෂණය සංවර්ධනය, නිෂ්පාදනය, අලෙවිය මෙන්ම සේවා සැපයීමත් සිදු කිරීම අරමුණ වී තිබේ.

මෙම එකඟතාවට අනුව අලුතින් පිහිටුවුණු Volt Industrial Company සමාගමෙහි 51%ක කොටස් හිමිකාරීත්වයක් Safari Company CJSC සමාගම වෙත හිමිව තිබේ. එසේම 40%ක කොටස් හිමිකාරීත්වයක් JAT Holdings PLC සමාගම වෙත හිමිව තිබේ. ඉතිරි 09% Quality Support Solutions Company Ltd වෙත හිමිව තිබේ.

මෙම නව සමාගම සඳහා JAT Holdings සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 170කි.

මේ අතර නව Volt Industrial Company සමාගම පිහිටුවීම සඳහා තවත් ශ්‍රී ලාංකික සමාගමක් වන Cyrus EV Chargers සමාගමද සම්බන්ධවී ඇති අතර, මෙම විදුලි මෝටර් රථ ආරෝපන සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීම එම සමාගම මගින් සිදු කරයි.

මෙම Cyrus EV Chargers සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ මෙරට විදුලියෙන් ක්‍රියාත්මක පළමු සුපිරි මෝටර් රථය වන VEGA රථයේ සම නිර්මාතෘවරයෙකු වන ආචාර්ය බෙෂාන් කුලාපල මහතාය. ඔහු මෙම Volt Industrial Company සමාගමේ තාක්ෂණික සහ නවෝත්පාදන අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කරයි.

මෙම විදුලි මෝටර් රථ ආරෝපණ නිෂ්පාදනය යටතේ Volt Industrial Company සමාගම නවීන තාක්ෂණයෙන් යුත් 22kW දෙවැනි මට්ටමේ ආරෝපණ නිපදවීමට අදහස් කරගෙන සිටින අතර, එහිදී ඉහළ අන්තර්ක්‍රියාකාරී පරිශීලක අතුරුමුහුණතක් හඳුන්වාදීමටත් බලාපොරොත්තු වෙයි.

2024 මාර්තු මාසයේදී පමණ මෙම Volt Industrial Company සමාගමේ කර්මාන්තශාලාව සෞදි අරාබියේ රියාද් නුවරදී ආරම්භ කිරීමට සැලසුම් කෙරී ඇති අතර, එහි නිෂ්පාදන ඉදිරියේදී ගෝලීය වෙළෙඳ පොළ වෙත යැවීමත් අරමුණ වී තිබේ.

24/09/2023

කොහොමද මේක....

ඉන්දියාවේ Surana Solar Ltd මෙරට තුළ පුනර්ජනනීය ව්යා පෘති සහ සූර්ය පැනල නිෂ්පාදනය සඳහා ආයෝජන සාකච්ඡාවක ඉන්දියාවේ සුරන සමු...
19/08/2023

ඉන්දියාවේ Surana Solar Ltd මෙරට තුළ පුනර්ජනනීය ව්යා පෘති සහ සූර්ය පැනල නිෂ්පාදනය සඳහා ආයෝජන සාකච්ඡාවක

ඉන්දියාවේ සුරන සමුහයේ Surana Group India, සුරන සෝලාර් (Surana Solar Ltd) සමාගම මෙරට තුළ පුනර්ජනීය බලශක්ති ව්යාාපෘති සඳහා ආයෝජනය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි පවසයි.

මේ පිළිබඳ සාකච්ඡා සඳහා එම සමාගමේ කළමණාකාර අධ්යරක්ෂ නරේන්ද්ර සුරන මහතා පසුගියදා මෙරටට පැමිණ ජනාධිපති රනිල් වික්රහමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එසේම ඔහු විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාද හමුවී සාකච්ඡා පවත්වා ඇත. එම අමාත්යාං ශයේදී මෙම හමුව පැවැත්වී තිබේ.

එම සාකච්ඡාවේදී, මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ව්යා්පෘති සදහා ආයෝජනය කිරීම පිළිබඳව සහ සූර්ය පැනල නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක නිරත වූ බව අමාත්යඡවරයා සඳහන් කර සිටියි.

ඒඅනුව සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුදුසු ස්ථානයක් සුරන සොලාර් සමාගමට හදුනාගැනීමට සහ ආයෝජනයන් වෙනුවෙන් සුදුසු ව්යාුපෘති හඳුනාගෙන සංවර්ධනයට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්ය වරයා පවසා සිටියි.

2006 වසරේදී ස්ථාපිත කෙරුණු Surana Solar Ltd සමාගම ඉන්දියාවේ තෙලන්ගනා ප්රා්න්තයේ හයිදෙරාබාද්හි පිහිටා තිබේ.
අද වනවිට එම සමාගම චර්නාක සූර්ය උද්යා.න, මුනිපල්ලි, ශංකපුර් සහ පෙඩුමෙන්ටල් යන ස්ථානවල සූර්ය විදුලිබලාගාර ව්යා්පෘති අරඹා තිබේ. Surana Solar Ltd සමාගම ඉන්දියාවේ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමකි.

Windforce PLC මෙරට පෞද්ගලික අංශයේ විශාලතම පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතියට මුලපුරයිශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම පුන...
17/08/2023

Windforce PLC මෙරට පෞද්ගලික අංශයේ විශාලතම පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතියට මුලපුරයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ලෙස සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඇරඹීමට කටයුතු යොදා ඇතැයි මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Windforce PLC පවසයි.

ලක්දනවි පෞද්ගලික සමාගම සහ සිංගප්පූරුවේ පිහිටි පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Blur Circle Pte Ltd සමාගම සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සැලසුම වී තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව ප්‍රදේශයේ පිහිටුවන මෙම සූර්ය විදුලි බලාගාරය මෙගාවොට් 1000ක (1000MW) ධාරිතාවකින් යුක්ත බවත් පැවසෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා සිදු කරන සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 152 කි. ව්‍යාපෘතිය 2025 අවසන් වන විට සම්පූර්ණ කිරීම සැලසුම වී ඇතැයිද Windforce PLC සමාගම පවසයි.

එම සමාගම සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය තුළ මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක්, මෙගාවොට් පැය 12ක (12MWh) බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්, 2x63.5MVA, 132/33kV ග්‍රිඩ් උප පොළක් සහ කිලෝමීටර් 27ක දුරකින් යුත් 132/33kV සම්ප්‍රේෂණ මාර්ගයක්ද ඊට ඇතුළත් වෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පුනර්ජනනී/Renewable energy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share