ColomboNow.com

  • Home
  • ColomboNow.com

ColomboNow.com ColomboNow is Sri Lanka's source for unbiased news, where engaged citizens get news that represents the full range of perspectives across the country.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මෑණියන්ගේ අභාවය පිලිබදව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු. අවසන් කටයුතු 19 වන බ...
17/04/2023

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මෑණියන්ගේ අභාවය පිලිබදව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු. අවසන් කටයුතු 19 වන බදාදා පස්වරු 4.00 බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.

15/04/2023
05/04/2023

#පංකාදුකමඉහටත්උඩින්.💁
පංකාදු කම ඉහටත් උඩින් ..

කන් ඇහෙන අහල තේරුම් ගන්න මොළයක් තියන ඕන කෙනෙකුට මේක අහන්න පුලුවන්.ඇයි දන්නවද මේක හරි ලස්සන පට්ට කතාවක්

පුහුණු නුපුහුණු ඕන කෙනෙකුට බැඳෙන්නට පුළුවන් රැකියා වල ප්‍රචාරක දැන්වීම් වගේ තමයි ජවිපෙ කියන්නේ. ඕනම ගං කබරයෙක්ව බඳවාගන පංති පහක් පවත්වනව. එතන උගන්නන දේ විතරක් තැනක් නොතැනක් නැතුව කතා කරන ගිරවෙක් බවට පත්කරනවා. අපි මෙහෙම කියන්නේ ජවිපෙ එක්ක තියන පෞද්ගලික තරහකට නෙවෙයි..තම සංවිධානය පිළිබඳව අභිප්‍රේරණ පංති පැවැත්වීම හෝ ඊට සමාන ක්‍රියා අනිවාර්යයෙන්ම රටකට අහිතකර නිසා. මොකද මේ රට විනාශ වෙනවට අපි අකමැති නිසා.

වෙනත් කවුරුත් හරි ඔවුන්ගේ සාකච්ඡා වලට සහභාගි වුනොත් ජෙප්පෝ කියන දේවල් අහගෙන ඉන්න ඕන.. මැදින් advertising කරන්න ගියොත් හරියට තරහ යනව. මොකද දන්න දේට වඩා වෙන මොනවද දන්නේ.. සාධාරණයි ඉතින්.
මොකද මානසික ලෙඩෙක් විසින් ආරම්භ කරපු සිංහල ත්‍රස්තවාදී සංවිධානයකින් වෙන යමක් බලාපොරොත්තු වෙන්න බැහැනෙ. මෙයාලට ත්‍රස්තවාදීන් කියන්න හේතුව තමයි කිසිම දවසක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඉඳන් දේශපාලනය කරන්න ජෙප්පෝ කැමති නැති වීම.

විජේවීරට ඕන වුනේ කැරළි ගහල රට අල්ලන්න.නමුත් බැරි වුනා.. විජේවීරගේ නායකත්වයෙන් ඇරඹුන පක්ෂයේ මූලික සාමාජිකයින් අතර මහින්ද රාජපක්ෂ පවා සිටිය බව කියැවෙනවා.

කැරළි ගහල ගහල රට අල්ලන්න ගිහින් මට්ටු වුන ජෙප්පෝ රට අල්ලන්න වෙන උපායක් කල්පනා කලා.

ඒ තමයි රට ආර්ථික මට්ටමින් සහ සාරධර්ම මට්ටමින් වට්ටලා අන්තිමට අපි හොඳයි කියල ජනතාවට කියල " බලය " අල්ලගන්න..
අද හැමෝම කතා කරන සිංගප්පූරුව හදන්න ලී ක්වාන් යූ පූර්වාදර්ශය අරන් ගියේ කොළඹින්.. ඒ එජාප පාලනය යටතේ පැවති සීඝ්‍ර සංවර්ධනය එතුමා දැක්ක නිසා. ජෙප්පෝ දැන ගත්තා එජාපය දිගටම හිටියොත් රට සංවර්ධනය වෙලා ජෙප්පෝ නිකම්ම පොට්ට කාසි ඝණයට වැටෙනව කියල .
ඒ නිසා ඔවුන් තීරණය කලා රට කන්ඩ.රට කන්ඩනම් කන සෙට් එකකට ගොට්ට අල්ලලා රජ කරවන්න ඕනානේ. ඉතින් බැලුවා කවුද ඉන්නේ කියලා.ඒ එක්කම චන්ද්‍රිකාව බැබලෙන්න ගත්තා . බාගත්තා.. විජය මැරුවේ ජෙප්පෝ නෙවෙයි එජාපය කියල කියනවනම් අනිවාර්යයෙන්ම චන්ඳ්‍රිකාව රජ කරවනවා කියලා. ඕකට චන්ද්‍රිකා එකඟ වුනා.මොකද රජ ලේසියෙන් රජ වෙන්න. චන්ද්‍රිකා රජවුනා. එජාප සංවර්ධනය නතර වුනා.හොරු ෆෝම් වෙන්න පටන් ගත්තා..

ඊලඟට ඒ හොරු අතර හොඳම හොරා සුනාමි හොරා තෝර ගත්තා. ( ජවිපෙ පළමු සාමාජිකයෙකු වීම ලොකුම සුදුසුකම වෙන්න ඇති). ගෙනාවා ..,රජ කලා.. හැඳි ගෑවෙන්නම දුන්නා.

යුද්ධයක් ඕනම රටක ඇති වෙන්න පුලුවන් ඒ වගේම නැති වෙන්නත් පුලුවන්. නමුත් රටක ආර්ථිකය තමයි රටේ හදවත.

ඒ නිසා ලෝකේ ඕනම ත්‍රස්තවාදී සංවිධානයක් වගේම කැරළි කාරයින් ටාගට් කරන්නේ රටක ආර්ථිකය. කැරළි ගහල යුද්ධ කරල බලය අල්ලනවට වඩා ලේසිම ක්‍රමය තමයි රටේ ආර්ථිකය විනාශ කරල බලය අල්ලන එක.

ජෙප්පෝ කල්පනා කලා චන්ද්‍රිකාල රාජපක්ෂලා ගෙනත් කැරළි නොගහ ආර්ථිකය විනාශ කරල රට අල්ලන්න.. 88/89 දී කලේ කැරළි ගහන ගමන් ආර්ථිකයත් විනාශ කරන එක.ඒ නිසා තමයි රටේ ප්‍රධානතම ආදායම් එන තැන් වලට ප්‍රහාර එල්ල කලේ..
( ලංගම බස්, තැපැල් කන්තෝරු, කර්මාන්ත ශාලා, දුම්රිය, විදුලි පද්ධතිය ආදිය) ඒක අදටත් ලාල් කාන්ත කියනවා. ඒ කියන්නේ ජෙප්පෝ මේ රටේ බලය අල්ලන්න මේ ක්‍රම දෙකම භාවිතා කලා..

ඒකෙන් සාර්ථකම ක්‍රමය වුනේ වෙනත් කල්ලි රජ කරවල ආර්ථිකය විනාශ කරල අපි හොඳයි කියන ක්‍රමය. හැබැයි ජෙප්පෝ පස්සේ යන නොමේරූ ළදරුවන් සහ මහින්ද සරණ ගිය බයිසන්ලා දන්නෑ ඒ පිටිපස්සෙන් චීනය හිටය කියනෙක. චීනාට ලෝකයේ ආර්ථික බලවතා වෙන්න ඕනනම් අනිවාර්යයෙන්ම ඩොලරය වෙනුවට චීන මුදල් ඒකකය ⁣ලෝකයේ පොදු මුදල් එකකය විදිහට ආදේශ වෙන්න ඕනා.

ඒක කරන්නනම් ආර්ථිකය පැත්තෙන් රටවල් අල්ලන්න ඕනා. ඒ සඳහා චීනා තොරගත්තේම දුර්වල පාලකයින් සහ කොමියුනිස්ට් වාදය ආගම ලෙස අදහන සංවිධාන. ලංකාවේ ඒ දෙකම එක තැන තිබුනා. ඒ තමයි රාජපක්ෂලා සහ ජෙප්පො .
මෙලෝ හසරක් නැතිව හිටපු රාජපක්ෂලා සහ ජෙප්පෝ ආර්ථික අතින් ශක්තිමත් වෙලා රට විතරක් බංකොලොත් වුනේ කොහොමද..?මොළයක් තියනවනම් ඔයෙලත් හිතන්න ඕන අන්න ඒක. හැබැයි ජෙප්පෝ කාටවත් තනිවම හිතන්න වත් ඒ මොළය හැදෙන්න දෙන්නෑ.. පංති පහේ විෂබීජය ඒ මොළවලට දාල එකම දේ නිතර කියවන කතා කරන ගිරව් නිර්මාණය කරනව.

රාජපක්ෂලා කලෙත් අධ්‍යාපනයට මුල් තැන නොදී රාජපක්ෂලා කියන ඕනම බොරුවක් ඉස් මුදුනින් පිළිගන්න එහෙයියන් වැනි වූ ජාතියක් බිහි කිරීම.

ඒ උගුල් දෙකටම වැඩිපුර අහු වුනේ 2000 න් පස්සේ ඉපදිලා මෑත කාලේ ඡන්ද වරම් ලබපු දැනටත් නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු.., මගේ කුළුඳුල් ඡන්දය රට වෙනුවෙන් ගෝඨාට කියල කෙලවුනාම ඔලුවට පොල්ලෙන් ගැහුවත් අපි මේ පාර මාලිමාවට කියන වුන්ටික තමයි.

ඊට අමතරව රට වෙනුවෙන් කැලණි නයා වන්දනා කරල , නෙළුම් පොහොට්ටු පූජා කරල , අනේ සර් අපේ රට බේරල දෙන්නෝ කිය කියා වැලලෙන්න හදපු මොළයක් නැති ගෑණු, පිරිමි ටික.
කරපු ගොන්කම් කැළණිය වැඳල මකා ගන්න බැහැ කියල මේ ගෑණුන්ට , මිනිස්සුන්ට තේරුණේ රනිල් අගමැති කාලේ.., ඒ කියන්නේ 2015- 2019 කාලේ 65/= ට කුස්සියට ආපු හාල් 300/= වෙලා කියල දැනුනාට පස්සෙ.
හැබැයි දැන් ආයෙත් ඒ හාල් කිලෝවම 150/= වෙද්දී ආයෙම අර තෙලේ වැඩි වීගෙන එන බවක් පේනවා.

කන්න නැතිවුනාම පාරේ මොර දෙන්නයි යන්ත බඩ ගින්න ⁣නිවෙනකොට කන්න දීපු එකාට දෙස් දෙවොල් තියන්නයි කියන දෙකම අවුරැදු 2500 ක සංස්කෘතික ඉතිහාසයෙන් ආපු එකකට වඩා , මට නම් හිතෙන්නේ ජෙප්පන්ගේ කුහක කම බෝ කිරීම තුල පැන නැගුණ ප්‍රථිඵළයක් කියලයි.

කොරෝනා වසංගතය තුලත් කැරළි ගහපු ජෙප්පෝ රට බංකොලොත් වුනාමත් කලේ මේ රටට ඩොලර් එවන්න එපා කියපු එක. ඒ ඇයි.. රට ආර්ථික පැත්තෙන් වනසලා බලය අල්ලන්න පුලුවන් කියන බලාපොරොත්තුවෙන් . රාජපක්ෂලා චීනට නතු වෙලා ඉවරයි. මොකද චීන කොමිස් වලටම යට වෙලා ගියා.
ජෙප්පෝ කරන්න හැදුවෙත් ඒක.කලින් මම කියපු විදිහට චීන මුදල් රට⁣ට දාන්ඩ නම්, මුලින්ම ඩොලර් නැති කරන්න ඕන. රාජපක්ෂලා ⁣ඩොලර් පිට රට අරන් ගියා කියන කතාව නිකම් ආපු එකක් වෙන්න බැහැනෙ. ඒ කාලෙත් චීනාට ඩොලර් නැති රුපියලුත් නැති රටක් ⁣හදන්න වෙන්න පුලුවන්.

රාජපක්ෂලා නතර කරපු තැනට තව සපෝර්ට් එකක් දෙන්න තමයි මේ රට එච්චර බංකොලොත් වුනාමත් ඩොලර් එවන්න එපා කියලා ජවිපෙ කිව්වෙ .. සුනිල් හඳුන්නෙත්ති ඒක කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරූ බව කාටත් මතක ඇති. නාමල් ලැම්බෝගිණි ගෙනත් බානවා ඇස් දෙකට දැක්ක කිව්ව අනුර කුමාර සිරසට ගිහින් කිව්වනම් එහෙම කිව්වේ නැහැ කියල. ඕක මොකක්ද නේද ..😉
මොනයම්ම හෝ වාසනාවකට රට බංකොලොත් වුන වෙලේ අන්තිමට ඇත්තටම රට බේරගත්තේ රනිල්. රනිල්ට හැම රටක්ම හිතවත් නිසා කිසිම රටක් අපේ රටට අත තියන්නේ නැහැ.

චීනාට ජවිපාවුන් කොතරම් LOVE ද කියනවනම්, චීන අසූචි නැව ගෙනාපු සමාගමේ ලොක්කත් ජවිපෙ වුනා මදිවට මේ පාර මාලිමාවට වත්තලින් ඉදිරිපත් වුන අපේක්ෂකයෙක්.. හරිනේ..
එහෙනම් එදා රට⁣ට කෙලවෙන්න ගියේ හෙමින් නොවේ..
රටේ ආර්ථිකය තමන් අතට අරන් අපි බලවත් වෙනවා කියල රාජපක්ෂලා හිතුවට බලවත් වුනේ චීනා.
රාජපක්ෂලා එක්ක එකතු වෙලා ආර්ථිකමය වශයෙන් රට වනසලා අපි හොඳයි කියනවා කියල ජෙප්පෝ හිතුවට බලවත් වුනේ චීන..
ඒ රට කාපු රාජපක්ෂලා ඔවුන්ට කෙලවුනාම චීන සල්ලි වලින් ඇමරිකාවට යන්න එහෙ ඉඩම් පවා වෙන් කරගෙන තිබ්බ නෙ.

බිමල්ලා නිතර කතා කරන චීන කොම්යුනිස්ට් වාදය නිසා ,චීනා ජෙප්පෝ එක්ක චීන රජයක් පිහිටවන්න ඔන්න මෙන්න තිබුනා නේද...

ඒ නිසා නොවෙයිද රාජපක්ෂලා ඩොලර් පිට රටට අදිනකොට මෙම්රටට ඩොලර් එවන්න එපා කියල ජවිපෙ කිව්වේ..
මේ ලගදි සූම් මීටින් එකක් තිබ්බ .එයට ඇමරිකාවෙ වාසය කරන ලාංකිකයෙක් වසන්ත සමරසිංහ ගෙන් වසන්ත එරෙන ප්රශ්න යක් අහනව . එතන ජවිපෙ වසන්ත සමරසිංහ කියන කටින් බතල හිටවන්නාට අභියෝග කරන පුද්ගලයාට මීටින් එකේ සිටි අනික් ජෙප්පෝ කතා කරන්න දෙන්නේම නැහැ. ඒකෙන්ම පේනවා නොවෙද ජවිපාවුන් සමාජගත කරන දේ ඇරෙන්න ඇත්ත සමාජගත වෙන්න ඉඩක් නැති බව.

මෙහෙම ජෙප්පෙක් හොඳටම ගුටි කාල සිහිය නැතිව ඉස්පිරිතාලෙකට ඇතුල් කරල දවසකින් සිහිය ආව කියල හිතන්න . රෝහල් පොලීසියෙන් ඇහුවොත් මොකද වුනේ කියල .. ලැබෙන උත්තරය තමයි "මේ පාර මාලිමාවට".කියල . මොකද ඇත්ත කරැණු සඟවල ඔවුන්ව මන්දමානසික ගිරවුන් බවට විසින් පත්කරල තියන නිසා ..

දැන් ඔවා මේක කියවල ඉවර වෙනකොටත් හිතෙනවනම්,මාලිමාවට මයි කියල ඒකටත් විසඳුමක් මේ වෙනකොට අපි දීලයි තියෙන්නේ..
තණකොළ කෘෂිකාර්මික භෝගයක් කලේ ඔවුන් වෙනුවෙන්ම තමයි..😉
Good bye .. 👍👍👈

✍️TWK + තුෂාරා වන්නිආරච්චි

Address


Alerts

Be the first to know and let us send you an email when ColomboNow.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ColomboNow.com:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share