Hon. Speaker Mahinda Yapa Abeywardena Media Division

  • Home
  • Hon. Speaker Mahinda Yapa Abeywardena Media Division

Hon. Speaker Mahinda Yapa Abeywardena Media Division The official page of Mahinda Yapa Abeywardane, Speaker of Sri Lanka Parliament

අභිනව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් අනතුරුව ගරු කථානායකතුමා පාර්ලිමේන්තුව අමතා සිදුකල විශේෂ ප්‍රකාශය.අභිනවයෙන් තෝරා පත්කර ...
20/07/2022

අභිනව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් අනතුරුව ගරු කථානායකතුමා පාර්ලිමේන්තුව අමතා සිදුකල විශේෂ ප්‍රකාශය.

අභිනවයෙන් තෝරා පත්කර ගනු ලැබූ අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, විපක්ෂනායකතුමනි, සභානායකතුමනි, ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි, ගරු අමාත්‍යතුමන්ලා සහ ගරු මන්ත්‍රීවරුනි,
ප්‍රථමයෙන්ම, අද දින තෝරා පත්කරගනු ලැබූ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.

අප රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ, මෙතැන් පටන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුව, ඉදිරියේ ඇතිවන නව රජයට, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.

එසේම පසුගිය ජූලි 9 වැනිදා සිට අද දින ව්‍යවස්ථානුකූලව අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම දක්වා මාවෙත විශිෂ්ට සහයෝගයක් ලබාදුන් අග්‍ර විනිශ්චයකාරතුමා, නීතිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සියලුම පක්ෂ නායකයින්, සියලු මන්ත්‍රීවරුන්, ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිතුමා, සිංගප්පූරුවේ ‍ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ඇතුලු කාර්යමණ්ඩලය, අප රටේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමය සදහා ඇප කැප වූ මා හිතවත් විදෙස් තානාපති ප්‍රජාව, සහ නන් අයුරින් සහයෝගය ලබාදුන් අනෙකුත් සියලුම දෙනාටත් මාගේ මෙන්ම රටේ සියලුම ජනතාවගේ ගෞරවපූර්ව ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

අද දින තේරීම්භාර නිලධාරීවරයා ලෙස, නිදහස් හා සාධාරණ ඡන්දයක් පවත්වමින්, මෙම එෛතිහාසික කටයුත්ත සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙමින් කටයුතු කල පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට මාගේ මෙන්ම රටේ සියලුම ජනතාවගේ විශේෂ ගෞරවපූර්ව ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

ඉතිහාසයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයන් පසු කර අප මාතෘභූමිය පැමිණ ඇති බව සිහිපත් කරනු කැමැත්තෙමි. මේ අති දුෂ්කර මොහොත ද අප විශ්වාසයෙන් , සම්මුතියෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව ජය ගනු ලබන බව තරයේ අධිශ්ඨාන කර ගනිමු. ඒ සදහා අප සැවොම අධිශ්ඨානශීලීව සහ මෙත් සිත්ව ඇප කැප වෙමු.
ඉතා දුෂ්කර වාතාවරණයක් තුල මෙම කටයුතු ව්‍යවස්ථානුකූලව සහ සාමකාමීව ඉටු කිරීමට ඉහත සඳහන් කල සියලුදෙනා සහ අප රටේ ගෞරවණීය හා ආදරණීය මහජනතාව ලබාදුන් සහයෝගය ‍‍ඓතිහාසික වනු ඇත.

ඉදිරි කාල වකවානුව අප රටට හා ජනතාවට යහපත් වේවායි ප්‍රාර්ථනා කරමි.

මහකොමසාරිස්වරු සහ තානාපතිවරු කිහිපදෙනෙක් කථානායකතුමා හමුවෙති‍මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් පසුගිය...
20/07/2022

මහකොමසාරිස්වරු සහ තානාපතිවරු කිහිපදෙනෙක් කථානායකතුමා හමුවෙති

‍මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් පසුගියදා (18) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කළේය.

මෙහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූතපිරිස සිය ප්‍රශංසාව පළ කළහ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා අතර හමුවක් අද දින පැව...
16/07/2022

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා අතර හමුවක් අද දින පැවැත්විණ. මෙහිදී රටේ පවතින මෙම තීරණාත්මක අවස්තාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාමය රාමුව ආරක්ෂා කිරීමෙහිලා පාර්ලිමේන්තුවේ භූමිකාව මහ කොමසාරිස්තුමා අගය කලේය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසාධනය උදෙසා තවදුරටත් සහයෝගය ලබාදෙන බව එහිදී මහ කොමසාරිස්තුමා වැඩිදුරටත් සදහන් කලේය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්ශෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ගරු කථානාකතුමාගේ ශෝක ප්‍රකාශයජපානයේ හිටපු අග්‍රාමාත්‍ය...
15/07/2022

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සින්ශෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ගරු කථානාකතුමාගේ ශෝක ප්‍රකාශය

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ගරු ෂින්ෂෝ අබේ මැතිතුමන්ගේ හදිසි අභාවයෙන් මම ඉමහත් කම්පනයට පත්වීමි. මෑත ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජපානයේ අගමැති ධූරය හෙබවූ හෙතෙම , ශ්‍රී ලංකාවේ ද කල්යාණ මිතුරකු විය. ඒ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී ,මා ජාතික උරුමයන් හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ නවීන තාක්ෂණයෙන් සමන්විත කෞතුකාගාර පද්ධතියක් මෙරටට ලබාදීමට කළ ඉල්ලීමට අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමන් සවන් දුන්නේ, ජයිකා ආධාර යටතේ සීගිරිය කෞතුකාගාරය අපට තිළිණ කරලමිනි. අදත් ඒ කෞතුකාගාරය දැක විස්මයෙන් කතාබහ කරන ජනයා අබේ අග්‍රාමාත්‍යතුමන්ගේ මේ කාරුණික අනුග්‍රහය
ස්තුතිපූර්වකව සිහිපත් කරනු ඇත.

එසේ අපේ රටටද පුරවැසියන්ටද සංස්කෘතිය ටද නොමසුරුව අනුග්‍රහයක් ලබාදෙන්නට ත්‍යාගශීලි වූ ෂින්ෂෝ අබේ අගමැතිතුමන් , මිත්‍රයකු ලෙස මා හට දැන හදුනාගන්නට ලැබුණේ 2014 වසරේ දී ය. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාර අමාත්‍යවරයා ලෙස මට සමීපස්ථව කටයුතු කරන්නට ඉඩ සැලසුණු අතර අපේ මිත්‍රත්වය ඔහු අකල්හි ඝාතනය වන තෙක් පැවතිණ.

ශ්‍රී ලංකාවටද අපේ සංස්කෘතියට ද අපේ ජනතාවට ද මහත් සේ ඇලුම් කළ මේ හිටපු ජපන් අග්‍රාමාත්‍යවරයා ගේ හදිසි නික්ම යාම ,අපේ රටට නිසැක වශයෙන් ම පාඩුවකි. එනමුත්, එයින් දැරිය නොහැකි වේදනාවට සහ තිගැස්මට පත්ව සිටින අබේ මැතිනිය ඇතුළු පවුලට,ජපන් රජයට හා පුරවැසියන් ට අපි ලාංකිකයන් ගේ අප්‍රමාණ ශෝකය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පිරිනමනු කැමැත්තෙමු.

මෙලොව යහපත් මිතුරන් හිඟය, ඔවුන් නික්ම යද්දී ඇති කරන හිස්තැන පූර්ණය කිරීම අතිශයින්ම අසීරුය. ෂින්ෂෝ අබේ අගමැතිතුමන් ගේ අනපේක්ෂිත නික්ම යාම අපට උගන්වන උපදෙස මෙය බව මගේ හැගීමය.
ගරු ෂින්ෂෝ අබේ හිටපු අගමැතිතුමනි, ඔබට සුබ ගමන්!

මිත්‍රත්වයෙන්,

මහින්ද යාපා අබේවර්ධන ,
කථානායක ,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව .

මහා විහාරවංශික සාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහන පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක අගලබඩ පියසිරිභිධාන මහානායක ස්වාමීනද්‍ර වරක් ප්‍...
23/06/2022

මහා විහාරවංශික සාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහන පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක අගලබඩ පියසිරිභිධාන මහානායක ස්වාමීනද්‍ර වරක් ප්‍රමුඛතීන්සත් වාර්ගික විධායක කාරක මහා සංඝ සභාව විසින් මාවරල මල්ලිකාරාම පුරාණ විහාරාධිපති විචිත්‍රභානි පූජ්‍ය ඇහැලකන්දේ සුමනස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී සරණතිස්සාභිධාන යන ගෞරවනාමය සහිත මාතර මහා දිසාව මොරවක් කෝරළයේ උප ප්‍රධානසංඝ නායක පදවිය පිරිණැමීම වෙනුවෙන් පැවැත්වූ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදාන මහෝත්සවය මාවරල මල්ලිකාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී රෝහන පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ඓතිහාසික සිත්තන්ගල්ලනෙ රජමහා විහාරාධිපති විශ්‍රාමලත් මහා විදුහල්පති මහෝපාද්‍යාය සද්ධර්මකීර්ති ශ්‍රී ධර්මරක්ඛිත ශාස්ත්‍රපති අති පූජ්‍ය අගලබඩ පියසිරිභිධාන මාහානායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයනේ පැවති මෙම උත්සවය පැවැත්වූඅතර ගරු කථානායක මහින්ද ‍යාපා අබේවර්ධන මැතිතුමා විසින් ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම සිදුකෙරිණි.

මෙම උත්සව අවස්තාව සඳහා අතිපූජ්‍ය ස්වාමීන්ද්‍රයන්වහන්සේලා රැසක්ද ගිහි පාර්ශවයේ ආරාධිත පිරිස හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කරයි.  කථානායක ගරු ම...
15/06/2022

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කරයි.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය අද (15) පෙරවරු‌වේ සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පසුගිය (09) දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවේ. මෙම සංශෝධනය මගින් යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම සිදුවනු ඇත.

මේ අනුව අද (15) සිට ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.

පොසොන් දින පණිවිඩයමෙවර පොසොන් පසළොස්වක පොහොය දිනයට අප බැතියෙන් පෙළ ගැසෙන්නේ , ශ්‍රී ලාංකිකයන් පමණක් නොව සියලු ලෝක සත්ත්ව...
13/06/2022

පොසොන් දින පණිවිඩය

මෙවර පොසොන් පසළොස්වක පොහොය දිනයට අප බැතියෙන් පෙළ ගැසෙන්නේ , ශ්‍රී ලාංකිකයන් පමණක් නොව සියලු ලෝක සත්ත්වයන් අභියෝගකාරී වාතාවරණයකට මුහුණ දී සිටියදීය. ඒ කවර අභියෝගයන්ට නමුත් නොසැලී, උපේක්ෂාවෙන් මුහුණ දීමට ඇවැසි පදනම බුද්ධ ධර්මයෙහි ,අටලෝ දහම ඇසුරෙන් අපට උගත හැක්කේය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්වනවර්ෂයේදී ලක්දිවට වැඩම කළා වූ මිහිඳු මහ රහතන්වහන්සේ අපට හඳුන්වා දුන් මෙම සනාතන බෞද්ධ ධර්මය, සකල ලක්වාසීන්ට පමණක් නොව මෙරට සංස්කෘතියට, පරිසරයට නිබඳ ආලෝකයක් සේ සැලකෙයි. තිලෝගුරු බුදුන්වහන්සේ මෙන්ම මෙරටට හඳුන්වාදුන් මිහිඳු නාහිමියන් වහන්සේ ද තමන්ට ලෞකික දිවියෙහි හිමි වූ මහාර්ඝ සම්පත් හා සුඛ විහරණ අතැර ධර්මය ජීවිතය කරගත් උතුමි හිමිනමකි. එනිසා, පොසොන් උදාවෙන් මෙරටට හඳුන්වාදෙනු ලැබූ එකී අභිමානනීය සංස්කෘතික උරුමය දායාද කළ අනුබුදු මිහිඳු මහා රහතන්වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් පොසොන් පොහොය දා අප සිත්හි නොනැසී ,ශේෂ වී තිබේ.

ලාංකික බොදුනුවන් වන අප, පොසොන් පොහොය පමණක් නොව සමස්ත ජීවිතයම අද අර්ථාන්විතව ගත කරන්නේ, බුද්ධ ධර්මය විසින් අනුදත් ආමිස හා ප්‍රත්පත්ති පූජා මුල්කරගනිමිනි. එය මනුෂ්‍ය චෛතසිකය ඍජුවම ආමන්ත්‍රණය කරන දහමකි. මනුෂ්‍යයෙකු ලෙස උපත ලද කවරෙකු හට වුවද තම සිත එකඟ කරගෙන , ශීල -සමාධි-ප්‍රඥා ඈ වැඩීමෙන් මහත් ඵල - මහත් ආනිසංස අත්කරගත හැකිය. මෙය ලෞකික- ලෝකෝත්තර මාර්ග ද්වයම ජයගන්නා ධර්මයකි. අප බොහෝ ආදරයෙන් රැක බලා ගන්නා දූ දරුවන්- නෑ සියන් සියලුදෙනා සමඟ ඇති බැඳීම් පෙණ පිඩුවක් සේ වහා බිඳී යනු ඇත. සදාකල්හිම ඉතිරි වන යමකට ඇත්තේ, අප කළ කුසල් කර්මයන්ගේ සිල් සුවඳ පමණි.

චන්දනං තගරං වාපි
උප්පලං අථ වස්සිකි
එතෙසං ගන්ධජාතානං
සීලගන්ධෝ අනුත්තරෝ

(ධමිමපදය- පුෂ්ප වග්ගය)

සඳුන් සුවඳය, තුවරලා සුවඳය,මානෙල් සුවඳය, දෑසමන් සුවඳය යන යමි සුවඳ සමූහයක් වේ නම් ඒ සියලු සුවඳ වර්ගයන්ට වඩා සිල් සුවඳ ශ්‍රේෂ්ඨය.

ඔබ සැමට සිල් සුව‌ඳෙන් සපිරි , සුබ පොසොන් මංගල්‍යයක් වේවා !

මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ගරු රනිල් වික්‍රමසිංහ මහතාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යඅග්‍රාමාත්‍ය කාර්යාලයකොළඹ 07ගරු අග්‍රා...
11/06/2022

ගරු රනිල් වික්‍රමසිංහ මහතා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
අග්‍රාමාත්‍ය කාර්යාලය
කොළඹ 07

ගරු අග්‍රාමාත්‍යතුමණි,

ඉදිරි දුෂ්කර කාලයට සාර්ථකව මුහුණදීම සඳහා, ජාතික සැලැස්මක් වටා ජනතාව ඒකරාශී කිරීමේ යෝජනාව

ශ්‍රී ලංකාව, එහි මෑත ඉතිහාසයේ අත්විඳි වඩාත්ම දුෂ්කර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, එනිසා ඇතිව ඇති අභියෝගයන් සාර්ථකව ජය ගැනීමේ කර්තව්‍යය ජනතාවගේ සහයෝගය නොමැතිව කිරීම අසීරු වනු ඇත. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔබතුමා විසින් පාර්ලිමේන්තුව සහ මහජනතාව නිතර දැනුවත් කරන අතර, තත්වය යහපත් වීමට පෙර දුෂ්කරතාවන් හට මුහුණ දීමට සිදුවනු ඇති බවට නැවත නැවතත් අනතුරු අඟවා ඇත. මෙසේ දුෂ්කරතා මධ්‍යයේ ජනතාව
සැලැසුම්ගත මාර්ගය ඔස්සේ හසුරුවාලීම පහසු කාර්යයක් නොවන නමුත් එය කළ නොහැක්කක් ද නොවේ. එබැවින් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට මම පහත යෝජනාව කිරීමට කැමැත්තෙමි.

මෙවන් අර්බුදයකදී ඉන් ගොඩ ඒම සඳහා රජය, රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශය සහ මහජනතාව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුය. වත්මන් තත්වය තුළ මෙම සියලු පාර්ශව එකට වැඩ කිරීම සඳහා ඇති විශාලම බාධකය වනුයේ අන්‍යොන්‍ය විශ්වාසය පළුදුවීමයි. විශ්වාසය දිනාගැනීම සඳහා සුදුසුම ක්‍රමය නම් වීදුරු කුටීරයක් තුළ සිට මෙන් රාජ්‍යය පාලනය කිරීමයි. එනම්, සියලු තොරතුරු, ක්‍රියාවලි, තීරණ ගැනීම්, සැලසුම්, අරමුණු සහ ජයග්‍රහණ පිළිබඳව අදාළ සෑම පාර්ශ්වයකටම හෙළිදරව් කරමින් කටුතු කිරීමයි. මෙසේ කටයුතු කිරීම මගින් වර්තමානයේ සිදුවෙමින් පවතින දේ, ඉන් අනතුරුව සිදුවීමට ඉඩ ඇති දේ, සහ අවසාන අරමුණු සහතික කිරීම කෙරෙහි එකිනෙකාගන් අපේක්ෂිත භූමිකාවන් පිළිබඳවත් සියලුදෙනා දැනුවත් වේ.

වර්තමානයේ, ගෝලීය වශයෙන් පාලනයට ඇති විශාලම තර්ජනය නම් වැරදි තොරතුරු සමාජගතවීමය. වැරදි තොරතුරු පාලනය කිරීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරනවාට වඩා, සම්පූර්ණ තොරතුරු සැපයීම එයට එරෙහි හොඳම ක්‍රියාමාර්ගය ලෙස මා දකිමි. යම් විෂයයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා දීම මගින්, වැරදි තොරතුරු සඳහා ඇති ඉඩකඩ අවම වේ. ජනතාව සියලු වැදගත් සාකච්ඡා, අදහස්, සැලසුම්, ආදිය පිළිබඳව දැනුවත් වන විට, ඒ සඳහා අදාළ පසුබිම් තත්වයන් සහ අරමුණු පිළිබඳවද අවබෝධයක් ඇති කිරීම මගින් ජාතික වැඩපිළිවෙලක් සඳහා සියලු දෙනාගේ කැපවීම ඇති කර ගැනීමට පහසු වේ. යමක් කරන්නේ මන්දැයි ජනතාවට දැකීමට සහ දැන ගැනීමට හැකි නම්, වැඩි ඉවසීමක්, අවබෝධයක් සහ ගැටළුවලට වඩාත් නිර්මාණාත්මක විසඳුම්ද ලැබෙනු ඇත.

මෙම ක්‍රමවේදය මගින් වගකීම, වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කෙරෙන අතර දූෂණය ද අවම කරගත හැකිවේ. COPE සහ COPA රැස්වීම්වලදී අප දැක ඇති පරිදි වගකීම් විරහිතභාවය, අකාර්යක්ෂමතාව සහ දූෂණය වසා ඇති කඩතුරාව වන්නේ නිසි තොරතුරු නොමැතිකමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාදාමයන්, ප්‍රමුඛතා, සැලසුම්, තත්වයන් සහ අරමුණු පිළිබඳව මහජනතාව නොදැනුවත් වීම හේතු කොට ගෙන, ඔවුන්ගේ යහපතට වඩාත් සුදුසු යැයි ඔවුන් හට නොහැඟෙන ප්‍රතිපල සඳහා එකඟ වීමට ජනතාවට සිදු වේ.

මෙම ක්‍රමවේදය මගින් වත්මන් තත්වය වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් පහත සඳහන් කරමි :

1. ආර්ථික පුනර්ජීවනයට අදාළ රැස්වීම් සජීවීව විකාශය කිරීමට ඉඩ සලසා දීම සහ එම රැස්වීම්වල වාර්තා නිකුත් කිරීම

පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීම්වලදී මූල්‍ය මණ්ඩලයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. බොහෝ සංවර්ධිත රටවල, එවැනි රැස්වීම්වල සවිස්තරාත්මක වාර්තා ඉක්මනින්ම මහජනතාවට නිකුත් කරනු ලබන්නේ අපේක්ෂාවන් හැසිරවීමට සහ ගනු ලබන තීරණවල තාර්කිකත්වය පැහැදිලි කිරීම සඳහා ය. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබුනේනම් මහජනතාවට මෙන්ම නිලධාරීන්ටද සාධාරණ, කාලීන ප්‍රතිඵල ලබා දීමට ඉඩ තිබුණි. දැනට නිකුත් කරන ප්‍රකාශයන්ට අමතරව, මුදල් මණ්ඩල රැස්වීම්වල සවිස්තර වාර්තා නිකුත් කිරීම ඉදිරියට අනිවාර්ය කළ යුතුය.

එසේම, ආර්ථික මණ්ඩලයේ රැස්වීම් සජීවීව විකාශනය කළ නොහැකි නම්, ආර්ථික පුනර්ජීවනය සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළ අනෙකුත් සියලුම වැදගත් රැස්වීම්වල සවිස්තරාත්මක වාර්තා එවැනි රැස්වීම්වලින් පසු ඉක්මනින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය. සජීවී විකාශනය හැකි සෑම අවස්ථාවකම කළ යුතුය. මෙමගින් දේශපාලනඥයන් සහ නිලධාරීන් වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට පොළඹවන අතර, ගන්නා තීරණ සහ සැලසුම් සඳහා වඩාත් පුළුල් ලෙස මහජනතාවගේ සහාය දැක්වීමට ඉඩ සලස්වයි.

2. විදේශ මුදල් ගලා ඒම සහ පිටතට ගලා යෑම පිලිබඳ තොරතුරු මහජනතාවට හෙළි කිරීම

සාවද්‍ය තොරතුරු සහ කළු කඩ ජාවාරම්දිවල දිරිගැන්වීම් හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බැංකුවලින් බාහිර මාර්ග හරහා මුදල් එවීමට තීරණය කර ඇත. මෙහි සම්පූර්ණ ගලාඒම බැංකු පද්ධතිය හරහා අපට ලබා ගත හැකි නම්, වෙළඳපොල තුල ඩොලර් හිඟය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැක. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් බොහෝ උත්සාහයන් ගෙන ඇතත් තත්ත්වය එතරම් යහපත් වී නැත. නැඟෙනහිර ආසියාතික අර්බුදය අතරතුරදී, මැලේසියාව විසින් විශ්වාසය ගොඩනැගීම සඳහා මහජනතාවට තම රටේ මුදල් සංචිත පිළිබඳ නිරන්තර තොරතුරු ලබා දුන්නේය. එසේම, ශ්‍රී ලංකාවට විදේශ මුදල් ගලා ඒම (එක් එක් රටින් එක් එක් බැංකු වෙත ලැබුණු ප්‍රමාණය ආදිය) සහ විදේශ මුදල් පිටතට ගලායාම (එම ප්‍රේෂණ භාවිතා කර කළ වියදම් මොනවාද, දෛනිකව කොපමණ ප්‍රමාණයක් භාවිතා කළේද, කුමන ප්‍රමාණයෙන් ඇණවුම් කළේද, කවුරු විසින් ආනයනය කළේද යන්න) පිළිබඳව දෛනික තොරතුරු ලබා දිය හැකි නම්, එය ජනතාවගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ බැංකු මාර්ග හරහා ප්‍රේෂණ ප්‍රවාහ වැඩි දියුණු කිරීමට රුකුලක් වනු ඇත. බොහෝ අවස්ථාවන්හි ඉහත තොරතුරු තිබෙන්නේ රහසිගතවය. නමුත් වත්මන් තත්වය තුළ එවන් රහස්‍යභාවයකින් ලැබිය හැකි වාසිවලට වඩා අවාසි වැඩිවිය හැකි බැවින්, එසේ රහස්‍යභාවය රඳවා ගැනීමේ අවශ්‍යතාවය සහ අරමුණ පිළිබඳව ප්‍රශ්න කිරීමට කාලය එළඹ ඇත.

3. ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් ආහාර තත්ත්වය සහ සැලසුම් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම

දේශීය මෙන්ම ගෝලීය තත්ත්වයන් යන දෙකෙහිම ප්‍රතිඵලයක් ලෙස ආහාර හිඟයක් ඇති විය හැකි බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයකු ලෙස මා දුටුවෙමි. එහෙත්, නිසි සැලසුමක් ජනතාව අතරට ගෙන යාමකින් තොරව මෙම කරුණ පුන පුනා පැවසීම හේතුවෙන් මෙය ස්වයංසිද්ධ අනාවැකියක් බවට පත්වීමේ අවදානමක් පවතී.එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන් විසින් අතිරික්ත වශයෙන් ආහාර ගබඩා කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ආහාර අපතේ යාම වැඩි වී ගැටලුව තවදුරටත් උග්‍ර වේ. මෙහිදීද, ජනතාවට තමන් විසින්ම සත්‍යාපනය කළ හැකි මට්ටමට සියලු තොරතුරු හෙළිදරව් කිරීම හොඳම විසඳුමයි. මාගේ කෙත්වතු අයත් වන කනංකේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ 2021/22 මහ කන්නයේ වගා බිම් ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වූ නමුත් බොහෝ දුරට එම ප්‍රදේශයට සාමාන්‍යයෙන් බලපාන අයහපත් කාලගුණය හේතුවෙන් සමස්ත නිෂ්පාදනය පෙර මහ කන්නයට වඩා 17% කින් අඩු විය (තොරතුරු අමුණා ඇත). මගේ අත්දැකීමද එසේම වූ අතර අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා හැර පොහොර හිඟය තිබියදී ද පසුගිය මහ කන්නයේ වී වගාවේ හිඟයක් මා හට ඇති වූයේ නැත. මෙයට වඩා අයහපත් ලෙස පීඩාවට පත් වූ හෝ වඩාත් හොඳින් ක්‍රියාත්මක වූ වෙනත් ප්‍රදේශ තිබිය හැකි නමුත් ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි ජාතික මට්ටමින් 50% ක පාඩුවක් සිදුවීම හඟවන ප්‍රකාශයන් පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බව මාගේ විශ්වාසයයි. මෙම විෂයයේ හිටපු අමාත්‍යවරයකු ලෙස, සමුහස්ත කළ දත්ත නිවැරදි නොවිය හැකි බව මා අත්දැක ඇති අතර සමුහස්ත කළ දත්ත වලංගු කිරීමට තෝරාගත් ප්‍රදේශවලට ක්ෂේත්‍ර චාරිකා කිරීම සුදුදු යැයි විශ්වාස කරමි. භෝග වගා කිරීමට අප සියලු දෙනා දිරිමත් කළ යුතු අතර, එය මඟ පෙන්වීමක් සහ සැලැස්මක් ඇතිව කළ යුතුය. අපට මෙම අර්බුදයට මුහුණ දීමට නම් පුද්ගලිකව දැනට පවතින තොග සහ අනාගතයේ ඇතිවිය හැකි හිඟය පිළිබඳ නිවැරදි තක්සේරුවක් තිබිය යුතුය. ඉන්පසු මෙයට, තිරිඟු පිටි හිඟය සහ අනෙකුත් ආනයනික ආහාර හිඟ වීම හේතුවෙන් සිදු විය හැකි පරිභෝජන මාරුව එකතු කර ඇස්තමේන්තුගත යල අස්වැන්න සඳහා එය සකස් කළ යුතුය. ඔබතුමාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් වටිනා තොරතුරු කිහිපයක් ඊයේ දින පාර්ලිමේන්තුවේදී හෙළි කළ අතර නිෂ්පාදනය වැඩි කිරීමටද සැලසුම් කර ඇති බව පවසන ලදී. මෙම සැලැස්ම සහ අනෙකුත් සියලුම තොරතුරු පිළිබඳව යාවත්කාලීන කිරීම් සෑම ගොවිජන සේවා කොට්ඨාශ මට්ටමින්ම මහජනතාවට නිරන්තරයෙන් ලබා දිය යුතු අතර, එමඟින් මහජනතාවට සැලැස්මේ ප්‍රගතිය මෙන්ම තම තමන්ගේ ප්‍රදේශයන්හි කිසියම් අඩුපාඩුවක් ඇතොත් එයද නිරීක්ෂණය කළ හැකිය. මෙමගින් සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව මහජන විශ්වාසය තීව්‍ර වන අතර ප්‍රමාණවත් ආහාර තිබේය යන අපේක්ෂාව වර්ධනය වී එමගින් අධික මිල හා ආහාර හිඟය අවසන් කිරීමට මග සැලසේ.

4. වඩාත් හොඳ සන්නිවේදනයක් හරහා, බලාත්මක කිරීම් සහ අනුකූලතාවයන් දිරිමත් කිරීම මගින් බදු ආදායම වැඩි කිරීම

වත්මන් තත්වය හේතු කොට ගෙන බදු වැඩි කිරීම අවශ්‍ය වුවද, මේ වන විට මහජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා හේතුවෙන්, බදු ගෙවීම අධික ලෙස මගහැරීම සහ බදු ආදායම් පරිශීලනය පිලිබඳ ජනතාව තුල ඇති අවිශ්වාසය හේතුවෙන් බදු වැඩි කිරීම මගින් අපේක්ෂිත ආදායම් වැඩිවීමක් නොලැබිය හැක. නිලධාරීන්ගේ දුර්වල බලගැන්වීම් සහ ජනතාව විසින් බදු ගෙවීමට අනුගත නොවීම හේතුවෙන් පවතින බදු වලින් පවා එකතු කළ හැකි ආදායමෙන් වැඩි කොටසක් කාන්දු වන බව නොරහසකි. බදු එකතු කරන්නේ කුමන අරමුණක් සඳහාද, අවශ්‍ය ප්‍රමාණයන් මොනවාද, කොපමණ එකතු කරන්නේද, සහ එක් එක් ක්‍රියාකාරකම සඳහා වියදම් කළ මුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්වක් සහ එය අවසානයේ තත්වය යහපත් වන්නේ කෙසේද යන්න පිළිබඳව වරින් වර යාවත්කාලීන කිරීම් සමඟ පැහැදිලි සන්නිවේදනයක් තිබේ නම්, මහජනතාව විසින් බදු ගෙවීමට වැඩි නැඹුරක් සහ නිවැරදිව බලාත්මක කිරීමට නිලධාරීන්ට වැඩි දිරිගැන්වීමක් ඇතිවීම පමණක් නොව, අපේක්ෂිත සේවාව ලබා දීම සඳහා එම අරමුදල් භාවිතා කරන අය කෙරෙහි වැඩි වගකීමක්ද ඇති වේ.

ආර්ථික විද්‍යාවේදී මිනිසුන් තාර්කිකව ක්‍රියා කිරීම යනු මූලික උපකල්පනයකි. අර්බුදකාරී අවස්ථාවලදී, තාර්කිකත්වය මිනිසුන්ගේ උන්නතිය සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි. සාමූහික අවශ්‍යතා මත ක්‍රියා කිරීම සැමගේ යහපතට හේතු වන බවත්, ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම සියල්ලන්ගේම විනාශයට හේතු වන බවත් සියලු ජනතාවට අවබෝධ කර දිය යුතුය. එහෙත්, සියලු තොරතුරු ඇත්තේ යම් වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් නම්, සාමූහික ප්‍රතිලාභ සහ පැවැත්මට මුල් තැන දෙමින් සියලු මිනිසුන් තාර්කිකව ක්‍රියා කරනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැක. අවිශ්වාසය, වැරදි තොරතුරු, දූෂණය සහ වගකීම් විරහිතභාවයට හේතු වී ඇත්තේ මෙයයි. සියලුම තොරතුරු, සැලසුම්, උපාය මාර්ග සහ යාවත්කාලීන කිරීම් ලබා දුන් පසු, අප විසින් අපේක්ෂා කළ යුතු දේ සහ අපගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අප සෑම කෙනෙකුම දැන ගනු
ඇත.

එබැවින්, මෙය සලකා බලා රජයේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළට හැකි සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්, සෑම සැලසුමක් ගැනම දිනපතා නොහැකි නම් සතිපතා හෝ තොරතුරු සපයා යාවත්කාලීන කරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පුරවැසියන් එකම දිශාවක, එකම අරමුණකින් ගමන්කල යුතු අතර, මේ හරහා එය කළ හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.

මෙයට විශ්වාසී,

මහින්ද යාපා අබේවර්ධන
කථානායක

Honorable Sir, Proposal to rally people around the National Plan to navigate the difficult path ahead Sri Lanka is facin...
09/06/2022

Honorable Sir,

Proposal to rally people around the National Plan to navigate the difficult path ahead

Sri Lanka is facing the most difficult economic conditions in its recent history and facing these challenges without rallying the support of the people will prove to be difficult. You have been updating the Parliament and the public on the current situation and have repeatedly warned that things will get worse before it gets better. Thus, keeping the nation on the planned path while it appears to get worse until it gets better is no easy task, but not impossible. To this end, I would like to propose the below.

During a crisis of this magnitude, the government, the state workers, the private sector, and the public must all work hand in glove to come out of it. The biggest impediment for all these parties to work together in the current context is the lack of trust. The quickest way to gain the trust is to govern as if from within a Glass Box, where you lay bare for all to see the information, the processes, the decision making, the plans, objectives, and achievements so that every interested party is aware of what is going on, what is likely to happen next, and the role each must play to ensure the end objectives.

The biggest threat to governance today globally is misinformation. Rather than trying to control or respond to misinformation, the best weapon against it is full information. Once full information is made available on a particular subject, it leaves no room for misinformation. When the people are privy to all the important discussions, ideas, plans, etc., such knowledge of the background, circumstances, plans and objectives will help gain commitment and single-minded focus of all. If the public can see and know why things are done, then there will be greater patience, understanding and even more creative solutions.

Glass Box Governance will also improve responsibility, accountability, efficiency, and will reduce corruption. As we have seen in COPE and COPA meetings, the veil under which irresponsibility, unaccountability, inefficiency and corruption are hidden is the lack of information. Because the public is unaware of the processes, implications, priorities, plans, circumstances, and objectives of the state machinery, they are forced to accept outcomes that are less desirable.

To give a few examples on how this could improve the current situation, I highlight the following:

1. Allowing live telecast of meetings related to economic revival and releasing of Minutes

The recent COPE meetings raised a lot of concern on the conduct of the Monetary Board. In most developed countries, detailed minutes of such meetings are released to the public soon after to guide expectations and explain the rationality of the decisions taken. Had this been practiced, it would have provided fair, timely outcomes for both the public and the officials. Releasing of detailed minutes of the Monetary Board meetings should be made mandatory going forward, in addition to the statement issued currently.

Similarly, the detailed minutes of the Economic Council meetings and all other important meetings related to economic revival and food security should be made public soon after such meetings, if such meetings cannot be telecasted live to the public. Wherever live telecast is possible, it should be done. This will make the politicians and officials more responsible and accountable while allowing the decisions and plans to be more widely accepted and supported by the public.

2. Disclosing foreign currency inflow and outflow details to the public

Due to misinformation and black-market incentives, the Sri Lankan workers overseas have opted to send money through outside banking channels. If we can receive the full inflow of this through the banking system, that can significantly ease the dollar shortage in the market. Despite many efforts taken by the Central Bank and the Government, the situation has not improved much. During the East Asian Crisis, Malaysia provided regular updates to the public on its currency reserves to build confidence. Similarly, if Sri Lanka can provide daily updates on both inflows (amounts received from each country to which banks, etc.) and outflows (what expenses made using the remittances, how much was used daily, what imports in what quantities were ordered at what price, who are the importing entities, etc.), that might help build confidence and improve the remittance flows through the banking channels. Often the above information is kept confidential. But it is time we question the need for such confidentiality and the purpose it serves, as in the current context the benefits might outweigh the costs.

3. Disclosing information about the food situation and the plan at Govijana Seva (Agrarian Service Center) level

As a former Agriculture minister, I foresaw that there may likely be food scarcity as a result of both local and global conditions. However, there is a risk of this becoming a self-fulfilling prophecy due to this being repeated without a proper plan being communicated to the public. As a result, people try to stock food in excess leading to wastage, thereby exacerbating the problem.

Again, disclosing all information to the public to the level that they can verify for themselves is the best solution. In the Kananke Govijana Seva, where my fields belong, there was an increase in the extent cultivated during 2021/22 Maha season, but the total output was 17% less than the previous Maha season due mostly to adverse weather, which is normal to the area (information attached). My experience was also the same and I did not suffer a shortfall in the paddy crop last Maha season despite the shortage of fertilizer, except due to adverse weather. There may be other areas that have suffered worse or done better, but a 50% loss at national level as stated by some officials needs further investigation. As a former minister of this subject, I have found aggregated data to be inaccurate and have trusted field visits to selected areas to validate aggregated data. While we must encourage all to grow, it should be done with guidance and a plan. For us to face this crisis, there should be a correct assessment of the current stocks available privately and the shortfall for the future. Then to this shortfall we need to add the consumption switching that is likely to happen from the wheat flour shortage and other imported foods and adjust it for the estimated Yala harvest. Yourself and the Minister of Agriculture disclosed some valuable details in this regard and plans to increase production yesterday in Parliament. This plan and all other information should be made available to the public at each Govijana Seva division level with frequent updates, so that the public can monitor the progress of the plan or any shortfalls in their own areas. This will instill confidence that the plan is progressing well and develop the expectation that there will be sufficient food available, ending the overpricing and shortages.
4. Increasing tax revenue by encouraging better enforcement and greater compliance through better communication
Due to the economic difficulties faced by the public currently, increasing taxes although necessary may not yield the expected revenue increase due to high avoidance and mistrust of its use. It’s no secret that most of the revenue that could be collected even with existing taxes leak out due to weak enforcement by the officials and low compliance by the payees.

If there is clear communication with periodic updates on the purpose for which the taxes are collected, what are the amounts required, how much is collected, and detailed disclosure on amounts spent on each activity, and how that will eventually lead to make things better for all, there will be greater willingness to pay by the public, greater incentive for the officials to enforce correctly and greater responsibility on those who are using or being paid those funds to deliver the expected service.

In economics, people acting rationally is a basic assumption. At times of crisis, rationality is the key to survival. All people should be made to understand that acting on collective interest is in the best interest of all and acting in self-interest would lead to the destruction of all. Yet, we cannot expect all people to act rationally, putting collective benefit and survival before self if only a privileged few has all the information. This is what has led to mistrust, misinformation, corruption, irresponsibility, and unaccountability. Once all the information, plans, strategies, and updates are provided, each of us would know what to expect and what is expected of us.

Thus, I would urge you to consider this and make public all possible information, from top of the Government echelons to the bottom, and provide updates on every plan at least weekly, if not daily. We need all citizens to pull in the same direction to come out of this crisis, and through this, I firmly believe that it would become possible.

Yours sincerely,

Mahinda Yapa Abeywardana
Speaker

ගරු අග්‍රාමාත්‍යතුමනි,වර්තමාන විදේශ විනිමය අර්බුධය සම්බන්ධයෙන් මැනවැයි සිතෙන පහත සඳහන් යෝජනා 2022.05.04 වන දින ගරු හිටපු...
22/05/2022

ගරු අග්‍රාමාත්‍යතුමනි,

වර්තමාන විදේශ විනිමය අර්බුධය සම්බන්ධයෙන් මැනවැයි සිතෙන පහත සඳහන් යෝජනා 2022.05.04 වන දින ගරු හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වෙතද යොමුකර ඇති අතර, එම යෝජනා නැවත වතාවක් ඔබතුමාගේ සහ අදාල නිලධාරීන්ගේ අවධානය සඳහා යොමු කරමි.

විදේශවල සේවය කරනු ලබන හෝ විදේශවල ව්‍යාපාරවල යෙදී සිටින අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් සහ වෙනත් ඕනෑම විදේශික ආයෝජකයකුගෙන් පහත සදහන් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට යෝජනා කරමි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර දෙකක කාළයක් සඳහා තැන්පත් කරන ඩොලර් 100,000 ක ස්ථිර තැන්පතුවක් සඳහා පහත ප්‍රතිලාභ යෝජනා කරමි.

1. එම තැන්පත් වලට වසරකට සීයට 10 ක පොලියක් ගෙවීමට යෝජනා කරමි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම හා එම මුදල ඔවුන්ගේ අභිමතය පරිදි වෙනත් ඕනෑම ගිණුමකට බැර කිරීමට ඉඩ සලසා දිය යුතුය.

2. එවන් ස්ථිර තැන්පතුවක් තැන්පත් කරන අයකුට මාස 6 කට පසු ඩොලර් 25,000 ක් වටිනා වාහන ආනයන බලපත්‍රයක් ලබාදීම. එම වාහනය වෙනුවෙන් බදු වශයෙන් සම්මතයක් ලෙස ඩොලර් 10,000 ක් රජයට ගෙවීම. ( අනිකුත් සියලු රේගු කොන්දේසි වලින් මෙය නිදහස් විය යුතුය)

3. උක්ත තැන්පතු වැඩිකරන කෙනෙකු සිටීනම් ( උදා- ඩොලර් 200,000 / 300,000 / 400,000 / 500,000 ) ඒ අයට ලබා දෙන උක්ත පහසුකම් ඒ ගුණකයෙන්ම වැඩිකළ යුතුය. මීට අමතරව මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වන සියලුම මුදල් තැන්පත්කරුවන්ට සම්මානනීය පුරවැසියන් වශයෙන් සලකා ඔවුන් මෙරටට පැමිණිමේදී කටුනායක ගුවන් තොටුපළේ විශේෂ කවුලුවක් විවෘත කොට සියලු බාධාවලින් තොරව ඇතුලු වීමට සහ පිටවීමට සැලැස්වීම. ( රේගු නිශ්කාශනයන් වෙනම අංශයක අවසන් කිරීම) VIP පහසුකම් සැලසීම.

4. කුඩා ව්‍යවසායකයන් සඳහා මීට අඩු තැන්පතු ඉදිරිපත් කරන්නන්ට පොලී සහන වශයෙන් රට තුළදී කරන සියලු ආයෝජන සහ වියදම් බදු වලින් නිදහස් කර දීම. රටේ දැනට පවතින විදේශ විනිමය පිරිමසා ගැනීම සඳහා පහත සඳහන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමි.

1. බලශක්ති පිරිවැය අවම කිරීමට ඉල්ලුම කළමණාකරණ ( Demand Management ) ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. විදුලිය ලබා දීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම. විදුලි කප්පාදුවක් අවශ්‍ය වුවහොත්, සවස 06.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලය පොදුවේ රටටම ක්‍රියාත්මක කිරීම. විදුලිය මෙලෙස ලබා දීමේන් පසු රජයේ හා පෞද්ගලික ආයතන වලට ගෙදර සිට වැඩ කිරීමට ( Work Form Home) රජය විසින් ඉල්ලීමක් කිරීම. මෙමගින් රථ වාහන සඳහා අවශ්‍ය ඉන්ධන සඳහා වන ඉල්ලුම අවම කිරීම හැකි වේ යැයි මම විශ්වාස කරමි.
එසේම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා , ඒකක සඳහා අයකරන ගාස්තු මුල් ඒකක සඳහා දැනට පවතින මිලට වඩා අඩු කිරීමත්, ඊට පසු ඒකක සඳහා එම අඩුවන ආදායම පියවා ගැනීමට දැනට පවතින මිලට වඩා වැඩි මුදලක් අය කිරීමට යෝජනා කරමි. එමගින් අඩු ඒකක ගණනක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබා දීමත්, වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන අයගෙන් වැඩි ආදායමක් ලැබීමත් ඒ හරහා පරිභෝජනය අඩු වීමත් යන කාරනා සියල්ල සිදු වනු ඇත.

විදුලිය ලබා දීමෙන් පසු පොදු ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා දීම ප්‍රමුඛතාවක් කළ යුතු අතර පෞද්ගලික වාහාන සඳහා ඉන්ධන ලබා දීම අංක තහඩුවේ ඇති අවසාන අංකය අනුව අනුක්‍රමික දින ප්‍රමාණයක් නම් කර එකී දිනයන්ට පමණක් සීමා සහිතව ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමට යෝජනා කරමි. එමගින් ඉන්ධන භාවිතා කිරීම අවම කිරිමත් අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමත් සිදු කල හැකිය.

මේ අතර සියලුම ලොරි රථ, බස් රථ, කන්ටේනර් රථ ඇතුලු භාණ්ඩ ප්‍රවාහණය කරන විශේෂ රථ සඳහා දිවයින පුරා ඇති ලංගම ඩිපෝ මගින් ඊට අදාල ඉන්ධන සැපයිමට සලාක ක්‍රමයක් තුලින් අදාල දිසාපතිවරු හරහා ක්‍රියාත්මක වන පරිදි නව වැඩ පිළිවෙලක්ද යෝජනා කරමි.

මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාව දැනුවත් කර අන් අයගේ අදහස්ද විමසා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.

2. ගෑස් සඳහාද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය.
ගෑස් නිකුත් කිරිමේදී නාගරික තට්ටු නිවාසවල ජිවත්වන උදවිය සහ හෝටල් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට යෝජනා කරමි. එසේම ගෑස් හිග වූ විට, ප්‍රධාන නියෝජිතයන්ට ලැබෙන ටැංකි ක්‍රමවත්ව බෙදා හැරීමෙන් ඉවත්ව මුළු කොමිස් මුදලම ලබා ගැනීමේ තත්වයක් පසු ගිය කාලයේ අපට නිරීක්ෂණය වුනි. එමගින් උප නියෝජිතයන් හරහා, ලැබෙන ටැංකි විධිමත්ව බෙදා හැරීමක් සිදු නොවුනි. එමනිසා ප්‍රධාන නියෝජිතියන් උප බෙදාහැරිමේ නියෝජිතයන් හරහා නොමැතිව බෙදා හරින සෑම ගෑස් සිලින්ඩරයක් සදහාම, ලබා දෙන කොමිස් මුදල උප බෙදාහැරිමේ නියෝජිතයන්‍ට ලබා දෙන කොමිස් මුදලට වඩා අඩු කරන ලෙස යෝජනා කරමි. එමගින් අවිධිමත් බෙදා හැරීම් මගින් ප්‍රධාන නියෝජිතයන් අධික ලාභ ලැබීමත් ජනතාව අපහසුතාවයට පත් වීම යන කාරනා දෙකටම විසදුම් ලැබෙනු ඇත.

3. දේශීය නිෂ්පාදන නැන්වීම. කිරි පිටි - දේශිය නිෂ්පාදකයන් කැදවා කිරි පිටි, බටර්, චිස් නිෂ්පාදන වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන රේගු බදු සහ අනේකුත් බදු සහන ලබා දීම. සෑම නිෂ්පාදකයකුම තමන් අරමුණු කරන ඉලක්කය වහාම ප්‍රකාශකොට ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කල යුතුය. එම ක්‍රියා මාර්ගය නිරන්තරයෙන්අ ධීක්ෂණය කිරීමට දිසාපති හරහා ආර්ථික සංවර්ධන නිලධාරීන් හට වගකීම පැවරිය යුතුය.

සීනී නිෂ්පාදන - දැනට පවත්වාගෙන යන කර්මාන්ත ශාලා වල කටයුතු සදහා ලබා දිය හැකි සහන ලබා දීම. අනිකුත් පළාත්වල උක් වගාව සහ කිතුල් මැදීම උනන්දුකර දේශීය වශයෙන් ආධාර ලබා දීම සහ සහතික මිලකට රජය මගින් මිලදී ගැනීම. එමගින් සක්කර නිෂ්පාදනය සහ කිතුල් හකුරු නිෂ්පාදනය හැකි පමණ වර්ධනය කිරීමට කටයුතු කිරීම. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් මගින් ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහය ලබා ගැනීම. සීනී ආනයනය හැකි අවම මට්ටමට ගෙන ඒම. පසු ගිය කාල වලදී ආනයනය කරන ලද සීනී තොග ගණනය කර, ඒවා වෙළඳපලට නිකුත්කිරීම විධිමත් කිරීම.

සබන් - ඉතා පහසුවෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි සබන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කිරීම. ඒ සදහා සියළු දේශීය නිෂ්පාදකයන් කැදවා ඔවුන්ට අවශ්‍ය බදු සහන හා අනෙකුත් සහන ලබා දීම.

4. ආහාර නිෂ්පාදනය
මෙම කාරණයට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව යෝජනා කරමි. දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි වහාම වගා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. මේ සදහා ගෙවතු වගා, වාණිජ භෝග හා වාණිජ එලවළු නිෂ්පාදනය වැඩි කර වීමට කටයුතු කිරීම. මේ සදහා ප්‍රාදේශීය ලේකම්, සංවර්ධන නිලධාරීන් , කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ ගොවි ජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගත යුතුය.

මේ සදහා පොහොර ලබා දීම.
වගාවට අවශ්‍ය පොහොර සීමිත සලාකයකට ලබා දීම. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ විශේෂ‍ඥයන්ගේ සහය ලබා ගැනීම.
ගුණාත්මක බීජ ලබා දීම. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ බීජ පර්යේෂණ අංශයේ සහය ලබා ගත හැකිය. මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් දෙපාර්තුමේන්තුව සතුව ඇත.

පාසල් දරුවන්ට පාසලේදී උදෑසන ආහාර වේළක් ලබා දීමට දැනට ලෝක බැංකු ආධාර මත ලැබෙමින්ප වතින මානුෂීය ආධාර ප්‍රයෝජනයට ගෙන ( ගුරු දෙගුරු සංවර්ධන සමීතිය හරහා) ක්‍රියාත්ම කළ යුතුය.

5. බැංකු පද්ධතිය ස්ථාවර කිරීම
රජයේ විදේශ ණය ගෙවීම නතර කිරීම නිසා දේශීය බැංකු පද්ධතියට විශාල බලපෑමක් එල්ල වී ඇත. මේ පිළිබඳ බැංකු ප්‍රධානීන් හා මහ බැංකුව අතර නිරන්තර සාකච්ජා මගින් කඩිනම් තීන්දු තීරණ ගැනීමත් ජනතාව අතර පැතිර යන දුර්මත දුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

6. දැනට යෝජිතව පවතින සමෘර්ධි ලභීන්ට සහ වැඩිහිටි දීමනා හා අතිරේක දීමනා ලබා දීම සම්බන්ධවයි
මෙම යෝජිත සහනාධාරලාභී කණ්ඩායම දැනටම රජයේ කුමන හෝ සහනාධාරයක් ලබමින් සිටින අය වේ. ඔවුන්ට අමතරව මෙම කුටුම්භ වල ජීවත් වන අනු පවුල් හා විවිධ හේතුන් නිසා සමෘර්ධි ලැබිය යුතු සේම සමෘ‍ර්ධි නොලබු පවුල් සඳහාද මෙම සහනාධාරය ලබා දිය යුතුයි මම යෝජනා කරමි.

ස්තුතියි.
මහින්ද යාපා අබේවර්ධන
කථානායක

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hon. Speaker Mahinda Yapa Abeywardena Media Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share