CEB News - ලංවිම පුවත්

  • Home
  • CEB News - ලංවිම පුවත්

CEB News - ලංවිම පුවත් හුස්ම තරමටම විදුලියද මිනිසුන්ට අවශ්‍යයි.෴!! CEB NEWS
(1)

23/05/2024
"පෝයටවත් නිවාඩුවක් නැද්ද තාත්තේ ගෙදර ඉන්න""නෑ පුතේ මිනිස්සු කරුවලේ ඉන්නකොට තාත්තට ගෙදර ඉන්න බෑ නේ..මයේ පුතාව වෙසක් බලන්න...
23/05/2024

"පෝයටවත් නිවාඩුවක් නැද්ද තාත්තේ ගෙදර ඉන්න"
"නෑ පුතේ මිනිස්සු කරුවලේ ඉන්නකොට තාත්තට ගෙදර ඉන්න බෑ නේ..මයේ පුතාව වෙසක් බලන්න මම පස්සේ එක්ක යන්නම්කෝ"

ධාරාණිපාත වැසි සුලං මැද නොසැලී අදුරේ සිටින මිනිසුන්ට ආලෝකය ලබා දීමේ මහඟු පුණ්‍ය කර්මයට දායක වන ඔබ සැමට එම පින් බලයෙන්ම ඔබගේ ජීවිත ආලෝකමත් වේවා යන්න මාගේ වෙසක් දින පැතුමයි ❤️

වැස්සේ තෙමිලා හීතලේ වෙවුල වෙව්ල වැඩ කරන එක පඩිය බලාගෙන කරන දෙයක් නෙමෙයි මහත්තයෝ

Copied from Eng. Mohamed Irshad

නවතම විදුලි බිල් එක ලබා ගන්නේ මෙහෙම.෴!!
06/03/2024

නවතම විදුලි බිල් එක ලබා ගන්නේ මෙහෙම.෴!!

⚠️️⚠️️කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු⚠️️⚠️️කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට  රු 8.00 බැගින් මුලික ගාස්තු...
06/03/2024

⚠️️⚠️️කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු⚠️️⚠️️

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 150 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 150+8=158යි. පොයින්ට් 20ක් ගියානම් 150+(20×8)=රු 310 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 20 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 300ක් වෙයි,

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 300+(8×30)+20=560යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 30යි. මූලික ගාන 400යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.

60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,

300+(61×16)=360+976=රු1336 යි

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ

පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90x16)+(90x50)+(20x75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.

මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.

දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිතා කලාම පොයින්ට් එකක් යනවා. 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ.

එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිතා කරන විට ටිකක් කල්පනාවෙන් භාවිතා කරන්න.

ස්තූතියි.

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝග...
06/03/2024

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බවය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත.

එසේම ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර තිබේ.

එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

09/12/2023

සියලුම ප්‍රදේශ යාවත් කාලීන කර ඇත…
ගැටලූ කාරීතත්වය නිසා සිදුවූ අපහසුතාවයට කණගාටුව පළකරන්නෙමු

09/12/2023

මේ වන විට විදුලිය ලැබුණු ප්‍රදේශ කොහෙද?෴!!

09/12/2023

අපි සැවොම මනුස්සයෝය.෴!! 🙏

ලයිට් ගියේ ඇයි? ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් ...
09/12/2023

ලයිට් ගියේ ඇයි?

ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.

ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.

ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.

අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.

මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.

ස්තූතියි 🙏🙏🙏

09/12/2023

කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා බිඳ වැටුණු විදුලිය සැපයුම, ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත්, සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට තවත් පැය දෙකක් පමණ අවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර විදුලිය බිඳ වැටුණද දුම්රිය ධාවනයට මෙතෙක් බාධාවක් නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා සඳහන් කළා.

එමෙන්ම විදුලිය බිඳ වැටීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.

e-Bill සම්බන්දව යම්කිසි ගැටලූකාරී තත්ව තිබුනත් , නවපරපුක් ලෙස පහසු දායිව ඉදිරියට යන්න ඔබත් සූදානම්ද?.. ෴!! හැමෝම දැනුවත්...
25/11/2023

e-Bill සම්බන්දව යම්කිසි ගැටලූකාරී තත්ව තිබුනත් , නවපරපුක් ලෙස පහසු දායිව ඉදිරියට යන්න ඔබත් සූදානම්ද?.. ෴!!
හැමෝම දැනුවත් කරන්න….

18/11/2023

කැස්බෑව, පිළියන්දල අධිබලැති විදුලි රැහැන් වල තාක්ෂණික දෝෂය ඉක්මනින් යාවත්කාලීන කරනු ලබයි

18/11/2023

Kesbewa , piliyandala High Tension Power lines technical issue Will update soon

26/10/2023

සෝල පැනල් සව්කිරිමට සේවක මහතුන් කලුතර අවටින් උවමනා කර අත වයිරින් වැඩ දන්නා අය අවශ්‍යයි
0767078578

26/10/2023

නිවසක වයරින් එකේ දෝෂ නිසා bill එක වැඩි වෙන්න පුළුවන් ද?

සමනළවැවේ ජල කාන්දු ස්‌ථානය තහවුරු කළ අයඩින් 131 සමස්‌ථානික පරීක්‌ෂණයDr. Kamal Laksiriවළවේ ගඟත්, බෙලිහුල්ඔයත් එකිනෙක හමු ...
25/10/2023

සමනළවැවේ ජල කාන්දු ස්‌ථානය තහවුරු කළ අයඩින් 131 සමස්‌ථානික පරීක්‌ෂණය

Dr. Kamal Laksiri

වළවේ ගඟත්, බෙලිහුල්ඔයත් එකිනෙක හමු වන දෙමෝදර සුන්දර පරිසරයක, සමනළවැව ජලාශය ඉදි කර ඇත. සමනළ තටු දෙකක ආකාරයේ හැඩයක්‌ ගන්නා බැවින් මෙය සමනළවැව යනුවෙන් හැඳින්වූ බැව් එහි ආ ගිය කෙනකුට මැනැවින් පැහැදිලි වෙයි. සමනළවැව ආශ්‍රිත කඳු අතරින් හමන වේගවත් සුළං ධාරාව, අතීතයේ මේ ප්‍රදේශය අසල පිහිටි පැරැණි ගම්මානවල ආදි වැසියන් ඩමස්‌කස්‌ කඩු නිපදවීම සඳහා යකඩ උණු කිරීමට සුළඟ ආධාර කරගත් ආකාරය සිහි ගන්වයි.

ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයේ උඩවලවේ නිම්නයේ පිහිටි මේ සුන්දර ජලාශය මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ හෙවත් අඩි 1300ක්‌ උසින් කොළඹින් නිරිතදිගට වන්නට කිලෝමීටර් 160ක්‌ දුරින් පිහිටා ඇත. වර්ෂ 1986 දී ආරම්භ කර වර්ෂ 1992 දී නිම කළ සමනළවැව ජලාශය හා විදුලි යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් දෙවැනි තැන ගත් ජල විදුලි යෝජනා ක්‍රමය වෙයි.
සමනළවැව ඉදි කිරීමේ යෝජනාව වර්ෂ 1970 දශකයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය ගේ පාලන සමයේ දී ඉදිරිපත් වූවකි. මේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු කළ රුසියානු වාරි ඉංජිනේරුවන් ඔවුන් ගේ අධ්‍යයන වාර්තාවලින් පෙන්වා දුන්නේ මේ ප්‍රදේශය ජලාශයක්‌ ඉදි කිරීම සඳහා නුසුදුසු බවයි. ඒ සඳහා ඔවුන් හේතුවක්‌ ලෙස පෙන්වා දුන්නේ සමනළවැව දකුණු ඉවුරේ පාෂාණය දැඩි ස්‌වභාවයක්‌ නො ගන්නා අතර එය මී වදයක ආකාරයේ කුහර ස්‌වභාවයක්‌ ගන්නා, ශක්‌තිමත් පාෂාණයක්‌ නො වන බවයි. එසේ ම වේල්ලක්‌ තැනීමේ දී ගඟ පතුලේ ක්‍ෂණික සේවා උමඟ දකුණු ඉවුරේ කැණිය යුතු බව ද රුසියානු වාරි ඉංජිනේරුවන් ගේ අදහස විය. මේ සියලු ම හේතු පිළිබඳව වමසා බැලු රුසියානු වාරි ඉංජිනේරුවෝ මෙහි ජලාශය ඉදි කිරීම අතහැර දැමූ හ.

එහෙත් වර්ෂ 1986 දී එවකට පැවැති රජය ජපන් වාරි ඉංජිනේරුවන් ගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුහු රුසියානු වාරි ඉංජිනේරුවන් ගේ අදහස්‌ හාස්‍යයට ලක්‌ කරමින් සමනළවැව ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළ හ.

රුසියානු වාරි ඉංජිනේරුවන් පෙන්වා දුන් භූ සිදුරු වැනි දුර්වල තැන් ජලය කාන්දු නො කරන බැව් ජපන් වාරි ඉංජිනේරුවන් ගේ අදහස විය. රුසියානු වාරි ඉංජිනේරුවන් පෙන්වා දුන් සේවා උමඟ කැණීමේ බරපතළකම ජපන් වාරි ඉංජිනේරුවන් ගණනකට ගත්තේ නැත. මේ සියලු ම දුර්වලකම් නො සලකා හැර ශක්‍යතා අධ්‍යයනය කළ ජපන් ඉංජිනේරුවෝ වර්ෂ 1986 සිට වර්ෂ 1991 දක්‌වා කාලය තුළ සමනළවැව ජලාශය හා විදුලි බලාගාරය ඉදි කර අවසන් කළ හ. මෙහි උසින් අඩි 100ක්‌ වූ වේල්ලක්‌ ඉදි කර කිලෝ මීටර් 5 1/2ක දිග උමඟකින් ජලය ගෙන ගොස්‌ කපුගල ප්‍රදේශයේ ඉදි කළ විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට කටයුතු කෙරිණි.

මේ බලාගාරයෙන් මෙගාවොට්‌ 120ක විදුලි ධාරිතාවක්‌ බලාපොරොත්තු වුව ද සිදු වූ ජල කාන්දු වීම් හේතුවෙන් ඒ සියලු ම බලාපොරොත්තු බිඳ වැටිණි. ජපන් ඉංජිනේරුවන් ගේ සැලසුමට අනුව ජපන් යෙන් මිලියන 60176කින් නිම කිරීමට අදහස්‌ කර තිබුණත් සිදු කෙරුණු විවිධ බාහිර වියදම් හේතුවෙන් ජලාශයේ වැඩ නිම කිරීමට සිදු වූයේ ජපන් යෙන් මිලියන 74313ක්‌ වැය කරමිනි. එකල මේ වියදම ශ්‍රී ලංකා මුදලින් බලන කල රුපියල් බිලියන 16කි. අද වටිනාකම රුපියල් බිලියන 100ක්‌ පමණ වෙයි.

සුබ නැකත
වර්ෂ 1991 ජුනි 11 වැනි දින උදා විය. සුබ නැතකට අනුව ජලාශයට ජලය පිරවීම ආරම්භ විය. ජලාශයේ ගැඹුර මීටර් 100කි. ක්‍රමයෙන් මීටර් 16ක්‌ පමණ උසට ජලය පිරෙනවාත් සමග දකුණු ඉවුරෙන් ජලය කාන්දු වීම ඇරඹිණි. මේ ජල කාන්දුව දකුණු ඉවුරින් වේල්ලේ සිට මීටර් 300ක්‌ පමණ දුරකින් ඇරඹිණි.
ජල කාන්දුවට විසඳුමක්‌ ලෙස දකුණු ඉවුරේ මීටර් 100ක්‌ පමණ ගැඹුරට කොන්ක්‍රීට්‌ දමා බාධකයක්‌ ජපන් ඉංජිනේරුවෝ ඉදි කළ හ. වර්ෂ 1991 දී මේ සඳහා ගිය වියදම රුපියල් බිලියන 2ක්‌ විය. වැය වූ සිමෙන්ති ප්‍රමාණය ටොන් 14000කි. සිදුරු කිරීම්වල මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 54කි. මේ සිමෙන්ති ප්‍රමාණය රන්ටැඹේ ජලාශයේ වේල්ල ඉදි කිරීමේ දී භාවිත කළ සිමෙන්ති ප්‍රමාණය හා සමාන විය. ප්‍රතිකර්මයෙන් පසු වර්ෂ 1992 ඔක්‌තෝබර් 21 වැනි දින නැවතත් සුබ මොහොතින් ජලාශයට ජලය පිරවීම ආරම්භ කෙරිණි. ඒත් ජල කාන්දුවේ වෙනසක්‌ නො වී ය. ජල කාන්දුව දිගට ම සිදු විය. මේ අවස්‌ථාවේ දී ජලය ඉවත් කිරීමට ගත් උත්සාහයේ දී වේල්ලේ යාන්ත්‍රික ජල මාර්ගය ද අවහිර විය. මේ සියලු ම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් පසු ජලාශයේ මුළු උසින් සියයට 30ක ප්‍රමාණයක්‌ දක්‌වා ජලය පිරවීමට තීරණය විය.

මෙසේ අඩක්‌ පිරවූ ජලාශයක්‌ වශයෙන් මේ දක්‌වා එය ජල විදුලිය නිපදවයි. එහෙත් අදත් ජල කාන්දුව නැවතී නැත. ජල කාන්දුව සඳහා කවර හෝ පිළියමක්‌ කිරීමේ අදිටනින් වර්ෂ 1998 ද මඩ ආස්‌තරයක්‌ (Wet blanket) ඇති කිරීමට කටයුතු කරන ලදි. මේ සඳහා වර්ෂ 1998 දී රුපියල් මිලියන 3264ක වියදමක්‌ දරා ඇත. මඩ ආස්‌තරයෙන් ජල කාන්දුවේ පීඩනය යම් තරමකට හෝ පාලනය වුවත් කාන්දුව නැවතුණේ නැත.

පසුගිය වසරේ එනම් වසර 2010 නොවැම්බර් මස කොළඹ පදනම් ආයතනයේ පරමාණුක බලශක්‌ති අධිකාරිය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී පරමාණුක සමස්‌ථානික භාවිත කර භූගත ජල දහරාවල හා ජලාශවල වේලිවල සිදුරු හඳුනා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවක්‌ කෙරිණි. මෙහි ප්‍රධාන දේශකයා වූයේ ඉන්දියානු ජාතික විද්වතකු වන ආචාර්ය කේ. සිවනාන මහතා ය. ඔහු හිමාලය ආශ්‍රිත භූගත ජල ධාරා පිළිබඳව පරමාණුක සමස්‌ථානික ඇසුරෙන් කෙරෙන පර්යේෂණ ක්‍රමවේද ඉදිරිපත් කළේ ය. එවකට පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති වූ ආචාර්ය විමලධර්ම අබේවික්‍රමයන් හා විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග ආචාර්ය කේ සිවනාන කළ සාකච්ඡාවක දී සමනළවැවේ ජල කාන්දුව සෙවීමට පරමාණුක බලශක්‌ති අධිකාරියට පරමාණුක සමස්‌ථානික ඇසුරෙන් හැකි බව තහවුරු විය. ඒ වන විටත් බ්‍රොaඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන ආචාර්ය කමල් ලක්‌සිරි සමනළවැව ජල කාන්දුව පිළිබඳ අධ්‍යයනයක්‌ කර තිබුණු අතර ඔහුට ආචාර්ය උපාධිය ලැබුණේ මේ අධ්‍යයනයට වීම ද විශේෂත්වයකි. ඔහු ගැටලුවට පිළියම් ලෙස ඉදිරිපත් කර තිබුණේ භූ විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක ක්‍රමවේදයකි. මේ ක්‍රමවේදයට අනුව මේ ජල කාන්දුව ජලාශයේ දකුණු ඉවුරේ වේල්ලට මීටර් 100ක්‌ අතර පරතරයේ පිහිටා තිබිණි.

මේ වන විට පරමාණුක බලශක්‌ති අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය රන්ජිත් විඡේවර්ධන ඇතුළු පර්යේෂක කණ්‌ඩායමක්‌ ආචාර්ය කමල් ලක්‌සිරි ගේ ගණිත ක්‍රමවේදයට අනුව සොයාගත් ජල කාන්දුව සිදු වන ස්‌ථානයේ පරමාණුක සමස්‌ථානික ආධාරයෙන් කළ පර්යේෂණයකට අනුව ජල කාන්දුව සිදු වන ස්‌ථානයත් සිදු වන ආකාරයත් තහවුරු ගැනීමට සමත් වී සිටියි. මේ පර්යේෂණය හා සම්බන්ධව ආචාර්ය රංජිත් ජයවර්ධන අදහස්‌ දක්‌වන්නේ මේ අයුරිනි.
පසුගිය කාලේ අවස්‌ථා දෙකක දී මේ ජල කාන්දුව නැවැත්වීමට උත්සාහ කළත් නිසි ප්‍රතිඵලයක්‌ ලැබුණෙ නෑ. මේ අතරේ දි තමයි කමල් ලක්‌සිරි කියන ඉංජිනේරු මහත්මයා පෙර කරපු පර්යේෂණ හොඳින් අධ්‍යයනය කරලා ඒ දත්ත ඇසුරෙන් මේ ජල කාන්දුව සිදු වන ස්‌ථානය භූ විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව සොයා ගැනීමට උත්සාහ කළේ. මෙය ගණිත ක්‍රමවේදයක්‌. මේ පර්යේෂණය සඳහා ඔහුට ආචාර්ය උපාධිය ලැබුණා. ආචාර්ය කමල් ලක්‌සිරි මේ අදහස ඉදිරිපත් කළේ වසර 2008 දීයි. මම පරමාණුක බලශක්‌ති අධිකාරියේ සභාපති ලෙස වැඩ භාර ගත්තාට පසු ආචාර්ය ලක්‌සිරි ගේ පර්යේෂණය ගැන මට කිව්වා. මමත් උනන්දු වෙලා ආචාර්ය ලක්‌සිරි ගේ මේ සොයා ගැනීම තහවුරු කරන්න පර්යේෂණ ආරම්භ කළා. මේ පර්යේෂණයේ දී පරමාණුක බලශක්‌ති අධිකාරියේ පර්යේෂණ නිලධාරීන්ට විකිරණශිලී සමස්‌ථානික ජල විද්‍යාව (Isotope hydrology) යන ක්‍රමවේදයට අනුව ජල කාන්දුව හඳුනා ගන්න හැකි වුණා. මේ සම්බන්ධව ආචාර්ය කමල් ලක්‌සිරි සමග පරමාණුක බලශක්‌ති අධිකාරියේ සමස්‌ථානික ජල විද්‍යාව පිළිබඳ පර්යේෂක කණ්‌ඩායම සාකච්ඡා කරල ඇමතිතුමා හමු වෙලා කිව්වා අපිට ඉන්දියානු විද්‍යාඥයෝ ගෙන්වන්න අවශ්‍ය නෑ. අපේ අයට මේ දේ කරන්න පුළුවන් කියල. ඒ අනුව ඇමතිතුමා ගේ අනුමැතිය ලැබුණා. ඉන් පසුව විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් හා පරමාණු බලශක්‌ති අධිකාරියේ පර්යේෂකයන් එකතු වෙලා තමයි මේ ජල කාන්දුව සොයා ගත්තේ.

මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි පසුගිය කාලේ ඩොලර් බිලියන ගණන් වියදම් කළත් සොයාගන්න බැරි වුණු දෙයක්‌ පරමාණුක බලශක්‌ති අධීකාරියේ උත්සාහයෙන් රුපියල් ලක්‌ෂ ගණනක්‌ වැනි සුළු මුදලක්‌ වැය කරලා සොයා ගැනීමට හැකි වීම. දැන් තිබෙන්නේ විදුලි බල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් ගේ කාර්යයි. මේ සඳහා ක්‍රමවේද තුනක්‌ තිබෙනවා. එකක්‌ තමයි ඒ ප්‍රදේශයට කිමිදුම් කරුවන් යවල සිදුර පාදා ගැනීම. දෙවැනි ක්‍රමය තමයි ජලය තුළ ඡායාරූප ගත හැකි කැමරා ආධාරයෙන් සිදුර තිබෙන තැන පාදා ගැනීම. මේක අධික වියදම් යන කාර්යයක්‌. මේ වර්ගයේ කැමරා ශ්‍රී ලංකාවේ නෑ. සිංගප්පූරුවෙන් කුලියට ගත යුතුයි. මිල දී ගන්නත් අධික මුදලක්‌ වැය වෙනවා. තුන්වැනි ක්‍රමය තමයි වියළි කාලයේ දී ජලාශයේ ජල මට්‌ටම අඩු විට මේ ක්‍රමවේදය භාවිත කිරීම. සමනළවැව බලාගාරයේ තිබෙන්නේ මෙගාවොට්‌ 120ක විදුලි නිෂ්පාදනයක්‌ කළ හැකි මෙගාවොට්‌ 60ක විදුලි උත්පාදක යන්ත්‍ර දෙකක්‌. මෙයින් භාවිත වන්නේ එක්‌ විදුලි උත්පාදක යන්ත්‍රයක්‌ පමණයි. හේතුව ජලාශයට ජලය පුරවන්නේ මුළු ප්‍රමාණයෙන් සියයට 30ක්‌ වැනි ප්‍රමාණයක්‌ වීමයි. මෙතෙක්‌ කල් ක්‍රියා කළේ රාත්‍රියට අවශ්‍ය උපරිම විදුලි ධාරිතාව සැපයීම සඳහා එක්‌ උත්පාදක යන්ත්‍රයක්‌ පමණක්‌ ක්‍රියා කරවීමයි. මෙයින් පෙනී යන දෙයක්‌ තමයි ජලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නොමැති බව. මේ වන විට පර්යේෂණයේ සාරාංශ වාර්තාවක්‌ ඇමතිතුමාට භාර දී තිබෙනවා. ෙමි දිනවල සම්පූර්ණ වාර්තාව සකස්‌ කරනවා.

මේ සමග ම මහවැලි සංවර්ධන අධිකාරියේ වේලි ආරක්‌ෂණ විමර්ශන කණ්‌ඩායමක්‌ ආරාධනා කරල ආචාර්ය කමල් ලක්‌සිරි ගේ පර්¨යේෂණ ක්‍රමවේදය ඔවුන්ට ඉදිරිපත් කරල අවබෝධයක්‌ ලබා දුන්නා. ඒ අයත් මේ ක්‍රමවේදය අනුමත කිරීම අපිට මහත් ආධාරයක්‌. මේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන දෝෂ හා දුර්වලතා ඇති වේලි පිළිබඳව පර්යේෂණ කරල නැවත ප්‍රතිසංස්‌කරණය කරන්න වේලි ආරක්‌ෂණ විමර්ශන කණ්‌ඩායම කැමැත්ත පළ කරල තිබෙනවා. මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණොත් අපිට පිටරටින් විද්‍යාඥයන් ගෙන්වල ඒ අයට ඩොලර්වලින් ගෙවීම් කරන්න අවශ්‍ය වන්නේ නෑ.

අයඩින් 131 සමස්‌ථානිකය
සමනළවැව ජලාශයේ ජල කාන්දුව සිදු වන ස්‌ථානය, දිශාව හා ආකාරය සොයාගනු ලැබුවේ අයඩින් 131 විකිරණශිලී සමස්‌ථානිකය ආධාරයෙනි. මෙය ඉතා ම බැරෑරුම් කාර්යයක්‌ විය. මේ පරික්‍ෂණයට පරමාණුක බලශක්‌ති අධිකාරියේ පළපුරුදු පර්යේෂකයන් ගෙන් යුත් කණ්‌ඩායමක්‌ සහභාගි විය. මේ කණ්‌ඩායමේ ප්‍රධාන පර්යේෂක විරාඡ් එදිරිසිංහ මහතා විදුසරට අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

මේක ඉතා ම බැරෑරුම් කාර්යයක්‌ වුවත් කළ හැකි දෙයක්‌. ආචාර්ය කමල් ලක්‌සිරි ගේ ගණනයන් අධ්‍යයනය කරල අපට අවශ්‍ය වුණේ අයඩින් 131 කියන පරමාණුක සමස්‌ථානිකය ආධාරයෙන් ජල කාන්දුව සිදු වන ස්‌ථානය නිවැරැදිව සොයා ගැනීමයි. ඒ නිසා අපි විධිමත් පර්යේෂණ සැලසුම් කළා. මෙහි දී කොපමණ අයඩින් සාන්ද්‍රණයක්‌ භාවිත කළ යුතු ද? මේ සාන්ද්‍රණය අවට වෙසෙන මිනිසුන්ට හානිකර තත්ත්ව ඇති කරයි ද යන්න පවා සොයා බැලීම් කළා. අපේ ප්‍රධාන ඉලක්‌කය වුණේ ඉදිරියේ එන වර්ෂාවට පෙර මේ පර්යේෂණය කළ යුතුයි කියන එක. මොකද ජල මට්‌ටම අඩුවෙන් තිබෙන කොට පර්යේෂණය කරන්න ලෙහෙසියි. මේ සඳහා අපි මාස දෙකක පමණ කාලයක සිට අවශ්‍ය උපකරණ නිර්මාණය කළා. අපිට අභියෝගය වුණේ ආචාර්ය ලක්‌සිරි ගේ අධ්‍යයනය තහවුරු කිරීමයි. අපි කළේ ආචාර්ය ලක්‌සිරි ඔහු ගේ අධ්‍යයනයෙන් හඳුනාගෙන තිබුණු ප්‍රදේශවලට අයඩීන් 131 කියන විකිරණශිලී පරමාණුක සමස්‌ථානිකය යෑවීමයි. මේක කෘත්‍රිමව නිපදවාගත් ද්‍රව්‍යයක්‌. අපිට අවශ්‍ය පමණට ද්‍රවණය තනුක කර ගත්තා. දකුණු ඉවුරේ නියමිත ස්‌ථානයට මෝටර් පොම්ප ආධාරයෙන් අයඩින් 131 ජලාශයේ පතුලට ඇතුළු කළා. ඒ වන විට ජලාශයේ ජල මට්‌ටම තිබුණේ මුහුදු මට්‌ටමේ සිට අඩි 432ක්‌ වැනි මට්‌ටමකයි. අපිට අවශ්‍ය වුණේ මුහුදු මට්‌ටමේ සිට අඩි 415ක්‌ වැනි මට්‌ටමකට අයඩීන් 131 විකිරණශීලී සමස්‌ථානිකය ඇතුළු කිරීමටයි. එහි දී ජලාශයේ වේල්ල අසල සිට මීටර් 100ක්‌ වැනි දුරකින් දකුණු ඉවුරේ වලාවක්‌ සෑදෙන ආකාරයටයි අයඩීන් 131 සමස්‌ථානිකය ඇතුළු කළේ. ඊට අවශ්‍ය නළ පද්ධතිය සකස්‌ කරල ජලාශය අසල ඊට අවශ්‍ය වේදිකාවක්‌ නිර්මාණය කරල මහත් පරිශ්‍රමයක්‌ දරල අපි සියලු දෙනා ම කාර්යය කළා.

විකිරණශීලී සමස්‌ථානිකයක්‌ මෙවැනි කාර්යයක්‌ සඳහා භාවිත කිරීමේ දී අවට පරිසරයට කාන්දු නො වීමටත් පර්යේෂකයන් විකිරණවලට නිරාවරණය නො වීමටත් වගබලා ගත යුතුයි. මේ සියලු ම ආරක්‍ෂක ක්‍රමවේද භාවිත කරල අයඩින් 131 විකිරණශීලී සමස්‌ථානිකය ජලාශයට ඇතුළු කළා. මෙයින් පසු අපට අවශ්‍ය වුණේ අයඩින් 131 ගලා යන දිශාව සොයා ගැනීමටයි. ඒ කියන්නේ කන්ද ඇතුළට යනවා ද, ජලාශය තුළ රැඳී තිබෙනවා ද, කාන්දුවෙන් පිට වෙනවා ද යනාදී කරුණු රාශියක්‌ ගැන දැඩි අවධානයක්‌ යොමු කළා. මේ නිසා අයඩින් 131 විකිරණශීලී සමස්‌ථානිකය ජලාශයට ඇතුළු කරපු මොහොතේ සිට දැඩි අවධානයකින් කටයුතු කළා. පැය 24ක්‌ නොකඩවා ස්‌ථාන 6ක සිට නිරීක්‍ෂණය කළා. දකුණු පැත්තේ කන්දේ විදපු සිදුරු දෙකක්‌ උමඟ ඇතුළේ තිබුණු සිදුරු 3ක්‌ හා ජල කාන්දුව පිටතට සිදු වන ස්‌ථානය යනාදී වශයෙන් ස්‌ථාන 6ක්‌ මේ නිරීක්‍ෂණ ස්‌ථාන ලෙස භාවිත කළා. මේවා අධික වේගයෙන් ජලය ගලා යන ස්‌ථාන. මේ ස්‌ථාන 6න් පැයෙන් පැයට ජල නියෑදි අරගෙන විධිමත් පරීක්‍ෂණයකට ලක්‌ කළා. මේ සඳහා අපි තාවකාලික විද්‍යාගාරයක්‌ අසල ගොඩනැඟිල්ලක නිර්මාණය කළා. ඒ වගේම මේ ස්‌ථානවල නිරීක්‍ෂකයන් අනාවරක උපකරණ සමග රැඳී සිටිමින් අයඩින් 131 වලාව නිරීක්‍ෂණය කළා. මේ ආකාරයට දිනකට පැය 24 බැගින් දින 3ක්‌ නොකඩවා නිරීක්‍ෂණයේ යෙදුණා. ආචාර්ය ලක්‌සිරි ඔහු ගේ ගණනය කිරීම්වලින් හඳුනාගත් ජලාශ පත්ලේ ස්‌ථානයට අයඩින් 131 සමස්‌ථානිකය ඇතුළු කරල පැය 13කට පසු ජල කාන්දුව පිටතට විවර වන ස්‌ථානයෙන් පිට වන ආකාරය නිරීක්‍ෂණය කිරීමට හැකි වුණා. ඉන්පසු වරින් වර එම ස්‌ථානයෙන් කුඩා අයඩින් වලාවන් නිරීක්‍ෂණය කිරීමට හැකි වුණා. පැය 19කට පසු විශාල අයඩින් වලාවක්‌ ජලය පිටතට කාන්දු වන ස්‌ථානයෙන් නිරීක්‍ෂණය කිරීමට හැකි වුණා. මෙයින් ආචාර්ය ලක්‌සිරි ගේ ගණනය කිරීම් වඩාත් නිවැරැදියි කියල තහවුරු වුණා.

මෙය විකිරණශීලී සමස්‌ථානික ජල විද්‍යාවේ දී අයඩින් 131 විකිරණශීලී සමස්‌ථානිකය භාවිත කරන එක අවස්‌ථාවක්‌ පමණි. විවිධ පර්යේෂණ සඳහා විවිධ විකිරණශීලී සමස්‌ථානික භාවිත කරයි. මෙවැනි පර්යේෂණ ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ද යන්න පිළිබඳව පර්යේෂණ නිලධාරී විරාඡ් එදිරිසිංහ මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

මේ වන විට පරමාණුක බලශක්‌ති අධිකාරියට තිබෙන පහසුකම් හා තිබෙන මානව සම්පත් ප්‍රයෝජනයට අරගෙන විකිරණශීලී සමස්‌ථානික රැසක්‌ ආධාරයෙන් විවිධ පර්යේෂණ කිරීමේ හැකියාව තිබෙනවා. සමනළවැව ජලාශයේ ජල කාන්දුව සොයා ගැනීමට භාවිත කළේ අයඩින් 131 විකිරණශීලී සමස්‌ථානිකයයි. ස්‌වාභාවික පරිසරයේ තිබෙන හයිඩ්‍රජන්වල විකිරණශීලී සමස්‌ථානිකයක්‌ වන ඩියුටීරියම් හා ඔක්‌සිජන් 18 සමස්‌ථානිකය භාවිත කරල ස්‌වාභාවික ජල චක්‍රයේ අවස්‌ථා අධ්‍යයනය කරන්න පුළුවන්. මේ පහසුකමත් දැන් අපට තිබෙනවා. මීට පෙර අපි මෙවැනි පර්යේෂණ කළේ පාකිස්‌තානයට හෝ ඕස්‌ටේ්‍රලියාවට නියෑදි යවල. මේ සඳහා අති විශාල මුදලක්‌ වැය වුණා. දැන් අපට අවශ්‍ය පර්යේෂණ අප ම කරල මුදල් ඉතිරි කර ගන්න පුළුවන්. බ්‍රොaමීන් 82 කියන සමස්‌ථානිකයත් භාවිත කරන්න පුළුවන්. මෙවැනි පර්යේෂණ සඳහා භාවිත කරන විකිරණශීලී සමස්‌ථානිකවල අර්ධ ජීව කාලය (Half life period) කෙටි විය යුතුයි. අයඩින් 131හි අර්ධ ජීව කාලය දවස්‌ 8යි. බ්‍රොaමීන් 82හි අර්ධ ජීව කාලය දවස්‌ 1 1/2යි. ගෝල්ඩ් 198 කියන රත්රන්වල විකිරණශීලී සමස්‌ථානිකයේ අර්ධ ජීව කාලය දින 186යි. මේ සමස්‌ථානිකය ජලාශවල පත්ලට යවා ජලය කිඳා බැසීම සිදු වන ආකාරය අධ්‍යයනය කිරීමට භාවිත කරන පුළුවන්. මේ සමස්‌ථානිකය පස්‌වලට උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා රත්රන් 190 සමස්‌ථානිකය ජලාශයට දමල ජලාශය මතුපිට සිට අනාවරක ආධාරයෙන් පැතිරෙන දිශාව නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මෙයින් පෙනී යන දෙයක්‌ තමයි පර්යේෂණයට අනුව භාවිත කරන සමස්‌ථානිකය වෙනස්‌ වන බව. ඉදිරියේ දී අපේ රටේ කරන සංවර්ධන කටයුතුවල දී විශේෂයෙන් ඉදිකිරීම් කටයුතුවල දී විදේශීය විද්‍යාඥයන් ගේ සහාය අවශ්‍ය වන්නේ නෑ. අපට අපේ රටට අවශ්‍ය දේ කර දෙන්න පුළුවන්.
අප අපට ම අවශ්‍ය අපේ තාක්‍ෂණ ක්‍රමවේද නූතන විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩ නැගිය යුතු ය. ඒ සඳහා අපට මානව සම්පත් ප්‍රමාණයටත් වඩා ඇත. රාජ්‍ය අනුග්‍රහය මඳ වීම ප්‍රධාන බාධාවකි. තව තවත් ජාතික සංවර්ධන කටයුතු සඳහා දේශීය මානව සම්පත් භාවිත කිරීමට රාජ්‍ය අනුග්‍රහය වැඩි වශයෙන් ලැබෙන්නේ නම් අවශ්‍ය වන්නේ විවිධ තාක්‍ෂණික ක්‍රමවේද විධිමත් අධ්‍යයනයකින් පසුව මෙරටට ගෙන්වීම පමණි.

උපුටා ගැනීම - Thalawa Maha Vidyalaya

25/10/2023

CEB News - ලංවිම පුවත් 🚫🔐🔕
මේ පේජ් එකට එකදිගට Report වදිනවා.෴ සමහර විට මේ පිටුව ටික දවසකින් නැති වෙන්න පුලුවන්… review කරන ගමන් තියෙන්නේ මේ වෙද්දි.!!

⭕️ - මේ පිටුව තව දුරටත් ඔබට අවශ්‍යද නැතිද යන්න දැනගැනීමට කැමතියි.!! ( කැමතියි-👍 අකමැති-😥)

❌මේ පිටුවෙන් කාටම හරි අපහසුතාවයක් වෙලා තියනවාද?

🛑 එසේ නම් ඒ කුමන හේතුද..?

අලුත් බිල හැදෙන්නේ කොහොමද?.෴!!!https://www.ceb.lk
25/10/2023

අලුත් බිල හැදෙන්නේ කොහොමද?.෴!!!
https://www.ceb.lk

25/07/2023

EBILL විදුලි ගිණුම් අංකය විද්‍යුත් තැපැල් ලිපිනය ලටස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.෴!!

E-Bill එක සදහා මේ විදියට අදම register වෙන්න~1.ඔබේ විදුලි බිල්පත ළඟ තබාගන්න2. https://ebill.ceb.lkවෙත පිවිසෙන්න 3.ඔබේ විද...
25/07/2023

E-Bill එක සදහා මේ විදියට අදම register වෙන්න~

1.ඔබේ විදුලි බිල්පත ළඟ තබාගන්න

2. https://ebill.ceb.lk
වෙත පිවිසෙන්න

3.ඔබේ විදුලි බිල්පතේ ඇති "විදුලි ගිණුම් අංකය" Account No ලෙස සඳහන් කොටසේ ඇතුලත් කරන්න.ඉන්පසුව Verify Account කොටස ටච් කරන්න

4.දැනටමත් ඔබ⁣ගේ විදුලි බිල්පතෙහි ඔබට අදාල දුරකථන අංකයක් ඇතුලත්ව ඇති අතර එය විදුලි බිල්පතේ ගෙවීම් තීරුවෙහි ඇතුලත්ව ඇත.එම අංකය ඔබ සතුව නැත්තම් ඔබට නව දුරකථන අංකයක් OTP අංකය ලබා ගැනීමට register කරගත හැක.

ඒ සඳහා ඔබට ⁣register කරගැනීමට අවශ්‍ය දුරකථන අංකයෙන් SMS පණිවිඩයක් 0719991987 අංකයට යවන්න.
Reg ඔබේ විදුලි ගිණුම් අංකය

උදා
Reg 5000609567

5.ඔබ දැනටමත් Register වී ඇති දුරකථන අංකය OTP අංකය ලබා ගැනීමට ලබා දෙන්න.එය ස්වයංක්‍රීයව
පෙන්නන අතර එය ඇතුලත් කර OTP අංකය ඔබේ දුරකථනට ගෙන්වා ගන්න.ඔබේ දුරකථනට ආ OTP අංකය OTP යන කොටස තුළ ඇතුලත් කර Verify OTP කොටස ටච් කරන්න.

06.ඔබේ Email ලිපිනය ඇතුලත් කරන්න.එය ඔබේ දුරකථනයේ පවතින Email ලිපිනයක් වීම වඩා පහසුවේ.

07.re enter email කොටස තුළ නැවතත් ඔබ ඇතුලත් කළ Email ලිපිනය ඇතුලත් කරන්න.

08.කොන්දේසි සඳහා එකඟවීමට I agree to receive යන වාක්‍යයට පෙර ඇති කොටුව තුළ ටච් කරන්න.

09.ඉන්පසුව පහලම කොළ පැහැයෙන් ඇති save කොටස ටච් කරන්න

10.එවිට ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට ඊමේල් එකක් පැමිණෙන අතර gmail හෝ ඔබ භාවිත කරන මේල් එක වෙත ගොස් එම ඊමේල් එක open කරගන්න.එවිට cebcare ඊමේල් ලිපිනයෙන් ඔබට ඊ මේල් එකක් ලැබී ඇත.

11.එම ඊමේල් පණිවිඩය යටම ඇති verify email කොටස ටච් කළ විට ඔබගේ ලියාපදිංචි වීම සාර්ථකව සිදුවූ බවට ඔබේ දුරකථනයේ සටහන් වනු ඇත.

25/07/2023

විදුලිය නැති වූ සැණින් හැමෝගෙන්ම බරනුම් අහන CEB තුල මිනිසුන් නොදකින දසුන් , මහ වැසි ඇද හැලුනත් ජීවිත පරදුවට තියා ඔබ වෙනුවෙන් කැපවුන සේවකයන් හට අපගේ උත්තමාචාරය.෴!! 💡♥️🇱🇰

{මේ අවුරුද්දට මාස 6 ඉර පායන රටවල්} චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 පාවෙන සෝලා විදුලි බලාගාරය ක්‍රියාත්මක වීමට නියමිතයි 🙏...
24/04/2023

{මේ අවුරුද්දට මාස 6 ඉර පායන රටවල්} චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 පාවෙන සෝලා විදුලි බලාගාරය ක්‍රියාත්මක වීමට නියමිතයි 🙏💪

ලෝකයේ අනෙකුත් රටවල් බලශක්තියෙන්, තාක්ෂණයෙන් ඉදිරියට යද්දී අපි තාම අවුරුදු ගණනාවක් එකම තැන් පල් වෙනවා...

අවුරුදු 74 ක් තිස්සේ පාලකයන් රටට ලබා දුන්නේ මොනවද? හිතලා බලන්න..

- උපුටා ගැනීමකි -

Don't forget to like our page too👇
Ҡ.A.D ᎬɭҽcԵɾícíαղន

https://www.facebook.com/%D2%A0AD-%E1%8E%AC%C9%AD%D2%BDc%D4%B5%C9%BE%C3%ADc%C3%AD%CE%B1%D5%B2%E1%9E%93-103576452494570/?ti=as

🔴SOLAR Lighting System(සෝලා පැනල්)✴️වසර 10 ක වගකීමක් සහිතව (10 Year Warranty)මුදල් හදිස්සියකට විකුණනු ලැබේ✴️Brand NEW✴️S...
24/04/2023

🔴SOLAR Lighting System(සෝලා පැනල්)
✴️වසර 10 ක වගකීමක් සහිතව (10 Year Warranty)මුදල් හදිස්සියකට විකුණනු ලැබේ
✴️Brand NEW
✴️Solar panel
✴️4 LED lights
✴️Battery🔋100%
✴️Phone USB chagers
✴️Controller
Easy installerin for your house
Call
0718917613

24/04/2023

මනු කියවන්නා නියමිත දිනට නොපැමිණය හොත් වැඩි වන ඒකක ගණනන 91 වුණි නම් බිලහි වැඩි වීම පාරිභෝගිකයා දැරිය යුතුද?

සියයට 66 ක ගාස්තු වැඩි කිරීමේ විදුලිබල මණ්ඩල යෝජනාව, සභාපතිගේ විරෝධය මැද අනුමත වෙයි.෴!!සියයට 66 ක ගාස්තු වැඩි කිරීමේ විද...
15/02/2023

සියයට 66 ක ගාස්තු වැඩි කිරීමේ විදුලිබල මණ්ඩල යෝජනාව, සභාපතිගේ විරෝධය මැද අනුමත වෙයි.෴!!

සියයට 66 ක ගාස්තු වැඩි කිරීමේ විදුලිබල මණ්ඩල යෝජනාව සිය විරෝධය මැද සෙසු සාමාජිකයින් තුන්දෙනා අනුමත කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත.

එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ , ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔවුන් ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ අධික ගාස්තු ක්‍රමයට අනුමැතිය පල කර තිබෙනවා.

කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කළේ 36% කින් පමණයි.

එමගින් විදුලි බල මණ්ඩලයේ අමතර ආදායම

රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමක් දක්වා පහත හෙළීමට යෝජනා කර තිබුණා.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවෙන් ගෘහස්ථ අංශයේ ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායමට සියයට 250 ක ගාස්තු වැඩි කිරීමක් සිදුවන බව ද ජනක රත්නායක මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ අද (15) සිට ක්‍රියාත්මක අනුමත කළ ගාස්තු ක්‍රමය නීතිවිරෝධි බවයි.

එය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාව දැඩි පීඩනයකට ලක් වන අතර සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වන බව ද ජනක රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

අපිට විදුලිය ලබා දෙන්න කරන වෑයම ගැන දැනගන හිටියද? තත්පරයක් නැවතිලා බලලා යන්න 🙂
27/11/2022

අපිට විදුලිය ලබා දෙන්න කරන වෑයම ගැන දැනගන හිටියද? තත්පරයක් නැවතිලා බලලා යන්න 🙂

ඔබත් අදම දැනුවත් වෙන්න.෴
12/11/2022

ඔබත් අදම දැනුවත් වෙන්න.෴

කොහොමද අලුත් විදිහට බිල හැදෙන්නේ.෴
12/11/2022

කොහොමද අලුත් විදිහට බිල හැදෙන්නේ.෴

Ranjan Priyantha අයියා දැකපු දුර්ලභ දර්ශනයක් මට inbox එවලා තිබ්බා.. ඒ ගැන එවපු  විස්තරය සංශෝධනයකින් තොරවම මට එවපු විදිහට...
12/11/2022

Ranjan Priyantha අයියා දැකපු දුර්ලභ දර්ශනයක් මට inbox එවලා තිබ්බා.. ඒ ගැන එවපු විස්තරය සංශෝධනයකින් තොරවම මට එවපු විදිහටම දානවා..

///සර් මේ පොටෝ ටික වැදගත් වෙයි කියල හිතුන. මේ කූඩුව ලංකා රාජ අලියා කියන පක්ෂියගෙ කුඩුවක්. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. අපේ දරැවො තියා මමත් දැක්කමයි. මේ කුඩුව දිගින් අඩි 6 කට වැඩියි. උස අඩි 4 විතර වෙනව. සාමන්‍යයයෙන් දර කෝටු හොන්ඩර 5 කට වැඩියි. මනුස්සයකුට නිදා ගන්න තරම් විසාලයි. මේ කුඩුව හදල තියෙන්නෙ පොලව මට්ටමේ සිට අඩි 150 පමන උසින්. අපි වැඩ කරන ටවර් එකක මුදුනෙ. නොරොච්චෝලෙ බලාගාරයෙ විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ කනුවක.////

මුල් අයිතිය - Ravi Gunawardana

නිවන් සුව සහොදරයා.෴!!
26/04/2022

නිවන් සුව සහොදරයා.෴!!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when CEB News - ලංවිම පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share