O p e n Y o u r E y e

  • Home
  • O p e n Y o u r E y e

O p e n    Y o u r   E y e The most beautiful photo collection in the world ලෝකයේ ලස්සනම ඡායාර? The most beautiful photo collection in the world ලෝකයේ ලස්සනම ඡායාරූප එකතුව

22/03/2020

I do a lot of technical videos and educational videos on my Youtube channel. You can learn important things you don't know. Click the Subscribe button on my ...

27/02/2020
කෙටිකතාව ...� ඇය වරද කලේ කවදාද..👇නඩු අංක 678හීන්හාමිලාගෙ  ගුණවතී මැණිකේ ..අද අවසන් නඩු තීන්දුව ලබා දෙනවා ඇති ...ඔයා කතා ...
24/02/2020

කෙටිකතාව ...� ඇය වරද කලේ කවදාද..👇

නඩු අංක 678
හීන්හාමිලාගෙ ගුණවතී මැණිකේ ..

අද අවසන් නඩු තීන්දුව ලබා දෙනවා ඇති ...

ඔයා කතා කරන්නේ තමන්ගෙම පුතාව කැත්තෙන් කොටලා මරපු ගෑනිගෙ නඩුවනේ....

කොහොම මැරුවද දන්නෙ නෑනෙ තමන්ගෙම පුතාව ...

මොන විදියෙ අම්මෙක් ද...

වට පිටාවෙ මගෙ කනට ඇහුනෙ උසාවිය ඇතුලෙ නඩුතීන්දුව දෙන්න හදන නඩුවෙ විත්තිකාරිය ගැන කියන කතා...

හරියට මීට සති දෙකකට කලින් මට මේ උසාවි බිමේම ඇයව මුණගැසුනු හැටිත් මගෙ නින්ද මගෙන් සොරා ගත් ඇගේ වචන නිසා මා ඇයව සොයා සිරගෙදරට ගිය හැටිත් සිහිවූයේ ඇසිල්ලකිනි..

මං එදත් අද වගේම අවුරුදු තුනක් වයැසැති මගෙ පුංචි පුතුත් එක්ක මේ බංකුවෙ මෙතනම වාඩිවෙලා හිටියෙ ලෝයර් කෙනෙක් වෙච්චි මගෙ මහත්තයා එනකම්‍ ය..

මා ගෙ පුංචි පුතු මගෙන් නොයෙක් දෑ ඉල්ලමින් කරදර කරමින් හිතුවක්කාර වන විට මා ඔහුට රිදෙන නොරිද්දෙන තරමට පාරක් ගැසුවේ ඔහුගේ හිතුවක්කාරකම නතර කරන්න ඕනි නිසාමයි..ඔහුට පාරක් ගසා මං හිතෙන් දහස් වරක් පසුතැවිල්ලෙන් ඔහුව නලවනකොට.. අර කාන්තාව මා ගාවින් යන ගමන්..

අද නෝනේ කල දේ මං අවුරුදු විස්සකට උඩදි කලානම් අද මං මෙතනවත් මගෙ පුතා එතනවත් ඉන්නෙ නෑ..

කියමින් ඇය මා පසුකර පොලිස් කාන්තාවක් සමග පිටව ගියා ය ..

ඇගේ ඒ වදන් මගෙ නින්ද සොරාගෙන කන තුල රැව් පිලිරැව් දිදී වද දෙන නිසාම පසු දිනයක ඇයව සොයා මා බන්ධනාගාරයට ගියා ය...

නොනෙ එද මං කියව්ව කතාව නිසා වෙන්න ඇති මේ වැරදිකාරිව හොයාගෙන හිරගෙදරට ආවෙ ..

එදා මා මාව හදුන්වන්නත් කලින් ඇය මාව හදුනගෙන පැවසුවාය...

මං අදත් කියන්නේ නෝනෙ එදා කරපු දේ මීට අවුරුදු විස්සකට කලියෙන් මං කොලානම් අද ගොඩක් අය යහතින්...මීට අවුරුදු විසිපහකට මත්තෙ අද වගෙ මතකයි දහ දුකක් විදලා මගෙ පුතාව මේ ලෝකෙට ගෙනාපු දවස..එදා මං වගේම මගෙ මිනිහත් උන්නෙ රටක් රාජ්‍යයක් ලැබුනු ගානටයි...

පොඩි එකාට අවුරුදු තුනක් වෙනකොට මයෙ මිනිහා අලිය ගහලා මැරුනෙ අපෙ පූරුවෙ කරුමෙටකට නෝනේ...එදා ඉදලා අප්පොච්චා නැති කොලුවා මට කියලා ඉන්නෙ ඔච්චරයි කියලා මට පුලුවන් ගානට කොහුමෝලේ කොහු අඹරලා ලැබෙන සොච්චමෙන් කොලුවට කන්න බොන්න අදින්න දීලා කොලුවව උස් මහත් කොලේ..

මට ඉන්න එකෝම එකා කියලා හුරතල් කොරලා හැදුවා මිසක් මං මයෙ එකාට නිය පිටින් පාරක් ගැහුවෙ නෑ.ඌ මොන වරද කලත් කවදාවත් සැරවැර නොකලෙ පුංචි එකා පුංචිකමට කරන දේ නෙ කියලා ..ආන් එතන තාමා නොනේ මට වැරදුනේ...

පුංචි සන්දියෙ ඉදලා කරපු වැරදි වල හරි වැරැද්ද කියලා නොදීපු එකට අද මං දඩුවම විදිනවා නෝනේ...කොලුව ගැන ගමෙ උන් කයි කතන්දර කියනකොට කොලුවට ඊරිසියාව ට ගමේ උන් කතා කියනවැයි කියලා උන් එක්ක රණ්ඩුසරුවල් කොලා මිසක මං මගෙ කොලුවගෙ වැරදි හෙව්වෙ නෑ....

අන්තිමේට කරදඩු උස්මහත් වෙච්ච මගෙ එකා ගිනි වතුර ටික කටේ වක්කොරගන්න ඇබ්බැහිවෙලා ගංජා සුරුට්ටු අදින්න පටන්ගෙන වල්මත් වෙලා නන්නත්තාර උනේ මගේ වරදින්..
එතනින් නැවතුනෙ නැති මගෙ කොලුවා අන්තිමට අත තියන්න හැදුවෙ කෙල්ලෙක්ගෙ නම්බුවට...
එදා..මගෙ ඇස් දෙකට ඉස්සරහම කෙල්ලෙගෙ ගවුම කීතු කීතු කරලා ඒකිගෙ පිරිසුදු කමට කැලැලැක් කරන්න හැදුවෙ මගෙ බඩෙන් වදාල කිරිපොවලා කන්න බොන්න දීල හදපු මගේ එකාමයි .මං උගෙ බඩ කට පිරෙව්වට හොද නරක හය හතර උගන්නවලා උගේ ඔලුව ගෙඩිය හරියට හදපු නැති නිසානෙ කියලා මගෙ හිත කෑමොර දෙනකොට අර කාමරෙ දාගෙන හිටපු අහිංසකීට වරදක් වෙන්න කලින් බේරගන්න ඕනි නිසාම මගෙ අතට අහුවෙච්ච කැත්ත අරන් ගිහින් මං කොලුවට කෙටුවා...ඌ කපා හෙලපු කෙහෙල් කදක් වගේ මගෙ ඉස්සර කඩන් වැටුනා....මගෙ එකාව මරාගන්න ඕනිවුණේ නැතත් අන්තිමේට ඌව මෙලොකෙට ගෙනාපු මගෙ මේ අත් දෙකෙන්ම ඌව පරලොව ඇරියා..

මං අදටත් මයෙ කොලුවා මේ අත්දෙකෙන් මරපු එකට නෙමේ උට හරි පාර කියලා දීලා හදාගන්න බැරිවෙච්චි එකටයි පසුතැවෙන්නේ....

එදා ඇය ඒ කතාව කියනකොට ඇගේ වචන වලට වඩා ගලාගෙන ගියපු කදුලු මගෙ හිතට මහා බරක් එක් කලා..එ බර මට මගෙ කිරිකැටියා නිසා මගෙ හිතේ හටගත් බියයි ..

හැමෝම නිශ්ශබ්ද වෙන්න..

අතීතයෙ සිටි මං පියවි සිහියට ආවෙ විනිසුරු තුමන්ගෙ හඩිනි..

සියලු සාක්ෂි සැලකිල්ලට ගෙන මෙහි සිටින විත්තිකාරිය මේම ඝාතනය සිදු කර ඇති හෙයින් මෙම ගරු අධිකරණය ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරයි...

අධිකරණය තීන්දුව ත් එක්කම මං මගෙ උකුලහි සැපට නිදියන් ඉන්න පුතුව මගෙ ලයට තුරුලු කර ගත්තේ ඔහු ගැන මගෙ හිතට දනුනු අනියත බයෙනි...

මං පුතුගෙ නලලත සිපගෙනම විත්තිකූඩුවෙන් බහින ඇය දෙස බැලුවෙ ය...දෙමව්පියන් ට දරුවො
කියන්නෙ තමන්ගෙ මුලු ලෝකෙම ..දරුවොත් එක්කයි පව්ලක බැදීම තියෙන්නේ..අම්මෙක් දරුවෙක් බිහිකරනකොට මොනතරම් කායිකව වේදනා වින්දත් තමන්ගෙ නෝනා තමන්ගේ දරුවාව මේ ලෝකෙට බිහිකරනකොට සැමියෙක් විදියට තමන්ගෙ බිරිද ගැනත් තාත්තෙක් විදියට උපදින්න යන දරුවා ගැනත් කොයි තරම් මානසික වෙදනාවක් විදිනවා ඇත්ද...ඒත් ඒ දුක වේදනාව දරුවාගෙ පළමු ඇඩුම් හඩන්ම අමතකවෙනනේ ඒ තමයි අම්මෙක් තාත්තෙක් මේ ලෝකෙ දකින සිහිනෙ ඔවුන්ගෙ සතුට ඒක එහෙව් එකේ දරුවෙකු අහුමි වීම කොයිතරම් වේදනාව ක්ද ඒහෙව් එකේ අම්මෙක් විදියට ඇය කොයිතරම් වේදනාවක් උහුලනව ඇත්ද...ඇය ගෙ කතාවෙ හැටියට ඇය වරද කලේ කවදාද...මං මගේ සිතින්ම ඇසීමි...

නිමි ..

������������
යාලුවනේ කතාව කට එහා ගිය දෙයක් ....
අදහස් කියාගෙන යන්න..පසුවදන ඔයාලම ලියන්න..

ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න මහන්සියට හයියක් වෙන්න..මහන්සිය හොරකම් නොකර...

කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි .

ආදරෙයි හැමෝටම...

කෙටිකතාව ..� ඇය වරද කලේ කවදාද..👇නඩු අංක 678හීන්හාමිලාගෙ  ගුණවතී මැණිකේ ..අද අවසන් නඩු තීන්දුව ලබා දෙනවා ඇති ...ඔයා කතා ක...
24/02/2020

කෙටිකතාව ..
� ඇය වරද කලේ කවදාද..👇

ආදරෙයි හැමෝටම..

😥😥
24/02/2020

😥😥

නොනවතින දෛවයේ සරදම් දරුවා  හරි අම්මා හරි දෙන්නගෙන ආඑක්කෙනයි බේරගන්න පුලුවන්..ගෑණිගෙන්  වැඩක් නෑ දරුවයි ඕනි....කොහොමහරි ද...
18/02/2020

නොනවතින දෛවයේ සරදම්

දරුවා හරි අම්මා හරි දෙන්නගෙන ආඑක්කෙනයි බේරගන්න පුලුවන්..

ගෑණිගෙන් වැඩක් නෑ දරුවයි ඕනි....කොහොමහරි දරුවව බේරලා දෙන්න....

ගෙනියන්න තියටර් එකට..

ඇදසිටි නිල් පාට පුංචි මල් වැටිච්ච සුදුපාට චීත්ත රෙද්ද පොගවගෙන රුහිරය හෝසට ගලනකොට මලකඩ කාච්ච ට්‍රොලියක මාව තියාගෙන මහා ඉස්පිරිතාලෙ කංකානම්ලා දෙන්නෙක් මාව ඉස්පිරිතාලෙ ඇතුලට කලබලෙන් ඇරගෙන දුවනකොට කනට ඇහුනෙ හාමු මහත්තයාගෙයි ලොකු දොස්තර මහත්තයගෙයි කතාව...

විලි වෙදනාව නිසා යටි බඩත් යටි කයත් මිරිකගෙන එන මහා දරුණු වේදනාවත් අමතක වෙලා මගෙ මූණෙ හීන් හිනාවක් ඇදුනෙ මගෙ ඉරණමක හැටි මතක් වෙලා.....

මිසී නොනෙලා ඇවිත් මව ගෙනාපු ට්‍රොලිය වටකොරගෙන විලි වෙදනාව දරා ගන්න බැරිව සූතිකාගාරය දෙවනත්වෙන්න මොර දෙන මාව රුහිරයෙන් පෙගිලා කුණු ලේ පාට වෙච්ච හැද හිටි චීත්ත් රෙද්ද කංකානම්ලා ගෙනා ට්‍රොලියෙම ඉතිරි වෙන්න අඩ නිරුවතින්ම තවත් ඇදක තියලා මගෙ පිට කොන්ද දෙකට නමොලා බෙහෙතක්ද කොහෙද විද්දයි කොන්දෙන් පහල තියෙනවාද නැත්ද කියලාවත් දැනෙන්නෙ නැතිවෙනකොට ...නපුරක සේයා මාත්‍ර හිතේ ඇදෙනකොට ..මට මතක්වුණේ ...

මගුලකට මලගෙදර තියා වැස්සකටවත් ගමෙ එකාලගෙ ගෙයක් හතරමායිමෙ පස් නොපාගන රන්දුනුවිල මහ වලව්වෙ ලොකු මැණිකේ දවසක හැන්දෑ යාමෙ වලව්වෙ ඉදුල් හොදන දංකුඩ කාලා ජීවත්වෙන අපේ වරිච්චි බිත්ති ගහපු ඉදගන්නඩ කියලා ගෙයි හරියෙ එකම එක දිරච්ච්ස් ලෑලි පුටුවකුයි බාප්පොච්චි නිදියන තැනින් තැන හිල් වෙච්ච බූරු ඇදක් විතරක් තියෙන පැල් කොටේට ආපු දවස

ඈ බන් යසාවති මේ කෙලි ගෙට වෙයි කොයි හැටි කාලයක්ද බං....

ලබන අලුත් අවුරුද්දට අවුරුදු හතරක් වෙනවා අපෙ මැණිකෙ....

මේකිට දැන් වයස කොච්චර ක්ද ...

තාම දාහහත ඉවරවුණා විතරයි මැණිකේ ......

ඒ කත් එහෙමද....

‍රන්දුනුවිල වලව්වෙ බත් අම්මට උදව් වෙන්න වලව්වෙ ඉදුල් හෝදන්න දවස ගානෙ මයෙ අම්මා යන්න ගත්තෙ මයෙ අප්පොච්චා පොළට බඩු ගෙනිහින් ආපහු එන වංගියෙ මහ පඩංගු ලොරියකට උන්දැව යට කොරන් ගිය දා ..උන්දැව මහ ඉස්පිරිතාලෙට ගෙනිහින් බෙහෙත් කොරන්න කියලා මයෙ අම්මා අපි වැටිලා ලා හිටපු ඉඩම් කෑල්ල වල්ව්වට උකස් කොරලා අතට ඉල්ලගත්ත රුපියල් සල්ලි ආපහු දීලා ඉඩම් කැල්ල බේරගන්න හිතාගෙනයි ...
මහ ඉස්පිරිතාලෙට ගෙනිව්චත් අප්පොච්චගෙ පණ කෙන්ද රැකගන්න බැරි වුණුකොට සිද්ද වුණ එකම දේ අම්මා රන්දුනුවිල වලව්වෙ ණයකාරියක් වෙච්චි එක විතරමයි.
එදා ඉදන් තමා මට මගේ දෛවයම ඔච්චං කර කර සරදම් කොරන්ට පටන්ගත්තෙ

අප්පොච්ච නැතිවුණාම අච්චිඅම්මා ලා අපෙ ගෙදර අපේ තනියට බප්පොච්චිව නතර කොලේ කෙලි පොඩ්ඩක් ඉන්නෙ ගෑණියෙක්ට තනියෙන ජීවිතෙ ගැට ගහගන්න අමාරුයි කියලා ..

බාප්පොච්චි ආවයි කියලා අම්මා වලව්වට බඩගාන එක නැවතුනේ නැ..පුංචි සන්දියේ අම්මගේ චීත්ත පොටේ එල්ලිල මං ඕනෑතරම් වල්ලෙ පිලිකන්න පැත්තෙන් වලව්වට ගිහින් ඇත්ද..ඒ කිසිම දවසක මාන්නක් කාරකම ඉහටත් උඩින් තිබ්බ රන්දුනුවිල වලව්වෙ මහ කුමාරිහාමි වෙච්ච ලොකු මැණිකේ මාව අල්ලනවාතියා ඒ ඇස් මායිමට ගෙන්නගෙනවත් නැති කොට එදා මාව ලගට අරන් මගෙ හිස්මුදුනෙ ඉදන් පය පතුල් වෙනකම්ම දෙපාර තුන්පාර බලනකොට මට හිතුනෙ මහ පුදුමයක්....

උබ පලයන් කෙල්ලෙ ගෙට....

හොදට දහ පහළොස් සැරයක් මං දිහා උවමනාවෙන් බලපු මැණිකේ මාව ගෙට එලෙවේ මොනවගේ කතාවකටද කියලා එදා මට තේරුනානම් මං එදාම ගෙදරින් පැනලා යන්නේ....ඒත් මගෙ දෛවයේ හැටි...

යසවතී කෙල්ලගෙ කල වයසත් හරි එකේ හොදට හැදිලා ඉන්නත් එකේ බය වෙන්න කාරියක් මොකටද...

මේකෙන් බොලාගෙ මේ ගේයි ඉඩමයි බේරෙනෙවා..අනික හාමු මහත්තයා කියව්වා උබගෙ මිනිහට කොරන්න කුඹුරු කෑල්ලක් දෙනැවැයි කියලා...ලොකු කෙලී අපිට දීලා පොඩි එකයි පොඩී එකී ගැන බලපන්....

ආයි මේ ගැන මං කතාකොරන්න එන්නෙ නෑ....උබෙ මිනිහා මේකට හිස්මුදුනෙන්ම කැමතියි...උබත් හිතලා බලපන්කෝ නැත්නම් පාරට බැහැලා මුලු පවුල පිටින්ම ගමෙන් පලයව්..

එදා ලොකු මැණිකේ අපෙ ගෙට ගොඩ වෙලා තිබුනේ මහා ලොකු චන්ඩ සුළි කුණාටුවක් එක්ක..

ලොකු මැණිකෙගෙ කතාවෙ මුල මැද අග නොදත් මට එදා තේරුනු එකම දේ මං වල්ව්වට ගියොත් අම්මා අප්පොච්චගෙ පණ කෙන්ද රැකගන්ට කියලා ඉල්ල ගත්ත රුපියල් සල්ලි වලට හිලව් කරපු අපෙ ගේ කෑල්ලයි ඉඩමයි වෙනුවට මාව වල්ව්වට දුන්නොත් ඒව විතරක් නෙවේ ඉස්සර හ්ට අම්මලාට ජීවිතෙ ගැටගහගන්න වලව්වෙ හාමු කුඹුරු කෑල්ලක් දෙනැවැයි කියන එකයි...මගෙ නගාටයි මල්ලිටයි යස කලක් යයි කියන එකයි.

ඒහාම මට තේරුනේ මාව වලව්වට එවන්න කියලා අම්මට ලොකු මැණිකෙ ආයාචනය ක් නෙවේ අණක් කොරලයි ගියෙ කියන එක වගේම මං නොගියොත් අපෙ පවුල පිටින් මහපාරේ විත්තිය...

ඉතින් එදා ලොකු මැණිකේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ අහවල් කාරියක්ද නොදැන දෛවයේ සරදමකටම මං වලව්වට යන්න කැමති වුණා ...

පුංව් සන්දියේ වගේ අම්මා ඇදන් හිටපු හෝදලාම දියවෙලා ගිය චීත්ත පොටේ එල්ලිලා මහ පාන්දර ක කාටත් හොරාම මං වලව්වෙ පිලිකන්න පැත්තෙන් වලව්වට ගොඩවුණේ මගෙ ජීවිතයම කන පිට හරවමින්...

ලොකු මැණිකේ ඇවිත් මාව වලව්ව ඇතලට කාටත් හොරාම එක්කොරගෙන යනකොට අම්මා කදුලු පෙර පෙර මං දිහා බලන් අනේ මගේ ලොක්කියේ කියපු හැටි,හිටි තැනම බිම ඉරිතැලී ගියපු සිමෙන්ති පොළවා බදාගෙන වැලහින්නක් ගානට වැළපුනු හැටි ...මතක් වෙනකොට පපු කෙවිත්ත් අදටත් හෝසේට එකම ගිනිජාලාවෙන් පිච්චෙනවා වගේ

මං කවදාවත් ම හිතුවෙ නෑ ඒ තමයි මං මගෙ අම්මව දකින අවසාන දවස එදයි කියලා..

අපිට ආසාවට වලව්වෙ කුස්සියට එහායින් එක අඩියක් වලව්ව ඇතුලට පය තියන්න නොදුන්නු ලොකු මැණිකේ ම එදා මාව වලව්වෙ උඩ තට්ටුවෙ තිබ්බ කාමරයකට එක්කොරගෙන ගිහින්.

සමන්මලි .....

ලොකු මැණිකේ ....

උඹ අද ඉදලා ඉන්නේ මේ කාමරේ ....අන්න අතන නාන කාමරේ ...තියෙනවා...මේන් මේකෙ ඇදුම් තියෙනවා.. අද ඉදලා එව ඇදහන්.....උඹට වෙලාවට කලාවට කෑම බීම ලැබෙයි...කලා බීලා ඉදහන්.....මේ කාමරෙන් එළියට බැහිල්ල තහනම් ....තව විස්තර බොට මං පස්සෙ කියන්නම්....

උබට තේරුනාද...

ඔලුව වනන්නේ කට ඇරලා උත්තර දීපිය....

එහෙමයි මැණිකේ ...

මහ ගොඩක් ජාති කියලා මාව කාමරේට දාලා කාමරෙ දොර පිටතින් අගුලු දා ගෙන ගියාට එදා මට හිතුනෙ නැ මං ඒ කාමරෙ ඇතුලේ හිරකාරියක් උනයි කියලා....

අල්මාරියෙ දාලා තිබුනු සිනිදු ඇදුම් අලුත්ම චීත්ත මල් ගවුම් ...උපන්දා ඉදන් කවදාවත්ම කොහුමෙට්ටෙක තිය පැදුරු කෑල්ලක් එලාන ඇද්ක එක තත්පරයක් ඇහැපියව ගත්තෙ නැති මට සුදු ඇදඇතිරිලි දාපු කොහුමෙට්ටෙ වගේම ම්ං මේ අවුරුදු ගානට හිස තියලම දියවෙල ගියපු කොට්ට උරෙ දාලා තිබ්බ පුලුන් වලට වඩා කොට්ට ඇට පිරිව්ච කොට්ටෙ වෙනුවට පුලුන් පුරවපු කොට්ට තිබ්බ ඇදක් ලොකු මැණිකේ ලා පාවිච්චි කරන නාන කාමරයක් තවත් නොයෙක් ජාති තිබ්බ අපෙ මුලු පැල් කොටේම තරම් වෙච්චි වලව්වෙ ඒ කාමරේ මට දිව්‍යවිමනක් වගෙයි පෙනුනේ.....ඒත් .මට සුරලෝකයක් වෙච්ච ඒ බිත්ති හතර අපායක් වෙන්න මං එ බිත්ති හතරෙ ඇතුලෙ ගත කරපු එක රැයකට පුලුවන් වුණා ...

මං වලව්වෙ නවතින්න ආ දා රාත්‍රියේ මට රැට කන්න කෑම පිගානකුත් අරන් කාමරේට ආවෙ ලොකු මැණිකේ ....

සමන්මලි ....මං උඹව මෙහෙ ගෙනාවෙ ලොකු රාජකාරියකට...මෙක මේ වලව්ව ඇතුලෙ විතරක් තියෙන රහසක් ..අපෙ පුංචි හාමුගෙ මැණිකේ අසනීපෙන් නිසා එයාට දරුවො වදන්ට බෑ..එ නිසා උඹ මෙ වලව්වට උරුම කාරයෙක් ගෙනත් දෙන්න පුංචි හාමුට උදව් වෙයන්..උඹට තේරුනා ද....

ලොකු මැණිකේ ඇගට පතට නොදැනී කියපු ඒ කතාවට මා ඇගලාගෙන සිටි දුහුල් රෑ ගවුමට යටින් හිරිගඩු පිපිලා ගියේ කවදාවත්ම ඒ වගේ දෙයක් මං සත්තකින්ම ම බලාපොරොත්තු නොවුණු නිසායි....

අම්මා ඇහේ කනෙ තියාගෙන ගමේ එකාලගෙන් ඇහැට කනට පේන එකී කිය කිය අවුරුදු දාහතක් පුරාම පරිස්සම් කරපු මාව අන්තිමේට මයෙ අම්මට වලව්වට සින්නක්කර ව දෙන්න උනා....

වල්ව්වෙ පුංචි හාමු මහත්තයා මාල හතක් දාලා සුදු ඔසරිය ඇදපු පුංචි මැණිකෙව මගුල් පෙරහරින් වලව්වට කැන්දන් එන හැටි ගමේ කෙල්ලො එක්ක එකතුවෙලා බලන් උන්නු මං පුංචි මැණිකේ වගේ නැතත් දීගයක් කරගෙන මගේ කියලා පවුලක් හදාගන්න මේ දුප්පත් හිත ඇතුලේ පුංචි හීනයක් තිබුනා....

ඒත් ඒ හීන ඔක්කොම එක රැයක් එළිය වැටෙන ජාමෙට මහා පොළවට සමතලා කොරලා දිව්‍යවිමනක් කියලා හිතුන ඒ බිත්තිහතර ඇතුලෙ ඒ කොහු මෙට්ටෙට එලලා තිබ්බ ඒ ඇදි ඇතිරිල්ලෙ මං පිරිසිදු
එකියක් කියල ඔප්පු කරමින් ලේ පැල්ලමක් සටහන් කොරගෙන පුංචි හාමුගෙ අතින් මං ගැහැණියක් උනේ පුංචි හාමුගෙ හොර අඹුව විදියට දරුවන් වදන්න බැරි පුංචි මැණිකේ ගෙ දරුවෙක් වදලා දෙන්නයි ..

තවත් දෙපොයක් පහු වෙන්න මත්තෙන් මං බඩදරු එකියක් වෙනකොට අහංකාර උද්දච්චක එකියක් කියලා ගමේ එකාලා කතාවෙන පුංචි හාමුගෙ ලමාතැනි වෙව්ච රන්දුනුවිල පුංචි මැණිකේ දෛවයේ සරදමකට වගේ මගෙ දෙපාගාව දණින් වැටුනේ ඇය වෙනුවෙන් දරුවෙක් මා වදා දෙන නිසයි...

වලව්වෙ මන්නෙ බේරගන්න ඒ බිත්ති හතර ඇතුලෙ ම හිරකාරියක් වෙලා මාස දහයක් කුසෙ හොවලා දහදුක් විදලා පුංචි පැටියෙ මෙ ලොකෙට බිහිකලෙ රන්දුනුවිල වලව්වෙ නම ඉදිරියට ගෙනියන්න උරුමක්කාරයෙක් දෙන්නයි ....

දරුවා දස මාසෙ මගෙ කුසේ හොවලා හැදුවත් මං මෙලොවට බිහිකරපු කිරිසප්පයා මට පුංචි හාමු කෙනෙක් ..කියලා මතක් කොරලම ලොකු මැණිකෙ කොලු පැටියව මගෙ ගාවට දුන්නෙ බඩගිනි වෙලා රැහැයියෙක් ගානට කෑ මොර දෙනකොට කිරි දීලා බඩ කට පුරවනනයි...පස්සෙ පස්සෙ කොලු පැටියා ව මට නොපෙම්නම මගෙ ලැම පුරවලා මගෙ පැටියා වෙනුවෙන් එරුනු කිරි ඇල්මෙනියම් කෝප්පෙට දොවලා ගෙනිච්චේ රන්දුනුවිල වලව්වෙ උරුමක්කාරයගෙ අම්මා වලව්වෙ ඉදුල් කාපු සම්න්මලී කියන රහස රහසක්ම කොරන්න වෙන්න ඈ...

ඔය විදියටෝම පුංචි හාමුගෙ හපන් කම් වල ප්‍රතිඵල භුක්තිවිදින්ට ඒ බිත්ති හතරට කොටුවෙව්චි මං තවත් දෑ අවුරිද්දක් යන්න මත්තෙ තව කොලු පැටියෙක් බිහි කොලෙ කොලු පැටියට තුන් මස් වෙනකොට දරුවන් වදන්ට බැරි පුංචි මැණිකේ ගෙ ලැම පුරවලා පුංචි එකා වෙනුවෙන් කිරි එරෙද්දියි....
ඒකෙන් උන එකම සැන්තෑසිය කිරි දෙද්දිවත් දරු පැටියගෙ මූණ ඩිංගිත්තක් බලා ගන්න බැරිවුණ එක විතරමය...

කවුරුත් හිතපු නැති විදියට තුන් වෙනි සැරේටත් බඩදරු වෙච්චි මං රන්දුනු විල වලව්වෙ කාගෙත් මුහුණට හිනාවක් ගේන ගමන් කිරි සුදු පාට පුංචි එකියක් වැදුවත් අඩුම අසාවට මගෙ පුංචි එකීව අල්ලන්න තිය මයෙ කෙල්ලගෙ ඇඩිල්ලට ඇග ලේ උණුවෙලා ලැම පුරොවලා එරිච්ච කිරි කදුලක් ඒ චූටි කටට දීගන්න බැරිවුනේ ලොකූ මැණිකේ වින්නඹු අම්මා මයෙ අතට දෙන්න ගෙනාපු කෙලි පැටික්කිව උදුරාන ගියායිනි....

පුංචි එකී බඩගින්නේ අඩනකොට මයෙ ලය පැලිලා යන්න තරම වේදනාවක් ලැම කකියාගෙන දානෙකොට ඇදන් උන්නු හැට්ට කෑල්ල තෙමාගෙන් තන්ගැට්ටෙන් කිරි වෑස්සුනු හැටි මට අද ඊයෙ වගේ මතකයි.....

අවුරුදු හතරකින් පුංචි හාමු ලොකු මැණිකේ කුස්සියෙ බත් අම්මා පුංචි මැණිකේ වගේම වින්නඹු අම්මා ඇරුනු කොට මනුස්ස පුලුටක් නොදැක්ක මං කාමරෙ ජනෙල් කවුලුවෙන් ඇතුලට එන ඉර එළිය දිහා බලාන හැමදාකම හුල්ලන මට හැම මොහෙතකම හිතුනෙ අම්මාවත් ලග උන්නනම් කියායි..ඒ අවුරුදු හතරම මගෙ ජීවිතෙ වින්ද නිමක් නොකිවූ දුක් වේදනා වල තරම කතා කරන්න ඇහැකිනම් සුදු හුණු ගෑ එ බිත්ති හතරත් රතු සිමෙන්ති දැමූ සිමෙන්ති පොළවත් කියාවි.....

කෙලි පොඩ්ඩ ඉපදිලා දෙපොයක් යන්න මත්තෙන් රාත්‍රි ජාමෙ මාව වල්ව්වෙ න් නාරන්තැන්න වලව්වට පිටමං කොලේ වැඩකාරකමට කියලා හිතුවත් මං වැදදියි...

මට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්....මොකද නාරන්තැන්න වලව්වෙන් රන්දුනුවිල වලව්වට කුඹුරු කෑල්ලක් ලිය්ලා දීලා ඊට හිලව්වට මාව අරන් තිබ්බේ නාරන්තැන්න වලව්වෙ අනතුරකින් දරුවා නැතිවෙච්චි අයී දරුවන් වදන්ට බැරි චූටි මැණිකේ ට දරුවෙක් වදා දෙන්නයි...

රන්දුනුවිල වලව්වෙ න් නාරන්තැන්න වලව්වට හිලව කොලේ මාව නෙවේ මගෙ දරු බොක්ක.....

අන්තිමට පුංචි සන්දියේ කිරිඅම්මා ඔක්කනේ තියාන කියලා දුන්න සිද්දාර්ත යශෝදරා කතාවෙ යශෝදරා වක් වෙන්න හිතපු මං ජීවත් වෙන මලකදක් වුණා .....

රන්දුනුවිල වල්ව්වෙ විදි අපමණ වේදනා නිසාම නරන්තැනන වලව්වෙ පුංචි හාමුගෙ අතින් බඩ දරු උන මං ගෙවෙන හැම තත්පරයෙම ප්‍රර්ථනා කලෙ දරුවාගෙ ජීවිතය රැකල මට මරණය අත්වේවායි කියා

දෛවය මාත් එක්ක කොතරම් නම් සෙල්ලම් කොලාද....රන්දුනුවිල වලව්වෙ ඇත්තන්ට වගේම නාරන්තැන්න වලව්වට ත් මං මනුස්සයෙක් නෙවේ දරුවන් වදන යන්ත්‍ර යක් .....විතරමයි...

පුංචි වයසින්ම කසාදයක් නොබැද වල්ව්වෙ ඉදුල් කාලා හැදුනු පලියට පුංචි හාමුගෙ ඕන එපාකම් සපුරා දරුවන් තුන්දෙනෙක් වදලා සංසාරෙ කරපු මහා පවකට දරු පැටියෙක්ගෙ මූණවත් නොබලා අද අන්ත අසරණ ව තවත් දරුවෙක් නාරන්තැන්න වලව්වට වදලා දෙනවා....මේක මගේ කරුමේ...

ඕයෑං ....ඕයෑං......

මට ලාවට ඇහුනෙ මගෙ පුංචි එකාගෙ කටහඩ...

අම්මව බේරගන්න බැරිවෙයි...

කාගෙදෝ කටහඩ ලාවට ඇහෙනකොට මගෙ නොනවතින දෛවයේ සරදම් නවතමින් මගෙ ඇස්පියවුණේ මාස ගාණක් අත්වැනූ මරණය මං ලගට එමිනි....

කටුඅකුලක පිපි වරදට
පයට පෑගි තැලි පොඩිවුණ
සුදු පාටහි දූවිලි තැවරුණු
සුවද බෙදු සමන් මලකි මා

නිමි...

�������������
යාලුවනේ අදහස් කියාගෙන යන්න...
පසුවදන ඔයාලා ලියන්න
යාලුවනේ අමතක නොකර පහත ලින්ක් එක subcribe කරන්න යාලුවනේ SUBSCRIBE කරන්න ඔනෙම එකක්❤️ https://youtu.be/_2nQyWV_7Dk
_*Contact ලිස්ට් එකටම Share kanna*_🤟

SUBSCRIBE කරන්න ඔනෙම එකක්❤️  https://youtu.be/_2nQyWV_7Dk ්න
18/02/2020

SUBSCRIBE කරන්න ඔනෙම එකක්❤️ https://youtu.be/_2nQyWV_7Dk
්න

Geek show Chanux bro Nimesh academy Sl geek Wasthi Wasthi production Derana Derana tv Dewani inima Sri lanka Sri lanka cricket Sinhala Song Sinhala song mobi...

😍😍😍
15/02/2020

😍😍😍

❤️❤️
15/02/2020

❤️❤️

❤️😍😍😍
13/02/2020

❤️😍😍😍

Love Doesn't depend on colour ☺❤
11/02/2020

Love Doesn't depend on colour ☺❤

10/02/2020

මොහිතින් මොහොත ගෙවෙනා දවස
නුඹව මගෙන් ඈත් කරවයි.

❤️
04/02/2020

❤️

72 අභිමානවත් නිදහස් දිනය.❤️
04/02/2020

72 අභිමානවත් නිදහස් දිනය.❤️

Happy independence day❤️
04/02/2020

Happy independence day❤️

අම්මායි තාත්තයි ගොඩාක් දුක් විදිනවා අපිව සැපෙන් තියන්න..❤️
31/01/2020

අම්මායි තාත්තයි ගොඩාක් දුක් විදිනවා අපිව සැපෙන් තියන්න..❤️

❤️💜️💚🖤
28/01/2020

❤️💜️💚🖤

එයා..😍❤️
28/01/2020

එයා..😍❤️

Address

Website

Alerts

Be the first to know and let us send you an email when O p e n Y o u r E y e posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share