OneNews Sri Lanka

  • Home
  • OneNews Sri Lanka

OneNews Sri Lanka News Website
(3)

23/12/2021

LPL Live

15/08/2021

ලේ කිරිකර දුන් අම්මාව කොරෝනා නිසා එපා කියූ දියණිය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට සුවය ලබා සිටින මවක් නිවසට රැගෙනයෑම ඇයගේ එකම දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම මව මිනුවන්ගොඩ රෝහලේ අසරණ වී සිටින්නීය.

ඒ හේතුවෙන් ඇය වසරක කාලයක් ගම්පහ රෝහලේ ද නැවතී සිටි බව එම මව කඳුළුසළමින් පවසා සිටියාය.

ගම්පහ රෝහලේ දී කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් තමාව මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආ බවත් දැන් සුවය ලබා සිටින තමාව නිවසට ගෙනයෑම දියණිය විසින් ප්‍රතික්ෂේප කරන බවත් ඇය සඳහන් කළාය.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ධම්මිකා ජයවීර නැමැති 55 හැවිරිදි එම මව වැඩිදුරටත් කියා සිටියේ දියණියගේ දුරකථන අංකයට කතා කරන සෑම අංකයක්ම ඇය විසින් අවහිර කරන බවය.

"මාව අවුරුද්දක් ගම්පහ ඉස්පිරිතාලේ තියා ගත්තා. මට කොරෝනා කියලා මෙහෙට ගෙනත් දැම්මා. මම රෝහලට එනකොට මට කොරෝනා හැදිලා තිබුණේ නෑ. සෙනඟ ගොඩේ ඉඳලා තමයි මට කොරෝනා හැදුණේ. අනේ දෙයියනේ මට මොකක් හරි පිහිටක් වෙන්න. මගේ දුවගේ නම නිලූෂා නිල්මිණි. මම ගේ හදන්න ලක්ෂ හතරාමාරක් දුන්නා. දැන් මට ගේත් නෑ සල්ලිත් නෑ. යන්න තැනකුත් නෑ. එදා ඉඳලම ගෙවල්වල නැවතිලා වලං හෝද හෝද හිටියේ."

ඊයේ දිනය තුළ කොරෝනා මරණ 160 ක්ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 160 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහව...
14/08/2021

ඊයේ දිනය තුළ කොරෝනා මරණ 160 ක්

ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 160 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 124 දෙනෙකු අයත්. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,935 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

12/08/2021
11/06/2021

තවත් කොරෝනා ආසාදිතයන් 1,852 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 1,852 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 184,090 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේදිවයින පුරා දැන​ට පවතින සංචරණ සීමා ජුනි 21 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කරන බව යුද හ...
11/06/2021

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

දිවයින පුරා දැන​ට පවතින සංචරණ සීමා ජුනි 21 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා.

දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදියන්, ඊයේ 1,896ඊයේ (06) නැවත වරක් දෛනික ආසාදියන් 1800 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 1,896 ...
09/05/2021

දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාදියන්, ඊයේ 1,896

ඊයේ (06) නැවත වරක් දෛනික ආසාදියන් 1800 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 1,896 ක් වන අතර මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1,939 දෙනෙකු වාර්තා වී තිබුනේ පසුගිය 05 වනදායි. ඊයේ දේශීයව ආසාදිතයන් 1,890 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 06 දෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 123,234 ක් වන අතර ඉන් 103,098 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,350 ක් වනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 22 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛාව 786 දක්වා ඉහළ ගියා.

පොල් තෙල් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්ආහාරයට ගනු ලබන පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් ප...
08/05/2021

පොල් තෙල් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

ආහාරයට ගනු ලබන පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන් සහ විකුණන්නන් ආහරයට ගන්නා පොල් තෙල් සමග කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළයුතු බව එහි දැක්වෙනවා.

රාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවයිරාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා තත්වය නිසා මෙම තීරණය ගත් බව බුද්ධ සාසන...
08/05/2021

රාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවයි

රාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා තත්වය නිසා මෙම තීරණය ගත් බව බුද්ධ සාසන අමාත්‍යාංශය සඳහන් කළා

කුරුණෑගල සහ අම්පාරේ ග්‍රාම සේවා වසම් 64ක් හුදෙකලාවෙන් නිදහස්කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්...
08/05/2021

කුරුණෑගල සහ අම්පාරේ ග්‍රාම සේවා වසම් 64ක් හුදෙකලාවෙන් නිදහස්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 82ක් අතුරෙන් පහත ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් හුදෙකලා බව පවතින ප්‍රදේශ 19 වන්නේ, *කුරුණෑගල දිස්ත්‍රික්කයේ -කුලියාපිටිය නගරය -අස්සැද්දුම -මීගහකොටුව -දික්හැර -දීගල්ල -කබලෑව -කිරින්දව -අනුක්කනේ -ඉහළ කලුගමුව -වෙලුගම -තබ්බෝමුල්ල -දණ්ඩගමුව බටහිර -දණ්ඩගමුව නැගෙනහිර -මඩකුඹුරුමුල්ල -ඉහළ වීරඹුව -පහළ වීරඹුව -කෝන්ගහගෙදර -තුන්මෝදර -කැටවල ගෙදර මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම සේවා වසම හුදකලා බවෙන් නිදහස් කර තිබෙනවා.

අප්‍රේල් මාසයේදී සංචාරකයින් 4,168 ක් - වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන්නිමාවූ අප්‍රේල් මාසයේදී මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍ය...
07/05/2021

අප්‍රේල් මාසයේදී සංචාරකයින් 4,168 ක් - වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන්

නිමාවූ අප්‍රේල් මාසයේදී මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 796 ක්, චීනයෙන් 475 ක්, කසකස්තානයෙන් 440 ක්, ජර්මනියෙන් 383 ක් හා එක්සත් රාජධානියෙන් 334 ක් ලෙස සංචාරකයින් 4168 දෙනෙකු අප්‍රේල් මාසයේදී දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතයක් ලෙස ඉන්දියාවෙන් 19 % ක්, චීනයෙන් 11.4% ක්, කසකස්තානයෙන් 10.6%, ක්, ජර්මනියෙන් 9.2% ක් සහ එක්සත් රාජධානියෙන් 8% ක් මෙරටට පැමිණියා. මාර්තු මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම අප්‍රේල් මාසයේදී 9% කින් අඩුවී ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

අද දැනට කොරෝනා ආසාදිතයින් 1,097 ක්අද මේ වන විට දේශීයව කොරෝනා ආසාදිතයින් 1,097 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක...
07/05/2021

අද දැනට කොරෝනා ආසාදිතයින් 1,097 ක්

අද මේ වන විට දේශීයව කොරෝනා ආසාදිතයින් 1,097 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට ජනතාවටචීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහා...
07/05/2021

සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට ජනතාවට

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් සඳහා අනුපිළිවෙළට එන්නත ලබාදීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද සිට මෙරට තුල තහනම් භාණ්ඩ මෙන්නප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 4 ක් අද(31) සිට මෙරට භාවිතය තහනම් වනවා. ඒ ...
31/03/2021

අද සිට මෙරට තුල තහනම් භාණ්ඩ මෙන්න

ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 4 ක් අද(31) සිට මෙරට භාවිතය තහනම් වනවා. ඒ අනුව එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20 ට අඩු ලන්ච් ෂීට්, ආහාර සහ ඖෂධ අඩංගු නොවන සැෂේ පැකට් මෙලෙස අද සිට තහනම් වනවා. එමෙන්ම, වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද එලෙස තහනම් කෙරෙන නිෂ්පාදන අතරට අයත්.

දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහළටතවත් ආසාදිතයින් 37 දෙනෙකු අද තහවුරුවීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139ක් වූ බව ක...
31/03/2021

දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහළට

තවත් ආසාදිතයින් 37 දෙනෙකු අද තහවුරුවීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139ක් වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙහි විශේෂත්වය වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 200ට අවම ගණනක් වූ පළමු අවස්ථාව වීමයි.

බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 29 වනදා සිට ඇරඹේසියලුම සෞඛ්‍ය රීතින් වලට අනුකුලව බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 29 ...
24/03/2021

බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 29 වනදා සිට ඇරඹේ

සියලුම සෞඛ්‍ය රීතින් වලට අනුකුලව බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 29 වනදා සිට ආරම්භ වන බව අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

22/03/2021

Sanath jayasuriya 🇱🇰♥️
Srilanaka Legend

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආසාදිතයින් 474ක්සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ...
22/03/2021



සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආසාදිතයින් 474ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 474 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම ආයතනයේ සේවකයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමත් සමග සිදුකළ PCR පරීක්ෂණවලින් එම ආසාදිතයින් වාර්තා වී ඇති බවය.
තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවය සඳහා නව සේවකයින් බඳවා ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් එලෙස එම ආයතන පරිශ්‍රයෙන් කොවිඩ්-19 ආසාදිතයින් රැසක් වාර්තා වී ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙතිMarch 22, 2021   08:29 amශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග...
22/03/2021

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙති

March 22, 2021 08:29 am

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.
අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.
1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අදMarch 22, 2021   08:27 amශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහ...
22/03/2021

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

March 22, 2021 08:27 am

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර ඉදිරිපත් කරනු ඇත.
කෙසේවෙතත් මීට පෙර විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බවය.
මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයක් නොවන බව ද විදේශ අමාත්‍යාවරයා සඳහන් කළේය.

දෛනික ආසාදිතයින් 342ක්කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 165 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශ...
22/03/2021

දෛනික ආසාදිතයින් 342ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 165 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 342ක් වේ.
ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,200ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,759කි.

21/03/2021

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන අකාරයට අද (20) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 158ක් හදුනාගෙන ඇත.
එම නිසා, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,655ක් දක්වා වැඩි වී ඇත.
මේ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,466කි.

වතුකම්කරු වැටුප් වැඩි කෙරෙන ගැසට් නිවේදනය මුද්‍රණයටවතුකම්කරු වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය මුද්‍රණයට යො...
10/03/2021

වතුකම්කරු වැටුප් වැඩි කෙරෙන ගැසට් නිවේදනය මුද්‍රණයට

වතුකම්කරු වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර තිබෙනවා.

කොදෙව් සංචාරය| එක්දින තරඟාවලිය අද සවස ඇරඹෙයි.ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද ආ...
10/03/2021

කොදෙව් සංචාරය| එක්දින තරඟාවලිය අද සවස ඇරඹෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද ආරම්භ වනවා. මෙරට වේලාවෙන් රාත්‍රී 7ට තරඟය ආරම්භවීමට නියමිතයි.

වයස 19ක තරුණියක් කොරෝනා නිසා මරුටගෙවුණු දිනයේ (8) මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 507ක...
09/03/2021

වයස 19ක තරුණියක් කොරෝනා නිසා මරුට

ගෙවුණු දිනයේ (8) මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතර 19 හැවිරිදි තරුණියක ද වනවා. හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව සහ මොලයේ ඇති වූ ගැටිත්තකි (Tumor).

09/03/2021

බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක් සඳහා මාර්තු 15 පාසල් ඇරඹේ

බස්නාහිර පළාතේ පාසල් වල 05 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා උසස්පෙළ පන්ති එළඹෙන 15 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සෙසු ශ්‍රේණි අප්‍රේල් 19 වනදා ආරම්භ වන බවයි අමාත්‍යංශය නිවේදනය කලේ.

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 500 ඉක්මවයිමෙරට තවත් කොවිඩ් මරණ 5 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා. ...
07/03/2021

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

මෙරට තවත් කොවිඩ් මරණ 5 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ යනවා.

අද දවසේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 351ක්කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 147දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළ...
04/03/2021

අද දවසේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 351ක්

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 147දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දවසේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 351ක් වනවා.

එන්නත ගෙන දින 2කට පසුවත් උණ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්නකොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් ව...
04/03/2021

එන්නත ගෙන දින 2කට පසුවත් උණ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එන්නත ලබාගැනීමෙන් පසු කිසිවෙකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවය.

"සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ."

එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරුණු පැහැදිළි කළේය.

"මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා, ඒවා විමර්ශනය කරන්න. ඒ අනුව තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි."

ගංජා තබාගත් බවට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ව හෙරොයින් චෝදනාවකට අධිකරණයට - උසස් පෙළ විභාගයත් අහිමි කරලාපොලිස් නිලධාරීන් ...
04/03/2021

ගංජා තබාගත් බවට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ව හෙරොයින් චෝදනාවකට අධිකරණයට - උසස් පෙළ විභාගයත් අහිමි කරලා

පොලිස් නිලධාරීන් පිරිසක් විනිවිදභාවයකින් තොරව සිදුකළ අත්අඩංගුවට ගැනීමක් නිසා පාසල් සිසුවෙකුට උසස් පෙළ විභාගයට මුහුණදීමේ අවස්ථාව අහිමි වී වූ පුවතක් වාර්තා විය.

එම පුවත වාර්තාවූයේ කුරුණෑගල රිදීගම වාගොල්ල ප්‍රදේශයෙනි.

කුරුණෑගල රිදීගම වාගොල්ල ප්‍රදේශයේ පදිංචි කංචන ප්‍රගීත් ධර්මතිලක කලා විෂය ධාරාවෙන් 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවෙකි.

උසස් පෙළ විභාගයට දින දෙකක් තිබියදී කංචන 2020 ඔක්තෝබර් 11 වැනිදා ගොකරැල්ල පොලිසියේ දූෂණ මර්දන විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කංචනව නිවසින් පිටතට ගෙන්වා ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ බව සැලවීමත් සමග එහි පැමිණි කංචනගේ ඥාතින් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

කෙසේවෙතත්, පොලිසියට රැගෙන ගිය කංචනට සහ තමන්ට අමානුෂික ලෙස පහරදුන් බව අත්අඩංගුවට පත් කංචනගේ මිතුරා පැවසීය.

ගංජා ළඟ තබාගත් බවට අත්අඩංගුවට ගෙන තිබූ එම සිසුවා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව එල්ල කරමිනි.

එහිදී කාංචනට මාස දෙකක සිරදඬුවමක නියම කෙරෙන අතර එහෙත් ඔහු තවමත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේය.

සිය පුතුට සාධාරණයක් සොයා තැනින් තැනට යන කංචනගේ අසරණ වූ මව්පියන් මානව හිමිකම් ආයතනයක උපදෙස් ලබාගෙන තිබේ.

ඉන් පසුව ඇය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට ලිපි යොමුකරණු ලබන්නේ තම පුතාට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉල්ලමිනි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන එවක පොලිස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉන් හෙළිවන්නේ, කඩඉම් විභාගයකට පෙනිසිටීමට සූදානම්ව සිටියදී කංචන අත්අඩංගුවට ගැනීම විනිවිදභාවයකින් තොරව සිදුකර ඇති බවය.

ඉන් උසස් පෙළ සිසුවාට අගතියක් වී ඇති බවට ද කොමිසම නිර්දේශ කර තිබුණි.

එසේනම් මෙම සිසුවාට සාධාරණය ඉටු වන්නේ කවදා ද?

වේල්ල වීදියේ කාන්තා මළ සිරුර හමුවීමෙන් පසු පොලීසියට දුරකථන ඇමතුම් 200ක්පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස...
04/03/2021

වේල්ල වීදියේ කාන්තා මළ සිරුර හමුවීමෙන් පසු පොලීසියට දුරකථන ඇමතුම් 200ක්

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට වේල්ල වීදිය පොලීසියට ඇමතුම් 200ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

ඒ, අදාළ මළ සිරුර මේ වනවිට නිවෙස් හැරගොස් සිටින තම දියණියන්ගේද බිරින්දෑවරුන්ගේදැයි තහවුරු කරගැනීම සඳහා ය.

වේල්ල වීදිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

ස්ථානාධිපතිවරයා පැවසුවේ, විදෙස් ගතව සිටින්නන්ගෙන් පවා එවැනි දුරකතන ඇමතුම් ලැබුණු බවය.

මේ අතර පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු කාන්තා මළසිරුරේ හිස සොයා කැළණි ගංඉවරේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

හිස නොමැති කාන්තා මළසිරුර පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේදී සොයාගැනුණේ පසුගිය 1 වැනිදාය.

ඝාතනය කළ තරුණියගේ හිස කැලණි ගඟට විසිකළා දැයි සැකයක්බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකක...
04/03/2021

ඝාතනය කළ තරුණියගේ හිස කැලණි ගඟට විසිකළා දැයි සැකයක්

බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී රැගෙන ආ බෑගය පිළිබඳවද මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල - කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් අද (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ DNA පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පැවසීය.

සා/පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය ක්‍රියාත්මකයිසිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ වි...
27/02/2021

සා/පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය ක්‍රියාත්මකයි

සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිසන් සභාව එම සේවාවන් පවත්වාගෙන යන අයට දැනුම් දී තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මාර්තු මස 01 වැනි දින සිට 11 වැනි දින දක්වා සියලු දිනවල අනිවාර්යයෙන්ම ධාවනය කළ යුතු බවයි. සිසු සැරිය බස් රථ ගමන් කරන අවස්ථාවලදී කිසිදු පිටස්තර මගියෙකු බස් රථයට නංවා නොගත යුතු බව ද ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා.

කොරෝනා මරණ 5ක්මෙරට තවත් කොරෝනා මරණ 5ක් සිදු වී තිබෙනවා.ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ ගණන 464 ක් දක්වා ඉහළ යනවා.
27/02/2021

කොරෝනා මරණ 5ක්

මෙරට තවත් කොරෝනා මරණ 5ක් සිදු වී තිබෙනවා.ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ ගණන 464 ක් දක්වා ඉහළ යනවා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when OneNews Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share