Sathyaa news

Sathyaa news සත්‍යා.news - සත්‍ය උදෙසා පමණක් පෙළගැසෙන ?

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ...
24/06/2020

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනාත් සමගයි. ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. [ 125 more words ]
https://sathya.news/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9/

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවි....

විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහකට ආසන්න ප...
21/06/2020

විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් සිටින බව එහි උසස් නිලධාරියකු පැවැසීය. මෙම නිලධාරීන්ට එකී සමාගම්වලින් මුදල් හා වින්දිතයින්ගෙන් මුදල් තෑගි බෝග හා විදේශ සංචාර ලැබෙන නිසා රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකර එම ආයතනවලට වාසි සහගත මූල්‍ය කටයුතු හා නීති ක්‍රියාත්මක කරන බවද සඳහන් වේ. ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයට ද මෙය හේතුවක් වී ඇත. [ 108 more words ]
https://sathya.news/%e0%b6%8b%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-%e0%b6%b8%e0%b7%96/

විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහ.....

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම...
18/06/2020

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එසේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ, එස්.පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි
https://sathya.news/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba%e0%b7%99/

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වි....

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ල...
18/06/2020

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දීම එම දින ප්‍රකාශයට පත්කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. [ 130 more words ]
https://sathya.news/%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1-%e0%b6%af%e0%b7%92/

2020 ජුලි මස 06 වැනි දා  පාසල් ආරම්භ වූ පසු,  අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ....

ඉදිරි දින 30 චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදා වී ඇතැයි කොළඹ විශ්වව...
18/06/2020

ඉදිරි දින 30 චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදා වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඒ, 2020 ජුනි 5 සිදුවූ සහ ජුලි 5 වෙතැයි අපේක්ෂා කෙරෙන චායා චන්ද්‍රග්‍රහණ සහ ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්ය ග්‍රහණය වේ. හිරු සහ චන්ද්‍රයා එකම තලයක රේඛීයව පිහිටි විට ග්‍රහණ ඇති වන අතර, බොහෝ විට චන්ද්‍ර ග්‍රහණයකට දින 14 පෙර හෝ පසු ඇති වන අමාවක දිනයක දී සූර්ය ග්‍රහණයක් ඇතිවේ. [ 247 more words ]
https://sathya.news/%e0%b6%b8%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b7%85-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%84%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/

ඉදිරි දින 30 චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදා වී ඇතැයි කොළඹ ...

2019 වසරේ ජනවාරි මස සිට 2020 වසරේ මැයි මස දක්වා කාලයට අදාළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපති...
18/06/2020

2019 වසරේ ජනවාරි මස සිට 2020 වසරේ මැයි මස දක්වා කාලයට අදාළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි. එමෙන්ම නඩු කටයුතු 10,785කට සම්බන්ධ අධි චෝදනා මහාධිකරණ වෙත යොමු කර ඇති බද ඒ මෙනවිය සඳහන් කරයි.
https://sathya.news/%e0%b6%85%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-19091%e0%b6%9a-%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/

2019 වසරේ ජනවාරි මස සිට 2020 වසරේ මැයි මස දක්වා කාලයට අදාළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ ස.....

තැපැල් ඡන්දය සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල...
17/06/2020

තැපැල් ඡන්දය සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනයන් හි සිදු කිරීමට නියමිතය. දිස්ත්‍රික් ලේකම්, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂ හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි 16 සහ 17 දිනවල දහවල් 12.00 දක්වා සිදු කෙරේ. [ 37 more words ]
https://sathya.news/%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/

තැපැල් ඡන්දය සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්...

මහවැලි ඉඩම්වල පදිංචිව සිටින සියලුම ජනතාවට අවශ්‍ය ඉඩම් ඔප්පු මාස 6ක් ඇතුළත ලබා දීමට තමා නියෝග කර ඇති බව අමාත්‍ය චමල් රාජප...
17/06/2020

මහවැලි ඉඩම්වල පදිංචිව සිටින සියලුම ජනතාවට අවශ්‍ය ඉඩම් ඔප්පු මාස 6ක් ඇතුළත ලබා දීමට තමා නියෝග කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් එම නියෝගය කළ බවය. රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් කළ යුතු දේ රැසක් ඇති බවත් ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට වෙහෙසිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි
https://sathya.news/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%b4%e0%b6%af%e0%b7%92%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad/

මහවැලි ඉඩම්වල පදිංචිව සිටින සියලුම ජනතාවට අවශ්‍ය ඉඩම් ඔප්පු මාස 6ක් ඇතුළත ලබා දීමට තමා නියෝග කර ඇති බව අමාත්‍ය චමල...

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් න...
16/06/2020

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරගෙන ඇති බවට ජාත්‍යන්තර පොලීසිය විසින් වාර්තාකර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම්දී තිබේ.සිංගප්පුරුවේ ජීවත්වන ඔහු ශ්‍රී ලංකාවට උදර්පන නීතිය යටතේ ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට පිළිතුරු ලෙස ජාත්‍යන්තර පොලීසිය ඒ බව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ මහතා ඒ බව දැනුම් දුන්නේ ය. [ 183 more words ]
https://sathya.news/%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a/

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේ.....

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බ...
16/06/2020

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි. කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි. [ 95 more words ]
https://sathya.news/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදා.....

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍ර...
16/06/2020

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසිය වෙත නියෝග කර ඇත. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසන්නේ, ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති බවත්, ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුව බවත්ය. [ 49 more words ]
https://sathya.news/%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ad-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%85/

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය ...

රෙදිපිළි කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම සඳහා අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළ...
16/06/2020

රෙදිපිළි කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම සඳහා අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබිණ. ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. [ 170 more words ]
https://sathya.news/%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%b6%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bb%e0%b7%99%e0%b6%af%e0%b7%92/

රෙදිපිළි කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම සඳහා අත්යන්ත්‍ර සහ බති...

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයට ආසන්න මුහුදට කඩා වැටී තිබේ. එම යානයේ නියමුවා සොයා "උතුරු මුහු...
16/06/2020

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයට ආසන්න මුහුදට කඩා වැටී තිබේ. එම යානයේ නියමුවා සොයා "උතුරු මුහුදු" කලාපයේ විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම ගුවන් යානය මිඩ්ල්ස්බ්‍රා ප්‍රදේශයේ පුහුණු සැසියකට එක්වෙමින් සිටිය දී ඊය් (15) උදෑසන අනතුරට ලක්වී ඇත. ප්‍රහාරක යානය කඩා වැටීමට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර ඇමෙරිකානු ගුවන් හමුදාව පැවසුවේ එම යානයේ එක නියමුවෙක් සිටි බවය. නැගෙනහිර යෝර්ක්ෂයර් මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 74ක් ඈතින් එම ගුවන් යානය අනතුරට ලක්වන්නට ඇතැයි සැලකේ.
https://sathya.news/%e0%b6%87%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a/

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයට ආසන්න මුහුදට කඩා වැටී තිබේ. එම යානයේ නියමුවා සොයා “උ....

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය නැවතත් ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ. ඒ අනුව ක...
16/06/2020

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය නැවතත් ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ පිටත්වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට, අමුත්තන් තිදෙනකු සමග පිටත්වීමේ පර්යන්තයට ඇතුළු විය හැකි අතර සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වේ , අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් පිටත්වීමේ පර්යන්තය වෙත ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙන බව සඳහන්.
https://sathya.news/%e0%b6%9a%e0%b6%a7%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7/

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය නැවතත් ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබ....

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් ස...
16/06/2020

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු කොටු කරගැනීමට කොච්චිකඩේ පොලිසිය ඉකුත් 14 දා සමත්වුණි. මීගමුව කොච්චිකඩේ කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට පසුගිය දිනවල රාත්‍රි කාලයේ පැමිණ ඇති මොවුන් නිවැසියන් කාමර තුළ සිර කර බියවද්දවා රුපියල් ලක්ෂ 10 ක මුදලක් හා ලක්ෂයක වටිනාකමකින් යුතු රත්‍රං භාණ්ඩ ද පැහැරගෙන ගොස් තිබේ. [ 34 more words ]
https://sathya.news/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b7%80/

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් ...

Update : ජාතික රෝහලේ ලක්ෂ 79 ක මංකොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ, SIS පොලිස් නිලධාරියා, පසුගියදා තුම්ම...
14/06/2020

Update : ජාතික රෝහලේ ලක්ෂ 79 ක මංකොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ, SIS පොලිස් නිලධාරියා, පසුගියදා තුම්මුල්ලේ ඩිෆෙන්ඩර් රිය අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියයයි.
https://sathya.news/breaking-%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba-%e0%b7%80%e0%b6%bd%e0%b7%8f%e0%b6%9a%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%92/

Update : ජාතික රෝහලේ ලක්ෂ 79 ක මංකොල්ලය වළක්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ, SIS පොලිස් නිලධාරියා, පසුගියදා තුම්මු....

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස වාර්ෂි...
13/06/2020

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාදිපති තුමා විසින් දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙනු ලැබුවා.මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතුය. [ 127 more words ]
https://sathya.news/%e0%b6%b8%e0%b7%99%e0%b7%80%e0%b6%bb-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%99%e0%b7%83/

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කර.....

34 වියැති ත්‍රිරෝධ රථ රියදුරකුට හැන්වැල්ලේදී වෙඩි ප්‍රහාර මාලාවක් - අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කරයි - වැඩි දුර තොරතුරු බල...
13/06/2020

34 වියැති ත්‍රිරෝධ රථ රියදුරකුට හැන්වැල්ලේදී වෙඩි ප්‍රහාර මාලාවක් - අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කරයි - වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.
https://sathya.news/%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%af-%e0%b6%bb%e0%b6%ae-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b7%80%e0%b7%99/

34 වියැති ත්‍රිරෝධ රථ රියදුරකුට හැන්වැල්ලේදී වෙඩි ප්‍රහාර මාලාවක් – අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කරයි – වැඩි දුර තො.....

මිලග පාර්ලිමේන්තු මැතිවරණය අගොස්තු 5 වනදා පැවත්වීමට මැතිවරණ කොමිසම තිරණය කොට ඇත.https://sathya.news/%e0%b6%b8%e0%b7%84%e...
10/06/2020

මිලග පාර්ලිමේන්තු මැතිවරණය අගොස්තු 5 වනදා පැවත්වීමට මැතිවරණ කොමිසම තිරණය කොට ඇත.
https://sathya.news/%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%85%e0%b6%9c%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-5/

මිලග පාර්ලිමේන්තු මැතිවරණය අගොස්තු 5 වනදා පැවත්වීමට මැතිවරණ කොමිසම තිරණය කොට ඇත.…

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලදාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර තිබෙනවා.https://sathya.news/stf...
10/06/2020

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලදාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර තිබෙනවා.
https://sathya.news/stf-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%a7-dig-%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%a2%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලදාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර තිබෙනවා.…

මැ.කෝ. අද රැස් වෙයි පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) ...
08/06/2020

මැ.කෝ. අද රැස් වෙයි පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.
https://sathya.news/%e0%b6%b8%e0%b7%90-%e0%b6%9a%e0%b7%9d-%e0%b6%85%e0%b6%af-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/

මැ.කෝ. අද රැස් වෙයි පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම...

ඊයේ (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්...
08/06/2020

ඊයේ (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
https://sathya.news/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-50-%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92/

ඊයේ (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස....

සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවක...
07/06/2020

සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවය. එහිදී සැකකරු පොලීසියට වෙඩි තබා තිබේ. අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇත. [ 39 more words ]
https://sathya.news/breaking-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94/

සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි ...

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා - විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව දෙගුණ කිරීමේ මුල් පියවර ලෙස සෑම දිස්ත්‍රික්කය...
06/06/2020

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා - විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව දෙගුණ කිරීමේ මුල් පියවර ලෙස සෑම දිස්ත්‍රික්කයකටම එක් ජාතික විශ්ව විද්‍යාලයක් ඉදිකරනු ඇත. - ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ණය ආධාර යටතේ නව ජාතික විශ්ව විද්‍යාල 10 ඉදිකිරීම (මේ වසරේ කළුතර , නුවරඑළිය , හම්බන්තොට, මාතර සහ ගාල්ල විශ්ව විද්‍යාල ඉදිකිරීම ආරම්භ වේ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණ සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 400 ක් වෙන් කෙරේ
https://sathya.news/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab/

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා – විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව දෙගුණ කිරීමේ මුල් පියවර ලෙස සෑම දිස්....

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ට යෙදුන පොසොන් පෝය දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් සමාජ මාධ්‍යට යොමු කර තිබෙනවා. දහ...
06/06/2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ට යෙදුන පොසොන් පෝය දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් සමාජ මාධ්‍යට යොමු කර තිබෙනවා. දහමේ පදනම වැටුණු පුජනිය පොසොන් පොහෝ දිනය දෙදාස් තුන්සිය විසි අට වැනි වරටත් මෙවර උදා වන අතර දඹදිව අශෝක අධිරාජ්‍යාගේ ආශීර්වාදයෙන් වැඩම කල මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්ම දුත පිරිස එදා මිහින්තලේ අම්බස්තලයේ සිට දෙවන පෑතිස් මහ රජු වෙත දායාද කල ශ්‍රී සදහම් ගඟුල මෙරට දස දිසාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යාමට ගත වුයේ කෙටි කළකි. [ 128 more words ]
https://sathya.news/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b7%80%e0%b7%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%a7%e0%b7%94-%e0%b6%9a/

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ට යෙදුන පොසොන් ෆෝය දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් සමාජ මාධ්‍යට යොමු කර ති....

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු...
06/06/2020

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1804 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 902 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
https://sathya.news/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba/

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයි....

ඊයේ (5) පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම අතිගරු ජනාධිපතිතුමා අතින...
06/06/2020

ඊයේ (5) පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම අතිගරු ජනාධිපතිතුමා අතින් සිදුකරන ලදී.සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 58 වැනි වරට පිංකම සංවිධාන කෙරිණි.ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා.ඊයේට යෙදී තිබුණු “ජගත් පරිසර දිනය” නිමිත්තෙන් මිහින්තලා රාජමහා විහාර මැද මළුවේ සල් පැලයක් රෝපණය කිරීමද ජනාධිපති තුමා අතින් සිදුවිය. [ 160 more words ]
https://sathya.news/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b7%83%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b7%84%e0%b7%9d%e0%b6%ad%e0%b7%8a%e0%b7%83/

ඊයේ (5) පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම අතිගරු ජනාධිපතිත.....

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු ක...
06/06/2020

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි කොවිඩ් - 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග පසුගිය 4 වනදා දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති වරයා උපදෙස් ලබා දුන්නා.ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළා. [ 186 more words ]
https://sathya.news/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනය...

අද පොසොන පුර පසලොස්වක පොහොයයි. ලක්බිමට බුදුදුහම ලැබුනේ අදවන් දිනකදීය. දඹදිව තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක අධිරාජයා...
05/06/2020

අද පොසොන පුර පසලොස්වක පොහොයයි. ලක්බිමට බුදුදුහම ලැබුනේ අදවන් දිනකදීය. දඹදිව තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක අධිරාජයාගේ සහායයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රටවල් නමයකට ධර්ම දූතයන් පිටත්කොට යැවූහ. මිහිඳු මහ රහතන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකත් ලක්බිමට එවු පිරිසයි.අන් දූත පිරිස් අටටම වඩා මෙම පිරිස සුවිශේෂ විය.මිහිඳුහිමි අශෝක අධිරාජ්‍යයාගේ පුත් වූ අතර සුමන සාමණේරයන් අධිරාජ්‍යයාගේ සංඝමිත්තා දියණියගේ පුත්‍රයා වූ අතර රජ බිසවගේ සොහොයුරියගේ දියණියගේ පුත් භණ්ඩුක උපාසකතුමා විය.මේ රාජකීය දූත පිරිස ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනදීය. [ 194 more words ]
https://sathya.news/%e0%b6%85%e0%b6%af-%e0%b6%b4%e0%b7%9c%e0%b7%83%e0%b7%9c%e0%b6%b1-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b4%e0%b7%83%e0%b6%bd%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84/

අද පොසොන පුර පසලොස්වක පොහොයයි. ලක්බිමට බුදුදුහම ලැබුනේ අදවන් දිනකදීය. දඹදිව තෙවන ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක ...

මැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබු සියලු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධික...
02/06/2020

මැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබු සියලු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මිට සුළු මොහොතකට පෙර තීරණය කරා.
https://sathya.news/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/

මැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබු සියලු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්...

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්ව...
02/06/2020

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1643කි. තවත් රෝගීන් 809 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.
https://sathya.news/covid-19-update-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%94-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1-823/

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්....

ෂීසෙල්ස්, මාලදිවයින සහ කුවේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය කාර...
01/06/2020

ෂීසෙල්ස්, මාලදිවයින සහ කුවේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවල ශ්‍රී ලංකා තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.විදේශීය දූත මණ්ඩලවලට මෙලෙස පීඩන එල්ලවී ඇති ස්ථානවලට ආරක්ෂාව සැපයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අදාළ රටවල ශ්‍රමිකයන්ගෙන් බොහෝදෙනකුට නවාතැන් සහ ආහාර සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.විශේෂයෙන් ක්වේටයේ මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් වන අතර වයිරසය වැලඳී ඇති තැනැත්තතන්ටද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි වාර්තා වනවා.ක්වේටයේ පමණක් ශ්‍රී ලාංකිකයන් දහසය දහස් පන්සියයක් පමණ සිටින අතර ඔවුන් සියලුදෙනාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර තිබුණා.මීට අමතරව කටාරයේ හයසිය හැට පහක්ද, සෞදි අරාබියේ තුන්සිය විසිහතක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හාරසියදාහතරක්ද, ඊශ්‍රායලයේ එක්සිය හැත්තෑ අටක්ද, බහරේනයේ තුන්සිය හැත්තෑහතරක්ද, ජෝර්දානයේ හයසිය දෙකක්ද, ලෙබනනයේ එකසිය විසිතුනක්ද මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.
https://sathya.news/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%84%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%83/

ෂීසෙල්ස්, මාලදිවයින සහ කුවේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන්...

පසුගිය දා අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ගෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සං...
01/06/2020

පසුගිය දා අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ගෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පවරා තිබෙනවා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා ඉදිරියේ දී එම අමාත්‍යංශයේ දිවුරුම් දී තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
https://sathya.news/%e0%b6%ad%e0%b7%9c%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%82%e0%b7%81%e0%b6%ba-%e0%b6%85%e0%b6%9c/

පසුගිය දා අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ගෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල ප....

හිටපු ඌව පළාත් ජනාධිපති නීතිඥ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා එතුමා හිටපු අමාත්‍ය නීතිඥ දිලාන් පෙරේරා මහත...
01/06/2020

හිටපු ඌව පළාත් ජනාධිපති නීතිඥ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා එතුමා හිටපු අමාත්‍ය නීතිඥ දිලාන් පෙරේරා මහතාගේ පියාණන්. අද දහවල් ඒ මහතා මහතාගේ දේහය තැන්පත් කර තිබෙන කොළඹ ජයරත්න මල් ශාලාව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය අවසන් ගෞරවය හිටපු ආණ්ඩුකාර වරයාට පුදකර සිටියා එහි දී පවුලේ ඥාතීන්ට හා දේශපාලන සමීපතමයන් වෙත ජනාධිපතිවරයා සිය ශෝකය පළ කළා
https://sathya.news/%e0%b6%a9%e0%b7%92%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%85%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f/

හිටපු ඌව පළාත් ජනාධිපති නීතිඥ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා එතුමා හිටපු අමාත්‍ය නීතිඥ දිලාන් .....

මෙරට සිදුවූ 11 වන කොරෝනා මරණය මිට සුළු මොහොතකට පෙර වාර්තා වුනා.හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හ...
01/06/2020

මෙරට සිදුවූ 11 වන කොරෝනා මරණය මිට සුළු මොහොතකට පෙර වාර්තා වුනා.හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි කුවේටයේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු සත්‍යා තුලින් බලාපොරොත්තු වන්න.
https://sathya.news/breaking-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%96-11-%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bb/

මෙරට සිදුවූ 11 වන කොරෝනා මරණය මිට සුළු මොහොතකට පෙර වාර්තා වුනා.හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට...

බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය දුම්මලසූරිය මාර්ගයේ කඳුරුවැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ...
01/06/2020

බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය දුම්මලසූරිය මාර්ගයේ කඳුරුවැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ(31)සවස 5.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත. දුම්මලසූරිය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව, මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබේ. පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මිය ගොස් ඇත. මිය ගොස් වයස අවුරුදු 45 ක් වු කඳුරුවැව, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. [ 67 more words ]
https://sathya.news/%e0%b6%b6%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85/

බිංගිරිය පොලිස් වසමේ බිංගිරිය දුම්මලසූරිය මාර්ගයේ කඳුරුවැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවි.....

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිද...
01/06/2020

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිදු කෙරෙයි. අද පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි. ඒ අනූව අද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතයි.
https://sathya.news/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b7/

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත....

31/05/2020
තමන් වෙනුවෙන් ජයසුන්දරලා තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබෙනා විට රාජපක්ෂ පවුල ලොස් ...
31/05/2020

තමන් වෙනුවෙන් ජයසුන්දරලා තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබෙනා විට රාජපක්ෂ පවුල ලොස් ඇන්ජලීස් බලා යන ප්‍රිජට් (Frigate) යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීමේ, රාජපක්ෂ තියරිය • රාජ්‍ය සේවකයින්ගේ පඩිය ඉල්ලන පී.බී. ට වැටුප් 03 ක් ?• 2020 පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායම මෙන් තුන් ගුණයක වියදමක්• රාජ්‍ය මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට හේතු කවරේ ද ? [ 1,243 more word ]
https://sathya.news/%e0%b6%b4%e0%b6%a9%e0%b7%92-%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%b6%e0%b7%93-%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94/

තමන් වෙනුවෙන් ජයසුන්දරලා තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබෙනා විට රාජපක්ෂ ප....

Address


Alerts

Be the first to know and let us send you an email when Sathyaa news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share