News 24x7

News 24x7 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News 24x7, Publisher, .
(1)

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ  හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී  සිටි   කැලණිය  ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි...
17/10/2023

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී සිටි කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක මහත්මිය අදාල ප්‍රහාරය අතරතුර ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායිල් පොලිසිය දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර අංශය විසින් අද උදෑසන තහවුරු කරන ලදී.

අදාල දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතය.දේශය හදුනාගැනීමෙන් පසු අයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් සිදු කිරිම පිළිබඳව තොරතුරු ඉක්මනින්ම ලබාදෙන බව දන්වමි.

අදාල කටයුතු අවසන් වූ වහාම දේහයේ අයගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු කරන බව තානාපති කර්‍යාලය දන්වා සිටී.

මෙම ශෝකබර අවස්ථාවේ අයගේ දස වසරක සේවාව ඇගයීමට පත් කරන අතර සාතිශය ශෝකය පවුලේ සාමාජිකයන් වෙත පුද කරනු කැමැත්තෙමු!

හමාස් හමුදා අංශයේ ප්‍රකාශක Abu Obeidah කියා සිටින්නේ හමාස් සංවිධානයට පමණක් සිරකරුවන් 200ක් සිටින බවත් ඉතිරි පිරිස වෙනත් ...
17/10/2023

හමාස් හමුදා අංශයේ ප්‍රකාශක Abu Obeidah කියා සිටින්නේ හමාස් සංවිධානයට පමණක් සිරකරුවන් 200ක් සිටින බවත් ඉතිරි පිරිස වෙනත් සංවිධාන අතර විසිරී සිටින බවත්ය.

තවද ගාසා තීරයේ සටන් ආරම්භයේ සිටම Israel Defense Forces ප්‍රහාරවලින් සිරකරුවන් 22 දෙනෙකු මිය ගොස් ඇති බවත් Abu Obeidah ප්‍රකාශ කර ඇත.

ගාසා තීරය සමග කිසිදු ආකාරයක සටන් විරාමයක් නොමැති බවත් ලක්ෂ 03ක දැවැන්ත හමුදාවක් ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කිරීමේ නියෝ...
16/10/2023

ගාසා තීරය සමග කිසිදු ආකාරයක සටන් විරාමයක් නොමැති බවත් ලක්ෂ 03ක දැවැන්ත හමුදාවක් ගොඩබිමින් ගාසා තීරය ආක්‍රමණය කිරීමේ නියෝගය ලැබෙන තුරු යුහුසුළුව බලා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.මේ වනවිට ලෙබනන දේශ සීමාව දෙසටත් ඊශ්‍රායල යුද ටැංකි ස්ථානගත කර තිබේ.

Source : CNN

15/10/2023

මේ ඔබ දකින්නේ ඊශ්‍රායලය පලමු වතාවට Iorn Dome අභිභවා ගිය Iorn Beam හෙවත් Lazer තාක්ෂණය ඔස්සේ සතුරු මිසයිල විනාශ කරන අයුරු!

🇺🇸 යම් හෙයකින් ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන අවස්ථාවකදී අවට ඉස්ලාමීය රාජ්‍යන්වලින් තර්ජනයක් වුවහොත් ඊශ්‍රායලයේ ආරක්ෂා...
15/10/2023

🇺🇸 යම් හෙයකින් ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන අවස්ථාවකදී අවට ඉස්ලාමීය රාජ්‍යන්වලින් තර්ජනයක් වුවහොත් ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඇමරිකානු සෙබළු 8000ක් දැනටමත් මධ්‍යධරණී සාගරයේ රැදි සිටී.

මේ වනවිට USS අයිසන්හවර් ගුවන් ප්‍රවාහන නෞකාවේ සහ USS ගැරල්ඩ් ෆෝඩ් නෞකාවේ එම සෙබළුන් රැදී සිටී.

හෙටින් පටන් ගන්නේ ඉතිහාසයේ ඛේදජනකම කාලයක් වෙන්න පුලුවන් 💔හෙට බොහෝ දුරට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගොඩබිමෙන් ඇතුල් වෙන්න ...
14/10/2023

හෙටින් පටන් ගන්නේ ඉතිහාසයේ ඛේදජනකම කාලයක් වෙන්න පුලුවන් 💔

හෙට බොහෝ දුරට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ගොඩබිමෙන් ඇතුල් වෙන්න ඉඩ තියෙනවා.මිලියන 2ක ජනතාවක් ඉන්න ප්‍රදේශයක දැඩි හමුදා මෙහෙයුමක් සිදු කරන එක මහා ඛේදවාචකයක්.

ඊශ්‍රායලය එහෙම කඩා වැදිමක් කරොත් ඊශ්‍රායලයේ මහා භූකම්පනයක් වෙන්න පුලුවන් කියලා ඉරාන නායකයා අනතුරු අගවලා තියෙනවා.ඒ වගේම මේ වන විටත් සියලු අරාබි රටවලට ඊශ්‍රායලයට එරෙහිව ඔවුන් පෙල ගස්වන් යනවා.

ආක්‍රමණයක් උනොත් හිස්බුල්ලා සංවිධානය ගැටුමට මැදිහත් වෙන්න ඉඩ තියෙනවා.ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මුල ඉදන්ම බය උන හේතුව ඒක.මොකද පලස්තීන හමාස් සංවිධානය කියන්නේ හිස්බුල්ලා සංවිධානය එක්ක බලද්දි නිකන් හාල් කෑල්ලක් විතරයි.ඒ තරමට ප්‍රභල යුද ශක්තියක් ඔවුන් සතුයි.ඒවට මුහුණ දෙන්න සූදානමින් ඇමරිකානු සෙබලුන් 5000ක් සමග Gerald Ford carrier strike group එක ඒ ආසන්නයේ රැදී ඉන්නවා.

ඉරානය,ලෙබනනය ආදී රටවල් රැසක් පලස්තීනය වෙනුවෙන් සහය දක්වනවා.බටහිර රටවල් ඊශ්‍රායලය සමග ඉන්නවා.දැනටම ඊශ්‍රායලය රටවල් 3ක් සමග යුද වැදීමට අවශ්‍ය පදනම ගොඩ නගමින් ඉන්නවා.

මෙතන වැදගත්ම දේ හමාස් ලා එක දිගට පොඩි පොඩි මිසයිල පවා එල්ල කරලා ඊශ්‍රායලයේ Iron Drom පද්ධතියේ තියෙන ප්‍රතිමිසයිල ඉවර කරන්න හදන උත්සහය ලොකු කතාවක් කියනවා.

කොහොම උනත් ඉක්මනින් මේ ප්‍රශ්ණය ඉවර වෙන්න කියල අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු!

© සංජය ප්‍රදීප්
Green Project Api ගෙන් උපුටා ගත්තකි.

🇬🇧 එක්සත් රාජධානියේ RAF Lakenheath හි ස්ථානගත කර ඇති එක්සත් ජනපද ගුවන් හමුදාවේ 494 වන ප්‍රහාරක බලඝණයේ F-15E ස්ට්‍රයික් ඊ...
14/10/2023

🇬🇧 එක්සත් රාජධානියේ RAF Lakenheath හි ස්ථානගත කර ඇති එක්සත් ජනපද ගුවන් හමුදාවේ 494 වන ප්‍රහාරක බලඝණයේ F-15E ස්ට්‍රයික් ඊගල්ස් ප්‍රහාරක යානා 24 ක් පමණ ජෝර්දානයේ මුවාෆක් සල්ටි ගුවන් කඳවුරට පැමිණ ඇත.

ඊශ්‍රායල හමුදාවට සහ සිවිල් පුරවැසියන්ට නොමිලයේ ආහාර සපයන බව මැක්ඩොනල්ඩ්ස් නිවේදනය කරයි!
13/10/2023

ඊශ්‍රායල හමුදාවට සහ සිවිල් පුරවැසියන්ට නොමිලයේ ආහාර සපයන බව මැක්ඩොනල්ඩ්ස් නිවේදනය කරයි!

ඊශ්‍රායල පලස්තීන යුද්ධය තවත් උග්‍ර වෙයි! මේ වන විට හමාස් සටන්කාමීන් එල්ල කල ප්‍රහායෙන් ඊශ්‍රායලය වැසියන් 1300 අධික පිරිස...
13/10/2023

ඊශ්‍රායල පලස්තීන යුද්ධය තවත් උග්‍ර වෙයි!

මේ වන විට හමාස් සටන්කාමීන් එල්ල කල ප්‍රහායෙන් ඊශ්‍රායලය වැසියන් 1300 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් ඊශ්‍රායෙල වැසියන් 150 ක් පමණ ප්‍රාණ ඇපයට ගෙන තිබෙන අතර ඊට විදේශිකයන්ද අයත්.

මේ සාහසික ප්‍රහාරයෙන් කුපිත වූ ඊශ්‍රායලය ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් එල්ල කර ඇති බෝම්බ ප්‍රහාර සංඛ්‍යාව 6000 ඉක්මවනවා.ඉන් මියගිය ගණන ද 1400 ඉක්මවන අතර ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ඇති සුදු පොස්පරස් බෝම්බ ද යොදාගෙන ඇති බව සදහන්.

ගාසා තීරයේ උතුරු කොටසට සම්පූර්ණ බොම්බ හෙලීමක් සිදු කරන බවත් ඉන් ඉවත් වීමට ගාසා වැසියන්ට පැය 24 ලබා දෙන බවත් මීට පැය කිහිපයකට පෙර නිවේදනය කරනු ලැබුවා.

මුළු උතුරු ප්‍රදේශයටම බෝම්බ හෙලීමට Israel Defense Forces තීරණය කිරීම හේතුවෙන් උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පැය 24 ක් ඇ...
13/10/2023

මුළු උතුරු ප්‍රදේශයටම බෝම්බ හෙලීමට Israel Defense Forces තීරණය කිරීම හේතුවෙන් උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පැය 24 ක් ඇතුළත තම නිවාසවලින් ඉවත් විය යුතු බව උදෑසන එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා සිටියේය.මෙහි මිලියනයකට අධික පදිංචිකරුවන් ජීවත් වන බව ගණන් බලා ඇත!!!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝමීටර් 101 කොටසෙහි නාය ගොස් අවහිර වු මං තිරු හතරේම පස් අද( 13) උදෑසන විට...
13/10/2023

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝමීටර් 101 කොටසෙහි නාය ගොස් අවහිර වු මං තිරු හතරේම පස් අද( 13) උදෑසන විට ඉවත් කර ඇති අතර ආරක්ශිත වැට සැකසීමේ කටයුතුවල හා මාර්ගය පිරිසිදු කිරීම් කටයුතු මේ වනවිට සිදුකරමින් පවතිනවා.කෙසේ නමුත් මාර්ගය තවමත් ගමනාගමනයට විවෘත කර නොමැත.

යුධ ගැටුම් හේතුවෙන් මියගිය සහ අතුරුදන් වූ විදේශීය ජාතීන්ගේ ප්‍රමාණය  ඊශ්‍රායල් රජය මගින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව රටවල් ...
13/10/2023

යුධ ගැටුම් හේතුවෙන් මියගිය සහ අතුරුදන් වූ විදේශීය ජාතීන්ගේ ප්‍රමාණය ඊශ්‍රායල් රජය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රටවල් 40 කට අයත් පුරවැසියන් 91 දෙනෙකු මියගොස් 164 දෙනෙකු අතුරුදහන් වී ඇත. ශ්‍රී ලංකාවේ කිසිවෙක් මියගොස් නැති අතර 02 අතුරුදහන් වී ඇති බව සඳහන්.

අනුලා ජයතිලක මහත්මියද අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවට ඇතුලත් වන අතර ඇය සේවය කල ඊශ්‍රායල පවුල විසින් මිය ගිය බව ප්‍රකාශ කලද මෙතෙක් එය තහවුරුව නොමැත.

11/10/2023

මේ මොහොතේ අධිවේගී මාර්ගයේ 101km කණුව අසලින් මාර්ගයට පස් කන්දක් නාය යෑමෙන් කොළඹ දෙසට මාර්ගය අවහිරවී ඇත!

Benjamin හා Benny එක්ව ඊශ්‍රායලය තුලහදිසි එක්සත් රජයක් පිහිටුවන ලදී!
11/10/2023

Benjamin හා Benny එක්ව ඊශ්‍රායලය තුලහදිසි එක්සත් රජයක් පිහිටුවන ලදී!

පස්ගොඩ ආදළුව දී බස් රථ අනතුරක්!!! මුලටියන ඌරුබොක්ක ප්‍රධාන  මාර්ගයේ පස්ගොඩ අඳලුව ප්‍රදේශයේදි අද (11) පස්වරුවේ බස් රථ දෙක...
11/10/2023

පස්ගොඩ ආදළුව දී බස් රථ අනතුරක්!!!

මුලටියන ඌරුබොක්ක ප්‍රධාන මාර්ගයේ පස්ගොඩ අඳලුව ප්‍රදේශයේදි අද (11) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථ වල ගමන් ගත් මගීන් තිදෙනෙනකු තුවාල ලබා මාවරල ග්‍රාමීය රෝහලට ඇතුලත් කොට ඇතැයි වාර්තා වේ.

කොටපොල මාතර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ මුලටියන ඩිපෝවට අයත් බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මෙසේ ගැටී තිබේ.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව මේ වන විට විශ්වාස කෙරේ!

ඊශ්‍රායල ජනපති ගේ මාධ්‍ය නිවේදනය!"අද රාත්‍රියේ මම එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සමඟ තුන්වන වරටත් කතා කළෙමි.මම ඔහුට කි...
11/10/2023

ඊශ්‍රායල ජනපති ගේ මාධ්‍ය නිවේදනය!

"අද රාත්‍රියේ මම එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සමඟ තුන්වන වරටත් කතා කළෙමි.

මම ඔහුට කිව්වා හමාස් සංවිධානය ISIS ට වඩා නරකයි - ඔවුන්ට සැලකිය යුත්තේ එලෙසයි.

එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ සිටින බවත්, තමාව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට පූර්ණ සහාය දෙන බවත් ජනාධිපති බිඩෙන් වාඩි වී අවධාරණය කළේය.

මම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නොසැලෙන සහයෝගයට ස්තූතිවන්ත වන අතර ඊශ්‍රායලය ජයග්‍රහණය කරන කල් පවතින, බලගතු ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව පැහැදිලි කළෙමි.

මම ජනාධිපති බයිඩන්ට මෙසේ කීවෙමි.

සමූලඝාතනයෙන් පසු නොදුටු ම්ලේච්ඡත්වයකින් සෙනසුරාදා අපට පහර දුන්නා. සියගණනක් මිනිසුන් ඝාතනය කිරීම, සම්පූර්ණ පවුල් ඔවුන්ගේ ඇඳන් සහ නිවෙස් තුළ ඝාතනය කිරීම, කාන්තාවන් දූෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීම; ළමුන් ඇතුළු සියයකට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇත.

අප කළ අවසන් සංවාදයේ සිට, මෙම නපුරුකම වර්ධනය වී ඇත. ඔවුන් දරුවන් දුසිම් ගනනක් අල්ලාගෙන, ඔවුන් පුළුස්සා මරණයට ගෙන ගියහ. ඔවුන් සොල්දාදුවන්ගේ හිස ගසා දමා, සොබා දහමේ උත්සවය සමරමින් සිටි තරුණයන් ඝාතනය කර, ජීප් රථවලින් ඔවුන්ව වට කර, බබි-යාර්හි මෙන්, බිම තිබූ සොකට් එකකට වෙඩි තබා, ඝාතනය කිරීමට පාපොච්චාරණයක් කළහ.

ඊශ්‍රායල් රටේ ඉතිහාසයේ මෙවැනි ම්ලේච්ඡත්වය අපි කවදාවත් දැකලා නැහැ, ඔවුන් ISIS වලටත් වඩා නරකයි - අපි ඔවුන්ට සැලකිය යුත්තේ එලෙසයි "

බෙන්ජමිං නෙතන්යාහු
අග්‍රාමාත්‍ය - ඊශ්‍රායලය

10/10/2023

වසර 128 කට පසු ඔලිම්පික් තරගාවලියකට ක්‍රිකට් ඇතුලත් කෙරේ!

ඒ 2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය සදහාය.

පලස්තීන හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගෙන  පලස්තීනයට රැගෙන ගිය ඊශ්‍රායල කුඩා දරුවන් කූඩු වලට දමා සිරගත කර සිටින අයුරු 💔ජ...
10/10/2023

පලස්තීන හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගෙන පලස්තීනයට රැගෙන ගිය ඊශ්‍රායල කුඩා දරුවන් කූඩු වලට දමා සිරගත කර සිටින අයුරු 💔

ජීවිතයක වටිනාකම නොදන්නා ලේ පිපාසිතයන් මින් මතුව හෝ පාඩමක් උගත යුතු නොවේද? 😪

❗Breaking❗ඊශ්‍රාලයේ සේවය කරමින් සිටි සුජිත් නිශ්ශංක යටවර මහතාගේ සේවා යෝජකයාව ඝාතනය කර තිබෙන බවත්, සුජිත් මහතාව ගාසා වෙත ...
09/10/2023

❗Breaking❗

ඊශ්‍රාලයේ සේවය කරමින් සිටි සුජිත් නිශ්ශංක යටවර මහතාගේ සේවා යෝජකයාව ඝාතනය කර තිබෙන බවත්, සුජිත් මහතාව ගාසා වෙත පැහැරගෙන ගොස් ඇති බවටත් විශ්වාස කරන බව අදාල ආයතනය මගින් දැනුම් දී ඇත!

ත්‍රිවිධ රත්නයේ සරණින් කිසිදු කරදරයක් නොවී ඉක්මන් සුභ ආරංචියක් බලාපොරොත්තුවෙමු ❤️😪

මේ ගතවෙන්නේ ගාසා තීරයේ අවසන් දිනයද?
09/10/2023

මේ ගතවෙන්නේ ගාසා තීරයේ අවසන් දිනයද?

✈️ US Air Force එකට අයිති න්‍යෂ්ටික හැකියාව ඇති B52 බෝම්බ හෙලන යානයක් මේ වෙද්දී Israel වලට ගොඩ බැහැල තිබෙනවා, ඒ වගේම Tel...
09/10/2023

✈️ US Air Force එකට අයිති න්‍යෂ්ටික හැකියාව ඇති B52 බෝම්බ හෙලන යානයක් මේ වෙද්දී Israel වලට ගොඩ බැහැල තිබෙනවා, ඒ වගේම Tel Aviv Airport එකට තව US Transport Plane එකකුත් ඇවිත්. මේ වෙද්දි ඇමරිකානුවන් 9 දෙනෙක් ඊශ්‍රායලය තුල මිය ගිය බව ඇමරිකාව Confirm කරල තියෙනවා.

🇮🇱 ඊශ්‍රායල බොම්බ ප්‍රහාරයකින් හිස්බුල්ලා සාමාජිකයෙකු මිය ගිය බව වාර්ථා වෙනවා මේ සමඟ Hizbollah සංවිධානය " We are Coming " යනුවෙන් Video වක් මාධ්‍ය වෙත නිකුත් කරල තියෙනවා. මේ හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහ රුසියාව අතර සබඳතා තියෙනවා.දැන් නම් තත්වය එන්න එන්නම දරුණු අතට හැරිමක් පෙන්න තියෙන්නේ.

❓ඇත්තටම ඉරානය මේකට මැදිහත් වුනොත් රුසියාව අත දානවා රුසියාව අත දැම්මා කියන්නේ මේක කොතනින් කෙරවල වෙයිද කියල හිතාගන්න බෑ...

⭕ කල පව් සිහි වීම?හමාස් සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටීන බව ප්‍රකාශ කර තිබේ.එහෙත...
09/10/2023

⭕ කල පව් සිහි වීම?

හමාස් සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටීන බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ජෝ බිඩෙන්ට පවසා ඇත්තේ ඊශ්‍රායලයට ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

"අපි ඇතුලට යා යුතුයි. අපට දැන් සාකච්ඡා කරන්න බැහැ, කවුරුත් අපිව පසුපසට තල්ලු නොකළ යුතුයි"

- Benjamin Netanyahu -

09/10/2023

ගාසා තීරයට නිල වශයෙන් ලබා දී ඇති ජල මාර්ග‍යන් ද අවහිර කෙරේ!

09/10/2023

යුරෝපා සංගමය පලස්තීනය සඳහා වූ යුරෝ මිලියන 700ක තම අරමුදල් පැකේජය අත්හිටුවයි!

❗Breaking Update 💥කවදාවත් නොවුන නැති ලොකු දෙයක් වෙන්න යනවා.ඇමරිකන් හමුදාව මෙහෙට ගොඩබැස්සෙ තත්ත්වය බරපතල නිසයි.අපි ලෑස්ති...
09/10/2023

❗Breaking Update 💥

කවදාවත් නොවුන නැති ලොකු දෙයක් වෙන්න යනවා.ඇමරිකන් හමුදාව මෙහෙට ගොඩබැස්සෙ තත්ත්වය බරපතල නිසයි.අපි ලෑස්ති ​​වෙන්න ඕනේ, එයා මට කිව්වා රේඩියෝ එකක් ගන්න, ඉන්ටර්නෙට් නෑ, කරන්ට් එක නෑ, වතුර නෑ, සමහරවිට සතියක්, කෙටියෙන් කිවහොත්, අපි නිවාඩු සිටින සති වගේ, අපි සංවිධානය විය යුතුයි.

කාර් එකට ගෑස් පුරවන්න, මුදල් 1000-2000 ලග තියාගන්න. වියළි දේවල් සඳහා මුදල් සහ පානයට ජලය, පැස්ටා මේ සියල්ල ඔබ නිවසේ තිබිය යුතු ආහාර ඇති බව සැලකිල්ලට ගන්න.

සෑම පවුලකටම අවශ්‍ය තම නිවසේ ආහාර සහ ජලය ඇති තරම් ලග තබා ගැනීමට වගබලා ගන්න. නැවත වරක් මතක තබා ගන්න ඔබට අන්තර්ජාලය නොමැති බව මතක තබා ගන්න.ඔබ ආරක්ෂාවන්න!!!

ගෙවල්දැනුවත් කරලා තියන්න.
පෝන් වැඩ නැතිවෙයි.
සුදානම් වෙන්න තමන් ආරක්ෂා වන්න.

(ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයෙකුගෙන් උපුටා දැක්වීමකි)

⭕ ඊජිප්තුව විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තාවකාලික සටන් විරාමයක් සහ සිරකරු හුවමාරු කර ගැනීමක් සඳහා ඉල්ලීමක්  ඉදිරිපත් ...
09/10/2023

⭕ ඊජිප්තුව විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තාවකාලික සටන් විරාමයක් සහ සිරකරු හුවමාරු කර ගැනීමක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර අදාළ පාර්ශවයන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බව Sky News Arabia වෙත ඊජිප්තුව වාර්තා කරයි.

" Egypt has submitted a request for a temporary ceasefire and prisoner exchange between Israel and Palestine and is awaiting the response of the parties concerned, Egypt reports to Sky News Arabia "

⚠️️ ඊශ්‍රායල - පලස්තීන යුධගැටුම් නවතම තත්වය!!! ⭕ පලස්තීනය සියලු අසල්වැසි  රටවලින් ඉල්ලනවා ඊශ්‍රායලය විනාස කරන්න එක් වෙන්...
09/10/2023

⚠️️ ඊශ්‍රායල - පලස්තීන යුධගැටුම් නවතම තත්වය!!!


⭕ පලස්තීනය සියලු අසල්වැසි රටවලින් ඉල්ලනවා ඊශ්‍රායලය විනාස කරන්න එක් වෙන්න කියලා.

⭕ ඊශ්‍රායලය නිවේදනය කරනවා ගාසා තීරය මුඩු බිමක් වෙනකන් ප්‍රහාර එල්ල කරනවා කියලා.(ගාසා තීරයේ මිලියන 2ක් මිනිස්සු ජීවත් වෙනවා)

⭕ ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරොත් පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා ඊශ්‍රායලයට පහර දීලා තමන් ප්‍රාණ ඇපයට ගත්ත ඊශ්‍රායල ජාතිකයන් ඇතුලු 100කට වැඩි පිරිස ඝාතනය කරනව කියලා දන්වලා තියෙනවා.

⭕ මේ අතරම ලෙබනනයත් අවස්ථා කිහිපයකම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනවා.ඒ වගේම ඔවුන් පලස්තීනයට සහය දක්වන පව ප්‍රකාශ කරනවා.ඒ වගේම ඉරානයත් පලස්තීනයට සහය දක්වන බව නිවෙදනය කරනවා.

⭕ තුන්වෙනි පාර්ශවයක් මේ ගැටුමට සම්බන්ධ උනොත් දරුණු විපාක ලබා දෙන බවට ඇමරිකාව අනතුරු අගවනවා.

⭕ මේ වෙද්දිත් අතිනවීන ප්‍රහාරක ගුවන් යානා ඇතුලු මිසයිල බලයෙන් සමන්විත USS Gerald R. Ford Carrier Strike Group එක ඊශ්‍රායල කලාපයට ලන් වෙමින් ඉන්නවා.

⭕ මේ වෙද්දි ඊශ්‍රායලයට එල්ල උන දරුනු ප්‍රහාරයෙන් 900කට වැඩි පිරිසක් මියගිහින් තියෙනවා.විදේශ ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඒ අතර වනවා.ඊශ්‍රායල වාර්ත වලට අනුව 7000කට වඩා රොකට් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා.

⭕ පලස්තීනයට එල්ල උන ප්‍රහාර වලින් 500කට වඩා මිය ගිහින් තියෙනවා.මේ වෙද්ද් ලක්ෂයකට වඩා ඊශ්‍රායල හමුදාව අති විශාල මෙහෙයුමකට සූදානම් වෙනවා කියලා ඊශ්‍රායල හමුදා වාර්තා ප්‍රකාශ කරනවා.

ගාසා ත්‍රීරයට (Gaza Strip) ප්‍රධාන විදුලි සැපයුම් කරුවන ඊශ්‍රායලය විදුලිය ස්ම්ප්‍රේශණය අත් හිටුවා දමා තිබෙනවා.ගාසා තීරය ...
09/10/2023

ගාසා ත්‍රීරයට (Gaza Strip) ප්‍රධාන විදුලි සැපයුම් කරුවන ඊශ්‍රායලය විදුලිය ස්ම්ප්‍රේශණය අත් හිටුවා දමා තිබෙනවා.ගාසා තීරය සතු ඉන්ධනද දින කිහිපයකින් අවසන්ව යනු ඇති බවත්, නුදුරේදීම පූර්ණ විදුලි ඇණහිටීමකට ඔවුන්හට මුහුණ දීමට සිදුවන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා!

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රාල-හමාස් සටන් ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බවට ඇය බාර ඊශ්‍රායල...
09/10/2023

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රාල-හමාස් සටන් ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බවට ඇය බාර ඊශ්‍රායල් ජාතික පවුල විසින් මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සටහනේ සිංහල පරිවර්තනය

(Yael Gilboa Be'eri හි Anula Jayathilaka සහ තවත් 4 දෙනෙක් සමඟ සිටී)

"අද අපේ හිත් කැඩිලා. දින දෙකක කනස්සල්ලෙන් හා අවිනිශ්චිතතාවයෙන් පසු අද උදෑසන අනුලා සොයා ගත් බව අපට දන්වා සිටියේය. ත්‍රස්තවාදීන් ඇය රැකබලා ගන්නා මහලු අන්ධ කාන්තාව "ඉතුරු" කළ නමුත් අනුලාට වෙඩි තබා මරා දැමීය. ඇගේ කුරිරු සහ ඉක්මන් වියෝවෙන් අපි තැළී සිටිමු.

අනුලා මගේ නැසීගිය අලිසා නැන්දාගේ භාරකාරිය විය. භක්තිමත් සහ රන් හදවතක් ඇති ඇය මිදුලේ සිටින බළලුන් ද බොහෝ විට කුරුල්ලන් සහ වෙනත් ජීවීන් ද රැකබලා ගත්තාය.

මගේ නැන්දනියගේ ඇවෑමෙන් පසු ඇය කිබුට්ස් බීරි හි දිගටම ජීවත් වූ අතර එට්ටි, පසුගිය දින දෙකේ භීෂණයෙන් වාසනාවන්ත ලෙස දිවි ගලවාගෙන ආරක්ෂිතව යමින් සිටියාය.

අපි අනුලාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ ශෝක වන අතර ඔවුන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු, ඇයව අමතක නොවනු ඇත"

අනුලා මහත්මිය ඔබට නිවන්සුව 💔🙏!!!

Jackson Anthony,1980 හොඳම නළුවා1980 හොඳම පිටපත1980 හොඳම නිෂ්පාදනය1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා1986 මරාසාද් හොඳම න...
09/10/2023

Jackson Anthony,

1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

තිරයත් දැන් හිස්..පුළුවන් නම් තිරය පුරෝපන් ! සත්තයි බෑ.. තේජවන්ත නික්මයාමක් අහිමිකරගත්තෙකු සේ මෙසේ පිටවීම අපට දුකකි ♥️

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්!

සුබ ගමන් ජැක්සන් 🙏♥️🏳

Copied 🙏🏻

විපතකදී පිහිටට එන, දන්දීමෙන් අග්‍ර වූ අපේ මනුස්සකම!!!ස්තූතියි ඔබ හැමෝටම ❤️
09/10/2023

විපතකදී පිහිටට එන, දන්දීමෙන් අග්‍ර වූ අපේ මනුස්සකම!!!

ස්තූතියි ඔබ හැමෝටම ❤️

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය2023 ඔක්තෝම්බර් මස 06 දින්‍ සවස 04.00 ට නිකුත් කරන ලදි.🚨බස්නාහිර, සබරගමුව, දක...
06/10/2023

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2023 ඔක්තෝම්බර් මස 06 දින්‍ සවස 04.00 ට නිකුත් කරන ලදි.

🚨බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි
හහෝ ගිගුරුම් සහිත වැසි ඇති හේ.

🚨බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රහේශවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

🚨ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ මාතහේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලෙයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

🚨 ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

❗ තවද නිල්වලා ගං ද්‍රෝණිය අවට පහත්බිම් වෙත මහා ගංවතුර තත්වයක අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර සිටී!

04/10/2023

Breaking 💥

12.5kg - රු.345කින්, 5kg - රු.137කින්, 2.3kg - රු.63කින්
ගෑස් මිල ඉහළ යයි..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ ද...
03/10/2023

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 24ක කාලසීමාව තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවය.

දකුණු පළාත සහ කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත.

මීට සුළු මොහොතකට පෙර තායිලන්තයේ බැංකොක් නුවර සියම් පැරගන් ප්‍රදේශයේ සමූහ වෙළදසැලක් තුල වෙඩි තැබීමේ සිද්ධියක් වාර්ථා වේ.T...
03/10/2023

මීට සුළු මොහොතකට පෙර තායිලන්තයේ බැංකොක් නුවර සියම් පැරගන් ප්‍රදේශයේ සමූහ වෙළදසැලක් තුල වෙඩි තැබීමේ සිද්ධියක් වාර්ථා වේ.The Nation Thailand පුවත් සේවයට අනුව සැකකරු 14 හැවිරිදි පිරිමි ළමයෙකි. මේ වන විට මරණ 3ක් සහ තුවාල ලැබූ ගණන 7ක්!

තරඟාකරීව තෙල් මිල අඩුකරන්න ගෙනාපු සිනොපෙක්  තෙල් මිල ඉහල දමයි!ඔක්ටේන් 95 පෙට්‍රල් හැර අනෙක් සියළු ඉන්ධන මිල ඉහලට..
01/10/2023

තරඟාකරීව තෙල් මිල අඩුකරන්න ගෙනාපු සිනොපෙක් තෙල් මිල ඉහල දමයි!

ඔක්ටේන් 95 පෙට්‍රල් හැර අනෙක් සියළු ඉන්ධන මිල ඉහලට..

Must Be Reunion as One 💯
26/02/2023

Must Be Reunion as One 💯

Pray For Turkey & Syria 🥺💔
07/02/2023

Pray For Turkey & Syria 🥺💔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News 24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share