Breaking News Srilanka

  • Home
  • Breaking News Srilanka

Breaking  News Srilanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Breaking News Srilanka, News & Media Website, .
(1)

14/10/2023

කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලගෙදර ප්‍රදේශයේදී විශාල ගසක් ප්‍රධාන මාර්ගය හරහා කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අඩාලවී තිබෙන අතර මේ හරහා ගමන්කරන්නේ නම් විකල්ප මාර්ග බාවිත කරන මෙන් ඉල්ලා සිටිනවා
8:33 AM

07/10/2023

කසුන් රාජිත 💓🍻

07/10/2023

Extreme Weather ▶️ මාතර අත්තුඩාව ගල් බැම්මෙන් ජලය පිටාර ගලන බැවින්, ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන්නැයි, උපදෙස්.

07/10/2023
07/10/2023

🔺ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමට,
ජනතාවට ඉවත්වන්නැයි, අනතුරු ඇඟවීම්. - ගාල්ල දිස්ත්‍රික් ලේකම්

06/10/2023

ලෝක කුසලාන තරඟ විකාශය හෙට සිට හෙලකුරු ඇප් එක මගින් නොමිලේ..💓😁

15/09/2023

පිටකොටුවෙ main street එකේ පොලැක් එක ඉස්සරහ තියන මේ කඩේට නම් යන්න එපා... මගෙ ෆෝන් එකක ඩිස්ප්ලේයි දාන්න මුන්ට දුන්න පොලැක් එකෙන් අරන්... මුන් දාල තියෙන්නෙ බාල එකක්... එතනදි විතරයි ඒක වැඩ කලේ... ගෙදර ආපු ගමන් ඩිස්ප්ලේ එක වැඩ නෑ... ආපහු ගිහින් බැලුවම ඒක පොලැක් එකේ ඩිස්ප්ලේ එක නෙමේලු... මුන්ට ඒක කිව්වම මුන්ගෙ අයිතිකාරයයි පොඩි උන් ටිකකුයි ගහන්න වටකරල මාව... අයිතිකාරය කුණුහපර කියාගෙන ආවෙ... උන්ගෙ කට්ටිය ගොඩක් ඇවිත් වට කරන් නිසා කතා කරන්නත් බෑ මට... දකින හැමෝගෙම හොඳට කියන්නෙ... වැරදිලාවත් යන්න නම් එපා මේ කඩේට... සල්ලිත් නෑ බඩුත් නෑ ගුටිත් කන්න වෙන්නෙ තවපොඩ්ඩෙන්... දන්න අයට මේක කියන්න... එයාලටත් මේක වෙන්න කලින්

14/04/2023

ඔන්න යාලුවනේ හෙට තමයි දවස😍 TV දෙරණත් එක්ක අවුරුදු අරගෙන අපි හෙට එනවා මැදිරිගිරිය බිසෝපුරට😍 අවට ඉන්න අපේ යාලුවෝ හැමෝම සෙට් වෙමු එහෙනම්😍🎶🎹🥁🎸

12/04/2023
28/02/2023

Api Eka Rane ( අපි එක රෑනේ ) | Episode 01 27th February 2023Watch TV Derana Programmes & More Updates at https://www.derana.lk/TV Derana ON SOCIALFollow o...

" අපි එක රෑනේ" හෙට ඉදලා සෑම සතියේ දිනකම රාත්‍රී 9ට TV දෙරණ නාලිකාවෙන්. ( 30 Episodes only )
27/02/2023

" අපි එක රෑනේ" හෙට ඉදලා සෑම සතියේ දිනකම රාත්‍රී 9ට TV දෙරණ නාලිකාවෙන්. ( 30 Episodes only )

🔴වන්දනාකරුවන් 47ක් රැගත් බස් රථයක්..නෙල්ලිගලදී ප්‍රපාතකයට පෙරලෙයි.!!!
25/02/2023

🔴වන්දනාකරුවන් 47ක් රැගත් බස් රථයක්..
නෙල්ලිගලදී ප්‍රපාතකයට පෙරලෙයි.!!!

25/01/2023

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ පිවිසෙන්න

21/01/2023

news
ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 9 පැවැත්වීමට තීරණය කරයි.

LPL බලන්නෙ මෙහෙමයි.✌️
05/12/2022

LPL බලන්නෙ මෙහෙමයි.✌️

04/12/2022

අනුරාධපුර පොලොන්නරුව අවට ඔයාලට පැහැදිලිවම පේන රූපවාහිනී චැනල් මොනවද?

03/12/2022

LPL 2022 Match schedule 👇👇👇
සියළු තරඟ සජීවීව ADA DERANA YouTube නාලිකාවෙන්
👉 https://bit.ly/3ETo0ON

LPL T20 2022 - දෙසැම්බර් 06 සිට දෙසැම්බර් 23 දක්වා💪🤩

LIVE & Exclusively on ADA DERANA YouTube Channel▶ | Ada Derana 24

Link 👉 👉 👉  https://youtu.be/DuMECECwGdE𝙇𝙋𝙇 𝙏20 | 𝙇𝘼𝙉𝙆𝘼 𝙋𝙍𝙀𝙈𝙄𝙀𝙍 𝙇𝙀𝘼𝙂𝙐𝙀 2022 | 𝙇𝙄𝙑𝙀 & 𝙀𝙓𝘾𝙇𝙐𝙎𝙄𝙑𝙀 𝙊𝙉𝙇𝙔 𝙊𝙉 𝘼𝘿𝘼 𝘿𝙀𝙍𝘼𝙉𝘼දෙසැම්බ...
30/11/2022

Link 👉 👉 👉 https://youtu.be/DuMECECwGdE
𝙇𝙋𝙇 𝙏20 | 𝙇𝘼𝙉𝙆𝘼 𝙋𝙍𝙀𝙈𝙄𝙀𝙍 𝙇𝙀𝘼𝙂𝙐𝙀 2022 | 𝙇𝙄𝙑𝙀 & 𝙀𝙓𝘾𝙇𝙐𝙎𝙄𝙑𝙀 𝙊𝙉𝙇𝙔 𝙊𝙉 𝘼𝘿𝘼 𝘿𝙀𝙍𝘼𝙉𝘼
දෙසැම්බර් 06 වැනිදා සිට 23 වැනිදා දක්වා
සියළු තරග සජීවීව ADA DERANA 24 නාළිකාව ඔස්සේ👇👇👇
Digital අවකාශයේ තරග නැරඹීම සඳහා
ADA DERANA Youtube 👉 https://www.youtube.com/channel/UCCK3OZi788Ok44K97WAhLKQ නාළිකාවට සහ
ADA DERANA Facebook 👉 https://www.facebook.com/adaderana පිටුවට පිවිසෙන්න.
#2022

දෙසැම්බර් 06 වැනිදා සිට 23 වැනිදා දක්වා සියළු තරග සජීවීව ADA DERANA 24 📺 නාළිකාව ඔස්සේ 👇👇👇Digital අවකාශයේ තරග නැරඹීම සඳහාADA DERANA Youtub...

13/11/2022
20/07/2022

විශේෂ පාර්ලිමේන්තු විකාශය උදැසන 9:30 සිට TV දෙරණෙන්

16/07/2022

රන්ජන් ට ජනාධිපති සමාව හිමිවේ

24/05/2022

ජාතියෙන් සමාව ගන්න ඕන උන් ආපහු ඇමතිකම් බෙදාගන්නව😡

24/04/2022
01/04/2022

කොලඹ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරිනීතිය අද උදෑසන 5 ට ඉවත් කර තිබේ.

25/01/2022

උපුටා ගන්නා ලද්දකි ..
අයිතිය මුල් හිමිකරු සතුය ..

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
M.B.B.S (PERADENIYA), LL.B (O.U.S.L),
වෛද්‍ය නිලධාරි, ජාතික රෝහල මහනුවර
පසුගිය සතියේ දිනයකි. වේලාව රාත්‍රී 9.30 ට පමණ වන්නට ඇත. පොද වැස්සකි. මම මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති තෝසෙ කඩයක් ඉදිරිපිට මගේ ඇනවුම පිළියෙළ කරන තුරු වාහනය තුළට රැඳී සිටියෙමි.

ඉදිරිපස වීදුරුවෙන් තෝසේ කඩය ඉදිරිපිට රැජණ හෝටලය අසලින් දිවෙන පදිකවේදිකාව පැහැදිලිව පෙනේ. පැවති සිහින් වැසි බිඳු අතරින් ඉදිරිය බලන විට පදිකවේදිකාවේ මට පිටුපා කාන්තාවක් සිටින ආකාරය දක්නට ලැබුණි. කාල වර්ණ කෙසඟ සිරුරකින් යුත් ඇය සුදු පැහැති බ්ලවුසයක් සහ කළු පැහැති දිගු සායකින් සැරසී සිටියාය. කොන්ඩය හිස් මුදුනට කොට ගැටගසා තිබිණි. ඇය පසෙකට හැරුන ක්ෂණයෙන් මා දුටුවේ ඇය අත රඳවාගෙන සිටි ඉතා කුඩා බිළිඳාය. රෙදි කඩකින් ඔතා ගෙන මුහුණ පමණක් නිරාවරණය කොට ගෙන සිටි බිළිඳාට තදින් නින්ද ගොස් තිබූ අතර කාන්තාවගේ අතේ තරමක් ලොකු සුදු සහ නිල් පැහැති ගමන් මල්ලක් විය. රෝහලකින් නිකුත් කරන ලද බවට පෙනී යන කුඩා රෝග නිශ්චය කාඩ් පතක් ද ඇය අත තිබිණි. එම කාඩ් පත සහ දරුවා පෙන්වමින් ඇය සිඟමනේ යෙදුනේ දරුවාට බෙහෙත් අරන් දීමට මුදල් එකතු කරන බවක් පෙන්වමිනි.

මා නිරීක්ෂණය කළ විනාඩි 10 ක පමණ කාලය තුළ ඇය රුපියල් පන්දාහකට අධික මුදලක් සිඟමන් ලෙස උපයා ගත්තායැයි උපකල්පනය කරමි. ටික වේලාවකින් එම ස්ථානයෙන් ඉවත් වූ කාන්තාව දරුවාද සමග අසල නවතා තිබූ මාගේ වාහනය වෙත පැමිණියාය.

“මහත්තයා දරුවාට බෙහෙතක් ගන්න කීයක් හරි දෙන්න” බාගෙට ඇර තිබූ වාහනයේ වීදුරුව අසලට පැමිණ ඇය ඉල්ලා සිටියාය.!

“මොකක්ද දරුවාට ඕනේ බෙහෙත ? ” මම ප්‍රශ්න කළෙමි. එම ප්‍රශ්නයෙන් කලබල වූ ඇය කලබල වූවාය.

“මල්ටි විටමින් එකක් ‘ … ඇය විපිළිසරව උත්තර දුන්නාය.

මල්ටි විටමින් යනු අත්‍යවශ්‍ය ඖෂධයක් නොවන බවත් දරුවා පෙන්වමින් මෙලෙස සිඟමනේ යෙදීම නීතිවිරෝධී බවත් මම ඇයට පවසා සිටියෙමි.

තමා සිඟමනේ යෙදෙන්නෙ පොලිසියේ දැනුවත් වීම මත බවත් ඕනෑම කෙනෙකුට කියා පුළුවන් දෙයක් කරන ලෙසත් ඇය උස් කෑ ගසා මට අභියෝග කළාය.

මේ කාන්තාව සහ දරුවා දෙස හොඳින් බලන විට මට මතක් වූයේ මීට පෙර කිහිප දිනක්ම ඇය මෙම දරුවා වඩාගෙන දළදා වීදියේ ඩෙවොන් ආපන ශාලාව ඉදිරිපිට සහ මහනුවර කොමර්ෂල් බැංකුව ආසන්නයේ දිවා කාලයේදී ද සිඟමනේ යෙදෙන බවය. මා ඇය දුටු සෑම මොහොතකම දරුවා තද නින්දේ පසුවෙමින් සිටි බව ද සිහි විය.

කුඩා දරුවෙක් මේ ලෙස අසීමිත ලෙස නිදාගැනීම අස්වාභාවික තත්ත්වයකි . පසුදින උදෑසන මා නගරය පුරාම ඇය සෙවු නමුත් ඇය එදින නගරයේ නොසිටියාය. නමුත් නගරයේ නොයෙකුත් ස්ථාන වල විවිධ වයස්වල ළදරුවන් යොදාගනිමින් කාන්තාවන් සිඟමනේ යෙදෙනු දක්නට ලැබුණි. ඒ බොහෝ දරුවන් ද ගැඹුරු නින්දේ පසුවන බව දක්නට ලැබුණි. ඉන් පසුව දින කිහිපයක්ම මාගේ හිතවත් මාධ්‍යවේදියෙකු සහ මාධ්‍යවේදිනියක සමග මෙම කාන්තාවන් සිඟමනේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කළෙමු. වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි එක් කරගතිමු. ඉන් අනතුරුව මහනුවර මූලස්ථාන පොලීසිය වෙත ගොස් එහි කාන්තා කාර්යංශයේ දරුවන් සිඟමනේ යෙදවීම පිළිබඳව පැමිණිල්ලක් කළෙමු.

සොයා ගන්නා ලද තොරතුරු අනුව පෙර කී කාන්තාව තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තැනැත්තියකි. දිනකට රුපියල් 7000 ක ට අධික මුදලක් ඇය මත්ද්‍රව්‍ය සඳහා වියදම් කරන බව පදික වේදිකාවේ වෙළදාම් කරන පිරිස කීවේය. තවත් තොරතුරකින් කියවුණේ දරුවන් දෙදෙනකු වරින්වර ඇය විසින් මෙලෙස රැගෙනවිත් සිඟමනේ යෙදෙන බවය. ඇයගේ වැඩිමහල් දරුවා මේ වන විටත් පරිවාස ගත කර ඇති බව දැනගන්නට ලැබිණි.

මව්කිරි මගින් මත්ද්‍රව්‍ය දරුවාගේ සිරුරට ඇතුළු විය හැකියි..
දරුවාගේ මව මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් මව්කිරි මගින් එම මත්ද්‍රව්‍ය ශරීරගත වීම නිසා දරුවා දැඩි ලෙස නිද්‍රාශීලී විය හැකියි. එසේ නොවේ නම් දරුවාට යම් කිසි රසායන ද්‍රව්‍යයක් ලබාදීම නිසා මේ අන්දමට තද නින්දට වැටෙනු විය හැකියි. මේ නිසා මා පොලීසියේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ මෙම කාන්තාවන් සහ දරුවන් පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසත් ,එම කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේද ?දරුවන්ට මත් වීම සඳහා යම් රසායනිකයක් ලබාදී තිබේද? සහ එම දරුවන්ගේ සැබෑ මව්වරුන් වන්නේ එම කාන්තාවන් ද ? යන්න සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසය. දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා එම දරුවන් ළමා නිවාස ගත කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසය.

සිඟාකෑම නීතියෙන් තහනම්
සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති “අපරාධයකි ‘. මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරණ අයාල ආඥා පනතේ 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසා ගත හැකි, එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නාවූත්, එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොද වන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත්, සෑම කෙනෙක්ම සහ එම ආඥා පනතේ 4 (ඈ) වගන්තියට අනුව එහි මෙහි ඇවිදමින් හෝ කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප්‍රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත.

එසේම එම ආඥා පනතේ 4 (ඉ)වගන්තියෙ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබා ගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාර ගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දන්වා ඇත.

මේ අනුව පොදුවේ සියලු ආකාරයේ සිඟාකෑම් මේ අනුව අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලියි.දරුවන් යොදවා සිඟා කෑම
දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්‍රකාශ කර ඇත

“සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹේ වීමේ කාර්යය සඳහා (යම් සින්දු කීමේ, ක්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්‍යාපාර යක් ඇතත් නැතත් ) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයෙකුට සලස්වන හෝ කුට්ටනය කරන කවර හෝ තැනැත්තෙකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය .”

එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 287වගන්තියෙන් එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්තඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමථයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද දක්වා ඇත .

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීමද අයත් වන බවයි .එසේම 1998 අංක 28දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන ) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා ඇත .

මීට අමතරව 1939 අංක 48 දරණ ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත .ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිර දඬුවම් සහ දඩ නියම කොට ඇත.

මීට අමතරව දරුවා ගේ භාරකාරත්වය කරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීර ගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත් කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිර දඬුවම් සහ දඩයක් නියම කළ හැක.

මේ අයුරින් සලකා බලන විට ළමුන් සිඟමනේ යෙදවීමෙන් ආරක්ෂා කර ගැනීමට අප රටේ තදබල නීති පද්ධතියක් ඇති බව පෙනීයයි. එපමණක්ද නොව සියලු ආකාරයේ සිඟමන් යැදීම තහනම් කොට ඇත.

සිඟාකෑම ඉහළ ආදායමක් ලබන ජාවාරමකි
බෞද්ධ සංස්කෘතියක් ඇති අපේ රටේ බොහෝ දෙනා පින් තකා මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ආධාර දෙති. නමුත් සත්‍ය වශයෙන්ම මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන් ලංකාවේ ඉහළම ආදායම් ලබන පුද්ගලයන් බවත් ඔවුන් සත්‍ය වශයෙන්ම සිඟමනේ ” ජාවාරමක ” සාමාජිකයන් බවත් ඔවුන් ගැන සොයා බැලුවහොත් දක්නට ලැබේ. අත් පා නැති බොහෝ සිඟන්නන් දළදා මාළිගාව අබියසට රෑ පහන් වන විට ම පැමිණ ස්ථානගත වන්නේ ජාවාරමේ හිමිකරුවන්ගේ වාහන වලිනි.

මහනුවර පමණක් නොව ලංකාවේ සුන්දර නගර බොහොමයක් යාචක පුරවරයන් බවට පත්ව ඇත්තේ මෙම ජාවාරම හේතුවෙනි. මෙම කිසිදු හිඟන්නෙකු වැඩිහිටි නිවාසයකට හෝ රැකවරණ මධ්‍යස්ථානයකට යෑම එකහෙළා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මෙම ජාවාරමෙන් ඔවුන්ට ඉහළ මුදලක් උපයා ගත හැකි බැවිනි. එම පුද්ගලයන්ට පින් තකා මුදල් ලබා දෙන ඔබ සිදු කරන්නේ එම ජාවාරමට තව තවත් සහයෝගය දීමකි. පින් කර ගැනීමට නම් සැබැවින්ම උපකාර අවශ්‍ය බොහෝ අසරණ දරුවෝ, පවුල් අපේ රටේ බොහෝ සිටිති .

රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම
දැයේ දරුවන්ගේ සුබසාධනය සඳහා වැටුප් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් බොහෝ සිටිති. ප්‍රදේශයක් ගත් කල, ප්‍රාදේශීය ලේකම් , ග්‍රාම නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, පරිවාස නිලධාරී ,පොලිස් නිලධාරීන් , ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් සහ කම්කරු නිලධාරීන් මෙම ගණයට අයත් වේ. නමුත් සිඟමනේ යෙදෙන දරුවන්, පාසල් නොයවන දරුවන් , රැකියාවලට යොදා ගන්නා දරුවන් විශාල ප්‍රමාණයක් නිරතුරුව අපට දක්නට ලැබේ. නිලධාරීන් උනන්දුවෙන් සහ කැපවීමෙන් සිය රාජකාරි ඉටු කරන්නේ නම් දරුවන් මෙවන් තත්ත්වයකට පත් නොවන බවට නම් සැකයක් නොමැත .

වගකිවයුතු පුරවැසි ඔබගේ වගකීම
නිලධාරීන් උකටලීව කටයුතු කළ ද වගකිවයුතු පුරවැසියන් ලෙස ඔබ නිහඬ විය යුතු නැත. ඔබ අද නිහඬව සිටිය හොත් මෙම වීදි දරුවන් අනාගතයේ විවිධ අපචාරවලට ගොදුරුවී සමාජ විරෝධී පුද්ගලයන් බවට පත් වී පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොරුන් මංකොල්ලකරුවන් ගණිකාවන් විය හැක. එවිට අනාගතයේ අපේ දරුවන්ට ද ජීවත්වන්නට සිදුවන්නේ එම සමාජය තුළමය.

එබැවින් මෙම අසරණ දරුවන් එවන් තත්වයකට පත් කිරීමට ඉඩ නොදී , නිලධාරීන් ලවා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම ඔබ අප සැමගේ වගකීමකිඋපුටා ගන්නා ලද්දකි ..

එබැවින් මෙම අසරණ දරුවන් එවන් තත්වයකට පත් කිරීමට ඉඩ නොදී , නිලධාරීන් ලවා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම ඔබ අප සැමගේ වගකීමකි

12/01/2022

කොටියම කාපිය

29/11/2021

ජේෂ්ඨ රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහ මැතිණිය අභාවප්‍රාප්ත වී නැත.
(ඉක්මන් සුවලැබේවා)😶

28/11/2021

⚠️️ඔමික්‍රෝන් 🚫
මේ වන විට ලොව රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති දැඩි විකෘතිතාවයකින් යුත් "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.

මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව එම රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මීට‍ පෙර කොවිඩ් රෝගීන් අතර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොවිඩ් ප්‍රභේදයේ දක්නට නොලැබෙන බවයි දකුණු අප්‍රිකානු වෛද්‍ය සභාවේ වෛද්‍ය ඇන්ජලික් කොඑට්සි සඳහන් කළේ.

නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන බවට පළමු වරට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබුවේ ද මෙම වෛද්‍යවරියයි.

ඒ ඉකුත් නොවැම්බර් මස 18 වෙනිදා ඇය හමුවට පැමිණි එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයින්ගේ පවතින රෝග ලක්ෂණ අනුව සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ඇත.

කෙසේ වුවත් "ඔමික්‍රෝන්" වෛරස් ප්‍රභේදය පළමු වරට දකුණු අප්‍රිකාවෙන් හටගත් බවට පැහැදිලි සාක්ෂියක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

06/11/2021

අලි සබිරි ඇමතිකමින් ඉල්ලා අස්විමේ ලිපිය ජනපතිට බාර දෙයි.

29/10/2021

අන්තර් පළාත් සංචරණ සීමා 31 වනදායින් පසු ඉවතට
admin

18/10/2021

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක,විස්තර විචාරක, බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්තවේ..

29/09/2021

නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට‼️

25/09/2021

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි කිරිමට යයි‼️

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Breaking News Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share