රණ හඬ - Rana Hada

  • Home
  • රණ හඬ - Rana Hada

රණ හඬ - Rana Hada News/Media

ෆෝන් එකට නිවාඩුවක් දීලා සොබා දහමට අවනත වෙන්න මොබයිල් එකට නිවාඩුවක් දීලා ස්වභාව සෞන්දර්යයේ උපරිමය විඳින්න හොඳ තැනක් සොයනව...
01/06/2021

ෆෝන් එකට නිවාඩුවක් දීලා සොබා දහමට අවනත වෙන්න

මොබයිල් එකට නිවාඩුවක් දීලා ස්වභාව සෞන්දර්යයේ උපරිමය විඳින්න හොඳ තැනක් සොයනවා නම් මේ ඒ වගේ තැනක්. අභියෝගාත්මක, ත්‍රාසජනක ගමනකින් පසු ළඟාවිය හැකි මෙතැන වසංගත තත්ත්වය සමනය වූ පසුව යන්න හිතෙන තැනක් කරගන්න පුළුවන්.

හපුතලේ - දඹේතැන්න මාර්ගය හරහා ගමන් මාර්ගය වැටෙන මේ අපූරු නවාතැන The Cliff Lodge නමින් හැඳින්වෙනවා. හපුතලේ අවට වඩා ප්‍රසිද්ධ සංචාරක ස්ථාන වන ඇඩිසම් බංගලාව සහ ලිප්ටන් සීට් ආදී ස්ථාන නරඹමින්ම මෙතැනට ළඟාවීමට හැකි වීමත් අමතර වාසියක්. හපුතලේ දඹේතැන්න මාර්ගයේ කිලෝමීටර් 10ක පමණ දුරක් ලිප්ටන් සීට් යන පාරේ ගමන් කොට, මොනරකන්ද වතුයාය මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට The Cliff Lodge වෙත යා හැකියි. මොනරකන්ද ගම්මානය දක්වා ඔබේ වාහනයකින් පැමිණිය හැකි අතර, එතැන් සිට ඔබට එය එහි නවත්වා තබා පයින් ගමන් කිරීමට සිදු වෙනවා. එතැන් සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් වනාන්තරය මැදින් පයින් ගමන් කිරීමෙන් පසු ඔබට මේ නවාතැන හමුවෙනවා. අතිශය චමත්කාරජනක පරිසර පද්ධතියක් මැදින් මේ මාර්ගය වැටී තිබුණත්, එය ලස්සන තරමටම භායනක බවත් ඔබ සිහියේ තබාගත යුතුමයි. මන්ද යත් ඔබ හරියාකාරව ප්‍රවේශම් නොවුණොත්, සමහර විට ඔබට නතර වෙන්නට සිදු වෙන්නේ අඩි ගණනක ප්‍රපාතයක පතුළෙයි. ඒ නිසා ඔබ මෙහි යන්නට අදහස් කරනවා නම් සවස 4.00ට පෙර මේ ප්‍රදේශය තරණය කිරීම වඩා සුදුසු බවයි අපේ නම් අදහස.

කෙසේ වෙතත් The Cliff Lodge වෙත පිවිසෙන ඔබට මෙතෙක් නොවිඳි අපූරු ජීවන අත්දැකීමක් විඳගන්නට අවස්ථාව ලැබෙන බව නම් සහතිකයි. උණුවතුර, විදුලි බලය හෝ දුරකථන සංඥා ආදී කිසිවක් නොමැති මෙහි, ඔබට ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු වනාන්තරගත චාරිකාවක උපරිම අත්දැකීම විඳගන්නට ලැබෙන බව නම් සහතිකයි.
මේ පහළ පින්තූර පෙළ නරඹන විට ඔබට ඒ බව හොඳින්ම වැටහේවි.

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

නැව ගැන බොරුවෙන් රැවටිලා ඉන්න අයට සරල සිංහලෙන්. ⭕️ මේක කාගේ නැවක් ද? 1978 දී ආරම්භ කළ X-Press Feeders සමාගමට අයිති බහලු ...
31/05/2021

නැව ගැන බොරුවෙන් රැවටිලා ඉන්න අයට සරල සිංහලෙන්.

⭕️ මේක කාගේ නැවක් ද?
1978 දී ආරම්භ කළ X-Press Feeders සමාගමට අයිති බහලු නෞකාවක්. නැව් 110කට හිමිකම් කියන මෙම සමාගම රටවල් 6ක කාර්යාල පවත්වාගෙන යයි.

⭕️ කොහොමද ගිනිගත්තේ?
නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු බහාලුම් කීපයක් මේ නැවේ තිබුණා. ඒ බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් එහි ඇතිවූ කාන්දුවක් මෙම ගින්නට හේතු වුණා.

⭕️ කටාර් සහ ඉන්දීය වරායන් මෙම නෞකාව ඇතුලත් කර ගැනීමට අවසර ලබා දුන්නේ නැද්ද?
X -Press Pearl නෞකාවේ අවසන් දින කිහිපයේ ගමන් මග වූයේ මැයි 9, 10 ඩුබායි හා Jebel Ali වරාය වෙතටත්, මැයි 11 කටාර්හි Hamad වරායටත්, මැයි 15, 16 ඉන්දියාවේ Hazira වරායටත්, මැයි 20, 21 කොළඹ වරායටත් ලෙසයි. කටාර් සහ ඉන්දීය වරායන්හි X -Press Pearl නෞකාව බහලු මෙහෙයුම් සිදුකර ඇත.

⭕️ නයිට්‍රික් අම්ලය කාන්දුව ගැන කටාර් සහ ඉන්දීය වරායන් දැනුවත් ද?
නැව් සමාගම නයිට්‍රික් අම්ලය කාන්දුව පිළිසකර කිරීමට එහි දී ඉල්ලීමක් කළ ද ඒ සඳහා විශේෂඥ පහසුකම් නොමැති බව එම රාජ්‍යයන් දන්වා ඇත.

⭕️ නයිට්‍රික් අම්ලය කාන්දුව ගැන ශ්‍රී ලංකා වරාය දැනුවත් ද?
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ, එවන් දැනුවත් වීමක් එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් හෝ කටාර් හෝ ඉන්දීය රාජ්‍යයන් විසින් හෝ මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමට පෙර ලබා නොදුන් බවයි.

⭕️ වන්දි ලබාගැනීමේ අරමුණෙන් මේ නෞකාව ශ්‍රී ලංකා රජය ගිනි තිබ්බ ද?
කාන්දු වීම සම්බන්ධයෙන් අඩුම තරමින් ලංකා මුහුදු සීමාවට පැමිණි විගස හෝ සඳහන් කළා නම් කාන්දුව පිළිසකර කිරීමට හැකියාව තිබුණි. මෙවන් තත්ත්වයකදී කටයුතු කළ හැකි විශේඥ පිරිසක් ද මෙරට සිටියි.

References:
https://srilanka.factcrescendo.com/2021/05/29/x-press-pearl-entered-indian-and-qatar-harbors-but-the-nitric-acid-leaking-issue-was-not-attended/

කවදා හෝ මේ වසංගතය නතර වූ දිනෙක ඔවුන් කළ අනුපමේය කැපවීම් අමතක නොකරමු. ❤️🙏💐
31/05/2021

කවදා හෝ මේ වසංගතය නතර වූ දිනෙක ඔවුන් කළ අනුපමේය කැපවීම් අමතක නොකරමු. ❤️🙏💐

MV X Press පර්ල් නෞකාව ගිනි ගැනිම නිසා වෙරළට පාවී ආ සුන්බුන් ඉවත් කිරිමට ලංකාවේ සුප්‍රසිද්ධ 4X4 රථ කණ්ඩායම වන Ironman 4X...
30/05/2021

MV X Press පර්ල් නෞකාව ගිනි ගැනිම නිසා වෙරළට පාවී ආ සුන්බුන් ඉවත් කිරිමට ලංකාවේ සුප්‍රසිද්ධ 4X4 රථ කණ්ඩායම වන Ironman 4X4 Commiunity Emergency Response Team එක්ව තිබේ. ලංකාවේ අධිබලැති ජීප් රථ වලින් සපිරි මෙම කණ්ඩායම ගංවතුර වැනි හදිසි ආපදාවන් හමුවේ තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් මින් පෙරද ජනතාවට උදව් උපකාර තිබේ.

කොවිඩ් මඩින්න යාපනය යුධ හමුදා කාන්තා බලකායෙන් යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක්.
27/05/2021

කොවිඩ් මඩින්න යාපනය යුධ හමුදා කාන්තා බලකායෙන් යතුරුපැදි මෙහෙයුම් කණ්ඩායමක්.

එක්ස්ප්‍රස් පර්ල් නිසා විනාශ වෙන අපේ වෙරල....
26/05/2021

එක්ස්ප්‍රස් පර්ල් නිසා විනාශ වෙන අපේ වෙරල....

මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කෙරේ.  ...
08/03/2021

මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. "අපේ ගමේ අපේ කඩේ"මෙහි තේමා පාඨයයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටු දැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකාප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි තෝරාගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන අද (08) දින ආරම්භ කෙරේ. මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මුලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

"සෞභාග්‍යයේ දැක්ම" වැඩපිළිවෙල අනුව යමින් ගමේ යටිතල පහසුකම් සංවර්ධනය හා අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය නගා සිටුවීම මෙහි අරමුණ වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022 ක ආර්ථිකයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළද අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේ දී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි අගමැතිග...
11/02/2021

ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේ දී
අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි
අගමැතිගෙන් මහ බැංකුවට උපදෙස්

නියමිත කාලයට පෙර බැංකු ණය වාරික සහ රථ වාහන ලීසිං වාරික සියල්ල ගෙවා නිම කිරීමේ දී මූල්‍ය ආයතන විසින් අධිභාරයක් (Surcharge) අය කිරීම ඉවත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ බැංකුවට උපදෙස් ලබා දෙයි.

නියමිත දිනයට පෙර වාරික ගෙවා අවසන් කිරීමේ දී මූල්‍ය ආයතන විසින් අදාළ ගනුදෙනුකරු ඒ වන විට ගෙවීමට ඇති මුදලින් 3%ක් පමණ වන අධිභාරයක් අය කරනු ලබයි. පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳ අවධානය යොමු විය. එහි දී අනාවරණ වූයේ ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවාගේ ඉල්ලීම මත පමණක් මෙම මුදල අය කිරීමෙන් තොරව අදාළ ගිවිසුම අවසන් කරන බවයි.

අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදු කරන මෙම අය කිරීම අහෝසි කිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි. සෑම මූල්‍ය ආයතනයක් ම කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වන බැවින් එම මුදල අය කිරීම අත්හිටුවීමේ හැකියාව සොයා බලන ලෙස එම නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නේ ය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහි දී සඳහන් කළේ එම අය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණ නොවන බවයි. එම අය කිරීම සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බව හෙතෙම ද අවධාරණය කළේ ය.

JVP ගම සමග පිළිසඳර 88-89====================▪️දිනය : 1988 අප්‍රේල් 05▪️ස්ථානය : අකුරැස්ස අමලගොඩ හන්දිය🔺ප්‍රතිඵලය : ලුතින...
07/02/2021

JVP ගම සමග පිළිසඳර 88-89
====================
▪️දිනය : 1988 අප්‍රේල් 05
▪️ස්ථානය : අකුරැස්ස අමලගොඩ හන්දිය
🔺ප්‍රතිඵලය : ලුතිනන් බුද්ධප්‍රිය අලකාවල ඝාතනය කිරීම.
▪️දිනය : 1988 ජුනි 14
▪️ස්ථානය : ගිරිඋල්ල
🔺ප්‍රතිඵලය : ජංගම මුර සේවයේ යෙදුණු හමුදා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 අගෝස්තු 24
▪️ස්ථානය : හම්බන්තොට මිද්දෙණිය- ගොමදිය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 නොවැම්බර් 12
▪️ස්ථානය : අකුරැස්ස- පැඟිරිවත්ත
🔺ප්‍රතිඵලය : ට්‍රක් රථයක ගමන්ගත් හමුදා භටයන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1988 දෙසැම්බර් 13
▪️ස්ථානය : කොළඹ මැගසින් බන්ධනාගාරය
🔺ප්‍රතිඵලය : බන්ධනාගාර තාප්පය පුපුරවා දමා කැරලිකරුවන් 221 ක් පලා යෑම.
▪️දිනය : 1989 පෙබරවාරි 02
▪️ස්ථානය : නාරම්මල- කඩහපොළ
🔺ප්‍රතිඵලය : නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ගුණතිලක ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 08
▪️ස්ථානය : ලුණුගම්වෙහෙර - තම්මැන්නාව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 16
▪️ස්ථානය : තංගල්ල - කපුගම
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 19
▪️ස්ථානය : පලුගස්වැව– දිවුල් වැව
🔺ප්‍රතිඵලය : එප්පාවල පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මාර්තු 29
▪️ස්ථානය : අනුරාධපුර - තිරප්පනේ
🔺ප්‍රතිඵලය : පොලිස් ජීප් රථයක සිටි නිලධාරීන් හතර දෙනෙකු ඝාතනය කිරීම / එප්පාවල පොලිස් අත්අඩංගුවේ තරුණයන් 14 ක් ඝාතනය කර එම වලටම දමා තිබුණි.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : අම්බලන්තොට - මාමඩලේ තැපැල්හල අසළ
🔺ප්‍රතිඵලය : ගැමුණු බලකායේ ලුතිනන් බන්දුල ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : කළුතර - රතුවත්ත
🔺ප්‍රතිඵලය : උප පොලිස් පරීක්ෂකකු සහ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 05
▪️ස්ථානය : හම්බන්තොට- අන්දරේ පිළිරුව ඉදිරිපිට
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් තිදෙනෙකු මරා දැමීම සහ තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 07
▪️ස්ථානය : තිස්සමහාරමය - ලුණුගම්වෙහෙර ජනපදය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 07
▪️ස්ථානය : හුංගම - ගුරුපොකුණ
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 10
▪️ස්ථානය : බෙලිඅත්ත - පලපොත
🔺ප්‍රතිඵලය : සිංහ රෙජිමේන්තුවේ හමුදා භටයන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1889 අප්‍රේල් 15
▪️ස්ථානය : අගුණකොළපැලැස්ස -කට්ටකඩුව
🔺ප්‍රතිඵලය : කෝප්‍රල් එන්.කේ. ධර්මසූරිය ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 17
▪️ස්ථානය : ඇඹිලිපිටිය - පනාමුරේ
🔺ප්‍රතිඵලය : ගැමුණු බලකායේ හමුදා භටයන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 20
▪️ස්ථානය : කඹුරුපිටිය - මාකඳුර පාරේ 16 කණුව අසල
🔺ප්‍රතිඵලය : බස් රථයක ගමන් කළ මගීන් අට දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 අප්‍රේල් 20
▪️ස්ථානය : හම්බන්තොට- තෝරකොලයාය
🔺ප්‍රතිඵලය : ජංගම මුරසේවයේ යෙදුණු හමුදා භටයෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 06
▪️ස්ථානය : මාකඩුව - ජයන්තිපුර මාර්ගය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1986 මැයි 06
▪️ස්ථානය : මැදිරිගිරිය- මීගොල්ලෑව මාර්ගය
🔺ප්‍රතිඵලය : මාදුරුඔය හමුදා කඳවුරේ සෙබළුන් හතකට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 මැයි 6
▪️ස්ථානය : ත්‍රිකුණාමලය - ධාන්‍යගම නිවාස සංකීර්ණය
🔺ප්‍රතිඵලය : පොලිස් කොස්තාපල් වරයෙකු සිවිල් වැසියන් දොළොස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 12
▪️ස්ථානය : කන්තලේ - 92 සැතපුම් කණුව අසල
🔺ප්‍රතිඵලය : ඉන්දීය හමුදා සෙබළුන් දහතුන්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 14
▪️ස්ථානය : මැදිරිගිරිය - මීගස්වැව මාර්ගය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 18
▪️ස්ථානය : ඌරුබොක්ක - කිරලපනේ පුංචි පාලම අසල
🔺ප්‍රතිඵලය : ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 27
▪️ස්ථානය : මාතලේ කරගහතැන්න
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 මැයි 27
▪️ස්ථානය : අගුණකොළපැලැස්ස - බිංකම වේල්ල අසල
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීම.
▪️දිනය :1989 මැයි 27
▪️ස්ථානය : බෙලිඅත්ත - පලහේන
🔺ප්‍රතිඵලය : හමුදා නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 14
▪️ස්ථානය : පාදෙණිය හන්දිය
🔺ප්‍රතිඵලය : ගිරිඋල්ල පොලීසියේ නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 27
▪️ස්ථානය : සූරියවැව - බෝටන්ඩිය කැලෑව අසල
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ජුනි 28
▪️ස්ථානය : ගාල්ල - නගරසභා කාර්යාල පරිශ්‍රය
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් පුරවැසියන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 අගෝස්තු 18
▪️ස්ථානය : හම්බන්තොට - මිද්දෙණිය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 සැප්තැම්බර් 23
▪️ස්ථානය : කටුවන- රදෙනිආර
🔺ප්‍රතිඵලය : හමුදා භටයෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 සැප්තැම්බර් 27
▪️ස්ථානය : මීගමුව - මිරිස්වත්ත
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් පහකට බරපතල තුවාල සිදු කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 21
▪️ස්ථානය : බෙලිඅත්ත - දෙද්දුවාවල
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හත්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 27
▪️ස්ථානය : හම්බන්තොට- ගොන්නෝරුව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතන කර හතකට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 27
▪️ස්ථානය : ගලේවෙල
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හයදෙනකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 ඔක්තෝබර් 30
▪️ස්ථානය : අනුරාධපුර - ගල්නෑව
🔺ප්‍රතිඵලය : පොලිස් ස්ථානාධිපති රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 03
▪️ස්ථානය : මුල්ගිරිගල - වීරකැටිය
🔺ප්‍රතිඵලය : වලස්මුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර තවත් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 04
▪️ස්ථානය : මාතර - කෝට්ටේගොඩ
🔺ප්‍රතිඵලය : උප පොලිස් පරීක්ෂක හලංගොඩ ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 12
▪️ස්ථානය : මාතලේ - අංකුඹුර
🔺ප්‍රතිඵලය : අංකුඹුර පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 නොවැම්බර් 27
▪️ස්ථානය : කැකිරාව - ගල්නෑව
🔺ප්‍රතිඵලය : පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
▪️දිනය : 1989 දෙසැම්බර් 12
▪️ස්ථානය : අම්පාර දමන - එක්ගල්ඔය
🔺ප්‍රතිඵලය : හමුදා භටයන් හතරදෙනෙකු ඝාතනය කිරීම.
================
සොනාල ගුණවර්ධන

*  මිහිඳු නිවහන නිවාස වැඩසටහන ගරු       අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සියඹලාණ්ඩුවේ දී ඇරඹේ.*  ශාසනයට දරුවන් පුජා...
05/02/2021

* මිහිඳු නිවහන නිවාස වැඩසටහන ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 07 වැනිදා සියඹලාණ්ඩුවේ දී ඇරඹේ.
* ශාසනයට දරුවන් පුජා කළ දෙමව්පියන්ට මිහිඳු නිවාස හිමිවේ.
* මුල් අදියරේ රටපුරා නිවාස 2,000 ක්.

සසුන්ගතව මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිදීම අරමුණු කරගනිමින් මිහිඳු නිවහන නමින් නව නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

මේ අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ලබන 07 වැනිදා පෙ.ව. 09.30 ට, මොණරාගල, සියඹලාණ්ඩුව, බුද්ධම ප්‍රදේශයේ දී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ යටතේ මෙම වසර තුළ නිවාස 2,000 ක් ඉදිකිරීමට නියමිතයි. මිහිඳු නිවහන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට “මිහිඳු නිවහන ව්‍යාපෘතිය” යටතේ දක්වා ඇති සුදුසුකම් අනුව තෝරාගත් මව්පියන් පදිංචි ප්‍රදේශවල මෙම නිවාස ඉදිකිරීම සිදු වේ.

මෙම නිවාස ඉදිකිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 12,000 ක් වෙන්කර තිබේි. ඉදිකෙරෙන එක් නිවසක සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 06 කට අධිකවේ.

හිත නිවනින් නිවුනත් ගත නිවහන ගැන සිත නිවනක් නැති මාපියන් වෙත පිදෙන “උත්තම ගෘහ පූජාවක්” ලෙස අර්ථ ගන්වා ඇති මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් සිදු කෙරේ.

එළැඹෙන 07 වැනි දා පැවැත්වෙන ආරම්භක උත්සවයේ දී තෝරාගත් මව්පිය යුවළක් වෙනුවෙන් නව නිවසක් තැනීම ඇරඹිමට නියමිතයි. ඒ සමඟම තෝරාගත් තවත් මව්පිය යුවළ 50 දෙනෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වූ අත්තිකාරම් මුදල් ප්‍රධානය කිරීමක් ද සිදුකෙරේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම මිහිඳු නිවහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” යටතේ, සම්බුද්ධ ශාසනය ප්‍රමුඛස්ථානයේලා ආරක්ෂා කිරිමේ ප්‍රතිපත්තිමය තීරණය මත පිහිටා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මිහිඳු නිවහන ව්‍යාපෘතියෙන් නිවසක් ලබා ගැනීම නිර්නායක කිහිපයකට යටත් කර තිබේ. එහි මූලික සුදුසුකම් හතරක් දක්වා ඇති අතර ඒ පහත පරිදි වේ.

බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදූ, නිවසක් අහිමි හෝ අඩක් සාදා නිම කළ නිවසක් හිමි මවක් හෝ පියෙක් විය යුතු ය.

ස්වාමීන් වහනසේගේ මවගේ හෝ පියාගේ නමට හිමි ඉඩමක් විය යුතු ය. බලපත්‍ර ඉඩම් ද සලකා බැලේ.

සසුනට පිදු දරුවා මේ වන විට පැවිදි කොට වසර තුනක් ගෙවී ගොස් තිබිය යුතු ය.

අමාත්‍යාංශය හෝ එයට අනුබද්ධ සම්බන්ධීකරණ කමිටුව විසින් කැඳවන ලද අයඳුම්පත් ඉදිරිපත් කළ මවක හෝ පියෙකු විය යුතු ය.

අයඳුම්පත් තේරීමේ බලය අමාත්‍යාංශයට හෝ එයට අනුබද්ධ සම්බන්ධීකරණ කමිටුවට හිමවෙන අතර, අයඳුම්පත් ලැබෙන අනුපිළිවෙළට සුදුසුකම් අනුව ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.

නිවාස අමාත්‍යාංශයේ “ගමට ගෙයක්” ව්‍යාපෘතිය යටතේ එහි කොටසක් ලෙස මිහිඳු නිවහන ව්‍යාපෘතිය මේ වන විට පිළිගෙන තිබේ.

මෙම නිවාස සාදා දීමෙන් සම්බුද්ධ ශාසනය රැකගැනීමට ඉවහල් වන මූලික කාරණා 04 ක් ඉටුවන බව මිහිදු නිවහන් ව්‍යාපෘතියේ කමිටු සාමාජිකයෝ විශ්වාසය පළ කරති. භික්ෂූන් වහන්සේලාට ගෙදර දොර ප්‍රශ්නවලින් මිදී නිදහසේ ශාසනික කටයුතුවල නිරත වීමට හැකිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙමඟින් සම්පූර්ණ වේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම කඩිනම් කිරීමට 2021 වසර තුළ පළමු නිවාස 2,000 සාදා නිම කිරීමට සැලසුම් සකස් කර තිබේ. ඉන් අනතුරුව එළැඹෙන සෑම වසරකදීම ගෙවල් 2,000 බැගින් සාදා නිම කිරීමට අපේක්ෂා කෙරේ. මේ අනුව, වසර කිහිපයක් ගත වනවිට ලංකාවේ භික්ෂූන් වහන්සේගේ මවුපියන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවට කමිටු සාමාජිකයන්ගේ විශ්වාසයයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉදුගාරේ ධම්මරතන හිමියන්ගේ යෝජනාවක් අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පූජ්‍ය වලස්මුල්ලේ විමලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති අනුකමිටුවේ, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය අලුත්පොළ ගුණරත්න හිමි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, බී.කේ. රංජිත් යන මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මුදලට එහා ගිය මනුෂ්‍යකම..❤️
03/02/2021

මුදලට එහා ගිය මනුෂ්‍යකම..❤️

"දෙවෙනි පුතුද අහිමි වූ මව්පියන්ගේ ශෝකාලාපය"කොරෝනාවට බිලිවූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මිය යාමේ පුවත අද රටේ මාතෘකාව වන්නේ ඔහ...
03/02/2021

"දෙවෙනි පුතුද අහිමි වූ මව්පියන්ගේ ශෝකාලාපය"

කොරෝනාවට බිලිවූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මිය යාමේ පුවත අද රටේ මාතෘකාව වන්නේ ඔහු ගොඩ නගාගත් මනුස්සකම නිසාමය.

ඒ ගතිය ඔහුට එන්නේ මව්පියන්ගේ ලේවලින් බව ළඟම ඥාතියෙකු වෙන මම හොඳාකාරවම දනිමි.

හදිසි දුම්රිය අනතුරකින් එක් පුතෙක් අහිමිව ජීවත් වුනු මේ මව්පියන්ට අද අහිමිවුණේ දෙවෙනි පුතුය.

මුළු ජීවිතේම දහස් ගණන් ජීවිත ජීවත් කරවීමට කැපවූ දොස්තර තාත්තාට තම දොස්තර පුතාව බේරගන්න බැරිවීමම මේ කොරෝනාවේ තරම මොනවට කියාපානවා.

අම්මලා තාත්තලා තම ජීවිත කැපකරන්නේ ළමයින්ව හොඳ මිනිස්සු කරන්න. ඒ හැමදේම අකුරට කරපු අම්මලා තාත්තලාටම මෙහෙම කරන්න තරම් හිතක් පපුවක් කොරෝනාවට කොහෙන් ආවාද?

- උපුටාගැනීමකි -

සුබ ගමන් සහොදරයා ! 😥
02/02/2021

සුබ ගමන් සහොදරයා ! 😥

අතීත උරුමයට ගැලපෙන අයුරින් දීඝවාපිය ස්ථූපය යථා තත්වයට පත්කිරීමේ වගකීම යුධහමුදාව බාරගෙන තිබේ. වසර 3ක් ඇතුලත මෙම ස්ථූපයේ ප...
29/01/2021

අතීත උරුමයට ගැලපෙන අයුරින් දීඝවාපිය ස්ථූපය යථා තත්වයට පත්කිරීමේ වගකීම යුධහමුදාව බාරගෙන තිබේ. වසර 3ක් ඇතුලත මෙම ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමට යුධහමුදාව බලාපොරොත්තු වේ...

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට !...
20/11/2020

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට !!

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) අද (20) දින පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේ ද එම අවස්ථාවේදීමය.

එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් වන 'තුරු මිතුරු නව රටක්' නැවත වන වගා ව්‍යාපෘතියේ තවත් අදිය...
19/11/2020

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් වන 'තුරු මිතුරු නව රටක්' නැවත වන වගා ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස, රට තුළ වන ගහනය වර්ධනය කිරීමේ අරමුණින් 2020 නොවැම්බර් මස 13 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. නැගෙනහිර ආරක්ෂක සේනාවට අයත් 22, 23, 24 වන සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන තුළින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් ලබා දුන් ප්‍රදේශයට ආවේණික වූ වටිනා පැල වර්ග 100,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී. ඒ අනුව, 22 වන සේනාංකයේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශය ආශ්‍රිතව පැල 22,000 ක් ද, 23 වන සේනාංකයේ භට පිරිස් විසින් පූනානි ප්‍රදේශය ආශ්‍රිතව පැල 27,400 ක් ද, 24 වන සේනාංකයේ භට පිරිස් විසින් අම්පාර ප්‍රදේශය ආශ්‍රිතව පැල 27,193 ක් ද සහ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) භට පිරිස් විසින් පැල 25,000 ක් ද රෝපණය කිරීමට සිය දායකත්වය ලබා දුන්හ. මෙම දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතිය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් චින්තක ගමගේ ජේෂ්ඨ නිලධාරී ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ප්‍රමුඛ නැගෙනහිර ආරක්ෂක සේනාවට අයත් සියළු සේනාංකාධිපතිවරුන්, බල සේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සිවිල් බලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ...❤️

මුඛ ආවරණ, අත් සේදීම්, මීටරයේ පරතරය, Hand Sanitizer අමතක නොකර එලියට යන ඔබ, කොරෝනා ආසාදිතයෙකු නොවීමට වග බලාගන්න.
24/10/2020

මුඛ ආවරණ, අත් සේදීම්, මීටරයේ පරතරය, Hand Sanitizer අමතක නොකර එලියට යන ඔබ, කොරෝනා ආසාදිතයෙකු නොවීමට වග බලාගන්න.

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. මාතපානාවත්ත ගතාර නැගෙනහිර කඹුරුපිටිය ග‍්‍රාමය...
21/10/2020

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. මාතපානාවත්ත ගතාර නැගෙනහිර කඹුරුපිටිය ග‍්‍රාමයේ හැදී වැඩුණු මධුෂ් කඹුරුපිටිය මහ විiාලයෙන් සහ නාරන්දෙණිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවේය.

මධුෂ්ගේ පියා සමරසිංහ ආරච්චිගේ ලක්‍ෂ්මන්ය. මව මාලනී සමරසිංහය. මධුෂ්ගේ මව 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වූවාය. එවකට ආරක්‍ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරීන් සොය සොයා ඝාතනය කරද්දී මධුෂ්ගේ මවද ඔවුන්ගේ ගොදුරක් බවට පත් වූවාය. මධුෂ්ගේ මව 1989 වර්ෂයේ ජුලි 21 වැනිදා කඹුරුපිටිය ප‍්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ රැුස්වීමකට සහභාගි වෙමින් සිටියදී එහි කඩා වැදුණු ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඒ වන විට මධුෂ් සිටියේ පාසල් යන වයසේය. සිය මවගේ හදිසි වියෝවෙන් මධුෂ් දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. මධුෂ් සිය වැඩිමහල් සොහොයුරිය සහ බාල සහෝදරයා සමග අසරණ වූවේය.

මධුෂ්ගේ පියා තම දරුවන්ට රැකවරණය දීමටවත් ඔවුන් හදාවඩා ගැනීමටවත් ඒ තරම් උනන්දුවක් දැක්වූයේ නැත. මධුෂ් සිය සොහොයුරිය සහ බාල සොහොයුරා සමග හැදී වැඩුණේ කඹුරුපිටිය ගතාරේ පදිංචිව සිටි සිය ආච්චී සහ පුංචි අම්මාගේ සෙවණේය. මධුෂ්ට ඉගෙනීමේ හැකියාව තිබුණද ඉහළට ඉගෙන

ගැනීමට වියදම් කරන්නට කිසිවකුත් සිටියේ නැත. ඒ නිසාම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් සහ මධුෂ් පාසල් අධ්‍යාපනය අතහැර දැම්මේය. එතැන් පටන් ජීවිතය ගැට ගසා ගැනීමේ සටනට උරදුන් මධුෂ් විවිධ රැකියා කරන්නට පටන් ගත්තේය.

මධුෂ්ගේ මුල්ම රැකියාව වුණේ කඹුරුපිටිය නගරයේ බස් නැවතුම් පළ අසල ට‍්‍රැක්ටර් රියැදුරකු ලෙස වැඩ කිරීමය. ට‍්‍රැක්ටර් රියැදුරු රැකියාවෙන් එතරම් ආදායමක් ඔහුට ලැබුණේ නැත. පසුව රියැදුරු රැකියාව අතහැර දැමූ මධුෂ් සමන්තුරේ ප‍්‍රදේශයේ නිහාල් මෝටර්ස් ආයතනයේ රැකියාවක් කළේය. වැඩි කලක් ගත වන්නට පෙර ඒ රැකියාවද අතහැර දැමූ මධුෂ් පසුව රත්මලානේ පන්සල අසල අමරසිංහ මුදලාලිගේ වැලි ලොරියක රියැදුරකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය.

මේ කාලසීමාව වන විට මධුෂ් පෙම්වතියක ඇසුරු කළේය. විජේතුංග ගමගේ දයානි මුතුමාලි නමැති තරුණිය සමග 1998 වර්ෂයේ දී විවාහ වූ මධුෂ් ඇය සමග කඹුරුපිටියේ පදිංචියට ආවේය. මධුෂ්ගේ බිරිඳ මුතුමාලිගේ මහ ගෙවල් තිබුණේ මාකඳුරේය. මධුෂ් සිය බිරිඳ සමග කඹුරුපිටියේ පදිංචියට ගියේ යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් සිටීමට සිහින මවමින්ය.

කඹුරුපිටිය-මාකඳුර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මධුෂ් ජීවිතය ජය ගන්නට වෙහෙස වුණේය. මේ බස් රථයේ කොන්දොස්තර වෘත්තිය කළේ කැලූම්ය. (පසු කලෙක මධුෂ්ගේ කල්ලියේ සමීපතමයකු වූයේ කැලූම් නොහොත් කැවුමාය.

මේ අතර මධුෂ්ට මෙන්ම ඔහුගේ බිරිඳ මුතුමාලිට කඹුරුපිටිය රෝහලේ සාත්තු සේවක රැුකියාව ලැබිණි. ප‍්‍රදේශයේ දේශපාලනඥයකුගේ සහාය ඇතිව ලැබුණු මේ රැුකියාව මධුෂ් සහ මුතුමාලි ඉතාම උනන්දුවෙන් කරගෙන ගියහ. ඒ වන විට දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ ඩැනී හිත්තැටියගේ මහතාය. ඩැනී හිත්තැටියගේ මුතුමාලිගේ දුරින් ඥාතියකු ද වූවේය. මධුෂ්ගේ පියාට අයත් ඉඩම් කීපයක් සම්බන්ධයෙන් දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ සමග කලක පටන් ආරවුලක් පැවතුණේය. මේ ආරවුල කෙළවර වන්නේ මිනීමැරුම් වැළක් සමගය. තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් මධුෂ් අවි අතට ගත්තේය. 2002 වර්ෂයේදී ඩැනී හිත්තැටියගේ මහතාගේ මස්සිනා වූ උපනන්ද නමැත්තා මධුෂ් විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ මේ ඉඩම් ආරවුල් මුල්කරගෙනය. උපනන්ද ඝාතනය මධුෂ් සිදුකළ මුල්ම අපරාධය ලෙස ඔහුගේ අපරාධ වාර්තා පොතට එක් වුණේය.

උපනන්ද මරා දැමීමෙන් පසු ගම්බිම් අතහැර දැමූ මධුෂ් රහසිගත ජීවිතයක් ගත කිරීමට පුරුදු වුණේය. පාතාල කණ්ඩායමක් සමග එක්වූ මධුෂ් රට පුරා ලීසිං ආයතන කොල්ල කමින් පොලිසියට කට්ටි පනිමින් විවිධ ප‍්‍රදේශවල සැඟවී සිටියේය. 2005 වර්ෂයේදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ එවකට ස්ථානාධිපතිවරයා වූ පි‍්‍රයන්ත ජයකොඩි මහතා විසින් මධුෂ් ඇතුළු කොල්ල කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තේය.

ඒ වන විට මධුෂ් කඹුරුපිටියේ මධුෂ් ලෙස පාතාල ලෝකයේ කූප‍්‍රකට චරිතයක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. මධුෂ් උපන් ගම කඹුරුපිටිය නිසා පාතාල ලෝකයේ ඔහු ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ කඹුරුපිටියේ මධුෂ් ලෙසය. එහෙත් පසු කලෙක මධුෂ් තම උපන්ගම අතහැර බිරිඳ සමග මාකඳුරේ පදිංචියට ගිය නිසා ඔහු මාකඳුරේ මධුෂ් ලෙස පාතාලයේ ප‍්‍රසිද්ධියට පත්වන්නට පටන් ගත්තේය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මධුෂ් මීගමුව බන්ධනාගාරය තුළ රැුඳෙව්වේය. තම ජීවිතය විනාශ කර තමන් මිනීමරුවකු බවට පත්කළේ ඩැනී හිත්තැටියගේ මහතා විසින් බව කියමින් ඔහුට වෛර කළ මධුෂ් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළේය. මීගමුව බන්ධනාගාරයේ සිට මධුෂ් මේ සැලසුම කි‍්‍රයාත්මක කළේ තම ගෝල බාලයන් දෙදෙනකු ඒ සඳහා යොදා ගනිමින්ය. 2006 වර්ෂයේ ජුනි මස 11 වැනිදා මාකඳුර නගරයේ පිහිටි ඩැනී හිත්තැටියගේ මහතාගේ නිවස ඉදිරිපිටදී මධුෂ්ගේ ගෝලයන් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේ මුළු රටම හෙල්ලූ අපරාධයක් බවට පත් කරමින්ය. මාකඳුරේ මධුෂ් එතැන් පටන් දිගට හරහට මිනී මරමින් කප්පම් ගනිමින් මංකොල්ල කමින් සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය. 2006 වර්ෂයේ ජුනි මස 29 වැනිදා පුද්ගලයකු ඝාතනය කිරීම, මාරවිල ප‍්‍රදේශයේදී තවත් අයකුට වෙඩි තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේ සැප්තැම්බර් 16 වැනිදා මාතර රෝහල ඉදිරිපිටදී ඉන්ද්‍රජිත් ජයවර්ධන යන අයට වෙඩඩි තබා ඝාතනය කිරීම මධුෂ්ට එරෙහිව එල්ලවී තිබූ චෝදනාවන්ය. මේ ඝාතනවලට අමතරව මදුෂ් සිය
ගෝලබාලයන් යොදවා සිදුකළ මිනිස් ඝාතනය කොයි තරම් දැයි කිව නොහකි තරම්ය. මධුෂ් ඇතුළු පාතාල කල්ලිය විසින් සිදුකළ කොල්ලකෑම් ප‍්‍රමාණයද අති විශාලය. මාතර නගරයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දසලක්‍ෂයක් කොල්ලකෑම, මීගමුව ගම්පහ නගරවල ලීසිං ආයතන කොල්ලකෑම, කෙසෙල්වත්තේ පිහිටි වයඹ සංවර්ධන බැංකුව කොල්ල කෑම, තිහගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියනයක් කොල්ල කෑම මධුෂ් සිදුකළ කොල්ලකෑම්වලින් කිිහිපයකි.

මේ අතර අලූත්ගමදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සගයන් විසින් සිදුකළේ කොන්ත‍්‍රාත්තුවක් මතයි. තම විරුද්ධවාදී පාතාල කල්ලි මර්දනය කරමින් දකුණේ පාතාලයේ කෙරුම්කාරයා වීමට සිහින දකිමින් සිටි මධුෂ් ප‍්‍රතිවාදීන් එකා දෙන්නා විනාශ කරන්නට පටන් ගත්තේය. මේ අතර මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ මධුෂ් රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොග මෙරටට ගෙන්වමින් මුළු රටම කුඩු පුරයක් කරන්නට පටන් ගත්තේය.

සිය ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන් වූ කොස්ගොඩ සුජීගේ කල්ලිය, ගොත අසංකගේ කල්ලිය, ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය, පොඩි සුරේෂ්ගේ කල්ලියේ සාමාජිකයන් මරා දමමින් මාකඳුරේ මධුෂ් සිය පාතාල ආධිපත්‍යය පතුරුවා හරින්නට වුණේය. මේ අතර අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලිය මෙන්ම මාළිගාවත්තේ කංජිපාන ඉම්රාන්ගේ කල්ලිය මෙන්ම රත්මලානේ රොහාගේ කල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ මාකඳුරේ මධුෂ් ඔවුන්ගේ ද සහාය ඇතිව මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ජයටම කරගෙන ගියේය.

කිසියම් දිනක මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස කිරුළ පැළඳීමට සිහින මවමින් සිටි මාකඳුරේ මධුෂ් තමන්ට තර්ජනයක් විය හැකි සියලූම පාතාල කල්ලි මර්දනය කරන්නට පටන් ගත්තේය.

මේ අතර ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මෙන්ම ආරක්‍ෂක අංශවලින්ද මධුෂ්ට දැඩි ලෙස ජීවිත තර්ජන එල්ලවී තිබුණේය. ඒ නිසාම මාකඳුරේ මධුෂ් රටින් පළාගොස් සිය මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන්නට සැලසුම් කළේය. මධුෂ් හොර රහසේම ගුවන්තොටුපළ හරහා ඉන්දියාවට පළා යන්නට උත්සාහ කරද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගත්තේය. මාස කීපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධුෂ් බන්ධනාගාර ගත කෙරිණි. රටින් පළා ගොස් ඩුබායි හෝ ඉන්දියාවේ සිට මෙරට පාතාලය පාලනය කිරීමේ මධුෂ්ගේ සිහිනය බොඳවී තිබුණේ නැත. ඇපමත නිදහස ලැබීමෙන් පසු මධුෂ් නැවතත් රටින් පළා යෑමට සැලසුම් කළේය.

දෙවනවර මධුෂ් ගත් උත්සාහය සාර්ථක වුණේය. මුලින්ම ඉන්දියාවට පළා ගිය මධුෂ් පසුව ඩුබායි රාජ්‍යයට අතුළු වුණේය. ඒ වන විට ඩුබායි රාජ්‍යයේ සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයන් කීප දෙනකුම මධුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටියහ. ඔවුන් සියලූ දෙනාම මධුෂ්ට රැකවරණය ලබාදීමට ඉදිරිපත් වූහ. එතැන් සිට සිය දෙවැනි මෙහෙයුම ආරම්භ කළ මධුෂ් මෙරට පාතාලය පාලනය කිරීමේ සියලූ බලතල තමන් අතට ගත්තේය. පාතාලය මෙන්ම හෙරොයින් ජාවාරමද මෙහෙයවීමට පටන් ගත් මාකඳුරේ මධුෂ් තමන්ට එරෙහි වන ඕනෑම අයකු දෙවරක් නොසිතාම මරා දැමීමට කටයුතු කළේය.

ඒ වන විට මධුෂ්ගේ පාතාල කල්ලියේ මහමොළකරු බවට පත්ව සිටියේ ඩුබායි දේශයේම රැඳී සිටි කංචිපානි ඉම්රාන්ය. කංජිපානි ඉම්රාන්ගේ ද සහාය ලබාගෙන මධුෂ් මත්ද්‍රව්‍ය ටොන් ගණනින් ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපයූ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් අත දිගහැර වියදම් කළ මධුෂ් ඩුබායි රාජ්‍යයේ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තේය. ඒ වන විට කළු තුෂාර නමැති පාතාල නායකයා බන්ධනාගාර කැරැුල්ලට මැදිවී පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මරු වැළඳගෙන සිටියේය. කළු තුෂාරගේ සුරූපී බිරිඳ ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත් මධුෂ් ඇය සිය අඹුව කර ගත්තේය. මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිඳ මෙන්ම ආබාධිත දරුවා සිටියේ මාකඳුරේය. ආබාධිත දරුවාට ප‍්‍රතිකාර කිරීම සඳහා බිරිඳ සමග ඔහු සිංගප්පූරුවට ගියේය. සිංගප්පූරුවට ගොස් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු මධුෂ් සිය දරුවා සහ බිරිඳ ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේය. මධුෂ් තම ආබාධිත දරුවාට අසීමිතව ආදරය කළේය. දරුවා තමන් විසින් හදා වඩා ගන්නා බව කියමින් මධුෂ් තම නීත්‍යානුකූල බිරිඳ ආපසු හිස් අතින් ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කළේය.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ඩුබායි රාජ්‍යයේ සිට සිදුකළ අපරාධ රාශියක් මුළු රටම පාතාල භීතියෙන් සලිත කරවීමට සමත්වූ ඇතැම් අපරාධ ඉතාම මිලේච්ඡුය. සිය ප‍්‍රතිවාදී පාතාල නායකයකු වූ රණාලේ සමයං කලූතර බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත ගෙන යද්දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමේ නියමුවා වුණේ මධුෂ්ය. අංගොඩ ලොක්කා යොදාගනිමින් කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමට මධුෂ් සැලසුම් කළේය. මේ ප‍්‍රහාරයෙන් රණාලේ සමයං ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට ජීවිත අහිමි විය. පාතාලයට පමණක් නොව පොලිස් නිලධාරීන්ටද මධුෂ් මරණීය තර්ජන එල්ල කළේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වූ නියොමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තබා බරපතළ තුවාල කළේ මාකඳුරේ මධුෂ් සිය ගෝල බාලයන් යොදා ගනිමින්ය.

මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියකු මෙන්ම මහමග ගමන් ගත් අහිංසක දැරියකද ජීවිතක්‍ෂයට පත්වූහ. මහරගම ඇරැුව්වල ප‍්‍රදේශයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට තම කල්ලියේ සාමාජිකයන් පිරිසක් යවා ඔහු සතුව තිබූ රුපියල් කෝටි 800 ක් පමණ වටිනා දියමන්තියක් කොල්ල කෑමට මාකඳුරේ මධුෂ් කටයුතු කළේය.

මේ දියමන්තිය ඩුබායි දේශයට ගෙන්වා ගැනීමට මධුෂ් අවස්ථා කීපයකදීම උත්සාහ කළද එය ව්‍යාර්ථ වී තිබුණේය. අවසානයේදී ඒ දියමන්තිය මධුෂ්ගේ කල්ලියේ හොඳම ගෝලයා ලෙස සිටි කැලූම් නොහොත් කැවුමා සතුව තිබී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මධුෂ්ගේ නියෝග මත කොස් මල්ලී පැහැරගත් පාතාල සගයන් ඔහු අඟුණකොලපැලැස්සට රැුගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළේය. පසුව මධුෂ්ගේ නියෝග මත කොස් මල්ලීගේ කඳෙන් වෙන් කළ හිස කොටස අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දමන්නට පාතාල මැරයන් කටයුතු කළහ. මේ ඝාතනය මෑත ඉතිහාසයේ පාතාලයෙන් වාර්තා වූ ඉතාම මිලේච්ඡු සිදුවීම විය.

මෙරට පාතාලය පාලනය කරමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදෙමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි මදුෂ් අවසානයේ ඩුබායි පොලිසියට කොටු වුණේය. ඩුබායි පොලිසිය හෝටලයට කඩා වැදී මාකඳුරේ මධුෂ් ඇතුළු ගෝල බාලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගත්හ. මාස කීපයක් තිස්සේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ මධුෂ් ඇතුළු පිරිස

ශී‍්‍ර ලංකාවට භාර දීමට ඩුබායි රජය කටයුතු කර තිබුණේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් මධුෂ් රැගෙන ආහ. එතැන් පටන් මධුෂ් වසර එකහමාරකට ආසන්න කාලයක් ගත කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේය. මාකඳුරේ මධුෂ්ගේ ජීවිතයේ අවසාන කාලය කෙමින් කෙමින් ළඟා වෙමින් තිබුණේය. වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ මධුෂ් සිදුකළ අපරාධ ප‍්‍රමාණය කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. හෙරොයින් ටොන් ගණනින් මේ පුංචි රටට එවමින් රටේ අහිංසක තරුණ පරපුර විනාශ කර දැමුවේය.

අහිංසක තාත්තලා සිය ගණනක් ඝාතනය කර තම පියාගේ අවමගුලට හෙලිකොප්ටරයක් යවා අහසින් මල් ඉසීමට මධුෂ් කටයුතු කර තිබුණේය. දරුණු අපරාධ කරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටි මාකඳුරේ මධුෂ්ට මරණයේ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවුණේය. අපරාධ කරමින් ජීවිත විනාශ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් මෙරට තරුණ කැළ විනාශ කරමින් රජවන්නට සිහින දකින පාතාලයේ අනෙකුත් අපරාධකාරයන්ටද මාකඳුරේ මධුෂ්ගේ මරණය හොඳ පාඩමක් වනු නොවනුමානය.

-හේමන්ත රන්දුණු-

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රණ හඬ - Rana Hada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share