PeaceReel

PeaceReel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PeaceReel, Digital creator, .

AI art powered by my imagination
AI edited Cozy Vibes🌲|Anime landscape 🏞️ | Cozy caves 🏔️ | Raining 🌧️ | Relaxation 🧘‍♂️ | Anxiety Relief 🌿 | Melodious sounds 🎶

15/07/2023

ආනයනය තහනම් කර සියල්ලටම සැප්තැම්බරයේදී තහනම ඉවත් වෙයි‼️

12/07/2023

දේශන පවත්වා ජෙරම් ඉපැයූ වත්කම් ගැන අනාවරණයක්‼️

12/07/2023

අපි දුන්න සල්ලිවලින් ගැබිණි මව්වරුන්ට රු.2500ක් දුන් බව තහවුරු කරන්න - ආසියානු සංවර්ධන බැංකුව කියයි ‼️

මතකද අතිගරු ජනාප්පත්තුමා කිව්වා නිදාස් උස්සවේ ලොකුවට කලේ නැත්තං අපිට සල්ලි නෑ කියලා ජාත්‍යන්තරේ හිතයි කියලා...දැන් මොකද ...
12/07/2023

මතකද අතිගරු ජනාප්පත්තුමා කිව්වා නිදාස් උස්සවේ ලොකුවට කලේ නැත්තං අපිට සල්ලි නෑ කියලා ජාත්‍යන්තරේ හිතයි කියලා...

දැන් මොකද දන්නෑ ජාත්‍යන්තරේ කරන්නෙ 👍

බදු ගෙවන ඔබට ස්තුතියි !

#මාරවැඩේලංකාවටවුණ

Copied - Chamal Akalanka Polwaththage

10/07/2023
27/05/2023

ගංජා වවන්න කැබිනට් අනුමැතිය – ආයෝජකයින්ට අවස්ථාව හිමි වෙයි‼️

12/04/2023

මහ බැංකුවේ ලක්ෂ 50ක් අතුරුදන්‼️

11/04/2023

මෙරට රිළවුන්ට විදෙස් ගතවීමට අවස්ථාවක්‼️

25/03/2023

සුද්දා අපේ රටට සීලෝන් කිව්වේ නිකම් නම් නෙමෙයි 🇱🇰
සී කියන්නේ - සාගරය
ලෝන් කියන්නේ - ණය
ණය සාගරය🤣

24/03/2023

IMF එකෙන් ලැබුණු $ මිලියන 330න්, 121ක් ඉන්දියාවෙන් ගත්ත ණය වලට ගෙවලා..
දැන් ඉතිරි $ මිලියන 209යි.

Hamboo eka 🤣
23/03/2023

Hamboo eka 🤣

21/03/2023

ප්‍රබල භුමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සෙලවෙයි‼️

21/03/2023

අපායේ ඉන්ටවල් ඉවරයි… ධන බද්ද, හුවමාරු බද්ද ඇතුළු වහා ක‍්‍රියාත්මක කල යුතු IMF කොන්දේසි මෙන්න‼️👇

21/03/2023

අයි.එම්.එෆ් ණය ලැබුණම
යුද්දෙ ඉවර කළා වගේ සතුටක් දැනුනා.
· අමාත්‍ය බන්දුල ගුණවර්ධන ‼️

ණය ගෙවන්න තවත් ණයක් ගත්ත එක සමරන රත්නපුර
21/03/2023

ණය ගෙවන්න තවත් ණයක් ගත්ත එක සමරන රත්නපුර

කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදල මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබ...
21/03/2023

කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදල මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙනවා. එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් ලැබෙන්නට නියමිතයි. කියා නැතත්, වසර හතරක් තුළ වාරික නවයකින් අදාළ ණය මුදල ලැබෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. මේ සමඟම ඉදිරි වසර හතරක කාලය සඳහා මීට පෙර ප්‍රසිද්ධ නොකළ අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා පුරෝකථන ගණනාවක්ද ප්‍රසිද්ධ කර තිබෙනවා.

ආර්ථික වර්ධනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව මේ වසර තුළ ආර්ථිකය තවත් 3%කින් හැකිළීමට නියමිත අතර ඉන් පසු ඉතා සෙමෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. කෙසේ වුවද 2026 වන විටද ආර්ථිකය පවතිනු ඇත්තේ 2018 පැවති මට්ටමට වඩා 5%ක් පහළින්.

උද්ධමනය

මෙම වසර අවසාන වෙද්දී උද්ධමනය 15.2% මට්ටමේ පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනයයි. ඉන් පසුව, 2026 දක්වා වන ඉදිරි වසර තුන තුළ එය ක්‍රමයෙන් 5.2% මට්ටම දක්වා අඩු වෙනවා. අරමුදල විසින් 15.5% – 16.5% මට්ටම දක්වා පොලී අනුපාතික ඉහළ දැමිය යුතු බව කියන්න ඇත්තේ ඔවුන්ගේ මෙම 15.2% උද්ධමන ඇස්තමේන්තුව මත පදනම්වයි. මෙම වසර තුළ සාමාන්‍ය උද්ධමනය 28.5% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

සංචිත මුදල්

මෙම වසර තුළ 23.5%ක සැලකිය යුතු සංචිත මුදල් වැඩි වීමකට ඉඩ සලසා තිබෙනවා. ඒ අනුව, මුදල් සැපයුමද වසර තුළදී 22.6%කින් ඉහළ යනවා. 2026 දක්වා ඉදිරි වසර වලදී මුදල් සැපයුමේ වර්ධනය පාලනය කෙරෙනවා. 23.5%ක සංචිත මුදල් වැඩිවීමක් යනු රුපියල් බිලියන 317ක සල්ලි අච්චු ගැසීමක්. මේ වන විටද එම ප්‍රමාණය ඉක්මවා සංචිත මුදල් වැඩි වී ඇති බැවින් ඉදිරි කාලය තුළ සංචිත මුදල් තව දුරටත් වැඩි කිරීමට ඉඩක් නැහැ. වසර අවසාන උද්ධමනය 15.2% ලෙස ඇස්තමේන්තු කරන්නට ඇත්තේ මුදල් සැපයුමෙහි මෙම ඉහළ යාම මත පදනම්වයි.

ආනයන වියදම්

මෙම වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6ක් පමණ වනු ඇති අතර 2026 වන විට එම වියදම ඩොලර් බිලියන 23.8 දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා.

අපනයන ආදායම්

අපනයන ආදායම් මෙම වසරේදී ඩොලර් බිලියන 13.7 දක්වාත්, 2026 වන විට ඩොලර් බිලියන 16.1 දක්වාත් ඉහළ දමාගත යුතුයි. මෙය මගේ අදහස අනුව ඉතා අභියෝගාත්මක කටයුත්තක්. මේ අභියෝගය ජයගත යුතුව තිබෙන්නේ බලයේ සිටින කවර හෝ ආණ්ඩු විසිනුයි.

ජංගම ගිණුම් ශේෂය

මෙය දිගටම ඩොලර් බිලියන 1.1 කට ආසන්න මට්ටමක පවත්වා ගත යුතු වෙනවා.

පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂය (දදේනි % ලෙස)

මෙය ධන පැත්තේ තබා ගත යුතුයි. ඒ කියන්නේ ආනයන ආදිය සඳහා වැය කළ හැක්කේ උපයන ඩොලර් පමණයි. විදේශ ණය යෙදවිය හැක්කේ පරණ ණය වාරික හා පොලී ගෙවීමට පමණයි.

2023- 0.2%
2024- 0.9%
2025- 1.1%
2026- 0.8%

අපනයන ආදායම් ඉලක්ක ලඟා කරගත නොහැකි වුවහොත් මෙම ඉලක්ක තුළ රැඳී සිටීමේ හැකියාවක් නැහැ.

විදේශ සංචිත

මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි.

විදේශ ණය

දැනට ඩොලර් බිලියන 56.2ක් වන විදේශ ණය 2026 වන විට ඩොලර් බිලියන 63.9 දක්වා ඉහළ යනවා. දදේනියෙහි අනුපාතයක් ලෙස 78% ආසන්න මට්ටමක්. 2023 වසර තුළ ඩොලර් බිලියන 2.5ක පමණ විදේශ ණය අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉහත පරිදි ඩොලර් බිලියන 4.7කින් පමණ විදේශ ප්‍රමාණයක් අලුතෙන් ගනිද්දී ඩොලර් බිලියන 2.5ක විදේශ ණය අඩු වීමක් වීමටනම් ඩොලර් බිලියන 7.2ක පමණ විදේශ ණය කප්පාදුවක් සිදු විය යුතුයි. මෙයින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිලාශ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්.

රජයේ ආදායම

පසුගිය වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ.

පොලී අනුපාතික හා විණිමය අනුපාතය

බොහෝ දෙනෙකුට දැනගන්නට අවශ්‍යව ඇත්තේ මේ දෙක ගැන වුවත්, මේ දෙකම තීරණය වන්නේ වෙළඳපොළ මත මිස සැලසුමකට අනුව නොවන නිසා, අපේක්ෂා කළ හැකි පරිදිම, පොලී අනුපාතික හා විණිමය අනුපාතය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. එසේ වුවත්, අනෙක් ගණන් හිලවු මත අරමුදල විසින් මෙම පරාමිතීන් සම්බන්ධව කර ඇති උපකල්පන ගැන අදහසක් ගත හැකියි.

පොලී අනුපාතික සාමාන්‍යයෙන් උද්ධමනයට වඩා තරමක් ඉහළින් පවත්වා ගත යුතුයි. ඒ අනුව, වසර අවසන් වෙද්දී පොලී අනුපාතික 16-18% වැනි මට්ටමක පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනය බව පෙනී යනවා. ඒ වගේම වසර අවසාන වන විට ඩොලරයක මිල රුපියල් 380 ආසන්නව පවතිනු ඇතැයි සලකා ඇති බවක්ද පෙනෙනවා. මෙම මිල 2026 වන විට රුපියල් 460 පමණ දක්වා ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවද උපකල්පනය කර ඇති බව පෙනෙනවා.

මේ වැඩ සටහන සාර්ථක වෙයිද?

වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි.

ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි. මේ වන විට ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් විසින් රටේ ආර්ථික වර්ධනය හා බැඳුනු ණය ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට යන බවක්ද වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළුනොත් අඩුවෙන් හා වර්ධනය වුනොත් වැඩියෙන් ගන්න ක්‍රමයක්.

සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වුනත් කවදා හෝ එම ණය ආපසු ගෙවන්න වෙනවා. එවිට නැවතත් රටට සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. කෙසේ වුවත්, ඒ ගැන දැන්ම කතා කරන එකේ තේරුමක් නැත්තේ ඊට කලින්ම එන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝග සුළුපටු නොවන නිසයි. අදාළ ඉලක්ක වලට නොගියොත් නැවත පෙර වසරේ මෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ණය ආපසු ගෙවන්නට සිදු වන කාලය දක්වා ඉන්න වෙන්නේ නැහැ. මෙම ඉලක්ක වලට යන ආකාරය තවමත් කිසිවෙකු විසින් පැහැදිලි කර නැහැ. රත් වූ හට්ටිය අතට ගන්න වෙන්නේ ඊළඟට බලයට පත් වෙන කවර හෝ ආණ්ඩුවටයි.

අරමුදලේ ණය කියන්නේ ගඟේ ගහගෙන යද්දී අල්ලාගෙන ගොඩ පීනන්නට උදවු වන වැලක් මිසක් ජැක්ගේ මායා බෝංචි වැල වැනි වැලක් නෙමෙයි. ගොඩ පීනීම සහ ඉන් පසු නැවත සැඩ පහරකට අහු නොවන දුරක් ගං ඉවුරේ සිට ඇවිදගෙන යාම රට හමුවේ තිබෙන අභියෝගයයි.

~ ඉකොනොමැට්ටා
Copied

21/03/2023

ලොව ප්‍රසිද්ධ සමාගමක් වන ඇමසන් (Amazon) සමාගම සේවකයින් 9000 ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.‼️

21/03/2023

ටෙලිකොම් රජයේ සියළු කොටස් විකුණා දමයි.. රටේ කිසිම දුරකතන සමාගමක් රජයට නෑ..‼️

21/03/2023

මැතිවරණය කල් දැමීමට අපගේ මැදිහත්වීමක් නැහැ - IMF කියයි‼️

🔴ONMAX DT තහනම් කෙරේ.💥 *පිරමීඩ වර්ගයේ තහනම් ණය යෝජනා ක්‍රම*1988 අංක 30 දරණ බැංකු පනතේ 83ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් ...
20/03/2023

🔴ONMAX DT තහනම් කෙරේ.

💥 *පිරමීඩ වර්ගයේ තහනම් ණය යෝජනා ක්‍රම*

1988 අංක 30 දරණ බැංකු පනතේ 83ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බවට විශාල මහබැංකුව වෙත පැමිණිලි රාශියක් ලැබී ඇත.

ඒ අනුව පහත සම්බන්ධ ආයතන තුන සහ ඊට සම්බන්ධයක් පාර්ශව විසින් බැංකු පනතේ ඉහත වගන්තියට පටහැනිව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විමර්ශනයක් සිදු කරන ලදි.

*1. Fast 3Cycle international (F3C)*
*2. Onmax DT*
*3. Sport Chain App Sport Chain ZS Society Srilanka*

මෙම විමර්ශන වාර්තාවන්ට අනුව ඉහත සදහන් ආයතන තුන හා එහි අධ්‍යක්ෂකවරයන් සහ නිර්මාතෘවරු බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව තීරණය කර ඇත.

ඒ අනුව බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව අපරාධ නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස ගරු නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇත.

*ග්‍රී ලංකා මහ බැංකුව*

Copied

20/03/2023

ඩොලරය 200ට ඒවි – ජනපති‼️

20/03/2023

මං දේශපාලනයට ආවේ නැත්නම් අද ගුවන් නියමුවෙක්..- සජිත්‼️

17/03/2023

නව පොලිස්පති දේශබන්දු‼️

16/03/2023

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි‼️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when PeaceReel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share