News hub

News hub covid 19 update

TV Derana YouTube නාලිකාවේ නම *Crypto News* ලෙස හැකර්කරුවන් විසින් වෙනස් කර තිබෙනවා.
29/08/2021

TV Derana YouTube නාලිකාවේ නම *Crypto News* ලෙස හැකර්කරුවන් විසින් වෙනස් කර තිබෙනවා.

20/08/2021

අද රාත්‍රී 10 සිට සඳුදා දක්වා රට වසා දමයි.

19/08/2021

ශ්‍රි ලංකාවේ මේ වන විට තත්වය

19/08/2021

මුලු ආසාදිතයින් - 369,359
සුවය ලැබු - 316,528
රොහල් ගතව- 46,227
මියගිය - 6,604

18/08/2021

තවත් කොරෝනා මරණ 170ක්

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළට.

18/08/2021

අද සිට ලබන 31 වෙනිදා දක්වා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නිවසින් බැහැරව යා හක්කේ එක් පුද්ගලයෙකුට පමණයි.

18/08/2021

දෛනික කොවිඩ් මරණ, සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණ ද යන්න සැලකීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ 9 වන ස්ථානය දක්වා ඉදිරියට - වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවිය

17/08/2021
17/08/2021

*කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.*

කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම, සහ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම යනාදි අරමුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇති බව අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

🔴මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර...
17/08/2021

🔴

මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.‌(2/2) SA 222 - V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ විකෘති භාවයක් ලෙස හඳුන්වා ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

17/08/2021

පාදුක්ක ප්‍රදේශයේ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්,121කට කළ පීසීආර් වලින් 120කටම කොවිඩ් පොසිටිව්..

17/08/2021

ස්ව කැමැත්තෙන් වැසෙන නඟර

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම කඩසාප්පු වසා දමා සති දෙකක කාලයකට දෛනික කටයුතු අක්‍රිය කිරීමට ස්වේච්ඡාවෙන් තීරණය කරන ලද නගර සංඛ්‍යාව ඊයේ (16) පස්වරුව වන විට 23ක් දක්වා වර්ධනය වි තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර රටේ වාණිජ අගනුවර වන කොළඹ නගරයට පැමිණීමෙන් වළක්නා ලෙස කොළඹ නගරාධිපති රෝසි සේනානායක කොළඹ පදිංචිකරුවන්ගෙන් සහ දෛනික කොළඹට පැමිණෙන පිට පළාත්වල ජනතාවගෙන් ඊයේ ඉල්ලා සිටියා.

ස්වේච්ඡාවෙන් කඩසාප්පු වසා දමමින් සිය නගර ස්වයං අගුළු දැමීමකට යටත් කිරීමට ඊයේ උදෑසන වන විට

ගම්පහ
අම්බලන්තොට
අම්බලන්ගොඩ
මරඳගහමුල
වේයන්ගොඩ
දංකොටුව
සේරුනුවර
අම්පාර
උල්පත
යන නගරවල වෙළෙඳ සංගම් තීරණය කර තිබුණි.

ඒ අනුව පෙරේදා (15) සිට සතියක කාලයක් ගම්පහ නගරය වසා දැමීමට තීරණය කර ඇත.
කොවිඩ් ආසාදිතයන් බහුලවම වාර්තා වන නගරයක් ලෙසද ගම්පහ හඳුනාගෙන තිබේ.
ගම්පහ එම තීරණය අනුව යමින් ඔසුසල් හැර නගරවල අනෙකුත් සියලුම වෙළෙඳසල් සතියක කාලයක් වසා දැමීමට තවත් නගර 08ක වෙළෙඳ සංගම් තීරණය කළේය.

පෙරේදා ගනු ලැබූ එම තීරණයට සමගාමීව ඊයේ දිනයේ තවත් නගර *11ක්* වසා දැමීමට ඒවායේ වෙළෙඳ සංගම් තීරණය කර ඇත.

මෙලෙස ඊයේ වසා දැමීමට තීරණය කරන ලද නගර වන්නේ
බදුල්ල
📌 දිවුලපිටිය
📌 බලංගොඩ
📌 බණ්ඩාරවෙල
📌 වැලිගම
📌 ඇඹිලිපිටිය
📌 තංගල්ල
📌 බෙලිඅත්ත
📌 කෑගල්ල
📌 වලපනේ
📌 මාතලේ යටලවත්ත යේලක්කරයයි.

මේ අතරින් බදුල්ල ඇතුළු නගර කිහිපයක් හෙට (18) සිට සතියක කාලයක්ද, බණ්ඩාරවෙල ඇතුළු නගර කිහිපයක් අද සිට සතියක කාලයක්ද වෙළෙඳ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

වසා දැමීමට තීරණය කෙරුණු සියලුම නගරවලින් මේ වන විට සැලකියයුතු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

වෙළෙඳසල්වල සේවක සේවිකාවන්ගේ මෙන්ම නගරවලට පැමිණෙන ජනතාවගේද සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා එම නගරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලද මගපෙන්වීම අනුව මෙලෙස නගර ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට තීරණය කර ඇත.

17/08/2021

නවසීලන්තයෙන් එක් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි – රටම යලි වැසේ

17/08/2021

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

🔴 බණ්ඩාරවෙල  නගරය වසා දැමීමට තීරණය කර තිබේ.ප්‍රදේශයේ පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බණ්ඩාරවෙල එක්සත...
17/08/2021

🔴 බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබේ.

ප්‍රදේශයේ පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පවසයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share