Kandy ලමිස්සි

  • Home
  • Kandy ලමිස්සි

Kandy ලමිස්සි ලට්ට ලොට්ට ..අරක මේක ...සතුට ,කඳුල,දැනුම ,? දකින දේට කැමතිනම් like කරන්න /share කරන්න :) අකමැතිනම් ඒකත් කියල :)
(11)

නවතින්න නිදහසක් නැති  පිරිමි ....!! ආසාවට ගෙදර ඉන්න ...හිතුමතේට රස්සාවෙන් අයින්වෙන්න ..රස්සාවට නොයා ඉන්න ...99% ම පිරිමි...
01/03/2023

නවතින්න නිදහසක් නැති පිරිමි ....!!

ආසාවට ගෙදර ඉන්න ...
හිතුමතේට රස්සාවෙන් අයින්වෙන්න ..
රස්සාවට නොයා ඉන්න ...
99% ම පිරිමින්ට
කොහෙද නිදහසක් .....🤔

අව්කාශ්ටේ වේලිවෙලි
තැන් තැන්වල ..
දවස් කුලිය හොයාගන්න ...
සමහරක් ....පිරිමි ...
අනේ අම්මපා විදින දුකක්...

ඒත් කොහෙන්ද
ඔවුනට
" දැන් මෙ ඇති " කියා
නවතින්න ....
නිදහසක් .....!!!

සති අන්තයේ ..නිවාඩුවට ..
ඉදහිට දවසක හවසට
යාලුවෝ සෙට් වෙලා
උන්ට කොහෙද නිදහසක් ..
හිතේ සැනසීමෙන් මදුවිතක් තොලගාන්න ...
දොඩමලුවෙලා හිනාවෙන්න...

බැදලා නැත්නම් අම්මා ...
බැදල නම්
දොස්දෙවොල් තියන "නෝනා"...
අනේ අම්මපා
පැය භාගෙන් භාගෙට
කතාකරකර
මුන්ව ගෙදර ගෙන්න ගන්න
කරන වදයක්...😌😁😂

නිවාඩු දවසට
පැයක් දෙකක්
වැඩිපුර නිදාගත්තම ...
වරුවක් මැසිවිලි නගන ..

ඉදගත්තාම බලන්න match එකක් ...
"නිවාඩු දවසම ඔච්චරයි" කියකිය
හොස්ස එල්ලන් ඉන්න ..

ගැහැනු ඇත්තටම
දෙන්නේ නෑ නිදහසක්
ගෙදර ඉන්නවත් මුන්ට ...😌😁😂

සිංහයෙක් වගේ
ලෝකෙට පෙන්නුවත් පිරිමි ...
ජීවිතේ ...
හැම තීරණයක් පිටුපසම ..
අදුශමාන බලවේගයක් වගේ ..
ගෑවිලා ඇති කොහෙන් හෝ
ගැහැනු සිතුවිල්ලක් ...

වැරදුනොත් ...
අසන්නට වෙන බව දැන දැන ...
ජීවතකාලයම ඒ ගැන
කොහොම ගන්නද ...
පිරිමි
අඩු ගානේ
නිදහසේ තීරණයක් ....😌😁🤨

අම්මා, තාත්තා , අක්කා ,නංගි,
මල්ලි , wife , ලමයි ඇතුලු ..
වටේ ඉන්න රොත්තගෙම
කියු නොකී වගකීම් ..
ලියාගත්තේ කැමැත්තටද ?
හිතන්නේ නෑ කවුරුවත්ම ...
ඒත් ..
මගහරින්න ...
කෝ උන්ට නිදහසක් ..🤨😌

මගහැරපු එකාට සමාජයෙන් ගහන්නේ
" ගුනමකු අසමජ්ජති ලේබල් "

යුතුකම් ,වගකීම් ...
පොදි බන්දලා ..
කරේ තියන ...
සමාජයෙන් ...
කොහොද ඔවුන්ට ..
හිතුමතේ ...
ජීවත් වෙන්න නිදහසක්...

පිරිමින්ට තියෙනවද ...
ඇත්තටම ....
ප්‍රශ්න නැති දවසක් ....🤔
කියන්න ඉන්නවද කවුරුත්
"ඔයාට බැරි නම් නවත්තන්න
මං බලාගන්නම් "
අඩුම තරමේ...
දරාගන්නට බැරිම දවසක ...
මුල්ලක් අල්ලන්
අඩන්නට නිදහසක්....

ජීවිත කාලයක් ....
නොනැවතී වැඩකර ..
හම්බෙච්ච පිච්චියත් ....
ඉතුරු කර....දරුවන්ට
බොහොමයක් පිරිමින්...
යන්න යයි සදහටම ....
අගය කෙරුණේ නැතත්
උන්ව යහමෙට ...

බලෙන් පැවරූ ....
කෝටියක් වගකීම් ...
හිතේ තියාගෙන ...
ජීවිතේ පොර බදින ඔවුන්ගැන
ඉද හිටෙක වත්
ලියවුනේ නෑ නොවැ..
අගයලා කවියක්...🤨😌🥲

පිරිමි ඇත්තටම වාසනාවන්තද ??
හිතට ඉද හිට නැගෙන ප්‍රශ්නාර්තයක් ඇති
ප්‍රශ්නයක් ???

ඔව් මං

නවතින්න නිදහසක් නැති ..
බහුතර පිරිමියන් දිහා
සානුකම්පිතව බලා ...
ඔවුන්ගේ ජීවිතේ කටුක බවට
ආදරෙන්....
අගයක් දෙන ගැහැනියක් ...!!

#කෞශි❤️

“Miss Sri Lanka in ITALY  2023” Voting for Miss Popular Sub contest. The winner of this sub contest will directly enter ...
25/02/2023

“Miss Sri Lanka in ITALY 2023” Voting for Miss Popular Sub contest. The winner of this sub contest will directly enter the Top 5.

Deadline: 3rd March 2023 23.59PM .

Steps to Vote for Facebook and Instagram :

1 step - like the page👍

2 step -

1 Like = 1 Vote
1 Comment = 1 Vote
1 Share = 2 Vote

Like and Comment on the picture of your Favorite Contestant. It is mandatory to follow the page.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

✨“Miss Sri Lanka in ITALIA 2023” Si vota per il concorso Miss Popular Sub. Il vincitrice di questo concorso secondario entrerà direttamente nella Top 5 finalisti.

Scadenza: 3 marzo 2023 alle ore 23.59

Passaggi per votare per Facebook e Instagram:

1 passo - metti mi piace alla pagina

2 passo -

1 Mi Piace = 1 Voto
1 Commento = 1 Voto
1 Condividi = 2 Vota

Metti mi piace e commenta la foto del tuo concorrente preferito. È obbligatorio seguire la pagina.✨

14/04/2021
කෘමියන් ආශායෙන් කරන ලද නිර්මාණ එක්ක fashion show එකක් Insects: Today's Fashion Icons 🦋✂️Takes a Deep Dive into Fashion a...
22/03/2021

කෘමියන් ආශායෙන් කරන ලද නිර්මාණ එක්ක fashion show එකක්

Insects: Today's Fashion Icons 🦋✂️
Takes a Deep Dive into Fashion and the Natural World.
ph Jill Sherman (.biologique)

20/03/2021
17/03/2021
17/03/2021
13/03/2021
13/03/2021
ජීවිතේ සරලම ...සතුට ...කියාදුන් නගරය...මහනුවර ....💕❤️💕❤️( ජායාරූප අයිතිය මුල් අයිතිකරු සතුයි )
13/03/2021

ජීවිතේ සරලම ...සතුට ...
කියාදුන් නගරය...
මහනුවර ....💕❤️💕❤️

( ජායාරූප අයිතිය මුල් අයිතිකරු සතුයි )

Funny 😂😂😂😂😂😂😂😂😂
12/03/2021

Funny 😂😂😂😂😂😂😂😂😂

12/03/2021

උපුටාගැනීමකි

Saree jacket designs
21/02/2021

Saree jacket designs

19/02/2021

😱😱😱😱

බතසරි  කෙරුවෙ මම  දරුනට නැව්  ගානේලේ කිරි කරල දුනි ඇය කළගෙඩි        ගානේමේහැම කෙරුවෙ අපි  දරුදුක හින්     දානේඒගැන ඇතේ ද...
19/02/2021

බතසරි කෙරුවෙ මම දරුනට නැව් ගානේ
ලේ කිරි කරල දුනි ඇය කළගෙඩි ගානේ
මේහැම කෙරුවෙ අපි දරුදුක හින් දානේ
ඒගැන ඇතේ දරුවන් නොදැණෙන ගානේ

දොස්තර කෙනෙකි අපෙ ලොකුපුතු ගියපාර
දෙවනිය ඉන්ජිනේරුවෙකුය ගියපාර
ගුරුවරියෙක්‍ ය අපෙ පොඩිදුව ගියපාර
උන් අද නොදනි "යළි "මහගෙට" එන පාර

ලොක්කා වැඩට නවතින්නට කොළඹ ගියා
ඊළඟ එකා නුවරට ගම ඇරල ගියා
කෙල්ලගෙ කාලෙ හරි ඒකිව දීග ගියා
තනිවුණු මහලු අපි යන්නද කොහෙට කියා

වැටි වැටි දරුවො ඇවිදින විට පොඩි කාලේ
සතුටට කඳුළු වැගිරුණි දෙනයණ දෑලේ
පෙර පව නිසයි සිත රවටන් හැම වේලේ
හිටියට දුකයි අද අපි තනිවුණු තාලේ

මම කෑ පතෙහි ඉතිරිවු බත්ටික කන්න
තරඟෙට ඇවිත් මා වටකර ගෙන උන්න
සේරම නැතිව අපහට වුණී තනි වෙන්න
මෙයමහ දුකකි මට හදවත ගිණී ගන්න

නිඳහස් වීද "සැම" අපිගැන තිබුණු
බරෙන්
නුඹලව සොයයි අපෙ සිත් මුලු දවස කෙරෙන්
අම්මව හඬති හැම තිස්සෙම දුකට හොරෙන්
මොනවත් එපා එක සැරයක් ගෙදර
වරෙන්

මහලුයි බලන්නට එන්නට ඉඩක් නෑ
ජීවත් වෙන්න අපහට කල් ගොඩක් නෑ
විගහට වරෙන් ලතැ වූවොත් පලක් නෑ
මොනවා කලත් මැරුනට පසු වැඩක් නෑ
සනත් ජයසිරි .

මම තවමත් වචන එකතු කිරීමට පොර බදිමි. වෙනදා පෑන අතට ගත් පසු ගලා එන වචන අද ආයාසයෙන් වුවද මතකයට නගා ගැනීමට හැකියාවක් නැති සෙ...
18/02/2021

මම තවමත් වචන එකතු කිරීමට පොර බදිමි. වෙනදා පෑන අතට ගත් පසු ගලා එන වචන අද ආයාසයෙන් වුවද මතකයට නගා ගැනීමට හැකියාවක් නැති සෙයකි.

කිසිදා මා දැක හැඳින ගෙන හෝ රූපයකින් දැක නැති දරුවෙකු ( 18 වියැති) මට මීට මාස කිහිපයකට පෙර පණිවිඩයක් තබා කියෙව්වේ ඔහුට හැකිනම් පණිවුඩයක් එවන ලෙසයි. මගේ පණිවුඩයෙන් පසු බොහෝ සතුටට පත් වූ ඔහු කිසිවෙකුට කිව නොහැකි වූ කතා පෙළක් මා ඉදිරියේ දිග හැරුවේය.
තමාට වයස 18 ක් බවත් tik tok නම් ඇප් එක භාවිතා කරමින් එක එක වීඩියෝ කරන එක දැන් පුරුද්දට ගිහින් ඇති බවත් එනිසාම ගෙදරින් මෙන්ම අහල පහල මිනිස්සුන්ගේ ද උසුළු විසුළුවලට ඔහු ලක් වන බවත් ඔහු මට කීවේය. මම ඔහුට පෙරළා පැවසූයේ තමන් තමන් වීම කිසිවෙකුගේ හාස්‍යයට ලක් වීය යුත්තක් නොවන බවත් තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි ගෙන යායුතු බව මෙන්ම එම උසුළු විසුළු නිසා තමන්ගේ ගමන නතර නොකරන ලෙසත්ය. ඔහු උසස් පෙළ විභාගයට සූදානම් වන බොහොම ලැජ්ජාශීලී දරුවෙකි.

"ඔයා බලන්නකො, මමත් 14 වෙනිදාට ටික්ටොක් එකක් කරලා දානවා". මම කීවේ ඇත්තටම ය.

" ටික් ටොක් කරන "පොන්නයෝ" කියලා, ගමේ මිනිස්සු පාර යනකොට මට හිනා වෙනවා"

"ඔයා ඒවා ගනන් ගන්න එපා මල්ලි. ඇහුන නැති විදියට යන්න. උත්තර දෙන්න යන්න එපා. එතකොට තවත් විහිළු කරයි".

ඉන්පසු මෙම සිද්ධීන් යටපත් වේ යැයි සිතුවද එසේ වී නැත. අවසන ගමේ උන් පැමිණ ඔහුගේ ගෙදර බිත්තිවල "පොන්නයා" යැයි අගුරු වලින් ලියා ගොස් ඇත. මෙයින් දැඩි ලෙස කෝප වූ ඔහුගේ මව ඔහුට ගිනි පෙලෙල්ලකින් ගසා තිබේ.

අවාසනාවක මහත! මේ සියලු සිද්ධීන් මෙසේ සිදු වෙද්දී ඉතිහාසයේ දරුණුම ශීත සෘතුවෙන් මමද ඇතළු සියලු ටෙක්සාස් වැසියන් පීඩා විඳිමින් සිටින අතර පැය 48කට වඩා විදුලිය ඇන හිටීම ද සිදුවී තිබුණි.

මේ ඉතාමත්ම අහිංසක මනුෂ්‍ය ජීවිතය අඟහරුවාදා උදෑසන ගෙල වැලලාගෙන මියගොස් ය.

ඒ ඔහුට මානසික ප්‍රතිකාර ගැනීමට මා වෛද්‍යවරුන් සොයනා අතරතුය. දුක මෙන්ම අසරණභාවයකින් මගේ හදවත අගුළු වැටී ඇත.

සමාජයක් එක්ව තවත් මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කර තිබේ. පසුගාමී මානසිකත්වයක් දරන ශ්‍රී ලාංකීය සමාජයේ "ලිංගිකත්වය" මැනබැලීම දුරකථන ඇප් භාවිතා කිරීමෙන් සිදුකරන බව දන්නේ නම්, ලිංගික අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, වෙනම මුදල් වෙන් කරනවා ඇත. ඇමරිකාවේ මෙන් ලංකාවේ සියල්ල සිදුවිය යුතු යැයි මා නොසිතන අතර මනුස්සයෙකුට ලැබිය යුතු නිදහසේ ජීවත්වීමේ ව්‍යවස්ථානුකූල අයිතිය එලෙසම රැකිය යුතු බව මා තරයේ විශ්වාස කරමි. ඇප් ( Mobile App) එකකින් කිසිම මනුෂ්‍යයකුගේ ලිංගිකත්වය/ ලිංගික රුචිය /ලිංගික දිශානතිය වෙනස් කළ නොහැක. ලංකාවේ ජීවත් වෙන බොහෝ මිනිසුන්ට අනුව නම් පිරිමින් බොහෝ දෙනෙක් මේ නිසා ( ටික් ටොක් නිසා) තම ලිංගිකත්වය වෙනස් කරගෙන තිබේ. කණගාටුවට කාරණය වන්නේ බොහෝ බුද්ධිමත් යැයි සිතාගෙන සිටින මිනිසුන් පවා, සමාජය ඉදිරියේ අනිත් මිනිසා උපහාසයට හා අපහාසයට ලක් කිරීමයි. තවත් පිරිසක් තමන්ට කළ නොහැකි නිසා ඒ පිළිබඳව ඇති පීඩනය අනිත් කෙනාගෙන් පිටකරනු ලබයි. සමාජ මාධ්‍ය භාවිතය හරි හැටි නොදැනීම නිසා සියදිවි නසාගන්නන් ගේ පාරාදීසයක් බවට රට පත් වීම නොවැළැක්විය හැකිය. රංචු පිටින් එකතුවී සිදු කරන බුලි කිරීම් ( Bullying) නියාමනයට දැන් හෝ අදාල බලධාරීන් විධිමත් නීති සකස් කළ යුතුය. වසර ගණනාවක් ම පීඩනයට පත් වූ රටක් එකවර සුවපත් වේ යැයි මා සිතන්නේ නැත.

ඒත් මා ඔබෙන් එක් දෙයක් ඉල්ලමි. යම් පුද්ගලයෙක්ට ලබන්නට හැකි දරුණුම පීඩාව වන්නේ මානසික පීඩාවයි. සමාජයේ දී කිසියම් කෙනෙක් තම ලිංගිකත්වය, වයස, නම ශරීරයේ ස්වභාවය හෝ වෙනයම් පෞද්ගලික හේතුවක් මත අපහරණයට ලක්වන්නේ නම් ඒ සඳහා මැදිහත් වන්න. තමන් යම්කිසි කෙනෙකුට කොමෙන්ටුවක් පළ කිරීමට පෙර දෙතුන් වතාවක් නැතිනම් දහ වතාවක් වුව කල්පනා කළ බැලීම ජීවිතයක රඳා පැවැත්ම තීරණය කරන්නේය. ඔබට එසේ කළ නොහැකිනම් මේ ආකාරයේ කමෙන්ටු පළ කිරීමෙන් වළකින ලෙස ආයාචනාත්මකව ඉල්ලා සිටිමි.

" මේ පොන්නයො මැරිලාවත් යන්නෙ නෑ නේ"

මේ ආයාචනය කරන්නේ හරකුන් වෙනුවෙන් කුකුළන් වෙනුවෙන් සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් ම සංගම් පිහිටුවා ගෙන ඒ සඳහා උදේ රෑ වෙහෙසන රටක මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා ය.

මනුෂ්‍යත්වය දුර්ලභය!

ශ්‍රී ලංකාව බෞද්ධ රටකි!!!

දෙවියන් බුදුන් වදින දෑත් එකතු කර අද මා ඔබෙන් හිගමන් යදිමි. සියලුම මනුෂ්‍යයන් "මනුෂ්‍යයන්" ලෙස දකිත්වා. මනුෂත්වයේ අවසාන බලාපොරොත්තුව විනාශ නොකරත්වා 🙏
උපුටාගැනීමකි

Zoom meeting එකක් අතරවුන අකරතැබ්බි අතර හොදම එක ..අන්තර්ජාලයෙන්( virtual ) සම්බන්ධව කල නඩුවකට  lawyer පුස් වෙසින් ඉදිරිපත...
11/02/2021

Zoom meeting එකක් අතරවුන අකරතැබ්බි අතර හොදම එක ..
අන්තර්ජාලයෙන්( virtual ) සම්බන්ධව කල නඩුවකට lawyer පුස් වෙසින් ඉදිරිපත් වීම 😂😂😂😂👻👻

ඔහුට කලින් computer පාවිච්චි කල ලමයෙක් setting වෙනස් කල බවක් මෙ සිද්දියට හේතු වන්නේ ..
උපුටාගැනීමකි .
Source : cnn news .

https://youtu.be/kMY6MWi_40g

Zoom meeting එකක් අතරවුන අකරතැබ්බි අතර හොදම එක ..අන්තර්ජාලයෙන්( virtual ) සම්බන්ධව කල නඩුවකට lawyer පුස් වෙසින් ඉදිරිපත් වීම 😂😂😂😂...

අමුතු ආදර කතාවක් ...Age is  just a number when it comes to love ....ටිකක් වෙනස් ආදර කතාවක් !!දකුණු අප්‍රිකාවේ 29 හැවිරිද...
11/02/2021

අමුතු ආදර කතාවක් ...
Age is just a number when it comes to love ....

ටිකක් වෙනස් ආදර කතාවක් !!
දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි වියේ පසුවන Terzel නමැති නීති ශිෂ්‍යාවක් සහ 80 හැවිරිදි වියේ පසුවන Wilson නමැති පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධයකින් පසුව විවහ විය .

මොවුන් හමුවී ඇත්තේ රාත්‍රී බෝජන සංග්‍රහයකදීය ...මාස කීපයක ආදර සම්බන්ධයකින් පසුව විවාහ වීමෙදී 56 හැවරදි wilson ගේ දියනිය විවාහයට අත්සන් කර ඇත.Wilson ට Terzel වයසේ මුනුබුරන් ඇත ..

Pls share
10/02/2021

Pls share

Dubai ...
10/02/2021

Dubai ...

Abbreviations කෙටියෙන් කියන්නේ මොකද්ද කියල ඉගෙන ගමු .
10/02/2021

Abbreviations
කෙටියෙන් කියන්නේ මොකද්ද කියල ඉගෙන ගමු .

Colourful world ... beyond your imagination ..මොබිල් phone එකෙන් ඔබ්බට ගිහාම ..අපි දකින ලස්සන ලෝකය ...
10/02/2021

Colourful world ... beyond your imagination ..
මොබිල් phone එකෙන් ඔබ්බට ගිහාම ..අපි දකින ලස්සන ලෝකය ...

උපුටාගැනීමකි වැක්සීන් එකට අමාරු වෙනව කියල හුඟ දෙනෙක් බයෙන් ඉන්නව කියල දන්න හින්දයි මේ ටික කියන්න හිතුවෙ.. වැක්සීන් එක ගැ...
09/02/2021

උපුටාගැනීමකි

වැක්සීන් එකට අමාරු වෙනව කියල හුඟ දෙනෙක් බයෙන් ඉන්නව කියල දන්න හින්දයි මේ ටික කියන්න හිතුවෙ..

වැක්සීන් එක ගැහුවට පස්සෙ අපෙ යුනිට් එකෙ වැඩිපුරම දවස් ගානක් (දවස් 2 හමාරක්) අමාරුවෙන් හිටිය කෙනා මම.. ඒ හින්දා මේ ටික මම කිව්වම අදහසක් එයි කියල හිතනව.. මුලින්ම මතක් කරනව, මේ මගෙ අත්දැකීම මිසක් හැමෝගෙම අත්දැකීම නෙවෙයි කියල.. 😀

මම වැක්සීන් එක ගත්තෙ ගිය ඉරිදා උදේ 10ට වගෙ. ඒ ගමන්ම මම වැක්සීන් දෙන තැන Emergency Unit එකෙ ඩියුටිවලට ගියා. එතන එහෙ මෙහෙ දඟලලාමද මන්දා එදා හවස 3,4 වෙද්දි මට ඇඟට පොඩි අමාරු ගතියක් ආවා.. එදා හවසත් මම ඩියුටි හිටිය හින්දා මට හවස ඉන්න උනෙ ඇතුලෙ A/C එකත් එක්ක. ඒ හින්දා සීතල මට වැඩිපුර බාධා උනා.. රෑ 7 වෙද්දි මට උණ, මස්පිඬු වේදනාව, හන්දි අමාරු, විදපු තැන අධික වේදනාවක් ආවා..

ඇත්තටම උහුලන්න ටිකක් අමාරු උනා.. ඒත් මට මාරම සතුටු හිතුනා.. සතුටු හිතුනා??

ඔව්.. මොකද මට තේරුණා මගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ පටන් අරන් කියල... මට තිබුනෙ එයාල ඒ වැඩෙ කරනකල් පොඩි කාලයක් වේදනාව ඉවසන්, පැය 6න් 6ට පැරසිටමෝල් අරන් විවේකයෙන් ඉන්න විතරයි.. ඩියුටි ඉන්න අස්සෙ වැක්සීන් එක විදගත්ත එක මගෙ වරද මිසක් මගෙ Immune system එකෙ වරදක් නෙවේනෙ..

එදා උදේ මම කෝකටත් කියල මගෙ වාහනෙන් වැඩට ආවෙ නෑ.. මොකද මම දන්නව ඔය වගෙ වැක්සීන් එකක් ගැහුවම උණ ගන්නව, ඇඟට අපහසුයි කියල. ඒ හින්දා රෑ මාව ගන්න හස්බන්ඩ් හොස්පිටල් එකට ආවා.. එන මඟට එයාටනම් දාඩිය පෙර පෙර එන්න උනා මම වාහනෙ A/C එක ඕෆ් කරපු හින්දා..

මේ වගෙ වෙලාවක කන්න අප්පිරියාවක් එක එන සාමාන්‍යයිනෙ.. ඒත් ඇඟ විජලනය නොවී තියාගන්න එක අත්‍යාවශ්‍යයි.. ඒත් වතුර බොන්න බෑ, තිත්තට දැනෙනව.. ඒ හින්දා ගෙදර ආව ගමන් අම්මට කියල සුප් එකක් හදාගෙන ලුණු රසට රස්නෙට බිව්ව.. ඒ එක්කම පැරසිටමෝල්+කෝඩෙන් අඩංගු පෙති 2කුත් ගත්තා වේදනාව අධික හින්දා..

සුප් එකෙන් ටිකක් ඇඟට පණ ආවත් තාමත් ඇඟ පත වේදනාව ඉවසන්න බැරි උනා බෙහෙත් වැඩ කරන්නත් වෙලාවක් ගන්න හින්දා.. අනිත් අයට වැඩ කරයිද නැද්ද මන්දා, මමනම් ඊ ලඟට කරෙ වැක්සීන් සයිට් එක නොතෙමෙන්න කලින්ම ගෙනත් තියාගත්ත Water proof plaster එකක් ගහල තදම තද උණු වතුරෙන් හොඳට ඇඟ හෝදගත්ත එක.. ඒකෙන් මගෙ ඇඟෙ අමාරු 90%ක්ම අඩු උනා.. ඒ එක්කම තඩි බඩගින්නකුත් ආව හින්දා හස්බන්ඩ් හොඳට දෙහි දාලා හදලා දුන්න සම්බෝලයක් එක්ක බඩ පැලෙන්න කෑවා..

ඊට පස්සෙ සුව සේ මට නින්ද ගියා.. ඒත් ආයෙත් පැය 5ක් යද්දි මට සීතල එක්ක වෙව්ලලා ෆැරන්හයිඩ් 103ට උණ, දැඩි මස්පිඬු වේදනාව, කොන්දෙ අමාරුව එක්ක උණ ආවා.. පැරසිටමෝල් බොන්න තව වෙලා තිබ්බත් ඉන්නම බෑ.. අම්මලාට මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න උවමනා උනත් මේ තත්වය අතිශය සාමාන්‍ය බව මම අවබෝධයෙන් කියා හිටියා. ඒ හින්දා වේදනාව අඩු කරගන්න අම්මට කියලා ආයෙත් මුළු ඇඟම උණු වතුරෙන් තවා ගත්‍තා.. මටනම් ඒක තමා බෙහෙත උනෙ. උණු වතුර තෙරපියට වේදනා ඔක්කොම අඩුම අඩු වෙලා ගියා.. ආයෙත් පැය 6 උන තැන පැරසිටමෝල්+කෝඩේන් පෙති 2කුත් බීලා නිදාගත්තා..

එතන ඉදන් තද උණ ආවෙ නෑ. ඒත් මම පහුවදා දවසෙත් පැය 6න් 6ට පැරසිටමෝල්+කෝඩේන් පෙති ගත්තා.. එදා හවස් වෙද්දි තෝන්තු ගතිය ඇර වෙන ලොකූ අමාරුවක් තිබ්බෙ නෑ..

වැක්සීන් එක අරන් තුන්වෙනි දවස වෙද්දි ඇඟට අමාරුවක් ඇත්තෙම නැති ගානයි වගෙ.. ඒ හින්දා එදා උදේ මම වැඩට එන්න පිටත් උනා..

ඒත් වාහනෙ අරන් යනකොට, වැඩ කරගෙන යනකොට මට වෙනදා වැඩ කරන්න තරම් ෆිට් එකක් නෑ කියල තේරුනා.. ඒක උණ අමාරුවට වඩා කෝඩේන් අඩංගු පැරසිටමෝල් දවස් 2ක් තිස්සෙ බීව හින්දා ආව නිදිබර ගතිය එක්ක ආව තෝන්තුවක්.. ඒ හින්දා කෝඩේන් අඩංගු පැරසිටමෝල් අරන් පහුවදා වැඩට යන එක කාටත් ඇඟට ගුණ නෑ කියල මට තේරුණා.. එදා දවසෙ යුනිට් එකෙ අනිත් වෛද්‍යවරුන්ගෙ උදව්වෙන් වැඩ ටිකක් කරලා හවස ගෙදර ආවා.. ඇවිත් ආයෙත් පොඩ්ඩක් විවේක ගත්තා.. ආයෙ පැරසිටමෝල් ඕනෙ උනෙත් නෑ..

හතර වෙනි දවසෙ වැඩ කරන්න ආවා සහ අපහසුවක් තිබ්බෙම නැති ගානයි.. අද වෙනකොටනම් කිසිම අමාරුවක් නෑ..

ලංකාවෙ මුලින්ම මේ වැක්සීන් එක ගත්තෙ අපි හින්දා මමම මගෙ ලැබ් රැට් වෙලා වැක්සීන් එකෙන් පැය 48කට පස්සෙ මගෙ අක්මාවෙ, වකුගඩුවල, රුධිර සෛලවල ලේ පරීක්ෂණ ටිකක් යවලා බැලුවා.. රිපෝට් සියල්ල නෝමල්..

වැක්සීන් එක දුන්නම උණ ආව අය වගේම මෙලෝ අමාරුවක් නැති අයත් මට ආව රෝග ලක්ෂණ වලට අමතරව වමනය, බඩේ අජීර්ණය, හිසේ කැක්කුම, හුස්ම ගැනීමෙ පොඩි අපහසුවක් ආව අයත් හිටියා.. මේ අයගෙන් වැඩිපුර සතුටු උනේ කලින් කීව වගෙ මෙලෝ අමාරුවක් නැති අය නෙවෙයි.. අමාරු ආව අය.. 😁 අමාරු උනෙ නැති අයට අපි විහිලු තහලුත් කරා වැක්සීන් කියලා වතුර වෙන්නැති විදින්න ඇත්තෙ කියල...

වැක්සීන් එකක් ගැහුවම උණ ගන්න එක, මස්පිඬු වේදනා වගෙ දේවල් සාමාන්‍යයි.. පොඩි බබාලට උනත් අපිට ඔය අමාරු උනා වගේම වැක්සීන් ගැහුවම අමාරු වෙනවා. ඒත් ඉතිං එයාල කියන්නයෑ? අපිට කියන්න පුළුවන් හින්දා අපි කියනව. අපේම අය ඒ කියන අමාරු කතා අහල තවත් වැඩිහිටි සමහර අය "අම්මෝ බයේ බෑ, අපිනම් විදගන්නෙ නෑ" කියල වැක්සීන් එක ප්‍රතික්ෂේප කරනවා.. ඒත් බබාලට උනත් වැක්සීන් දීල පැරසිටමෝල් දුන්නම අමාරු අඩු වෙනව වගෙ අපිටත් එහෙම්ම අඩු වෙනව..

වැක්සීන් එකක් දෙන්නෙ ඇයි?

වැක්සීන් එකක තියෙන්නෙ යම් රෝගකාරක විෂබීජයක "කෑලි" හෝ බල රහිත කරපු සම්පූර්ණ විෂබීජය.. කොරෝනා වැක්සීන් එකෙ තියෙන්නෙ මුලින් කීව විෂබීජ කෑලි.. ඒ කිව්වෙ සම්පූර්ණම වයිරසයම නැතුව ඒකෙන් කඩලා ගත්ත කුඩා කුඩා කෑලි.. අපි කරන්නෙ මේ කුඩා කෑලි ද්‍රාවණයකට දාල සාන්ද්‍ර කරලා ඒ ද්‍රාවණය අපෙ මස්පිඬුවකින් හරි හමට යටින් තියන තෙල් තට්ටුවෙන් හරි අපෙ ලේ වලට එකතු කරන එක..

අපෙ ඇඟෙ සුදු රුධිර සෛල හැදිලා තියෙන්නෙම අපෙ ඇඟ ඇතුලට පිටින් එන ඕනෙම Alien කෙනෙක්ව අල්ලගෙන ගිලින්න. එහෙම ගිලලා ඒ Alienගෙන් අපෙ ඇඟට වෙන්න පුළුවන් හානිය වලක්වන්න. මේ විදිහට අපෙ ඇඟට දවසක් ඇතුලත උනත් හුඟක් Aliensලා විවිධ මාර්ගවලින් ඇතුලු වෙන්න පුළුවන්. ආහාර මාර්ගයෙන්, නාස් පුඩුවලින්, මුත්‍ර මාර්ගයෙන්.. මේ කොහෙන් ආවත් ඒ එන Aliensලා ඔක්කොම ටික අපෙ සුදු රුධිර සෛලවලට අල්ලගෙන විනාශ කරලා දාන්න පුළුවන් උනොත් ඒ Aliensලගෙන් අපිට හානියක් වෙන්නෙ නෑ.. විෂබීජ කියල අපි හඳුන්වන වයිරස, බැක්ටීරියාත් මේ වගෙ Aliensලා කොටසක්..

අමතක කරන්න හොඳ නෑ වයිරස්, බැක්ටීරියා ත් "අනෙ අපිව කාපං" කියල නිකං අරින්නෙ නෑ.. මෙහෙම සුදු රුධිර සෛල ගිලින්න හදද්දි ඒව මැඩගෙන අපෙ සෛල ඇතුලට යන්න පුළුවන් බලපුළුවන්කාරකම් මෙයාලටත් තියනව. එයාලගෙ බලපුළුවන්කාරකම්, සුදු රුධිර සෛලවල බලපුළුවන්කාරකම්වලට වඩා වැඩියිනම් එයාල දිනනවා.. අපෙ සෛල ඇතුලට ගිහින් ඒව විනාශ කරන හින්දා අපිට ලෙඩේ හැදෙනව. ලෙඩේ හැදිලත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දිගින් දිගටම අපිව බේරගන්න fight කරනව. දවස් කීපෙකින් හරි ඒ fight එක සුදු රුධිර සෛල දින්නොත් අපිට ලෙඩේ හොඳ වෙනව.. එහෙම fight කරලත් දිනන්න බැරි උනොත් විෂබීජවලින් අපෙ සෛල විනාශ වෙලා අපෙ ඇඟෙ පද්ධති පවා විනාශ වෙන්න පුළුවන්. අන්තිමෙ අපි මැරෙන්නත් පුළුවන්..

මම කිව්වනෙ අපෙ සුදු රුධිර සෛල එන ඕනෙම Alien කෙනෙක්ව ගිලිනව කියල.. එයාල එහෙම Aliensලා (අපෙ කතාවට අදාලව "විෂබීජ") කාලා දාලා විතරක් නවතින්නෙ නෑ.. මේ විෂබීජ කලින් කීව වගෙ වැරදිලා හරි ගිලින හමුදාවෙන් ගැලවිලා අපෙ ඇඟෙ සෛලවලට ඇතුලු උනානම් අපෙ ඇඟේ සෛල ඇතුලෙ ජීවත් වෙන්න උන්ට ඕනෙ කරන උෂ්ණත්වය නැති කරන්න මුළු ඇඟේම උෂ්ණත්වය වැඩි කරන්න කියලා මොලේට පණිවිඩ යවනව. අන්න එතකොට අපිට උණ හැදෙනව. ඒ විතරක් නෙවෙ උන්ව මැරිලා යන්න කියල විවිධ රසායනික මුදා හරිනව. ඒ වගේම උන්ව ගිලින හින්දාත් විවිධ රසායනික ලේ වලට එකතු වෙනව. ඒ රසායනික හින්දා අපිට වමනෙ යනව, හන්දි අමාරු එනව, මස්පිඬු අමාරු එනව..

මේ අස්සෙ මේ විෂබීජයෙන්ම ආයෙත් Attack එකක් සෑහෙන කාලයකට එන එක වලක්වන්නත් එයාල වැඩ පිලිවෙලක් ගෙනියනවා. එහෙම දීර්ඝකාලීන Process එකකට යනවනම් හතුරාගෙ මූණ මතක තියෙන්න එපැයි.. අන්න ඒ හින්දා හතුරා මතක තියාගන්න, ඒ වයිරසයට හරි බැක්ටීරියාවට හරි "අවේණික වුන", උන්ගෙ සෛලවල තියන අඬුවක, හැඩයක අච්චුවක් සුදු රුධිර සෛලවලම B කියන සෛල වර්ගයට මතක තියාගන්න පවරනව. මෙන්න මේ විදිහට B සෛලවලට මතක තියාගන්න පුලුවන් විෂබීජයක කොටස්වලට අපි ඇන්ටිජන් (Antigen) කියල කියනව..

මේ සෛල මේ විදිහට ඒ පිටපත් මතක තියාගන්නෙ ආයෙ දවසක මේ විෂබීජයම ඇඟ ඇතුලට ආවොත් ඒ මතකය ඔස්සෙ කලින්ට වඩා වේගයෙන් Activate වෙලා ඒ විෂබීජය ඉක්මනින් මරලා දාන්න.. මෙහෙම දෙවනි පාරට විෂබීජය Attack කරද්දි මේ B සුදු රුධිර සෛල කරන්නෙ තව සුදු රුධිර සෛල ලව්වා ගිල්ලවන එකම විතරක් නෙවෙ. අර කලින් මතක තියාගත්ත විෂබීජයෙ අඬුවෙ අච්චුවටම ගානට සෙට් වෙන ප්‍රෝටීන් කොකු මිලියන ගානක් එක පාර රුධිරයට මුදා හැරලා ඒ ප්‍රෝටීන් කොකුවල, විෂබීජය දවටගන්නවා අර ආවේණික අණ්ඩ හරහා. ඒ දවටගෙන, විෂබීජ ගිලින රුධිර සෛලවලට ඉක්මනින් ගෙනිහින් දෙනවා. ඒ හින්දා පලවෙනි සැරේ වගේ විෂබීජයට අපේ ඇඟ ඇතුලෙ වැඩි වෙලාවක් කරණම් ගහන්න ලැබෙන්නෙ නෑ.. ඒ හින්දා අපිට ලොකු හානියක් වෙන්න කාලයක් ඉතුරු වෙන්නෙත් නෑ.. මේ විදිහට හදන ප්‍රෝටීන කොකුවලට තමා අපි ප්‍රතිදේහ නැත්නම් දන්න සිංහලෙන් ඇන්ටිබොඩීස් (Antibodies) කියන්නෙ.

දැන් මම කිව්වනෙ වැක්සීන් එකක තියෙන්නෙ කෑලි කෑලිවලට කඩපු විෂබීජ කෑලි කියල. ඒ කියන්නෙ ඒ කෑලිවලට අපෙ ඇඟට තනියම රිංගලා අපෙ සෛලවලට හානියක් කරන්න කිසිම හැකියාවක් නෑ.. ඇත්තටම මෙතනදි වැක්සීන් එකකින් කරන්නෙ අපෙ සුදු රුධිර සෛල රවටන ඇස් බැන්දුමක්. අපෙ ඇඟට මේ විෂබීජ particles බිලියනයක් විතර එක පාර විද්දම අපෙ සුදු රුධිර සෛල දන්නෙ නෑ මේ හානියක් නැති Aliensලා සෙට් එකක් කියලා. අර තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකෙ කඩන් වැටෙනවෝ කියල දිව්ව හාවා වගෙ අපෙ සුදු රුධිර සෛල ටිකත් "මෙන්න හෙන පත Alien Attack එකක් මුගෙ ඇඟට ඇවිල්ලෝ" කියල දස අතෙ පණිවිඩ යවලා මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියම Activate කරනව. මෙයාලා මේ අහිංසක විෂබීජ කෑලි ටිකත් මහා ත්‍රස්තවාදීන් ගානට දාලා හෝ ගාලා ගිලිනව, මොලේට පණිවිඩ යවනව "ත්‍රස්තවාදීන් අපෙන් හැංගිලා සෛලවලට ගිහින් තියෙන්න පුළුවන්, ඒ හින්දා උෂ්ණත්වෙ වැඩි කරපං" කියල. ඒ හින්දා ඇත්ත විෂබීජයක් ගියා වගේම උණ ගන්නවා, කලින් කීව වගෙ escape උන විෂබීජ ඇති කියල හිතලා එක එක chemicals එලියට දානව. ඉතිං ඇත්ත විෂබීජයක් ගියා වගෙ ඔක්කාරෙ, කෑම අප්පිරියාව, මස්පිඬු/හන්දි වේදනාව ඇති කරනවා.. සමහරුන්ගෙ ඇඟෙ මේ රසායනික ප්‍රතික්‍රියා මේ තරම් දරුණුවට වෙන්නෙ නෑ.. එයාලට ඒ හින්දා වැඩි අමාරු එන්නෙ නෑ.. ඒ වගේම දැනට හොයාගෙන තියන විදිහට කඩි ගුල වගෙ ටක් ගාල ඇවිස්සෙන්නෙ තරුණ අයගෙ සුදු රුධිර සෛල හින්දා කොරෝනා වැක්සීන් එකෙන් වැඩිපුර රෝග ලක්ෂණ එන්නෙ තරුණ අයට, වයසට යන්න යන්න උණ වගෙ අමාරු එන ප්‍රතිශතය අඩුයි කියල‍යි කියන්නෙ..

හැබැයි මෙයාලා ඇත්තම විෂබීජ නෙවේ හින්දා කලින් වගෙ අපෙ ඇඟෙ සෛලවලට මේවයෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ.. ඒ හින්දා විෂබීජ කෑලිවලින් අපිට ලෙඩේ හැදෙන්නෙ නෑ, අපෙ අවයව හානි වෙන්නෙ නෑ. හැබැයි වැක්සීන් එකක වයිරස් කෑලි මිලියන, බිලියන ගණන් තියන හින්දා මහා ප්‍රහාරයකට මූණ දුන්න වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උපරිමෙන් වැඩ.

වැක්සීන් එකෙ අරමුණ ඇත්තටම උණ ගන්නලා අමාරු කරවන එක නෙවෙයි. වැක්සීන් එකෙ අරමුණ අර මම කීව දෙවනි process එක.. B සුදු රුධිර සෛලවල මතක අච්චු හදවන එක.. වැඩිපුර particles ගානක් තියන හින්දා මහා ප්‍රහාරයක මතකයක් විදිහට වැඩිපුර මතක තියාගන්නවා අදාල විෂබීජය ගැන...

එතකොට ඒ අච්චු ටික එක්ක මතකෙන් ඉන්න හින්දා ඇත්තම විෂබීජය අපෙ ඇඟ ඇතුලට ආව දාට ගිලින හමුදාවෙ හෙමින් වැඩ නෙවේ පටන් ගන්නෙ.. කෙලින්ම මතක සෛලවලින් හදන Antibody Attack එකට එනව. 100% efficacy තියන වැක්සීන් එකකින් එන immunity එකෙන් මේ හින්දා විෂබීජ, අපේ සෛල ඇතුලට යන්න හිතන්නත් කලින් විනාශ වෙලා යනව.. එතකොට අපිට ලෙඩේ හැදෙන්න තරම් වෙලාවක් විෂබීජ ඉන්නෙත් නෑ.. අපෙන් තව කෙනෙක්ට බෝ වෙන්න තරම් වෙලාවක් ඉන්නෙත් නෑ..

එහෙම ගත්තම වැක්සීන් එකකින් ඇත්තටම වෙන්නෙ අපිව රැකෙන එක විතරක් නෙවේ, තව අයට බෝ වෙන එක වැලැක්වෙන එක... ජනගහනයෙන් බහුතරයක් වැක්සීන් එකක් ගත්තම වෙන්නෙ වසංගතයකදි අපි රැකෙනවට අමතරව වසංගත චක්‍රය කඩලා වසංගතය පාලනය කරන්න අපිට හැකි වෙනවා.. ඒකයි TB දැන් වසංගතයක් නොවුනත් තාමත් BCG වැක්සීන් එක දෙන්නෙ. තාමත් TB ලෙඩ්ඩු හිටියත් වසංගතයක් වගෙ හැමෝටම එයාලගෙන් බෝ වෙන්නෙ නැත්තෙ BCG එකෙන් අපිට ඕනෙ ප්‍රතිශක්තිකරණය හදලා දීලා තියන හින්දා..

තව දෙයක්... වැක්සීන් එකක් දෙනකොට සමහර විට එක පාරක් විතරක් නොදී දෙපාරක්ම විදිනව. මෙහෙම කරන්නෙ අපෙ B සෛලවලට මේ විෂබීජයෙ අච්චුව බැරි වෙලා හරි අමතක වේගන යනවනම් එහෙම ආයෙ මතක් කරලා දෙන්න වගේම, තියන මතකය එක පාරක් හරි ආයෙත් ප්‍රයෝජනයට ගැනෙන බව සහතික හින්දා ඒ ඔස්සෙ B සෛලවල මතකය වැඩි කරලා එහෙම නැත්නම් Boost කරල දෙන්න.

මේ ඔක්කොම කතා කිව්වෙ මේකයි... සමහරු මට කිව්ව "අපෝ මම දන්න කොරෝනා හැදුන කෙනෙක්ටවත් ඔහොම අමාරු උනේ නෑ, වැක්සීන් ගහල දුක් විදිනවට වඩා හොඳයි කොරෝනා හදාගන්නවා" කියල... මම කලින් කීව වගෙ වැක්සීන් එකෙන් වයිරස් කෑලි බිලියනයක් විදින හින්දයි හුඟක් අයට එයාලගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එහෙම අමාරුකම් හදවන්නෙ. ඇත්ත ලෙඩේදි එච්චර ගොඩක් වයිරස් ඇතුලු වෙන්නෙ නැති උනාම බොහෝ දෙනෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔහොම දඟලන්න ඕනෙ නෑ උණ හද හද. ටක් ගාල වයිරස් එක, under control කරගන්නවා.. ඒකයි කොරෝනා හැදුන හුඟක් අයට කිසිම අමාරුවක් නැත්තෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එයාල කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වයිරස් එක ඇඟෙ තියනකල් අනිත් අයට බෝ කරනවා..

ඒ හින්දා කොරෝනා හැදෙන එක කිසිසේත් හොඳ නෑ, වැක්සීන් එක විදගෙන උණ හදාගන්නවට වඩා.. අනික කොරෝනා හැදුනොත් කාටද අමාරු වෙන්නෙ, කාටද අමාරු නොවෙන්නෙ කියල අපිට කලින් පුරෝකථනය කරන්න බෑනෙ.

ඒ හින්දා ඒ risk එක ගන්න එකනම් එච්චර නුවණක්කාර වැඩක් නෙවෙයි වගේම වසංගතය මර්දනය කරන්න නොදී කරන සමාජ අපරාධයක් වෙන්නත් පුළුවන්..

(කොරෝනා වැක්සීන් එකේ පලවෙනි dose එක දුන්නම ආරක්ෂාව එන්න දවස් 22ක් යන බවත්, ඒ එන ආරක්ෂාව දවස් 90ක් පමණ තියන බවත් හොයාගෙන තියනව. දෙවනි dose එක දුන්නම ඒ ආරක්ෂාව අවුරුද්දක් වෙනකල් දීර්ඝ වෙනව කියලයි හොයාගෙන තියෙන්නෙ. අවුරුද්දක ආරක්ෂාවක් ජනගහනයෙන් බහුතරයකට එනව කියන්නෙ වසංගතයක් නවත්තන්න හොඳටම කාලය ඇති. අවුරුද්දෙන් පස්සෙ B සෛල මතකය අඩු වීම හෝ කොරෝනා අළුත් ප්‍රභේදයක් ඒම සිදුවිය හැකියි. නමුත් ඒ කෝකට උනත් හොඳින් සූදානම් වෙලා අළුත් වැක්සීන් එකක් හදාගන්න උනත් මේ අවුරුද්දක කාලය යොදවගන්න විද්‍යාඥයින්ට පුළුවන්.

කොරෝනා කලින් හැදුන අයටත් මේ වැක්සීන් එක ගන්න පුළුවන්. මොකද කොරෝනා වයිරසය ඇඟට ආ පමණින් වයිරස ලොකූ ප්‍රමාණයක් ඇඟට ආවොත් මිසක මම මුලින් කීව Antibodies අපිට ඕනෙ ප්‍රමාණයෙන් අපෙ ඇඟෙ හැදිලා නෑ වෙන්න පුළුවන්. හැදිලා තිබුණත් වැක්සීන් එකෙන් වෙන්නෙ ඒ මතකය boost කරල දෙන එක.

ඒ වගේම මේ වැක්සීන් එකට මම ඔය මුලින් කීව සිද්ධාන්ත ඔක්කොම එක්ක වැඩ කරනවද කියල තවමත් 100%ක් තහවුරු කරගෙන නෑ. ඒ හින්දා වැක්සීන් එක ගත්තා කියන්නෙ ඒ ගමන්ම අපිට මාස්ක් අත ඇරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියන එක නෙවේ. මොකද මේක වසංගතයක්. තාමත් අපි අවට වයිරසය විශාල ප්‍රමාණයෙන් සංසරණය වෙනව. එහෙම එකේ වැක්සීන් එකෙ effectiveness එක ඊට වඩා අඩු උනොත් එහෙම අපිට ලෙඩේ බෝ වෙන්න පුළුවන්, වයිරසයත් අපෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහු නොවෙන අළුත් අඩුවක් හදාගෙන අලුත් varient එකකින් අපිට Attack කරන්න පුළුවන්. අනික වැක්සීන් එකකින් කරන්නෙ ඇඟට එන විෂබීජයෙන් අපිට හානියක් නොවෙන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඉක්මනින් ඉවත් කරල දෙන එක හින්දත් හැමෝගෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය, එක වේගෙන් මේ වැඩෙ නොකරන හින්දත් වැක්සීන් එකෙන් පස්සෙත් අපිට අඩු severity එකකින් ලෙඩෙ එන්නත්, අපෙන් අනිත් අයට බෝ වෙන්නත් පුළුවන්.

මේ හින්දා වැක්සීන් එකෙන් වසංගතය පාලනය වෙනකල් අපිට මාස්ක් පලදින්න, කලින් ගත්ත precautions ගන්න වෙයි)

අපි වසංගතයක් වලක්වගන්න ඕනෙ ඒකෙන් අපිට ලෙඩ වෙන හින්දා විතරක්ම නෙවෙයි. වසංගතයක් කියන්නෙ අපි හැමෝගෙම ආර්ථිකයට, අධ්‍යාපනයට, මානසික සෞඛ්‍යයට, සමාජ සම්බන්ධතා වලට වද දෙන පිලිලයකුත් වෙන හින්දා.. ඉතිං අපි හැමෝම එකතු නොවුනොත් කවදාවත් අපිට වසංගතයකින් වෙන මේ පාඩුත් මඟ ඇරගන්න බෑ.. බය නැතුව නෑදෑ හිත මිත්‍රාදීන් ආශ්‍රය කරන්න පුළුවන්, මාස්ක් නැතුව ලස්සනට ලිප්ස්ටික් ටිකක් ගාල, රැවුලට හොඳ කට් එකක් දාල යන්න පුලුවන් දවසක් මෑත අනාගතේ දකින්න බෑ.. වගේම most importantly අපේ ලඟම හිතවතෙක් වසංගතයට ගොඳුරු වෙලා වෙන මරණයක් අපිට වලක්වන්න බෑ..

ඒ හින්දා අපි සුළුතරයකට හානියක් වෙන්න පුළුවන් උනත් (වැක්සීන් එකට එන Allergies වගෙ හානි) මුළු සමාජයකට ලොකූ වැඩක් වෙන හින්දා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් දෙන පොඩි දවස් ගානක අමාරු ගැන නොහිතා වැක්සීන් එක ගන්න එක හොඳයි කියල මට හිතෙනව..

ඒ ගමන්ම මම නැවතත් මතක් කරනව, මේ වැක්සීන් එකෙ අවදානම් සියල්ල අඳුනාගෙනද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. දීර්ඝකාලීන බලපෑම් තවමත් හොයාගන්නත් බෑ. මොකද වසංගතයටම තවම වයස අවුරුද්දයි. ඒ හින්දා වාසි, වගේම අවදානමකුත් තිබිය හැකියි...

මම වැක්සීන් එක ගත්තෙ ඒ අවදානම් දැනගෙනද ඇහුවොත් මගෙ උත්තරෙ "ඔව්". ඒ ඇයි ඇහුවොත් "වසංගතයක් නිමා කරන්න ගත හැකි සාධාරණ, විද්‍යාත්මක පියවර හැම දේකටම මම උදව් කරන්න කැමතියි. සමාජයක අනාගතය කියන සංකල්පය ඇතුලෙ මම සහ මගෙ ජීවිතය කියන්නෙ එක අංශු මාත්‍රයක් විතරයි. ඒ හින්දා මම සහ මගෙ පවුලත් ඇතුලත් සමාජයේ යහපතට මට දෙන්න පුළුවන් සත දෙක වැක්සීන් එක ගන්න එකනම් මම ඒ සත දෙක දෙන්න වැඩිය හිතන්නෙ නෑ.."

ඒත් මගෙ තීරණය ඔබේ තීරණය විය යුතු නෑ.. ඒ හින්දා වාසි අවාසි සියල්ල සලකලා බලලා, රැල්ලට නොගිහින් ඔබට වඩාත් සුදුසු තීරණය ගන්න.

මගෙ එකම උපදෙස ඔබ වැක්සීන් එක ගන්නවානම් පවුලෙ ඔක්කොම එක පොදියට ගන්න එපා. උණ තියන වෙලාවට මාව බලාගන්න කට්ටිය හිටපු එක මට ලොකූ හයියක් උනා. ඒ හින්දා හැකියාවක් තියේනම් බෝඩින් වල ඉදගෙන, පහුවදා වැඩට යන්න බලන්, තනියම විදගන්න එපා. අපිට වගෙ හදිසියෙ නෙවෙයි, ඔබට වැක්සීන් ලැබෙන්නෙ. ඒ හින්දා ලැබෙන දිනය වෙද්දි හොඳ සැලසුමක ඉන්න පහුවදා විවේකය එක්ක, ඔබ ලඟින් කවුරුන් හෝ ඉන්න පුළුවන් විදිහට කියල යෝජනාවකුත් කරන ගමන් දිග කතන්දරෙ දැන්වත් මම ඉවර කරනව 😁
-වෛද්‍ය ප්‍රාර්ථනා ලියනආරච්චි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020 O/L) විභාගය සදහා අනුමාණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය  1. බුද්ධාගම - https://tinyur...
09/02/2021

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020 O/L) විභාගය සදහා අනුමාණ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

1. බුද්ධාගම - https://tinyurl.com/y2xuv84t
2. ක්‍රිස්තියානි ධර්මය - https://tinyurl.com/yynn663a
3. කතෝලික ධර්මය - https://tinyurl.com/yykax6ob
4 සිංහල භාෂාව හා සාහිත්‍ය - https://tinyurl.com/y224ru34
5. විද්‍යාව - https://tinyurl.com/y4vzykff
6. ගණිතය - https://tinyurl.com/y2kh9g7y
7. ඉතිහාසය - https://tinyurl.com/y5lhoaed
8. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - https://tinyurl.com/y3gazo5s
9. භූගෝල විද්‍යාව - https://tinyurl.com/y3j65qa3
10. පුරවැසි අධ්‍යාපනය - https://tinyurl.com/yxdqymtd
11. ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය - https://tinyurl.com/y5pecoea
12. ගෘහ ආර්ථික විද්‍යාව - https://tinyurl.com/y6pv2ygn
13. පෙරදිග සංගීතය - https://tinyurl.com/yxtx8tzk
නැටුම් - https://tinyurl.com/y5nbhg5r
14. චිත්‍ර කලාව - https://tinyurl.com/yyqkptnc
15. ඉංග්‍රීසි භාෂාව - https://tinyurl.com/y4hbydvr
කෘෂි හා ආහාර තාක්ෂනය - https://tinyurl.com/y6nlfa9k
16. සන්නිවේදනය හා මා‍ධ්‍ය අධ්‍යයනය - https://tinyurl.com/y33bo4p2

Ordinary Level Western Province Buddhism Model Paper with answers - 2020 Download 2020 O/L Buddhism Model Paper with answers in the Sinhala medium. You can download the PDF file from the link below. It’s free to download.

අලුත් කේක් හැදිල්ලක් ...😏😏
05/02/2021

අලුත් කේක් හැදිල්ලක් ...😏😏

අමුතු මලක් ..Strange flower
03/02/2021

අමුතු මලක් ..
Strange flower

🤪👻🙈
03/02/2021

🤪👻🙈

මුලින්ම වන්ධ්‍යකරණය කළ යුත්තේදේශපාලකයින්වයි......නයනක රන්වැල්ලමේ පුවත අපව දැඩි කම්පනයකට පත් කළා....ගෙවි ගිය දශක හතක්ම මේ...
03/02/2021

මුලින්ම වන්ධ්‍යකරණය කළ යුත්තේ
දේශපාලකයින්වයි......

නයනක රන්වැල්ල

මේ පුවත අපව දැඩි කම්පනයකට පත් කළා....
ගෙවි ගිය දශක හතක්ම මේ රට ආපස්සට ගෙන ගොස්
දැවැන්තම විනාශය රටට කළේ බලයේ සිටි හා සිටින දේශපාලකයින්.....
වන්ධ්‍යකරණය කරනවා නම් මුලින්ම කළ යුත්තේ
ඒ දේශපාලකයන්වයි.......
එලෙසම මව්බිම පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට එම තිරණය ගත් සාකච්ඡාවට ගිය සහ එයට එකඟ වු වනජීවී හා වන සංරක්ෂණ ආමාත්‍යාංශයේ නිලධාරින් ගැන අපට නම් හිරිකිතයි.......

පරිසර සංරක්ෂණවේදී
නයනක රන්වැල්ල

දයාබර වෛද්‍ය ගයාන් දන්තනාරායනඔබ අප හදවත් තුල සැමදා විරුවෙකි.ඔබට අජරාමර වූ නිවන් සුව ලැබේවා!උපුටා ගැනීම government medica...
02/02/2021

දයාබර වෛද්‍ය ගයාන් දන්තනාරායන
ඔබ අප හදවත් තුල සැමදා විරුවෙකි.
ඔබට අජරාමර වූ නිවන් සුව ලැබේවා!

උපුටා ගැනීම government medical officer's association page.

🅐 අද දවසේ දෙන්න යන  එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද? එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාග...
02/02/2021

🅐 අද දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.
උපුටා ගැනීම- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

“කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා” “මේ ගැන බෝඩ් එකක් මහරගම පිළිකා රෝහලේ ගහලම තියෙනවා ” මේ කලකට පෙර පැතිරී ගිය කට ...
02/02/2021

“කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා”

“මේ ගැන බෝඩ් එකක් මහරගම පිළිකා රෝහලේ ගහලම තියෙනවා ”

මේ කලකට පෙර පැතිරී ගිය කට කතාවකි.

මේ ගැන අදාළ රෝහලේ සේවය කරන මිතුරු දොස්තර මහතකු ගෙන් මා විමසීමක් කළා.

එවැන්නක් මහරගම පිළිකා රෝහලේ සඳහන් කර නොමැති බවත්, එම පුවත අමූලික බොරුවක් බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ කෙසේ වුවත් සොසේජස් කෑවොත්, අජිනොමොටෝ දමා සාදන සුප් කැට (සීසනින් කියුබ්ස් ) කෑවොත්, විවිධ රසකාරක, වර්ණකාරක අඩංගු ආහාරපාන කෑවොත් පිළිකා හැදෙන බවට කිසිම කටකතාවක් අප සමාජයේ පැතිරී ගොස් නැත.

පැතිරී යන්නේද නැත.

අපේ මිනිසුන් (මිනිසුන් යැයි කීවාට මුන් ගොබ්බ මැටි හරක් වර්ගයකි.) ඇත්ත, ඇත්ත ලෙස පිළිගැනීමට ලැහැස්ති නැත.

බොරුව තමයි ඔවුන් ඇත්ත ලෙස විශ්වාස කිරීමට කැමැති.

උසස් පෙළ පංතිවල මගේ මිතුරකු සිටියා.

පවුලේ එකම දරුවා.

ඔහුට පුරුද්දක් තිබුනා.

දවල්ට බත් එක කන්න කොකා කෝලා බෝතලයක් ඕන.

මේක ඔහුගේ එදිනෙදා දිනචර්යාවේ අංගයක් වුණා.

යන්තම් ඔහුට අවුරුදු 28 පැන්නා විතරයි.

සෙත්තපෝච්චි!

මෙවැනි සත්‍ය කතාවලට අපේ සමාජයේ අත් තටු ලැබෙන්නේ නැති වීම අවාසනාවක්.

මට මේ කතාව ආපහු මතක් වුණේ එක්තරා රූපවාහිනී නාලිකාවක අපේ පාරම්පරික ආහාරපාන ගැන ගිය වැඩසටහනක් දැකලා.

එදා පෙන්නුවේ මඬු පිටිවලින් හදන කෑම වර්ග ගැන.

හරිම අපූරුයි.

ගල් තලාවක් මත ලිප් බැඳ මඬු පිටිවලින් විවිධ කෑම වර්ග සාදනු ලැබුවා.

එහෙත් ….,

වැඩසටහන මෙහෙයවන්නා එය ඉදිරිපත් කළේ වරින් වර කොකා කෝලා බෝතලයක් බිබී.

වැඩසටහනට මූල්‍ය දායකත්වය කොකා කෝලා කොම්පැණියෙන් වෙන්න ඇති.

ඒත් අපේ දේ රැකගන්න මඬු පිටිවලින් හදපු කෑම අරගෙන අලුත් දේට කොකා කෝලා ගැනීමෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ මොකක්ද?

කෑමත් එක්ක කොකා කෝලා !

කොකා කෝලා එක්ක වළකජ්ජ!

කොළඹට නුදුරු පුංචි සමූපකාර කඩයක් තිබුනා.

ඊට යාබදව තේ කඩයකුත් තිබුනා.

ඒ කියන්නේ හිටගෙන ප්ලේටියක් ගහන්න පුළුවන් තැනක්.

දවසක් මම ඔතැන තේ එකක් බිබී ඉන්න කොට මුද්දර කාඩ් එකක් අරන් අම්මා කෙනෙක් ආවා.

ඇය මුද්දර කාඩ් එක ඉදිරිපත් කරලා කිව්වේ මෙච්චරයි.

“මට ඇන්කර් එකක් දෙන්න”

මේ රටේ එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙකුගෙත් තත්ත්වය ඕකයි.

ඇන්කර් විශ්වාසය කඩ කළේ වරක් දෙකක් නෙවෙයි.

එහෙම වෙලත් අබිං කාපු එකාට අබිංම ඕන වගෙ අපේ මිනිස්සු තාම ඇන්කර් පස්සේ දුවනවා.

ඇන්කර් ජනප්‍රිය කරලා දුන්නේ මේ රටේ ඇඩ්වර්ටිසිං කන්තෝරුවලින් නෙවෙයි.

ඇන්කර් ගොඩ දැම්මෙ වික්ටර් අයිවන් ය.

1986 චර්නොබිල් බලාගාර සිද්ධිය අවස්ථාවේ දී මේ රටේ අළෙවි කරනු ලැබූ කිරි පිටි වර්ග කිහිපයක් පරීක්ෂණ සදහා පිටරටවලට (මතක පරිදි ජපානයට) යවනු ලැබීය.

මෙලෙස යවන ලද්දේ ‍රජයෙන් නොව පෞද්ගලික මට්ටමිනි.

එනම්, ඒ පිටුපස යම් අනුග්‍රාහකයකු සිටින්නට ඇත.

පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණි.

එහිදී නෙස්ප්‍රේ හා ලක්ස්ප්‍රේවල විකිරණ අඩංගු බව තහවුරු විය.

ඊළඟ ‘රාවය’ කලාපයේ පසු කවරය සැරසුනේ “නෙස්ප්‍රේ, ලක්ස්ප්‍රේ බොන්න එපා!” යන ශීර්ෂ පාඨය සහිතවය.

එවකට 54% ක්ව පැවැති නෙස්ප්‍රේ වෙළෙඳපොළ කොටස 10% කටත් වඩා පහළට ඇද වැටුණි.

ඊළඟට ජනප්‍රියව තිබූ ලක්ස්ප්‍රේ කිරි පිටිවලට අත්වූයේ ද එම ඉරණමම ය.

ඇන්කර් වෙළෙඳ පොළේ ලොකුම කුට්ටිය අත්පත් කරගන්නා ලදි.

ඒ කාලේ ඇන්කර් ගෙන්වූයේ මහරාජා සමාගමයි.

මහරාජා – ඇන්කර් – වික්ටර් අයිවන්

මේ තුන් ඈඳුතු සම්බන්ධයේ මොකක් හෝ අවුලක් ඇත්ද නැත්ද යන්න සිතාගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරය.

එසේම මේ මෑතක් වනතුරුම ඇන්කර් කිරි පිටි සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් පැන නැගුණු අතර ‘රාවය’ වත්, වෙනත් මාධ්‍යයක් වත් ඇන්කර් බොන්න එපා යැයි කීවේද නැත.

ගිහිගෙයි ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ කොටුවේ හාමුදුරුවන් සේම අපේ රටේ අම්මලාගේ ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ යුනි ලීවර්, නෙස්ලේ, ප්‍රීමා වැනි බහුජාතික කොම්පැණි ය.

වත්මන් අම්මලාට ඇති මෙන්ටල් ප්‍රොබ්ලම් එක නම් දරුවන්ට කැවීම ය.

දරුවන් කනවා නම් ඕනම වහක් කම් නැත.

නොකන දරුවන්ගේ අම්මලාට බේත කියා දෙන්නේ බහුජාතික සමාගම් ය.

විසඳුම ඇත්තේ සුප් කැටයේ ය.

නෝර් හෝ මැගී සුප් කැටේ බත් හෝ එලවළුවලට දැමූ විට දරුවන් කන බව කියැවේ.

පරිප්පුවලට චිකන් සප්‍රයිස් ද දෙනු ලැබේ.

මේ අම්මලා ඇත්තටම සප්‍රයිස් වන්නේ පිළිකාව වැළඳුණු තම දරුවාව මහරගම පිළිකා රෝහලට ගෙන ගිය දාටය.

රටේ අලුත්ම ඇබ්බැහිය කඩෙන් කෑම ය.

ලංකාවේ චීනයටත් වඩා චයිනීස් රෙස්ටොරන්ට් ය.

ජාතික ආහාරය ෆ්‍රයිඩ් රයිස් ය.

ගෙදර බත් එක කන්න අමාරු දරුවන්ට කඩෙන් ගෙනෙන බත් එක නිකං වුවත් කෑ හැකි රහස කුමක්ද ?

‍රෙස්ටොරන්ට් එකේ බතට අහුරු පිටින් අජිනොමොටෝ දමන බව අපේ අම්මලාට නොවැටහෙන කරුමය කුමක්ද ?

ජාතියට ඇති ආදරය නිසාවෙන්ම සිවුරු කරට ගෙන හලාල් තහනම් කිරීම ගැන කතා කළ ශ්‍රමණ වේශධාරීන් කිසිවකුත් මතු පරපුරම වනසන අජිනෝමොටෝ තහනම් කරන්න කට අරින්නේ නැත.

චිකන් සප්‍රයිස් දෙන සුප් කැට ගැන දෙසන්නේ නැත.

ක්ෂණික නූඩ්ල්ස් කියා දරුවන්ට කවන්නේ මොනවාදැයි සොයා බලන්නේ නැත.

අද දවසේ ජාතික බණ විය යුත්තේ එයයි.

අප අජිනොමොටෝ දැමූ උම්බලකඩ පවුඩර් මිශ්‍රණය ගැන ලියූ විට සිදු වූයේ කුමක්ද ?

යුනිලීවර් සමාගම විසින් වෙනදාටත් වැඩියෙන් උම්බලකඩ කුඩු මිශ්‍රණ පිළිබද වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම යි.

නිසැක වශයෙන්ම තවත් අම්බරුවත් පිරිසක් ඒ දැන්වීම් දැක රැවටෙන්නට ඇත.

මේ රටේ දරුවන්ට වස ගිල්ලවන, අනියමින් මරණයට පාර කපන බහුජාතික සමාගම් මාෆියාව ගැන නිහඬව සිටි යුගයට තිත තැබිය යුතුය.

මේ පිළිබදව හැකි පමණින් අපි දැයේ මව්වරුන් , දරුවන් දැනුවත් කළ යුතු මොහොත එළැඹ තිබේ.

මව්වරුනි, පියවරුනි,

ඔබේ දරුවා වෙනුවෙන් යම් ආහාරපාන වර්ගයක් මිලදී ගැනීමට පෙර මේ වාක්‍යය සිහිපත් කරන්න.

“මම මගේ දරුවා පිළිකා රෝගියකු නොකරමි.”

– ඇටමැස්සා

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy ලමිස්සි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share