Tʜᴇ Cʀʏsᴛᴀʟ Mɪʀʀᴏʀ විශ්වයට ද්වාරයක්.

  • Home
  • Tʜᴇ Cʀʏsᴛᴀʟ Mɪʀʀᴏʀ විශ්වයට ද්වාරයක්.

Tʜᴇ Cʀʏsᴛᴀʟ Mɪʀʀᴏʀ විශ්වයට ද්වාරයක්. දැනුම විනෝදය කැටිකරගත් නවමු අත්දැකීම

❤️
24/05/2023

❤️

https://m.facebook.com/story.php?story_fbid=637047941801248&id=100064881420122&mibextid=Nif5oz
24/05/2023

https://m.facebook.com/story.php?story_fbid=637047941801248&id=100064881420122&mibextid=Nif5oz

මේඝධාරා- Buy Now
මිල රු. 750.00
Grantha.lk වට්ටම 25%
වට්ටම් සහිතව ම්ල රු. 562.50

ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න
https://grantha.lk/meghadhara-thilanka-senanayake-kathru-grantha-distribution.html

පොත් ඇණවුම් කළ හැකි ක්‍රම;

www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.

⚫6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහි‌ටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම

⚫ කාර්යයාලීය වේලාවන් හී දී අපගේ 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.

⚫ ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp (071 9 448899) සේවා වලට හෝ Grantha.lk පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.

අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit / Credit Card
පොත ලබාගන්නා ආකාරය: - Courier / Reserve

https://m.facebook.com/story.php?story_fbid=631598735679502&id=100064881420122&mibextid=Nif5oz
13/05/2023

https://m.facebook.com/story.php?story_fbid=631598735679502&id=100064881420122&mibextid=Nif5oz

මේඝධාරා- Pre Order (Signed Copy)
මිල රු. 750.00
Grantha.lk වට්ටම 25%
වට්ටම් සහිතව ම්ල රු. 562.50

ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න
https://grantha.lk/meghadhara-thilanka-senanayake-kathru-grantha-distribution.html

පොත් ඇණවුම් කළ හැකි ක්‍රම;

www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.

⚫6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහි‌ටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම

⚫ කාර්යයාලීය වේලාවන් හී දී අපගේ 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.

⚫ ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp (071 9 448899) සේවා වලට හෝ Grantha.lk පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.

අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit / Credit Card
පොත ලබාගන්නා ආකාරය: - Courier / Reserve

මේඝධාරා 🧡
13/05/2023

මේඝධාරා 🧡

"ලෝකෙ අපි කොහේ කොහොම ජීවත් වුනත්  කෙනෙක් ඇහුවාම  අපේ මව්රටේ නම කියනවා. ඒක අභිමානයෙන් කිව්වත් අවමානයෙන් කිව්වත් අපට මව්රට...
28/11/2022

"ලෝකෙ අපි කොහේ කොහොම ජීවත් වුනත් කෙනෙක් ඇහුවාම අපේ මව්රටේ නම කියනවා. ඒක අභිමානයෙන් කිව්වත් අවමානයෙන් කිව්වත් අපට මව්රට අතැරලා කිසිම අනන්‍යතාවක් නැතුව ජීවත් වෙන්න බෑ.අපි හැමෝටම මව් රටක් තියනවා. අපේ මුතුන් මිත්තෝ ඒ රටේ පස් වලට පොහොර වෙලා තියෙනවා. අපි සියවස් ගණනක ඉතිහාස උඩින් අද තියෙන රට තෙක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයා දිග කාලෙකට පස්සේ අනුන්ගෙ රටක විනෝද වෙන්න යනවාට වඩා තමන්ගේ මව්රට බලලා එන එක හොදයි"

චිම්නි කෝපි.

පෙර ඇණවුම් දෙසැම්බර් 01 වෙනිදායින් අවසන්.
චින්තනී අමරසිංහ

Halloween ...බටහිර රටවල ඔක්තෝබර් 31 වෙනිදා සමරන විනෝදාත්මක බවක් දක්වන හැලොවින් උත්සවය ගැන දැන් දැන් පෙරදිග රටවලත් අවධානය...
03/11/2021

Halloween ...

බටහිර රටවල ඔක්තෝබර් 31 වෙනිදා සමරන විනෝදාත්මක බවක් දක්වන හැලොවින් උත්සවය ගැන දැන් දැන් පෙරදිග රටවලත් අවධානය යොමුවෙමින් පවති. අවතාර, පැණිරස, වට්ටක්කා ඔක්කොම මුසුවූ මේ දිනයේ ආරම්භය හා විකාශය ගැන සොයා බලමු.

වසර 2000කට පමණ පෙර දැන් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය හා ප්‍රංශයේ උතුරු කොටස්වල ජිවත් වූ සෙල්ටික් Celtic ජාතිකයන් අස්වනු නෙලන සමයේ අවසානය සටහන් කරන දිනය ලෙසයි හැලොවින් මුලින්ම ආරම්භ කර ඇත්තේ.මෙදිනෙන් පසු සිතල වැඩිවීමත් සමග භෝග මියයාමත්, පස් තදවෙන නිසාත් මේ රටවල වගා කළ නොහැකියි.

මේ දිනයේදී මළවුන්ගේ ආත්මයන් මිනිස් ලෝකයට පැමිණෙන බව ඔවුන් විශ්වාස කළහ. ගිනිමැල දල්වා ඒ වටා හිඳ මියගිය අය සිහිපත් කරමින් යාච්ඥා කර තිබේ. ඒ සමග පැමිණෙන නරක ආත්ම රවටන්නට සුදු හැඳ, කළු පාටින් මුහුණු පාට කරගෙනයි සෙල්ටික් ජාතිකයන් යාච්ඥා මෙහෙයන්ට සහභාගී වී තිබෙන්නේ.
අයර්ලන්තයේ ගේල් Gael ජාතිකයන් විශ්වාස කළේ මේ දිනයට අපේ ලෝකයත්, මළවුන්ගේ ලෝකයත් අතර බිත්තිය තුනී වන නිසා මළවුන්ගේ ආත්මයන් (spirits ) ඒ තුලින් මෙලොවට පැමිණ භෝගවලට හානි පමුණුවන බවයි. ඒ නිසා ඔවුන් 31 වෙනිදට මළවුන්ට ආරාධනා කිරීම සඳහා රාත්‍රී කෑම මේසයක් සුදානම් කළහ. නරක, නපුරු ආත්ම පලවා හැරීමට ගිනිමැල දැල්වූහ.

නමවන සියවස වෙද්දී සෙල්ටික් ප්‍රදේශවල ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමග ක්‍රමයෙන් පැරණි චාරිත්‍ර හා මුසුවෙමින් වෙනස්කම් සිදුවිය. ක්‍රි.ව. 1000දී ක්‍රිස්තියානි පල්ලිය නොවැම්බර් දෙවෙනි දින සියලු අත්මයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එය All Hallows day ලෙසත් හැඳින්වේ. දුප්පත් සෙල්ටික් මිනිසුන් පොහොසත් ක්‍රිස්තියානි මිනිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් යාච්ඥා කර ඒ සඳහා ආහාර ලබා ගැනීමට පුරුදු වී ඇත.

11වන සියවස වෙද්දී පොඩි ළමයි සුරංගනාවෝ, යක්කු, ශාස්තෘවරු වගේ ඇඳගෙන ගෙයින් ගෙට ගොස් මියගිය අය වෙනුවෙන් යාච්ඥා කළ විට ඔවුනට කුරුස ඇඳපු කේක් ලැබුණි. ඒවා කෑ විට එම ආත්මයන් දුකින් මිදී ස්වර්ගයට යන බව ඔවුන් විශ්වාස කළහ.

19වන සියවස වනවිට මෙසේ යාච්ඥා කරන එක ආගමික ගීතිකා ගයන එක බවටත්, කේක් දෙන එක පලතුරු, පැණිරස, මුදල් දීම බවටත් වෙනස් වේ. ක්‍රමයෙන් තරුණ පිරිස් මේ දිනයට විවිධ අමුතු ඇඳුම් ඇඳගෙන නිවෙස්වලට ගොස් ගීයක් ගයා, කවියක් කියා හෝ විහිළු කතාවක් , ජවනිකාවක් රංග දක්වා පලතුරු හා මුදල් ලබාගැනීම දක්වා චාරිත්‍ර වෙනස් වී ඇත. Trick කියන වචනය හැලොවින් වලට සම්බන්ධ වන්නේ එසේය. Trick එකක් කලවිට treat එකක් ලැබීම මෙහිදී සිදුවේ.

hallow eve නිසා පසුකාලීනව එය Halloween ලෙස විකාශය වූ බව සිතිය හැකියි. යුරෝපින් ඇමරිකාවට ආගමනයත් සමග මේ සිරිත් විරිත් සියල්ලම ඔවුන් සමග එහි ගෙනගොස් ඇත. මිට සමාන සිරිත් ඇමරිකාවේ ආදී වාසීන් අතරත්, වෙනත් යුරෝපා ජාතින් අතරත් තිබුණු බව සොයාගෙන ඇත.

ඇමරිකාවේදී මෙම යුරෝපා සිරිත්, ගෙයින් ගෙට ගොස් බියවැද්දීම් හා විහිළු කර පැණිරස කෑම ලබාගැනීම පමණකට සීමා වී ඇත. එයට trick -or treat කියන්න පටන් අරගෙන තියෙන්නේ 1927දී.
දෙවන ලෝක යුද්ධ සමයේ තරමක පසුබෑමකට ලක්වූ හැලොවින්, ඉන්පසු ළමුන් වෙනුවෙන් වූ විනෝද උත්සවයක් බවට පත්ව තිබේ. ඇඳුම් ක්‍රමයෙන් වවුලෝ, අවතාර, මන්තරකාරයෝ, ඊජිප්තු මමී විදියට විකාශය වී ඇත.

අයර්ලන්ත ජාතිකයන් මුලදී ටර්නිප් වලින් භයානක මුහුණු හැදු නමුත් ඇමරිකාවේ ටර්නිප් නැති නිසා ඒ වෙනුවට ඒ කාලයට බහුලව තියන වට්ටක්කා යොදාගන්න පටන්ගෙන තිබේ. වට්ටක්කා මදය අයින් කර මුහුණු කැටයම් කර මැදින් ඉටිපන්දම් ගහන Jack o lantern බිහිවෙලා තියෙන්නේ ඇමරිකානු ජන කතාවක් ඇසුරෙනි.

වට්ටක්කා ගෙඩිය ඉහලින් කපා මදය ඉවත්කර තියුණු පිහියකින් හැඩතල කැපීම පවුලේ අය සතුටින් කරන දෙයකි.
දැන් සියල්ල වාණිජකරණය වීමෙන්
හැලොවින් සඳහාම පොත්ත තද, විශාල වට්ටක්කා වගා කරයි. දැන් දැන් විවිධ ප්‍රමාණයෙන් යුතු ප්ලාස්ටික් වට්ටක්කාත් වෙළඳ පොලට ඇවිත් ඇත.

හොලොවින් සඳහා නිවෙස් සැකසීමේ සිට ආහාර බෙදීම, විනෝද උත්සව පැවැත්වීම, ඇඳුම් සැකසීම, සංගීතය පවා විශේෂයෙන් නිර්මාණය වී තිබේ.
ඇඳුම් සකස් කරන එක ව්‍යාපාරයක් ලෙස මේ සමයේ ඉහලින්ම කෙරෙයි. සුපර් මෑන්, වෙස්මුණු, කඩු, තුවාල, ලේ පෙරාගත් අය, ඇටසැකිලි, නපුරු මන්තරකාරියෝ...
මේවා ඇඳගෙන පැණිරස දෙන අයයි , ගන්න එන අයයි එකිනෙකාව බය කරගනී.

ටොෆි චොකලට් ආදී පැණිරස හැලොවින් සඳහාම විශේෂයෙන් නිපදවෙයි. පැණිරස වර්ග මෙන්ම ඒවා එකතු කරන්න ගෙනියන විවිධ හැඩ බඳුන් වෙළඳ පොලේ පවති.

නිවෙස් ඉදිරිපස හැලොවින් සඳහා සැරසිලි කිරීම ඔක්තෝබර් මස මැද සිටම සිදු කෙරෙයි. මකුළු දැල්, සොහොන්කොත්, මිනි ඔළු, අවතාර වගේ සැරසිලි නිවෙස් ඉදිරියේ දැකීම මුලින්නම් පෙරදිග අපේ සිත බියපත් කරවීමට සමත් විය. විවිධ විදියේ වට්ටක්කත්, පාළු බවක් උසුලන හා භීතිය දනවන දර්ශනත් නිවෙස් ඉදිරියේ දැකීම බහුලයි. හවසට පැණිරස ඉල්ලන්න එන ළමයි බයකරන්න සංගීත ඛණ්ඩ පවා අමුතුවෙන් නිපදවෙයි.

ඔක්තෝබර් 31 වෙනිදා බිම් කළුවර වැටෙනකොටම විවිධ ඇඳුම් ඇඳගත් ළමුන් ගෙන්ගෙට යාම පටන්ගනි. සරසන ලද ගෙවල්වල වැසියන් ඔවුන්ට පැණිරස බෙදයි.
නිවෙස්වලට ගොස් පැණිරස එකතු කිරීමේ වයස ඉක්මවූ තරුණ හා මහලු පිරිස් විවිධ ඇදුම් ඇඳගෙන සාද පවත්වයි.

එදා දවස පුරා මෙවැනි ඇඳුම් ඇඳගත් අය, සැරසිලි කරගත් අය මගතොටේ දැකීම අරුමයක් නොවේ. හැලොවින් දිනය දැන් පාසල්වල, ආයතනවල විවිධ ඇඳුම් ඇඳගෙන විනෝද උත්සව තියන විනෝදකාමී දිනයක් බවට පත්ව තිබේ.

හැලොවින් දිනය සඳහා ඇමෙරිකානුවන් වසරකට ඩොලර් බිලියන හයක් පමණ වැය කරන බවත් සඳහන් ය.

අන්තර්ජාලය ඇසුරෙනි...

ටූටන්ඛාමූන් රජු...ටූටන්ඛාමූන් (අමෙන්, අමොන්,අමුන් යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ සිටි ...
29/09/2021

ටූටන්ඛාමූන් රජු...

ටූටන්ඛාමූන් (අමෙන්, අමොන්,අමුන් යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ සිටි පාරාවෝවරයෙකි. (රාජ්‍ය. ක්‍රි.පූ. 1332–1323 පමණ)

ඔහු රාජ්‍ය පාලනය කළේ ඊජිප්තු ඉතිහාසයේ නව රාජධානිය හෙවත් නව අධිරාජ්‍ය යුගය යනුවෙන් හැඳින්වුණු යුගයේ ය. ඔහුගේ තොරතුරු අනාවරණයෙන් පසුව ඔහුව කටවහරේ ටුට් රජ යනුවෙන් ප්‍රචලිත විය. ඔහුගේ මුල් නාමය "ආටන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය" යන අරුතැති ටූටන්ඛාටන් යන්නයි. නමුත් ටූටන්ඛාමුන් යන්නෙහි අරුත "අමුන්ගේ ජීවමාන ප්‍රතිබ්ම්බය" යන්නයි.

රූපාක්ෂරවලින් ටූටන්ඛාමූන් යන නාමය සාමාන්‍යයෙන් ලියන ලද්දේ අමෙන්-ටුට්-අන්ඛ් ලෙසයි. එයට හේතුව එකල ලේඛන සම්ප්‍රදායයේදී ගෞරවය හැඟවීම පිණිස දිව්‍යමය නාමයක් පාඨයක මුලට යෙදීමයි. අමර්ණ ලිපිවල සඳහන් නිභුරෙරෙයා රජු ටූටන්ඛාමූන් යැයි යෝජනා වී ඇත. එසේම පුරාතන ඉතිහාසඥයකු වූ මැනතෝ විසින් සඳහන් කොට ඇති වසර නවයක් රාජ්‍ය පාලනය කළේ යැයි පැවසෙන රතෝටිස් රජු ද මොහු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ පිළිබඳ ෆ්ලේවියස් ජොසෆස්ගේ මැනතෝගේ විස්තරය නැමැති සංස්කරණයේ සඳහන් වේ.

1922දී හොවාඩ් කාටර් සහ ජෝජ් හර්බට් විසින් ටූටන්ඛාමූන්ගේ නොඉඳුල් සොහොන්ගැබ අනාවරණය කරගන්නා ලදී. මෙම සොහොන්ගැබ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. මෙය පුරාතන ඊජිප්තුව පිළිබඳ මහජන උනන්දුව වැඩිකරලීමට හේතු විය. දැනට ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇති ටූටන්ඛාමුන්ගේ වෙස්මුහුණ ජනප්‍රිය සංකේතයක් බවට පත්ව තිබේ.

ඔහුගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි. 2010 පෙබරවාරි මස DNA පරීක්ෂාවලින් සනාථ වූයේ ඔහු අක්නාටන් (KV55 මමිය) ගේ පුත්‍රයා බවයි. ඔහුගේ මව අක්නාටන්ගේ සොහොයුරියක සහ භාර්යාවක (KV35YL මමිය) වූ අතර, ඇගේ නාමය නොදනී. නමුත් ඇගේ ‍දේහය යැයි හඳුනාගත් මමියක් KV35 සොහොන්ගැබෙන් සොයාගත් අතර, එය "ලාබාල යුවතිය" යනුවෙන් හඳුන්වනු ලබයි. ටූටන්ඛාමුන්ගේ සොහොන්ගැබ කැනීමට දායක වූ කිහිප දෙනකු "අද්භූත" අයුරින් මියයාම හේතුවෙන් පාරාවෝවරුන්ගේ ශාපය නැමැති මතයක් පැතිර ගියේ ය.

දිවිය

ටූටන්ඛාමූන් යනු යනු අක්නාටන් (මුල් නම IVවන අමෙන්හොටෙප්) රජුට දාව අක්නාටන්ගේ සොයුරියක හෝ ඔහුගේ නෑනාවරියකට උපන් පුත්‍රයෙකි. කුමාර අවධියේ ඔහු හැඳින්වුණේ ටූටන්ඛාටන් යන නාමයෙනි. ක්‍රි.පූ. 1333දී සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු නවයක් හෝ දහයක් වන්නට ඇත. අනතුරුව ඔහු නෙබ්ඛෙපෙරුරේ යන සිහසුන් නාමය ආරූඪ කරගත්තේ ය. ඔහුගේ කිරි මව මේයා නැමැති කාන්තාවක බව සකාරාහි ඇගේ සොහොන්ගැබෙහි සඳහන් වේ. ඔහුගේ ගුරුවරයා බොහෝ විට සෙනෙඩ්ජෙම් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

රාජ්‍යත්වයට පත්වූ පසු ඔහු සිය අර්ධ-සොයුරියක වූ අන්ඛෙසෙන්පාටන්ව විවාහ කරග්තතේ ය. ඇය පසුකලෙක ඇගේ නාමය අන්ඛෙසෙනමුන් ලෙස වෙනස් කරගත්තා ය. ඔවුනට දියණියන් දෙදෙනකු විය. නමුත් ඒ දෙදෙනාම මළ දරු උපත් ය.

2011දී ප්‍රකාශයට පත්කෙරුණු පරිගණකගත තීරු ප්‍රතිබිම්බකරණ අධ්‍යයන අනුව අනාවරණය වූයේ ඔහුගේ එක් දියණියක් මියගොස් ඇත්තේ ගර්භනීභාවයේ 5-6 මාසවලදී බවත්, අනෙක් දියණිය ගර්භනීභාවයේ 9වන මාසයේ පමණ බවත් ය. මෙම මමීවල සහජ අසාමාන්‍යතාවන් හෝ මරණයට නිශ්චිත හේතුවක් දක්නට ලැබුණේ නැත.

රාජ්‍ය සමය
ඔහුගේ වයස සලකා බලන විට, රජුට ඉතා බලවත් උපදේශකවරුන් සිටින්නට ඇත. මේ අතර සෙන්පති හොරෙම්හෙබ් (ප්‍රධාන අමාත්‍ය ආයිගේ බෑනා විය හැක. එසේම ආයිගේ අනුප්‍රාප්තිකයා ද වේ) සහ ප්‍රධාන අමාත්‍ය ආයි (ටූටන්ඛාමූන්ගෙන් පසු සිහසුනට පත්වූ) ද සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. හොරෙම්හෙබ් සඳහන් කොට ඇත්තේ රජු විසින් තමන්ව "භූමියේ අධිපති" ලෙස පත්කර නීතිය පවත්වා ගැනීම උදෙසා ප්‍රවේණි කුමරු ලෙස නම්කළ බවයි. එසේම ලාබාල රජු කෝපගන්නා විට ඔහුව සංසිඳුවීමට ඔහුට පැවති හැකියාව ද එහි සඳහන් කොට ඇත.

සිය තෙවන රාජ්‍ය වර්ෂයේ, සිය උපදේශකයන්ගේ බලපෑම මත ටූටන්ඛාමූන් විසින් සිය පියාගේ සමයේ සිදුකළ ඇතැම් වෙනස්කම් අවලංගු කරන ලදී. ඔහු ආටන් දෙවිඳු ඇදහීම අවලංගු කොට, අමුන් දෙවිඳුන් ප්‍රධාන දේවතාවා ලෙස නම්කළේ ය. අමුන් දේව වන්දනාවට වූ තහනම ඉවත් කෙරුණු අතර, එහි පූජකයන්ගේ සම්ප්‍රදායික වරප්‍රසාද යළි ලබාදෙන ලදී. රාජ්‍යයේ අගනුවර නැවත තීබ්ස් වෙත ගෙන යන ලදී. මේ හේතුවෙන් අක්ටාටන් නගරය වල්බිහි විය. මෙකල අමුන් වන්දනාව සවිමත් කරමින් ඔහු සිය නාමය ටූටන්ඛාමූන් ලෙස වෙනස් කරග්තතේ ය. එහි අරුත "අමුන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය" යන්නයි.

සිය ප්‍රතිෂ්ඨාපනයේ කොටසක් ලෙස රජු නව ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා මුලපිරී ය. මේ අතර තීබ්ස්හි කාර්නැක් දෙවොලේ අමුන් දෙවිඳුට පුද කළ දේවස්ථානයක් ද වේ. බොහෝ ස්මාරක ඉදි වූ අතර, ඔහුගේ සොහොන්ගැබේ ද්වාරයේ ඇති ශිලාලේඛනයක සඳහන් වන්නේ රජු "සිය දිවිය ගෙවූයේ දෙවිවරුන්ගේ රූ ආදර්ශයට ගනිමින් බවයි". සම්ප්‍රදායික උත්සව සැමරීම යළි ආරම්භ විය. මේ අතර අපිස් ගවයා, හොරෙමැඛෙට් සහ ඔපෙට් සැමරුම් උත්සව ද විය. ඔහුගේ ප්‍රතිෂ්ඨාපන ශිලාවේ මෙසේ සඳහන් වේ:

දෙවිවරුන්ගේ සහ දෙවඟනන්ගේ දෙවොල් ... නටබුන් වී තිබිණි. ඒවායේ පූජාස්ථාන ජනශුන්‍ය වී වල්බිහි වී ගියේ ය. එහි අභයභූමි විද්‍යාමාන නොවූ අතර, අංගණයන් මාර්ග ලෙස භාවිතා විය ... දෙවිවරු මෙම භූමිය කෙරෙහි පිටපාන්නට වූහ ... කිසිවකු දෙවියන්ගේ උපදෙස් පතා යාඥා කළහොත් ඔහුට කිසිදා පිළිතුරක් නොලැබෙනු ඇත.

අක්නාටන්ගේ රාජ්‍ය සමයෙන් පසු රාජ්‍යය ආර්ථිකව දුර්වල වෙමින් පැවති අතර අවුල් සහගත තත්ත්වයක පැවතිණි. සෙසු රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොසලකා හැර තිබිණි. ටූටන්ඛාමූන් එම රාජ්‍ය, විශේධයෙන්ම මිටැනිය සමග සබඳතා නැවත ප්‍රතිෂ්ඨාපනයට අපේක්ෂා කළේ ය. ඔහු ලද සාර්ථකත්වය, ඔහුගේ සො‍හොන්ගැබේ තිබී හමුවූ විවිධ රටවල්වලින් හිමි වූ ත්‍යාගවලින් පෙනේ. ඔහු සබඳතා වැඩිදියුණු කරගැනීමට උත්සාහ දැරුව ද, නුබියානුවන් සහ ආසියාතිකයන් අතර ඇති වූ සටන් පිළිබඳ තීබ්ස්හි ඔහුගේ මතකාගාර දෙවොලේ සඳහන්ව ඇත. ඔහුගේ සොහොන්ගැබේ සන්නාහ පැවති අතර, යුධ ආක්‍රමණ සඳහා උචිත හකුලන මේස ද දක්නට ලැබිණි. කෙසේනමුත් යොවුන් වියේ පසුවුවත්, ඔහුගේ කායික අසාමාන්‍යතා හේතුවෙන් ඇවිදීම පිණිස සැරයටියක් භාවිතා කිරීමට සිදු වූ බව පෙනේ. (ඔහු මිය යන විට වයස අවුරුදු 19කි) ඉතිහාසඥයන් අනුමාන කරන්නේ ඔහු පෞද්ගලිකව එම සටන්වලට සහභාගී නොවන්නට ඇති බවයි.

පෙළපත
2008දී, පර්යේෂක කණ්ඩායමක් විසින් ටූටන්ඛාමූන් සහ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ගේ මමීකෘත ශේෂයන් ආශ්‍රයෙන් DNA පර්යේෂණයක් සිදුකරන ලදී. මෙම DNA නියැදිවල ප්‍රතිඵල අනුව අනාවරණය වූයේ ඔහුගේ පියා අක්නාටන් බවත්, ඔහුගේ මව අක්නාටන්ගේ හඳුනන බිසෝවරුන්ගෙන් අයකු නොවන බවත්, නමුත් අක්නාටන්ගේ සොයුරියන් පස්දෙනාගෙන් අයකු බවත් ය. මෙම අධ්‍යයනයේ දී භාවිතා වූ ක්‍රමවේද මතභේදයට තුඩු දී ඇත.

පර්යේෂක කණ්ඩායම වාර්තා කළේ ටූටන්ඛාමූන්ගේ පියා වූ KV55 සොහොන්ගැබෙන් හමුවූ මමියේ හිමිකරු‍, IIIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයා වීමට 99.99%ක සම්භාවිතාවක් ඇති බවයි. මෙම ලාබාල රජුගේ මව DNA පරීක්ෂණයේ දී 'ලාබාල යුවතිය' (KV35YL) යනුවෙන් හඳුන්වන මමියේ හිමිකාරිණිය බව පැහැදිළි විය. ඇගේ මමිය සොයාගැනුණේ KV35 සොහොන්ගැබේ කුටියක ටියේ රැජිනගේ මමිය අසල තිබී ය. ඇගේ DNA පරීක්ෂාවෙන් ද සනාථ වූයේ ටූටන්ඛාමූන්ගේ පියා මෙන්ම ඇය ද, IIIවන අමේනහොටෙල් සහ ටියේගේ දියණියක බවයි. මේ අනුව ටූටන්ඛාමූන්ගේ දෙමව්පියන් සොහොයුරා සහ සොයුරිය බව පැහැදිළි විය. ටියේ රැජින රාජ මාලිගයේ විශාල දේශපාලන බලයක් ඉසිලූ අතර, ඇය සිය සැමියාගේ මරණින් පසු සිය පුත්‍රයාට උපදේශකවරියක ලෙස කටයුතු කළා ය. ඇතැම් ජාන විද්‍යාඥයන් මෙම සොයාගැනීම් පිළිබඳ සැකපහළ කරමින් පවසන්නේ "මෙහි විශ්ලේෂණ ක්‍රමවේද නුසුදුසු බවයි.

දත්ත අසම්පූර්ණ වුවත්, අධ්‍යයනය අනුව පෙනීයන්නේ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ තිබී හමුවූ එක් මමීකෘත භ්‍රෑණයක් ඔහුගේ දරුවකු විය හැකි බවයි. මේ වනතෙක් KV21 සොහොන්ගැබෙන් හමුවූ කාන්තා මමී ද්විත්වය පිළිබඳ අනාවරණය කරගෙන ඇති තොරතුරු අසම්පූර්ණ ය. ඒ අතුරින් KV21A නැමැති මමිය බොහෝ විට එම ළදරුවන්ගේ මව විය හැකි බව පෙනේ. එසේ නම් ඇය ටූටන්ඛාමූන්ගේ බිසව වන අන්ඛෙසෙනමුන් වනු ඇත. ඉතිහාසය අනුව ඇය අක්නාටන්ගේ සහ නෙෆර්ටිටිගේ දියණියයි. ඒ අනුව ඇය ඇගේ සැමියාගේ අර්ධ-සොයුරිය ද වේ. මෙසේ සහාභිජනන පිළිවෙතේ ප්‍රතිඵලය ලෙස බිහිවන දරුවන්ගේ ජානමය විකෘතිතා හේතුවෙන් ඔවුනට ජීවත් වන්නට ඉඩ‍ නොලැබෙන අවස්ථා ද දක්නට ලැබේ.

මරණය

ටූටන්ඛාමූන්ගේ අවසන් කාලය පිළිබඳ සඳහන් වාර්තා හමුනොවේ. ටූටන්ඛාමූන්ගේ මරණයට හේතුව කුමක් ද යන්න වාදවිෂයයක් බවට පත්ව ඇත. ප්‍රධාන අධ්‍යයන මගින් ඔහුගේ මරණයට විවිධ හේතූන් දැක්වීමට උත්සාහ දරා ඇත. හාවර්ඩ් ක්ෂුද්‍රජීව විද්‍යාඥ රැල්ෆ් මිචෙල් විසින් සොයාගන්නා ලද්දේ ඔහුගේ භූමදානය ඉක්මණින් සිදුකොට ඇති බවකි. මිචෙල් වාර්තා කළේ ටූටන්ඛාමූන්ගේ භූමදාන කුටීරයේ බිත්තිවල ඇති විසිතුරු කළ බිත්තිවල දක්නට ලැබෙන අඳුරු දුඹුරු පැහැ ලපවලට හේතුව, එහි තීන්ත වේලීමටත් පෙර දේහය භූමදාන කිරීම විය හැකි බවයි.

ටූටන්ඛාමූන් ඝාතනය වූ බවට ඇති මතයන් සැකකටයුතු වුවත්, ඔහුගේ මරණය හදිසි අනතුරක් බව සාමාන්‍ය පිළිගැනීමයි. 2005දී සිදුකළ CT පරිලෝකනයක දී පෙනීගොස් ඇත්තේ, ඔහු පාදයේ සංකීර්ණ අස්ථි බිඳීමකින් පීඩා විඳ ඇති බවයි. ඔහුගේ මරණයට මඳ කලකට පෙර, ඔහුගේ පාදය ආසාදනය වී ඇත. 2010දී සිදුකළ DNA විශ්ලේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ඔහුගේ සිරුර තුළ මැලේරියා රොගකාරක පැවතී ඇති බවයි. මේ හේතුවෙන් මැලේරියාව සහ කොහ්ලර්ගේ රෝගය II නිසා ඔහු මියගිය බවට විශ්වාස කෙරිණි.

2010 ජූනි මස, ජර්මන් විද්‍යාඥවරුන් ප්‍රකාශ කළේ ඔහු මියගියේ දෑකැති සෛල රෝගයෙන් බවට සාක්ෂි ඇති බවයි. කෙසේනමුත්, වෙනත් විද්වත්හු මෙම සමයුග්මක දෑකැති සෛල රෝගය පිළිබඳකල්පිතය ප්‍රතික්ෂේප කළහ. මේ සඳහා ඔවුන් පාදක කරගත්තේ 5වන විය ඉක්මවා සිටීමත්, අස්ථිවිපන්‍යයේ ව්‍යාප්තිය අනුව එය දෑකැති-සෛල රක්තහීනතාවට වඩා ෆ්‍රයිබර්ග්-කොහ්ලර් සහලක්ෂණයේ අවස්ථාවක් බැවිනි. 2005දී පුරාවිද්‍යාඥයින්, විකිරණවේදීන් සහ ජාන විද්‍යාඥයින් විසින් මමියේ CT පරිලෝකන සිදු කරමින් මෙහෙයවන ලද පරීක්ෂණයෙන් පෙනී ගියේ ඔහු පෙර සිතූ පරිදි මියගොස් ඇත්තේ හිසට සිදු වූ පහර දීමකින් නොවන බවයි.නව CT ප්‍රතිබිම්බ අනුව පෙනී ගොස් ඇත්තේ මෙවන් ව්‍යාභිචාර විවාහ මගින් උපත ලබන දරුවන් අතර සහජ විකෘතිතා බහුල බවයි. සහෝදර-සහෝදරි විවාහ මගින් හානිකර ජානවල ද්විත්ව පිටපත් ආවේණිගත වන හෙයින්, මෙවන් විවාහවලින් බිහිවන දරුවන් ජාන විකෘතිතාවන් පෙළෙන බව පැහැදිළි ය. එසේම ඔහුට සහජ ආබාධයක් ලෙස අර්ධව බෙදුණු තල්ලක් තිබූ බවට සැක කෙරේ.

පෙර සඳහන් කළ පරිදි, පර්යේෂක කණ්ඩායම විසින් ඔහුව කිහිප වරක්ම මැලේරියා රෝගකාරක පරපෝෂිතයන් මගින් ආසාදනය වී ඇති බව DNA පරීක්ෂාව මගින් අනාවරණය කරගන්නා ලදී. මැලේරියාව හේතුවෙන් රුධිර සංසරණ කම්පනයක් හෝ දේ‍හයේ මාරාන්තික ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇතිවිය හැකි ය. මේ තත්ත්වයන් මරණයට පවා හේතුවිය හැක. ටූටන්ඛාමූන් අස්ථි රෝගයකින් පීඩා විඳ ආබාධිත තත්වයට පත්ව තිබුණ ද, එය මරණයට හේතුවූවා විය නොහැක. "ඇතැම්විට ඔහු වෙනත් [සහජ ආබාධ] නිසා පීඩා විඳින්නට ඇත. අනතුරුව මැලේරියාව උග්‍ර වීමෙන් හෝ අනතුරකින් පාදය බිඳීම හේතුවෙන් දේහයට එම අපහසුතාව දරා සිටිය නොහැකි වන්නට ඇත" යනුවෙන් ඊජිප්තු ශ්‍රේෂ්ඨ පුරාවස්තු මණ්ඩලයේ සභාපති, පුරාවිද්‍යාඥ සාහි හවාස් සඳහන් කරයි.

2013 වර්ෂයේ අගභාගයේ, ඊජිප්තුවේදියකු වූ ආචාර්ය ක්‍රිස් නෝන්ටන් සහ ක්‍රැන්ෆීල්ඩ් ආයතනයේ විද්‍යාඥයන් විසින් ටූටන්ඛාමූන්ගේ "අතථ්‍ය මරණ පරීක්ෂණයක්" සංවිධානය කරන ලදී. ඔහුගේ සිරුරේ එක් පසෙක තුවාල රටාවක් දක්නට ලැබිණි. මෝටර් රථ-අනතුරු පරීක්ෂකයන් අනතුරුව රථ අනතුරු පිළිබඳ සමාකරණයක් සකසන ලදී. නොන්ටන් නිගමනය කළේ ටූටන්ඛාමූන් මියගියේ ඔහුගේ රථය අනතුරට ලක්වීමෙන් බවයි. රථයේ කොටස් ඔහුගේ දණහිස්, පර්ශු සහ ශ්‍රෝණියට හානි සිදුකිරීමට සමත් විය. එසේම නෝන්යන් හොවාඩ් කාටර්ගේ වාර්තාවක් වූ දේහය පිළිස්සී ඇති බවට වූ වාර්තාව ද උපයෝගී කරගත්තේ ය. මානව විද්‍යාඥ ආචාර්ය. රොබට් කොනලි සහ වෝහාරික පුරාවිද්‍යාඥ ආචාර්ය මැතිව් පොන්ටිං සමග එක්ව නෝන්ටන් පැවසූයේ මිනීපෙට්ටිය තුළ මුද්‍රා තබා තිබිය දී ටූටන්ඛාමූන්ගේ දේහය පිළිස්සී ඇති බවයි. එම්බාම් තෙල් ඔක්සිජන් සමග මිශ්‍ර වීමෙන් ලිනන් සමග රසායනික් ප්‍රතිකියාවක් සිදුවන්නට ඇත. එමගින් උෂ්ණත්වය 200°Cට වඩා ඉහළ යන්නට ඇත. නොන්ටන් පවසන්නේ, "අසම්පූර්ණ මමීකරණය හේතුවෙන් භූමදානයෙන් මඳ කලකට පසුව දේහය අන්පේක්ෂිත ලෙස ස්වයංසිද්ධව පිළිස්සෙන්නට ඇති බවයි."

2014දී පැවැත්වුණු වැඩිදුර පර්යේෂණයකින් පෙනීගියේ ඔහු මිය යන්නට ඇත්තේ රිය අනතුරකින් නොවන බවයි. පරිලෝකනයන්ගෙන් පෙනී ගියේ එකක් හැර හිස්ක‍බලේ සෙසු සියලු බිඳීම් සිදුව ඇත්තේ ඔහුගේ මරණින් පසුව බවයි. එසේම ඔහුගේ උපතේදීම ඔහුගේ පාදය අර්ධ වශයෙන් විකෘතිව පැවති බව අනාවරණය විය. මේ හේතුවේන ඔහුට ආධාරයක් නොමැතිව සිටගත් නොහැකි විය. මේ නිසා ඔහු රිය පැදවූයේ ද යන්න සැක සහිත ය. මේ මතයට ආධාර ලෙස ඔහුගේ සොහොන්ගැබේ තිබූ සැරයටි දැක්විය හැක. මේ නිසා විශ්වාස කෙරුණේ ඔහුගේ දෙමව්පියන් සොහොයුරා සහ සොහොයුරිය වීම නිසා ඇති වූ ජානමය විකෘතිතාවන්, බිඳුණු පාදය නිසා ඇති වූ සංකූලතාවන් සහ මැලේරියාව යන සියලු සාධකවල බලපෑම නිසා ඔහු මියයන්නට ඇති බවයි.

ප්‍රතිඵලය

ටූටන්ඛාමූන්ගේ සහ ඔහුගේ නූපන් දරුවන් දෙදෙනාගේ මරණයත් සමග, තුත්මොසීය පෙළපත අවසන් විය. අමර්ණ ලිපි අනුව පෙනීයන්නේ වැන්දඹුවක් බවට පත්වූ ටූටන්ඛාමූන්ගේ බිරිඳ, Iවන සුපිලුලියුමා නැමැති හිටයිට් රජුට ලිපියක් ලියමින් ඔහුගේ පුත්‍රයකු තමන්ට විවාහ කරදෙන් මෙන් ඉල්ලා ඇති බවයි. මෙම ලිපිවල ටූටන්ඛාමූන් මියගිය ආකාරය සඳහන් නොවේ. මෙම පණිවිඩයෙහි, අන්ඛෙසෙනමුන් පවසන්නේ තමන් බියට පත්ව සිටින බවත්, තමන් තමන්ගේම ජනයාගෙන් අයකු සමග විවාහ නොවන බවයි. කෙසේනමුත්, නව බිරිඳ වෙත යාමට පෙර සුපිලුලියුමාගේ පුත්‍රයා ඝාතනය විය. ඉන් මඳ කලකට පසු ආයි ටූටන්ඛාමූන්ගේ වැන්දඹුව විවාහ කරගෙන පාරාවෝ බවට පත් විය. රටවල් දෙක අතර යුද්ධයක් ඇති වූ අතර ඉන් ඊජිප්තුව පරාජයට පත් විය.‍

අන්ඛෙසෙනමුන්ගේ ඉරණම නොදනී. ආයිගේ දෙවන බිරිඳ වූ ටෙයි මහා රාජකීය බිරිඳ බවට පත්වූ පසු ඇය පිළිබඳ වාර්තා හමු නොවේ. ආයිගේ මරණින් පසු ‍‍හොරෙම්හෙබ් සිහසුන පැහැරගෙන ඔහුට එරෙහිව ඩැම්නේෂියෝ මෙමොරියේ ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ටූටන්ඛාමූන්ගේ පියා වූ අක්නාටන්, සුළු මව නෙෆර්ටිටි, එහුගේ බිරිය වූ අන්ඛෙසෙනමුන්, අර්ධ සොයුරියන් සහ සෙසු පවුලේ සාමාජිකයන් ද ඊට නතු විය. ටූටන්ඛාමූන්ට ද ඉන් ගැලවුමක් හිමි නොවිණි. එහිදී ඔහුගේ රූප සහ කාර්ටුෂයන් මකාදැමිණි. හොරෙම්හෙබ්ට දරුවන් නොසිටි අතර, ඔහු සිහසුන පරමෙසු හට පැවරී ය. පරමෙසු රැම්සෙසීය පාරාවෝ පෙළපත ආරම්භ කළේ ය.

වැදගත්කම

ටූටන්ඛාමූන් පාරාවෝ හෙවත් රා දෙවියන්ගේ පුත් තනතුරට පත්වන විට ඔහුගේ වයස අවුරුදු නවයකි. ඔහු ආසන්න වශයෙන් වසර දහයක් පමණ රාජ්‍ය පාලනය සිදුකළේ ය. ඓතිහාසික වශයෙන් ටූටන්ඛාමූන්ගේ සමය වැදගත් වන්නේ ඊජිප්තුව මේ සමයේ ලෝක බල ව්‍යාප්තියේ උච්චස්ථානයට ආසන්න ස්ථානයක පැතිර පැවති නිසාත්, ඔහු සිය පියා වූ අක්නාටන්ගේ විප්ලවවාදී ඒකදේවවාදී ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කිරීමත් නිසායි.

දෙවනුව රජුන්ගේ නිම්නයේ තිබී කාටර් විසින් අනාවරණය කරගත් ඔහුගේ සොහොන්ගැබ එතෙක් අතගසා නොතිබූ වඩාත් සම්පූර්ණතම පුරාතන ඊජිප්තු සොහොන්ගැබ වීම නිසාවෙනි. ටූටන්ඛාමූන්ගේ රාජ්‍ය සමය ඇරඹෙන විට, ඔහු ලාබාල වියේ පසු වූ බැවින් ඔහුගේ අමාත්‍ය මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ආයි විසින් රාජසභාවේ වැදගත් දේශපාලන තීරණ ගැනීම සිදුකරන්නට ඇත.

එකල රජවරුන්ගේ මරණින් පසු මතකාගාර වන්දනාව හා ඒ හා සම්බන්ධ දේවස්ථාන ඔස්සේ ඔවුනට ගෞරව කිරීම සිදු විය. ටූටන්ඛාමූන් සිය රාජ්‍ය සමය තුළ දී මෙලෙස වන්දනාමානවලට ලක් විය. කාර්නැක් දෙවොලෙන් හමුවූ ශිලා පුවරුවක් අමුන්-රා දෙවිඳුන්ට පුදකර තිබීමෙන්, පෙනෙන්නේ එකල පාපකර්ම වෙනුවෙන් ඔහු සමාව පුදකළ දෙවියකු ලෙස සලකා ඇති බවයි. ඔහුව වන්දනා කෙරුණු දේවස්ථාන කවා සහ නූබියාවේ ෆරාස් වැනි දුරබැහැර ප්‍රදේශවලින් ද හමු වේ. කුෂ්හි ප්‍රතිරාජයාගේ සොයුරියගේ පදවි නාමයෙහි මෙම දිව්‍යමය රජුට සම්බන්ධතාවක් දක්වා ඇත. මෙමගින් ඔහුගේ වන්දනාවෙහි වූ සර්වත්‍රභාවය පිළිබිඹු වේ.

සොහොන්ගැබ

ටූටන්ඛාමූන්ගේ දේහය භූමදානය කළ සොහොන්ගැබ ඔහුගේ තත්ත්වයට සාපේක්ෂව කුඩා බව පෙනී යයි. ඇතැම්විට ඔහුගේ මරණය අනපේක්ෂිත ලෙස සිදුවීම එයට හේතු වන්නට ඇත. මේ වනවිට ඔහු වෙනුවෙන් ඉදකෙරෙමින් පැවති විශාල රාජකීය සොහොන්ගැබේ වැඩ අවසන් නොවීම හේතුවෙන්, ඔහුව වෙනත් අයකුගේ සොහොන්ගැබක මිහිදන් කරන්නට ඇත. මෙහි දී මරණය සහ භූමදානය අතර දින 70හි සම්ප්‍රදායය අනුගමනය කරන්නට ඇත.

ටූටන්ඛාමූන්ගේ මමිය මේ වනවිට රජුන්ගේ නිම්නයේ ඔහුගේ සොහොන්ගැබ තුළ තැන්පත් කොට ඇත. 2007 නොවැම්බර් 4දින, එනම් කාටර්ගේ සොයාගැනීමෙන් වසර 85කට පසු මෙම 11 වියැති පාරාවෝවරයාගේ දේහය ලුක්සෝර්හි ඔහුගේ භූගත සොහොන්ගැබ වෙත රැගෙන යන ලදී. එහිදී ඔහුගේ ලිනන්වලින් වෙලූ මමිය රන් මිනීපෙට්ටියෙන් ඉවත්කොට, කාලගුණ තත්ත්ව පාලිත වීදුරු පෙට්ටියක් තුළ තැන්පත් කරන ලදී. මෙම වීදුරු ආවරණය යෙදූයේ සොහොන්ගැබට ඇතුළුවන සංචාරකයන් නිසා ඇති වන තෙතමනය සහ උෂ්ණත්වයෙන් මමිය වියෝජනය වන වේගය අවම කරලීමටයි.

අතීතයේ ඔහුගේ සොහොන්ගැබ දෙවතාවක්වත් සොරුන්ගේ ග්‍රහණයට ලක්වන්නට ඇත. නමුත් සොරකම් කොට ඇති දෑ (ඉක්මණින් නරක්වනසුලු තෙල් සහ සුවඳ විලවුන්) සහ සොහොන්ගැබ ප්‍රතිෂ්ඨාපනය කොට ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේ දී, මෙම සොරකම් මූලික භූමදානයෙන් මාස කිහිපයක් තුළ සිදුවන්නට ඇති බව පෙනේ.

ක්‍රමයෙන්, සොහොන්ගැබ පිහිටි ස්ථානය සැඟව යන්නට වූයේ එය යාබද සොහොන්ගැබ්වල ගල්කැබලිවලින් වැසී යාම නිසායි. මේවා ගොඩගැසූ ඒවා හෝ ගංවතුරින් රැගෙන ආ ගල් කැබලි වන්නට ඇත. ඉන් වසර කිහිපයකට පසු, සොහොන්ගැබේ දොරටුව ඉදිරිපිට කම්කරු කුටි ඉදිවිණි. නමුත් මෙම ස්ථානය පිළිබඳ කිසිවකු දැනසිටියේ නැත. 20වන රාජවංශය අවසානය වන විට රජුන්ගේ නිම්නයේ භූමදාන ස්ථානවල ක්‍රමයෙන් කොටස් ගළවීම සිදු විය. නමුත් ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබ ඔවුනට හමුවී නැත. ඇතැම්විට ඒ සඳහා එම සොහොන්ගැබ අතුරුදන් වූ බවට වූ විශ්වාසය හෝ රජුගේ නාමය අමතකව යාම හේතුවන්නට ඇත.

වසර ගණනාවක සිට "පාරා‍වෝවරුන්ගේ ශාපය" (සිය අලෙවිය වැඩිකරගැනීමේ අරමුණින් මෙය පතුරුවන ලද්දේ පුවත්පත් විසිනි) පිළිබඳ දූසමාන ආරංචි පැතිර ගියේ ය. මෙයට හේතුවූයේ එම සොහොන්ගැබවට ඇතුළු වූ කිහිප දෙනකු අකාලයේ මිය යාමයි. නමුත් අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ සොහොන්ගැබ සහ මිනී පෙට්ටිය විවෘත කරන විට එයට පුද්ගලයින් 58ක් දායක වූ බවත්, දශකයක් තුළ මියගියේ ඉන් අටදෙනකු පමණක් බවත් ය. සෙසු සියල්ලෝම ජීවත්ව සිටියහ. පසුකලෙක 1939දී හොවාඩ් කාටර් ලිම්ෆෝමා රෝගයෙන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 64කි.මෙහි අවසන් සාමාජිකයා වූ ඇමරිකානු පුරාවිද්‍යාඥ ජේ. ඕ. කිනමන් 1961දී මියගියේ එම සිදුවීමෙන් වර්ෂ 39කට පසුවයි.

උල්කාශ්ම සිරිය

2016 ජූනි මස, වාර්තාවක් මගින් පෙන්වා දුන්නේ ටූටන්ඛාමූන් පාරාවෝවරයා සමග භූමදානය කොට තිබූ සිරිය යකඩ උල්කාශ්මයකින් සැදි බවයි. එහි ලෝහ (යකඩ, නිකල් සහ කොබෝල්ට්) අනුපාතය ඒ අසල පිහිටි ඛර්ගා ක්ෂේමභූමිය අනුව නම්කළ උල්කාශ්මයට සමානත්වයක් දැක්වී ය. මෙම සිරියේ ලෝහ එම උල්කා ප්‍රවාහයෙන් ලබාගත්තකැයි විශ්වාස කෙරේ.

නිකොලස් රීවස් අනුව, ටුටන්ඛාමුන්ගේ අවමංගල භාණ්ඩ අතුරින් 80%ක් පමණම නෙෆර්නෙෆරුආටන් පාරාවෝවරියගේ මුල් අවමංගල භාණ්ඩ අතුරින් ලබාගත් ඒවායි. මේ අතර ඔහුගේ සුප්‍රකට රන් වෙස්මුහුණ, මැදි මිනීපෙට්ටිය, කැනපික බඳුන්, රන් ආලේපිත වන්දනා පනේල කිහිපයක්, ෂැබ්ටි-රූප, මංජුසා සහ අටු, රාජනීය ආභරණ ආදිය ද වේ. 2015දී, රීවස් විසින් මෙයට සාක්ෂියක් ලෙස ටුටන්ඛාමුන්ගේ සුප්‍රකට රන් වෙස්මුහුණේ වූ පැරණි කාර්ටුෂයක් ඉදිරිපත් කරයි. මෙහි දැක්වෙන්නේ "අන්ඛ්ඛෙපෙරුරේ මෙරි-නෙෆර්ඛෙපෙරුරේ" (හෙවත් අක්නාටන්ගේ ප්‍රියාදර අන්ඛ්ඛෙපෙරුරේ) යන නාමයයි. මේ නිසා මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කෙරුණේ අක්නාටන්ගේ අගබිසව වූ නෙෆර්ටිටි රැජින වෙනුවෙනි. ඇය සිය සැමියාගේ මරණින් පසු සිහසුනට පත්වූ පසු අන්ඛ්ඛෙපෙරුරේ යන රාජකීය නාමය භාවිත කළා ය.

මෙම තොරතුරු අනුව හැඟීයන්නේ බල අරගලයක දී නෙෆර්නෙෆරුආටන් (අක්නාටන්ගේ මරණින් පසු සිහසුනට පත් වූ නෙෆර්ටිටි විය හැකියි) බලයෙන් පහකළ බවයි. එහිදී ඇයට රාජකීය භූමදානයක් ලබා නොදී රැජිනක ලෙස භූමදානය කොට ඇත. නැතහොත් ටුටන්ඛාමුන් ඇගෙන් පසු සිහසුනට පත් වූ බැවින් ඔහුගේ නිලධාරීන් ඇයව වෙනත් රජකු‍‍ගේ අවමංගල භාණ්ඩ කට්ටලයක් සහිතව භූමදානය කරන්නට ඇත. බොහෝවිට මෙම භාණ්ඩ අක්නාටන්ට අයත් වූවා වන්නට ඇත. නෙෆර්නෙෆරුආටන් රැජිනියගේ අවමංගල භාණ්ඩ ඔහුගේ සොහොන්ගැබේ පැවතීම හේතුවෙන් නෙෆර්නෙෆරුආටන්ගෙන් පසු ටූටන්ඛාමූන් සිහසුනට පත් වූ බව විශ්වාස කෙරේ.

ටූටන්ඛාමූන් ලොව සුප්‍රකටම පාරාවෝවරයා වේ නම් ඒ වඩාත් සුරක්ෂිතව ඇති ඔහුගේ ‍සොහොන්ගැබ සහ ඔහුගේ රුව හා සම්බන්ධ පුරාවස්තු හේතුවෙනි. ජොන් මැන්චිප් වයිට් විසින්, කාටර්ගේ ද ඩිස්කවරි ඔෆ් ද ටූම්බ් ඔෆ් ටූටන්ඛාමූන් ග්‍රන්ථයේ 1977 සංස්කරණයේ පෙරවදනෙහි සඳහන් කරන්නේ, "ජීවමාන සමයේ අවම සැලකිල්ලට භාජනය වූ නමුත්, මරණින් මතු වඩාත් ප්‍රසිද්ධියට පත්වූ ඊජිප්තුවේ පාරාවෝවරයා" ඔහු බවයි.

ඔහුගේ සොහොන්ගැබේ තිබී කෞතුක වස්තූන් 5,398ක් පමණ හමු විය. මේ අතර, ඝන රන් මිනීපෙට්ටිය, වෙස් මුහුණ, සිහසුන්, දුනු, නෙළුම් කුසලානය, ආහාර, වයින් සහ නැවුම් ලිනන් යටඇඳුම් ද විය. හොවඩ් නාටර්ට මෙම වස්තූන් ලැයිස්තුගත කිරීමට වසර 10ක් ගත විය. මෑතකාලීන විශ්ලේෂණයකින් යෝජනා වී ඇත්තේ සොහොන්ගැබෙන් සොයාගත් සිරිය (කිණිස්ස) උල්කාශ්මවලින් සැදි තලයකින් යුක්ත වූ බවයි. මෙකල ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු පිළිබඳ අධ්‍යයනය මගින් මධ්‍යධරණී පෙදෙස අවට එකල පැවති ලෝහ තාක්ෂණික ක්‍රමශිල්ප හඳුනාගත හැක.

මෙම සොහොන්ගැබ සොයාගැනීම 1920 දශකයේ ප්‍රමුඛ ප්‍රවෘත්ති අතුරින් එකක් විය. ටූටන්ඛාමෙන්ගේ නාමය නූතන වාක්කරණය අනුව "ටුට් රජ" යුනවේන ප්‍රකට විය. පුරාතන ඊජිප්තුව ජනප්‍රිය සංස්කෘතිය සඳහා මාතෘකා බවට පත් විය. මේ අතර ටින් පෑන් ඇලීගේ ගීත ද වේ. මෙහිදී වඩාත් ජනප්‍රිය වූයේ 1923 හැරී වොන් ටිල්සර්ගේ "Old King Tut" නිර්මාණයයි. මෙය පටිගත කිරීමට ජෝන්ස් සහ හෙයාර් මෙන්ම සොෆී ටකර් වැනි ප්‍රමුඛ ශිල්පීන් දායක විය. "ටුට් රජ" යන නාමය නිෂ්පාදන, ව්‍යාපාර මෙන්ම එක්සත් ජනපද ජනපති හර්බට් හූවර්ගේ සුරතල් සුනඛයාගේ නාමයට ද යොදාගැනිණි.

ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ පුරාවස්තු ලොව වඩාත් සංචාරයට ලක් වූ පුරාවස්තු ලෙස සැලකෙයි. නමුත් මේ අතුරින් වඩාත් ප්‍රකට ප්‍රදර්ශන සංචාරය 1972 සිට 1979 දක්වා පැවති ද ට්‍රෙෂර්ස් ඔෆ් ටූටන්ඛාමූන් සංචාරයයි. මෙම ප්‍රදර්ශනය පළමුවරට ඇරඹුණේ 1972 මාර්තු 30 සිට සැප්තැම්බර් 30 දක්වා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ය. මිලියන 1.6කට අධික පිරිසක් මෙය නැරමූ අතර ඇතැමුන්ට පැය අටක් වැනි කාලයක් පෝළිම්වල රැඳී සිටීමට ද සිදු විය. මෙය එම කෞතුකාගාර ඉතිහාසයේ සුප්‍රකටම ප්‍රදර්ශනය ලෙස සැලකෙයි. මෙම ප්‍රදර්ශනය ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය, ප්‍රංශය, කැනඩාව සහ බටහිර ජර්මනිය ඇතුළු රටවල් ගණනාවකම ප්‍රදර්ශනය කෙරිණි. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගරය විසින් එක්සත් ජනපදයේ සංවිධානය කළ ප්‍රදර්ශනය 1976 නොවැම්බර් 17 සිට 1979 අප්‍රේල් 15 තෙක් පැවති අතර, මිලියන අටකට වැඩි පිරිසක් එය නැරඹූහ.

2004දී ටූටන්ඛාමූන්ගේ අවමංගල භාණ්ඩ ප්‍රදර්ශනයක් ටූටන්ඛාමූන්: ද ‍ගෝල්ඩ්න් හියර්ආෆ්ටර් යුනවෙන් නම්කෙරුණු අතර, මෙයට ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ පුරාවස්තු පනහක් සහ සෙසු 18වන රාජවංශ සොහොන්ගැබ්වලින් හමුවූ පුරාවස්තු අන්තර්ගත විය. ස්විට්සර්ලන්තයේ බාසල් නුවර ඇරඹි මෙහි දෙවන අදියර ජර්මනියේ බොන් නුවර පැවැත්විණි. මෙම යුරෝපා සංචාරක ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ජර්මන් සාමූහික ජනරජයේ කලා සහ ප්‍රදර්ශන ශාලාව, ශ්‍රේෂ්ඨ පුරාවස්තු කවුන්සිලය (SCA) සහ ඊජිප්තු කෞතුකාගාරය සමග ඇන්ටිකන්මියුසියම් බාසල් සහ සෑම්ලන්ග් ලුඩිවිග් ආයතනවල සහ‍යෝගීත්වයෙනි. බොන් ප්‍රදර්ශනය සඳහා ඩොයිෂ් ටෙලිකොම් ආයතනය විසින් අනුග්‍රහය දක්වන ලදී.

2005දී ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨ පුරාවස්තු කවුන්සිලය සමග ආට්ස් ඇන්ඩ් එක්ස්හිබිෂන්ස් ඉන්ටර්නැෂල් සහ නැෂනල් ජියෝග්‍රැ‍ෆික් ආයතනවල සහයෝගීත්වයෙන් ටූටන්ඛාමූන් පුරාවස්තු සහ සෙසු 18වන රාජවංශ අවමංගල භාණ්ඩ ප්‍රදර්ශනයක් ටූටන්ඛාමූන් ඇන්ඩ් ද ගෝල්ඩන් ඒජ් ඔෆ් ද ෆේරෝස් යන තේමාව යටතේ පැවැත්විණි. මෙය ටූටන්ඛාමෙන්: ද ගෝල්ඩ්න් හියර්ආෆ්ටර් ප්‍රදර්ශනයම වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කිරීමකි. මෙමගින් මිලියන තුනකට වැඩි ජනතාවක් අකාර්ෂණය කරගැනීමට අපේක්ෂා කෙරිණි.

මෙම ප්‍රදර්ශනය ලොස් ඇන්ජලීස්වලින් ආරම්භ වී ෆෝට් ලෝඩර්ඩේල්, ෆ්ලොරිඩාව, චිකාගෝ සහ ෆිලඩෙල්ෆියා ප්‍රදේශ වෙත ව්‍යාප්ත විය. අනතුරුව එය 2008 අගෝස්තු මස ලන්ඩන්හි පැවැත්විණි. අවසානයේ එය ඊජිප්තුව වෙත යළි පිටත් විය. එක්සත් ජනපදයේ පැවති ප්‍රදර්ශනය නැවත වරක් 2008 ඔක්තෝබර් සිට 2009 මැයි දක්වා ඩලස් කලා කෞතුකාගාරයේ පැවැත්විණි. මෙම සංචාරය වෙනත් එක්සත් ජනපද නගරවල ද සංවිධානය කෙරිණි. ඩලස් ප්‍රදර්ශනයෙන් පසු එය සැන් ෆ්‍රැන්සිස්කෝවේ ඩි යන්ග් කෞතුකාගාරය සහ නිව් යෝක් නගරයේ ඩිස්කවරි ටයිම්ස් චතුරස්‍ර ප්‍රදර්ශනයේ ද පැවැත්විණි.

2011දී, පළමු වරට ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය පැවැත්විණි. අප්‍රේල් මස එහි විවෘත කිරීමේ උත්සවය මෙල්බර්න් කෞතුකාගාරයෙහි පැවැත්විණි. 2011 දෙසැම්බර් මස එය නැවත කයිරෝව වෙත රැගෙන යන ලදී.

මෙම ප්‍රදර්ශනයට ටූටන්ඛාමූන්ට පෙර දහඅටවන රාජවංශයේ රාජ්‍ය කළ හට්ෂෙප්සුට් රැජිනිය වැනි පාරාවෝවරුන්ගේ කෞතුක වස්තූන් 80ක් අන්තර්ගත විය. ඇගේ සමයේ අනුගමනය කළ වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් පසුකාලීනව ටූටන්ඛාමූන් වැන්නවුන්ගේ අධික වියදම්කාරී භූමදානයන්ට ධනය උපයාගත හැකිව තිබිණි. එසේම ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබට අයත් වස්තූන් 50ක් පමණ ද අන්තර්ගත විය. 1972-1979 සංචාරයේ ප්‍රදර්ශනාංගයක් වූ සුප්‍රකට රන් වෙස්මුහුණ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් නොවිණි. එයට හේතුව සංචාරයන් සඳහා යොදා ගැනීමට වෙස්මුහුණ බි‍ඳෙනසුලු වැඩි යැයි ඊජිප්තු රජය තීරණය කිරීමයි. ඒ නිසා ඉන් පසු එය සංචාරක ප්‍රදර්ශන සඳහා යොදා නොගැනිණි.

ටූටන්ඛාමූන් ඇන්ඩ් ද වර්ල්ඩ් ඔෆ් ෆේරෝස්නැමැති වෙනත් ප්‍රදර්ශනයක් 2008 මාර්තු 9 සිට සැප්තැම්බර් 28 දක්වා වියානා මානව විද්‍යා කෞතුකාගාරයේ පැවැත්විණි. මෙහි අමතරව කෞතුක අංග 140ක් අන්තර්ගත විය.යළි නම්කළ ටූටන්ඛාමූන්: ද ‍ගෝල්ඩන් කිං ඇන්ඩ් ද ග්‍රේට් ෆේරෝස් නැමැති ප්‍රදර්ශනය 2008 නොවැම්බර් සිට 2013 ජනවාරි 6 තෙක් එක්සත් ජනපදය සහ කැනඩාවේ ප්‍රදර්ශනය කෙරිණි.

අන්තර්ජාලය ඇසුරෙනි ...

සාංචිය...ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි මහා ස්තූපය ඇතුළත් බෞද්ධ විහාර සංකීර්ණයසාංචි ස්තූපය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ...
27/09/2021

සාංචිය...

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි මහා ස්තූපය ඇතුළත් බෞද්ධ විහාර සංකීර්ණය

සාංචි ස්තූපය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිසේන් දිස්ත්‍රික්කයේ සාංචි නගරයේ පිහිටා ඇත. එය මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර වන භෝපාල් සිට කිලෝමීටර 46ක් (සැතපුම් 29) ඊසානදිගට වන්නට පිහිටා තිබේ.

සාංචියේ මහා ස්තූපය ඉන්දියාවේ පැරණිතම පාෂාණමය ඉදිකිරීමක් වන අතර, එය ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයේ වැදගත් ස්මාරකයක් වේ. මෙහි මුල් නිර්මාණය ක්‍රි.පූ. 3වන සියවසේ අශෝක අධිරාජයාගේ මූලිකත්වයෙන් සිදු විය. එහි ගර්භය සරල අර්ධ ගෝලාකාර ගඩොළු ව්‍යූහයක් වූ අතර, එහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට තිබිණි

වර්තමානයේ සාංචියේ දක්නට ලැබෙන ස්මාරක මෞර්ය අධිරාජ්‍ය යුගයේ (ක්‍රි.පූ. 3වන සියවස) සිට අඛණ්ඩව ගුප්ත අධිරාජ්‍ය යුගය (ක්‍රි.ව. 5වන සියවස) දක්වාත්, සහ අවසානයේ ක්‍රි.ව. 12වන සියවස අවට දී නිර්මාණය වූ බෞද්ධ ස්මාරක සමූහයකි. මෙය බොහෝවිට ඉන්දියාවේ වඩාත්ම හොඳින් සංරක්ෂණය වී ඇති බෞද්ධ ස්මාරක සමූහය විය හැක. මෙහි ඇති පැරණිතම සහ විශාලතම ස්මාරකය වන මහා ස්තූපය මුලින්ම මෞර්ය ‍යුගයේ ඉදිවූ අතර, එය අසල අශෝක ස්තම්භයක් ද පිහිටුවා තිබිණි. පසුකාලීන සියවස්වල දී, විශේෂයෙන්ම ශුංග සහ සාතවාහනයන්ගේ කාලසීමාවේ දී මහා ස්තූපය විශාල කොට තනවා අලංකාර තොරණ සහ වේදිකා ද එක් කරන ලදී.

ඉන් අනතුරුව, ගුප්ත අධිරාජ්‍ය යුගය තෙක්ම එයට විවිධ අංග එක් කෙරිණි. මේ අනුව, සමස්තයක් වශයෙන් ගත්කළ සාංචිය පුරාතන ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයේ සහ ඉන්දියානු බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ විකාසනය පෙන්වන කැඩපතක් බඳු ය. මෙමඟින් මුල්කාලීන බුද්ධාගම, එහි ආදිතම කලා සම්ප්‍රදායයන් සහ ඉන්දීය උපමහාද්වීපයේ බුද්ධාගමේ පරිහානිය තෙක් කාලසීමාව නිරූපණය කරයි.

මෞර්ය යුගය (ක්‍රි.පූ. 3වන සියවස) සංස්කරණය

සාංචියේ "මහා ස්තූපය" මෙහි ඇති පැරණිතම ව්‍යූහය වන අතර, එය මුලින් නිර්මාණය කරන ලද්දේ ක්‍රි.පූ. 3වන සියවසේ මෞර්ය අධිරාජ අශෝක විසිනි.මෙහි මධ්‍යය බුදුන් වහන්සේගේ ධාතු නිධන් කොට තැනූ අර්ධ ගෝලාකාර ගඩොල් නිමැවුමකින් සමන්විත විය.එහි පාදම වටා උස්වූ පේසාවක් පිහිටි අතර, ගර්භය මත ගරාදි වැටක් සහ උසස් බව හැඟවීම උදෙසා ඡත්‍රයක් ද සවිකොට තිබිණ. මෙහි මුල් ස්‍තූපය වර්තමාන ස්තූපයේ විෂ්කම්භයෙන් අඩක් පමණ වූ අතර, ශුංගයන් විසින් එය විශාල කොට ඇත. වර්තමානයේ පාෂාණයෙන් ආවරණය කිට තිබුණ ද, අතීතයේ එය ගඩොල්වලින් ආවරණය කොට තිබිණි.

අන්තර්ජාලය ඇසුරෙනි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tʜᴇ Cʀʏsᴛᴀʟ Mɪʀʀᴏʀ විශ්වයට ද්වාරයක්. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share