17/07/2022
රනිල්ගේ කැරැට්ටුව හෙළිවෙයි....
1949 මාර්තු 24 උපන් රනිල් වික්‍රමසිංහ යනු මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වැඩබලන ජනාධිපතිවරයායි.
ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, යහපාලන ආණ්ඩු සමයේ 2015 ජනවාරි 9 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්,
2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ අමගමැති ධූරයෙන් පහ කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ යටතේ 2022 මැයි 10 සිට 2022 ජූලි 14 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස හය වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
හැබැයි මේ ලිපිය රනිල් කොච්චර කල් අගමැති වෙලා හිටියද කියලා කියන්න ලියන එකක් නම් නෙවෙයි. රනිල්ගෙ දේශපාලන ඉතිහාසයෙ තියන ලොකුම කළු පැල්ලම වෙන බටලන්ද ගැන කතා කරන්න තමයි අද ලෑස්ති වෙන්නෙ.
දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල උපරිම තත්ත්වයට පත් වෙමින් තිබූ 1987 - 1989 කාලයේදී තරුණ කටයුතු ඇමති වූයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහයි.
ජවිපෙ දෙවන කැරැල්ලේදී Torture chamber වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියා. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර යවන ලදි. Torture chamber ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය.
කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ මාතර එළියකන්ද, පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, මැදිරිගිරිය ඒකනායක, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.
කොළඹ සහ ඒ අවට ප්‍රකට Torture chamber පිහිටියේ කොළඹ යටාරෝ කැෆ්ටේරියාව, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, බියගම සපුගස්කන්දේ බටලන්ද, බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.
මෙම දුක්මුසු TORTURE CHAMBER නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද TORTURE CHAMBERයයි. එය පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී. සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ගයේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි ඇතුලත්.
රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව අඛණ්ඩව අලාභ බැවින් එය ඈවර කිරීමට 1984දී කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ යෝජනාවක් අනුව රජය තිරණය කලා. එහෙත් ආධාර සැපයූ විදේශීය ආයතනය එයට කැමති උනේ නැහැ. නැවතත් 1986දී පෞද්ගලීකරණය කිරීම සඳහා එවක කර්මාන්ත ඇමතිව සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු විසින්…
[9:59 PM, 7/15/2022] Dinuka: 1949 මාර්තු 24 උපන් රනිල් වික්‍රමසිංහ යනු මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වැඩබලන ජනාධිපතිවරයායි.
ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, යහපාලන ආණ්ඩු සමයේ 2015 ජනවාරි 9 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්,
2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ අමගමැති ධූරයෙන් පහ කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ යටතේ 2022 මැයි 10 සිට 2022 ජූලි 14 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස හය වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
හැබැයි මේ ලිපිය රනිල් කොච්චර කල් අගමැති වෙලා හිටියද කියලා කියන්න ලියන එකක් නම් නෙවෙයි. රනිල්ගෙ දේශපාලන ඉතිහාසයෙ තියන ලොකුම කළු පැල්ලම වෙන බටලන්ද ගැන කතා කරන්න තමයි අද ලෑස්ති වෙන්නෙ.
දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල උපරිම තත්ත්වයට පත් වෙමින් තිබූ 1987 - 1989 කාලයේදී තරුණ කටයුතු ඇමති වූයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහයි.
ජවිපෙ දෙවන කැරැල්ලේදී Torture chamber වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියා. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර යවන ලදි. Torture chamber ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය.
කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ මාතර එළියකන්ද, පැලවත්ත, ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, කළුතර සොරණාතොට වත්ත, ගාල්ල වලව්වත්ත, අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, මැදිරිගිරිය ඒකනායක, දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, හලාවත පොල්වත්ත, වැලිගම කඳවුර, මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල හිල්ටොප්, ගාල්ල කොටිගල, කරන්දෙනිය උණගස්වල, කළුතර බෝඹුවල, මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, බතීගම වත්ත, කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල, නුවරඑළිය පුරහළ, පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, කුරුණෑගල වැහැර, ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.
කොළඹ සහ ඒ අවට ප්‍රකට Torture chamber පිහිටියේ කොළඹ යටාරෝ කැෆ්ටේරියාව, කොළඹ තුම්මුල්ල, කොළඹ රේස්කෝස් පිටිය, බියගම සපුගස්කන්දේ බටලන්ද, බත්තරමුල්ලේ සෙත්සිරිපාය, ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, කොළඹ සරසවි නීති පීඨය, කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, මත්තේගොඩ කඳවුර, මීරිගම යොවුන් නිකේතනය, පෑලියගොඩ පට්ටිය හන්දිය, කැස්බෑව, දෙමටගොඩ හරක් මඩුව, බොරැල්ල කනත්ත, මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය, ජයවර්ධනපුර නේවාසිකාගාරය, ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.
මෙම දුක්මුසු TORTURE CHAMBER නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද TORTURE CHAMBERයයි. එය පිහිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී. සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ගයේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි ඇතුලත්.
රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව අඛණ්ඩව අලාභ බැවින් එය ඈවර කිරීමට 1984දී කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ යෝජනාවක් අනුව රජය තිරණය කලා. එහෙත් ආධාර සැපයූ විදේශීය ආයතනය එයට කැමති උනේ නැහැ. නැවතත් 1986දී පෞද්ගලීකරණය කිරීම සඳහා එවක කර්මාන්ත ඇමතිව සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු විසින් සංස්ථාවේ ඈවරකරු ලෙස අශෝක සේනානායක පත් කරන ලදී.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ සිටි විදේශික විශේෂඥයෝ අසූව දශකය මුල් භාගයෙන් ශ්‍රී ලංකාවෙන් ගියා. ඉන්පසු නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සමහරක් ඉහළ නිළධාරින්ගේ පදිංචියට වෙන්විය. තවත් සමහරක් ගිවිසුම් මත විදුලි බල මණ්ඩලයේ සහ ඇල්පෙක්ස් පෞද්ගලික ආරක්ෂක සමාගමේ නිළධාරින්ට කුලි පදමක් මත ලබාදි තිබුනා. යුධ හමුදාවටද 1985දී යුධ හමුදා කඳවුරක් පිහිටුවීම සදහා කොටසක් නිල වශයෙන් මුදා හැරියා.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය.
මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි.
මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද TORTURE CHAMBERයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතාවගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද TORTURE CHAMBERයේ සිටි කිහිප දෙනෙක් ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ වැනි අයගේ හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.
බටලන්ද TORTURE CHAMBERයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්‍රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලා ආ සෞඛ්‍ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් කලා.
එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්‍රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන ඇත. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්‍ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටිහ. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්‍රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගන්නේලු.
එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්‍ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්‍ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්‍රමද ක්‍රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්‍යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.
මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්‍රේමලතාය.
බටලන්දේ සැඟවී ගිය ඔබ නොදන්නා නමුත් රනිල්ගේ හෘද සාක්ෂිය දන්නා ජූඩ් නැමැති පාසල් සිසුවාගේ ඝාතනය රනිල් ට එරෙහි ව බටලන්ද කොමිසමෙ සෘජුව එල්ලවූ චෝදනාවක් විය.
බටලන්ද TORTURE CHAMBERයේ නිර්මාතෘ රනිල් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව පැහැදිළි වෙයි. බටලන්ද TORTURE CHAMBERයේ ඝාතන, කෲර වදහිංසා සහ ලිංගික හිංසන ආදී දහස් ගණන් සිදුවීම් වුනි. ඉහත සඳහන් කළ ලිංගික හිංසනයන් බලා සිටීමෙන් රනිල් තෘප්තියක් ලැබු බව සදහන් ය.
මාකොල සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලයට රනිල් ගිය දිනෙක කඩවසම් ළපටි සිසුවෙකු ඇස ගැටුණේය. රනිල්ට මෙම සිසුවා ගැන සිතක් පහල විය. පසුව රනිල් මෙම සිසුවාව තම ආරක්ෂකයන්ට පෙන්වා ඔහුව ගෙවල් 20 කින් යුත් බටලන්ද TORTURE CHAMBER පරිශ්‍රයේ තමන් පදිංචි බටලන්ද ආරක්ෂක නිවස්නයට ගෙන ඒමට නියෝග කළේය.
පාසල ඇරී ළමයා නිවසට යන්නේ 234 බසයෙනි. එම ළමයා 234 බසයට ගොඩ වී පාසලෙන් නිවස බලා නික්ම ගියේය. රනිල්ගේ ආරක්ෂකයින් පසුව එම ළමයාව 234 බසය පසුපස රහසින් පැන්නුවෝය. කැළණිය ගෝනවල 230 ඇටහෙරලියගහමුල යන ස්ථානයේ ළමයා පදිංචිව සිට තිබුණි. ජීප් රියකින් බසය පසු පස ගමන් කළ රනිල්ගේ ආරක්ෂකයින්ගෙන් අයෙක් ළමයාට නොදැනී හන්දියෙන් බසින ලදි. ළමයා කඩමන්ඩි පෙළ දෙසින් ගමන් කලේ 230 සපුගස්කන්ද දෙස සිට ගෝනවල දෙසට එන බසය ලබා ගැනීමටයි. පෙරේරා බේකරිය අසළදී රනිල්ගේ තවත් කණ්ඩායමක් ජීප් රියෙන් රැක සිටිහ. එහි සිටි එක් අයෙක් ළමයාව ජීප් රිය දෙසට කැඳවූයේය. එවිට පසුපසින් පැමිණි පුද්ගලයා ළමයාව ජීප් රිය තුළට තල්ලු කළේය. ධර්මසිරි සහ තඩි ප්‍රියන්ත යන් පාතාල මැරයන් දෙදෙනා ඊට සහභගී වී ඇත.
ළමයා බියවී අඬන්නට පටන් ගත් විට ජීප් රියේ සිටි ආරක්ෂකාය පැවසූයේ "මල්ලි අපි ඔයාට කරදරයක් කරන්නේ නෑ. ඇමතිතුමාට ඔයාව හම්බෙන්න ඕනලු" යනුවෙනි. ජූඩ් නැමැති එම ළමයාගේ ගෙදර අය ළමයා නොපැමිණීම නිසා බියවී ඔහුව සෙවීමට ඔහුගේ පාසලට ගොස් ඇත. පසු දිනද ළමයා නොපැමිණීම නිසා ජූඩ්ගේ මව සපුගස්කන්ද පොලිසියට පැමිණිළි කලවිට මුල් වරට පැමිණිල්ල ලියා ගැනීම අදිමදි කර ඇතැත් පසුව අතුරුදහන් වීමක් ලෙස පැමිණිළි පොතේ සටහනක් කර ගත්හ.
ඉන්ස්පෙක්ෂන් ඔෆිසර් සුදත් චන්ද්‍රසේකර (උප පොලිස් පරීක්ෂක) එම ළමයා ගැන සොයද්දී ළමයා බටලන්දේ සිටින බවට තොරතුරු ලැබුණි. ඔහු මෙම පුවත ළමයාගේ දෙමව්පියන්ගෙන් වසං කළේය. 1994 සිට අද දක්වා එම සුදත් චන්ද්‍රසේකර රනිල්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරයි. බටලන්ද TORTURE CHAMBERයේදී රනිල් වික්‍රමසිංහ එම ළමයා සමග බලහත්කාරයෙන් ලිම්/ගිකව එකතු වූයේය. එවිට ළමයාට සිහි නැති විය. රනිල් සිය කාර්යය අවසන් කර නික්ම ගිය විට ආරක්ෂකයින් එම ළමයා මිය ගොස්ය සිතා අනෙක් JVP ක්‍රියාධරයින් පුළුස්සූ ආකාරයට ලයිට් කණුවක ගැට ගසා පුළුස්සුවේය. එයට රනිල්ගේ ආරක්ෂක අංශයේ ධර්මසිරි හා තඩිප්‍රියන්ත හවුල් විය. එහි ඇති විශේෂත්වය වන්නේ එම දරුවාව පුළුස්සන්නේද ගෝනවල ඔහුගේ ගමේදීය.
පසුව මේ පිළිබඳ ව මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවක සඳහන් කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා දුන්නේ සම්පූර්ණ කර්තව්‍යයට සම්බන්ධ රියදුරු වන අතර ඔහු කලක් ශ්‍රී ලංකාවේ සිට පසුව මානව හිමිකම් වලට ගරු කරන යුරෝපා රටකට සංක්‍රමණය විය.ඔහු හරහා මේ සියලු තොරතුරු ප්‍රසිද්ධ අන්තර්ජාතික මනවහිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කලද මේ වන තුරු ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගත් බවට සාක්ෂියක් හෝ නො මැත. මේ රියදුරු ද කාලයක පටන් අතුරුදහන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරුදහන් කෙරු අහිංසක මිනිසුන් දහස් ගණනකගේ ඥාතීන් හා සමීපතමයන් කොමිසම් වෙත ඇවිත් සාක්‍ෂි දෙනු ලැබුවා. ඇතැමෙකුගේ සාක්‍ෂි ඉතාම ප්‍රබලයි. අපරාධකරුවන් හඳුනාගන්නට එම සාක්‍ෂි හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ වගේම පැහැර ගෙන යාම් පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂිත් කොමිසම වෙත ලැබුණා. ඒ අනුව සෑම තුන් මසකට වරක්ම කොමිසම පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව ලැබුණු පැමිණිළි ගැන අතුරු වාර්තාවක් නිකුත් කරන්නට කටයුතු කළා. එම වාර්තාවන් භාර දෙනු ලැබුවේ එවක ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංගට. නමුත් ඒ කිසිම වාර්තාවක් හෝ සාක්‍ෂි සටහනක් පිළිබඳව ඇය අවධානය යොමු කරනු ලැබුවේ නැහැ.
එක් අවස්ථාවක කොමිසම විසින් පුද්ගල අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම් මෙන්ම ඝාතනයන් සම්බන්ධව වගකිව යුතු යුද හමුදා සහ ආරක්ෂක අංශ සමාජිකයන් 200 කගේ පමණ නම් වගේම ඔවුන් වගකිව යුතු අපරාධයන් පිළිබඳව මෙන්ම, අපරාධ සිදුකළ ස්ථානයන්ද දක්වා අතුරු වාර්තාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම නිළධාරීන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිනිය නියෝග කළ බවත්, පසුව ඇයම එම නියෝගය බල රහිත කළ බවත් කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුණා. කොහොම වුණත් තමන් නිකුත් කළ නියෝගය නැවත ඇය විසින්ම බල රහිත කර ඇත්තේ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වු අනුරුද්ධ රත්වත්තේ ගේ බලපෑමට බව පසුව අපට දැන ගන්නට ලැබුණා. ඒ කාලයේ උතුරු නැගෙනහිර හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණ නිසා අනුරුද්ධ රත්වත්තේ ජනාධිපතිනිය හමු වී 'ඔබ යුද්ධ කරනවාද, මට යුද්ධ කරන්න දෙනවාද? යනුවෙන් විමසා ඇති බවත් එයට එකඟව දකුණේ බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරී තිබුණ හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට ජනාධිපතිනිය එකඟ විඇති බව ආරංචි මාර්ග සදහන් කලා.
හිටපු ජනාධිපතිනියගේ එකී ක්‍රියාව හේතුවෙන් භීෂණ සමයේ පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැර ගෙනයාම් සහ පුද්ගල ඝාතනයන් මෙන්ම TORTURE CHAMBERයන් පවත්වාගෙන යාම් පිළිබඳව චෝදනා ලත් හමුදා සහ පොලිස් නිළධාරීන් විශාල පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තිබු අවස්ථාවක් මග හැරී ගියා
එපමණක් නොව, එම නිළධාරීන්ගෙන් බහුතරයකට පසු කලෙක පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ විවිධ තනතුරු, උසස්වීම් සහ වරප්‍රසාදයන් ලැබී තිබුනා.
88-89 භීෂණය කාලයේ මෙන් අති භයානක රනිල් වික්‍රමසිංහ පදිංචි නිවසට ආසන්යේ වූ බටලන්ද TORTURE CHAMBERයේ තරුණ තරුණියෝ ලතෝනි දුන් හඬ ඒ අසල නිවෙස්‌වල ජීවත් වූවන්ගේ හදවත් අදටත් පාරවන බව ඔවුහු පවසති.
වසර විස්‌සකට පෙරාතුව සිදු වූ ඒ ඝාතන කළ බොහෝ පිරිස් අද ජීවතුන් අතර නැත. ඉන්නා පිරිසද වයෝවෘද්ධය. ඇතැම් අය දේශපාලන වශයෙන් කොන්වී හමාරය.
භීෂණ කාලයේදී මේ රටේ තරුණ තරුණියන් ඇසීමට බිය වූ නම් කිහිපයක් තිබිණි. එකක් බටලන්ද රනිල්ගේ නාමයයි.
බටලන්දට අමතරව ශ්‍රී ලංකාවේ දේශපාලන කරුණු මත වැඩියෙන්ම විවේචනයට ලක්වෙන දේශපාලඥයන් කිහිපදෙනා අතර රනිල් වික්‍රමසිංහ මුල්තැනක් ගනී.
එක් අතකින් ඔහු වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ තමා විසින් නායකත්වය දෙනු ලබන එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයන්ගෙන් වීම විශේෂත්වයකි. දෙවනුව දීර්ඝ කාලයක් පාලන බලයේ රැඳී සිටීම නිසා රනිල්ගේ ප්‍රතිවාදීන්ට ද ඔහු විවේචනයට කරුණු සහ කාලය යන දෙකම ලැබේ.
රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ජීවිතයේ මුහුණදුන් දරුණුතම විවේචන අතර මිලේනියම් සිටි පාවා දීම, 🐯 සංවිධානයත් සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සහ 2015 පාලන සමයෙහි සිදු වූ ''මහබැංකු කොල්ලය'' නමින් හැඳින්වෙන මූල්‍ය අපචාරය මුල්තැනක් ගනී. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් සිදුවූ යුද්ධ හමුදා ඉතිහාසයේ මහා පාවාදීමක් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට 🐯 ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් 🐯 ත්‍රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් 🐯 වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.
2002 ජනවාරි 2වන දින රාත්‍රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්‍රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.
යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්‍රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.
අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.
මෙම පාවාදීම පසුපස සිටියේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී. කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.
මිලේනියම් සිටි පාවාදීමට හේතු වී ඇත්තේ එහි බුද්ධි නිලධාරීන් විසින් ප්‍රභාකරන්ගේ සමීපතමයන්ව අවසන් කිරීමත්, ප්‍රභාකරන්ගේ ජීවිතයට එය දැඩි තර්ජනයක් වීමත්, ඒ අතරවාරයේ රනිල් වික්‍රමසිංහට ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමටනම් ඔහුට රහසින් පැවැති මෙම දිගු දුර විහිදුම් බලකාය අවසන් කිරීමට සිදුවීමත් යන කාරණා යි.
මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර 🐯 වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන 🐯 පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි.
වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක් දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.
ඉන් නොනැවතෙන 🐯 පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ 🐯න් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.
බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.
මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.
ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා 20 ක් යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.
රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට පත් වීමෙන් අනතුරුව මිලේනියම් සිටි බුද්ධි නිලධාරීන්ගෙන් පළි ගැනීමට ඔහු අමතක කළේ නෑ. එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී සහ මානුෂික මෙහෙයුම අතරවාරයේදී ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරමින් ශ්‍රී ලාංකික හමුදා ඉතිහාසයේ කීර්තිමත්ම නිලධාරියෙක් වන මේජර් ජෙනරල් කපිල හෙන්දවිතාරණ මහතාට අභූත චෝදනා නගා ඔහුව එෆ් සී අයි ඩී ගෙනියනවා. නමුත් එතුමන්ට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට රනිල්ට හැකි වෙන්නේ නෑ.
🐯 සංවිධානයත් සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම සහ සාම ක්‍රියාවලිය 'රට බෙදීමක්' ලෙස විවේචනයට ලක්විය.
ශ්‍රී ලංකා මහ බැංකුව තුළ බැඳුම්කර වෙන්දේසියේ දී අපචාරයක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පවා පත් කෙරුණු අතර එය ඉදිරියේ සාක්ෂිදීමට ද රනිල් වික්‍රමසිංහට සිදුවිය. එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියට පත්කිරීම සහ ඔහු සම්බන්ධ වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ විවේචනයට ලක්වෙමින් ඇති අතර අදාළ අර්බුදය තවමත් පරීක්ෂණ මට්ටමක පවතී.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු ලැබී තිබියදීත් එම විනාශය වළක්වා ගැනීමේ වගකීම සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දැඩි දෝෂාරෝපණයට ලක්වෙති.
ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ඔහු සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දහරාවේ වර්තමාන ශ්‍රී ලාංකික පිළිබිඹුවයි. තවත් අයට ඔහු දේශපාලන උපායෙහි හපන් ''සූත්තර පුංචෙකි''.
කෙසේ නමුත්, 2020 වසරේ අවසන් වරට පැවැති මහා මැතිවරණයේ දී ඡන්ද 249,435ක් පමණක් ලබාගැනීම නිසා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහුට නොහැකි විය. පසුව එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හරහා එම පක්ෂයේ එකම නියෝජනය ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ඔහුට සිදුවිය.
ජනතා ඡන්දයෙන් ජනපතිධුරයට හෝ අවසන් වරට පාර්ලිමේන්තුවට හෝ පත්වීමට දැරූ සියලු උත්සාහ අසාර්ථක වූවත් ඔහු මෙවර ව්‍යවස්ථානුකූලව වැඩබලන ජනපතිධුරයට පත්ව සිටියි.
පුද්ගල විවේචන අයිතියක් මා සතු නොවන අතර මාගෙ බුද්ධියට අනුව Mr.Clean නම් අනුවර්තිත නාමය දරාගත් රනිල් වික්‍රමසිංහ පෙන්වන තරම් පාරිශුද්ධ නොවන බව නම් මොනවට වැටහේ.
කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තිබෙන බැවින් කියවා කෝප නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.
උපුටගනිමකි..
WE DON'T WANT MURDERER