𝑹𝒐𝑺𝒉𝒆𝒓𝒖 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏𝒔

  • Home
  • 𝑹𝒐𝑺𝒉𝒆𝒓𝒖 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏𝒔

𝑹𝒐𝑺𝒉𝒆𝒓𝒖 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏𝒔 ආදරයට ආදරය කරන්න එකතු වෙන්න

❤️❤️❤️
19/12/2021

❤️❤️❤️

12/02/2021
31/01/2021

Valentine's Special ❤
ඔයාගේ Bf ව Gf ව පුදුම කරවන්න. මෙන්න විශේෂ අවස්තාවක්.
මේ පැක් එකම 🎀 Rs.2500 ක් 🎀පමණයි..
Free Delivery * එවගේම අපි එයාගේ අතටම තෑග්ග ල්බා දෙනවා.

VALENTINE’S DAY SURPRISE GIFT BOX FOR SOMEONE SPECIAL❤️

❤️Teddy
❤️Personalised Valentine Card
❤️Personalised Photo Frame
❤️Personalised Chocolate
❤️Rose
Be that special person. A gift to bond your love

Place your orders now
Free Delivery
☎ Call us : 0779133682
👉 24/7 Service at 365 days

❤️
25/01/2021

❤️

Valantine handy pack 🤩මේ ඔක්කොම රු 3990 කට නොමිලේ ගෙදරටම ගෙන්වාගන්න😮මුල්ම orders 5 ට ඔයා කැමති photo එක දාපු chocolate එ...
14/01/2021

Valantine handy pack 🤩
මේ ඔක්කොම රු 3990 කට නොමිලේ ගෙදරටම ගෙන්වාගන්න😮

මුල්ම orders 5 ට ඔයා කැමති photo එක දාපු chocolate එකක් free හම්බෙනවා.

ඉක්මන් කරන්න🤩
තොග සීමිතයි

ඔයා කැමති කෙනාගේ photo එක දාපූ Chocolate එකක්🤩Note Book එකක් සහ Red Rose එකක් රු 1000 යි.ඉක්මන් කරන්න🤩අවශ්‍ය අය inbox ms...
11/01/2021

ඔයා කැමති කෙනාගේ photo එක දාපූ Chocolate එකක්🤩
Note Book එකක් සහ Red Rose එකක් රු 1000 යි.

ඉක්මන් කරන්න🤩
අවශ්‍ය අය inbox msg එකක් දාන්න.

කතා දෙකක් නෑ.මේ valantine එකට girlfriend ව suprise කරන්න පුලුවන් හොඳම විදිහ තමයි මේ.😯❤️රු 3450 කට මේ ඔක්කොම දෙනවා🤩(තෑගි ...
08/01/2021

කතා දෙකක් නෑ.
මේ valantine එකට girlfriend ව suprise කරන්න පුලුවන් හොඳම විදිහ තමයි මේ.😯❤️

රු 3450 කට මේ ඔක්කොම දෙනවා🤩
(තෑගි 6 ම 😮😮😮 3450 යි)

•ඔයාගේ girl friend ගේ photo එක තියන chocolate එකක්.

•ඔයාලගේ Couple photo cover එකක් තියන පිටු 200 note book 1 ක්.

•Colorful scrunchies 2 ක්

•රෝස මලක් .

මේ ඔක්කොම එක්ක free දෙනවා magic cd එකක්🤩( ඔයා කැමති photo , video වලින් අපි නිර්මාණය කරලා දෙනවා)😯

ඉක්මන් කරන්න.

Inbox Oder එක දාන්න❤️
ඔයාගේ gf ගේ gift එක දැන්මම වෙන් කර ගන්න🤩

ඔබගේ ආදරණීයන්ට අමතක නොවන නත්තල් සුබපැතුම් පතක් යවමුද🤩ඔබ කැමති Photo එකක් අපට එවන්න.අලංකාරවත් card එකක් ලෙස ඔබේ නිවසටම ගෙ...
05/12/2020

ඔබගේ ආදරණීයන්ට අමතක නොවන නත්තල් සුබපැතුම් පතක් යවමුද🤩

ඔබ කැමති Photo එකක් අපට එවන්න.
අලංකාරවත් card එකක් ලෙස ඔබේ නිවසටම ගෙන්වාගත හැකියි.
ප්‍රවාහන ගාස්තු නොමැත

එක සුබපැතුම් පතක් රු 300 ක් පමණයි.
Card 5 ක් - 1200
Card 10ක් - 2300

071 214 9278 no එකට photo එක සහ ලිපිනය whatts App කරන්න.

ජපාන් කෙල්ල උස්සන් ආපු එක සාධාරණය කරන්නාන් වෙනුවෙන්, අවුරුදු 15 ක් හරියටම බැලුවොත් ලංකාවේ 10 වසර ළමයෙක්. ඇත්තටම මොනවාද ම...
29/11/2020

ජපාන් කෙල්ල උස්සන් ආපු එක සාධාරණය කරන්නාන් වෙනුවෙන්,
අවුරුදු 15 ක් හරියටම බැලුවොත් ලංකාවේ 10 වසර ළමයෙක්. ඇත්තටම මොනවාද මේ අපි අහන්නේ.
අවුරුදු 15 කෙල්ලෙක් ගැබිණියක් කරන එක මාර පිරිමි කමක්ද? දැන් මේක සාධාරණය කරපු අයියාලා මල්ලිලා ටික තමන්ගේ දුවට එහෙම දෙයක් වුණොත් මාර කොල්ලෙක් උඹ. අපේ කෙල්ලව අම්මා කෙනෙක් කලා කියලා හුරේ දානවාද?
මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම තවමත් තියෙන්නේ යල්පැන ගිය ඒවා.
ළමා අපචාර, ස්ත්‍රී දුුෂනය වෙනුවෙන් මීට වඩා නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි..

දිලිනි සමන්මලි

🤩
26/11/2020

🤩

" ගෑණියෙක් වුනාම බඳින්න ඕන අවුරුදු 25 වෙද්දි.නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ "" ගෑණියෙක්ට මිනිහෙක්ගේ ආරක්ෂාව තියෙන්නම ඕන"" ම...
19/11/2020

" ගෑණියෙක් වුනාම බඳින්න ඕන අවුරුදු 25 වෙද්දි.නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ "

" ගෑණියෙක්ට මිනිහෙක්ගේ ආරක්ෂාව තියෙන්නම ඕන"

" මිනිහෙක්ගෙන් අනාථ වුනාම ඉතින් ඒ ගෑණිගෙන් වැඩක් නැහැ ජීවිතේ විනාශයි..නන්නත්තාරයි"

" බැඳලා ඉතින් දරුවෙක් හදන්න ඕන. නැත්නම් වයසට ගියාම වතුර පොදක් දෙන්න එකෙක් නැතිවෙනවනේ"

ඔන්න ඔය කතා උඹ අහලා තියෙනවද?
ඔය කතා තමයි බං මිනිස්සු මානසිකව වට්ටන ගොබ්බ කතා..
ඕවා කියව කියව එක තැන ඉන්න නිසා තමා අපේ උන් තාම එක තැන..

"වයසට ගියාම තනිවෙනවා දුවේ, මොකෙක්ගේ හරි ඇඟේ එල්ලිලා පලයන්" කියලා නෙවෙයි දරුවෝ හදන්න ඕන..
ඕනම දේකට මූණ දෙන්න පුළුවන් විදියට ජීවිතේ හදාගනින් විඳපන්,තමන්ට ඕන දේවල් ගණින් හම්බ කරපන්..

ගෑනු බදින්න ඕන වයසට යනවට බයේ නෙවෙයි.. දරුවො හදන්න ඕන නිසා නෙවෙයි..

දරුවෝ හදලා පට්ට විදියට විඳවන අම්මලා ඉන්නවා තමන්ගේ විශ්‍රාම කාලේ...
සමහර දරුවෝ අම්මට බනිනවා,ළමයි බලන්න එන්නේ නැහැ කියලා..
එක දරුවෙක්ගේ ගෙදර ගියොත්
අනිත් දරුවො පුප්පන් ඉන්නවා..
ලේලිලා බලු සැලකිලි දානවා..

අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අනුන් මත යැපෙන්න..
සමහර අම්මලා දූලාට පට්ට සපෝට්
සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළු වුනාම...
දැකලා තියෙනවද
කොල්ලෙක් එක්ක සෙක්ස් කරලා
ඒකිට ජීවිතේ වැරදිලා කියලා
අපේ මිනිස්සු ලේබල් ගහලා
නොගැලපෙන ගොබ්බයන්ට බන්ඳලා දෙනවා..

"ඕකා එක්ක ගිහින් හිටපන් දුවේ,
උඹට යන්න වෙන මිනිහෙක් නැහැ දැන්.. බාරගන්න එකෙක් නැහැ.. " කියලා..

සමහරු වයසට යනවා කියලා
පත්තරවලින් හොයලා බන්ඳලා දෙනවා.
උන් දෙන්නා ඔහේ බදිනවා අදහස් ගැලපෙන්නෙත් නැහැ.. ආදරේකුත් නැහැ..

"ගෑණු කියන්නේ පිරිමින් හා ශක්තිමත් ජාතියක්..
තනියෙන් ඉන්න හරි ජීවිතේ ගොඩ නගාගන්න ඕන.." කියල කෙල්ලෙක්ට පොඩි කාලේ ඉදන් ශක්තිමත් අදහස් ඔලුවට දැම්මා නම්,
" අයියේ මට කලින් යාළුවෙල ඉන්න අයියගෙන් කරදරයක් වුනා"
කියලා බුකියේ කොල්ලන්ටයි
වටේ කොල්ලන්ටයි කිය කියා
පිහිටක් බලාපොරොත්තුවෙන් අතින් අත යන අසරණ ජීවිත නැති වේවි...

යුරෝප් රටවල ගෑනු, පිරිමි හා සමානව ජීවිතේ ගෙවනවා..
තනියම ජීවිතේ ගෙවන ගෑනු ඕන තරම් ඉන්නවා...

හරි කෙනා ලැබිලා නැතුව
තනියම ඉන්න එකද හොඳ,
වැරදි කෙනා එක්ක ගිහින් දරුවොත් එක්ක ජීවිතේ විඳවන එකද හොඳ..?

දාපන් දරුවන්ගේ ඔළුවට ගෑනු කියන්නේ පිරිමින්ගේ ආලෝකයෙන් ලෝකේ දකින උන් නෙවෙයි,
තනියම තමන්ගේ ලෝකේ එළිය කරන්
ජීවිතේ දකින්න ඕන ජාතියක් කියල..

සත්තයි විඳවන ජීවිත අඩුවේවි..!

පක්ෂපාතීබව...දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා. ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා.එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි.ගැහැණු ළ...
18/11/2020

පක්ෂපාතීබව...

දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා. ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා.එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි.ගැහැණු ළමයෙකු විසින් එවා තිබූනේ ඇයව මිතුරියක කරගන්නාලෙසය.මට ඇය කව්දැයි දැනගැනීමට උවමනාවක් ඇතිවිය.🙂

මම ඇයව මිතුරියක් කර ඇයට කෙටිපණිවිඩයක් යැව්වෙමි.

"කව්ද මේ..."

"මම අරයා..මට ආරංචි උනා ඔයා විවාහ උනා කියලා...ඒත් මට තවමත් ඔයාව මතක් වෙනවා..."

(ඇය මගෙ කලින් යාලුවෙක්..ඇය ලස්සනයි...කැපී පෙනෙන දීප්තිමත් ගැහැණු ළමයෙක් ...)

මං සංවාදය නවත්තලා හොදින් බැලුවෙ මගෙ බිරිද නිදිද කියලා හරියටම දැනගන්නයි..

දවස තිස්සේ අමාරු වැඩකටයුතුත් සමග ඔට්ටු වූ ඇය ගැඹුරු නින්දක් ලබමින් සිටියා...

මම බිරිද ගැන සිතන්නට පටන්ගත්තා...ඇය කෙසේද මෙහෙම සුවයෙන් පහසුවෙන් නිදන්නෙ...ඇයට මෙය සම්පූර්ණයෙන් අලුත් නිවසකි...

ඇය ඇගේ නිවසින් දැන් සිටින්නේ බොහෝදුරය.අවුරුදු 24ක් පුරාවට ඇය හැදී වැඩුනේ ඇගේ පවුලේ අය යටතේය.

දැන් ඇයට දුකක් තරහක් පැමිණියහොත් ඇගේ මවගේ උකුල මත හිද ඇයට හැඩිය නොහැක. සහෝදරයෙකුගේ හෝ සහෝදරියක් කරනා මෝඩ විහිලුවකට මහාහඩින් සිනාසිය නොහැක.ඇයගේ පියා නිවසට එනවිට රැගෙන එන ඇය ආශා කරනා සියල්ල ඇයවෙත දැන් නොලැබුණු ඇත.

මේ සිතිවිලි සියල්ලම මගෙ මනසට ආ පසු මම මගෙ දුරකතනය නැවතත් අතට ගතිමි.

"BLOCK".....

මම ඇය දෙසට හැරී ඇය අසලින් නිදන්නට උනා.මන්දයත් මම නියම පිරිමියෙක්.මොකද නියම පිරිමියා කිසිදිනක තමන්ගේ බිරිදව රවටන්නේවත් ඇයගේ පවුල කඩා බිදා දමන්නේවත් නැත...❤️

මක්නිසාද අනෙකුත් සියල්ලටම පෙර මම මගේ හෘද සාක්ෂියට බයවෙමි.....

පරිවර්තනයක්.......
Jordan M Fernandes

උපුටා ගැනීමකිකස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා හෑන්ඩ් බිල් එකක් හදන්න කීයක් ගන්නවද කියල...මං කිව්වා 1500 ඉදන් වගේ හදලා දෙන්න පු...
18/11/2020

උපුටා ගැනීමකි

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා හෑන්ඩ් බිල් එකක් හදන්න කීයක් ගන්නවද කියල...
මං කිව්වා 1500 ඉදන් වගේ හදලා දෙන්න පුළුවන් කියල.....

කස්ටමර් - මේ පොඩි හෑන්ඩ්බිල් එකක් හදන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ 🤨
මම කිව්වා '' අපරාදේ මට 500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය කම්පියුටර් වැඩ දන්නැනේ මල්ලි''
මම - හරි 500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම හදාගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි'
මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා සොෆ්ට්වෙයා ටික හොයලා දාගෙන කම්පියුටර් එකක්, තව ප්‍රින්ටර් එකක් එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක හෑන්ඩ් බිලක් හදාගන්න වැඩේට විතරක් කම්පියුටර් එකක් අරගන්න පුළුවන් යැ?"
මම - " හරි....මට තව 300 ක් දෙන්න, මං මගේ කම්පියුටර් එක දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් කම්පියුටර් එක...මං එදාට free.
කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි අයියෙ කරන්ට් බිල්??? තව කඩදාසි, තීන්ත වලට එහෙම 😅

😌🥺🧐
" ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....1500 ක් දීලා ඔයාටම කියල හදාගන්න ඒක ලේසී"

-------------------------------------------------------------------

විශේෂයෙන් නිර්මාණාත්මක කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං කොලකෑල්ලකට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන designer ට තියෙන,

දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්්‍යක්ෂමතාවයට,
ඔහුගේ කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.

කාටවත්ම බැ designer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන Designing වැඩකදි.

මේක මම ලිව්ව දෙයක් නෙමි, ඒත් මං මේක share කරනව, designer ලාට වගේම අනික් creative වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.

Image © www digitalartsonline co uk

නීතිඥ වෘත්තිය- lawyer මහත්තයාවෛද්‍ය වෘත්තීය -docter මහත්තයාඉංජිනේරු වෘත්තීය -ඉංජිනේරු මහත්තයාගුරුවරයා - ටියුශන්කාරයානීති...
11/11/2020

නීතිඥ වෘත්තිය- lawyer මහත්තයා
වෛද්‍ය වෘත්තීය -docter මහත්තයා
ඉංජිනේරු වෘත්තීය -ඉංජිනේරු මහත්තයා
ගුරුවරයා - ටියුශන්කාරයා

නීතිඥයා දුප්පත් කියා නොමිලේ නඩු කතා නොකරාට ,
වෛද්‍යවරයා නොමිලේ බෙහෙත් නොදුන්නාට
ඉංජිනේරුවා නොමිලේ සේවය සපයන්නේ නැති උනාට
ගුරුවරයා තමන්ගේ කැපවීමට මහන්සියට මුදලක් ගතහොත් “ටියුශන්කාරයා”වන හරි අමුතු රටක් මේක.

ගුරුවරයෙක්ටත් හීන තියනවා
ඒ හැමකෙනෙක්ටම වගේ.
දුක් මහන්සි වෙකා තමන්ගෙ වෘත්තියට වටිනාකමක් එක් කරගන්න්න අයිතියක් තියනවා.

ඒ නිසා
එක ලමයෙක්ගෙන් 1000 ගානේ ලමය් 100 ක් හිටියොත් ලක්ශයයි කිය කිය ගණන් හද හද ඉන්නේ නැතිව ,😆
ආණ්ඩුවේ 5000 නෑ කිය කිය හූල්ල හූල්ල ඉන් නැතුව,😉
Online buissness එකක් කරලා ගොඩ යන්න හදන මිනිහෙක්ට ගරගන්නේ නැතුව.😋
දැන්වත් තමන්ගේ උත්සාහයෙන් ගොඩ යන්න try කරන්න.😎

නැත්තම් හැමදාම ඔයා තාම ඔතන 😪
එයාලා එතන🙂

10/11/2020

ඔයා 2021/2022 A/l Media කරන කෙනෙක්ද?

පාඩම් කරන්න කම්මැලීද?
👇 Video එකේ වගේ පාඩම් සිංදු කරලා අහලා ලේසියෙන් මතක තියාගමුද?

මාස 9 න් සිංදු වලින් A/l Media පාඩම් 12 ම cover කරන අරුප පුදුම Media Academy එක.😮

Revision /theory දෙකම මාස 9 න් cover කරනු ලැබේ.

https://chat.whatsapp.com/GxYcZFu2NjhL7wO88d5g7P

Link එකෙන් අපේ whatts App group එකට join වෙන්න .

❤️❤️❤️
01/11/2020

❤️❤️❤️

Dear Friends,If you are around Laxapathiya Moratuwa pls try and locate this couple and give them what ever the assistanc...
27/10/2020

Dear Friends,

If you are around Laxapathiya Moratuwa pls try and locate this couple and give them what ever the assistance you could.

Found this old couple selling fruits (අච්චාරු ) for survival. They walk daily to moratuwa to buy fruits and now they are finding it difficult to manage due to the current situation.
If anyone is willing to help you could do so as it's a genuine case.

His name is Peiris uncle (called පලතුරු uncle )
Near ප්‍රජා ශාලාව Laxapathiya
51/11
Mahavihara roard
Laxapathiya

සතුටින් ජීවත් වෙන්න පුංචි tip එකක්. • පමණට වඩා හිතන එක නවත්තන්න. Over thinking ! එහෙම කිව්වම වඩාත් පැහැදිලියිනෙ. මොකද ඒක...
26/10/2020

සතුටින් ජීවත් වෙන්න පුංචි tip එකක්.

• පමණට වඩා හිතන එක නවත්තන්න.

Over thinking ! එහෙම කිව්වම වඩාත් පැහැදිලියිනෙ. මොකද ඒක අපි කාටත් පොදු රෝගයක්. වහාම සුව කර ගත යුතු රෝගයක්.

කොහොමද අපි මේ ඕනම දෙයක් ගැන පමණට වඩා හිතන එක නවත්තන්නෙ... ?

ඒකට තියෙන්නෙ එකම එක විසඳුමයි. ඒ තමයි හිතන්න වැය කරන කාලය වෙනත් රසවත් වැඩකට යොදවන එක. එහෙමත් නැත්තං නිරත වෙන කාර්‍ය සිහියෙන් යුතුව කරන එක... ! සරළව කිව්වොත් ඇඳේ වැතිරිලා ඉන්න එක අඩු කරන එක.

සම්බන්ධතාවයක් බිඳුණම , ප්‍රශ්නයක් ආවම , යමක් අසමත් වුණහම , මොනවහරි අහිමි වුණාම... අපි ගොඩක් වෙලාවට කරන්නෙ ඒ ගැන කල්පනා කරමින් පසු තැවෙමින් ඉන්න එක.

මිනිස්සු හිතනවා හැමදේකටම තමන් උත්තර දන්නවා. පමණට වඩා හිතුවම ඒක ලැබෙනවා කියලා. නැහැ. හැම ප්‍රශ්නයකටම උත්තර අපි දැනගෙන ඉන්න ඕන නැහැ. කල්පනා කරා සහ පසු තැවුණා කියලා ඒ පිළිතුර ලැබෙන්නෙත් නෑ කියන කාරණාව පිළිගත්තට පස්සෙ ඕනම කෙනෙක් ඊළඟ පියවරට යනවා.

Smart මිනිස්සු කිසිම දෙයක් ගැන ඔලුව රිදෙනකල් කල්පනා කරන්නෙ නෑ. එයාලා කරන්නෙ මුලින්ම ගැටලුව විශ්ලේෂණය කරන එක. අවශ්‍ය නම් සුදුසු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක. ඊටපස්සෙ තමන්ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා analys කරන එක. ඊටත් පස්සෙ ක්‍රියාත්මක වෙන එක.

ඕනවට වඩා හිතන හැම කෙනෙක්ම නිතරම ඉන්නෙ කනස්සල්ලෙන්. එයාලගෙ මූණු වල හිනාව තියෙන්නෙ හරිම අඩුවෙන්. හිනා වුණත් ඒ හිනාව පිටිපස්සෙ ලොකු වේදනාවක් තියෙනවා. ඔය තරමට කල්පනා කරන එකේ දැන් කල්පනා කරලා බලන්න ඒ තරම් කල්පනා කරලා, පමණට වඩා වද වෙලා ඔයාලාට සැනසීමක් ලැබුණද කියලා.

උත්තරේ ඔව් නම්... දිගටම විෂාදය හැදෙනකල් පමණට වඩා හිතන්න. උත්තරේ නෑ නම්... ගැටලුව විශ්ලේෂණය කරන්න. ඊළඟ මොහොතෙම ගත යුතු පියවරට එළඹෙන්න.

සම්බන්ධතාවයක් ඇතුළෙදි වුණත් , අලුතෙන් පටන් ගන්න තැනකදි වුණත්... ඔයා පුංචි දේවල් ගැන පවා ඕනවට වඩා හිතන කෙනෙක් කියලා ඔයාගෙ partner දැනගත්තම එයා මුලින් නැතත් ටිකක් පහු වෙනකොට ඔයාව කරදරයක් විදිහට සලකන්න පුළුවන්. ඔයා පරිණත නැති ළද බොළඳ කෙනෙක් , ඔයා එක්ක එකතු වෙලා ප්‍රශ්නයක් විසඳගන්න බෑ කියන අවතක්සේරුවට එන්න පුළුවන්.

ඒ නිසා smart වෙන්න නම් over thinking නවත්තලා next step එකට එන්න.

පැපොල් ගහක් එකදිගට වැස්සට අහු වුණොත් ගෙඩි දිය රහ වෙනවා. එකදිගට ඉඩෝරෙට අහු වුණොත් මල් කර වෙලා මෙලෝ රහක් නැති නාටු ගෙඩි එකක් දෙකක් හැදෙනවා.

ඉතින් දිය රහ කෙනෙක් වෙන්න එපා.
මෙලෝ රහක් නැති කෙනෙක් වෙන්නත් එපා.
රහ කෙනෙක් වෙන්න.
හැමදේම ගානට කරන පට්ට රහ කෙනෙක් වෙන්න !!! 🍃

| Sanduni Saranga ( ජානු ) - meedumpaaru

මාසෙටම රු 100 යි.1 වසරේ ඉඳලම මහන්සියක් නැතුව ශිෂ්‍යත්වෙට ලෑස්තිවෙන්න දැන් ඔයාටත් පුලුවන්.එන්න  පල්ලෙහා තියන link එක clic...
20/10/2020

මාසෙටම රු 100 යි.

1 වසරේ ඉඳලම මහන්සියක් නැතුව ශිෂ්‍යත්වෙට ලෑස්තිවෙන්න දැන් ඔයාටත් පුලුවන්.

එන්න පල්ලෙහා තියන link එක click කරලා 5 කඩයිම whatts App group එකට join වෙන්න.

(1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන්)

https://chat.whatsapp.com/HqXfDZGi41ZDlbjkVjGasn

ඇයි ඔයා මේ group එකට join වෙන්න ඕනා.

1. ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව ගුරුවරුන්ගේ පාඩම් දිනපතා ඉගෙනගන්න.

2.group members ලාට නොමිලේ online දේශන.

3.දැනුම මනින බුද්ධි පරීක්ශන

4.තරඟ විභාග සහ ජයග්‍රාහකයන්ට ත්‍යාග

5.පාඩම් මතක තබාගන්න සුපිරි මැජික් උපක්‍

6.විශේෂ දක්ශතා ඇති දරුවන්ට මාධ්‍ය ක්ශේත්‍රයේ විවිධ අවස්තා .

7.දරුවන්ගේ විවිධ මානසික ගැටලු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස්.

8.ශිෂ්‍යත්ව අනුමාන ගැටලු.

9.දරුවන්ගේ පෞරුශ සංවර්දනය සඳහා නොමිලේ උපදෙස් .

ගොඩක් දරුවෝ ශිශ්‍යත්වෙට ලෑස්ති වෙන්නේ 5 වසරේ ඉඳලනේ.එතකොට වෙන්නේ දරුවට දැනෙන පීඩනය වැඩිවෙලා විභාග එපා වෙන එක. හරි ඔයා 1 වසරේ දරුවෙක් කියලා හිතන්න.ඔයා දැන් ඉඳලා අපේ group එකේ පාඩම් එක්ක සම්බන්ධ උනොතින් 5 වසර වෙනකොට ඔයා ශිෂ්‍යත්ව ගැටලු ලක්ශෙකට වඩා විසඳලා තමයි විභාගෙට වාඩිවෙන්නේ .ඒ විතරක් නෙවෙයි ඔයාගේඉස්සරහ පාඩම් වලට අවශ්‍ය වෙන සාමන්‍ය දැනීමත් ඉබේටම ඔයාට ලැබෙනවා.

දැන්ම අපිත් සමග එකතු වෙන්න.

12/10/2020

ටියුශන් ලෝකේ වෙනස් වෙන්නයි යන්නේ.

සිංදු වලින් A/ l Media ඉගෙනගන්න කැමති අයට .(2021/2022)

https://chat.whatsapp.com/GxYcZFu2NjhL7wO88d5g7P

Whatts app group එකට join වෙන්න.❤️
(Sheru Media Academy)

මේ ඉන්නේ වූෆි 🐶 මේ එයාගේ 11 ස් වෙනි උපන්දිනේසාමාන්‍යයෙන් බල්ල්ලෙක් ජීවත් වෙන්නේ අවුරුදු 12 ක් කියනවනේ😔වූෆි මැරුනම අඬලා ව...
08/10/2020

මේ ඉන්නේ වූෆි 🐶
මේ එයාගේ 11 ස් වෙනි උපන්දිනේ
සාමාන්‍යයෙන් බල්ල්ලෙක් ජීවත් වෙන්නේ අවුරුදු 12 ක් කියනවනේ😔
වූෆි මැරුනම අඬලා වැඩක් නෑ
එයාව ඉන්නකන් ආදරෙන් බලාගන්න ඕනේ
අන්න ඒ නිසා තමයි වූෆිගේ
b . Day මේ විදියට සැමරුවේ 😃

වූෆි නැතිඋනාට පස්සේ මේ ගෙදරට වෙන්න බල්ලෙක් ගේයි.😔

ඒත් මට මේ video එක හැමදාම බල බල වූෆිගේ මතකයන් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුලුවන්.❤️

මේ අපේ customer කෙනෙක් කියපු කතාවක්.
එයා අපිට කියලා වූෆිගේ ලස්සන වීඩියෝ එකක් හදාගත්තා😃

ඔයාගේ බව් බව් ගේ කතාවත් ලස්සන වීඩියෝ එකකින් හදලා දෙන්න අපිට පුලුවන්.
රු.1000 ක් වගේ සුලු මුදලකට
පුදුමයි නේද😳

කතා කරන්න අපිට -0779133682

  ඔබාමා! 🙏❤මගේ  දුව දැන් ගොඩාක්  ලොකුයි...  එයා  දැන් " සුපර්මාර්කට් "  එකක  කැශියර්   කෙනෙක්  ....මගේ නෝන ඉස්සර  වගේම ග...
08/10/2020

ඔබාමා! 🙏❤

මගේ දුව දැන් ගොඩාක් ලොකුයි...
එයා දැන් " සුපර්මාර්කට් " එකක කැශියර් කෙනෙක් ....

මගේ නෝන ඉස්සර වගේම
ගෙදර වැඩ කරගෙන
මගේ ලගින්ම ඉන්නව .....

මගේ අයියා ජීවත් වෙන්නෙ
මුඩුක්කුවක
තහඩු ගෙයක ......
එයා මත් ද්‍රව්‍ය වලටත් හුරුවෙලා ..
මට තිබුණා ඒඅය උසස් තැන් වලට ගන්න ..
මම කවදාවත් බලය වැරදී විදිහට
පාවිච්චි කලේ නෑ...
ඒ ගැන මං සතුටු වෙනවා ....

" පාලකයෙකු නැවත වරක් බලය ඉල්ලනවානම් ඔහු වැඩ නොකරපු අසාර්ථක පාලකයෙක් !

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උසස් පාසලක වසර 10 ක් විදුහල්පති වශයෙන් සේවය කල ජෝන් ස්මිත් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් උත්...
08/10/2020

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උසස් පාසලක වසර 10 ක් විදුහල්පති වශයෙන් සේවය කල ජෝන් ස්මිත් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුනා

මේ උත්සවයට විදුහලේ ගුරුවරු, අනිකුත් සේවකයින්, ඔවුන්ගේ පවුල්වල උදවිය හැමෝම වාගේ ඇවිත් හිටියා. මොකද ස්මිත් සුන්දර මනුස්සයෙක්..ඔහුට හැමෝම ආදරය කළා.

ස්මිත් වෙනුවෙන් ගුණ කථන කීපයක් ගුරුවරු, සිසුන් කරා, ඉන් පසුව ස්මිත් තම කථාව ආරම්භ කරා.

මේ පාසල මට මගේ ජීවිතයම උනා.
ඔබ කවුරුත් දන් නැති උනාට මට මේ පාසලට එක දවසක්වත් වරද්දන්නේ නැතුව එන්න එක විශේෂ හේතුවකුත් තිබුනා..
මට පසු ගිය අවුරුදු 10 පුරාවටම රමණිය වූත්, සුන්දරවූත් ප්‍රේමයක් තිබුනා මේ පාසල් බිමේ...

ස්මිත්ගේ ආදරණීය බිරිඳත් දියණිවරු තිදෙනාත් ලැජ්ජාවෙන් සහ කෝපයෙන් බිම බලාගත්තා. ගුරුවරු එකිනෙකාගේ මුහුණට මුහුණ බැලුවා...
ළමයි..අම්මෝ..මෙයා අපිට බණ කියලා පේනවානේ කරලා තියන දේ කියලා කොඳුරන්න ගත්තා...

මොහොතක් නිහඬව සිටි ස්මිත් යළිත් හැඟුම්බර වෙන්න ගත්තා..

මම මේ පාසලට ආවේ 1978. ජනවාරි 10..
හදවත් සැත්කමක් කරලා මාස 2 ක් බෙඩ් රෙස්ට් කරලා...
දොස්තර මහත්තයා මට තුන්වේලක් ජීවිත කාලේම බෙහෙත් නියම කලා...
මම පාසලට ආපු මුල්ම දවසේ ස්ටාෆ් රූම් එකට ගිහින් බෙහෙත් බොන්න වතුර එකක් ඉල්ල ගත්තා තේ හදන ලින්ඩාගෙන්...ලින්ඩා කිලිටි ගවුමකුත් ඇදගෙන කාමරය අතුගාගා උන්නේ..

මම ලින්ඩාට කිව්වා මම මරණ වරෙන්තුව ලියලා තියෙන මිනිහෙක්..මට හැමදාම උදේටයි දවල්ටයි බෙහෙත් බොන්න වතුර එකක් කාමරෙන් තියන්න කියලා......
ලින්ඩා අහගෙන උන්නා විතරයි....

එදා ඉදලා අවුරුදු දහයක් එක දිගට මම එක දවසක්වත් නිවාඩුවක් ගන්නේ නැතුවා මේ ඉස්කොලේට ආවා..

මගේ මේසය උඩ උදේටයි දවල්ටයි වතුර එක වැරදුනේම නෑ...

මරණ වරෙන්තුව ලියාගෙන හිටපු මගෙ හිත මටත් හොරෙන් ලින්ඩාට ආදරය කරන්න ගත්තා.....

ලින්ඩා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඇගේ ස්වාමියාගේ අත තද කරගෙන කථාව අහගෙන ඉන්නවා...

ස්මිත් යළිත්

ලින්ඩා මගේ මේසය උඩින් තියන වතුර වීදුරුවේ තිබුනේ වතුර විතරක් නෙමේ...
දයාව, ආදරය, කරුණාව, රැකවරණය, භක්තිය..

හවසට ගෙදර යන්න කලින් දුරකථනය අතට ගත්තාම මගේ බිරිද දූවරූ එවල තියන කෙටි පණිවිඩ සුපර් මාර්කට් වලට යවන්න ඕන ඒවා...

ඒ පණිවිඩ වලින් අහලා තිබුනේ නැහැ..තාත්තී බෙහෙත් බිව්වද කියලා.

අවුරුදු 10 ක් පුරා මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නට මම මාසේ හැම පඩියකින්ම යම් මුදලක් ලින්ඩා නමින් ගිණුමක තැන්පත්කරා..
මම ලින්ඩාටයි, ඇගේ ස්වාමි පුරුෂායාටයි ඉල්ලා සිටිනවා මාව ජිවත් කරවීම වෙනුවෙන් මගේ ත්‍යාගය ලබා ගන්නා ලෙස......

ප්‍රේමය රාගයෙන් විතැන් වෙන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ ලින්ඩාගෙන්...
ඉතින් මට සමුගන්න වෙන්නේ පාසැලෙන් විතරක් නෙමේ ජීවිතෙන්.

Darshana_Kuruppu
අන්තර්ජාලය ඇසුරෙන්

(Dhammika Samaratunga මහතාගේ පිටුවෙන්)

මම පිළිකා රෝගයෙන් මිදුණහැටි - සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන...
07/10/2020

මම පිළිකා රෝගයෙන් මිදුණහැටි -
සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

Mom❤️
07/10/2020

Mom❤️

‘ඔයා මට ආදරෙයිද?‘ ඇගේ ජීවිතේට ඇයට මගෙන් අහන්න තිබුණු එකම ප්‍රශ්නය ඒක...😔😔😔😔😔 මගේ පළිතුර... ‘ඔව්‘ නමුත් මන් ඇයට ආදරය කළේ ...
07/10/2020

‘ඔයා මට ආදරෙයිද?‘ ඇගේ ජීවිතේට ඇයට මගෙන් අහන්න තිබුණු එකම ප්‍රශ්නය ඒක...😔😔😔😔😔

මගේ පළිතුර... ‘ඔව්‘ නමුත් මන් ඇයට ආදරය කළේ නෑ.. මට ඇය ගැන තිබුණේ අතහරින්නත් බැරි ඉන්න කියන්න බැරි වගකීමක් විතරයි. අඩුම මම කවදාවත් ආදරණීය වචනයකින් ඇයට අමතලා නැහැ. මම බය උනා ඇයව මගෙන් ඈත් කළොත් ඇගේ ජීවිතේ විනාස වෙයි කියලා. ඇය දුකින් ඉදි කියලා .
නමුත් ඇත්ත ඒක නෙමෙයි.. ඇය තරම් දරාගැනීම ප්‍රගුණ කරපු, ඇය තරම් ඉවසීම ප්‍රගුණ කරපු, ඇය තරම් මට අසීමිතව ආදරේ කළ හැකි ගැහැණියක් මේ ලෝකේ නැහැ ඒක මට මට තේරුම් යන්න ගොඩක් කල් ගියා.

මම හිතුවා ඇයට මාව දවසක එපා වෙයි කියලා. එදාට නිදහසේ ඇයට සමු දෙන්න පුළුවන් වෙයි කියලා... මම ඇයව අතහැරියොත් ඇයට රිදෙයි කියන වරදකාරී හැඟීම පිළිගන්න මම කැමැති වුණේ නැහැ... ඒ නිසා මම කළේ ඇය ඉදිරියේ බොරුවට රඟපාන එක.. හැබැයි ඇගේ ආදරේ කොච්චර ඉවසිලිවන්තද කියනවනම් ඇය ඒවට අමාරුවෙන් හුරු වුණා. ඒ මගේ හැටි වෙන්න ඇති කියලා ඇය ඒ සියල්ල දරා ගත්තා..

ඒ ආදරේ දශමයකින්වත් අඩු නොකර මං ගැන හොයලා බැලුවා, මං ගැන වද වුණා. මගෙ දුකේදී ඇය මට වඩා දුක් වුණා. මම ඒ බව මම දැනගෙන හිටියා. නමුත් මම නෙමෙයි ඇය වෙනුවෙන් මගේ කාලය පොඩ්ඩක්වත් කැප කළේ... ඇය මේ සියල්ල දරාගෙන හිටියා . ඇය නිතරම කිව්වා අපි මුණ ගැහෙමු, ටිකක් අපිගැන කතා කරමු කියලා. නමුත් ඇයව මීට් වෙන්න ආසාවක් මට තිබුණේ නෑ. අගේ බල කිරීමටම අපි කිහිපවිටක් මීට් වුණා. නමුත් එක මොහෙතකවත මන් ඇයට ආදරෙන් කථා කළේ නෑ. ඇයව සිපගෙන නෑ.අඩුම ඇයට පේල්ටි එකක්වත් අරගෙන දීලා නෑ.

“ඒ කරපු අමන වැඩවලට අද මම විඳවනවා. තිරිසනෙක් වගේ විඳවනවා. එදා මට ඇය එතරම් සුරූපී තරුණියක් නෙමෙයි ඒත් අද ඇය තමයි මගේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. සුන්දරම කාන්තාව ,මගේ ජීවිතයේ යශෝදරාව මම කවියෙක් නෙමෙයි මම කවදාවත් මගේ අම්මා ගැන වත් මේ විදියට කියලා නැහැ, මේ විදිහට ලියලා නැහැ .“

මම වගේ පාඩුවෙ ඉන්න කොට එයා එයාගේ පාඩුවේ හිටියා .හැබැයි මං කලින් කිව්වා වගේ ආදරේ දශමයක් වත් අඩු නොකර ඇය පුරුදු උනා හුදකලාවේ ජීවත් වෙන්න. කාලයක් යද්දී මට දැනුණා ඇයගේ හිතේ මං ගැන තියෙන සුවිශේෂී බව ටිකෙන් ටික අඩුවෙලා යනවා කියලා. එතකොට මම මහා නිර්ලජ්ජිත සතුටක් ලැබුවා දැන් එයාට මාව එපා වෙලා මට මගේ පාඩුවේ මගේ ජීවිතේ මම කැමති කෙනෙක් එක්ක නිදහසේ ගත කරන්න පුලුවන් වෙයි කියලා .

දවසක් මම දැඩිව තීරණය කළා ඇයව අතාරිනවා කියලා මම ඇයට මේ ගැන කෙලින්ම නොකියා එක එක විදිහට කියන්න උත්සාහ කළා. මම දැනගෙන හිටිය ඇය ඒ හැම දේකින්ම දැනගත්තා මට ඕන ඇයව අතාරින්න කියලා .දවසක් ඇය මට මෙහෙම කිව්වා ‘‘ඔයා සතුටින් ජීවත් වෙන තැන තමයි මගේ සතුට තියෙන්නේ කියලා‘‘ . මම මගේ තීරණය එයාට කිව්වා,
‘‘මම ඔයාව අතාරිනවා ඔයා සතුටින් ජීවත් වෙන්න‘‘ කියලා,... මට පොරොන්දු වෙන්න ‘‘ඔයා මම නැතුව අඩන්නේ නැහැ කියලා නොකා නොබී ඉන්නේ නැහැ කියලා ඒ ටික මං වෙනුවෙන් කරන්න ‘කියලා .මං ඇය වෙනුවෙන් ඉල්ලුවේ මගේ ආත්මාර්ථකාමී ඉල්ලීම විතරමයි .

එහෙම කියද්දී දුරකථනය අනෙක් කෙළවරින් මට ඇහුණා සිහින් සිනා හඬක්. ඇය මගේ නම කියලා මට කිව්වා ‘‘අරුණ අඩන්න දුක් වෙන්න දෙයක් මට දැන් නැහැ..ඔයාගෙන් තමයි මම ඉගෙන ගත්තෙ ආදරේ කවදාවත් බලෙන් ලබන්න බැරි දෙයක් බව .ඉතින් අද ඉදන් ඔයාගේ ගමන ඔයා සතුටින් යන්න." මටත් තියෙන ඔයාගෙන් කරන්න එකම එක ඉල්ලීමක් ඔයා ආයෙත් ආදරේ කරන්න පටන් ගත්ත දවසක අපේ මතක ඒ ආදරයට අරගෙන යන්න එපා" එච්චරයි ඇගේ ඉල්ලීම.මම මහ පුදුමාකාර සැනසීමක් දුරකථනය විසංධි කළා.

රෑ එළිවෙනකම් කල්පනා කළා ඇය මොන ජාතියේ කෙල්ලෙක් ද? ඇයි ඇය මට මේ තරම් ආදරේ කරන්නේ? ඇයි අද මම යනවා කියද්දී එයාට එච්චර දුක හිතුනේ නැත්තේ.? එයා මට දැන් ආදරේ කරන්නෙ නැද්ද නෑ ඔන්න ඔය වගේ කාරණා මගේ ඔළුවේ හොල්මන් කරන්න ගත්තා.

පහුවදා පාන්දරම මං මගේ දුරකථනය අරගෙන බැලුවා වෙනදා එවන ගුඩ් මෝනිං මැසේජ් එක එදා ඇවිත් තිබුණේ නැහැ .උදේ දහයට විතර ෆෝන් එක අරගෙන බැලුවා ඒත් කිසිම පණිවිඩයක් තිබුණෙ නැහැ. දවල් එකට විතර අරගෙන බැලුවා ඒත් කිසිවක් නැහැ .එතන ඉඳන් විනාඩි පහෙන් පහට මං මගේ දුරකථනය දිහා බැලුවා ඇය මොනවම හරි කියයි කියලා... ඒත් කිසිම සද්දයක් නැහැ ඇය මාව මෙච්චර ඉක්මනින් අමතකලද? නැහැ වෙන්න බෑ.. මමම හිතින් හිතුවා. එයාට බෑ කවදාවත් මාව අමතක කරන්න මම හිතුවා. ඇයට ඇමතුමක් ගන්න හිත බල කරත් මම ඒක කලේ නෑ. නමුත් හැම මොහොතකම මම ඇගේ පණිවුඩයක් බලාපොරොත්තු වුණා.

දින සති ගෙවිලා ගියත් කිසිම පණිවිඩයක් ලැබුනේ නෑ. මගේ කිසිම දෙයක් මට කර ගන්න බෑ. කන්න බොන්න බෑ. ඇය මතක් වෙනවා. බෑ කොහොමටවත් එයාට බෑ මාව අමතක කරන්න මන් හිතුවා. ඇය නැති අඩුව මට එදා පටන් දැනෙන්න ගත්තා. මගේ ජීවිතේ මටම අප්පිරියා වුණා. ඇගේ නිශ්බ්දතාවය මගේ වේදනාව වුණා. මට මුල ඉදන් දැනෙන්න පටන් ගත්තා මම නිසා ඇය කල කැප කිරිම්. මගේ සතුට වෙනුවෙන් ඇයට තිබුණු ඉවසීම, ඇය තුල මා කෙරේ වූ අප්‍රමාණ ආදරය.

සමහර වෙලාවට මම ඇයට බොරු කිව්වා. ඇය ඒව පිළි ගත්තා. මං ඇයව රැවැට්ටුවා ඒත් හැමදාම ඇය මගෙන් ඇහුවේ එකම එක දෙයයි. ඒ

"ඔයා මට ආදරය කරනවද කියලා විතරමයි".

නෑ කියන්න බැරිකමට මම් ඔව් කිව්වා. ඒත් මගේ හිතේ ඇය කෙරේ කිසිදු ආදරයක් තිබුනේ නෑ. නමුත් ඒ වචනවලින් ඇය සැනසෙන හැටි මම දැකලා තියෙනවා. මම විනාස කරලා දාපු ඇගේ දවස් එකින් එක මට මතක් වුණා.

හරියටම මාසයකට පස්සෙ මම ඇයට ඇමතුමක් ගත්තා. ඇගේ පුරුදු හඩ මට ඇහුණා. මගේ හඩ වෙව්ලන්නට ගත්තා.

"අරුණ ඔයා ලයින් එකේ ඉන්නවද?"

ඒ හඩ තාමත් කාරුණිකයි. තාමත් ආදරණීයයි. මම පිළිතුරු දුන්න ඔව් කියලා. මගේ කටහඬේ වෙනස අඳරගත්ත ඇය කලබලෙන් ඇහුවා ‘‘ඔයාට සනීප නැද්ද‘‘
කියලා. මම උගුර පාදලා කිව්වා නෑ එහෙම අවුලක් නෑ කියලා. මහා සැණසීමකින් වගේ ඇය හ්ම් කිව්වා. එතනින් එහාට මට කිසි දෙයක් කියා ගන්න බැරි වුණා.. ඇය කිහිප විටක් හෙලෝ හෙලෝ කියලා දුරකතනය විසංදි කලා.

නමුත් නැවතත් මට ඇමතුවේ නෑ. මන් බලාපොරොත්තු වඅණා ඇගෙන් ඇමතුමක්. වෙනදට ඇය ගන්න ඇමතුම් කීයක් මම මඟ අරිනවද? යළිත් සතියකට විතර පසු මම ඇයට ඇමතුවා. පුරුදු කාරුණික හඩ මට ඇසුණා. මගේ කටින් පැන්නේ මෙච්චරයි "ඔයාට මන් නැතුව ඔහොම ඉන්න පුලුවන්ද?" ඇය නිහඩයි. මන් බලාපොරොත්තු වුණා ඇයට එලෙස ඉන්න බෑ කියයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නෑ. මම බලාපොරොත්තු වුණා ඇගේ පිළිතුර දීරඝ වෙයි කියලා. ඒක එහෙම වුණේ නෑ. ඇගේ පිළිතුරෙන් මට රිදුණ තරම කියා ගන්න අදටත් වචන නෑ. එදා ඇය මගෙන් මන් ඇයට ආදරය කරනවද කියලා අහද්දී මන් කිව්වේ ඔව් කියල විතරයි.නමුත් ඇය ඊට වැඩියමක් මගෙන් බලාපොරොත්තු වෙන්න ඇති. අද මගේ ප්‍රශ්නෙට ඇය දුන්නේත්‘‘ ඔව්‘‘ කියලා. මමත් අද ඇයගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වුණා. ඒ තරම් රිදුමක් මට තවත් නෑ.. දැන් මට දැනෙනවා ඇය උසුලා සිටි වේදනාවේ බර.

ඇයට කුමක් කිවයුතුද කියලා හිතන්න තරම්වත් මම සුදුස්සෙකු නෙමෙයි. නමුත් මම හඬ අවධි කළා. ‘‘ ඔයාට පුළුවන්ද මට සමාව දෙන්න‘‘ මම ඇහුවා..‘‘ සමාව ඉල්ලන්න තරම් වරදක් ඔයා කරලා නෑ අරුණ ඇයි එහෙම කියන්නේ? ඇය ඇහුවා... වරද මගේ ඔයාට රදරයක් වුණේ මම... මට ඒ හැමදේටම සමා වෙන්න.. ඇය යළිත් කියාගෙන...
එදායින් පසුව මම ගත් හැම ඇමතුමතකම අවසානේ ඇයමට කිව්වේ ‘‘මට සමා වෙන්න කියලා විතරයි‘‘ සියලු වැරදි මගේ වුණත් එදා වගේම අදටත් සමාව ගන්නේ ඇය.
නමුත් නැවත මට කිසිදු ඉඩක් ඇගේ හිතේ තිබුණේ නෑ...ඒ හැමදේටම ඇයව හමු වෙලා සමාව ගන්න මට ඕන වුණත් ඒත් කවදාවත් ඇය ආවේ නෑ.. අවුරුදු දෙකක් ගියා ඇය ගැනම හිතුවා..

අද ඇගේ දවස.. ඇය ලස්සන මනමාලියක් වෙන දවස (2020.09.30) ඒත ඇගේ අයිතිකාරයා මම නමෙයි. ඔහු වාසනාවන්තයෙක් බවනම් අමුතුවෙන් ලියන්න ඕන නැහැ මම... ඇය කෙහෙන් හරි මේ කතාව දකීවී...මේ කතාව කියවාවී. නමුත් මන් ගැන දැන් ඔය හිතේ ආදරයක් නැති වුණත් තරහත් ඔය හිතේ නැති බව මන් දන්නවා.
අන්තිම ටික කින්නම්... මට මදි වුණේ ඇගේ පෙනුම, ඒත් මදි නොකියන්න ඇගේ ආදරේ තිබුණා. බූරුවෙක් හරකෙක් වගේ කෙහෙල්මල් ලස්සනක් හෙව්වා. ආදරේ කියන්නේ ලස්සන නෙමෙයි බං... උඹ ගැන හොයලා බලන එකට,... උඹ ගැන හැම තත්පරේම ආදරේ විතරක්ම දෙන එකට.. පිරිමි සීයක් මැද්දට ගියත් උඹව අමතක නොකරන එකට, උඹේ අම්මට තාත්තට ඒකිගේ අම්මට තාත්තට වගේම පණටත් වඩා ආදරේ කරන එකට,

සරලවම උඹ මත්තෙම නැහැන එකට. 😔😔
මම අරුණ

උපුටා ගැනීමකි
නිර්ණාමිකව පළ කරන්නැයි කළ ඉල්ලීමකි

07/10/2020
කෙල්ල :- මම කොන්ඩේ කපන්නද..?කොල්ලා :- අවුලක් නෑ එහනම් කපන්නකෝ..කෙල්ල :- ඔයානම් කියයි වාවගන්න වෙච්චමහන්සිය දන්නේ මමනේ..කො...
04/10/2020

කෙල්ල :- මම කොන්ඩේ කපන්නද..?
කොල්ලා :- අවුලක් නෑ එහනම් කපන්නකෝ..

කෙල්ල :- ඔයානම් කියයි වාවගන්න වෙච්ච
මහන්සිය දන්නේ මමනේ..
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න..

කෙල්ල :- ඒ උනාට කොන්ඩේ කොට උනහම
ඉක්මන්ට වේලේනවා අනේ.
කොල්ලා :- අහ් එහනම් කමක් නෑ කපන්න..

කෙල්ල :- ඒ උනාට අනේ අපහු වැවෙන්න සෑහෙන කාලයක් යනවා අනෙහ්..
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න..

කෙල්ල :- ඒ උනාට මට හිතෙන්නේ මේ මගුල්
කොන්ඩේ කපලා දාන්නමයි.
කොල්ලා :- අහ් එහනම් කමක් නෑ කපන්න..

කෙල්ල :- ඒ උනාට අනේ කැපුවට පස්සෙ මාව
හෙන ගොන් විදිහට පෙනෙයි..
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න..

කෙල්ල :- ඒ උනාට මගේ යාලුවෝ නම් කියන්නේ මම කොන්ඩේ කැපුවොත් ලස්සන ඉඳීලු..
කොල්ලා :- අහ් එහනම් කමක් නෑ කපන්න..

කෙල්ල :- එ උනාට අනේ කොන්ඩේ කොට උනාම මම මොස්තර දාන්නේ කොහමද?
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න..

කෙල්ල :- ඒ උනාට රට කෙල්ලෝ කොන්ඩේ කපලා ඉන්නවා දැක්කම ආස හිතෙනවා අර කොරියන් කෙල්ලෝ එහම..
කොල්ලා :- අහ් එහනම් කමක් නෑ කපන්න

කෙල්ල :- රට උන් කරන මගුල් කරන්න ගිහින්
මගේ කොන්ඩෙටනේ කෙලවෙන්නේ.
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න.

කෙල්ල :- **@--$***-- #=-$--= #- #-- #
කොල්ලා :- අහ් එහනම් කමක් නෑ කපන්න

කෙල්ල :- @** #&&$-- #-- #- #- #
කොල්ලා :- අහ් එහනම් නොකපා ඉන්න.

කොල්ලා :- දැන් ඇති කොන්ඩෙට අතක් තිබ්බොත් බලාගන්නම් මම..😂


#සරා...

ටිකක් වෙනස් කතාවක් මේක.. පොඩි කාලෙ ඉදලම තිබුනා උනක්.. කොහොමහරි ගොඩ යන්න ඕන කියලා.. ඉස්කෝල යන කාලෙ ඉදලම computer වලට පට්ට...
04/10/2020

ටිකක් වෙනස් කතාවක් මේක.. පොඩි කාලෙ ඉදලම තිබුනා උනක්.. කොහොමහරි ගොඩ යන්න ඕන කියලා..

ඉස්කෝල යන කාලෙ ඉදලම computer වලට පට්ට ආසාවක් තිබුනා.. ඒ උනාට ගෙදර computer එකක්වත් තිබුනේ නෑ.. ඒ කාලෙ නෑදෑ ගෙවල් වල සමහර අයියලට තිබුනා computer.. හැබැයි ඉතින් මම ගියාම උන් මට අල්ලන්නවත් දෙන්නෙ නෑ.. අනිත් හැම පොඩි එකාම වගේ මාත් ඉතින් ආසයි game ගහන්න.. ඒත් මට පේන්න උන් gta, igi ගහල මම ඉල්ලුවම නෝදී හිටියාම පට්ට දුකක් දැනුනා හිතට.

දවසක් හිතා ගත්තා කොහොමහරි computer එකක් ගන්නවා කියල උන්ට පේන්නත් එක්ක.. ඔන්න ඔහොම ඉද්දි අපේ නැන්දගේ පුතා Dinesh Withanage ආව අපේ ගෙදර ඉදන් diploma එකක් කරන්න.. ටික කාලෙකින් දෙන්නත් එක්ක 14000ක් එකතුකරගෙන P4 computer එකක් ගෙනාවා. ඒක ගේද්දි මම දන්නෙ on කර ගන්න විතරයි.. එදා ඉදල මුල ඉදන් හැම දෙයක්ම ඉගන ගත්තා.. පස්සෙ game ගහන්න පුරුදු උනා..

දැන් ගෙදරින් පට්ට ලෙඩේ ඉගන ගන්නෙ නෑ, පඩම් කරන්නෙ නෑ.. දවස තිස්සෙම game ගහනවා කියලා.. පස්සෙ Dinesh diploma එක ඉවර කරලා ගෙදර ගියා.. අපේ ගෙදරින් බනින හින්දම මගේ ගාන මට දීල පොර pc එක අරන් ගියා.. අයෙත් මට කලින් සිද්දියමයි.. පස්සෙ අපේ මාමගේ යාලුවෙක් හිටියා සුරංග මාම කියලා.. එයා ලග තිබුන computer එකක් මට ගෙනත් දුන්නා.. ආයෙ ගෙදරින් බැනුම් අහගෙන අවුරුද්දක් ඒක පාවිච්චි කලා..

ලොකු ඉස්කෝල වලට දාන්න ගෙවල් වල මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නෑ.. ඉතින් ගමේ ඉස්කෝලෙ ඉගන ගත්තෙ. IT වලට තිබුන ආසාව නිසා o/l වලට IT තෝර ගත්තා.. ඔයි අතරේ පොත්වලින් computer hardware ගැන ටිකක් ඉගන ගත්තා.. දවසක් හිතුනා ගෙදර තිබුන Computer එක ගලවලා බලන්න.. ඉතින් ගෙදර කව්රුත් නැති දවසක් බලලා එහා ගෙදර මලයාත් සෙට් කරගෙන මස් කරලා බැලුවා.. කෑලි එකින් එකට ගලව ගලව අයෙ සෙට් කරලා බැලුව.. අන්තිමටම processor එක ලගට ආවා.. ඉස්කුරුප්පු නියන දාල අල්ලපු පාර processor එකේ කම්බි ගලවගෙන ආවෙ.. 😂😂 එදායින් ඒ computer එකේ කතාව ඉවරයි..

පස්සෙ ගෙනාව මුලින්ම කේසින් එකක්.. ඒක ගෙනාවම කට්ටිය හිතුව මට පිස්සු කියලා.. ඊට පස්සෙ සැරින් සැරේට ඉතුරු කෑලි ටික ගෙනාවා.. මාස 6කින් ගෙනල්ල හැදුව dual core pc එකක්..
ආයෙත් ගෙදරින් බැනුම්.. ඒ වෙද්දි O/L ලියලා ගෙදර..

පස්සෙ ගාල්ලෙ communication එකක වැඩට ගියා. දවසට 350ක් හම්බ වෙනවා.. බස් එකේ ගිහිල්ල දවල්ට කෑවම ඉතුරු වෙන්න රුපියල් 50යි. O/L Result එනකන් ඒකෙ හිටියා..

ඒ අතරෙ දැන ගන්න ලැබුනා ebay කියලා එකක්.. ටික ටික හොයන්න පටන් ගත්තා. ඒ කාලෙ ad click කර කර $0.001 ඒව එකතු කරා.. කවදාවත් ගන්න බැරි උනා 😂😂 communication එකේ වැඩ කරන ගමන් හැදුවා ebay account එකක්.. ඒකෙන් ඉගෙන ගත්තා බඩු ගෙන්න ගන්න.. Sell කරන හැටි හොයලා බැලුවම පට්ට අමාරුයි ඉගන ගන්න.. මේ ගැන හොයද්දි මම දැක්ක පිටරටවල් ඉන්න අය මේකෙන් $ ලොකු ගනන් හොයනවා. ඒ කාලෙ ඉතින් දැන් තියෙන Youtube channel, Group එහෙම තිබ්බෙ නෑ.

මුලින්ම මම කට්ටියට කිව්වා මෙහෙම සල්ලි හොයන්න පුලුවන් කියලා.. හැම කෙනෙක්ම හිනා උනා ඉතින්.. විස්වාස කරපු එකෙක් දෙන්නෙක් ඇරුනාම.. Online සල්ලි හොයන්න පුදුම උනක් තිබුනා ඒ කාලෙ.. පට්ට ගේමක් දීල අමරුවෙන් ඉගන ගෙන මුලින්ම පටන් ගත්ත ‍ebay account එක ඊලග දවසෙම suspend උනා.. අයෙ හැදුවා එක එක එක්කෙනාගෙ නමට bank account හදලා ඒ card වලට අලුත් Paypal Account හද හද.. Account 20k විතර suspend උනා ඒ ටිකට..

ඔයි අතරෙ O/L result ආව.. මටම පුදුමයි මම පාස් වෙලා 😁😁 හොදම යාලුවො දෙන්නම ගියා ගාල්ලෙ ලොකු ඉස්කෝල වලට.. ඉතින් අපිට ඒවට වියදම් කරන්න සල්ලි තිබුනෙ නැති නිසා අයෙත් ගමේ ඉස්කෝලෙටම ගියා.. පට්ට අව්ල් මට.. සල්ලි නැති නිසා මිනිස්සු කොයිතරම් අසරන වෙනවද.. ඉගන ගන්න වැඩි හුවමනාවක් නොතිබුනත් A/L වලටත් IT කලා ආසාව නිසාම.

එක දවසක් උදේ අන්තිමටම හදපු ebay account එකෙන් Phone back cover එකක් sell කරන්න දාල ඉස්කෝලෙ ගියා.. 2014 අන්තිමේ වගේ.. හවස ගෙදර ඇවිල්ල බලද්දි $18 ගානෙ 3ක් sell වෙලා.. වචන වලින් කියන්න බෑ ඒ සතුට..

ටික දවසකින් computer එක 10000කට විකුනලා දාල abans එකට ගිහිල්ල අරන් ආව Dell i3 laptop එකක්.. එදා ඉදලා ටික ටික සල්ලි හෙව්වත් ඒව නාස්ති කලා.. යාලුවො එක්ක.. Lap එක්ට ගෙවා ගත්ත පට්ට අමාරුවෙන්.. ඒ කලෙත් ebay suspend වෙනවා නොදන්න මගුල් කරන්න ගිහිල්ලා. සල්ලි නැති උන ගමන් එක call එකක් ගැහුවම අදටත් මතකයි උබ මට 12000ක් දැම්ම Dinesh.. අදටත් ගාල්ලෙ ඔෆිස් එකේ Lap එක තියෙනවා.. මතක් වෙන්නත් එක්ක. ටික ටික ගේම ගහද්දි මිනිස්සු මට හිනා උනා..
මගේ සම්පුර්ණ කතාව ලියන්න ගියොත් දවසක්ම යයි..

අද වෙද්දි මම තනියම ගොඩක් දේවල් කරල ඉස්සරහට ආවා.. උදව් කලා ගොඩක් මිනිස්සු. අද පලාත් 03ක ඔෆිස් තියෙන මගේම කම්පැනි එකක් තියෙනවා.. මගේම සල්ලි වලින් ගත්ත car එකක් තියෙනවා.. තව Companies 3ක Director කෙනෙක්.. මාසෙට ලක්ශ 5 - 8 වගේ මම හොයනවා.. තවම ලොකුවට එලියට පෙන්නුවෙ නැති උනාට වෙලාව ආවම දකින්න පුලුවන්. ඒ ඔක්කොම එදා මම මං ගැන විස්වාස කල නිසා..

මම මුලින්ම පටන් ගත්තෙ දැන් පානදුර තියෙන eClub International කියන Company එක. ටික දවසකින් මම ඒකට වැරදි මිනිස්සු දෙන්නෙක් ගත්තා Partner ලා විදියට.එකෙක් හොදම යාලුවෙක්. අනිත් කෙනා එයා එක්ක කලින් බිස්නස් කරපු කෙනෙක්. ඉතින් යාලුවාව විශ්වාස නිසා Company එකේ shares වලින් 40% ක් මම තියාගෙන අනිත් 60% දෙන්නට 30% ගානෙ දුන්න. Company එක අවුරුද්දක් යද්දි හොද තැනකට ගෙනාවා. සල්ලි එද්දි යාලුවා වෙනස් වෙලා අනිත් කෙනා එක්ක සෙට් වුනා. මම නම දාල මම Register කරපු Company එක අතාරින්න සිද්ද වුනා වැරදි මිනිස්සු ලං කර ගත්ත නිසා. තවමත් ඒක තියෙනවා. දැන් පිරමීඩ කාරෙයො ටිකක් බැහැලා වෙනම ගේමක් ගහනවා ඒ නම පාවිච්චි කරලා.මගේ Vision එකට company එක ගෙනියන්න බැරි වුනා. ඉතින් මාව විස්වාස කරපු මිනිස්සු ටිකත් අරන් මම එලියට බැහැලා Equest International එක පටන් ගත්තා. මගේ වටේ දැන් ගොඩක් හොද මිනිස්සු ටිකක් ඉන්නවා.ඒ වගේම කලින් වුන දේවල් නිසා ආයෙත් වර
යන්න කලින් Equest එක ලංකාවම දන්න Company එකක් කරනවා.තමන් දෙයක් විස්වාස කරනවනම් ඒක කරපන්.. වෙන උන්ට ඕන විදියට ජීවත් වෙන්න එපා..

දවසක් ලොකු අයියා කෙනෙක් මට කිව්වා
" උබට කවදහරි කෙලවෙන්නෙ පන්ඩිත කමට උඹට ඕන දේවල් කරන්න ගිහිල්ල" කියලා..

මම දුන්න උත්තරේ " හරි ගියත් කෙල උනත් මට දුකක් නෑ අයියේ මම කලේ මම කරන්න ආස දේ.. මුකුත් නොකර ඉන්නවාට වඩා ඒක හොදයි" කියලා..
මම හිතනවා පොර අනිවා මේ Post එක දකීවි කියලා..

මේ කතාව දැම්මෙ ලොකු කමකට නෙවෙයි.. ගොඩ යන්න try කරන කොල්ලෙක්ට අකුල් හෙලන උන්ට පේන්න... කෙනෙක් දෙයක් කරන්න උත්සහ කරද්දී වචනෙකින් හරි ඌව motivate කරපන්.. වට්ටන්නෙ නැතුව..

මම අලුත් විදියේ බිස්නස් එකකින් මම දන්න දේවල් ටික එලියට ගෙනිහිල්ල ලංකාවෙ කොල්ලො 5000කට වඩා අද online සල්ලි හොයනවා..

කවදාවත් මුල අමතක කරන්න එපා.. ඒ වගේම කාටවත් අතකොලුවක් වෙන්න එපා.. ලෝකෙ දිනුවෙ ගොඩක් දේවල් දන්න මිනිස්සු නෙවෙයි.. දන්න එක දේ හරියට මිනිස්සු. තව කතා තියෙනව අවුරුදු 23ක මේ ජීවිතේ.. ඉස්සරහට දාන්නම් තව කෙනෙක්ට motivate වෙන්න..

- දිනිසු ගයාන් ඉන්ද්‍රචාප -

Address


Alerts

Be the first to know and let us send you an email when 𝑹𝒐𝑺𝒉𝒆𝒓𝒖 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏𝒔 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share