Webgossip.lk

Webgossip.lk gossip only

ගාල්ල නගරයට මීටර් 600ක් නුදුරින්. ඔබේ සිහින නිවහන අදම වෙන්කරවා ගන්න.නිදහස් පරිසරය, කරන්ට්, වතුර ඇතුළු සියලු පහසුකම් සහිත...
10/04/2022

ගාල්ල නගරයට මීටර් 600ක් නුදුරින්. ඔබේ සිහින නිවහන අදම වෙන්කරවා ගන්න.
නිදහස් පරිසරය, කරන්ට්, වතුර ඇතුළු සියලු පහසුකම් සහිතව.


මල්වතු ඔයේ සැඟවුණු අමුණුමල්වතු ඔය, ලාංකීය ශිෂ්ටාවාරයෙහි වැදගත් සන්ධිස්ථානයක්. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ මල්වතු ඔයේ සැඟවු...
29/06/2021

මල්වතු ඔයේ සැඟවුණු අමුණු

මල්වතු ඔය, ලාංකීය ශිෂ්ටාවාරයෙහි වැදගත් සන්ධිස්ථානයක්. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ මල්වතු ඔයේ සැඟවුණු අමුණු පිළිබඳ තොරතුරු යි.

මල්වතු ඔය උපත ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවට නුදුරින් ඉහළ නගින මී. 766ක් උස රිටිගල කඳුවැටියේ බටහිර බෑවුම්වලින්. එම ජල ප්‍රවාහය උතුරුමැද පළාත සරුසාර කරමින් ගලා ගොස් උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ මහාතිත්ථ වරායට මඳක් දකුණින් මුහුදට ගලා බසිනවා. එහි දිග කිලෝමීටර 164ක්. එය ලංකාවේ දිගින් දෙවැනි තැන ගන්නා නදියයි. ‘කදම්භ නදිය’ ලෙස මහාවංශයේ සඳහන වන මෙම නදියට මන්නාරම අවට දෙමළ ජාතිකයන් කියන්නේ ‘අරවි ආරු’ කියලයි. ගංගාවේ ජල පෝශක ප්‍රදේශය වර්ගකිලෝමීටර 3246 ක් වෙනවා. එය ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වෙනවා. නාච්චාදූව, අනුරාධපුරය, තන්තිරිමලේ හරහා මල්වතු ඔය ගලා බසිනවා. ඉන් මුහුදට ගෙනයන ජල ප්‍රමාණය වසරකට ඝන මීටර මිලියන 560ක්. පැරණි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ සටහන්වල මේ ගංගාව හඳුන්වා තිබෙන්නේ ‘අරිප්පු ගඟ’ කියලයි. ‘මුසලි ආරු’ කියලත් සමහරුන් එය හඳුන්වා තිබෙනවා. ගම්භීර නදී යනුවෙන් වංශකතාව හඳුන්වන කන්දර ඔයත් අනුරාධපුරයට තරමක් නුදුරින් මල්වතු ඔයට එක්වී එය පෝෂණය කරනවා.

රජරට ශිෂ්ටාචාරයේ උපත
නයිල් නිම්න, ඉන්දුනිම්න වැනි පුරාණ ලෝකයේ ශිෂ්ටාචාර බිහිවීම සඳහා ගංගා මුල්වී පැවතුණා. ලංකාවේ ඒ සඳහා ප්‍රධාන උදාහරණයක් සපයන්නේ මල්වතු ඔයයි. මහාවංශය සඳහන් කරන අන්දමට විජය කුමරු ක්‍රිස්තු පූර්ව 544 දී තම රාජධානිය කරගත්තේ තම්මැන්නාව ප්‍රදේශයයි. ඔහුගේ පිරිවරේ සිටි අනුරාධ නම් ඇමතියා ප්‍රථම වතාවට මල්වතු ඔය අසබඩ තැනිතලා පෙදෙසක අනුරාධ නම් ගමක් නිර්මාණය කරනවා. මුල්ම අගනුවර ලෙස මහාවංශයේ සඳහන් උපතිස්සගාමය පිහිටා තිබුණේ ද මල්වතු ඔය අසබඩයි. ක්‍රිස්තු පූර්ව 437 දී ලංකා රාජාවලියේ පළමු ක්‍රමානුකූල රජු ලෙස සැලකෙනන පණ්ඩුකාභය රජු මල්වතුඔය බඩ පිහිටි අනුරාධ ග්‍රාමය මෙරට පළමු අගනුවර ලෙස සංවිධානාත්මකව සකස් කරනවා. නාච්චාදූව වැව, තිසාවැව , නුවර වැව, මහකනදරාව වැව, අකතිමුරුප්පු වැව, යෝධ වැව කියන මෙම වැව් සියල්ලටම ජලය සපයන වැදගත්ම ජල සම්පාදකයා වන්නේ ද මල්වතු ඔයයි.

මල්වතු ඔය අමුණ

අනුරාධපුරය ආශ්‍රිතව ජීවත්වූ මධ්‍ය ශිලා යුග මානවයා අදින් අවුරුදු 5900කට පෙර ( ක්‍රිස්තු පූර්ව 3900) ජලය හා ගනුදෙනු කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ, ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වූ මල්වතු ඔයෙන්. අනුරාධපුර නගරයේ ජල අවශ්‍යතා සැපිරීමට ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ දී සේන, ගුත්තික යන වෙළෙඳුන් දෙදෙනා මල්වතු ඔය හරස් කර නගරයට ජලය ගෙන යාමට ඇළක් තැනූ බව මහාවංශය සඳහන් කරනවා.

මේ අමුණ ඉසුරුමුණිය වත්මන් පාලම අසලින් වම්පසට ගොස් මල්වතු ඔයට ළඟාවන විට හඳුනාගත හැකියි. අද එය නටබුන් වී ගොසින්.

රිටිගල සිට නාච්චදූව වැව දක්වා වූ කිලෝමීටර 35 ක් පමණ දුර මල්වතුඔය ගලා යන්නේ කිසිවකුගේ අවධානයට ලක්නොවෙමින්. මල්වතුඔය වඩාත් ජලයෙන් පෝෂිතව ගලා යාම ආරම්භ වන්නේ නාච්චාදූව වැවේ සිටයි. නාච්චාදූව වැවේදී කලාවැව හරහා යෝධ ඇළ දිගේ පැමිණෙන මහවැලි දියවරත් මල්වතු ඔය සමඟ එකතුවීම එයට හේතුවයි. එතැන් සිට තවත් කිලෝමීටර 17 කින් පසු මේ ජල ප්‍රවාහය අනුරාධපුර නගරයට ඇතුළු වෙනවා.

හල්පන් ඇළ

අනුරාධපුර නගරය ආසන්නයේදී මල්වතු ඔය හරහා කුඩා අමුණක් බැඳ මල්වතු ඔය වම් ඉවුරෙන් කුඩා ඇළක් නිර්මාණය කරනවා. එය හඳුන්වන්නේ "හල්පන් ඇළ' නමින්. හල්පන් ඇළ ඉදිකරන්නේ අනුරාධපුර ප්‍රධාන නගරයේ පිහිටි කුඹුරු ඉඩම් සඳහා ජලය ලබා ගැනීම පිණිසයි. කිලෝමීටර 20 ක් පමණ දිගකින් ගලාබසින හල්පන් ඇළ අනුරාධපුර ප්‍රදේශයේදී මල්වතුඔයට සමාන්තරව ගලා බසිමින් මල්වතුඔයේ වම් ඉවුරේ පිහිටි කුඹුරු සඳහා දියවර සැපයීම සිදු කරනවා. මල්වතුඔය හරහා තැනූ"අනුරාධපුර ගල් පාලම" පිහිටා තිබෙන්නේද හල්පන් ඇළට නුදුරින් පෙරිමියන්කුලම ගම්මානයේ .

අදත් දැකගත හැකි මේ ඇළ සියවස් 20කට අධික කාලයක් තිස්සේ ගොවිතැනට ජලය සපයා තිබෙනවා.

හාල්පන් ඇළ අමුණට අමතර ව අනුරාධපුර නගරයේ උතුරු දෙසින් තවත් අමුණක්‌ මල්වතු ඔය හරස්‌ කර ගල්කඩවල ඉදි කර තිබෙනවා. මීටර් 30 x 30 පමණ විශාලත්වයෙන් යතු එහි කාලය පැහැදිලි නැති බව මහාචාර්ය තුසිත මැන්දිස් පවසනවා. මුල් අමුණ ඉදි වූ කාලයට සමකාලීන ව හෝ මඳ කලකට පසුව හෝ මෙය සංවර්ධනය කර ඇති බවයි පේන්නේ.

මල්වතු ඔය ගල් පාලම

අනුරාධපුරයේ සිට උතුරට ගමන් කළ මහා මාර්ගය, මල්වතු ඔය තරණය කළේ මේ ගල්පාලම ඔස්සේයි. පා ගමනින් මෙන්ම අශ්ව රථවලින් ද මේ ඔස්සේ ගමන් කළ හැකිවුණා. වර්තමානයේදී එහි නටබුන් පමණක් ශේෂව පවතිනවා. ඒ පූජා නගරයේ සිට කි. මී. 2ක් පමණ දුරින් පෙරිමියන්කුලම වෙල්යායක් අසලයි. මෙය අසල දී හල්පන් ඇළ හරහා ඉදිකළ ගල්පාලමක් ද දැකගත හැකියි. මේ ගල්පාලම අඩි 10 ක් පමණ පළලකින් ඉදිකර තිබෙනවා. දැනට ඔය මැද තරමක් දුරට යනතෙක් ඉතිරිව පවතින එහි ගල්පුවරු රැසක් ඔය පතුලේත් තිබෙනවා. ඔයෙහි ගල් කණු තුන බැගින් සිටුවා ඒ මත තිරස්ව ගල් බාල්ක තබා ඒ මත ගල්පුවරු ඇතිරීමෙනුයි පාලම තනා තිබෙන්නේ. මෙහි සංරක්ෂණ කටයුතු පසුගිය කාලයේ ආරම්භ කළත් එය අතරමග නැවතී තිබෙන බව පේනවා.

ජල දූෂණය

නාගරිකව ගලායන කැලණි, කළු වැනි ගංගා පමණක් නොව රජරට හරහා ගලන මල්වතු ඔයේ ජලය ද දූෂණය වී තිබෙන බව පසුගියදා කළ පර්යේෂණයකින් අනාවරණය වුණා. අනුරපුර නගරය අවට දී මෙහි ජලයේ හානිකර බැක්ටීරියා බහුලව පවතින බව හෙළිවූ කරුණක්. නගරයේ අපද්‍රව්‍ය එකතු කරගෙන ගොස් මල්වතු ඔයට වැටෙන ඇළමාර්ග තුනෙහිම මෙම බැක්ටීරියා බහුලව අන්තර්ගතයි. ස්වභාවික වනාන්තරය හරහා ගලා නදියේ මෙවැනි ව්‍යාධිජනක බැක්ටීරියා හමු වන්නේ නැහැ. නගරය හරහා ගලන ජලයේ ඒවා පැවතීමෙන් පැහැදිලි වන්නේ නගරයේ මලද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වලතායි. කිලෝමීටර් 40 ක් පමණ දුරක් කෘෂිකාර්මික ප්‍රදේශ හරහා මල්වතු ඔය ගලා යනවිටදී නයිට්‍රජන් අන්තර්ගතය දෙගුණයක් පමණ වැඩිවෙනවා. එයට ප්‍රධාන හේතුව රසායනික පොහොර බව හෙළි වී තිබෙනවා.

තේක්කම අමුණ

මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි යෝධ වැව හෙවත් මානාමතු වැවට ජලය ලබාගෙන ඇත්තේ මල්වතු ඔය හරහා ඉදිකළ අමුණකින්. මෙම අමුණ ඉංග්‍රීසි පාලන කාලයේ දී යළිත් ප්‍රතිසංස්කරණය කෙරුණා. තේක්කම සිට කිලෝමීටර 25ක් දිග යෝධ ඇළ නමින් හඳුන්වන ඇළ මාර්ගයකින් වැව දක්වා ජලය ගෙන යනවා.

පැරණි අමුණට තරමක් පහළින් තවත් අමුණක් බඳවා වම් ඉවුරේ සැතපුම් දාහතරක් දිග තවත් ඇළක් නිර්මාණය කරමින් මල්වතු ඔයට පහළින් ‘අකාති මුරුප්පු’ නමින් වර්තමානයේ හඳුන්වන වැවට ජලය ගෙන ගිය බවත් සඳහන් වෙනවා.

ධාතුසේන රජු ( ක්‍රිස්තු වර්ෂ 455-474) මානාමතු වැව කරවූ බව පූජාවලියේ සඳහන් වෙනවා. යෝධ වැවට ජලය සැපයූ ඇළ මාර්ගය සහ ඒ සඳහා ජලය ලබාගැනීමට මල්වතු ඔය හරස් කර ඉදි කළ අමුණ ද බොහෝ විට ධාතුසේන රජුගේම ව්‍යාපෘති වන්නට ඇති බවට අනුමාන කරනවා.

මල්වතු ඔයේ පිහිටි ස්වභාවික ගල් තලාවක් මත කළුගලින් කවාකාරව ඉදිකර ඇති මෙම අමුණ දිගින් මීටර 150-200ක් පමණ ද පළලින් මීටර 4.8ක් ද වෙනවා. එහි උස මීටර 4.3ක්. අමුණේ එක් කොනක විශාල දොරටු තුනක් දැකිය හැකි අතර ඒවා අතිරික්ත ජලය පිටකිරීමට ලී දොරටු යොදා එකල භාවිතා වූ පිට වාන ලෙස අනුමාන කිරීමට පුළුවන්.

එල්ලෙන පාලම සහ ආරුක්කු පාලම

ඉංග්‍රීසි පාලන සමයේ ඔය තරණය කිරීමට ඉදිකළ මෙම සංගිලි පාලම අදත් භාවිත වෙනවා. මැදවච්චියේ සිට මන්නාරමට යන මාර්ගයේ මඩු පල්ලි පාරට කිලෝමීටරයකට පමණ පෙර හැරී යාමෙන් පාලමට පිවිසිය හැකියි. පාලමේ දිග මීටර් 100ක්. ඉතා අලංකාර වටපිටාවක් මේ අවට දැකගත හැකි වෙනවා. මෙම පාලමට නුදුරින් ඉංග්‍රීසින් විසින් තැනූ යකඩ ආරුක්කු පාලමක් ද පිහිටා තිබෙනවා.

පහළ මල්වතු ඔය ජලාශය

අනුරාධපුර උතුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ දීර්ඝකාලීනව බලපා තිබූ පිරිසුදු පානීය ජල හිඟයෙන් මෙන්ම වාරි ජල හිඟයෙන් දැඩි පීඩා විදි ජනතාවට සිය ජල ගැටලුවලට විසඳුම් ලබාදීමට පසුගියදා ආරම්භ කළ ව්‍යාපෘතියක්. තන්තිරිමලේට නුදුරින් වේල්ලක් බැඳ ජලාශය ඉදිකරනවා. මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියෙන් සහල් නැලිය ලෙස ප්‍රසිද්ධ මන්නාරම යෝධ වැව සහ අකිතමුරුප්පු ආශ්‍රිතව අක්කර 32680 ක කුඹුරු ඉඩම් දෙකන්නයම වගා කිරීමට මේ මගින් ජල පහසුකම් ලැබෙනවා. නව වගා බිම් ලෙස හෙක්ටයාර 2600 ක් අස්වැද්දීමටත් නියමිතයි. මේ ජලාශයේ විශාලත්වය අක්කර අඩි 170,000 ක්. මුළු වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 12 ක් වෙනවා.

හෙළ වෙදකමින් සුද්දගේ මොළේ කුඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝහෙළ වෙදකම කියන්නෙ අදටත් ලෝකෙ තියෙන පිළිගත් ක්‍රමයක්.එදා ...
28/06/2021

හෙළ වෙදකමින් සුද්දගේ මොළේ කුඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ

හෙළ වෙදකම කියන්නෙ අදටත් ලෝකෙ තියෙන පිළිගත් ක්‍රමයක්.එදා වගේම අදටත් අපෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට විදේශිකයන් අතර පවා හිමිවෙන්නෙ ලොකු වටිනාකමක්. ඉතිං අද අපි කියන්නෙ ඒ දේශීය වෙදකමේ බලසම්පන්න බව ගැන කියන කතාවක්.

මේ ආයුර්වේද වෙදකම කරන වෛද්‍යවරුන් අතර ගරු මහා සංඝරත්නය මූලික තැනක් ගන්නවා. මේ කතාවෙන් කියන්නෙ ඒ වගේ අතීතයේ සිටිය මහා හෙළ වෙද හිමිනමක් කළ විශ්මිත රෝග සුව කිරීමක් ගැන.

පොතුවිල ඉන්දරතන හාමුදුරුවන් කියන්නෙ මහා වෛද්‍යවරයාණ හිමිනමක්‌. උන්වහන්සේ දකුණු පළාතෙ පැරණි විහාරස්‌ථානයක අධිපතිව වැඩවාසය කළා. පොතුවිල නායක හාමුදුරුවෝ තමන්ගේ පවුලේ ගිහි වෙද පරම්පරාවෙන් පැවැති ආ වෙදකම පැවිද්දකු වශයෙන් දියුණු කර ගනිමින් විස්‌මිත වෙදකම් කළ හාමුදුරුනමක්.

දවසක් නැවියෙක් කොළඹ ජැටියේ නැව නැවැත්වූ විට කුලී රථ රියෑදුරෙකුගෙන් පොතුවිල හාමුදුරුවන්ගේ වෛද්‍ය දස්‌කම් අසා විහාරස්‌ථානයට ආවා. ඒ තම නාසයෙන් ගලා හැලෙන ලේ බිඳු සහිතව අවුරුදු ගණනාවක්‌ම පීඩා විඳ එයට ප්‍රතිකාරයක් ගන්න.

එකල ඉංග්‍රීසි භාෂාව ද හොඳින් හදාරා සිටිය පොතුවිල නායක හාමුදුරුවෝ මුලින්ම මේ නැවියාගෙන් රෝගය ගැන මූලික තොරතුරු ඇසුවා.ඔහුට තිබුණේ දහවල කිහිප විටකම තද හිස රුජාවක්‌ ඇතිවී ඉන්පසු නාසයෙන් ලේ බිංඳු කීපයක්‌ ගලා වැටීමයි. මෙය උදේ දහවල කිහිපවිටක්‌ම සිදුවන බවත් එම අවස්‌ථාවලදී තමන්ට දරාගත නොහැකි තරම්ම හිසේ බලවත් වේදනාවක්‌ ඇති වන බවත් ඔහු නායක හාමුදුරුවන්ට කීවා.

හාමුදුරුවෝ – තමන්ට මේ රෝගය හැදෙන්න කලින් ගංගා ඇලදොළවල නාලා තියෙනවද?”
නැවියා- ඔව් නාලා තියෙනවා. ඊට පස්‌සේ තමා මට මෙහෙම දෙයක්‌ වුණේ.
හාමුදුරුවෝ – බෙහෝ වෙලාවට මූණට හිරු එළිය වැටුණම නේද හිසේ වේදනාව ඇතිවෙලා ලේ ගලන්නෙ?
නැවියා- ඔව්, එහෙම තමා වෙන්නේ හාමුදුරුවනේ
උදේ කාලයක. හාමුදුරුවන් කිහිපදෙනකුට කීවා පන්සල මිදුලේ අඩි පහක හයක කණුවක්‌ සිටුවන ලෙස දැන් ඉතින් ඔය කමිසය කලිසම ගලවන්න.තරමක්‌ අදිමදි කරමින් සුද්දා යට ඇඳුම විතරක් ඉතිරි වෙන විදියට ඇඳුම් ඉවත් කළා.

හාමුදුරුවෝ-ඔය ලනු කැරලි දෙකක්‌ මෙහාට ගෙනෙනවා. ගෙනැල්ලා මුහුණට ඉරඑළිය වැටෙන සේ ඉරට මුහුණපා මේ සුද්දා කණුවට තියලා අත්දෙක පිටුපසට තියලා බඳිනවා.

ටික වෙලාවකින් සුද්දාගේ මුහුණිනුත්, ඇඟෙනුත් දහඩිය ගලා හැලුනා. ඉර එළිය මුහුණට ම වැටෙන නිසා එය ඉවසා දරාගත නොහැකිව සුද්දා කෑගැහුවා. නාසයෙන් ලේ බිඳු ගලා ගියා.

නායක හාමුදුරුවන් සුද්දාට කිරි පීරිසියක් ගෙනාවා. එම කිරි පීරිසිය සුද්දාගේ ලේ ගලා එන නාසය අසළට ළං කළා. එවිට වේදනාව තරමකට හෝ ඉවසා ගෙන සුද්දා කෑගැසීම නතර කර වෙන්නට යන්නේ කුමක්‌දැයි තමන්ද දැනගත යුතුය යන විලාසයෙන් බලා සිටියා.

ගතවූයේ සුළු වේලාවක්‌. සුද්දාගේ ලේ බිඳු ගලා වැටෙන නාස්‌ පුඩුවක්‌ දිගේ ඇදී ආ කළු යමක්‌ කිරි පීරිසියට වැටුණා. ඉන්පසුව සුද්දාව ලෙහෙලා දැමුවා.

ඔහුගේ හිසේ වේදනාව සමනය වුනා. ඒත් සියලු දෙනා බලා සිටියේ අර නාසයේ සිට කිරි පීරිසියට වැටුණ දේ මොකක්ද කියලා.

“සුද්දා ඇලකින් හෝ දොළකින් නාන්නට ගිය අවස්‌ථාවකදී කූඩළු පැටියෙක්‌ නාසයෙන් මොළයට ගිහිල්ලා තියෙනවා. ඒකා විටින් විට හපනවා. එතකොට තමා මෙහෙම ලේ බින්දු හැලෙන්නේ. විශේෂයෙන්ම කූඩැල්ලා හපන්නේ ඉර එළිය වැටෙන කොට.

මේ සුද්දාට සිදුවෙලා තියෙන විපත්තිය කිසි රටක කිසිම වෛද්‍යවරයකුට සොයා බලා අල්ලා ගන්න හම්බ වෙලා නෑ.

මෙහෙම ඇඳුම් ගලවලා ඇඟට, මුහුණට ඉර එළිය වැටෙන ලෙස බැඳලා තිබුනම දහඩියගලා කැළඹුණු සුද්දාගේ ඔළුවේ මොළයේ රැඳී සිටි කූඩැල්ලාත් වෙනදා වගේම කලබලවෙලා හපන්නට ගත්තා. එතකොට තමා ලේ බිංඳු ගලන්නේ. මම කළේ ඒ කූඩැල්ලාට නහයෙන් පිටතට එන්නට කිරි සුවඳ යොමු කළ එක. නායක හාමුදුරුවන් පැවසුවා.

“පස්‌සේ ඉස කැක්‌කුම එහෙම හැදුනොත් මේ බෙහෙත් තෙල හිසේ ගානවා හොඳයි” යනුවෙන් පොතුවිල් නායක හාමුදුරුවන් පවසා කුඩා තෙල් බෝතලයක්‌ ද සුද්දාට දුන්නා.

හෙළ වෙදකමේ විශ්මිත බව කොපමණද? එහි වටිනාකම අද අපි එතරම් ගනන් නොගන්නෙ ඇයිද කියලා සිතා ගන්න නොහැකිය.

ජපන් ජාතිකයින් අතර අතීතයේ සිට පැවැත එන හරි අපූරු කලාවක් තියෙනවා, ඒකට කියන්නේ "Kintsugi" කියලා, ඔවුන් මෙහිදී කරන්නේ, කැඩු...
25/06/2021

ජපන් ජාතිකයින් අතර අතීතයේ සිට පැවැත එන හරි අපූරු කලාවක් තියෙනවා, ඒකට කියන්නේ "Kintsugi" කියලා, ඔවුන් මෙහිදී කරන්නේ, කැඩුනු පිගන් භාන්ඩ අරගෙන ඒවා රන් හෝ රිදියෙන් නැවත අලුත් වැඩියා කරන එක. එහිදී කැඩී වෙන්වුන, කැබැලි රන් හෝ රිදී හරහා එකට එකතු කරලා අලුත් වැඩියා කිරීම සිදු කරනවා.

හැබැයි "Kintsugi" කලාව කලාවක් විදිහටම නිර්මාණය වුන දෙයක් නෙමෙයි, ඒ කලාව ඇතුලේ ජපනා හපනා වෙන්න හේතු වුන ගැබුරු ආකල්ප ගොඩනැගීමේ සංකල්පයක් තියෙනවා.

ජපන් ජාතිකයින් විශ්වාස කරනවා, සෑම දෙයකම උපරිම ප්‍රයෝජන ගැනීම කියන දේ අත්‍යවශ්‍ය දෙයක් බව. එය ලෝකයේ පැවැත්මට උපකාරී වෙන බව. ඒ නිසා ඔවුන් සියලු දේම හැකි උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරින් භාවිතා කරනවා. ඔවුන් කැඩුනු පිගානක්වත් භාවිතයට ගන්න බෑ කියලා විසි කරන්නේ නෑ, එය රන් හෝ රිදියෙන් අලුත් වැඩියා කරලා එයට විසි කරන්න බැරි වටිනාකමක් දෙනවා.

ඒ වගේම මේ කලාව මිනිස්සුන්ට අඩුපාඩු, වැරැදීම් හදාගෙන ඉදිරියට යන එකේ වටිනාකම කියලා දෙනවා, Kintsugi කලාවෙන් අලංකාර වුන පිගානක, වටිනාකම සෑම විටම හොද තත්වයේ තියෙන පිගානකට වඩා ගොඩක් වැඩියි, මිනිසෙක්ගේ ජීවිතයත් ඒ වගේමයි, අපි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න යන්න, අපි අත්දැකීම් හා දැනුමෙන් පරිපූර්ණ වූ වටිනා මිනිසෙක් බවට පත් වෙනවා.

ඒ නිසා "Kintsugi" කලාව, ජපන් දරුවන්ට, ඒ දේ ඉතාම සරල විදිහට ලස්සනට කියලා දෙනවා.

ජපනා හපනා වුනේ නිකන්ම නෙමෙයි, ඒ ඔවුන්ගේ සංස්කෘතිය හරහා ඇති කරපු ඉතා වටිනා ආකල්පමය වෙනස්කම් නිසා. ඒ වෙනස තමයි අවුරුදු 50කටත් වඩා අඩු කාලයක් තුල ලෝකයේ දියුණුම ජාතියක් බවට ඔවුන්ව පත් කලේ. ඒ නිසා ඔබත් සෑම විටම ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න උත්සාහ කරන්න.
ඔබේ ජීවිතයත් බොහෝ වේගයෙන් වෙනස් වෙන්නට පටන් ගනීවි.

මේද දහනය කරන ක්‍රම 11 ක්සිරුර ලස්සනට තියාගන්න උනන්දුවෙන කවුරුත් තමන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.ඊට ...
25/06/2021

මේද දහනය කරන ක්‍රම 11 ක්

සිරුර ලස්සනට තියාගන්න උනන්දුවෙන කවුරුත් තමන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.ඊට හේතුව තමයි ඔබ කොතරම් ව්‍යායාම කලත් ඔබේ ඇතැම් අහිතකර ආහාර පුරුදු ඔබේ සිරුරේ බර අඩුවිමට නොදී ඊට බාධා කල හැකි වීම.උදාහරණයක් විදියට ඇතැම් අය ආහාර වලට ඇබ්බැහි වීම හා අධිකව ආහාර ගැනීමට පුරුදුව සිටියි.තවත් අය සොයාබැලීමක් නැතිව දකින දකින ආහාර වර්ග අනුභව කරනවා.තමන් ආහාරයට ගන්නා දේවල් කෙරෙහි අවබෝධයක් නොමැතිකම,පාලනයක් නොමැතිකම බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිවීමට මුලක් පාදයි.

විශේෂයෙන්ම ස්ථූලතාව,එපමණක් නොවෙයි දියවැඩියාව,අධි රුධිර පීඩනය,කොලෙස්ටරෝල් හා හෘද රෝග වර්ධනය වීමේ ඉහළ අවදානමක් ඇතිවීමට වුව ඉඩ ඇත. ආහාර වලට ගිජුවීම නැතිනම් ඇබ්බැහිවීම නීරෝගි නොවන ආහාර රටාවකට හුරුවීමේ අවදානම ඇතිකරවන අතර ඇතැම් විට විශාදය වැනි මානසික ගැටලු තත්වයන් දක්වා උඩුදිවීමට ඉඩ ඇත.
පෝෂණවේදීන් හා ආහාර විශේෂඥයින් විසින් පැහැදිලි කරනු ලබන ආහාර වලට ගිජුවීම වළක්වාගත හැකි උපදෙස් කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම් වෙන්නේ.

පෙර සැකසූ ආහාර (processes food) සහ රසකාරක යෙදූ ආහාර වෙනුවට ස්වභාවික ආහාර පාන ලබාගැනීමට පුරුදුවන්න.අධික සීනි, කෘතිම රසකාරක සහ,මේද අඩංගු ආහාර ගැනීමෙන් සිරුරේ රසායනික ප්‍රතික්‍රියාවන් උත්සන්න වී ඒවාට ඇබ්බැහිවීම් ඇතිවිය හැකි බව පර්යේෂකයින් පෙන්වාදේ.පෙර සැකසූ ආහාර වල මේවා අධික අඩංගු වේ.
වරකට ලබාගන්නා ආහාර ප්‍රමාණය (portions) පිළිබඳ පාලනයක් ඇතිකරගන්න.නීරෝගි නොවන ආහාර වර්ග වලට ඇති ආසාව මැඩගැනීමට අපොහොසත් වන්නේ නම් ඊට ඇති ගිජුබව අඩුකරගැනීමට ඒවායෙන් ස්වල්ප ප්‍රමාණයක් ආහාරයට ගැනීමට උත්සහ කරන්න. උදා: අල චිප්ස් වලට ඔබ කැමතියි නම් කුඩාම පැකට්‍ටුවක් මිලදී ගන්න.සතියකට එක් වරක් පමණක් ආහාරයට ගැනීමට පුරුදුවෙන්න.වරකට කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්න. යලිත් වරක් ආහාරයට ගැනිමට සිතෙයි නම් ආහාරයට ගැනීමට පෙර මිනිත්තු 30 ක් පමණ ඉවසාගෙන සිටින්න. මේ කාලයේදි බොහෝ දුරට එම ආශාව සන්සිඳී යනු ඇත.

නිතිපතා නීරෝගි සමබල පෝෂණයක් අඩංගු ආහාර ලබාගන්න.සිරුරේ පෝෂණ අවශ්‍යතා හොඳින් සපිරෙන ආහාර වේලක් ලබාගැනීමට හුරුවීමෙන් ඇතැම් ආහාර වලට ඔබේ ඇති ගිජුබව අඩුකරගැනීමට හැකිය.එබැවින් උදෑසන ආහාර වේලට හොඳ පෝෂණ ගුණයක් සිරුරට ලැබෙන ආහාර වේලක් නොවරදවාම ලබාගන්න. දවස ආරම්භයේදි හොඳ පෝෂණයක් සිරුරට ලැබෙන විට නීරෝගි ජීවන රටාවකට සිරුර හුරුකරගැනීම පහසුවේ.

ඔබේ සමාජයීය පුරුදු වෙනස් කරගන්න.ආහාර වලට ගිජුවීමට බලපාන තවත් හේතුවක් තමයි නිවසින් පිටත යහලුවන් සමඟ ආහාර ගැනීමට යාම.කාර්යාලයේදි සගයින්ගේ උපන්දින සැමරීම, සාද වලට යාමට ඔබට සිදුවිය හැකියි.එහිදි ඔබට ඔබේ සීමාවන්, පාලනයන් බොහෝ විට අමතක කිරීමට සිදුවෙනවා.ඉතින් ප්‍රතිඵලය තමයි නීරෝගි නොවන පිෂ්ටය,මේද සහ සීනි අධික ආහාර පරිභෝජනය කිරීම.මෙවැනි පුරුදු හැකිතාක් සීමා කිරීම වැදගත් වේ.

කෑම මේසයේ ආහාර ගන්න.හොඳ අවධානයකින් ආහාර ගැනීම වැදගත්.ආහාර සෙමින් සපන්න.ආහාර රුචිය සහ ශරීරගත වන කැලරි පාලනය කිරීම සඳහා වගකියනු ලබන්නේ සිරුරේ ඇති හෝර්මෝන ක්‍රියාවලින්ය.ඔබ ආහාර ලබාගෙන සිටින බවත්,බඩ පිරී ඇති බවත් මොළයට සංඥා කිරීමට මේවාට මිනිත්තු 20 ක් පමණ කල් ගත වෙනවා.ඉතින් මේ කාලය අතරතුරදි ඔබේ බඩ පිරී ඇතත් ඔබට එය දැනෙන්නේ නැහැ.ඉතින් වේගයෙන් ආහාර ගැනීමෙන් සිදුවෙන්නේ කුමක්දැයි ඔබට සිතාගත හැකියි නේද? මේ කාලයේදී ඉතා සෙමින් ආහාර ගැනීමෙන් අධිකව ආහාර ගැනීම වළක්වාගත හැකියි.ඉන් සිරුරේ බර වැඩිවීමේ අවදානම බොහෝ දුරට පාලනය කරගත හැකිවේ.

ආතතියට හෝ මනස වියවුල් වී සිටින විට බොහෝ පුද්ගලයින් අධිකව ආහාර ගැනීමට පෙළඹෙති.නමුත් ඉන් මානසික ගැටලුවට සහනයක් ලැබෙන්නේ නම් නැහැ.ඉන් සිදුවන්නේ ආහාර වලට ඇති ගිජුබව වැඩිවීම පමණයි.මෙය හඳුන්වන්නේ emotional eating කියායි.බොහෝ විට පැණිරස ආහාර, පේස්ට්‍රි වර්ග, පීසා, චිප්ස් වර්ග වගේ සෞඛ්‍යයසම්පන්න නොවන ආහාර වර්ග තමයි ඔවුන්ගේ තේරීම වෙන්නේ.ආතතිය දුරුකරගැනීමට දිව පිනවන ආහාර වෙත යොමුවීමට වඩා ඔබේ සෞඛ්‍යයට හිතකර වෙනත් ක්‍රම වෙත යොමුවිමට ඔබට හැකියි.යෝගා අභ්‍යාස, භාවනා ක්‍රම, ව්‍යායාම කිරිම, මිත්‍රයින් සමඟ සතුටින් කාලය ගත කිරීම, චිත්‍රපටයක් හෝ කතාමාලාවක් නැරඹීම වගේ ක්‍රම ඔබට උත්සහ කල හැකියි. නිතිපතා සිදුකිරීමෙන් මේ ඇතැම් උපක්‍රම ආතතිය අඩු කරගනිමින් සිරුරේ බර අඩුකරගැනීමේදීද හොඳ සහයක් ලබාදෙනවා.

කැෆේන් පරිභෝජනය සීමාකරන්න.සිරුරේ නීරෝගි බව වැඩිදියුණු වීමට හොඳ ගුණාත්මක නින්දක් ලබාගැනීම කොතරම් වැදගත් ද කියා ඔබ දන්නවා.කැෆේන් කියන්නේ උත්තේජක පානයක්. ඉතින් මේවා අධිකව පානය කිරීමෙන් ඔබේ සිරුරට අවශ්‍යම වේවේකය ඔබට නොලැබි යන්නට ඉඩකඩ වැඩිය.එනම් ඒවා නිසා නිදි චක්‍රයට බාධා ඇතිවීමය. නින්ද අඩුකම සිරුරේ බර වැඩිවීම කෙරෙහි බලපෑම් කරන බව ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදේ.සිරුරේ බර අඩුකරගැනීමට කැෆේන් පරිභෝජනය සීමා කිරිම හොඳ සහයක් ලබාදෙනබව සඳහන් වේ.ඒ අනුව කැෆේන අධිව අඩංගු වන කෝපි වැනි දේ පානය කිරීමේදි සැලකිලිමත්වන්න.

නිවසේ පිසූ ආහාර පරිභෝජනය කරන්න.නිවසේ සැකසූ ආහාර පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත බවින් වැඩිය.ආහාර වලට නිසි ප්‍රමාණවලින් ලුණු, සීනි හෝ මේද එක්කරගැනීම හරහා ඒවායේ පෝෂණ ගුණ නොනැසෙන පරිදි පිසගැනීමට හැකිවේ. එමෙන්ම කැලරි අගයන් ගැන අනවශ්‍ය ලෙස වදවීමට අවශ්‍ය නොවේ.

ඔබේ ප්‍රගතිය ඔබ සතු‍ටු දෙයක් කරමින් සමරන්න.උදාහරණයක් ලෙස මාසයක් පමණ නීරෝගි ආහාර පමණක් ලබාගනිමින් හෝ නිතිපතා ව්‍යායාම කරමින් ගත කල පසු ඔබ යම් ප්‍රගතියක් ලබාගෙන සිටියි නම් ඔබට හැකියි ඔබට සතු‍ටු හිතෙන ආකාරයේ දෙයකින් එය සමරන්න.උදාහරණයක් ලෙස සති අන්තයක යහලුවන් සමඟ විනෝද සවාරියක් යාම වැනි ක්‍රියාකාරකම් ආහාර ඇබ්බැහිවීම් වලින් මිදෙන්නට හොඳ උත්තේජනයක් බව විශේෂඥයින් පෙන්වාදේ.

සිරුර ගැන සැලකිලිමත්වන්න.සම්බාහනය යනු ඒ සඳහා හොඳ ක්‍රමයකි. Swedish massage ක්‍රමය ඊට උදාහරණයකි.මෙම අභ්‍යාස රුධිර සංසරණයට හා මාංශ පේශීන් වලට ඉතා හිතකරය. සිරුරේ ගැටලුකාරි ප්‍රදේශ වලට හොඳ ගුණයක් ඇතිකරවයි.උදරය, අත්, කකුල්, උකුල් ප්‍රදේශ සම්බාහනය කිරීමේදි විශේෂ ක්‍රීම් භාවිතා කල හැකිය.

තනි උත්සහයෙන් ආහාර ඇබ්බැහිවීම් වලින් මිදෙන්නට ඔබට නොහැකියි නම් ඔබට හැකියි වෘත්තීයවේදියෙකුගෙන් ඒ සඳහා උදවු උපදෙස් ලබාගැනීමට.ආහාර සම්බන්ධ ගැටලු තත්වයකින් (eating disorders) ඔබ පෙළෙයි නම් වහාම වෛද්‍යවරයෙකුව මුණගැසෙන්න.චිකිත්සාවන්,සහය කණ්ඩායම් සහ ඇතැම් ඖෂධ ප්‍රතිකාර හරහා මෙවැනි තත්වයන්ට ප්‍රතිකාර කරනු ලැබේ.

ලොවම මවිතකරමින් චීනයේ ගුහාවකින් හමු වූ පිටසක්වල ජීවීන්1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි, සිසුන් කණ්ඩායමක් ද ...
24/06/2021

ලොවම මවිතකරමින් චීනයේ ගුහාවකින් හමු වූ පිටසක්වල ජීවීන්

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි, සිසුන් කණ්ඩායමක් ද සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණේය. ඔවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. චීනයට අයත් එම පෙදෙස ගවේෂණය ආරම්භ කරද්දී ඔවුන් කිසිවකු දැන සිටියේ නැහැ ඔවුන්ට මුළු ලොවම කැළැඹිය හැකි ආකාරයේ අපූරු සොයා ගැනීමක් කළ හැකි වනු ඇති බව. එම අපූරු සොයා ගැනීම විද්‍යාවට ද අභියෝගයක් කිරීමට සමත් විය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පාදක කර ගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට ද පත් විය. මේ ‘ඩ්‍රෝපා පාෂාණ’ අබිරහසයි.





මහාචාර්ය චී පූ තෙයි සිසුන් හිමාල කඳුකරයට ගියේ කඳුකරයේ පිහිටා ඇති ඉපැරණි ලෙන් පිළිබඳ අධ්‍යනයක් පැවැත්වීමේ අරමුණින්ය. එම ලෙන් එකිනෙකට සම්බන්ධව පිහිටා ඇති අතර, හිමාල වැසියන් මේ ලෙන් හඳුන්වන්නේ ‘භයංකාර උලා’ යන නමිනි. හිමාල වැසියන් මේ ලෙන් ගැන කතා කරන්නේ බියකිනි. ඇතැම්හු මේ ලෙන් ගැන කතා කිරීමට පවා බියක් දක්වති. 1938 වසරේ දී ගවේෂණය සිදුවෙද්දී, මේ ලෙන් ගැන ලොව වැඩි දෙනකු දැන සිටියේ නැත. ලෙන් ගැන දැන සිටියේ ද මහාචාර්ය චී පූ තෙයි ඇතුළු පුරාවිද්‍යඥන් කිහිප දෙනකු පමණි.

මේ අඳුරු අබිරහස් ලෙන් ගවේෂණය කරමින් යද්දී, ගවේෂණ කණ්ඩායමට මුලින්ම දකින්න ලැබුණේ එම ලෙන්වල ස්වභාවික ගුප්ත සුන්දරත්වයයි.

ගවේෂණ කණ්ඩායම එක් අඳුරු ගුහාවක් පිරික්සද්දී, එම ගුහාවේ සො​ෙහානක් ඇති බව ඔවුන්ට දකින්න ලැබුණි. ගවේෂණ කණ්ඩයමේ සිටි කිසිම කෙනකු, මහාචාර්ය චී පූ තෙයි පවා මෙවැනි සොයා ගැනීමක් අපේක්ෂා නොකළේය. වැඩිදුර පරීක්ෂා කරද්දී, සොහොන් වළවල් කිහිපයක් ම ඇති බව දැකින්න ලැබුණි. සොහොන නිර්මාණය කළේ කවුරුන් වුනත්, ඔවුන් ඒවා ඉතාම නිවැරදිව එක පෙළට, සොහොන් වළවල් නිර්මාණය කර තිබීම ගවේෂණ කණ්ඩායමේ මවිතයට හේතුවක් විය.

කණ්ඩායම ඉතා ප්‍රවේසමෙන් සොහොන් වළවල් හාරා බලන්න විය. ඔවුන්ට හමුවූයේ ඉතිරි වුණු අස්ථි කොටස් පමණි. බැලූ බැල්මට ඒවා මනුෂ්‍ය අස්ථි කොටස් විය. හැම සොහොන් වළකම තිබුණේ මිනිස් අස්ථිය. එහෙත් ඒවා හොඳින් පරීක්ෂා කරද්දී පෙනී ගියේ එම අස්ථි මනුෂ්‍යයන්ගේ නොවන බවය.

අස්ථිවල හැඩය, ප්‍රමාණය සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් විය. හැම හිස්කබලක්ම ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල විය. විශාල හිස්කබලට සාපේක්ෂව සිරුරු ඉතා කුඩා බව පෙනී ගියේය. අත් පාවල අස්ථි ඉතා සිහින් විය. මේ මළ සිරුරු කාගේද යන්න ප්‍රශ්නාර්ථයක් විය.

ගවේෂණ කණ්ඩායම අස්ථි කොටස් පරීක්ෂා කරද්දී, ලෙන තුළ තිබී විශාල රවුම් පාෂාණයක් සොයා ගැනීමට එක් සිසුවෙක් සමත් විය. ඒ සමඟ ඒ අසල තිබී තව තවත් එවැනිම රවුම් පාෂාණ සොයා ගැනීමට ඉන්පසු හැකියාව ලැබුණි. ඒවා පාෂාණ තැටි විය. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයකි. ඝනකම අඟලකි. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණි. එම සිදුරේ විෂ්කම්භය අඟලකි. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රටා කොටා තිබෙනු දකින්න ලැබුණි. ඒවා රූපාක්ෂර යැයි පසුව අනාවරණය කර ගැනිණ. ඒ අනුව, එම තැටිවල තිබුණේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත බව පෙනී යන්න විය. එම පාෂාණ තැටි ඩ්‍රෝපා තැටි යනුවෙන් නම් කෙරුණු අතර එම තැටි ආශ්‍රිත අභිරහස ඩ්‍රෝපා තැටි අභිරහස නමින් ද ප්‍රකට විය.

හන් ග්‍රෝත්‍රික යුවළක්



ගවේෂණ කණ්ඩායම පමණක් නොවේ, විශ්ව විද්‍යාල මහාචාර්යවරු, විද්වත්හු යනා දී කවුරුත් ඩ්‍රෝපා තැටිවල ලියා ඇති දේ වටහා ගන්න, එසේ නැතිනම් එම රූපාක්ෂරවලින් පිළිබිඹු වන දේ වටහා ගන්න හුඟක් උත්සාහ කළහ. ඒත් සාර්ථක වුණේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂර ගැන කිසියම් හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූයේ ඊට දසක දෙකකට පමණ පසුවය. ඒ, 1962 වසරේදීය.

රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කිරීමට චීන පුරා විද්‍යාඥයෙක් සමත් විය. ඔහු ආචාර්ය සුම් උම් නු ය. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තේය. ඒ ගැන පළමුවෙන් පුදුමයට පත් වූ ඔහු පසුව මුළු ලොවම පුදුමයට පත් කළේය.
රූපාක්ෂරවලින් කියන්නේ මොකක්දැයි වටහා ගැනීම ඔහුට ලොකු අභියෝගයක් විය. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමය එපමණක් නොව, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා පැහැදිලිව කියැවීමට නම් අණ්වීක්ෂයක් අවශ්‍යය. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවය.

සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි මැනැවින් පරීක්ෂාවට ලක් කළේය. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළේය.

ඒ වන විට මේ පාෂාණ තැටි වසර 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණි. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු මුලින් පුදුම විය. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු කතාන්දරයකි. එය අභ්‍යවකාශය සම්බන්ධ කතාවකි. එහි සඳහන් වූයේ විශ්වයෙන් එසේත් නැතිනම් වෙනත් ලොවකින් මෙහෙ ආ ගගන යානයක් ගැන කතාවකි.

මේ යානය, අනතුරට පත් වී හිමාල කඳුකරයේ ‘භයංකාර උලා’ කඩා වැටුණි. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීය. ඒත් එම කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ ගෝත්‍රිකයන්ට ඔවුන් වටහා ගැනීමට නොහැකි විණි. හන් ගෝත්‍රිකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් සතුරන් කියාය. එනිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුණි.

ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝත්‍රිකයන්ට වටහා දුන්නේ, ඔවුන් සතුරන් නොවන බවය. කල් ගතවෙද්දී හන් ගෝත්‍රිකයෝ ඒ බව විශ්වාස කරන්න වූහ. ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බවත් ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බවත් තහවුරු විය.
ඩ්‍රෝපාවරුන්ට ගැටලුවක් වූයේ කඩා වැටුණු යානය පිළිසකර කරගෙන ආපහු ඔවුන්ගේ මවු ලෝකයට යාමට නොහැකි වීමය.

ඩ්‍රෝපාවරුන් ප්‍රමාණයෙන් කුඩාය. කුරුමිට්ටන් හා සමානය. කල් ගතවෙද්දී ඔවුහු ‘හන්’ ගෝත්‍රිකයන් සමඟ එකට ජීවත් වූහ. ඇතැම්හු හන් ගෝත්‍රිකයන් සමඟ විවාහ වූ බව ද පැවැසෙයි. සමහරු විශ්වාස කරන අන්දමට අදත් මේ ගෝත්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝත්‍රිකයන් පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙන බවය. ඔවුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩි 4 1/2 ක් පමණ වෙයි.

මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන් ද? ඩ්‍රෝපා ගෝත්‍රිකයන්, ‘ඩ්‍රොක් පා’ සහ ‘සෝපා’ නම නම්වලින් ද හැඳින්වෙයි. මේ ගෝත්‍රිකයන් ගැන එකිනෙකට පරස්පර මත පළ වී ඇත. ඒවා ආන්දෝලනාත්මකය. සමහරුන් පවසන අන්දමට ඩ්‍රෝපා යනු කුරුමිටි පිටසක්වළ ජීවීන් කොට්ඨාශයකි. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස ඇත. ඒ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි නොමැත. අපට ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ඩ්‍රෝපා පාෂාණ තැටි පමණකි.



නැෂනල් ජියෝග්‍රැෆි
වාර්තා වැඩසටහනක් ඇසුරිනි

උසම කඳු මුදුනත උසම වන උයනේ අසිරිය විඳිමුලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද අයත් වන්නේ හිමාල කඳුවැටියට යි. උසින...
23/06/2021

උසම කඳු මුදුනත උසම වන උයනේ අසිරිය විඳිමු

ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද අයත් වන්නේ හිමාල කඳුවැටියට යි. උසින් මීටර් 8,848ක් වන මෙම සුවිසල් කඳු මුදුන නේපාලයට සහ ටිබෙටයට මායිම්ව පිහිටා තිබෙනවා. ඈත අතීතයේ සිටම නේපාල වැසියන් එවරස්ට් කන්ද, පූජනීය ස්ථානයක් ලෙසින් සලකනු ලැබුවා. එනිසා ඔවුන් එය හඳුන්වන්නේ ‘සාගර්මාතා’ යන නමින්. එහි අරුත ‘දෙවිවරුන්ගේ මාතාව’ යන්නයි. එවරස්ට් කන්ද පිහිටි ප්‍රදේශයේ පවතින සුන්දරත්වය නිසා 70 දශකයේ දී ඒ ආශ්‍රිතව වනෝද්‍යානයක් ආරම්භ වුණා. ‘සාගර්මාතා ජාතික වනෝද්‍යානය’ නමින් හැඳින්වෙන එය ලෝකයේ වැඩිම උසකින් පිහිටා තිබෙන වනෝද්‍යානය බවට පත්ව තිබෙනවා. එසේ නම් මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ අසිරිය පිළිබඳව යි .

වනෝද්‍යානයේ ආරම්භය

ලෝක වනජීවී අරමුදලේ තෙවන ජාත්‍යන්තර සමුළුව ජර්මනියේ බොන් නුවර දී 1973 වසරේ පැවැත්වුණා. ඒ වන විට විනාශ වෙමින් පැවති එවරස්ට් පරිසර පද්ධතිය සහ එහි වඳවීමේ තර්ජනයට ලක්ව සිටි ජීවීන් සංරක්ෂණය කිරීම පිළිබඳව එම සමුළුවේ දී සාකච්ඡා කෙරුණා. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එවරස්ට් කන්ද ආශ්‍රිතව ‘සාගර්මාතා’ වනෝද්‍යානය පිහිටවීම පිළිබඳව එදින නිල වශයෙන් නිවේදනය කළා. ඉන් අනතුරුව ආරම්භ වුණු වනෝද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 1976 ජූලි මාසය වන විට අවසන් වුණා. එනිසා ජූලි 19 වැනිදා එය නිල වශයෙන් විවෘත කිරීමට හැකියාව ලැබුණා.

පිහිටීම

සාගර්මාතා ජාතික වනෝද්‍යානය නැගෙනහිර නේපාලයේ සොලුකුම්බු දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙනවා. හෙක්ටයාර 124,400ක භූමි ප්‍රදේශයක් පුරා විසිරී පවතින මෙම සුන්දර වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 9184ක් පමණ උසකින් පිහිටා තිබෙනවා. එනිසා මෙය ලොව වැඩිම උසකින් පිහිටි වනෝද්‍යානය ලෙසින් සැලකෙනවා. උස් කඳු වළල්ලකින් වටවුණු මෙම වනෝද්‍යානය අතිශය රළු භූමි ප්‍රදේශයක පිහිටා තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. එම කඳු අතුරින් බාරුන්ට්ස්, ලොට්ස්, නුප්ට්සේ, පුමෝරි, ගුවාචුං කැන්ග්, චෝ-ඔයූ සහ නන්ග්පායි ගොසුම් යන කඳු වැඩි උසකින් පිහිටා තිබෙනවා. මෙම වනෝද්‍යානය පිහිටි ස්ථානයට වඩාත් ආසන්නව පිහිටා තිබෙන්නේ ‘නැම්චේ බසාර්’ ජනාවාසය යි. එනිසා සාගර්මාතා වනෝද්‍යානය නැරැඹීම සඳහා පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ නවාතැන්පොළ වන්නේ නැම්චේ බසාර් ප්‍රදේශය යි.

ප්‍රදේශයේ දේශගුණය

සාමාන්‍යයෙන් අර්ධ ශුෂ්ක සහ උප නිවර්තන දේශගුණික ලක්ෂණවලින් යුත් මෙම භූමි ප්‍රදේශයට වැඩිපුර වර්ෂාව පතිතවන්නේ මෝසම සක්‍රීය වන කාල සමයේ දීයි. මෙම ප්‍රදේශයට ලැබෙන මුළු වාර්ෂික වර්ෂා ප්‍රමාණයෙන් 80%ක් පමණ ලැබෙන්නේ ජූනි සිට සැප්තැම්බර් දක්වා යි. එයිනුත් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ජූලි සහ අගෝස්තු මාසවල දීයි. මෙම ප්‍රදේශයට අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ වසරේ අවසන් මාස තුනේදී යි. සාගර්මාතා වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 9184ක උසකින් පිහිටා තිබෙන නිසා එහි පවතින්නේ අධික ශීත දේශගුණයක්. මෙම භූමි ප්‍රදේශය තුළ අධිකම සීතලක් පවතින්නේ ජනවාරි මාසයේදීයි. ජනවාරි මාසයේ මෙහි උෂ්ණත්වය පරාසය සෙල්සියස් ඍණ (17- 8) තරම් පහළ පරාසයක පවතිනවා. සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිතව උපරිම උෂ්ණත්වයක් වාර්තා වන්නේ අගෝස්තු මාසයේ දීයි. එම මාසයේ මෙහි උෂ්ණත්ව පරාසය සෙල්සියස් (1-6) අතර පවතිනවා. වැඩි උෂ්ණත්වයක් පවතින කාලයට වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙන බව නිරීක්ෂණය කරන්නට පුළුවන්. එලෙස අධික වර්ෂාව පවතින කාල සමයේ අවට කඳු මුදුන්වල තිබෙන ග්ලැසියර දියවී ගංගා දිගේ පහළට ගලාගෙන ඒම නිසා ගංවතුර තත්ත්වයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.

ස්වභාවික වෘක්ෂලතා

සාගර්මාතා ජාතික වනෝද්‍යානයට අයත් මුළු භූමියෙන් 70%ක පමණ ප්‍රදේශයක් නිසරු බිම් බවට පත්වෙද්දී, 26%ක භූමි ප්‍රදේශයක තණබිම් පිහිටා තිබෙනවා. ඉතිරි 4%ක භූමිය ප්‍රමාණය වනාන්තරවලින් වැසී තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. ඒ අයුරින් වනෝද්‍යානය ආශ්‍රිතව පිහිටා තිබෙන වනාන්තර පද්ධතිය උන්නතාංශය අනුව (මුහුදු මට්ටමට සාපේක්ෂව පෘථිවියේ ඕනෑම ස්ථානයක් අතර සිරස් දුර) ප්‍රධාන කලාප 6කට වෙන්කර ඇති ආකාරය දැකගන්නට පුළුවන්. එලෙස වෙන්කරන ලද කලාපවල දී එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත ශාක වර්ග දක්නට ලැබෙනවා. මෙම වනෝද්‍යානය තුළ දී පයින්, ඇල්පයින්, ස්ක්‍රබ්, ජුනිපර්, බර්ච්, රෝඩෝඩ්‍රෙන්ඩන්, ලයිකන, පාසි, වාමන තෘණ, පන් වැනි ශාක විශේෂ නිරීක්ෂණය කරන්නට පුළුවන්.

සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිත කලාපයේ වෘක්ෂලතාවල වර්ධනය මන්දගාමීව සිදුවීම හේතුවෙන් නේපාල රජය එය ස්වාරක්ෂක කලාපයක් ලෙසින් නම් කළා. 2002 වසරේ සිට ක්‍රියාවට නැංවුණු එම නීතියට අනුව උද්‍යානයෙන් ලැබුණු මුළු ආදායමෙන් 30%ක මුදලක් ස්වාරක්ෂක පද්ධතියේ සංවර්ධනය වැඩ කටයුතු සඳහා යෙදවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශක 2ක පමණ කාලය තුළ මෙම කලාපයේ ජෛව සංරක්ෂණය හොඳින් සිදුවුණු බව වාර්තාවල දැක්වෙනවා.

දක්නට ලැබෙන සතුන් වර්ග

මෙම අපූරු වනෝද්‍යානය ආශ්‍රිත පරිසර පද්ධතියේ දී එකිනෙකට වෙනස් සතුන් ප්‍රභේද විශාල ප්‍රමාණයක් දැකගන්නට පුළුවන්. ක්ෂීරපායි ස්ත්ත්ව විශේෂ 28ක්, කුරුළු විශේෂ 152ක්, ජලජ පක්ෂි විශේෂ 19ක්, සමනල විශේෂ 30ක් මෙම වනෝද්‍යානයෙන් දැනට වාර්තා වී තිබෙනවා. රතු පැන්ඩා, හිම දිවියා, කස්තුරි මුවා, හිමාලයානු තාහර්, හිමාලයානු මූසික හාවා, හිම කුකුළා, ඉම්පේන් පක්ෂියා, අළු වෘකයා, මාටෙන්ස් ඒ සත්ත්ව විශේෂ අතුරින් කිහිපයක්. සාමාන්‍යයෙන් වනෝද්‍යානය ආශ්‍රිතව වැඩි වශයෙන් සත්ත්වයන් දැකගන්නට ලැබෙන්නේ උදය කාලයේ දී යි. එනිසා සංචාරකයන් වැඩි ප්‍රමාණයක් සතුන් නැරඹීම සඳහා මෙහි පැමිණෙන්නේ උදය කාලයේ දී යි.

සංචාරය සඳහා හොඳම කාලය

සාගර්මාතා වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට අඩුම වර්ෂාපතනයක් ලැබෙන්නේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල දී යි. එනිසා එම කාලයට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. මාර්තු සිට මැයි දක්වා දිවෙන වසන්ත කාලයේ වනෝද්‍යානය මල්වලින් පිරී සුන්දර අයුරින් දිස්වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල දී වනෝද්‍යානය සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. පැමිණෙන සංචාරකයන්ට වනෝද්‍යානය තුළ මෝටර් බයිසිකල් සහ මවුන්ටන් බයිසිකල් භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. මීටර් 6000කට වඩා උසින් අඩු කඳුවලට නැගීම සඳහා නේපාල කඳු නැගීමේ සංගමයෙන් අවසර ලබාගත යුතුයි. මෙම භූමිය තුළ වාණිජ මට්ටමේ රූගත කිරීමක් සිදුකිරීම සඳහා ඩොලර් 1000ක මුදලක් ගෙවිය යුතුයි. එය මෙම උද්‍යානයට මුදල් ලැබෙන හොඳම මාර්ගයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

යුනෙස්කෝ ලෝක උරුමයක්

යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ලෙස නම් කරන ස්ථාන ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6කට වෙන් කෙරෙනවා. ඒ ස්වභාවික ලෝක උරුම, සංස්කෘතික ලෝක උරුම, මිශ්‍ර ලෝක උරුම, විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන ස්වභාවික ලෝක උරුම, විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන සංස්කෘතික ලෝක උරුම, සහ විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙන මිශ්‍ර ලෝක උරුම යන කාණ්ඩ 6 යි. එලෙස යුනෙස්කෝව මුල්ම වරට ලෝක උරුම ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළේ 1978 වසරේ දීයි. එම ලැයිස්තුව සඳහා ප්‍රසිද්ධ ස්ථාන 12ක් ඇතුළත් වුණා. ඒ අයුරින් 1979 වසරේ දී නම් කළ යුනෙස්කෝ ලෝක උරුම අතරට මෙම සුවිශේෂී වනෝද්‍යානය ද ඇතුළත් වුණා. එදා සිට මෙම සුවිශේෂී පරිසර පද්ධතිය මුළු ලෝකයේම අවධානය දිනාගත් ප්‍රදේශයක් බවට පත්වුණා. එනිසා අද වන විට සාගර්මාතා වනෝද්‍යානය වඩාත් ජනප්‍රිය සංචාරක ඉසව්වක් පත්ව තිබෙනවා.
-උපුටාගැනීමකි

ආදායමට බලපාන නිදන ඉරියව් 8ක්.නිදන ඉරියව් ගැන කතා කරද්දි විශේෂයෙන්ම අපේ අවධානයට එන්නේ සෞඛ්‍යය ගැන නේ.වැරදි නිදන ඉරියව් භා...
22/06/2021

ආදායමට බලපාන නිදන ඉරියව් 8ක්.

නිදන ඉරියව් ගැන කතා කරද්දි විශේෂයෙන්ම අපේ අවධානයට එන්නේ සෞඛ්‍යය ගැන නේ.වැරදි නිදන ඉරියව් භාවිතය නිසා කොන්දේ ,බෙල්ලේ කැක්කුම් ඇතිවිය හැකි අවදානම ගැන ඔබ දන්නවා.ඊට අමතරව නිදන ඉරියව් ගැන වෙනස්ම කෝණයකින් සිදුකල අධ්‍යයන ගැනත් අසන්නට ලැබෙනවා.නිදන ඉරියව්ව අනුව පුද්ගලයින්ගේ පෞරුෂත්වය ගැන හෙලිවන දේවල්,සහකරු-සහකාරිය අතර ඇති සබඳතාවේ ස්වරූපය ගැන ඉඟි පෙන්නුම් කරන බව සඳහන් වන වෙනස්ම ආකාරයේ අධ්‍යයන ගැන අප අසා තිබෙනවා.හැබැයි කවදාවත් අහලා තියෙනවාද ඔබේ නිදන ඉරියව්ව ඔබේ ආදායම් තත්වයට බලපාන්න පුලුවන් කියලා.

මේ වෙනස්ම ආකාරයේ අපූරු නිගමනය අපට අහන්නට ලැබෙන්නේ එක්තරා සමීක්ෂණය දැක්වෙන නිගමනය අනුවයි.OnBuy නම් බ්‍රිතාන්‍ය අන්තර්ජාල භාණ්ඩ සැපයුම් සමාගමක් විසිනුයි මෙය සිදුකර තිබෙන්නේ.එහි ඉහළින් ධනය උපයන්නන්ගේ ප්‍රියතම නිදන ඉරියව් සහ ආදායම් අඩුවෙන් උපයන්නන් ගේ නිදන ඉරියව් පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.මෙම අධ්‍යයනයේ සඳහන් අපූරු ප්‍රතිඵල කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්න සූදානම් වෙන්නේ.

OnBuy සමාගම විසින් පුද්ගලයින්ගේ නිදන ඉරියව් ආදායම් තත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරයි ද යන්න කෙරෙහි සොයාබැලීමටයි මෙය සිදුකර තිබෙන්නේ.වෘත්තීයවේදීන් 5438 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකල මේ සමීක්ෂණයෙන් මේ අන්ත දෙක අතර සම්බන්ධතාවක් තිබෙන බව ඔවුන්ට සොයාගත හැකි වූ බවයි සඳහන් වෙන්නේ.මෙම පුද්ගලයින්ගෙන් සිදුකල විමසීම් වලදී ඔවුන්ගේ ප්‍රියතම නිදන ඉරියව් ගැන හෙලිකරගැනීමට හැකි වි ඇති අතර බහුතරයක් දෙනාගේ පිළිතුර වී තිබුණේ කළල ඉරියව්වෙන් (foetal position) නිදාගැනීමය.සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන් තුන් දෙනෙක්ම එම පිළිතුර වී ඇත්තේ එයයි.

දෙවන ස්ථානය හිමි වී ඇත්තේ කොට්ටයක් බදාගෙන නිදාගැනීමේ ඉරියව්වයි (pillow hugger position). තෙවන ස්ථානය උදරය මත වැතිරී නිදාගැනීමේ ඉරියව්වයි (freefall position). මෙම පර්යේෂණයේදී ඔවුන් එම දත්ත ගැඹුරින් අධ්‍යයනය කර ඇති අතර එය ආදායම සමඟ සම්බන්ධ වන ආකාරය ප්‍රතිඵල ලෙස දක්වා ඇත.හොඳින් ආදායම් උපයන පුද්ගලයින් අතර ප්‍රචලිත ඉරියව්ව උදරය මත වැතිර නිදාගන්නා ඉරියව්ව බවත් අඩු ආදායම් ප්‍රමාණයක් උපයන බව පෙන්නුම් කරන පුද්ගලයින් කළල ඉරියව්වෙන් සහ කොට්ටය බදාගෙන නිදන ඉරියව්වෙන් නිදාගැනීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව දත්ත රටාවෙන් හඳුනාගැනීමට හැකි වූ බව එහි සඳහන් වේ.
මෙම සමීක්ෂණයේ සඳහන් වන මෙම නිදන ඉරියව් ඇතුලු වෙනත් ප්‍රචලිත නිදන ඉරියව් කිහිපයක් ගැනයි මේ .

1.උදරය මත වැතිර නිදාගැනීම (the freefall position)

චලනය වීමක් නැතිව ඇදට වැ‍ටුණු ඉරියව්වෙන්ම නිදාගෙන සිටින ස්වභාවයක් ගන්නා නිසා මෙම ඉරියව්ව freefall යනුවෙන් හඳුන්වනවා. සාමාන්‍යයෙන් උදරය මත වැතිර නිදාගන්නා ඉරියව්ව මේ නමින් තමයි හඳුන්වන්නේ.OnBuy හි සමීක්ෂකයින් විසින් දත්ත අතරින් හොඳම ආදායම් උපයන්නන් 100 දෙනා අතරින් මුල් 10 දෙනා වෙන් කර හඳුනාගෙන තිබුණු අතර ප්‍රතිඵල වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබුණේ මෙම ඉරියව්වෙන් නිදාගන්නා පුද්ගලයින් ‍රැකියාවේ සාර්ථකත්වයට පත්වීමේ නැඹුරුතාව වැඩි බවකි.

අධ්‍යයනයට සහභාගී කරගත් වසරකට ඩොලර් 75000 කට අධිකව එනම් පවුම් 50000 කට අධිකව උපයන පුද්ගලයින් 29% ක් පාමණ දෙනා මෙම ඉරියව්වෙන් නිදාගැනීමට ප්‍රිය කරන බව හෙලි වී ඇත.මෙය ඉතා ජනප්‍රිය නිදන ඉරියව්වක් වුවත් සෞඛ්‍යමය පැත්තෙන් බලන විට මෙය ගුණාත්මක නින්දකට හේතු වෙන හොඳම ඉරියව්වක් නම් නොවෙයි.මෙම ඉරියව්වෙන් නිදාගැනීමෙන් නින්දෙන ගොරවන ස්වභාවය අඩු කරගත හැකි වුණත් මේ ඉරියව්ව ඔබේ බෙල්ල සහ කොන්ද ප්‍රදේශයට හානිකාරිය.

2.සොල්දාදු ඉරියව්ව (the soldier position)

ඉහළ ආදායම් උපයන්නන්ගේ ප්‍රියතම නිදන ඉරියව් අතරින් දෙවන ස්ථානයේ දැක්වෙන්නේ සොල්දාදුවාගේ ඉරියව්වයි.සමීක්ෂණයට සහභාගී කරගත් පිරිසෙන් 23% ක් පමණ දෙනා මෙම ඉරියව්ව ප්‍රිය කරන බව දැක්වේ.මෙම ඉරියව්ව සෞඛ්‍යයට හිතකර ඉරියව්වක් ද වේ.කොඳු ප්‍රදේශය අසාමාන්‍ය ලෙස වකු‍ටු විමක් ඇති නොවන නිසා කොන්දේ කැක්කුම් වේදනා මතුකරවීමට ඇති අවදානම බොහෝ සෙයින් අඩුය. බෙල්ලට පහසු ඉරියව්වකි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Webgossip.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share