Mahaweli Heritage

  • Home
  • Mahaweli Heritage

Mahaweli Heritage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahaweli Heritage, News & Media Website, .

07/10/2021

වලව යෝජනා ක්‍රමය යටතේ ' චන්ද්‍රිකා වැවේ ' ඉදිකිරීම් ආරම්භ කොට ඇත්තේ 1957 ඔක්තෝබර් 7 වෙනිදාය.

27/08/2021

එවක අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ගල්ඔය නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණේ 1949 අගොස්තු 27 වෙනිදාය.

මාදුරුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කොට ඇත්තේ 1978 අගෝස්තු 14 වෙනිදාය.
14/08/2021

මාදුරුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කොට ඇත්තේ 1978 අගෝස්තු 14 වෙනිදාය.

04/07/2021

මහවැලි විල්ලු .....

02/07/2021

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ මාදුරුඔය ජලාශයේ මංගල දියවර නිකුත් කෙරුණේ 1983 ජූලි 2 වෙනිදාය.

14/06/2021

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මාදුරුඔය ව්‍යාපාරයේ වැඩ ආරම්භ කෙරුණේ 1980 ජුනි 14 වෙනිදාය.

26/05/2021

දිගින් මීටර් 420 ක් හා උසින් මීටර් 41.5 ක වේල්ලක් මහවැලි ගග හරහා නිමවා තැනුනු රන්ටැඹේ ජලාශයේ විදුලි බලාගාරය 1990 මැයි 26 වෙනිදා ජනතා අයිතියට පැවරිණි.

කණ්ඩලම වැවෙන් 1976 මැයි 23 වෙනිදා ප්‍රථම වරට මහවැලි ජලය නිකුත් කිරීම සිදුකොට තිබෙයි.
23/05/2021

කණ්ඩලම වැවෙන් 1976 මැයි 23 වෙනිදා ප්‍රථම වරට මහවැලි ජලය නිකුත් කිරීම සිදුකොට තිබෙයි.

30/04/2021

අභය වැව හෙවත් බසවක්කුලම වැව
ලෝක උරුමයක් ලෙස නම් කිරීමට තීරණය
--------------------------------------
ක්‍රි.ව 437-367 අතර කාලයේ පණ්ඩුකාභය රජු විසින් ඉදිකළ මෙරට වාරි කර්මාන්තය තුළ පළමු වැව ලෙසින්ද සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව හෙවත් බසවක්කුලම වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කොට තිබෙයි.
මෙම අභය වැවට පෙර ඉදිවූ වෙනත් වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි පවසන ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා සැපිරිය යුතු සුදුසුකම් දහයෙන් එකක් හෝ සම්පූර්ණ කළ යුතු වන බවත් අභය වැව ඉන් සුදුසුකම් හතරක්ම සපුරා ඇති බවත් දක්වා තිබෙයි.
අනුරාධපුරයේ පූජා නගරයේ මහ මෙව්නා උයනේ අටමස්ථාන ආශ්‍රිතව පිහිටා ඇති අභය වැව
වර්ග සැතපුම් 3.8 ක ප්‍රමාණයෙන් යුක්ත වෙයි.
වැවේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 1900කි.
අඩි 3900 ක් පමණ දිග වැව් බැම්මකින් සමන්විත මෙම අභය වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණි.
විවර 9 යකින් හා අඩි 100ක් පමණ දිගකින් යුතු වානක් සහිත මෙම වැව මගින් කුඹුරු අක්කර 390 කට පමණ වී වගාව සදහා අවශ්‍ය වාරි ජලය සපයනු ලබයි.
( ඡායාරූපය අන්තර්ජාලයෙනි)

14/04/2021
09/04/2021

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමට , එහි ජලාශ වේල්ලේ හා උමගේ ඉදිකිරීම් කටයුතු 1980 අප්‍රේල් 10 වෙනිදා ආරම්භ කෙරිණි .

09/04/2021

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ උල්හිටිය ජලාශය 1983 අප්‍රේල් 9 වෙනිදා විවෘත කෙරිණි.

04/04/2021

1984 අප්‍රේල් 4 වෙනිදා අභිනවයෙන් ඉදිකෙරුණු වික්ටෝරියා ජලාශයට මහවැලි ජලය පිරවීමේ කටයුතු ආරම්භ කෙරිණි .

23/03/2021

රන්දෙණිගල ජලාශයේ ජලය පිරවීමේ කටයුතු ආරම්භ කෙරුණේ 1986 මාර්තු 23 වෙනිදාය.

23/03/2021

මහවැලි යෝජනා ක්‍රමය යටතේ වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1980 මාර්තු 23 වෙනිදාය.

21/03/2021

මහවැලි සංවර්ධන පනත අනුමත වූයේ 1950 මාර්තු 21 වෙනිදාය.

10/03/2021

මහවැලි සංවර්ධනය යටතේ කොත්මලේ නව නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1990 මාර්තු 10 වෙනිදාය.

01/03/2021

එකල මහවැලි ගංගාව හරහා කටුගස්තොටදී ඉදිකෙරුණු ඓතිහාසික යකඩ පාලම ගමනාගමනය සදහා විවෘත කෙරුණේ 1860 මාර්තු 1 වෙනිදාය

27/02/2021
14/02/2021

මාදුරුඔය යෝජනා ක්‍රමයේ මුල් අදියරේ වැඩ අවසන් කෙරුණේ 1982 පෙබරවාරි 14 වෙනිදාය.

12/02/2021

වර්ග හෙක්ටයාර 7529.1 ක විශාලත්වයෙන් යුතු මින්නේරිය - ගිරිතලේ වන ජීවි රක්ෂිතය ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1988 පෙබරවාරි 12 වෙනිදාය.

12/02/2021

වර්ග හෙක්ටයාර 12432 ක විශාලත්වයෙන් යුතු ගල්ඔය නිම්න ඊසානදිග රක්ෂිතය සහ වර්ග හෙක්ටයාර 15281 ක විශාලත්වයෙන් යුතු ගල්ඔය නිම්න අග්නිදිග රක්ෂිතය අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1954 පෙබරවාරි 12 වෙනිදාය.

12/02/2021

වර්ග හෙක්ටයාර 2324 ක විශාලත්වයෙන් යුතු සේනානායක සමුද්‍රය වන ජීවි රක්ෂිතය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1954 පෙබරවාරි 12 වෙනිදාය.

12/02/2021

වර්ග හෙක්ටයාර 25900 ක විශාලත්වයෙන් යුතු ගල්ඔය වන ජීවි රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1954 පෙබරවාරි 12 වෙනිදාය.

12/02/2021

මිනිපේ ඇළ ව්‍යාපාරය ආරම්භ කෙරුණේ 1941 පෙබරවාරි 12 වෙනිදාය.

කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කොට ඇත්තේ අදින් අවුරුදු 42 කට පෙර...
04/02/2021

කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කොට ඇත්තේ අදින් අවුරුදු 42 කට පෙර...

04/02/2021

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ කොත්මලේ ජලාශයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 1979 පෙබරවාරි 4 වෙනිදාය.

උල්හිටිය - රත්කිඳ ජලාශ ව්‍යාපෘතිය----------------------- ------මෙම ව්‍යාපෘතිය යටතේ උල්හිටිය ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්...
30/01/2021

උල්හිටිය - රත්කිඳ ජලාශ ව්‍යාපෘතිය
----------------------- ------
මෙම ව්‍යාපෘතිය යටතේ උල්හිටිය ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1978 ජනවාරි 30 වෙනිදාය. මෙහිදී උල්හිටිය ජලාශය උල්හිටිය ඔය හරහාත් , රත්කිඳ ජලාශය රත්කිඳ ඔය හරහාත් ඉදිකොට තිබෙයි. මෙම ජලාශ දෙක විවෘත ඇළ මාර්ග දෙකක් මගින් සම්බන්ධ වී තිබෙයි.

උල්හිටිය ජලාශය කරා පැමිණෙන්නේ මිනිපේ සිට අන්තර් නිම්න ඇළ මාර්ගය ඔස්සේ ගලා එන ජලය උල්හිටිය ඔයට එකතුවීමෙනි. උල්හිටිය ජලාශ වේල්ලේ වම් ඉවුරු ඇළෙන් මහවැලි ' සී ' කලාපයටත් , රත්කිඳ ජලාශ වේල්ලේ වම් ඉවුරු ඇළෙන් මහවැලි ' බී ' කලාපයටත් ජලය සැපයේ.
මාදුරුඔය නිම්නයට මහවැලි ජලය සැපයෙන්නේද මෙම ජලාශයේ සිට වෙයි.

මෙම ජලාශ මුළුමනින්ම වාරි ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ඉදිකොට ඇති අතර ජල ධාරිතාවය ජලය ඝන මීටර් මිලියන 145 කි. උල්හිටිය වේල්ලේ දිග කි.මීටර් 4.70 ක් වන අතර උස මීටර් 28 කි. රත්කිඳ වේල්ල කි.මීටර් 1.20 ක් වන අතර උස මීටර් 21 කි.

මෙම ජලාශ ව්‍යාපෘතියට රුපියල් මිලියන 262 ක මුදලක් වැයකොට ඇති අතර එම සියළු මුදල් ශ්‍රී ලංකා රජය දරා තිබෙයි. මූලික සැලසුම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදුකොට අවසන් සැලසුම් මහවැලි ඉංජිනේරු හා කොන්ත්‍රාත් ඒජන්සිය සිදුකොට තිබෙයි. ප්‍රධාන කොන්ත්‍රාත් කරුවන් ලෙස කටයුතු කොට ඇත්තේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංවර්ධන සමාගමයි.
සටහන - දිනේෂර පුංචිහේවා
ඡායාරූප - අන්තර්ජාලයෙනි
#චදිපු_2021_1_30

30/01/2021

වර්ග හෙක්ටයාර් 42088.8 ක විශාලත්වයෙන් යුතු වික්ටෝරියා , රන්දෙණිගල සහ රන්ටැඹේ වන ජීවි රක්ෂිත අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1987 ජනවාරි 30 වෙනිදාය.

29/01/2021

උල්හිටිය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1978 ජනවාරි 30 වෙනිදාය.

වැසි දියෙන් ආඪ්‍යව , ගංවතුරක්ව සැඩවූ මහවැලි ගංදිය..
27/01/2021

වැසි දියෙන් ආඪ්‍යව , ගංවතුරක්ව සැඩවූ මහවැලි ගංදිය..

අතීතයේ දවසක්....

22/01/2021
13/01/2021

එවක ලොව ලොකුම වාරි ව්‍යාපෘතිය වූ Sukkur Barrage Dam ( Lloyd Barrage) විවෘත කරනු ලැබුවේ 1932 ජනවාරි 13 වෙනිදාය.

08/01/2021

නූතන වාරි කර්මාන්තයන් තුළ යෝධ ඇළ ප්‍රතිශංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත්තේ 1978 ජනවාරි 8 වෙනිදාය.

08/01/2021

2007 වර්ෂයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කෙරුණු මොරගහකන්ද ජලාශය වැඩ නිම කිරීමෙන් පසු
2018 ජනවාරි 8 වෙනිදා ජනතා අයිතියට පත් කෙරුණේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

08/01/2021

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු පොල්ගොල්ල හැරවුමේ පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීමෙන් පසු එය ජනතා අයිතියට පත් කිරීම එවක් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මූලිකත්වයෙන් සිදුකෙරුණේ 1976 ජනවාරි 8 වෙනිදාය.

අදින් හරියටම අවුරුදු 45 කට පෙර පොල්ගොල්ල හැරවුමේ මුල් අදියරේ ඉදිකිරීම් නිමකොට ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරිණි.
07/01/2021

අදින් හරියටම අවුරුදු 45 කට පෙර පොල්ගොල්ල හැරවුමේ මුල් අදියරේ ඉදිකිරීම් නිමකොට ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරිණි.

'මහවැලි බී' කලාපය ආදර්ශ කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු 1998 ජනවාරි 2 වෙනිදා ආරම්භ කොට තිබෙයි.
01/01/2021

'මහවැලි බී' කලාපය ආදර්ශ කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු 1998 ජනවාරි 2 වෙනිදා ආරම්භ කොට තිබෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mahaweli Heritage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share