LK

LK සියවසේ අරුතක් ....
(1)

17/02/2023

දෙයියනේ කියල crush එකට message දැම්මා සගෝ 😂 🤧

26/12/2022
06/07/2022

තෙල් පෝලිමේදි අහිමි වෙන්න ගිය
ජීවිතයකට පණ දුන් මනුස්සකම 🥺🌍🙏

කිසිවක් නොකියමි 😔
06/07/2022

කිසිවක් නොකියමි 😔

දැකපු ලස්සනම දන්සල ❤️
15/06/2022

දැකපු ලස්සනම දන්සල ❤️

පපුව පිච්චිලා ගියා 😢 පුලුවන්නම් වැඩියෙන් මුදලක් දෙන්න පරක්කු උනාට බනින්න එපා මේ ජීවත් වෙන්නයි 🥺😞😞
19/05/2022

පපුව පිච්චිලා ගියා 😢 පුලුවන්නම් වැඩියෙන් මුදලක් දෙන්න
පරක්කු උනාට බනින්න එපා මේ ජීවත් වෙන්නයි 🥺😞😞

17/05/2022

CEYPETCO එක අද කියනවා අත්‍යවශ්‍යනන් පමනක් තෙල් ලබාගන්න තෙල් පොලිම් වල ඉන්නලු. තව ටිකක් දවස් යනකොට කියයිද දන්නැ අත්‍යවශ්‍යනන් පමනක් ආහාර ලබාගන්න කියල 😔😡

16/05/2022

මෙච්චර ප්‍රශ්න තිබිලත් , පන්සල් නොයා මේ ටිකේ තෙල් පුච්චන් දන්සල් කන්න ගිය සුළුතරයක් ඉන්නවා නේ අන්න උන් තමා අමුම අමු ගව සම්පත අපේ රටේ ...😡

බොහෝ දේ කියැවන ඡායාරූපයක්.!!!💔 ඒ මූණු වලිනුත් ගොඩක් දේවල් කියවෙනවා.. විශේෂයෙන්ම රණවිරුවන්ගේ මූනු බලන්න..😣
12/05/2022

බොහෝ දේ කියැවන ඡායාරූපයක්.!!!💔
ඒ මූණු වලිනුත් ගොඩක් දේවල් කියවෙනවා.. විශේෂයෙන්ම රණවිරුවන්ගේ මූනු බලන්න..😣

ජීවිතය කියන්නෙ සැලසුම් කාලසටහන් කිසිවක් නැති එකක් කියලා චූලාභය ශාන්ත කුමාර හේරතුන්ගේ "මා" පොතේ තිබ්බා. ඒක මම තදින්ම විශ්...
12/05/2022

ජීවිතය කියන්නෙ සැලසුම් කාලසටහන් කිසිවක් නැති එකක් කියලා චූලාභය ශාන්ත කුමාර හේරතුන්ගේ "මා" පොතේ තිබ්බා. ඒක මම තදින්ම විශ්වාස කරන දෙයක්.

මේ ෆොටෝ එක ලයිව් එකක ස්ක්‍රීන්ශොට් එකක්. ඒ ලයිව් එක හේතු කීපයක් නිසාම මම ඩිලිට් කළා.
නමුත් ඒ ලයිව් එකේ මේ අවස්ථාව පුදුමාකාර එකක් නිසා මම ඒකෙ ස්‍ක්‍රීන්ශොට් ගත්තා.

ඊටකලින් දවස්වල මම ගෝල්ෆේස් එකේ උන්නේ. හරියටම ඔය මැදමුලනෙ බත් බැලයො සෙට් එක ගෝල්ෆේස් එකට ගහන දවසෙත් මම උන්නෙ එතන.
එදා පාන්දර මම පොඩි නින්දක් දැම්මා. එතකොට අපේ සහෝදරයෙක් ඇවිත් "මල්ලි නැඟිටපන් ගේට්ටුව ළඟ කට්ටිය නෑ කිව්වා". ඊටපස්සේ නිදාගෙන උන්නු අපි දෙතුන් දෙනෙක් ඇහැරිලා ගියා ජනාධිපති ලේඛම් කාර්‍යාලේ ඉස්සරහ බැරියර් එක උඩට.
එවෙලෙ මම වෙලාව සටහන් කරලා පාන්දර හයට විතර ෆොටෝ එකකුත් දැම්මා.
කොහොමහරි මම එකම ඇඳුමින් උන්නු නිසා සහ නාගන්න ඕන නිසා ගෙදරට යන්න අවශ්‍යතාවක් තිබ්බා. එවෙලේ මම අම්මට කෝල් එකක් ගත්තා. අම්මගෙ උපන්දිනේ එදා ඒකට විශ් කරන්න.. අම්මා එදා මට කිව්වා "ඔන්න ඔය දැන් තකහනියෙ නාගන්න එන්න ඕනේ නෑනේ.. ඔතන ඔහොම්මම ඉන්න අදත්" කියලා...
මට තේරෙන්නෑ මොකද්ද හේතුව කියලා ඒත් මට එදා යන්නම ඕන උනා. එදා මට කිසිම විශේෂ වැඩකුත් තිබ්බෙ නෑ. ඒත් මගෙ හිත මට ගෙදර යන්නම කිව්වා. මම ඉතින් අම්මට කිව්වා "බෑ අම්මේ මම ඇවිල්ලා නාගෙන කරගෙන යන්නං" කියලා...
ඊටපස්සේ මම ගෝල්ෆේස් එකෙන් උදේ නවයට දහයට විතර පිටත් උනා. කෝච්චියෙ ඇවිත් ගම්පහින් බැහැලා ගෙදර ආවා.
අම්මට සුබ පතලා අම්මව වැළදගත්තා. බින්දුවට බැහැල තිබ්බ ෆෝන් එක චාර්ජ් කරගත්තා. ෆෝන් එක ඔන් කරලා ටිකකින් මස්සිනාගෙන් මැසේජ් එකක් ආවා. "මල්ලි ගෙදරද ඉන්නේ.. මයිනාගෝගම කලබල" කියලා.. මම එවෙලෙම ටීවි එක දැම්මා. ඇඟේ ලේ රත් උනා. අම්මා එවෙලෙ ඉඳන්ම අඩන්න කෑ ගහන්න ගත්තා. එයා අයුක්තිය, අසාධාරණය ඉස්සරහ සෑහෙනම ආවේගශීලී කෙනෙක් සහ ඒවට හරියට සංවේදී වෙන කෙනෙක්. ඒ වගේම යකෙක්ටවත් බය නැති කෙනෙක්. තාත්තා ගෙදර උන්නේ නෑ එවෙලේ හයර් එකක් ගිහින්.
අම්මයි මායි මල්ලියි විනාඩි පහට දහයට ලෑස්ති උනා. නාගෙන යන්න ආපු මට අවසානේ මූණ හෝදන්නවත් අමතක උනා.
බස්, කෝච්චිවල ගියොත් සෑහෙන වෙලාවක් යන නිසා එවෙලෙම අපි පික්මී දැම්මා. ගාන දෙදාස් පන්සීයයි. වෙන වෙලාවකට අම්මට දෙදාස් පන්සීය කියන්නෙ ලොකු ගානක් උනාට මෙවෙලේ එයාට ඒක කල්පනා උනේ නෑ. අපි පැය බාගයක් ඇතුළත ගියා කොළඹට. ලේක් හවුස් එක ගාවින් බැස්සා. ගිය ඩ්‍රයිවරුත් උපරිම සප් එක දුන්නා ගෝල්ෆේස් යන්නෙ කිව්වහම.
ලේක් හවුස් එක ළඟින් බැහැලා ජනාධිපති ලේඛම් කාර්‍යාලේ දිහාවට දුවන් එනකොට පොලීසියෙන් යන්න දෙන්නෑ. අත්වැල් බැඳගෙන පාර වහගෙන. බැටන් පොලුත් තියන්. එන හැමෝම හැරි හැරි යනවා. ඒත් අපේ අම්ම නෙවේ ඕවට බය. පොලීසිය පාර වහන් කියලා දැක්ක හැටියෙ ඉදන් අම්මා මුළු ඒරියා එකම රත් වෙලා යන්න කෑ ගැහුවා. ඒ වචන මට තාම මතකයි.
" ඒ සත්තු ඇවිල්ලා අපේ ළමයින්ට තිරිසන්නුන්ට වගේ ගහනකන් ඇයි තොපි බලන් උන්නේ... ඇයි තොපි බලන් උන්නේ... තොපිට හිතක් පපුවක් නැද්ද යකුනේ..."
අපේ අම්මා පොලිස් බාධකය කඩලා බිඳගෙන මුළු කොළඹම දෙවනත් කරන් ආවා. අම්මා ලෙඩ ගොඩක් ඇඟේ තියන කෙනෙක්. ෆාමසිවල බෙහෙත් නැති නිසා පහුගිය ටිකේ තයිරොක්සිනුත් නොබී උන්නේ.. ආතරයිටිසුත් තියනව දුවන්න හොඳ නෑ. ඒත් අපේ අම්මට නෙවේ ඒවා මතක් උනේ...
" අපේ ළමයින්ට ගහනකන් ඇයි යකෝ තොපි බලන් උන්නේ.. අපේ ළමයින්ගෙ අත පය කඩනකන් ඇයි යකෝ තොපි බලන් උන්නේ..." අපේ අම්මා පාර දිගටම උන්නු හැම පොලිස්කාරයෙක්ගෙන්ම ඕක ඇහුවා.

පොලිස් බාධකය බිඳලා අම්මයි මායි මල්ලියි පෙරමුණ ගත්තා. අම්මා මැද්දෙන් අපි දෙන්නා දෙපැත්තෙන්. ඒවාවල ෆොටෝ නෑ. ඒත් ඒ මතකය චිත්‍රයක් වගේ මගෙ මනසෙ ඇඳිල තියේවි මම මැරෙනකන්ම. එවෙලේ ආවේ පුදුමාකාර ආත්මශක්තියක්. මෙච්චර වෙලා පොලිස් බාධකය දැක දැක ආපහු හැරුණු මිනිස්සු දාස් ගණන් මහ ජන ගඟක් වගේ අපේ පිටිපස්සෙන් ඇඳෙනවා. එතන හුඟක්ම උන්නේ ඔෆිස් කිට් ගහපු අය. තමන්ගෙ වැඩ දාලා දුවන් ආපු අය. මේක ටයිප් කරන මේ දැනුත් මගෙ ඇඟේ හිරිගඬු පිපෙනවා ඒ ගැම්ම මතක් වෙනකොට. අපි දිව්වා ගෝල්ෆේස් එක ඇතුළට. අපේ අම්මා ඒ එන මහ ජන ගඟට ඒ මොහොතට නායිකාව උනා. ඔව් ඇත්ත අරගල විසින්ම තමා නායකයෝ බිහි කරන්නේ..
ඒ ඇඳෙන දහස් ගානක් සෙනඟ මුළු පළාතම දෙවනත් කරගෙන තමා ගෝල්ෆේස් පිටියට ඇතුළු උනේ. ඒක උතුරල පිටාර ගලන තරමෙ ශක්තියක්.
ඒ එන අතරමඟදි අපේ අම්මව අල්ලගෙන පාලනය කරගෙන ආපු කෙනා තමා නදී තේනුවර අක්කා. නදී අක්කව ජීවිතේ පළවෙනි වතාවට මට හම්බුනේ එතනදි.
මේ පින්තූරේ තියෙන්නෙ ඒ මොහොත. ජීවිතය මොන තරම් පුදුමාකාර ද කියනවනං මේ ශක්තිමත් ගැහැනුන් දෙන්නම උපත ලබලා තියෙන්නෙ මැයි නවය දවසක සහ ඒ දෙන්නම මේ විදිහට එකිනෙකා මුණ ගැහෙන්නෙත් මැයි නවය දවසක. ඒ මැයි නවයත් එසේ මෙසේ මැයි නවයක් නෙවේ. ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම මැයි නවයක්.

ඔය පින්තූරේ අපේ අම්මා අත දික් කරන් කෑ ගහන්නේ ජනාධිපති ලේඛම් කාර්‍යාලෙ ඇතුළෙ ඉඳන් දුවගෙන යන අපිට හිනා උනු පොලීසියෙ ලොක්කෙක්ට. "තොපිට හිතක් පපුවක් නැද්ද යකෝ.. අපේ ළමයින්ට ගහනකන් ඇයි බලන් උන්නේ.."කියලා...

මේ මොහොත හරිම ඓතිහාසිකයි. ඒවගේම හිතාගන්න බැරි තරම් පුදුමාකාරයි. ඒ නිසා මේක ලියලා තියන්නම ඕනේ තව අවුරුදු ගානකින් මැයි නවය දවසකම කියවන්න.

පල්ලෙහායින් අමුණන්නම් එදා ඔය සිද්ධි වෙන්න කලින් මම අම්මගෙ උපන්දිනේට ලියපු සටහනක කොටසක්..................
කාය ශක්තිය පුස්සකට මායිම් නොකරන තරම් දැඩි ආත්මශක්තියකින් අයුක්තියෙ, අසාධාරණයෙ, අවනීතියෙ, අධර්මයෙ තඩි පතාක මහ ප්‍රාකර අභිමුව කොඳු නාරටි නොනවා හිටගන්න, උගුරු කඩන් හඬ ගහන්න, නිර්භයව අවංකව පෙනී හිටින්න, සතුරු පිල් කොයි තරම් විසල් උනත් ආත්මය මිටින් ගෙන කඟපතක් සේ සටන කරන්න කියා දුන්නේ නුඹයි අම්මේ...

උපුටා ගැනිමකි 🙏❤️

රනිල් වික්‍රමසිංහ කිව්වම මට ජීවිතයට අමතක නොවන අවස්ථා දෙකක් තියෙනවා,පලවෙනි එක තමා පාස්කු ප්‍රහාරයට පස්සේ තිබූ මාධ්‍ය සාකච...
12/05/2022

රනිල් වික්‍රමසිංහ කිව්වම මට ජීවිතයට අමතක නොවන අවස්ථා දෙකක් තියෙනවා,

පලවෙනි එක තමා පාස්කු ප්‍රහාරයට පස්සේ තිබූ මාධ්‍ය සාකච්ඡාව, මනුස්සය කට පුරා හිනාවෙලා කිව්ව ඒක ගැන එයා දැනුවත් වෙලා තිබ්බේ නෑ කියල. මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා මනුස්සයෙක් විදිහට කොහොමද හිනා උනේ කියල.

දෙවනි එක, නෙලුම් පොකුනේදී මම එයාට drone තාක්ෂණය ගැන campus එකේ කරන වැඩ සහ ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන කියලා දුන්නා. එතන තිබ්බ drone වලට බෙහෙත් ප්‍රවාහනය ඉදලා බෝම්බ අත අරින එක දක්වා දේවල් 60km+ range එක්ක කරන්න පුළුවන්. ඒව අහල මනුස්සය "මේක නම් හොඳයි ඡන්ද කොල බෙදන්න, ඔක්කොටම එකපාර බෙදණ්න පුළුවන්" කියලා කිව්වා.

අත්දැකීමක් පමණි, ගන්න පුළුවන් දෙයක් තියනවනං ගන්න

-- අකිල උයන්වත්ත

copied

10/05/2022

🔴 මාරයාගේ රාත්‍රිය පැමිණේ.. සිහි ඇතිව සිටින්න. නිවසෙන් නොයන්න. මේ රාත්‍රිය ඉතිහාසයේ ම්ලේච්ඡතම රාත්‍රියක් වීමට ඉඩ ඇත.

10/05/2022

නැවත කිසිදාක හොරුන් බලයට පත් නොවනු ඇත.
දැන් තරහ නිවාගමු.සාමය සුරකිමු.
දැනට නවතිමු💟

09/05/2022

කිසිම පක්ශයකට කඩේ නොයන්න , ඔබට ඉට වඩා නම්බුයි කුනු කානු සුද්ද කරන එක ( අහින්සක මිනිස්සු පාගා දේශපාලනය කරන සැමට කිසිම දවසක මිහිපිට ආත්මයක් නොමැත )

දැවී තැවුනු සිත් නිවී පහන්වන දිනක් උදාවේවා.. ❤️🙏LK
01/05/2022

දැවී තැවුනු සිත් නිවී පහන්වන දිනක් උදාවේවා.. ❤️🙏
LK

මිනිසුන්ගේ වේදනාව ඔයා කරට අරන්  මෙහෙම ගමන් කරනකොට මට මතක් උනෙම අපේ ජෙසුස් වහන්සේව , එතුමත් මිනිසුන් වෙනුවෙන් එදා මෙ කුරු...
22/04/2022

මිනිසුන්ගේ වේදනාව ඔයා කරට අරන් මෙහෙම ගමන් කරනකොට මට මතක් උනෙම අපේ ජෙසුස් වහන්සේව ,

එතුමත් මිනිසුන් වෙනුවෙන් එදා මෙ කුරුසියම උර මත තබාගෙන ගියා ,

කිලෝ 30 ක් පමණ බරැති කුරුසියක් රැගෙන කටුවාපිටියේන් ආරම්භ කළ පාදනම්ස්කාරය අද කොච්චිකඩේ දේවස්ථානයට රැගෙන ඔබ අද පැමිණියා 🖤

මීට අවුරුදු තුනකට කලින් අපව දාලා ගිය අපෙම මිනිසුන් අද ඔබට අශිර්වාද කරනවා ඇති ,
අවුරුදු තුනක් මේ දුක් කන්ද මේ මිනිසුන් උහුලන් හිටියා ඔබ අද ඒ සියලු දෙනාටම අශිර්වාදයක් උනා..

ඔබ අපගේ හදවතේ කිසිදා නොමැකෙන මිනිසෙකු වි හමාරයි ජෙහාන් අයියා ,
ආදරෙයි හැමදාමත්

සියලු සාන්තුවරුන්ගේ සහා ශුද්ධාත්මයාණනන්ගේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා
ජේසු ඔබ සමග සිටිවා 🙏🖤 Jehan appuhami
Thara Rajarathna

  කියන්නෙ කවුද ..දන්නා අය ෆෝම් නොවී දන්නා දේ Coment කරන්න 🥲කිසිම අදහසක්  නැති අයට මේක මම ලිවෙ ✋❤️ලන්කාවෙ මිනිස්සු මොන තර...
02/04/2022

කියන්නෙ කවුද ..
දන්නා අය ෆෝම් නොවී දන්නා දේ Coment කරන්න 🥲
කිසිම අදහසක් නැති අයට මේක මම ලිවෙ ✋❤️

ලන්කාවෙ මිනිස්සු මොන තරම් අසරන වෙලාද කියල පේනවා , ඇහැට නොදැකපු මිනිස්සුනෙගෙන් පවා උදව් ඉල්ලන්නට තරම් අපේ මිනිස්සු පෙලගැහිලා තියනවා. ලංකාවෙ මිනිස්සු උදව් ඉල්ලන anonymous ලා කවුද ?..

ඇනොනිමස් යනු පරිගනක දත්ත සොරා ගනිමේ අන්තර්ජාතික එකමුතුවකි.මෙම කන්ඩායම සමග නාමිකව සබැදි වෙබ් අඩවියකට අනුව මොවුන්ව විස්තර කෙරෙනුයේ බෙදී ගිය පාලනයකින් යුතු අදහස් මත දිවෙන "අන්තර්ජාල එකමුතුවක්" ලෙසය.මෙම කන්ඩායම හදුනාගැනීමට ලැබුනේ රජයේ,ආගමික ආදි වෙබ් අඩවි වලට කෙරුනු පහරදීම් වලිනි.
වර්තමාණය වන විට රුසියානු යුධ ගැටුම් වලදී පවා මෙම අහුල් කරුවන් සම්බන්ද වී විවිදා කාරයේ ක්‍රියා කාරිත්වයන් කරන අතර විටෙන් විට එම ක්‍රියා කරුවන් රුසියානු රජයෙහි යටතේ පවත්වාගෙන යන වෙබ් අඩවි විශාල ප්‍රමානයක් තමන් සතු කර ගැනිමට හැකියාව ලැබි ඇත..
මොවුන් සමාජ ක්‍රියා කාරින් ලෙස ලොවට යහපතක් ගෙන එමට ක්‍රියා කරනු ඇතැයි සැමගේ මතයයි.
මෙමෙ සාමාජකයින් සැම විටම නිර්නාමිකව පෙනි සිටි..

රටෙහි බෝන්බ ප්‍රහාරය එල්ල ඌ අවස් තාවෙයිහිද ඔවුන්ගෙ අවදානය යොමු උනා සෙයින්ම , එදින එතරම් අවධානයක් නොදැක්වුවත් , වර්තමාන ලාකිකයන්ගෙ ඉල්ලිම වනුයේ කුමක්ද කියා සොයා බලා , රාජ්‍ය නායකයින්ගෙ රහස් එලියට දමයිද ?..
ඔවුන්ගෙ වත්කම් ප්‍රකාශ කරයිද යන්නයි.

එහෙත් මෙමගින් ඔවුන්ට කර හැකි දෙයක් ඇත්දැයි, මෙමගින් පලක් වෙයිදැයි නොසිතා විශාල වශයෙන් රැල්ලක් බිහිවී ඇත.

(මන්ද ශ්‍රී ලංකා රජයෙයි කිනම් දෙයක් වට්ටන්නද 🥲)
කෙසේ උවත් ලාංකිකයන් ජාති ආගම් නොතකා කිනම් අයුරකින් හරි හෝ රට ගොඩ දැමිමට ගන්නා උත්සහය අගය කරනෙමු...

❤️😍 හදවතින්ම ශ්‍රී ලංකිකයි ❤️😍

මෙම චායාරුපය අයිතිය මුල් හිමිකරු සතුය...

මා විවාහ වීමට සිටින තරුණිය සමග පෙම් බස් දෙඩීම සාමාන්‍ය දෙයකි. එවන් අවස්ථාවක ඇය බොහෝ සේ ඇලුම් කරන දෙයක් ගැන කතා කරන විට එ...
10/12/2021

මා විවාහ වීමට සිටින තරුණිය සමග පෙම් බස් දෙඩීම සාමාන්‍ය දෙයකි. එවන් අවස්ථාවක ඇය බොහෝ සේ ඇලුම් කරන දෙයක් ගැන කතා කරන විට එය මා කෙතරම් අකමැති වුව ත් අසා සිටීමට සිදු වේ. එපමණක් නොව ඒ ගැන මා ද ඉතා උනන්දු බව ඇයට ඒත්තු ගැන්වීමට පවා කටයුතු කළ යුතු ය.

මෑතකදී එබඳු කතා බහක් ඇතිවූයේ බෝනික්කන් පිළිබඳව ය. මා දන්නා පරිදි ඇය කෙදිනකවත් බෝනික්කන් ගැන කතා කළේ නැත. සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු පිලිගනු ලබන සාම්ප්‍රදායික ගැහැනු ගති ඈ කෙරෙන් ප්‍රකට වූයේ කලාතුරකිනි. බෝනික්කන් ට ආශා කිරීමත් එයට ඇතුළත් යැයි මම විශ්වාස කරමි. කතා බහ ඇරඹුනේ උපන් දින තෑගි ගැන මතක් කිරීමෙනි. අතීතයේ ලැබූ උපන් දින තෑගි ගැන මම ඇගෙන් ඇසුවෙමි.

“ඔයාට පොඩි කාලෙ මොනවද උපන් දින වලට වැඩියෙන්ම ලැබුනෙ?” මම ඇසුවෙමි.

“තාත්තා හැම උපන් දිනයටම බෝනික්කෙක් දුන්නා. අන්තිමට දුන්න බෝනික්කට තමයි මම වැඩියෙන්ම කැමති. මට ඒ බෝනික්කා දුන්න දවසෙ එයාට අන්දලා තිබුණේ මම පොඩි කාලෙ ඇඳපු ගවුමක්”

ඇගේ පියා මෙලොව හැරගොස් බොහෝ කල් වුවත් මට ඒ ගැන එතරම් සිහි වුනේ නැත.

“හැම උපන් දිනයටම දුන්න නම් ඉතින් ගෙදර බෝනික්කො තිහක් විතර ඇති නේද?” මා එසේ ඇසුවේ ඇගේ වයසට සරදමක් කිරීමේ අටියෙනි.

නමුත් ඒ ප්‍රශ්නය ඇසීම කෙතරම් අඥානකමක් දැ යි හැඟුන විට ප්‍රමාද වැඩි ය.
ඇය මදක් සිනාසී මදෙස බලා, වචනයට නගන්නට බැරි කුමක් හෝ අමුතු හැඟිමක් යටපත් කරගෙන මෙන් පිළිතුරු දුන්නාය.

“නැහැ! අට දෙනයි ඉන්නෙ” අවසන් වචනය පැවසූයේ මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා ගෙන ය.

ඒ වදන් පෙළෙහි පිටුපස තිබූ හැඟීම ක්ෂණයකින් මට අවබෝධ විය. පිය සෙනෙහස ඈ ලබා තිබුණේ වසර අටක් පමණි. මෙතෙක් කල් පිය සෙනෙහස නොඅඩුව ලැබූ මම එය අහිමි වූවකු ගැන මෙතරම් අනුවේදනීය වූ පළමු අවස්ථාව මෙය යි. එතෙක් වේලා ගත කළ සොඳුරු සැඳෑව මගේ එක් අඥාන වදනකින් අඳුරු වූවාදැ යි මට සිතුනි. ඇය කිසිවක් නොවූ පරිදි සිටින්නේ මා අස්වසාලීමට මෙනි.

ඇගේ මීළඟ උපන් දිනයට තෑගි කළ යුත්තේ කුමක් දැ යි මම සිතා ගතිමි. සෙල්ලම් භාණ්ඩ අලෙවි සැලකට ගොස් මම එහි අලෙවි සහායිකාවකගෙන් බෝනික්කෙකු ඉල්ලුවෙමි. ඇය මා අතට පත් කළේ නිල් වන් ඇස් ඇති ඉතා සිහින් සිරුරක් හා දිගු වරලසක් සහිත රූප සුන්දරියක් බඳු බෝනික්කෙකි. ඉන් මම විමතියට පත්වීමි.

“මේ මොකෙක් ද මේ?” මට කියැවිනි.

වෙළඳ සැලේ සිටි අනෙක් අයත් විමතියෙන් බැලූ බව මට මතකය. ටිකක් සැර වැඩි වුනත් මගේ අදහස නිවැරදිව හඳුනා ගත් අලෙවි සහායිකාව වහා මා අස්වසාලන සෙයින්,

“මේවා තමයි සර් දැන් ගොඩක් අය ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලට දෙන්නෙ. සර්ගෙ ගර්ල්, බාබි ඩෝල්ස් ලට කැමති නැද්ද?”
ලෝකය කෙතරම් වෙනස් වී ඇත්දැයි සිතූ මම ඇයට මෙසේ කීවෙමි.

“මම මේ හොයන්නෙ අවුරුදු නවයක ළමයෙක්ට දෙන්න දෙයක්”

අලෙවි සහායිකාව ටිකක් ඇතුළට ගොස් රාක්කයක තිබූ සෙල්ලම් බෝනික්කෙකු මා අතට පත් කළාය. මගේ පෙම්වතිය දම් පැහැයට ඇළුම් කළ හෙයින් එම වර්ගයෙන්ම දම් පැහැ ගවුමක් ඇඳ සිටින බෝනික්කෙකු මම සෙව්වෙමි. අලෙවි සහායිකාවගේ නොමඳ උත්සාහය නිසාම මා සෙවූ දෙය හමු විය.

පෙම්වතියට දෙන මුල්ම උපන් දින තෑග්ග කුමක්දැයි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ මගේ හොඳම මිතුරන් පිරිසයි. තෑග්ග දුටු ඔවුන් සියල්ලන්ම මා උපහාසයට ලක් කළේ මා උමතුවෙන් යැයි කියමිනි.
“උඹට පිස්සුද? දැන් කාලෙ කෙල්ලො ඕවට කැමති නැහැ” සියලු දෙනාගේ මතය විය.

කෙසේ වූවත් මා ගත් තීරණය නිවැරදි බව මම තරයේ විශ්වාස කළෙමි‍‍. උපන් දිනය දා ත්‍යාගය ද රැගෙන ඇගේ නිවසට මම ගියෙමි. මා එහි යන විට ඇගේ මවත් අයියාත් ඔහුගේ බිරිඳත් එහි සිටියහ. සුලුවෙන් වුවත් සාදයක් එහි සූදානම් කර තිබුණි. ඇය මගේ පැමිණීම ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි බව නොරහසකි. අප හඳුනාගැනීමෙන් පසු පැමිණි පළමු උපන්දිනය බැවින් එය එතරම් පුදුමයක් නොවෙ යි.

මා ඇයට ගෙනෙනු ලබන තිළිණය කුමක් දැ යි දැන ගැනීමට වැඩියෙන්ම උනන්දු වූයේ ඇගේ නෑනා යි. මද වේලාවකින් සිය නෑනාගේ ද උදව් ඇතිව අසුරනය ඉවත් කළ ඇය බෝනික්කා සියතට ගත්තාය.

සියල්ලන් නිහඬ විය.

ඇය බෝනික්කා දෙස මදක් බලා සිට ගෙතුලට දිව ගියේ අවුරුදු නවයක ගැහැණු දරුවකු ලෙසිනි.‍ ඇගේ මව එදෙසට යෑමට තැත් කළත් එසේ නොකළාය. නෑනා ද කාමරයට දිව යාමට තැත් කළත් මව එසේ නොකරන ලෙසට ඉඟි කළාය. ගෙතුලින් ඉකි ගසන හඬක් ද නැගේ. මම ගල් ගැසී ගියෙමි. ඇගේ මව මදෙස බැලුවේ මා ගෙන ආ ත්‍යාගය අනුමත කරන්නාක් මෙනි.

“එයා ඒ අඬන්නෙ සතුටට පුතේ” මවගේ වදනින් මා ලද අස්වැසිල්ල දන්නේ මා පමණි.

“මෙයාගෙ තාත්තා නැති වුනාට පස්සෙ කොච්චරවත් බෝනික්කො ගෙනත් දෙන්න ඇහුවත් කියන්නෙ එයා ආස නෑ කියලා. එයා අද වෙනකන් හිටියෙ ආයෙමත් බෝනික්කො ගේන්නෙ නැහැ කියන අදහසින්” මව නැවතත් හඬ අවධි කළාය.

ඇය නැවත අප ඉදිරියට පැමිණියා ය. සැලුනු කඳුළු තවමත් එලෙසම ය. නමුත් දැන් මුවග ඇත්තේ යම් කිසි දෙයක් සපුරාගත් අන්දමේ සිනාවකි. සාමාන්‍යයෙන් ඇය මගෙන් ප්‍රාර්ථනා කරන දේ කුමක්දැයි වටහාගැනීම ඉතා දුෂ්කර ය. එය කිසි විටෙකත් මුවින් නොඉල්ලනී ය.‍ වටහා ගැනීමට ප්‍රමාණවත් ඉඟි ලබා දීම පමණක් ඇය කරයි. පිය සෙනෙහසට සම කළ හැකි කිසිවක් ලොව නැත. නමුත් යුවතියක් පති කුලයට ගිය විට ඇය එතෙක් ලැබූ පිය සෙනෙහස කාගෙන් ලබන්නද? එය යම් තරමින් හෝ ඉටු කිරීමට මා සමත් වූවා සේ හැඟුනි. ඇගේ වචන වලින් එය මට තහවුරු විය.

“දැන් නව දෙනයි. ඉස්සරහට කාමරේ ඉඩ මදි වෙයි”

මදෙස ආදර බර බැල්මක් හෙලූ ඇය පැවසීය‍. ❤️

නිමි෴
සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

මෙම කතාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පළ කෙරෙන "Open Quarterly" සඟරාවේ දෙවන වෙළුමේ පළවූවකි. හිමිකම කතෘ සතුය.

Copied

⭕ගැස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න.ගෑස් කාන්දුවකින් පිපිරීමක් වුනොත් හුඟදෙනෙක් හිතනව ගෑස් සිලින්ඩරය පුපුරල කියල.ගොඩක...
26/11/2021

⭕ගැස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න.

ගෑස් කාන්දුවකින් පිපිරීමක් වුනොත් හුඟදෙනෙක් හිතනව ගෑස් සිලින්ඩරය පුපුරල කියල.ගොඩක් දුරට නැහැ ඒක වෙන්නේ මෙහෙමයි.

දවසේ වැඩ කටයුතු ඉවරවෙලා කුස්සිය ඇතුලු නිවසේ විදුලි බුබුලු නිවල ඔබ නින්දට යනව.රාත්‍රීයේ හෝ උදෑසන අවදිවන ඔබට නිවස තුළින් ගෑස් ගඳක් එනව.ඔබ දන්නව කුස්සියෙ ගෑස් එක තියනව කියලා .ඔබ කරන්නෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න කුස්සියට ගිහින් කුස්සියේ විදුලි බුබුලෙහි ස්විච් එක දාන එක. ඒ එක්කම ඔබට හිතන්නවත් වෙලාවක් නැතිව මහා විනාශයක් කරමින් බෝම්බයක් පුපුරනව.ඒ පිපිරීමෙන් ඔබේ ගේ දොර පමණක් නොව ඔබේ ජීවිතයද අහිමිවීම හෝ බරපතල තුවාල වීමට හැකියි.කොහොමද එහෙම වෙන්නෙ.ඔබ ලිපේ වැඩ ඉවරවුනාම රෙගියුලේටරේ බටය හරහා ගෑස් ලිපට ඒම වහන්නෙ නැහැ.කුමන හේතුවක් මත හෝ ලිපට සම්බන්ධ බටය ගැලවීමෙන් හෝ බටය මීයෝ කා සිදුරු වී ගෑස් කාන්දු වෙනවා .රාත්‍රීයේ නින්දට ගිය වෙලාවට ගෑස් කාන්දු උනාම අනතුරුව අවදානම වැඩියි.ගෑස් කාන්දුවකින් නිවසේ හෝ කුස්සියේ හැමතැනම ගෑස් විහිදෙනව.ඒත් අනතුරක් නැහැ.අනතුර කරන්නෙ නොදනුවත් ඔබ.රාත්‍රීයේ නිදිමතේ ගෑස් ගඳට ඉව අල්ලා කුස්සියට යන ඔබ මොකදවෙලා තියෙන්නෙ බලන්න කුස්සියේ විදිලි බුබුලේ සුවිචය දානවත් එක්කම නිවස තුල පිරී තියන ගෑස්වලට විදුලි ස්විචයෙන් සිදුවන ඉන්ඩිකේට්වීම නැතිනම් ප්‍රතික්‍රියා වීමත් සමඟ පීඩන බෝම්බයක් ලෙස පුපුරනව.විදුලි ස්විචය නැතත් ගිනිකූරක් පත්තු කලත් ඔය දේ වෙනව.මේක වලක්වගන්න මොකද කරන්න ඕනේ.ගේ ඇතුලේ ගැස් ලීක් වෙලා කියල දැනුන ගමන් වෙන මුකුත්ම නොකර නිවසේ සියලු දොර කවුලු විවෘත කරල නිවස තුල තියන ගෑස් පිටතට යන්න සලස්වන්න.දැන් බය නැතිව කුස්සියට ගිහින් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය ගලවල ගෑස් ටැංකිය එලියට දාන්න.මේක කරනකොට ගෑස් කොච්චර ලීක්වෙලා තිබුනත් ගින්දර සම්බන්ධ නොවනතාක් ඔබට කිසිම අනතුරක් නැහැ.පවුලේ හැමෝම දැනුවත් කරන්න.
:::උපුටා ගන්නා ලදී:::
#ගැස්

      :::සියලුම චායා රූප මුල් හිමිකරුවන්ගෙන්උපුටා ගන්නා ලදි :::
20/10/2021








:::සියලුම චායා රූප මුල් හිමිකරුවන්ගෙන්
උපුටා ගන්නා ලදි :::

අපි හැමෝම දන්නව මරණය කියන්නෙ හැමෝටම පොදු දෙයක්. අද හෙට නැතත් කවදහරි අපිට මේ දේට මුහුණ දෙන්න වෙනව. ඉතින් මේ කියන්න යන්නෙ ...
18/10/2021

අපි හැමෝම දන්නව මරණය කියන්නෙ හැමෝටම පොදු දෙයක්. අද හෙට නැතත් කවදහරි අපිට මේ දේට මුහුණ දෙන්න වෙනව. ඉතින් මේ කියන්න යන්නෙ අපෙ මරණෙන් පස්සෙ අපෙ ෆේස්බුක් අකවුන්ට් එකට මොකද්ද කරන්න පුලුවන් කියල

වර්තමානය වෙනකොට ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ගොඩාක් අය සෝශල් මීඩියාස් යූස් කරනව කියල ඔයා දන්නව. ඉතින් මේ සෝශල් මීඩියාස් අතරින් ගොඩක්ම ජනප්‍රිය වෙන්නෙ ෆේස්බුක්. හැමෝම නැතත් ගොඩක් අය අකමැතියි තමන්ගෙ මරණෙන් පස්සෙ තමන්ගෙ ඩේට අනිත් අය පාවිච්චි කරනවට. විශේෂයෙන්ම ෆේස්බුක් වගේ දෙයක්, ගොඩක් පුද්ගලිකයි. ඉතින් ඔයාගෙ මරණෙන් පස්සෙ ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එක ගැන ඔයාට මැරෙන්න කලින්ම තීරණය කරන්න පුලුවන් .. මතකයක් විදියට කාටහරි භාරදීල අකවුන්ට් එක කරගෙන යන්න දෙන්න පුලුවන් (සීමා සහිතව) එහෙමත් නැත්නම් ඔයාගෙ මරණය එක්කම ෆේස්බුක් අකවුන්ට් එකත් සදහටම ඩිලීට් කරල දාන්නත් පුලුවන්.

මුලින්ම බලමු අකවුන්ට් එක අපෙ මරණෙන් පස්සෙ අප්ඩේට් කරගෙන යන්නෙ කොහොමද කියල

මෙතනදි ඔයාට පුලුවන් ඔයාගෙ යාලුවෙක් හරි පවුලෙ කෙනෙක් හරි තෝරගන්න. ඔයා තෝරගන්න කෙනාට ඔයා මැරෙනකම් මෙ ගැන දැනගන්න වෙන්නෑ. එ වගේම මෙ තෝරගන්න කෙනාට ඔයාගෙ අකවුන්ට් එකේ මැසේජස් මොකුත් චෙක් කරන්න බෑ, එ නිසා බයවෙන්න දෙයක් නෑ එ ගැන. මෙ තෝරගන්න කෙනාට ඔයාගෙ අකවුන්ට් එකෙ ප්‍රොෆයිල් පික්චර් එක, කවර් ෆොටො එක අප්ඩේට් කරන්න පුලුවන්, පෝස්ට් දාන්න පුලුවන්, එ වගේම අන්ෆ්‍රෙන්ඩ් කරන්න, රික්වෙස්ට් Confirm කරන්න පුලුවන්. නමුත් ඔයා මැරෙන්න කලින් දාපු පෝස්ට් ඩිලීට් කරන්න හෝ වෙනස් කිරීමක් කරන්න තෝරගන්න කෙනාට බැ.. ඔයාට මෙ විදියට සෙටින්ස් හදාගන්න අවශ්‍ය නම් අකවුන්ට් සෙටින්ස් වලට ගිහින්, Genaral හරහා මැනේජ් අකවුන්ට් වලට ගිහින් Legacy Contact සිලෙක්ට් කරන්න.

ඔයාගෙ මරණෙන් පස්සෙ අකවුන්ට් එක ඔටෝම ඩිලීට් වෙන්න නම්...

මෙතනදි වෙන්නෙත් ඔයාගෙ මරණය හරියටම නෝට් කරගත්තට පස්සෙ ඔටෝම අකවුන්ට් එක ඩිලීට් වෙන එක. ඒක අඳුනගන්න හරි පහසුයි, මොකද අපි කෙනෙක් මැරුණම ටැග් කරල සුදු කොඩියක් වගේ දානවනෙ. මෙ ෆීච එක ඔන් කරගන්නත් කලින් වගේ ම සෙටින්ස් ➡️ Genaral ➡️ මැනේජ් අකවුන්ට් ➡️ Delete After Death ටච් කරන්න..

හිතනව ඔයාට පෝස්ට් එක වැදගත් වෙයි කියල, පෝස්ට් එක හොඳයි නම් ලයික් කරල ශෙයා කරන්න

Copyrighted ⛔..

2018 -2020 ලොව සතුටෙන්ම ජනතාව සිටින රටවල් 149ක් සටහනේ ශ්‍රී ලංකාව ඉන්නෙ 129 තැන.එහි පලමු තැන පින්ලන්තය සතුයි.149 වන ස්තා...
17/10/2021

2018 -2020 ලොව සතුටෙන්ම ජනතාව සිටින රටවල් 149ක් සටහනේ ශ්‍රී ලංකාව ඉන්නෙ 129 තැන.එහි පලමු තැන පින්ලන්තය සතුයි.149 වන ස්තානයෙ පසු වෙන්නෙ ඇෆ්ගනිස්තානය .

Address


Website

Alerts

Be the first to know and let us send you an email when LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LK:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share