G Ji News

G Ji News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G Ji News, News & Media Website, .

21/10/2022

මෙම ඡායාරූපයේ සිටින්නේ බෝඹුරේ බෝගහවත්තේ පදිංචි මුළු දිවයිනටම සාම විනිසුරු, මහෝපාසක ගුණපාල විජේසිංහ මැතිතුමාය. එතුමන් නිමල් ස්වර්ණතිලක මහතාගේ නිවසේ පැවැත්වූ ගිහි පිරිත් සජ්ජායනයට සහභාගීවී උදෑසන එතුමන්ගේ නිවස කරා යන ආකාරය ඡායාරූපයෙන් දර්ශණය වේ.

21/10/2022

බෝඹුරේ පිහිටි මෙම ගල්තලාව අලි ගල යනුවෙන් ප්‍රසිද්ධව තිබූ ස්ථානයකි. එයට හේතුව සෑම ඡන්දයකදීම එම ගල්තලාවේ අලියා චිත්‍රණය කළ බැවිනි. වර්ථමානයේ දී එය මේ ආකාරයෙන් වෙනස් වී ඇත. ධර්ම චක්‍රයට යටින් තමත් මීට පෙර අලියා චිත්‍රණය කර තිබූ ආකාරය අවශේෂයන් ඉතිරිව ඇත. කාලයත් සමග බෝඹුරේ වාසින්ගේ ඇදහීම් සහ විශ්වාසයන්ගේ සිදුවූ පරිවර්ථනයන් මෙම ඡායාරූපය තුළින් දර්ශණය වේ.

21/10/2022
12/10/2022
Me Hondama kaalayai (මේ හොඳම කාලයයි) / The Finest Hour - Kaveesha Kavirajඉතින් මේ හොඳම කාලයයිදුරින් හිඳ ජීවිතය දකින්නටසත...
05/08/2022

Me Hondama kaalayai (මේ හොඳම කාලයයි) / The Finest Hour - Kaveesha Kaviraj

ඉතින් මේ හොඳම කාලයයි
දුරින් හිඳ ජීවිතය දකින්නට
සතුට-සැනසුම-දුක-කඳුළ
සම සිතින් විඳගන්න
අපි සමානයන් බව සිතන්න
මේ හොඳම කාලයයි....මේ හොඳම කාලයයි....
ඉර හඳට - ගහ කොළට - ඇළ දොලට
හදවතින් බැඳෙන්න

හමන සුළඟ දෙස බලන්න
සැමට එක ලෙස සිහිලස බෙදන හැටි දකින්න
ඉතින් මේ හොඳම කාලයයි....මේ හොඳම කාලයයි....
හති වැටුණු ජීවිතයට පණ දී - යළි පිපෙන්න

ගලනා ගඟ දෙස බලන්න
සියලු බාධක බිඳ පෙරටම යන හැටි දකින්න
ඉතින් මේ හොඳම කාලයයි....මේ හොඳම කාලයයි....
අත් හැරුණු ජීවිතයට දිරි දී - නැගී සිටින්න

https://www.youtube.com/watch?v=-XYau3CqsnM&list=RD-XYau3CqsnM&index=1

The official video for “Me Hondama Kalayai / The Finest Hour” by Kaveesha Kaviraj, a song on the silver lining of the Covid-19 pandemic to bring Sri Lankans ...

TRAVEL with G Ji TEAM, S1-E1https://www.youtube.com/watch?v=3gJR-y6Jl_4
02/08/2022

TRAVEL with G Ji TEAM, S1-E1
https://www.youtube.com/watch?v=3gJR-y6Jl_4

Travel program with famous Musician Mr. Kaveesha Kaviraj in Mawanella, Sri Lanka, Director of Photography: Mr. Nushan RasangaViedio Editing : Mr. Eranda S Wa...

01/06/2022
05/04/2022
13/11/2021

අයවැයෙන් පසු වාහන වල මිල වෙනස් වෙන හැටි
Read more - https://bit.ly/3ojh70M

12/05/2021
10/05/2021
06/05/2021

Let's be mindful and play our part in stop spreading the pandemic.

සිහියෙන් කටයුතු කර වසංගතය පැතිරීම නැවැත්වීමට අපිත් දායක වෙමු.

අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් හට කාර්යාල සහයක, පිරිසිදු කිරීමේ සේවා ඇතුළු තවත් රැකියා අවස්ථා.පහත ලින...
27/04/2021

අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් හට කාර්යාල සහයක, පිරිසිදු කිරීමේ සේවා ඇතුළු තවත් රැකියා අවස්ථා.
පහත ලින්කුවෙහි ඇති පෝරමය පුරවා අප වෙත පහත විද්‍යුත් තැපැලට හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
https://drive.google.com/file/d/1lgMJHceTr5yXCcZqflG1_hzBrngbNWs_/view?usp=sharing

04/04/2021

පහතින් දැක්වෙන්නේ ෆේල් කියන සර් ගත් වැදගත් තීරණ වලින් කිහිපයකි .

1 ජනාධිපති වැය ශීර්ෂය කෝටි 400කින් කපා දැමීම.
2 පරිවාර රථ අවම කිරීම.
3 පුද්ගලික නිවසේ පදිංචිය.
4 කෘෂිකර්ම, ධීවර සහ සත්ත්ව නිෂ්පාදන අංශ ආදායම් බදුවලින් නිදහස් කිරීම.
6 ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයනය තහනම් කිරීම මඟින් දේශීය නිෂ්පාදන වල ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා නිෂ්පාදකයින්ට වැඩි මිලක් ලැබීම.
7 අමාත්‍යංශ දෙපාර්තමේන්තු වල ඇති චායාරුප ඉවත් කිරීම .
8 කුඩා සහ මධ්‍යපරිමාන ව්‍යවසායකයින් දිරිමත් කිරීමට අඩු පොලී නය.
9 පාසල් හා හමුදා නිල ඇඳුම් දේශීයව නිපදවීම.
10 මත් ද්‍රව්‍ය උවදුර මැඬලීමට දැඩි නීති ක්‍රියාත්මක කිරීම හා මත් ද්‍රව්‍ය වෙළඳුන් සෙවීමට ජනතා බුද්ධි තොරතුරු අංශයක් ක්‍රියාත්මක කිරීම.
11 සිර කඳවුරු ආශ්‍රිත මත් කුඩු ව්‍යාපාර මර්ධනය .
12 වසර ගණනක් අනුමත නොවුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා දින 14 න අනුමැතිය.
13 මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට පනවා තිබු උපයන විට බදු අහෝසි කිරීම.
14 දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කහ ඉඟුරු ආනයනය තහනම් කිරීම.
15 රැකියා විරහිත උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීම.
16 අඩු ආදායම් ලාභී පවුල් වල අවම අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ තරුණියන් ලක්ෂයක් රැකියා සඳහා බඳවා ගැනීම.
17 කිතුල් තල් වැනි නිෂ්පාදන වලට පනවා තිබු වැරදි නීති නැවත සකස් කර එම කර්මාන්ත දියුණු කිරීම.
18 වගා නොකරන ලද රජයේ හිස් ඉඩම් තරුණ ව්‍යවසායකයින්ට ලබා දීම .
19 පරිසරයට වන හානිය සලකා කටු පොල් වගාව මුළුමනින්ම නැවතීමට පියවර ගැනීම.
20 සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමෙන් පසු දේශපාලකයින්ගේ මුහුණු යෙදු පුවරු තහනම් කිරීම .
21 සියලුම රාජ්‍ය ආයතන වල අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදන මිලදී ගැනීම.
22 ප්ලාස්ටික් නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නියාමනය කිරීම.
23 විශ්ව විද්‍යාල සඳහා බඳවාගන්න සිසුන් ප්‍රමාණය වසරකට 10000කින් වැඩි කිරීම.
24 කොළඹ ඇතුළු සියළු පළාත් පාලන ආයතන වල කුණු කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදුකිරීම හා පිරිසිදු කමට මුලිකත්වය දීම .
25 පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී ලබා දිය හැක්කේ පහසුකම් ගාස්තු පමණක් කිරීම.
26 රියදුරු බලපත් වලට අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීම .
27 ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම.

28 වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කිරීම.

29 ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කිරීම.

30 ආර්ථික සේවා බද්ද අහෝසි කිරීම

31 බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කිරීම.

32 කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම.

33 උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කිරීම.

34 පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කිරීම.

35 ණය සේවා බද්ද අහෝසි කිරීම.

36 දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කිරීම.

37 ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කිරීම.

38 සියලුම ආගමික ස්තාන බදු වලින් නිදහස් කිරීම.

39 බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙලීම.

49 කර්මාන්ත සදහා 4% පොළි අනුපාතිකය යටතේ ව්‍යාපාර ප්‍රවර්ධන ණය නිකුත් කිරීම.

50 එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම.

51 බියර් නිෂ්පාදනය සදහා සහල් ලබාදීම නතර කිරීම.

52 ගොවීන්ගේ වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීම.
53 වසර තුනක් යන තෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රජයට වාහන මිලදී ගැනීම නතර කිරීම.
54 නළ ජල සබඳතාවයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතුව තිබූ රුපියල් 8000 ක මුදල රුපියල් 2500ක් දක්වා අඩු කිරීම

55 ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ස්ථාවර දීමනාව නමින් නව දීමනාවක් ලබාදීම

56 ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 300 දක්වා අඩු කිරීම

පසුගිය කාලයේ වසා දමා තිබී ෆේල් ස නැවත ආරම්භ කල කර්මාන්ත.

1 වාලච්චේන කඩදාසි කම්හල.
2 මහියංගණ උඵ කර්මාන්ත ශාලාව.
3 ලංකා සීනි සමාගම.

පසුගිය කාලයේ පාඩු වී ෆේල් ස පත් කරන ලද සභාපතිවරු යටතේ ලාබ ලබන ආයතන/කර්මාන්ත.

1 පරන්තන් කෙමිකල්ස්.
2 එප්පාවල පොස්පේට්.
3 මිල්කෝ ආයතනය. (2018 අලාභය මිලියන 637. 2020 ලාභය මිලියන 400)
4 රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව. (2019 අලාභය මිලියන 169. 2020 ලාභය මිලියන 17 )
5 ලංකා පිගන් සංස්ථාව.
6 ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම්.
7 මාන්තායි ලුණු සමාගම.

මෙම රජය යටතේ ෆේල් ස ආරම්භ කරන ලද කර්මාන්ත/ව්‍යාපෘති

1 දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව කළුතර ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්.
2 දකුණු ආසියාවේ විශාලතම ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව කටුනායක .
3 කෙරවලපිටිය කුණු දහන බලාගාරය.
4 මැනිං වෙළඳ සංකීර්ණය.
5 මන්නාරම මෙගාවොට් 100ක සුලං විදුලිබලාගාරය.
6 බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුර.
7 පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය.
8 කෙරවලපිටිය මැනිං වෙළඳපොල.

ෆේල් ස ඉදිරියට විවෘත කිරීමට නියමිත කර්මාන්ත/ව්‍යාපෘති .

1 ශ්‍රී ලංකාවේ දැනට ඉදිවී ඇති විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව මිරිජ්ජවිල ලංවා සිමෙන්ති
2 මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීම.
3 මෙගාවොට් 300 ක LNG බලාගාරය.
4 මධ්‍යම අධිවේගී මාර්ගය.
5 මොරගහකන්ද කළු ගඟ ජලය උතුරුමැද පලාතට ගෙනයන කිලෝමීටර් 28ක් දිගින් යුතු දකුණු ආසියාවේ දිගම වාරි උමඟ.
6 අබලන් වී අත් හැර දමා තිබු දුම්රිය මැදිරි හා බස් රථ අලුත්වැඩියා කර නැවත ධාවනයේ යෙදවීම. .
7 අනුරාධපුර පුජාභූමි සංවර්ධන සැලැස්ම. .
8 පාදුක්ක මිල්ලෑව ප්‍රදේශයේ කර්මාන්ත ශාලා 5 කින් යුතු ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රයක් ආරම්භ කිරීම.
9 කැළණි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම.
10 වැව් 5000ක් නවීකරණය කිරීම.
11 PARK & RIDE බස් සේවය.
12 යුධ හමුදා යුනි බෆල් රථ ශ්‍රිලංකාවේ නිෂ්පාදනය කිරීම හා අපනයනය.
13 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය පිහිටුවීම.
14 විදුලිය නොමැති සියළු අඩු ආදායම් ලාභී පුරවැසියන්ට නොමිලේ විදුලිය ලබා දීම.

මා ඉහතින් සඳහන් කරන ලද්දේ මාහට මතකයේ තිබෙන දේවල් පමණි. මේ සමහර ව්‍යාපෘති වලට අයිතිකරුවන් සිටිය හැක .ඕවා අපේ කාලේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් යනුවෙන් පවසනු ඇත . නමුත් කොට්ටාව සිට මත්තේගොඩට කිලෝමීටර් 2ක් සැදීමට පහුගිය අවුරුදු හතරේම නොහැකි විය . ගොඩගම බෝපේ මාර්ගය අවුරුදු හතර ඇතුලත 50% ක් වත් නිමකිරීමට නොහැකි වුවත් මෙම රජය පත් වී මාස 6න් මාර්ගයේ සියලු වැඩ නිම කෙරිණි . නමුත් කිසිම රජයක් නොගත් නය කන්දරාවක් ගෙන ඇත .වොක්ස්වැගන් හැර දැනෙන කිසිවක් කරලාද නැත . ස ෆේල් කියන වුන් යහපාලන සමයේ මේ රටේ නොසිටි ඕපපාතික ජීවින් පිරිසකි .

ඉදිරියටත් සට කුණු සහ මඩ ගසනු ඇත. ඔහු නුදුරේදීම ඒ කුණු සහ මඩ මතින්ම ගොඩට පැමිණෙනු ඇත ❤️❤️❤️

03/04/2021
01/04/2021

අප දිදුල මාධය්‍යජාලය මගින් සිදුකරන බෞද්ධ වැඩසටහන් සඳහා ඔබටත් දැන් දායකත්වය/අනුග්‍රහය දැක්විය හැකියි.. වැඩි විස්....

30/03/2021

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත්
සමාජගත කරන මෙහෙයුමක් ...

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ.
රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.
පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.
මහවැලි අධිකාරියට අයත් “එච්” කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය.
පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච්” කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ - යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර - පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ.
පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත. අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී.
වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත. ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

சுற்றாடல் அழிவு தொடர்பான பொய்யான செய்திகளை சமூகமயப்படுத்த முயற்சி…
தற்போதைய அரசாங்கம் அதிகாரத்திற்கு வந்ததன் பின்னர், முன்னர் இல்லாத அளவில்
சுற்றாடல் அழிக்கப்படுவதாக குறிப்பிடும் பொய்யான செய்திகளை பரப்புவதற்கு முயற்சிகள் எடுப்பது இனங்காணப்பட்டுள்ளது.
காடுகளுக்கு தீயிட்டு அழிப்பதாகவும் இயற்கையாக காடுகளில் உள்ள மரங்களை வெட்டுவதாகவும் இந்த பொய்யான செய்திகளினால் குறிப்பிடப்படுகின்றது. இதற்கு முன்னர் எக்காலத்திலும் இவ்வாறான சுற்றாடல் அழிவுகள் நடைபெறவில்லை என்றும் அரசாங்கம் அவ்வாறன சட்ட விரோத செயல்களில் முன்னர் மௌனம் காப்பதாகவும் குறிப்பிட்டு இவ்வாறான செய்திகளை உருவாக்குவதற்கு முயற்சி எடுக்கின்றனர். இவ்வாறான செய்திகளில் முழுமையாக பொய் மற்றும் திரிவுபடுத்தப்பட்ட தகவல்கள் அடங்கியுள்ளமை அவதானிக்கப்பட்டுள்ளது.

சுற்றாடல் அழிவுகள் தொடர்பாக கூறப்படுகின்ற பொய்யான செய்திகள் விசேடமாக சமூக ஊடகங்களில் மற்றும் ஒரு சில அச்சு ஊடகம், தொலைக்காட்சி மற்றும் வானொலிகளிலும் பிரச்சாரம் செய்யப்படுகின்றது. இவ்வாறாக வெளியிடப்படுகின்ற செய்திகள் பொய்யானவை என்பது தகுந்த ஆதாரங்களுடன் உறுதிப்படுத்தப்படும்போது அவை சமூக ஊடகங்களிலிருந்து நீக்கப்படுகின்றது. பின்னர் மீண்டும் வேறொரு பொய்யான செய்தி பிரசுரிக்கப்படுகின்றது. எதிர்க் கட்சியினர் மற்றும் அவர்களின் ஆதரவாளர்கள் பொய்யான செய்திகளை பரப்புகின்றனர். அவர்களின் கூட்டங்கள் ஊடக அறிக்கைகள் மற்றும் நேர்காணல்களின் போது பொய்யான செய்திகளுக்கு மிக முக்கியத்துவம் கொடுக்கப்படுகிறது.

மகாவலி அதிகார சபைக்கு உட்பட்ட “எச்” வலயத்தின், அனுராதபுரம் இஹலதலாவ குளத்தை புனர்நிர்மாணம் செய்யும்போது பாரிய காடழிப்பு இடம்பெறுவதாக குற்றம் சுமத்தி தனியார் தொலைக்காட்சி நிறுவனம் ஒன்று கடந்த செப்டெம்பர் 15ஆம் திகதி தமது செய்தி அறிக்கையில் உள்ளடக்கப்பட்டிருந்த தகவல்கள் பொய்யான செய்திகளை உருவாக்கி சமூகமயப்படுத்தும் முயற்சிக்கு ஒரு உதாரணமாகும்.

வன அழிப்புக்கு மேலதிகமாக பாரிய ஊழல்கள் இடம்பெறுவதாகவும் அதில் குற்றம் சுமத்தப்பட்டிருந்தது.

தனியார் தொலைக்காட்சியில் ஒளிபரப்பாகிய செய்திகள் முழுமையாக பொய்யானவை என்று இலங்கை மகாவலி அதிகார சபையின் “எச்” வலயத்தின் வதிவிட முகாமையாளர் உபய கல்யாண குமார செப்டெம்பர் 17ஆம் திகதி மகாவலி அதிகார சபையின் பணிப்பாளர் நாயகம் அவர்களுக்கு சாட்சிகளுடன் அறிவித்திருந்தார். அதில் குறிப்பிடப்படும் வகையில் 2016ஆம் ஆண்டு ஏற்பட்ட பாரிய மழை வீழ்ச்சியினால் இஹலதலாவ குளத்தின் கரை உடையும் அபாயம் ஏற்பட்டது. இராணுவத்தினர் மற்றும் பிரதேசத்தினரின் ஒத்துழைப்புடன் மணல் மூட்டைகள் அடுக்கப்பட்டு குளத்தின் கரை தற்காலிகமாக பாதுகாக்கப்பட்டது. கரை உடைந்திருந்தால் தலாவ நகரம் மற்றும் புராதன கிராமம் முழுமையாக நீரில் முழ்கியிருக்கும் கொழும்பு – யாழ்ப்பாணம் வீதி மற்றும் அனுராதபுரம் – பாதெனிய வீதியும் அதிகளவில் சேதமடைந்திருக்கும்.
பின்னர் கமத்தொழில் அமைச்சினால் காலநிலை சீர்கேடுகளை குறைக்கும் வேலைத்திட்டத்தின் கீழ் குளத்தை புனர்நிர்மாணம் செய்வதற்காக உலக வங்கி 38.9 மில்லியன் ரூபாவை நன்கொடையாக வழங்கியது. இத்திட்டத்தின் செயற்பாடுகள் கடந்த ஜீலை மாதத்தில் ஆரம்பிக்கப்பட்டது. புனர்நிர்மாண செயற்திட்டத்தின் முன்னேற்றம் வங்கியினால் கண்காணிக்கப்படுகின்றது.

புனர்நிர்மாண செயற்திட்டத்தில் குளம் மற்றும் குளத்தின் கரையில் வளர்ந்துள்ள 80 மரங்கள் அகற்றப்பட்டன. அவை அனைத்தும் மாறா மரங்களாகும் இத்திட்டத்திற்கு சுற்றாடல் தகுதிச் சான்றிதழ் மற்றும் புவிச் சரிதவியல் அளவை சுரங்கப் பணியகத்தின் அனுமதியும் கிடைத்துள்ளது. அனுமதி வழங்கிய கடிதங்களில் கைத்தெழுத்திட்டிருப்பது புவிச் சரிதவியல் அளவை சுரங்கப் பணியகத்தின் பணிப்பாளர் நாயகம் கலாநிதி சி.எச்.ஈ.ஆர்.சிறிவர்தன மற்றும் காலநிலை சீரிகேடுகளை குறைக்கும் செயற்திட்டத்தின் பணிப்பாளர், பொறியியலாளர் டி.சீ.எஸ்.எலக்கந்த ஆகியோராவர். வெட்டப்பட்ட மரங்கள் அரச மரக்கூட்டுத்தாபனத்தின் மூலம் அகற்றப்பட்டது.

குளத்தை புனர்நிர்மாணம் செய்யும்போது பாரியளவில் காடழிப்பு இடம்பெறுவதாக குற்றம் சுமத்திய தனியார் தொலைக்காட்சி நிறுவனம், இந்த உண்மையான தகவல்கள் எதையும் குறிப்பிடவில்லை. பொதுமக்களை திசை திருப்புவதற்காக வேண்டுமென்றே பொய்யான செய்திகளை உருவாக்கி பல்வேறு ஊடகங்களின் மூலம் சமூகமயப்படுத்துபவர்களை இனங்கண்டு அவர்களுக்கு எதிராக சட்ட நடவடிக்கை எடுப்பதற்கு அரசாங்கம் தீர்மானித்துள்ளது.

A fake news campaign that alleges unprecedented environmental destruction is taking place since the present government came into power has now been identified.
These false reports highlight that forest reserves are being burnt down and trees in natural forests are being cut down. People, who create such fabricated news, are attempting to convince the public that an environmental destruction of this scale has never happened before and that the government remains tight lipped in the face of this kind of illegal activities. It has been observed that such reports contain both absolute untruth and distorted information.
Fake news about environmental destruction being disseminated especially on social media platforms and in some print, television and radio media. Once the news published in this manner proved to be untrue, they are removed from social media. Subsequently, yet another false report is created and published. Opposition forces and their supporters are giving a wide publicity for such fake news. Fabricated news is being exaggerated during their meetings, news briefings and interviews.
The report included in its news bulletin telecast by a private TV channel on September 15 alleging that massive deforestation was taking place during the reconstruction of the Ihalathalawa tank in Anuradhapura of the Mahaweli H Zone, is a good example for “operation fake news” now underway. In addition to deforestation, there were allegations of serious corrupt activities.
On September 17, Mr. Ubhaya Kalyana Kumara, Resident Project Manager – Mahaweli H Zone, Mahaweli Authority of Sri Lanka, informed the Director General of the Mahaweli Authority, with clear evidence, that the said news report aired by the private television channel was complete fiction. According to him, the Ihalathalawa tank bund was on the brink of collapsing due to heavy rains in 2016. With the assistance of the Army and the residents, sandbags were placed to temporarily protect the bund. If the bund breaches, the Thalawa Town and the ancient villages will be completely submerged. The Colombo-Jaffna railway line and the Anuradhapura-Padeniya highway will be severely damaged.
Subsequently, for the purpose of restoring the tank under the Climate Resilience Improvement Project (CRIP) of the Ministry of Agriculture, the World Bank donated a sum of Rs 38.9 million. Restoration works commenced under the in July 2019 and its progress is constantly monitored by the World Bank.

Under the project, it was decided to remove 80 trees grown in the tank and on the bund and most of them are Mara trees. The approval of the Geological Survey & Mines Bureau as well as the Certificate of Environmental Impact Assessment had been granted for the project. The approval letters were signed by the Director-General of the Geological Survey and Mines Bureau Dr. C.H.E.R. Siriwardena and Director of the Climate Resilience Improvement Project (CRIP) Engineer D.C.S. Alakanda. Trees which had been cut down at the tank site are being cleared away by the State Timber Corporation.
The private news network which made allegations of massive forest-destruction has failed to look at these verifiable facts. The government has decided to take stern legal action against the parties or individuals who intentionally feed misinformation and mislead the public abusing various forms of media.

27/03/2021
20/03/2021
03/03/2021

An out-of-this-world hotel is just a few years away from becoming a reality.

03/03/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when G Ji News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share