Hope.lk

Hope.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hope.lk, Media/News Company, .

Sri Lankan Youth Political Action Committee is the platform of choice for students and young professionals to participate in and make a meaningful contribution to political affairs and governance of the country, without being part of political party.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ...
10/07/2023

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය ජනවාරි 12 වනදායි. එම වන්දි මුදල් අද (08) දක්වා ගෙවා නොමැති බව වාර්තා වනවා. අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දුවක් දෙමින් අදාළ වන්දි මුදල් මාස 6ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට නියෝග කළා. මේ අනුව මාස 6ක කාලය ලබන 12වන බදාදා අවසන් වනවා.
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පරිදි වන්දි මුදල් පරිදි නොගෙවීම සිදුනොකළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් බවයි.
බුද්ධි තොරතුරු ලබා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස පසුගිය ජනවාරි 12 වනදා නියෝග කළා.
මේ අනුව පාස්කු ප්‍රහාරවල වන්දිතයින්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා. තවද රුපියල් මිලියන 75 බැඟින් වූ වන්දි ගෙවන ලෙස පුජිත ජයසුන්දරට සහ නිලන්ත ජයවර්ධනට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා. රුපියල් මිලියන 50 වන්දියක් ගෙවන ලෙස හේමසිරි ප්‍රනාන්දුට නියම කළ අතර සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කරනු ලැබුවා.
මෙම වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පස් දෙනාට නියෝග කර තිබුණා.


පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) ද...
10/07/2023

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිළිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද මෙය ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව සිදුකරන බවට පෙනී යන බවත්, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් තැබීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.


දේශීය බිත්තර ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.ඒ අනුව දේශීය බිත්...
10/07/2023

දේශීය බිත්තර ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.

ඒ අනුව දේශීය බිත්තර ඉල්ලුම 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර බිත්තර නිෂ්පාදනය ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මස්, මාළු මිල ඉහළ ගොස් ඇති නිසා බිත්තර සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි සති දෙක තුළ ඉල්ලුම අඩු වූ පසු නැවතත් බිත්තර මිල අඩුවනු ඇති බවයි සරත් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.


අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වන...
10/07/2023

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වනවා.

මේ වන විට අභියාචනා ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් හා විරෝධතා 11,000 ක ප්‍රමාණයක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ඒ අනුව ලැබී ඇති අභියාචනා හා විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව තෝරාගත් පිරිසගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ත...
10/07/2023

ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන ...
07/07/2023

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගා කළහොත් සිරගත වීමට සිදුවිය හැකි බවත්, ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාල රාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනු​ව ආයුර්වේද කොමසාරිස් විසින් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේ.

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ...
07/07/2023

ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් සේවාව පිළිබඳ සියලු කටයුතු මේ වන විට දිස්ත්‍රික්ක පොලිස් ප්‍රධානීන් විසින් සිදු කරගෙන යන බවයි.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඕනෑම අවස්ථාවක කැඳවා අදාළ පත්වීම අනුමත කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

මිල අඩු නොකරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමා...
23/06/2023

මිල අඩු නොකරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
''අඩු මිලට දේශීය නිෂ්පාදන සකස් කිරීමට වැඩපිළිවෙළක් අප සකස් කරගත යුතුයි. 1864 පාන් ආඥා පනත අවලංගු කරන්න මම ඉල්ලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවටත් හා වෙළෙඳ අමාත්‍යාංශයටත් එම පනතින් කිසිදු වැඩක් කර ගන්න බැහැ. ප්‍රමිතිය බලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. බර බලන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව. පාන් ආඥා පනත කොටස් තුනකට වෙන් වෙලා. එම පනත අවලංගු කරලා පාන් සඳහා නව පනතක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් මිල අඩු වෙයි කියලා විශ්වාස කරනවා.
ඒ වගේම පාරිභෝගික ජනතාවට සහන ලබා නොදෙන සමාගම්වලට දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට වන්නේ නැහැ. මේ රටේ තිබෙන ඇතැම් සමාගම් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට කටයුතු කර නැහැ. නමුත් ඔවුන් රජය වෙතින් ලබාගත හැකි සහන උපරිමයෙන් ලබා ගෙන තිබෙනවා. ඒ තුළ ඔවුන් අසාමාන්‍ය ලෙස ලාභ ලබනවා. මොවුන් රටේ ජනතාව ගැනත් සිතිය යුතුයි.
රට ගොඩනඟන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන භාණ්ඩවල මිලත් අඩු විය යුතුයි. රටේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන්න, සාමාන්‍ය පුරවැසියෙකුට නිවසක් ඉදිකර ගන්න, වැසිකිළියක් ඉදිකරන්න අවශ්‍යයි. ඒ නිසා අසාමාන්‍ය ලෙස මිල වැඩි කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නිතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා"


හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.ඒ අනුව, කොළඹ 11,12...
23/06/2023

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුමේ සිදු කරන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ...
23/06/2023

උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් අඩංගු ගැසට් නිවේදන පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වෙළඳුන් විවිධ දේ සඳහන් කළද මේ දක්වා ගෙන ආ ආර්ථික වාසිය ලබාගතහොත් භාණ්ඩ මිල අඩුකළ හැකි බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.


අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බව එම සබ්මැරීනය අයත් OceanGate සමාගම නිවේද...
23/06/2023

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බව එම සබ්මැරීනය අයත් OceanGate සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, ෂාසාඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමන් ඩාවුඩ්, හමිෂ් හාඩින් සහ පෝල්-හෙන්රි නර්ජොලට් මෙලෙස මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ටයිටැනික් නෞකාව අසල සෝදිසි කිරීමේ ප්‍රදේශය තුළ ROV යානයක් මගින් සෝදිසි කිරීමේදී අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ බවට සැකකෙරෙන සුන්බුන් ක්ෂේත්‍රයක් සොයා ගැනීමෙන් පසු සමාගම මේ බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම සුන්බුන් අතර සබ්මැරීනයේ බවට සැකකෙරෙන ගොඩබෑමේ රාමුවක් සහ ගිල්විය හැකි පසුපස ආවරණයක් මෙලෙස සොයාගෙන තිබුණා.


‘විකිණීමද? ප්‍රතිව්‍යුහගතකරණයද?’ යනුවෙන් ලංවිම කොටස් කර සමාගම් 15 කට විකිණීමට එරෙහි සමුළුවක් ඊයේ (21) කොළඹ විහාරමහාදේවි ...
22/06/2023

‘විකිණීමද? ප්‍රතිව්‍යුහගතකරණයද?’ යනුවෙන් ලංවිම කොටස් කර සමාගම් 15 කට විකිණීමට එරෙහි සමුළුවක් ඊයේ (21) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ දී පවත්වනු ලැබුවා. ඒ සඳහා ලංකා විදුලි බල මන්දය නියෝජනය කරන ය ලංවිම සියලු වෘත්තීය සමිති එක්ව සිටි බවයි වාර්තා වන්නේ. මෙම සමුළුව සඳහා රට පුරා විදුලි සේවකයින් විශාලා පරිසක් එක්ව සිටි අතර සහභාගී වූ සියලු සේවකයින්ගේ ඒකමතිකත්වයෙන් සමුළු යෝජනා 3ක් සම්මත කරගෙන තිබෙනවා.
ඒවා වන්නේ,
“යෝජනා අංක 1
ජනතාවට රටට ඉමහත් සේවයක් සපයන වසර පනස් හතරකට වැඩි කාලයක් පුරා අප රටේ සියලු අඳුරු අහුමුලු විදුලියෙන් ඒකාලෝක කළ ලංකා විදුලිබල මණ්ඩලය, සුවිශේෂී ජාතික සම්පතකි.
1969 අංක 17 දරණ පනතින් ස්ථාපනය කළ මෙම ආයතනය ආරම්භක අවධියේ දී ජාතික විදුලි ශ්‍යතාවය සම්පූර්ණන්ධයෙන්ම පාහේ ජල විදුලිය මගින් සපයා ගත් අතර, ජනන වියදම් අවම වීම නිසා මෙම ආයතනයේ සේවක වැටුප් දීමනා බොහෝමයක් සේවකයන්ට ලබා දුන්නේ රටේ ජනතාවට ද සහන සලසන අතරතුර, කිසිදු අලාභයක් නොලැබූ ආයතනයක් ලෙසට ය. ඒ අනුව අවිවාදයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය ජාතිකව හා ජාත්‍යන්තරව ඉමහත් කීර්තියක් ලබා ගත් ආයතනයකි.
කෙසේ නමුත්, 1969 සිට ආ ගමන තුළදී, මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති, නිවැරදි තීන්දු නිසි වෙලාවට ක්‍රියාත්මක නොකිරීම, යෝජිත විදුලි බලාගාර ඉදිකිරීමේ ජනන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රියාත්මක වෙමින් පැවති ජනන ව්‍යාපෘති හිටි හැටියේ නවතා දැමීම, අකාර්යක්ෂමතාවය හා දූෂණ වංචා සහ මහජන උපයෝගීතා කොමිසමේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හේතුකොටගෙන, ලංවිම නැමැති එතෙක් කිසිදු අලාභයක් නොලැබූ ආයතනය පාඩු වුණ නොව, පාඩු කරන ලද ආයතනයක් බවට පත් කරන ලදී.
මෙම ශෝචනීය තත්ත්වයට ලංවිම පත්කළ වගකිවයුත්තන්, මෙම විනාශය වගකීමෙන් නිර්ලජ්ජිතව නිදහස් වූයේ එම සියළු චෝදනා දේශයේ ඒකාලෝක කිරීමට දිවා රෑ වෙහෙස මහන්සි නොබලා කැපවීමෙන් වැඩ කළ, ඇතැම්විට රාජකාරියේ දී තම ජීවිතය ද පූජා කළ සේවකයින්ටද පරිභව කරමින්ය.
ලංකා විදුලි බල මණ්ඩලය පමණක් නොව, රටේ මුළු බලශක්ති ක්ෂේත්‍රය ම නගා සිටුවීමට සංවිධානාත්මක, සැලසුම් සහගත හා නිවැරදි කාල රාමුවක් සහිත ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුවිය යුතුමය.
නමුත් ඒ මුවාවෙන් ජනන අංශය සමාගම් 06ක ට ද, සම්ප්‍රේෂණ අංශයේ සමාගම් 02කට ද ආදී වශයෙන්, විවිධ සමාගම් 15 කටත් අධික ප්‍රමාණයකට වෙන්කර විකිණීමට යම් උත්සාහයක් ඇත්තේ නම්, රටේ අනාගතය වෙනුවෙන් එය කොන්දේසි විරහිතව පරාජය කළ යුතුය.
මෙම ආයතනය විකුණා දැමීමේ උත්සාහයට ඉඟි පළ කරමින් ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරු විවිධ අවස්ථාවන්වල දී ප්‍රකාශ කර ඇත්තේ පාඩු ලබන ආයතන පමණක් නොව ලාභ ලබන ආයතන ද විකිණීමට සූදානම් කර ඇති බවයි. ඒ අනුව 1969 අංක 17 දරණ විදුලිබල මණ්ඩල පනත අහෝසි කරමින්, ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID) හරහා ඇමරිකානු නියෝජිතයින් විසින්, අප කිසිවෙක් නොදන්නා, එක්තරා පනතක් නිර්මාණය වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
2002 විදුලි බල ප්‍රතිසංස්කරණ යෝජනා පනත පාර්ලිමේන්තුවේ දී අනුමත වුවද සක්‍රීය කරගත නොහැකි විය. නමුත් එම පනතේ ඇති ප්‍රතිපාදනයන්ට ද එහා ගොස්, පුද්ගලීකරණය නොහොත් සමාගම් වලට කඩා නෝරච්චෝලේ වැනි බලාගාර ඇතුළු ලංවිම විකුණා දැමීමට හැකි වන පරිදි පනත් කෙටුම්පත් කිරීමෙන්, බලශක්ති ක්ෂේත්‍රයට සිදු විය හැකි බලපෑම, රටේ ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බව මේ මහා ජාතික සමුළුව අවධාරණය කරනු ලබයි.
මෙතෙක් නිවැරදිව තක්සේරු නොකළ, රටපුරා ඇති ලංවිම භෞතික සම්පත් වලටත්, මිල කළ නොහැකි මානව සම්පතටත් කොපමණ මිලක් නියම කරාවි ද? එයට එසේ මිලක් නියම කළ හැකි ද? කිසිසේත්ම නොහැක.
මෙවන් වටපිටාවක පුද්ගලීකරණයට හෝ විකුණා දැමීමට අවශ්‍ය අවකාශ සලසමින් ඉදිරිපත් කිරීමට නියමිත නව පනත ඉදිරිපත් කිරීම වැළැක්විය යුතු යැයි තරයේ විශ්වාස කරන මෙම ඒකාබද්ධ ජාතික මහා සමුළුව, ඒ සඳහා රටේ සියළුම ජනතාවද සියලුම දේශපාලන පක්ෂ ද බහුජන සංවිධාන ද සියලුම ආගමික නායකයන් ද වහා ඉදිරිපත් වී, ඔවුන්ගේ සහයෝගය ද ඇතිව මෙම අනතුර වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් දැනුවත් කර, ඒ සඳහා සහයෝගය ලබා ගැනීමට කටයුතු කිරීමටත්, ලංවිම සේවකයන්ගේ ද බල ශක්ති ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් ගේද අදහස් වලට කන්නොදී රටට අවාසිදායක යෝජනා ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන්නට උත්සාහ ගන්නේ නම්, ඊට විරුද්ධව ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටීමටත් යෝජනා කරන අතරම, එවැනි යෝජනාවක් පරාජය කිරීමට ගත හැකි උපරිම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම සඳහා ද, ලංවිම සියලුම වෘත්තීය සමිති සාමාජිකත්වය සහභාගිත්වයෙන් මුළු දෙන මෙම ජාතික මහා සමුළුව යෝජනා කර සිටියි.
කෙසේ නමුත් දැන් හෝ ජනතාවගේ සහ ලංවිම සේවකයන්ගේ ද බල ශක්ති ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් ගේද අදහස් ලබාගෙන ඔවුන්ගේ හඬට කන් දෙමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා, පුද්ගලීකරණයට හෝ විකුණා දැමීමට අවකාශ නොමැති සැලසුම් සහගත ප්‍රායෝගික කාල රාමුවක් සහිතව සිදු කරනු ලබන නිවැරදි ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියක් සඳහා, භේදයකින් තොරව සහය ලබා දෙන බවද මෙම ජාතික මහා සමුළුව යෝජනා කර සිටියි.
යෝජනා අංක 2
පුද්ගලීකරණයට හා සමාගම් වශයෙන් වෙන් කර විකුණා දැමීමට අවකාශ සලසන, ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට මුවා වී මේ වන විටත් පාලකයින් විසින් සේවක අයිතිවාසිකම් බරපතළ කප්පාදුවකට ලක් කරමින් සිටී. ඒ අනුව අද දින මුළු දෙන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති ජාතික සමුළුව පහත සඳහන් කරන අයිතිවාසිකම් කප්පාදු කිරීම් අහිමි කිරීම් කෙරෙහි දැඩි අවධානය යොමු කර සිටී.
දශක ගණනාවක් මුළුල්ලේ ලේ දහඩිය ශ්‍රමය කැප කළ ලංවිම සේවකයින්ගේ දරුවන් ඇතුළු තුන් දහස් අටසියයක් පමණ වූ NVQ පුහුණුවන්නන් වසර හතරක සාර්ථක පුහුණුවකින් පසු හා ප්‍රායෝගික පරීක්ෂණයකින් පසු, ලංවිම ස්ථිර සේවයට බඳවා ගනු ලබන බවට ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසිය කඩකරමින් හා නොසලකා හරිමින් 2023 අප්‍රේල් 24 වන දින ලංවිම සියලුම වෘත්තිය සමිති සහභාගිවූ රැස්වීමේදී විෂය භාර අමාත්‍යවරයා තරයේම ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව එම සේවකයන් ස්ථිර කිරීමට හැකියාවක් නොමැති බවය.
වසර හතරකටත් වැඩි කාලයක් තම තරුණ දිවිය කැපකරමින් ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන සිටි එම යෞවනයන්ගේ බලාපොරොත්තු හා අපේක්ෂා සුන් නොකර, නීත්‍යානුකූලව පොරොන්දු වී ඇති පරිදි වහාම ඔවුන් සියලු දෙනා සේවයේ ස්ථීර කරන ලෙසත්, මෙතෙක් ලංවිම සේවකයන්ට ලබා නොදුන් ඔවුන්ට හිමි වෛද්‍යාධාර දීමනාව හා ප්‍රසාද දීමනාව කඩිනමින් වහාම ලබා දෙන ලෙසත්, අභ්‍යන්තර උසස්වීම් අත්හිටුවමින් නිකුත් කර ඇති අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය වහාම අවලංගු කරන ලෙසත් මෙම මහා සමුළුව යෝජනා කර සිටියි.
තවද ලංකා විදුලබල මණ්ඩලයේ සේවකයින් තම සේවක අර්ථසාධක අරමුදලින් මෙතෙක් භුක්ති විඳි සියලුම අයිතීන් එලෙසින්ම පවත්වාගෙන යන ලෙසත්, ලංවිම සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප කිසිදු කප්පාදුවකින් තොරව කොන්දේසි විරහිතව එලෙසින්ම ලබා දෙන ලෙසත්, 2023 ජූනි මස විසි එක් වන දින බදාදා එනම් අද දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී මුළු දෙන මෙම ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ ජාතික මහා සමුළුව ආණ්ඩුවට බල කර සිටින අතර එසේ නොවන ඕනෑම තීරණයක් පරාජය කිරීම සඳහා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා ලෙස එකගතාවය සියලුම වෘත්තීය සමිති වෙත පළ කර සිටියි.
යෝජනා අංක 3
කම්කරු නීතියට අනුකූලව දැනට ලංවිම වෘත්තිය සමිති කටයුතු වෙනුවෙන් නීත්‍යානුකූලව නිදහස් වී සිටින සියලුම වෘත්තීය සමිති නායකයින්, ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට මුවා වී නීති විරෝධීව නැවත සේවයට කැඳවා ඇත. තවද ඉදිරි වර්ෂය සඳහා නීත්‍යානුකූලව ඉල්ලා ඇති සියලුම නිදහස් කිරීම් මේ වනවිට අත්හිටුවා ඇත.
මේ වන විට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනතේ ඇති ප්‍රතිපාදන අනුව වෘත්තිය සමිති වල සිවිල් සංවිධානවල මාධ්‍යවල හා ජනතාවගේ භාෂණයේ, විරෝධය පළ කිරීමේ සහ අදහස් දැක්වීමේ අයිතියට එල්ල කර ඇති බරපතළ තර්ජනය නීති විශාරදයන් විසින් පැහැදිලිව පෙන්වා දී ඇත.
මෙවන් පරිසරයක් තුළ මර්දනය මගින් ගැටලු විසඳීමට ආණ්ඩුව ගන්නා උත්සාහය දැඩිව හෙලා දකින මෙම මහා සමුළුව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඉලක්ක කරගනිමින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත මගින් ද, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහසට බාධා පමුණුවමින් මාධ්‍ය අයිතිය යටපත් කරමින් ජනමාධ්‍ය මර්දනය කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර සිටියි.
මෙම සියලුම මර්දනකාරී තත්ත්වයන්, ලංකා විදුලිබල මණ්ඩලය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා දැඩි බාධාවක් වන බව ජාතික මහාසමුළුව අවධාරණය කරන අතර, ලංවිම හා ලංවිම සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කර ගැනීමට එම සියලුම මර්දන ක්‍රියාමාර්ගයන් පරාජය කිරීම සඳහා රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය, ආගමික නායකයින්, සිවිල් සංවිධාන හා මහජනතාව සමඟ එක්වී දැඩි විරෝධතා ක්‍රියාමාර්ග ගතයුතු යැයි මෙම සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ ජාතික මහා සමුළුව යෝජනා කර සිටියි”
සමුළුව විසින් ඉදිරිපත් කළ මෙම යෝජනා රැස්ව සිටි පිරිස් වින් සිය දකුණු ඇත ඔසවා එකඟතාව ලබාදෙමින් අනුමත කර තිබෙනවා. ඒ අනුමැතිය ලබාදී ඇත්තේ එක් එක් යෝජනාවට වෙන් වෙන් වශයෙනුයි.


පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ට අනවසරයෙන් පැමිණි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉ...
22/06/2023

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ට අනවසරයෙන් පැමිණි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉන් ඉවත් කිරීමට කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් පියවර ගෙන තිබෙනවා. මෙම කමිටුව හමුවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේ දී යි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.
කාරක සභාව විසින් රජයේ ආයතන කැඳවන අවස්ථාවලදී එම ආයතන අයත් අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහභාගි නොවීම එහි ඇති සම්ප්‍රදාය යි.


‘Industry 2023’ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ...
22/06/2023

‘Industry 2023’ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ නිෂ්පාදන ආයතන 26ක දේශීයව එකලස් කළ වාහන 150ක ට අධික ප්‍රමාණයක් සහිත ‘ජාතික වාහන පෙරහැර’ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පවත්වා තිබෙනවා. ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර කොළඹ පිටකොටුව, මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණි මෙම වාහන පෙරහැර ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරන බවයි අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසන්නේ.
2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 4 දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුවද 2021 දී සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වාදීමෙන් පසුව මේ වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කරමින් එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීමට හැකිවී ඇතැයි වාර්තා වෙනවා.
වර්ථමානය වන විට රටේ නව නිෂ්පාදන කර්මාන්ත රැසක් බිහිවී ඇති බවත් ඒ අතරින් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සුවිශේෂී වී ඇති බවත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. එකලස් කිරීමේ කටයුතු, උපාංග නිෂ්පාදනය මේ වන විට දේශීය වෙළඳපළට පමණක් සීමා නොවී එම උපාංග ලෝක අගයදාමයන් සංවර්ධනය කිරීමට සම්බන්ධ කිරීමට දේශීය නිෂ්පාදකයන් සමත්ව සිටින බවයි ඔහු කියන්නේ. විවෘත වෙළඳපළ ආර්ථිකයක් අප රටේ පැවතියද දියුණු කළ හැකි කර්මාන්ත ක්ෂේත්‍ර හදුනාගෙන එම කර්මාන්ත සඳහා ආරක්ෂනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට යාමට අපට කිසිදු හැකියාවක් නොලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.


දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින ඝාතන සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්ප...
22/06/2023

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින ඝාතන සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊයේ (21) පැවති සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුනි 21, ඊයේ දිනය දක්වා කාලය තුළ සිදුකළ වෙඩි තැබීම ගණන 40ක් බව වාර්තා වෙනවා. එම වෙඩි තැබීම් 40 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 23ක් බවයි පොලිස් වාර්තා අනාවරණය කරන්නේ. ඒ අතර මෙම වෙඩි තැබීම් හේතුවෙන් තුවාල ලැබූ සිදුවීම 17ක් වාර්තා වන බවයි කියන්නේ.
ඊයේ දිනයේ දී පමණක් වෙඩි තැබීම් 3ක් වාර්තා වූ අතර ඒ හේතුවෙන් දෙදෙනකු ඝාතනයට ලක්ව තිබුණා. ඊයේ රාත්‍රියේ වලස්මුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුන් දෙනෙකු අනතුරට පත්ව රෝහල් ගතකළ බවයි වාර්තා වුණේ.
මේ වසර තුළ සිදු වූ වෙඩි තැබීම් බහුලව සිදුව ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතේ බවයි පොලිස් වාර්තා අනාවරණය කරන්නේ.


ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාව...
22/06/2023

ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේ සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙතයි. එය ඉදිරිපත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද සහභාගී වූ බවයි කියන්නේ.
“දිගුකාලීන ද්‍රව ස්වභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තුරු විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වභාවික වායු (LNG) මගින් ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදු කළ හැක” යි මේ පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කරනවා..
මෙම සාකච්ඡාවට ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ පෙට්‍රෝනෙට් LNG සමාගමේ නිළධාරින්ද සහභාගි වූ බව වාර්තා වෙනවා.


ඖෂධ මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් නොලැබුණහොත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප...
22/06/2023

ඖෂධ මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් නොලැබුණහොත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රෝහල් දෙකක නිර්වින්දන ඖෂධ පිළිබඳව ඇති වූ ගැටලු පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඔහු පාර්ලිමේන්තුවේ දී යි මේ බව සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ. අධිකරණය විසින් ගන්නා ඇතැම් තීන්දුවලින් බලපෑමක් ඇතිවී තිබෙන බවත් මුදල් ප්‍රශ්නය ද මතු වී තිබෙන බවත් පැවසු ඔහු ඒ පිළිබඳව කටයුතු කිරීමට හැකියාවක් නැති නම් ඒ ගැන පාර්ලිමේන්තුවට දන්වන බවයි කියන්නේ.
“මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා. අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා.
මොකද මම තීන්දු කරලා තිබෙනවා. ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක්. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම භාරගන්න වෙනවා” යි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.


ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (International Democrat Union) 40වැනි සංවත්සර සැමරුම පසුගිය 20 දින ලන්ඩනයේ දී පවත්වා...
22/06/2023

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (International Democrat Union) 40වැනි සංවත්සර සැමරුම පසුගිය 20 දින ලන්ඩනයේ දී පවත්වා තිබුණා. දැනට එක්සත් රාජධානියේ සංචාරයක නිරතවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද සහභාගී වූ බව වාර්තා වෙනවා.
එහිදී ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති සහ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (International Democrat Union) හිටපු සභාපති ජෝන් වින්ස්ටන් හොවාර්ඩ් (John Winston Howard) සමඟ තමන් දෙදෙනා කෙටි පිළිසඳරක ද නිරත වූ බවයි සාගල රත්නායක මහතා සඳහන් කරන්නේ.


හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා...
22/06/2023

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් කැඳවීමට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.


සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනව...
22/06/2023

සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය...
22/06/2023

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසනවා.

ඒ අනුව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවයි ඇය පෙන්වා දෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවයි මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කලේ.


තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ඉල...
22/06/2023

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥවරයා මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිට තිබුණා.


‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්, විශ්‍ර...
20/06/2023

‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා. පුරාණ ස්ථූප ශිල්පීන් විසින් භාවිතා කල පරිදි ස්ථූප ඉදිකිරීම් සඳහා නිශ්චිත සම්මත ගඩොල් නිෂ්පාදනය කිරීම සහ ව්‍යුහය පවත්වා ගැනීම සඳහා නිශ්චිත බදාමයක් තෝරා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානය යොමු කළ බවයි කියන්නේ.
පූජනීය දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රය තුළ යෝජිත වීශ්‍රාම ශාලා, බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරයේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී සිදුවූ බවයි කියන්නේ. වැඩ නිම කිරීමෙන් පසු ඇස්තමේන්තුගත උස අඩි 268 ක් වන මෙම ස්තූපය මේ වන විට චෛත්‍යයේ බිම් මට්ටමේ සිට ගර්භය කොටස දක්වා අඩි 57ක උසක් දක්වා වැඩ නිම කර ඇති බව සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.
අරමුදල් වල වත්මන් තත්වය සහ අරමුදල් රැස්කිරීමේ මූලාශ්‍ර පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කළ බව කියනවා.
බුදු රජාණන් වහන්සේ වැඩම කළ දීඝවාපිය බෞද්ධයන්ගේ පූජනීය සොලොස්මස්ථාන අතරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙසයි සැලකෙන්නේ.
“ජෙනරල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දානපතියන්ගේ නොමසුරු ආධාරවලින් සපයාගනු ලබන අරමුදල් වලින් සැදි ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ මගින් කටයුතු සිදුකරනු ලැබීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්‍ෂණය යටතේ පූජා භූමිවල පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරමින් මෙම ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ,ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.එම්.ඒ නානායක්කාර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික උරුමයන්, රංග කලා සහ ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ඉංජිනේරු කපිල පීරිස්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරු සංජිව විජේසිංහ, අධ්‍යක්‍ෂක (වාස්තු විද්‍යා සංරක්‍ෂක) ප්‍රසන්න බී රත්නායක, ‘දීඝවාපිය අරුණ භාරයේ’ ගණකාධිකාරී කේ.එල්. නිශාන්ති සහ ව්‍යාපෘති නිලධාරීන් මෙම රැස්වීමට එක්ව සිටියහ” යි මේ සාකච්ඡාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ.


2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැ...
20/06/2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
තරගාවලියේ පළමු තරගය Jaffna Kings කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
අදාළ තරග කාලසටහන පහතින්.

යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපී...
20/06/2023

යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපීය ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන ‍බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඔහු මේ බව දැනුම් දී ඇත්තේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ යි. ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් නියමිත පරිදි ප්‍රමාණගත කිරීම සහ ඇතැම් ග්‍රාමීය පුදබිම්වලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ එය ජාතික ආරක්ෂාවට ඇති කරන බලපෑම පිළිබඳව ද කමිටුව මෙහිදි විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙසයි ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ.
යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම යනු භට පිරිස් අඩු කිරීමක් නොවන බව පෙන්වා දෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුදාව නියමිත ‘ප්‍රමාණගත කිරීම’ යන්නෙන් අදහස් කළ දෙයෙහි තේරුම කුමක්දැයි පැහැදිලි කළ බවක් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් කර නැහැ.
මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීම පිළිබඳව ද කමිටුව සිය අවධානය යොමු කර ඇති අතර, ‘අන්තවාදය’ පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙරට හමුදා සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිව පෙනී සිටිම සඳහා අවශ්‍ය අදාළ සියලු කරුණු ඒකරාශී කොට ඒවා අදාළ තානාපතිවරුන් වෙත ලබා දෙන ලෙස කමිටුව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබෙනවා. දරුස්මාන් සහ OICL වාර්තා ද්විත්වයෙන්ම තහවුරු වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන හමුදා ගැටුමක් පැවති රටක් බැවින් එසේ හමුදා නිලධාරීන්ට සංචාරක තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බවත් ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා වන ආචාර්ය සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසයි.
ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කොට ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණා. ඊට විරෝධය පළ කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිව යුතු නොවන බවට විදේශ අමාත්‍යාංශය විසින් වෙනත් රටවලට දැනුම් දුන් ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටු රැස්වීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, චන්දිම වීරක්කොඩි, යූ.කේ. සුමිත් උඩුකුඹුර, ආචාර්ය, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මේජර් සුදර්ශන දෙනිපිටිය, නිමල් පියතිස්ස සහ ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශවල ලේකම්වරයන්, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, ඇතුළු පිරිසක් එක්ව තිබුණු බවයි වාර්තා වන්නේ.


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hope.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hope.lk:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share