Rest in Nuwara Eliya

  • Home
  • Rest in Nuwara Eliya

Rest in Nuwara Eliya නුවරඑළිය
Nuwara Eliya
Sri Lanka

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය.මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහි...
05/11/2019

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය.

මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

හෝටන් තැන්නේ පිහිටීම.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකම.

1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනා විසින් මුලින්ම හෝටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.

හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
මීවනශාක වල තත්වය
මිනිසා ඇසුරේ වැඩුණ ශාක
ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු

ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.

එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.
ජෛව විවිධත්වය
1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

උපුටා ගැනීම:
අන්තර්ජාලය
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA

නුවරඑළිය තැපැල් කාර්යාලය.ශ්‍රී ලංකාවේ නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක්...
03/11/2019

නුවරඑළිය තැපැල් කාර්යාලය.

ශ්‍රී ලංකාවේ නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් වේ.

ඉතිහාසය

මෙරට යටත් විජිත අවධියේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1894 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලය ඉදි කල බවට තොරතුරු සඳහන් වේ.ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනූව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවා තිබේ. ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව මෙහිලා විශේෂයෙන් කැපී පෙනේ.

2012 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලයේ ඉහල මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කරන ලදී.

මුද්දර
ලෝක තැපැල් දිනයට සමගාමීව නිකුත් කරන ලද මුද්දරයක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය යොදා ගෙන තිබේ.

උපුටා ගැනීම: https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA_%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A_%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA

නුවරඑළිය නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 612...
02/11/2019

නුවරඑළිය

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.

මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ඝතම තේ වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.

ඉතිහාසය

නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.

මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.

මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍

දේශගුණය

මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇති හෙයින් නුවරඑළියේ පවතින්නේ ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි . ශිශිර කාලයට අයත් මාස වලදී (ජනවාරි සිට මාර්තු), රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි දිනක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එසේම මෙම කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුමක් ද ඇති ‍වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මවයි.

මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. මෙම කාලයේ දී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිතදිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇද හැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යයාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි.

ඔක්තෝම්බර් සහ නොවැම්බරයේ දී දෙවන අනත්ර් මෝසම සක්‍රිය වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශානදිග මෝසම සක්‍රීය වෙයි. මෙම කාල වලදී සාමාන්‍යයෙන් අනෙක් කාල වලට වඩා වර්ෂාපතනය වැඩිය.

උපුටා ගැනීම: https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA

🤗🤗🤗
29/10/2019

🤗🤗🤗

22/10/2019
22/10/2019

World’s End - Sri Lanka

22/09/2019

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rest in Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

සීතල නුවරඑළියේ ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවපහසු නවාතැනක්...

www.facebook.com/mistybreezelodge