E Biz Smart Solutions

  • Home
  • E Biz Smart Solutions

E Biz Smart Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E Biz Smart Solutions, Social Media Agency, .
(4)

Congratulations Brother 👍❤️🤗 Sirasa Lakshapathi 2 Million Winnerහැමදේකටම වඩා වටිනවා ඉගෙනගත් දේ ,අඩුපාඩු ඊට පහලින් ..🤗💗
23/10/2021

Congratulations Brother 👍❤️🤗
Sirasa Lakshapathi 2 Million Winner
හැමදේකටම වඩා වටිනවා ඉගෙනගත් දේ ,අඩුපාඩු ඊට පහලින් ..🤗💗

😘🤩🤗💗ළමයි ටික Like කරන්න...Comment කරන්න ...වැඩිහිටි අය Share කරන්න..
01/10/2021

😘🤩🤗💗
ළමයි ටික Like කරන්න...Comment කරන්න ...
වැඩිහිටි අය Share කරන්න..

Lasith Malinga Yorker King 99
15/09/2021

Lasith Malinga Yorker King 99

If You Can't CLEAN Your Srounding , Then Don't Make It Dirty ..🤔📣 කුණු දාන්න එපා කියලා බන් කියලා තියෙන්නෙ..ඒත් තත්ත්වය ම...
15/09/2021

If You Can't CLEAN Your Srounding , Then Don't Make It Dirty ..🤔📣
කුණු දාන්න එපා කියලා බන් කියලා තියෙන්නෙ..ඒත් තත්ත්වය මෙහෙමයි ..😥
කාටද බන් මේ බොරු කරන්නේ...

කොහොමද කට්ටියට ?🌹 මන් හිතනවා හැමෝම  හොදින් ඇති කියලා...අද මන් ආවේ තවත්  වැදගත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න.  දැන් ඉතිම...
09/09/2021

කොහොමද කට්ටියට ?🌹 මන් හිතනවා හැමෝම හොදින් ඇති කියලා...අද මන් ආවේ තවත් වැදගත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න. දැන් ඉතිම් කල්පනා කරනවා ඇති මොනවද මේ කියන්න යන්නේ කියලා...
හරි අපි බලමු එහෙනම්....💗👇🌍
අද මං කතා කරන්නේ Social media ඔයාගේ Business වලට යෝදා ගන්නේ ඇයි කියන එක ගැන...අපි ඉස්සෙල්ලාම දැනගෙන ඉමු මේ Social Media කියන්නේ මොකද්ද කියලා...🧑‍💻📲
ගනුදෙනු කරුවන් සමග අන්තර් ක්‍රියා කිරිමට සහ real time තොරතුරු හුවමාරු කර ගන්නට ඉඩ සලස්වන සබැඳි සන්නිවේදකයක් තමයි මේ සමාජ මාධ්‍යයක් කියලා කියන්නේ..ඇත්තටම සමාජ මාධ්‍යයක් තුලින් ගනුදෙනු කරුවන් වෙත වඩාත් හොදින් සමීප විමට සහ සබැඳි ජාල නිර්මාණය කිරිම නිෂ්පාදන හා සේවා විකිණීමට මෙන්ම, ඒවා ප්‍රවර්ධනයටද සමාජ මාධ්‍යය උපකාරී වෙනවා..💹

ඔබ දන්නවාද..?අද වන විට සක්‍රීය සමාජ මාධ්‍යය භාවිතා කරන්නන් බිලියන 4.2 කට වඩා වැඩියෙන් සිටින බව. ඒ වගෙම තමයි නොයෙක් මිනිස්සු හිතනවා මේ සමාජ මාධ්‍යය නිසා සංස්කෘතිය විනාශ වෙනවා කියලා. නමුත් එසේ වෙනවාද.?.නෑ මේක හරියට කරොත් එහෙම වෙන්නෙ නෑ..ඇත්ත වශයෙන්ම සමාජ මාධ්‍යය භාවිතය අපේ ජිවිතයේ හැම අංශයකින්ම පරිනාමය වෙමින්,ඉදිරියට යමින් සහ වැඩි වැඩියෙන් ප්‍රසිද්ධ වෙනවා.ඒ වගේම තමයි සමාජ මාධ්‍යය ක්‍රියා කරන්නේ ජනප්‍රිය නිසාම නෙමෙයි.ජනප්‍රිය වෙන්නෙ වැඩ කරන නිසයි..දැන් එහෙනම් අපි අපේ අද මාතෘකාවට යමු නේද..?📣සමාජ මාධ්‍යයක් ව්‍යාපාර සදහා භාවිතා කරන්නේ එයට එවායේ සංඛ්‍යාතය,ගුණාත්මකභාවය සහ ලගා වීම වැඩි දියුණු කරන්න පුලුවන් නිසා ඒ වගේම තමයි අලෙවිය,තම ව්‍යාපාරයේ අලෙවිය උසස්වීම් සිදු වීම් සහ වෙනත් අලෙවිකරණ කටයුතු ප්‍රවර්ධනය කීරීමට මෙය ඉතාමත් ඉක්මන් හා පහසු ක්‍රමයක්...👇
එවගේම තිබෙන තවත් ප්‍රයෝජන කිහිපයක් ගැන මන් විස්තර කරන්නම්....
*️⃣ඕනෑම තැනක සිට market කරන්න පුලුවන්..
ඔව් අපිට පුලුවන් ගෙදර ඉදන් උනත් මේක කරන්න.එයට පුලුවන් ඔබ සමග ඔනම තැනකට යාමට සහ ඒමට,ඉතින් මෙය කෙතරම් පහසුද..ඔබගේ ව්‍යාපාරයේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිමට සහ පාරිභෝගිකයන් දැනුවත් කිරිමට එය බසයේ,දුම්රියේ වේවා ඕනම තැනක සිට අපේක්ෂිත ප්‍රෙක්ෂකයින් සමග සබඳතා ගොඩනැගිමට හැකිවිම නිසා සමාජ මාධ්‍යය තුලින් ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න පුලුවන්...ඇයි තවමත් ප්‍රමාද...අදම පටන් ගන්න පුලුවන් නේද.? මොකද හිතන්නේ 🤔
*️⃣ඉලක්කගත පාරිභෝගිකයන් සමග Direct සම්බන්ධ වීමට හැකිවිම.
පියාසරකරුවන් එල්ලීම සහ සිදුවිම් වලට කතා කිරිම E mail යැවීම අපේක්ෂිත පාරිභෝගිකයන් වෙත ලගා විමට ඇති එලදායි ක්‍රම වුවත් ඔවුන් සමග අනිතර්ක්‍රියා කිරිමෙදි ඒවා අඩු එලදායි වෙන්නට පුලුවන්..නමුත් සමාජ මාධ්‍යය තුලින් Direct ඔවුන් සමග සම්බන්ධ වෙන්න පුලුවන් ඒ වගේම තමයි මෙමගින් ඔබට පුලුවන් ඔවුන් ගැන study කරන්න,ඔවුන්ට වඩාත් හොදින් සේවය කරන්නත් තිබෙන සබඳතාව තවත් ගැඹුරු කර ගැනීමටත් මේ Social Media වලින් පුළුවන්.📲💗
ඔබේ Online Visitors වැඩි දියුණු කරයි.ඉලක්කගත ප්‍රෙක්ෂකයින් ඔබේ ව්‍යාපාරය ගැන නොදන්නේ නම් ඔවුන්ට පුලුවන් කමක් නෑ ඔබගේ නිෂ්පාදන මිලදී ගැනීමට හෝ පාරිභෝගිකයන් වීමට.ඔබගේ වෙළද නාමයේ ප්‍රවේශය වැඩි කරනවා සමාජ මාධ්‍යය තුල රුදී සිටිමෙන් instagram,face book වැනි සමාජ මාධ්‍යය භාවිතා කරන්නන්ගෙන් 60% ක් පමණ පවසා ඇත්තේ මෙමගින් නව නිෂ්පාදන සොයාගත් බවයි authenticity සහ විශ්වාසය පාරිභෝගිකයන්ට ඉතා වැදගත් කාරනයක්.ඉතිම් ඔය දිනකට post 3ක්4 දැමීමෙන් ඔබ සමාජ මාධ්‍යය තුල ක්‍රියා කාරිව ඉන්නවා කියලා පෙන්වන්න පුලුවන්.එවිට ඔබගේ ව්‍යාපාරය වංචාවක් නොවන බවත් සත්‍ය බවත් හොදින් වැටහෙනවා..ඒ වගේම තමයි නිතරම ඔවුන් සමග සබැඳිව සිටිය යුතුයි eg;comment වලට riply කරන එක..
*️⃣විශිෂ්ට අලෙවිකරණ උපායමාර්ගයක්
ඇත්තටම සමාජ මාධ්‍යය තුල ව්‍යාපාරික Profile එකක් නිර්මාණය නොමිලේ කරන්න පුලුවන්,Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍යය තුල ගෙවන වෙළද දැන්වීම් මගින් ඔබගේ ව්‍යාපාරය ප්‍රෙක්ෂකයින් වෙත ලගා විමට මහගු උපකාරයක් වනු ඇත..Facebook වල මාසිකව බිලියන 2.4කට අධිකවත් Instagram වල බිලියන 1කට වඩාත් ක්‍රියාශිලි පරිශිලකයන් සංඛ්‍යාවක් ඉන්නවා වගේම Facebook දැන්වීම් වලට Instagram හරහාත් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.ඉතිම් මෙවැනි සමාජ මාධ්‍යය යොදා ගෙන ඔබගේ ව්‍යාපාරයේ අලෙවිය මනාව කර ගත හැක.විවිධ වු Strategies යොදා ගත හැක.
*️⃣පිරිවැය එලදායි වීම.💸
සුලු කාලයක් වැය කොට සුලු මුදලක් වැය කොට ඔබ බලාපොරොත්තු වන මුදල ඔබට ලබා ගන්න පුලුවන්.නමුත් ඒ සියල්ල හරි ආකාරව මුලින්ම කර ගත යුතුයි.මන්දා හොද ප්‍රතිඑලයක් ලැබීමටනම් මුලික පියවර හරි ආකාරව ඉවසීමෙන් තැබිය යුතු නිසා...💰💹

ඇත්තටම මිනිස්සුන්ට මිතුරන්ට හා පවුලේ අය සමග අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයක් ලෙස සමාජ මාධ්‍යය ආරම්භ වුනත් අද වන විට එය තම ව්‍යාපාර පුලුල් කර ගැනීමට මෙන්ම සමාජයට යහපතක් කරන්නටද සමාජ මාධ්‍යය උපකාරී වී ඇත.තම ව්‍යාපාරයට සමාජ මාධ්‍යය තුලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුලුවන්. සෑම ව්‍යාපාරයකටම සාර්ථකත්වයට ව්ව්ද අරමුණු සහ මාර්ග ඇත.එම අරමුණු ඉටු කර ගැනීමට සමාජ මාධ්‍යය වලට පුලුවන් ඔබට උදවු කරන්න.එය හරි ආකාරව කරගතහොත් ඔබේ සාර්ථකත්වය කිසිවෙකුට නවතාලිය නොහැක.ඉතිම් මම හිතනවා ඔබ මෙතෙක් Social media ගැන දැනගෙන හිටපු නැති දේවල් කිහිපයක් හරි දැන ගන්න ඇති කියලා..ඉතිම් හරි අයුරින් නිවැරැදිව සමාජ මාධ්‍යයක් ඔබගේ ව්‍යාපාර සදහා යොදා ගෙන ඔබගේ සාර්ථකත්වය ඔබම අත් විදින්න...ඉතින් අදට මම නවතින්නම්. අයෙත් දවසක ඔබගේ Business එක Next Level එකට ගන්න ඕන කරන තවත් වැදගත් කාරණයක් සමග හමුවෙමු. ඔබට ජය ✌ 🤗💗

E Biz Smart Solution අපි සමග රැදි සිටින්න..අපි ඔබගේ Business එකට Digital සේවාවන් ලබා දීමට කටයුතු කරන්නෙමු..💗

🖊️ Chathuranga Aththanayaka

ඇයි අපි බිස්නස්  එකකට වෙබ් සයිඩ් එකක්හදන්න ඕන....ඇත්තටම බිස්නස් එකකට වෙබ් සයිඩ් එකක් ඕනද..?උත්තරය නම් ඔව් ..📈 ඉතින් අපි ...
05/09/2021

ඇයි අපි බිස්නස් එකකට වෙබ් සයිඩ් එකක්
හදන්න ඕන....

ඇත්තටම බිස්නස් එකකට වෙබ් සයිඩ් එකක් ඕනද..?උත්තරය නම් ඔව් ..📈 ඉතින් අපි කතා කරමු 👇📢

ඉස්සර නම් මේ Website වැදගත් උනේ නැතත් අද වනවිට කුඩා පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාර වලටද වෙබ් අඩවියක් කියන එක නැතුවම බැරි දෙයක් වෙලා තියනවා 🌍 එයට හේතුව නම් ලෝකය Digitization වීමයි..

ඇත්තටම මොකද්ද මේ වෙබ් අඩවියක් කියන්නේ..?මුලින්ම අපි ඒක දැනගෙන ඉමු...

Website එකක් කියන්නේ....Domain name එකක් හරහා පොදු වශයෙන් ඕනම කෙනෙකුට ප්‍රවේශ විය හැකි එකිනෙකට සම්බන්ධ වු වෙබ් පිටුවක් කීවොත් මා නිවැරැදි..අද වන විට වෙබ් අඩවි ඕන තරම් තියනවා. නමුත් මම අද කතා කරන්නේ ඇයි බිස්නස් එකකට Website එකක් ඕන කියන එක ගැන....මම වෙන දවසක කතා කරන්නම් වෙබ් අඩවියක් කොහොමද හදන්නෙ,කොහොමද පාවිච්චි කරන්නේ ,මේකෙන් තියෙන හොද සහ නරක ගැන. දැන් එහෙනම් අපි යමු අපේ මාතෘකාවට..😉🤗🤜

ඇයි අපි ව්‍යාපාරයකට වෙබ් අඩවියක් හදන්න ඕන..?බලමු අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා..👇🧑‍💻

*️⃣වෙබ් අඩවියක් ඔබව වෘත්තීමය ලෙස පෙන්වන නිසා.. මොකද්ද මේ ඔබව වෘත්තීමය ලෙස පෙන්වනවා කියන්නේ.ඔබගේ Business එකට තිබෙන සහිතක හා සම්මාන පෙන්වීමට හොදම Place එක තමයි මේ Website කියන්නේ,මෙමගින් ඔබගෙ ව්‍යාපාරය වීශ්වසනීත්වය වැඩි වෙනවා..

*️⃣ඔබගේ ව්‍යාපාරයට Google හරහා නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට හැකිවිම.අද ඕනම කෙනෙක් ළඟ Smart Phone එකක් තියෙනවා.ඉතින් Google හරහා දෙස් ව්දෙස් පාරිභෝගිකයන් ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමට පුලුවන් ..ඒ වගේම දීර්ඝකාලීන සාර්ථකත්වයට දියුණුවට නව ගනුදෙනු ආකර්ෂණය කර ගැනීමට Google හරහා පුලුවන් වගේම ඔබව කැපී පෙන්වීමටද Website එකකට පුලුවන් බවද නොරහසකි ..
*️⃣ නිෂ්පාදන හා සේවාවන් පැහැදිලිව ප්‍රදර්ශනය කරන්න පුලුවන් වීම.
දැන් හිතයි වෙබ් අඩවියක් නැතුවත් මේක කරන්න පුලුවන් කියලා.. ඔව් පුලුවන්.හැබැයි අපිට පුලුවන් උසස්ම තත්වයේ Pictures විදහා දැක්වීම මගින් අනාගත ගනුදෙනු කරුවන් හට අප හා එක් වු විට ඔවුන්ට ලැබෙන දේ පෙන්වීමට..
*️⃣ ඒ වගෙම තමයි වෙබ් අඩවියකට පුලුවන් ඔබව සම්බන්ධ කර ගැනීමට පාරිභෝගිකයන්ව දිරිමත් කිරිමට. මෙයින් අදහස් වන්නේ අනාගතයේ ඔබ හා එක්වීමට සිටින ගනුදෙනු කරුවන්ට ඔබේ සම්බන්ධතා තොරතුරු වෙබ් අඩවිය මගින් පහසුවෙන් ලබා ගැනීමට හැකිවිම ගැනයි..
*️⃣මිනිසුන්ට ඔබව වඩාත්ම පහසුවෙන් සොයා ගැනීමට හැකිවන පරිදි වෙබ් අඩවිය ගුගල් සිතියම සමග ඒකාබද්ධ කරන්න පුලුවන් වීම. මේ ගුගල් සිතියම මගින් වෙනත් ප්‍රදේශයක ඉන්න පුද්ගලයෙක්ට වුනත් පහසුවෙන් ඔබව සොයා ගැනීමට හැකිවන පරිදි මෙය සකසා තිබීම මොකද මෙය අන්තර්ගතයට එක එල්ලේම සිතියම ඇතුළත් කීරිමට වෙබ් අඩවිය ඉඩ සලස්වා තිබෙන නිසාවෙනි ..
*️⃣දිගුකාලීන සාර්ථකත්වයට,අද වන විට ලෝක ජනගහනයෙන් 59%ක් ඒ කීවේ2020දී බිලියන 4.54 කට ආසන්න ජනතාවක් අන්තර්ජාලය භාවිතා කරන අතරම වැඩි වැඩියෙන් මිනිසුන් අන්තර්ජාලයට පිවිසෙනවා.ඉතින් වෙබ් අඩවියක් නොමැතිව කොහොමද ඔබේ ව්‍යාපාරය අනිත් පුද්ගලයන්ට පෙන්වන්නේ..දිනෙන් දින ඉහළ යන මේ ඩිජිටල් ලෝකය තුල අපිත් තරගකාරීව ඉදිරියට යා යුතුයි.එසේ වීමට නම් ඔබේ ව්‍යාපාරය ද digitally කර ගත යුතු වෙනවා...
*️⃣විශාල මුදලක් වැය නොකට සියලු ප්‍රතිලාභ ලබාගත හැකිවීම සහ ඉහළ ආදායමක් ලබාගත හැකිවීම.. ඇත්තටම Website එකක් හදන එක ලේසි වැඩක් නෙමෙයි( එහෙම අමාරුයි කියන්නත් බෑ ඉතින් 😂😉) නමුත් එය කෙසේ හෝ කරගතහොත් එයින් ලැබෙන සියලු ප්‍රතිලාභ ඔබ සතු වනු ඇත.ඒ වගේම තමයි වෙබ් අඩවියක් භාවිතා කරන විට ඔබ දැනගත යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා..එයත් මම වෙන දවසක පැහැදිලි කරන්නම්..කෙසේ හෝ වෙබ් අඩවියක් නිසියාකාරව භාවිතා කරහොත් ඉහළ ආදායම් ලබාගත හැකි අතර ඔබ කරන ව්‍යාපාරය සමග එම ආදායම ඉහළ පහළ යාමටද හැක.එනමුත් නිශ්චිතවම කිව හැකි එකම දෙය නම් මේ හරහා
ඉහළ ආදායමක් ලාබා ගැනීමට හැකි බව‍යි...💲

ඉතින් මම හිතනවා මෙම කරුණු වලින් ඔබට තෙරුම් යන්නට ඇති ව්‍යාපාරයකට වෙබ් අඩවියක් අවශ්‍ය බව...ඒ වගේම තමයි මේ කොරෝනා වසන්ගතත් සමග සමහරක් ව්‍යාපාර බිඳවැටී ඇත. නමුත් අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර වලට එය ගැටලුවක් නොවීම සතුටට කාරණයකි...
මේ ඩිජිටල් යුගය ඔබටත් දීර්ඝකාලීනව දියුණුව සාර්ථකත්වය අවශ්‍යනම් සාදන්න ඔබේම වෙබ් අඩවියක්..කඩා නොවැටී ව්‍යාපාර සාර්ථක කර ගැනීමට පුලුවන් ව්තරක් නෙමෙයි,අනාගතයේදී කල හැකි හොදම ආයෝජනයක් තමයි මේ Website කියන්නේ . .
මම මෙතනින් නවතිනවා මොකද සේරම කියන්න මේක වේලාව නෙවෙයි ..අපි පියවරෙන් පියවර කතා කරමු..එහෙනම් මම ගියා..ඔබට ජය 🤗🌍🔎🧑‍💻

E Biz Smart Solution අපි සමග රැදි සිටින්න ..We can Help Grow your Business ..📲💻

🖊️ Chathuranga Aththanayaka

Address


Website

Alerts

Be the first to know and let us send you an email when E Biz Smart Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share