TV EternalVoice

  • Home
  • TV EternalVoice

TV EternalVoice Eternalvoice දවසින් දවස අලුත්වන ලෝකයේ තතු ඒසැ?

23/05/2022

ඔබ මෙතෙක් නොදත් ලෝකයේ අලුතින් සොයාගත් වයිරසය "වදුරු උණ"‼️

වදුරු උණ බවට සනාථ කල රෝගීන් 111ක් යුරෝපයෙන් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් හමුවේ..!!!

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවෙන් පිට මෙතෙක් ඉතාම විරලව වාර්ථා වී ඇති වදුරු උණ (Monkeypox) නැමැති වෛරස් රෝගය එකවර අසාමාන්‍ය ලෙස යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් වාර්ථා වීමත් සමඟ ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ.

නයිජීරියාවේ සිට පැමිණි අයෙකු බ්‍රිතාන්‍යයේ පළමු ආසාධිතයා ලෙස වාර්ථා වී ඇති අතර එරටින් මේ වන විට වාර්ථා වී ඇති ආසාධිතයන් සංඛ්‍යාව 20 ඉක්මවා ඇත. ඊට අමතරව ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, බෙල්ජියම්, ස්වීඩනය යන යුරෝපා රටවලින් ආසාධිතයන් වාර්ථා වීම ඇරඹී තිබේ.

මැසචුසෙට්ස් ජනපදයෙන් ඇමරිකාවේ පළමු ආසාධිතයා වාර්ථා වී ඇති අතර ඔහු කැනඩාවේ සංචාරය කල ආ අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ වාර්ථා වන පළමු ආසාධිතයා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අයෙකි.

1958 වසරේ මුල් වරට හදුනාගත් මෙම වෛරසය මගින් ඇති කරන අධික උණ, මස් පිඩු වේදනාව, දද සහ කුෂ්ඨ, සමේ ගෙඩි, බිබිලි ආදිය ඇති වීම රෝග ලක්ෂණ වශයෙන් හඳුනාගෙන තිබේ. මෙම රෝගයේ මරණ අනුපාතය මුලදී 3%-6%ත් අතර බවට පිළිගෙන තිබුනද නව තත්ව යටතේ එය 10% ඉක්මවා යා හැකි බවට අනතුරු හැඟවීම් නිකුත් වී ඇත.

ස්පර්ෂය මගින් මෙන්ම දාඩිය සහ කෙල බිඳු මගින් ද වෛරසය පැතිර යා හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ රසායනාගාරයේ Monkeypox රෝගය විනිශ්චය කිරීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් පවතින බවත්, මෙම රෝගය හඳුනාගැනීමට සහ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක තම ඒකකය විසින් දැනටමත් ඇණවුම් කර ඇති බවත්, ඒවා ලබන සතියේ මෙරටට ලැබෙන බවත් එම ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

රෝග ලක්ෂණ මොනවද?

උණ, හිසරදය, ඉදිමීම, තුනටියේ වේදනාව, උදාසීන බව, තදින් කසන සමෙහි දද, විශේෂයෙන් මුලින්ම මුහුණෙහි සහ පසුව ශරීරයේ සෙසු කොටස්වලත් දද ඇති වේ. අතුල් පතුල්වල වැඩි වශයෙන් ඇතිවේ.දද ඇති වෙන සම ගැලවී තුවාල බවට පත්වීමට ද ඉඩ ඇත.දින 14 ත් දින 21ත් අතර කාලයක් තිබී පසුව ක්‍රමයෙන් පහව යයි.
නමුත් සමහර විටෙක මෙය මාරාන්තික වෙයි.

බෝ වන්නේ කෙසේද?

රෝගියකුගේ තුවාල සහිත සමෙන්, ශ්වසනයෙන්, අක්ෂිවලින්, නාසයෙන් හෝ මුඛයෙන් හෝ වැගිරෙන ශ්‍රාවයන් හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බව හෙළිවී තිබේ.ආසාදිත තත්ත්වයට පත් වඳුරන්, මීයන් සහ ලේනුන්ගෙන් වෛරසය ඍජුවම ශරීරගත වන්නද ඉඩක් ඇත.ආසාදිතයකු පරිහරණය කල භාණ්ඩ – ස්පර්ශ කිරීම නිසා බෝවිය හැක.

එන්නත් හෝ ඖෂධයක් තිබේද ?

රෝගය මඩින්නට හැකි ඖෂධයක් නැත. වසූරියට ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත මන්කිපොක්ස් රෝගය සඳහාත් 85%කින් පමණ ඵලදායි ලෙස ක්‍රියාත්මක වියහැකි බව විද්‍යාඥයින් පවසති.

දැනට ලොව පුරා මිනිස් සංහාරයක් සිදු කිරීමට තරම් මෙම වෛරසය ප්‍රබල නොවුවත් මෙවැනි සක්‍රීයත්වය ට පත්වන වෛරස වර්ග ඉතා වේගයෙන් රසායනිකව වෙනස් වෙමින් ව්‍යාප්ත වීමට ඉඩ ඇති වකවානුවක අප ජීවත්වන බව විද්‍යාඥයෝ අනතුරු අඟවයි.

————————————————

ඔව් 👊
10/05/2022

ඔව් 👊

10/05/2022

🛑WARNING : දැනුමත් වෙන්න

🔴මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීව පිළිවෙතක් අනුගමනය කරමින් දේපල විනාස කරන ඇතමුන් ආණ්ඩුව විසින්ම යොදවපු අයයි.

🔴සිදුවෙමින් පවතින ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඔවුන්ගේම අයවලුන් සිදුකරන ඒවා බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි

🔴ඔවුන්ගේ සැලසුමේ මීලඟ ක්‍රියාදාමයන් තුළ ආගමික ස්ථානවලට පහරදීමද, පොදු ස්ථානවලට හානි කිරීමද ඇතුළත් වේ. ඒ ගැන සැලකිලිමත් වන්න.

🔴මේ වන විට අසත්‍ය ප්‍රචාර හා පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා වරින් වර ජනගත කරමින් මිනිසුන් නොමඟ යවන,අවධානය වෙනතකට හරවන ඩිජිටල් මර්දනයක් ඔවුන්ට පක්ෂපාතී ෆේස්බුක් පිටු හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.

🔴සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩයත්වයට පෙලඹවීමත්, පවතින ආවේගශීලී මානසික මට්ටම්වලින් ප්‍රයෝජනගැනීමත් ඔවුන්ගේ මූලික අභිප්‍රයායි

🔴සියළු දේ හරහා රට හමුදා පාලනයකට රැගෙන ඒමේ පාර කපාගැනීම ඔවුන්ගේ මූලික අරමුණයි.

🔴රටේ විධායකය මේ වනවිටත් හිටපු හමුදා නිලධාරීයකු සතුවන අතර ආරක්ෂක ලේකම් හිටපු හමුදා නිලධාරීයෙකු බවද අමතක නොකළ යුතුය.යුධ හමුදාපතිටද බලය පවරා ඇත.

🔴අග්‍රාමාත්‍යවරයකු හා කැබිනට් මණ්ඩලයක් මේ වනවිට නැත. ඒ අනුව රටේ ව්‍යවස්ථාදායක බලතලද තිබෙන්නේ අප යන්න කියනා ජනාධිපතිවරයාටයි.

🔴රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක වේ.වසර 32 පසු බරපතලම ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ කියන කුලී හමුදාවට සහ පොලීසියට සම්පූර්ණ බලය ලැබී ඇත.

🔴ඔවුන්ගේ ක්‍රියාදාමය ඔවුන්ට වාසිදායක වන අයුරින් භුමිය සකසා ගැනීමටයි.

🔴හොඳින් මතක තබාගන්න! මෙරට දරුණුතම හා අසාර්ථකම පාලකයාගේ පාලනයත් හමුදා පාලනයකට වඩා හොඳ බව.ශිෂ්ඨ සම්පන්න බව.

🔴අරගලයට ප්‍රචණ්ඩත්වයට මුසු කිරීමට ඔවුන් කාලයක සිට ගන්නා ලද වෑයම සාර්ථක වී ඇත. දැන් අඩියක් පස්සට ගන්න. උසි ගැන්වීම්වලට නොරැවටෙන්න.

🔴මෙතෙක් ඔබ සමඟ හිටගත් මිනිසුන්ව විශ්වාස කරන්න.නීතිවේදීන් සියල්ල බලාගනීවි.අප නිවැරදි නිසා ඔබ අදහන දෙවියන් බුදුන් පවා මේ මොහොතේ අප සමඟ සිට ගනීවි.

නිවෙන්න! සහ නිවන්න! හැමෝම එකතු වෙමු

19/04/2022
මීට ප්‍රථමයෙන් අප ඔබ දැනුවත් කළ පරිදි පසුගිය නොවැම්බර් මස 26 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, "දැඩි අවධානය යොමු කළ ය...
03/12/2021

මීට ප්‍රථමයෙන් අප ඔබ දැනුවත් කළ පරිදි පසුගිය නොවැම්බර් මස 26 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, "දැඩි අවධානය යොමු කළ යුතු කොවිඩ් වෛරස ප්‍රභේද" අඩංගු කාණ්ඩයට ඔමික්‍රොන් නම් විකෘති ප්‍රභේදය ඇතුළත් කරනු ලැබුවා. එම නිවේදනයත් සමඟ, ඒ වන විට මෙම ප්‍රභේදය බහුලව පැතිරෙමින් තිබූ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවලින් පුද්ගලයින් ශ්‍රී ලංකාව තුළට ඇතුලු වීම වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවනු ලැබුවා. එයට සමගාමීව, පසුගිය මාසය පුරාවට එම අවදානම් රටවලින් පැමිණි පුද්ගලයින් අමතර PCR/ RAT පරීක්ෂණ වලට භාජනය කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමටත් කටයුතු කෙරුණා. එමෙන්ම විදේශයන් හි සිට පැමිණ, කෝවිඩ් -19 රෝගීන් ලෙස PCR පරීක්ෂා මගින් හඳුනාගෙන ඒ වනවිටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර සිටි පිරිසගේ සාම්පල ජානමය පරීක්ෂා ( ප්‍රභේදය හඳුනාගැනීමට) වලට විද්‍යාගාර වෙත යොමු කෙරුණ අතර ඒ අතරින් එක් සාම්පලයක ඔමික්‍රෝන් විකෘති ප්‍රබේධය අඩංගු බව දැන් තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ආශිතයින් හඳුනාගැනීම හා නිරෝධායනයට යොමු කිරීම ඒ හා සමගාමීව සිදුවී තිබෙනවා.

කොවිඩ් -19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව දැනට අප දන්නා කරුණු බොහොමයක යම්කිසි අවිනිශ්චිතභාවයක් තිබෙනවා. එය ලොව පුරා දැනට පැතිරී පවතින ඩෙල්ටා ප්‍රභේදයට ද වඩා වේගයෙන් පැතිර යාමේ හැකියාවක් ඇති බවට දැනට සොයාගෙන ඇති ඇතැම් කරුණු වලින් සැක ඇති කෙරෙනවා. මෙය සත්‍ය වශයෙන්ම කෙතරම් දුරකට වැඩිවීමක් ද යන්න පිළිබඳව බොහෝ විට ඉදිරි සතිය තුළදී තොරතුරු ඉදිරිපත් වේවි.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සුළු අසනීප තත්ත්වයේ සිට බරපතළ තත්ත්වයන් වලටද ලක්විය හැකි බවට දැනට සිදුකරන ලද නිරීක්ෂණ වලින් දැක්වෙනවා. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව මෙයින් ඇති කරන රෝග තත්ත්ව වල තීව්‍රතාව (virulence) පිළිබඳව දැනට අනාවරණය වී ඇති සාක්ෂි වලින් නිශ්චිතව කරුණු දැක්වීමට අපහසුයි.

යුහුසුලුව සිදුවෙමින් පවතින පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔමික්‍රෝන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරි සතිය හෝ දෙක තුළ බොහෝ වශයෙන් හෙළි වීමට නියමිතයි. කරුණු එසේ වුවත් මෙම නව විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අප කළ යුත්තේ ඩෙල්ටා ප්‍රභේද යන ආරක්ෂා වීමට ගත් සියලු ආරක්ෂණ පියවරයන්ම තව දුරටත් තීව්‍ර කිරීම බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පෙන්වා දෙනවා.

මේ වන විට විවිධාකාර වූ කොවිඩ් -19 ප්‍රභේදයන් ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණවල තීව්‍රතාවය අවම කිරීමට සමත් වූ, දැනට භාවිතාවන එන්නත් නියමිත පරිදි නිර්දේශිත මාත්‍රා ගණන ලබා ගැනීම ඉදිරි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ද ඉතාමත් වැදගත් වනවා.

පෙර ප්‍රබේධ මෙන්ම , විවිධ උත්සව හා ප්‍රිය සම්භාෂණ වලදී සංවුර්ත පරිසරයක් තුළ බොහෝ දෙනා එකට කාලය ගත කිරීම වෛරසයේ නව ප්‍රභේද වේගයෙන් පැතිර යාමට හේතු වනු ඇති. එමෙන්ම වැඩි පිරිසක් සමග ගැවසීම, වාතාශ්‍රය අවම වීම, එකට හිඳ ආහාර ගැනීම වැනි විවිධ සාධක නිසා විවාහ මංගල උත්සව ආදි විවිධ ප්‍රිය සම්භාෂණ වෛරසය පැතිරීමට ඉතාමත්ම සුදුසු පරිසරයක් නිර්මාණය කරනු ඇති.

එළඹෙන කාලය තුළ මෙවැනි අවස්ථා හැකිතාක් දුරට මඟ හැරීම සහ අප දන්නා අනෙකුත් කොවිඩ් නිවාරණ සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පිළිපැදීමෙන් අපත් අපේ ආදරණීයන් සියලු දෙනා නව කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම රටෙහි ආර්ථික කටයුතු අඩපණ වන ආකාරයෙන් වසංගත තත්ත්වය පැතිර යෑම වළක්වාලීමටත් බොහෝ දුරට උපකාර වනු ඇති.

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව වයස 16න් ඉහළ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට 85% ක් වැනි ඉහළ මට්ටමක්. අවදානම් කාණ්ඩ හඳුනාගනිමින් , ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල මට්ටමෙන් ආරම්භ වී තිබෙනවා. වයස අවුරුදු හැට සහ ඉන් ඉහළ පුද්ගලයින්ට මෙන්ම සියලුම සෞඛ්‍ය සේවකයින්ට දෙවන මාත්‍රාවෙන් මාස 3කට පසුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්හට
දෙවන මාත්‍රාවෙන් මසකට පසුවත් මෙය ලබාගැනීමට හැකියාව තිබෙනවා. කුමන එන්නත් වර්ගයකින් පළමු සහ දෙවන මාත්‍රා ලබාගෙන තිබුණත් , ප්‍රතිශක්තිය තවත් ඉහළ දමන තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීමට එය බාධාවක් වෙන්නෙ නෑ.

සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් අනුගමනය කරමින් වසංගතය පාලනයට මෙතෙක් නොමද සහයෝගයක් ලබා දුන් ජනතාව ඉදිරි කාලය තුළ ද එළඹි සිහියෙන් කටයුතු කිරීම තුළින් නව වෛරස ප්‍රභේද ව්‍යාප්තිය වළකා ගැනීමට ද සියලු සහයෝගය ලබා දෙනු ඇති බවට අපි විශ්වාස කරනවා.

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Chil...
26/11/2021

කෝවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

රෝගයෙන් ආරක්ෂා වන ආකාරය කතාබහ කිරීමට පෙර මෙම රෝගය මොකක්ද කියන එකත් මෙහි රෝග ලක්ෂණ මොනවාද කියන එක එම රෝග ලක්ෂණ පහල වුවහොත් කුමක් කළ යුතුද කියන එක ගැන අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු.

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බවට වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනාවරණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධව පුළුල් දැනුම් පරාසයක් ලොව පුරා තවමත් නොමැති අතර මෙම ලිපිය මගින් අප දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම රෝගී තත්ත්වය ගැන දැනට යම්තාක් මට්ටමකට තහවුරු වූ කරුණු කිහිපයකි.

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමුම් තත්ත්වයක් මුල් කරගෙන හටගන්නා රෝගයක් ලෙස අර්ථකථනය වේ.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුල ද ඉතාමත් මෑත කාලීනව නිරීක්ෂණය කර ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ සමග පමණක් ඉදිරිපත් විය හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

• උණ
• උදරයේ වේදනාව
• වමනය
• පාචන තත්ත්වය
• බෙල්ලේ කැක්කුම
• සමෙහි පලු දැමීම
• ඇස් රතුවීම
• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ල එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්
• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්
• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම
• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම
• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ලෙස ළමා රෝග විශේෂඥයින් ඉල්ලා සිටිනවා.

එමෙන් ම පවතින තත්වය යටතේ දරුවන් COVID-19 ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

නිවසෙහි එක් අයෙකු හෝ කොවිඩ් ආසාදනය වුවහොත් නිවස තුළ කොවිඩ් වෛරසය පැතිරයාම සිදුවීමට ඉතාමත්ම වැඩි අවදානමක් ඇති නිසා නිවැසියන් සියලු දෙනාම මේ දිනවල නිවසෙන් පිටතට යාම අනිවාර්යයෙන්ම අවම කරගත යුතු වෙනවා. නිවසේ සිටින සම්පූර්ණයෙන් එන්නත් කරණය කරන ලද වැඩිහිටියන් පවා, එන්නත නිසා දැඩි රෝග තත්ත්වයෙන් බොහෝ දුරට ආරක්ෂාවක් ලැබුව ද, වෛරසය ශරීරගත වී, තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ අවදානමක් තියනවා.

දෑත් නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය, මුව ආවරණයක් නිවැරදිව පළඳින ආකාරය, පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්නා ආකාරය සහ කැස්ස / කිවිසුම් ආවරණය කරගන්නා ආකාරය ගැන ඔබ දැනටමත් දන්නා දේ දරුවාටත් පුරුදු කරන්න. ඔවුන් ඒවා නිවැරදිව පිළිපදින බවට වග බලා ගන්න.

එසේ ම සෙනග බහුලව ගැවසෙන එකිනෙකා ආසන්නයේ සිටින ස්ථාන වලට කුඩා දරුවන් රැගෙන යෑමෙන් වැලකිය යුතුයි. කුඩා දරුවන් නිතර මුව ආවරණය මෙන්ම නාසය හා මුඛය ස්පර්ශ කරන නිසා මෙවන් ස්ථානවල දී වෛරස ශරීරගත වීමේ හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් ම මුහුණු ආවරණ හෝ ෆේස් ෂීල්ඩ් භාවිතය සුදුසු නොවන වයස අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි අවදානම් ස්ථාන වලින් ඈත්කර තබාගැනීම වැදගත්.

නිවසට ආගන්තුකයන් පැමිණීම ද මේ කාලයේ හැකි සෑම විටම අවම කරගත යුතු වනවා. නිවැසියෙක් නොවන කෙනෙක් දරුවා වඩා ගැනීම සුරතල් කිරීම ආදී සමීප ආශ්‍රයක යෙදෙන සෑම අවස්ථාවකම දරුවකු හට COVID - 19 වෛරසය ශරීරගත වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

COVID - 19 වසංගත කාලයේ වෙනදාමෙන් සමාජශිලී වීමට ඉඩ නොලැබීම නිසා දරුවන් අසතුටට පත් වනවා වෙන්නට පුළුවන්. නිවසේ දී හැකිතාක් ඔවුන්ව ක්‍රියාකාරීව සතුටින් තැබීමට කටයුතු කරන්න. දරුවන් සමග සතුටින් නියැලිය හැකි, දරුවාගේ බුද්ධි වර්ධනයට ද රුකුල් දෙන, නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙන්න. දුරකථන හා අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ නෑදෑ හිතමිතුරන් හා සම්බන්ධ වීමට හැකිතාක් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න.

මේ ගතවන වසංගත කාලයේ මනා සිහි බුද්ධියකින් කටයුතු කිරීම අප මෙන්ම අපේ දරුවන්ගේ ආරක්ෂාවට ද මහත් රුකුලක් වනවා.

07/09/2021

🚨 ඇමරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් එරට මාත්‍රා දෙකකින් යුත් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාගත් පුද්ගලයන් සදහා බූස්ටර් මාත්‍රාවක් ලබාදෙන බව මෑතකදී දැනුම් දෙනු ලැබුවා.

එම නිවේදනයේ සදහන් වුණේ, ප්‍රතිශක්තිකරණ දුබලතා සහිත පුද්ගලයන් හට එම එන්නත් වර්ගයටම අයත් තුන්වන මාත්‍රාවක්ද, බූස්ටර් මාත්‍රා ලබාදීමටත් පෙර සිටම ආරම්භ කරන බවයි.

💡 බූස්ටර් මාත්‍රාව සහ තුන්වන මාත්‍රාව අතර වෙනස කුමක්ද?

බූස්ටර් මාත්‍රාව සහ තෙවන මාත්‍රාව වෙනස් වන්නේ ලබාදෙන එන්නත් මාත්‍රාවේ අන්තර්ගතය කුමක්ද යන්න මත නොවන අතර, එම මාත්‍රාව ලබාගැනීමට සුදුසු පුද්ගලයන් කවුරුන්ද සහ ලබාදෙන්නේ කුමන කාලයේදීද යන්න මත වන බව CDC ආයතනය පෙන්වා දෙනවා.

එම ආයතනය නිර්දේශ කර ඇත්තේ, ප්‍රතිශක්තිකරණ දුබලතා සහිත (Immunocompromised) පුද්ගලයන් ෆයිසර් හෝ මොඩර්නා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගෙන අවම වශයෙන් සති 04 කට පසුව තුන්වන මාත්‍රාව ලබාගැනීම සුදුසු බවයි.

බූස්ටර් මාත්‍රාව ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාගත් ඕනෑම අයෙකුට ලබාගත හැකි බවට CDC ආයතනය නිර්දේශ කොට තිබෙනවා. එම බූස්ටර් මාත්‍රාව ලබාගත හැක්කේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 08 ක කාලයක් ගතවීමෙන් පසුවයි.

මේ අතර, බහරේනයේ සයිනොෆාම් එන්නත ලබාගත්, කොවිඩ් සංකූලතා ඇතිවීමේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් දෙවන මාත්‍රාව ලබාගෙන, අවදානම් මට්ටම මත, මාස 01 කට හෝ 03 කට පසුව සයිනොෆාම් හෝ ෆයිසර් තුන්වන මාත්‍රාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එරට අනෙක් ජනතාවට බූස්ටර් මාත්‍රාව ලැබෙන්නේ, දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයක් ගතවූ පසුවයි.

මේ අනුව, එම රටවල් විසින් දරුණු හෝ සැලකිය යුතු ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත පුද්ගලයන් සදහා තුන්වන මාත්‍රාව ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ඇමරිකාව තුළ, සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරෙන බූස්ටර් මාත්‍රා එන්නත්කරණය වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එරට සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටි නිවාස වල වෙසෙන පිරිස් වේ.

කොවිඩ් එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබාදීමේ අරමුණ වන්නේ කල්ගත වීමත් සමග එන්නත් ප්‍රතිශක්තිකරණය පහළ යාම වැළැක්වීම සදහා වන අතර තුන්වන මාත්‍රාව ලබාදෙන්නේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසුවද ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණයක් ගොඩනගා ගැනීමට අපොහොසත්, ප්‍රතිශක්තිකරණ දුබලතා සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සදහායි.

💡ෆයිසර් සහ මොඩර්නා බූස්ටර් මාත්‍රාව පළමු මාත්‍රා දෙක හා සමානද?

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, බූස්ටර් මාත්‍රාවේ අඩංගු වී ඇත්තේ පළමු මාත්‍රා දෙකෙහි අඩංගු වූ අන්තර්ගතයමද යන්න තවමත් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බවයි.

බූස්ටර් මාත්‍රා ලබාදිය යුතු කාලය නිර්ණය කිරීම, මේ වන විට විද්‍යාඥයින් සහ සෞඛ්‍ය විශේෂඥයින් අතර මතභේදයට තුඩුදී ඇති කරුණක් වී තිබෙනවා. කෙසේවෙතත්, ඔවුන් දරන පොදු මතය නම්, කොවිඩ්-19 වසංගතයේ පුළුල් ව්‍යාප්තිය හේතුවෙන් බූස්ටර් මාත්‍රා දිගින් දිගටම ලබාදීමට සිදුවනු ඇති බවටයි.

"වෛරස යනු තවත් එක් ජීවීන් කොටසක් නොවේ. ලොව පුරා වෛරසයට ගොදුරු වන පුද්ගලයන් සිටින තාක්, වෛරසයද නොනැසී පවතින අතරම එහි විකෘතීන් ඇතිවීමේ අවදානමද දිගින් දිගටම පවතිනවා." යනුවෙන් ජාත්‍යන්තර එස්ඕඑස් සංවිධානයේ, ගෝලීය වෛද්‍ය අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති වෛද්‍ය රොබට් ක්විග්ලි ප්‍රකාශ කර තිබෙනවා.

වෛරසයේ විකෘතීන් ඇතිවීමේ අවදානම පවතින තුරාවටම, එන්නත් සහ බූස්ටර් මාත්‍රා වල අවශ්‍යතාවයද දිගින් දිගටම පවතිනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මගින් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් රෝගය ආසාදනය, රෝහල්ගත වීම සහ මරණයට පත්වීම වැළැක්වීමේ හැකියාව වෙනත් එන්නත් වලට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව බහරේනයේ සහ කොලුම්බියා සරසවියේ පර්යේෂකයන් විසින් මෑතකදී සිදුකරන ලද අධ්‍යයනයකින් ⁣අනාවරණය වී තිබෙනවා.

බහරේනයේ ජනගහනයෙන් බහුතරයක් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබුණද, එරට අවදානම් කාණ්ඩයට අයත් පිරිස් වෙත බූස්ටර් මාත්‍රාවක් ලබාදීම ආරම්භ කෙරුණේ පසුගිය මැයි මාසයේදිය. එහිදී බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදී ඇත්තේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්.

බහරේනයේදී සිදුකරන ලද එම අධ්‍යයනයේදී එරට කොවිඩ් මර්දන එන්නත්කරණය සදහා යොදාගත් සියලුම එන්නත් වර්ග පිළිබඳව සොයාබලා තිබෙනවා, එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනෙකා) එන්නත ලබාගත් පිරිසෙහි සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත ලබාගත් පිරිසෙහි, දරුණු රෝගාබාධ වලට ලක්වීම එන්නත්කරණයට ලක්නොවූ පිරිසට වඩා අඩුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.

කෙසේවුවද, එරට එන්නත්කරණයට ලක්වූ පිරිස අතර සිටි PCR වාර්තා ධනාත්මක වූ පුද්ගලයන්ගේ මරණ අනුපාතයන් සලකා බැලීමේදී, 0.46% ක් සයිනොෆාම් එන්නත ලබාගත් පිරිසයි, 0.15% ක් ෆයිසර් එන්නත ලබාගෙන තිබූ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් සිට ඇත්තේ 0.03% ක් පමණයි.

ආසාදනය වීම් සහ රෝහල්ගත වීම්ද, ඩෙල්ටා ප්‍රභේදය පැතිරගිය කාලයේදී, ඉහත සදහන් වූ අනුපාතයන්ට සමානව පැවති බවට මෙහිදී හෙළිවී තිබෙන අතර, ස්පුට්නික් V එන්නත මගින් අතරමැදි මට්ටමේ ප්‍රතිඵල ලැබී ඇති බවද එහිදී අනාවරණය වී තිබෙනවා.

එම අධ්‍යයනයේ, සම කර්තෘ වශයෙන් කටයුතු කළ, බහරේන ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජලීලා අල්-සායෙඩ් ජවාඩ් පවසා ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමග, ෆයිසර් සහ සයිනොෆාම් එන්නත් ලබාගත් වයස්ගත දෙපිරිස අතර රෝහල්ගත වීම්, දැඩිසත්කාර වලට ඇතුලත් කිරීම් සහ මරණ වල සැලකිය යුතු වෙනසක් ඔවුන් සොයාගත් බවයි.

2021 අගෝස්තු 28 දිනය වන විට බහරේනය, කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් අතරට එක්ව සිටියා. ඒ එරට ජනගහනයෙන් 66% ක් සම්පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්ව අවසන් කිරීමෙන්. එදින, ඇමරිකාවේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටියේ ජනගහනයෙන් 52% ක් පමණයි.

ඒ වන විට, මිලියන 1.5 ක පමණ ජනගහනයක් වෙසෙන බහරේනයෙන්, වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 272,000 ක් වූ අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,388 ක් ලෙසයි. එරට එන්නත්කරණය සදහා මුලින්ම භාවිතා කෙරුණේ සයිනොෆාම් එන්නතයි, එරට සයිනොෆාම් එන්නත ලබාගත් පිරිස, ෆයිසර් එන්නත ලබාගත් පිරිසට වඩා තුන් ගුණයකින් ඉහළයි.

වෛද්‍ය සයෙඩ් වැඩිදුරටත් පවසා ඇත්තේ, එක් රටකට අයත් ජනගහනයක් කෙරෙහි විවිධ එන්නත් වර්ග වල බලපෑම නිරීක්ෂණය කළ හැකිවූ නිසා මෙම අධ්‍යයනය සුවිශේෂී එකක් බවයි. මෙහිදී, සමාන වයස් වල ස්ත්‍රී/පුරුෂ යන කාණ්ඩයන්ට අයත් පුද්ගලයන් පිළිබඳව අධ්‍යයනය කර තිබීම හේතුවෙන් ඔවුන්ගේ දත්ත සංසන්දනය කිරීමේ හැකියාව ලැබුණු බවද ඔහු පවසනවා.

ඊට මාස 03 කට පමණ පෙර, 2021 ජූනි 09 වනදා බහරේනයේ කොරෝනා වෛරසය මර්දනය සඳහා වන ජාතික වෛද්‍ය කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුවක් අමතමින්, එහි සාමාජිකයෙකු වන බහරේන් ආරක්ෂක බලකා රෝහලේ බෝවන රෝග පිළිබඳ උපදේශකයකු සහ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ලුතිනන් කර්නල් වෛද්‍ය මනාෆ් අල් කහ්තානි විසින් එරට එන්නත්කරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කොට තිබුණා.

එහි සදහන් වුණේ, එන්නත් මාත්‍රා දෙකක් මගින් ලැබෙන ආරක්ෂාව කාලයත් සමග පහත වැටෙන බැවින් අවශ්‍ය වූ විට බූස්ටර් මාත්‍රා ලබාගැනීම වැදගත් බවයි.

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් තෙවන හෝ බූස්ටර මාත්‍රාව ලෙස, තවත් සයිනොෆාම් මාත්‍රාවක් හෝ ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාගත හැකි බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

අනෙක් කොවිඩ් මර්දන එන්නත් සදහාද බූස්ටර මාත්‍රා අවශ්‍ය වන බව සඳහන් කර එහිදී ඔහු සදහන් කර තිබෙනවා.

එරට එන්නත්කරණයේ සාර්ථක බව පෙන්වා දෙමින් ඔහු සදහන් එදින කර ඇත්තේ, එන්නත්කරණයට ලක්වීමෙන් පසු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සිටින්නේ 1% - 2% තරම් කුඩා ප්‍රතිශතයක් බවයි.

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති, කොවිඩ් සංකූලතා ඇතිවීමේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 03 කට පසු තෙවන මාත්‍රාවක් ලබා ගැනීම සුදුසු බව එදින වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙන අතර අධි අවදානම් කාණ්ඩයට අයත් නොවන ජනතාව බූස්ටර මාත්‍රාව ලබාගත යුත්තේ, දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයකට පසුවයි.

දෙවන සහ තෙවන මාත්‍රා අතර වූ මෙම මාස 03 ක කාල පරතරය, වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් සදහා මාස 01 ක් දක්වා අඩු කර ඇති බව, ඊට මාස 02 කට පමණ පසු, පසුගිය ජූලි මස 29 වනදා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණා.

තවද, 2020 වසරේදී කොවිඩ් වැළදී සුවය ලැබූ, සයිනොෆාම් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සුවය ලබා මාස 03 ක් ගතවූ පසුව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ලබන බවත්, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා, 2021 දී කොවිඩ් ආසාදනය වී සුවය ලබන අයට බූස්ටර මාත්‍රාවක් අවශ්‍ය නොවන බවද මෙහිදී දැනුම් දී තිබෙනවා. මේ අතර එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ්-19 ආසාදනය වූ දිනයේ සිට මාස 12 කට පසු, බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම යෝග්‍ය බවයි.

🌐මූලාශ්‍ර :
==========

ℹ️ අධි අවදානම් කාණ්ඩයට අයත් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් සදහා සයිනොෆාම් දෙවන මාත්‍රාව සහ තෙවන මාත්‍රාව අතර කාල පරතරය.- https://healthalert.gov.bh/en/article/News-992597 #:~:text=the%20interval%20between%20the%20second%20dose%20of%20Sinopharm%20and%20a%20booster%20shot%20is%20to%20be%20reduced%20to%201%20month%20for%20eligible%20individuals%20aged%2040%20and%20above.

ℹ️ අධි අවදානම් කාණ්ඩයට අයත් වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් සදහා සයිනොෆාම් දෙවන සහ තෙවන මාත්‍රා අතර කාල පරතරය, සාමාන්‍ය පුද්ගලයන් සදහා සයිනොෆාම් දෙවන මාත්‍රාව සහ බූස්ටර් මාත්‍රාව අතර කාල පරතරය.
https://healthalert.gov.bh/en/article/News-428584 #:~:text=individuals%20who%20have%20received%20a%20Sinopharm%20vaccine%2C%20and%20are%20considered%20high-risk%2C%20will%20be%20eligible%20for%20a%20booster%20dose%20after%203%20months%20from%20receiving%20their%20second%20dose.%20A%206%20month%20interval%20will%20apply%20to%20all%20those%20not%20considered%20high%20risk.%C2%A0

ℹ️ කොවිඩ් ආසාදනය වූ දින සිට බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ දිනය දක්වා කාල පරතරය - https://healthalert.gov.bh/en/article/News-664890 #:~:text=Eligible%20individuals%20may%20now%20receive%20a%20booster%20shot%2012%20months%20after%20the%20date%20of%20their%20infection.%C2%A0%20%C2%A0

ℹ️ ෆයිසර් සහ මොඩර්නා බූස්ටර් මාත්‍රාව ලබාදීම -
https://www.cdc.gov/media/releases/2021/s0818-covid-19-booster-shots.html #:~:text=We%20are%20prepared%20to%20offer%20booster%20shots%20for%20all%20Americans%20beginning%20the%20week%20of%20September%2020%20and%20starting%208%20months%20after%20an%20individual%E2%80%99s%20second%20dose.

ℹ️ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාගත් ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත පුද්ගලයන් සදහා තුන්වන මාත්‍රාව ලබාදීම
https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/recommendations/immuno.html

හැමෝටම සුබ ආරංචියක් 👏
23/07/2021

හැමෝටම සුබ ආරංචියක් 👏

23/07/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when TV EternalVoice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share