Gota didnt Go Home - ගෝඨා ගෙදර ගියේ නැත

  • Home
  • Gota didnt Go Home - ගෝඨා ගෙදර ගියේ නැත

Gota didnt Go Home - ගෝඨා ගෙදර ගියේ නැත Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gota didnt Go Home - ගෝඨා ගෙදර ගියේ නැත, Media/News Company, .

19/04/2024

බයියන් හදුනා ගමු

"බයියා" යනුවෙන් මේවන විට ලේබල් වී ඇත්තේ රාජපක්ෂ දේශපාලනයට ලැදි වූ පිරිසටයි. ගෝඨාභයට ඡන්දය දුන් 69 ලක්ෂයටද, ඊට විරුද්ධ පාර්ශවයන් විසින් බයියා යනුවෙන් ආමන්ත්රණය කරයි.

නමුත් මේ platforms කියන්නෙ කවුරුහරි Shut your mouth කිව්වම කට වහගන්නා තැනක් නොවෙ. විසිරුනු අවිධිමත් තනි profiles ගොඩකින් හැදුන තැනක්. මේ බුකියේ base එක තමයි.. Entertainment මූලික කරගෙන, අනන්යතාව Exhibit කිරීම සහ අනාන්යතා ඝට්ටනයට ලක්කිරීම.

මේ ගෙවෙන්නේ mediums දියුණු අවධියක්. ඕනෑම තනි මනුස්සයෙක්ට භාෂාවට පවා වචන සහ වාක්ය කණ්ඩ හදලා ජනගත කරවන්න පුලුවන් අවධියක් ඇවිත්. කියන්නේ කොහොමත් වෙන බව අපි පිලිගන්නවනෙ.

ඉතින් ඔය බයියා කියන වචනෙත් එහෙමයි. ඒක සාමාන්ය ව්යවහාරයෙන් අයින් කරන්න බැහැ කියලයි පේන්නේ.

69 ලක්ෂය කියන්නේ ප්රමාණාත්මක අගයක්. ඒක වෙනස් වෙනව. දැන් ඒක කොහොමත් නෑ.තිබ්බ නම් ඡන්දෙ තියලා මෙලහකට. බයියා කියන්නෙ ඔය ප්රමාණාත්මක සහ ගුණාත්මක ඔක්කොම එකතුවෙලා ආපු සමාජීය යෙදුමක්. ගුණාත්මක නමක්

මම නම් ඔය බයියා යන යෙදුම යොදන්න කැමති පොහොට්ටුවෙ අයට නෙමෙ.

පොදුවේ අපි හැමෝම බයියෝ. පසුගාමි ලක්ෂණ පෙන්වන සියලු දෙනාම බයියන් ලෙස මින් ඉදිරියට මන් අර්ථකතනයක් දෙන්න කැමතියි.

99.999% වැඩි පිරිසක් බයියෝ.

එක්කෝ සංයුක්ත ජීවිතේම බයි life එකක්. එහෙම නැත්තම් අවස්තා, සිද්දි අනුව අපි බයි හැසිරීම් දක්වනවා.

බයියෝ කියන්නෙ අපි ව්යවහාරයේ හඳුන්වන "අධ්යාපනයෙන්" නූගත් අයට නෙමෙ. academic SLQF level අනුව බයිකම මනින්න බැහැ. ආර්ථික level අනුව බයිකම මනින්න බෑ.

මේ පංති ගේම් එක දන්නෙ නැතිව use වෙන අපි හැමෝම බයියෝ.

තමන් ඉන්න එක නිරපේක්ෂ සත්ය කියලා හිතලා වන්දනාමාන කරන අය බයියෝ.
ලට පෙරාගෙන පස්සෙන් යන අය බයියෝ, celebrity කමට අඳින අයත් බයියෝ. විශේෂයෙන් සුබසාධනවාදී celebrity බයියෝ.
හෝ දෘශ්ඨිවාදයට වඩා පුද්ගලයන් මත ප්රමුඛව සිතා කටයුතු කරන අය බයියෝ.
social media වලට දෛනිකව තමන් හරියටම තත්වය නොදන්න දෙපාර්ශවයක සමාජ, සංස්කෘතික ගැටුම් සිද්දි එනවා. එතනදි පැත්ත ගැනීම අනුව බයියෝ හොයාගන්න පුලුවන්.
ඕපදූප වලින් චරිත සහතික ප්රතිනිර්මාණය කරන අය බයියෝ.
(ඒක Word of mouth කියන ප්රාතමික එත් ප්රභල communication tool එකට අයිති)
social media පැත්තෙන් ගත්තම comments, reaction වලින් , පලකිරීම් දැකලා තවෙකෙකුට චරිත සහතික දෙන අය බයියෝ.
පූර්ව නිගමන, පූර්ව විනිශ්චයන්ට එලැඹීම සාමාන්යයි, ඒත් තත්වයන් ගැන අවසන් නිගමන, අවසන් විනිශ්චයන් දෙන බයියෝ දකින්න පුලුවන්.
පෙනුම සහ හරය පටලවගන්න අය බයියෝ.
අපි නම් දේශපාලනයට නෑ කියන්නෙත් බයියෝ තමා.
අරගලයටම ආන්තිකව වෛර කරන්නෙත් බයියෝ නම් ඒ අරගලයට ආදරෙයි කියලා ආන්තිව ඇඳල ඉන්නෙත් බයියෝ.
කලබල වෙලා මදක් ඉවසන්න ඕන සිද්දි වලට හදිසිවෙන්නෙ, හැඟීම්බර වෙන්නෙ කලබල බයියො.
තොරතුරු මූලයන් ගැන විමසාබැලීමක් නැතිව ඕනෑම මඩකට, පැඬියකට නිතර දෙවේලේ අහුවෙන්නෙ බයියෝ.
තව බයියෙක්ගෙ social media පෝස්ට් එකකට ෆයර් වෙන්නෙත් බයි ජාතියක්.
පොදු සහ විශේෂිතය වෙන් කරගන්න බැරි බයියො.
වෛරල් වෙන ගොඩක් තැන් වල තියෙන්නෙ බයි චින්තනය, බයි මනසට ආමන්ත්රණය කරන ගොඩක් සිද්දි ජනප්රියයි.
අනෙකාගෙ ෆැෂන් වලට ඇදකුද කියන ගමන් ෆැෂන් කරන අය හොරාට search කරන්නේ බයියෝ.
s*x ඇරියස් තියෙන බයියොත් හොයාගන්න පුලුවන්.
හෙනම ලිබරල්, හෙනම වාමාංශික, හෙනම සැදැහැවත්, හෙනම පරාර්තකාමී අයගෙ බයි ලක්ෂණ එයාලගෙ ඇඳවල්, inbox දන්නවා ඇති.
මතක් වෙන මතක් වෙන බයි ලැයිස්තුව comments වල එල්ලන්න ඕනේ..

මේ ඔක්කොම නැති කෙනෙක් හොයාගන්න වෙන්නෑ.

අවස්තා සහ සිද්දි අනුව පසුගාමී බයි ලක්ෂණ අපේ ජීවිතයේදි ඉදිරියටත් වෙන්න පුලුවන්. ඒක නම් zero කරන්න වෙන්නෑ. හැබැයි "සංයුක්ත ජීවිතය, බයි ලයිෆ් එකක් නොගෙවීමේ දිශාවට උත්සහ ගන්න එකයි" මා නම් උත්සහ ගන්නෙ.

මන් මේ කතාව කිව්වෙ එක පැත්තකින් ඉස්සරහට ලියන දේකට හෝ කරන දේකට පදනමක් හදාගන්න. "බයි" කියන වචනේ පාවිච්චියට ගන්නව නම් ඒකට විග්රහයක් ලෙස.

ඉහත කී නොකී ඔක්කොම පසුගාමී ලක්ෂණ තියෙන මිනිස්සු තමා අපේ රටේ ජනතාව කියන්නෙ. පණ නල ගැහෙන ආදරණීය මනුස්ස ජීවිත. බයියෝ වැඩිම ගොඩ තමා දේශපාලන කඳවුරක් විදියට දිනන්නේ.

______________________

බයියො වැඩිම තැන, දිනනව තමයි.

දිනන තැන බයි වැඩ තියෙනව තමයි.

අප්සට් නොගෙන ඉමු

Dasun Wijesekara
Linkdin පිටුවෙන්

MindTech: Trends and Insights MindTech: Trends and Insights

19/04/2024

බයියෝ යනු කවුද
බයි ඉතිහාසය
බයියන් රට කන හැටි
වැඩි විස්තර ලගදීම

19/04/2024

බයියන් වේශාන්තරණය වී ඇත
පරිස්සම් වෙන්න

18/01/2024

ගෝඨා ගෙදර ගියේ නැත.තවමත් ලාංකික චිත්තසංතානය පාලනය කරන්නේ ගෝඨා චින්තනය විසිනි.ඔවුන් ලඟදීම බලයට පත්වීමේ අවදානමක්😁😁😁😁😁😁

ඊනියා  පාලකයන් ..... ඊ්නියා ජනතාව... බේරේ වැවේ ......හෝ ගෙදර ලිදේ ගිල්වා......නව දැක්මක් සහිත නව ලෝකයක් ගොඩනගමු
13/05/2022

ඊනියා පාලකයන් ..... ඊ්නියා ජනතාව... බේරේ වැවේ ......හෝ ගෙදර ලිදේ ගිල්වා......නව දැක්මක් සහිත නව ලෝකයක් ගොඩනගමු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gota didnt Go Home - ගෝඨා ගෙදර ගියේ නැත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share