SL News Mirror

  • Home
  • SL News Mirror

SL News Mirror SL News Mirror is a Sri Lankan #1 news portal offering entertainment, political, world and sports ne

චැනල් 4 කිව්වේ ඇත්තක්ද? ඉතිහාසය මොකක්ද? චැනල් 4 යොදාගත් විසිල් බ්ලෝවර් කවුද? ඔහුගේ අතීතය කුමක්ද? චැනල් 4 මෙවැනි වීඩියෝවක...
06/09/2023

චැනල් 4 කිව්වේ ඇත්තක්ද? ඉතිහාසය මොකක්ද? චැනල් 4 යොදාගත් විසිල් බ්ලෝවර් කවුද? ඔහුගේ අතීතය කුමක්ද? චැනල් 4 මෙවැනි වීඩියෝවක් කිරීමේ අරමුණ මොකක්ද? ඔය හැම දේටම පිළිතුර මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා.

This video about: Channel 4 publishing a hateful documentary about Easter attack in Sri Lanka. We reviewed it. And this video explain what channel 4 did. ...

ආසියාව හොල්ලපු අපේ වීරයෝ..ආසියානු මලල ක්‍රීඩා තරඟාවලිය පදක්කම් වලින්  සැරසූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉසව් මෙන්න...
17/07/2023

ආසියාව හොල්ලපු අපේ වීරයෝ..

ආසියානු මලල ක්‍රීඩා තරඟාවලිය පදක්කම් වලින් සැරසූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉසව් මෙන්න...

[ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියෙදි අපේ කොල්ලො කෙල්ලො දිනපු ඔක්කොම ඉවෙන්ට්ස් ටික එකට. - Winning movements of Sri lanka Athletic team at 25th Asian Games 2023,...

මාගල්කන්දේ සුදත්ත, පල්ලේගම සුමන සහ නතාෂා එදිරිසූරිය බෞද්ධාගමේ පීතෲවරුන්ද?  අවධානයෙන් අවසන් වෙනකන් නරඹන්න..
10/07/2023

මාගල්කන්දේ සුදත්ත, පල්ලේගම සුමන සහ නතාෂා එදිරිසූරිය බෞද්ධාගමේ පීතෲවරුන්ද? අවධානයෙන් අවසන් වෙනකන් නරඹන්න..

[Mission Against Buddhism] බුදු දහමට එරෙහි කුමණ්ත්‍රණ මෙන්න..අවධානයෙන් නරඹන්න.. 🔔 Subscr...

20/05/2022
මෝටිවේසුවා ගැන ඔබ නොදත් සත්‍ය කතාව.   මෝටිවේසු සල්ලි ගරානද මොකාදෝ එකෙක් ඉන්නේ? මෑන් කියනවා මෑන්ව අත්තඩංගුවට ගන්න සෙට් එක...
17/04/2022

මෝටිවේසුවා ගැන ඔබ නොදත් සත්‍ය කතාව.

මෝටිවේසු සල්ලි ගරානද මොකාදෝ එකෙක් ඉන්නේ? මෑන් කියනවා මෑන්ව අත්තඩංගුවට ගන්න සෙට් එකක් බැහැලලු ඉන්නේ මෑන් මැරෙන්න උනත් බය නෑලු , මෑන් මේ දඟලන්නේ රටේ දුවා දරුවන් වෙනුවෙන් විතරයිලු කියලා. මෑන්ගේ ඔය කතාව අහලා මේ හාදයාගේ සැබෑ ස්වරූපය නොදන්න කබ්බෝ ටිකක් අඥේ අපි උයාව රැකගන්නවා චිම්පංචියෝ උයා ටමයි අපේ යට බාරගන්න ඕනි ගගා හොටු පෙරාගෙන නාහෙන් හඬ හඬා කමන්ට් කරනවා. ඇත්තටම අපිත් කැමති අපේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඇතිකරන්න සැබෑ මානව හිතවාදියෙක් ජනතාව ඉදිරියට එනවානම්. අන්න එදාට අපිත් එකෙන්ම ඒ සැබෑම මානව හිතවාදියා වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි ඔය මෝටිවේසු කියන හාදයා එහෙම මානව හිතවාදියෙක් නෙමෙයි. මෑන් අවුරුදු 13ක ගැහැණු දරුවෙක්ව දූශණය කරපු , කෝච්චිවල මාල කඩපු , මෝටර් බයිසිකල් හොරාකාපු අජූත පාදඩයෙක්. ඉතින් මේ වගේ පාදඩයෙක්ව පොරක් කරගෙන දඟලන උන් මූ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.

සමාජ මාධ්‍යයේ ඉන්න බොහෝ අය මේ මෝටුවේසුව දන්නේ මේ ලඟදීනේ? කට්ටිය මූව හඳුන ගත්තෙත් ටික්ටොක් එකෙන් වගේම යූටියූබ් එකේ මෝටිවේසු කියලා නමක් දාගෙන මාර දාර්ශණික ටෝක්ස් දීලා පුතී පුතී ගගා නාහෙන් හඬද්දිනේ? ඊටකලින් මේ හාදයාව කිසි කෙනෙක් දන්නේ නෑ. අද සරමක් ඇඳගෙන , සෙරෙප්පු දෙකක්වත් නොදා මාර දාර්ශණික ටෝක්ස් ඉශු කරන මේ හාදයාගේ ඇත්ත නම සංජු සමරසිංහ. ඔය නමින්ම තමයි අවුරුදු ගානක් තිස්සේ මෑන් ෆේස්බුක් එකේ හිටියේ. (තවමත් මෑන්ගේ රියල් එකවුන්ට් එක තියෙනවා) ඔය එකවුන්ට් එකට පොඩ්ඩක් ගිහින් පරණ පෝස්ට් ටිකක් එහෙම අවුස්සලා බලන්නලාකෝ අද ආගම් බේද නෑ සියලුම ජාතීන් ශ්‍රී ලාංකිකයෝ ගගා පොර ටෝක්ස් දෙන මෑන් ඉස්සර දාල තියෙන්නෙම අමු ජාතිවාදි පෝස්ට් විතරයි කියලා කට්ටියට බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම මෑන් අමු ජවිපෙ විරෝධියෙක් වගේම බුකියේ රාජපක්ෂලාට කඩේ ගිය එකෙක්. (හැබැයි රාජපක්ෂලානම් මූව දන්නේ නෑ)

හරි ඕවා මෑන්ගේ පෞද්ගලික දේවල්නේ? අපිට ඒවායෙන් ඇති වැඩක් නෑ. මෑන් ඉස්සර රාජපක්ෂලාට කඩේ ගිය එකත් දැන් රාජපක්ෂ විරෝධියෙක් වෙච්ච එකත් මෑන්ගේ දේශපාලනය. හැබැයි රටේ සිස්ටම් එක වෙනස් කරන්න දඟලන මෑන්ගේ සැබෑ ජීවිතය ගැන හෙලිදරව් කිරීම අපේ වගකීමක්. මොකද මෑන් සමාජයට ලොකු පිළිලයක් නිසා.

නිට්ටඹුව එල්ලක්කල පැත්තේ තිබෙන කැටකලාපිටිය කියන ගමේ ජීවත් වෙච්ච මේ හාදයාට පාසල් යන කාලේ ඉඳන්ම හොරකම්වලට උපන් හපන් හැකියාවක් තිබුනා. ඒ හැකියාව කාලයක් යද්දි කෝච්චිවල මාල කඩන තරමටම වර්ධණය වෙන්න පටන්ගත්තා. ජීවිතේට රස්සාවක් නොකරම කෝටිපතියෙක් වෙන්න සිහින දැකපු මෝටිවේසා ගමේ මිනිසුන්ගේ ගෙවල්වලටත් පැනලා හොරකම් කරන්න පටන් ගත්තා. මෑන් මොනතරම් හොරෙක් උනත් අවුරුදු විසිගානක කොල්ලෙක් නිසා ගමේ මිනිස්සුත් කිව්වා පුතේ උඹ මේ වැඩේ අතහැරලා මොකක් හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න බලපන් එහෙම නැති උනොත් උඹට පොලිස් කූඩුවේ තමයි ලගින්න වෙන්නේ කියලා. මෑන් මොනතරම් චාටර් බුවෙක් උනත් මෑන් ආස නෑ ගමේ මිනිසුන්ගෙන් කතා එහෙම අහන්න. ඉතින් මෑනුත් ගමේ හොරකම් කරන එක නවත්තලා සුපුරුදු පරිදි කෝච්චි වැඩේ දිගටම කරගෙන ගියා.

මෑන්ගේ හැටි දැනගෙනත් ගමේ කොල්ලෝ මෑන්ව අයින් කරේ නෑ. මොකද මොනවා කරත් ගමේ එකෙක් නිසා. මෑන්ට හිටියා පොඩි මල්ලි කියන යාළුවෙක්. පොඩි මල්ලි පොලේ බිස්නස් කරගෙන ලස්සනට ජීවත්වෙන කොල්ලෙක්. සල්ලි එහෙම හොඳින් අතපත ගාන පොඩි මල්ලිට තිබුනා TZR මෝටර් සයිකලයක්. ඒ දවස්වල TZR බයිසිකලයක් කියන්නේ පට්ට මාකට්. මේ බයිසිකලය ඔය මෝටිවේසු හාදයා නිතරම එහේ මෙහේ අරන් යනවා. පොඩි මල්ලිත් ආයේ බෑ කියන්නේ නෑ එකෙන්ම බයිසිකලේ දෙනවා. එක එක ගමන් වෙනුවෙන් බයිසිකලේ නිතරම අරන් යන මෝටිවේසු හාදයා බයිසිකලයට හොර යතුරකුත් කපාගෙන තමයි ඉඳලා තියෙන්නේ. හොර යතුරක් කපාගෙන කියලා පොඩි මල්ලිවත් දැනන් හිටියේ නෑ. දවසක් රෑ ජාමේ පොඩි මල්ලිගේ ගෙදරට ගිහින් මඩුවේ නවත්තලා තිබ්බ බයිසිකලය පාරේ ටික දුරක් එනකම් තල්ලු කරගෙන ඇවිත් හොර යතුර දාලා ස්ටාට් කරගෙන එහෙම්මම පොළොන්නරුව පැත්තට ගිහින් බයිසිකලේ විකුණලා දැම්මා. ඊට පස්සේ අවුරුදු ගානකට මෝටිවේසු හාදයා ගමටවත් ආවේ නෑ.

ඔහොමම කොළඹට වෙලා නළු නිළියන්ට පොඩි පොඩි පක්කලි සර්විස් එහෙම කරලා ටෙලි කීපයකත් මුහුණ දාගෙන එක එකගෙන් ණයට සල්ලි ටිකකුත් අරගෙන ආයෙත් ගමට ඇවිත් නිට්ටඹුව පැත්තේ වෙඩින් පොටෝග්‍රැෆි කරගෙන හිටියා. (ඒ කාලයේදි මෑන් ගත්ත පොටෝස් එහෙමත් තවමත් මෑන්ගේ රියල් එකවුන්ට් එකේ තියෙනවා) ඔහොම කාලයක් යද්දි දවස ගානේ ආරංචි වෙනවා මෙන්න අරූට නිට්ටඹුවේදි කොල්ලෝ සෙට් එකක් හොඳ පෝරියල් එකක් දීලලු. අන්න අරූව උස්සන් ගිහින් සෙට් එකක් හොඳට නෙලලු කියලා. හොයලා බලද්දි මෝටිවේසුවා වෙඩින් ඇල්බම් කරන්න එන බ්‍රයිට්ලාටත් ටෝක් කරලා දවසක් මෑන් එක්ක ඉන්න පුලුවන්ද කියලා. ඉතින් කවුද මූට පෝරියල් නොදි ඉන්නේ? ඒ සීන් එකෙන් පස්සේ නිට්ටඹුවට ගුඩ්බායි කියලා ගමට වෙලා රස්තියාදු ගගා හිටියා.

මේ කාලයේදි මෑන්ට තවත් යාළුවෙක් සෙට් වෙනවා පස්යාල පැත්තේ. ඔය හාදයානම් නාහෙට අහන්නැති මදාවි ඩෑල් එකක්. ඔය මෝටිවේසු හාදයා නිතරම අලුත් යාළුවාගේ ගෙදරට යන එන එකෙක් නිසා යාළුවා ගෙදර නැති වෙලාවේත් මෝටිවේසු හාදයා ගෙදරට ගියා කියලා කවුරුවත් මොකුත් හිතන්නෙත් නෑ. මෝටිවේසු හාදයාගේ යාළුවාගේ බිරිඳත් රස්සාවක් කරන කෙනෙක් එයාලට හිටියා අවුරුදු 13ක ගැහැණු දරුවෙක්. මෝටිවේසුවා ඔය ගෙදරට රිංගන්න අරන් තියෙන්නේ ඔය දැරියව බිලිගන්නයි.

යාළුවත් ගෙදර නැති දවසක් බලලා ගෙදරට රිංගපු මෝටිවේසුවා කෙල්ලව දූශණය කරා. මේ වගේ දෙයක් ලොවෙත් හංගන්න බෑනේ? අන්තිමට ඔය දරුවාම නැන්දට කියලා තියෙනවා අර අංකල් මට මෙහෙම දෙයක් කරා කියලා. ඊට පස්සේ නිට්ටඹුව පොලිසියෙන් මෝටිවේසුවාව අත්තඩංගුවට අරන් අධිකරණයට දාලා මාස හතරක් මහර බන්ධනාගාරයෙත් ඇද්දා. ඔය නඩුව තවමත් යනවා. (මේ ගැන විස්තර හොයාගන්න කැමති කෙනෙක්ට පුලුවන් නිට්ටඹුව පොලිසියට ගිහින් කාවහරි අල්ලලා මේ ගැන විස්තර දැනගන්න.) මහර බන්ධනාගාරයේ මාස හතරක් ඇදලා ඇප පිට එලියට ආපු මේ හාදයා ආයේ මේ වෙනකම් ගමට ආවේ නෑ.මොකද ඔය දැරිවියගේ තාත්තා මූව අදටත් හොය හොයා ඉන්නේ පරළොවට පිටත් කරලා යවන්න.

ඔය කේස් එකෙන් ගමින් ගිය එකා තමයි දියතේ ෆිෂ් තෙරපි එකක් කරගෙන හිටියේ. ඒකෙනුත් හරියමන් ආදායමක් නැති තැන තමයි මෝටිවේසුවා කියන නමක් දාගෙන දාර්ශණික ටෝක්ස් දිදි වීඩියෝස් හද හදා දාගෙන පොරක් වෙන්න ගත්තේ. ඒ හරහත් මෑන් කරේ පිටරට ඉන්න අයගෙන් සල්ලි ගසාකාපු එක. ඒ වෙනුවෙන් මෑන් වික්කේ දුප්පත් මිනිසුන්ගේ දුප්පත්කම. මෙන්න මේ ගමේ දුප්පත් පවුලක් ඉන්නවා මේ පවුලට උදව් කරන්න කැමති උන් මට සල්ලි එවපල්ලා මේ අපේ දරුවෝ ගගා මිනිසුන්ව රවට්ටලා සල්ලි එකතු කරන්න ගත්තා. ඒ සල්ලිවලින් 25%යි දුප්පත් මිනිස්සු වෙනුවෙන් වියදම් කරේ. ඒ වියදම් කරපු එකත් වීඩියෝ කරගෙන යූටියූබ් දාලා ඒකෙනුත් මුදල් හම්බකරා. ඉතුරු 75%ක මුදල් මෑන්ගේ බැංකු ගිණුමේ.

මෙලෝ රස්සාවක් නොකර හිටපු මේ හාදයා පිලියන්දල පැත්තේ ගේකුත් හදනවාලු. ඔය ගෝල්ෆේස් කානිවල් එකටත් බැහැලා පොර ටෝක්ස් දිදි දඟලන්නේ වෙන මොකටවත් නෙමෙයි ඔය කානිවල් එක පෙන්නලා පිටරට උන්ගෙන් මුදල් හම්බකරගන්න.

අනේ මෝටිවේසුවෝ උඹව උස්සන්න ආණ්ඩුවට මෙලෝ උවමනාවක් නෑ හැබැයි උඹේ ඔය බාල අපරාධ නඩුවටනම් උඹට ලඟදීම අච්චුව කන්න වෙයි. ඒ වගේම උඹ කියනවානේ මැරෙන්න බය නෑ කියලා? බොල උඹ ඔච්චරටම මැරෙන්න බය නැතිනම් උඹේ ගමට පලයන්කෝ. අන්න එදාට උඹව පරළොව යවන්නේ උඹ දූශණය කරපු දැරියගේ තාත්තා.

ආතක් පාතක් නැති අන්ත දූශිතයෙක් වෙච්ච මේ මෝටිවේසුවාව පොරක් කරේ ඔය පාංකඩ ජෙප්පො. දැන් සල්ලි වෙනුවෙන් මෝටිවේසුවා ජෙප්පන්ටත් ලෙසටම අරින්න හදන්නේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටට විකල්පයක් හොයමු හැබැයි මේ මොටිවේසුවෝ වගේ පහත් උන්ගේ පස්සේ ගිහින් උන්ව පොරවල් කරන්න නම් ලෑස්ති වෙන්න එපා.

රටට ජය ගෙනෙන, වාසනාවේ සුභ ලකුණ
01/02/2022

රටට ජය ගෙනෙන, වාසනාවේ සුභ ලකුණ

මධ්‍යම අධිවේගයේ සුන්දරත්වය විඳින ගමන්, රියදුරන්ගේ වැරදි සොයා රුපියල් 25000.00ක් දිනාගන්න.. https://www.youtube.com/watch...
19/01/2022

මධ්‍යම අධිවේගයේ සුන්දරත්වය විඳින ගමන්, රියදුරන්ගේ වැරදි සොයා රුපියල් 25000.00ක් දිනාගන්න..

https://www.youtube.com/watch?v=wv2pEKLVuyE

මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹා රුපියල් 25000.00 ක් දිනන්න..පලමුව SL Leaders චැනල් එක Subscribe කරන්නදෙවනුව, මධ්‍යම අධිවේගයේ වැරදි ක.....

මහවිරු දිනය ඕනෑ කියපු සජිත් ප්‍රේමදාසට උතුරේ කොල්ලෙක් කණ පැලෙන්න ඉතිහාසය කියලා දුන්න හැටි.. https://youtu.be/T8Eb5SMLOXc
28/11/2021

මහවිරු දිනය ඕනෑ කියපු සජිත් ප්‍රේමදාසට උතුරේ කොල්ලෙක් කණ පැලෙන්න ඉතිහාසය කියලා දුන්න හැටි..

https://youtu.be/T8Eb5SMLOXc

තාත්තාව මැරුවේ කවුද? ඉතිහාසය දන්නේ නැද්ද? මිනී මරුවෝ සමරන්න පිස්සුද? සජිත්ට කට උත්තර නැතිවෙන්න අරුන් මාධ්‍ය ඉදිර.....

මහ විරු දිනය අන්තර්ජාතික බිස්නස් එකක්...පොමහ විරු දිනය අන්තර්ජාතික බිස්නස් එකක්...පොලීසියෙත් ඉන්නවා තාම ප්‍රභාකරන්ට වදින...
26/11/2021

මහ විරු දිනය අන්තර්ජාතික බිස්නස් එකක්...
පොමහ විරු දිනය අන්තර්ජාතික බිස්නස් එකක්...
පොලීසියෙත් ඉන්නවා තාම ප්‍රභාකරන්ට වදින මිනිස්සු...
යපනේ ගොවියාගෙ සාර්ථකත්වය ජවිපෙයි සජබෙයි මෙහෙ නැති නිසා..

අරුන් සිද්ධාර්ථන් නැවතත් අන්තවාදී රෙදි ගලවයි

පෙනෙන දේශපාලනයේ නොපෙනෙන පැත්තලීසියෙත් ඉන්නවා තාම ප්‍රභාකරන්ට වදින මිනිස්සු...
යපනේ ගොවියාගෙ සාර්ථකත්වය ජවිපෙයි සජබෙයි මෙහෙ නැති නිසා..

අරුන් සිද්ධාර්ථන් නැවතත් අන්තවාදී රෙදි ගලවයි

පෙනෙන දේශපාලනයේ නොපෙනෙන පැත්ත

மாவீரர் என எவரும் இங்கில்லை. நினைவேந்தல்கள் ஒரு வியாபாரம்.

They are brutal murderers and their “National Heroes” day is a Million dollar business .

https://youtu.be/niCc47iR5Y0

மாவீரர் என எவரும் இங்கில்லை. நினைவேந்தல்கள் ஒரு வியாபாரம். Tigers are not Tamil people’s national heroes . They are brutal murderers and their “National Hero...

Graphic Designing, Translations, Business Consultancy, Legal Advices, Content Writing, Type Setting, Tution, මේ ආදී මෙකී...
31/10/2021

Graphic Designing, Translations, Business Consultancy, Legal Advices, Content Writing, Type Setting, Tution, මේ ආදී මෙකී නොකී ඔබේ බුද්ධිමය දැනුම Fiverr හරහා විදේශයට අලෙවි කරන්න.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් නොමිලේ සංවිධානය කරන, "ගෙදර ඉදන් ඩොලර් හොයමු" වැඩසටහන් මාලාව, "ගෙදර ඉදන් ඩොලර් ....

==== කාරුණික නිවේදනයයි ====ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් නොමිලයේ සංවිධානය කරන "ගෙදර ඉදන් ඩොලර් හොයමු - Let's Make...
19/09/2021

==== කාරුණික නිවේදනයයි ====

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් නොමිලයේ සංවිධානය කරන "ගෙදර ඉදන් ඩොලර් හොයමු - Let's Make Dollars from Home" වැඩසටහනට සහභාගී වන ප්‍රමාණය දිනෙන් දින සීග්‍රයෙන් ඉහල යෑම පිළිබඳව අතිශය සතුටට පත් වෙමු.

මේ නිසා, whatsup හරහා අපේ පණිවිඩ ඔබ වෙතට ගෙන ඒම ප්‍රායෝගිකව අපහසු තත්ත්වයකට පත්ව සිටිමු.

එමනිසා, එම වැඩසටහනට අදාල Telegram Channel එක හා සම්භන්ධවීමට ඔබට ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිමු.

ඔබ කලයුත්තේ ඔබේ ජංගම දුරකතනයට Telegram App එක Download කර ගැනීමත්, ඉන්පසු පහත සබැඳිය(Link) Click කර එම චැනලය හා එක්වීමත් ය.

නිවසේ සිට ආදායමක් ඉපැයීම වගේම රටට විදෙස් විනිමය ගෙන එන බලකායේ සාමාජිකයෙක් වීමට කැමති ඔබ සැමට ජාති, ආගම්, පක්ෂ, වගේම වයස් භේදයකින් තොරව මෙම වැඩසටහන හා සම්භන්ධ විය හැක.

සබැඳිය : https://t.me/joinchat/gwmaFfCunEoxNWI9

රජයේ සහතික මිලට වී ගන්න මෝල් හිමියන් එකඟ වෙයි - පුවතක්..2500ට තිබ්බ දඩේ 100,000.00 කලාම එකඟ නොවී වෙන මොනා කරන්නද?
22/07/2021

රජයේ සහතික මිලට වී ගන්න මෝල් හිමියන් එකඟ වෙයි - පුවතක්..

2500ට තිබ්බ දඩේ 100,000.00 කලාම එකඟ නොවී වෙන මොනා කරන්නද?

අර්ජුන් ඇලෝසියස්ගෙ බැඳුම්කර සල්ලි, එස්.එම්. මරික්කාර්ගේ සහ බුද්ධික පතිරණගේ කටින් පනී...අර්ජුන් ඇලෝසියස්ගේ මත්පැන් බලපත්‍...
06/07/2021

අර්ජුන් ඇලෝසියස්ගෙ බැඳුම්කර සල්ලි, එස්.එම්. මරික්කාර්ගේ සහ බුද්ධික පතිරණගේ කටින් පනී...

අර්ජුන් ඇලෝසියස්ගේ මත්පැන් බලපත්‍රය නැවත දිය යුතු බවත්, එම ලබාදීම තුලින් ඔහුගෙන් අදාල මුදල් ලබා ගත යුතු බවත් එස් එම් මරික්කාර් සහ බුද්ධික පතිරණ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී පවසන ලදී.

https://youtu.be/he_SFz91ZoQ

අර්ජුන් ඇලෝසියස්ගේ මත්පැන් බලපත්‍රය නැවත දිය යුතු බවත්, එම ලබාදීම තුලින් ඔහුගෙන් අදාල මුදල් ලබා ගත යුතු බවත් එස් ....

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් මධ්යස්ථානයක් ලෙස ප්රවර්ධනය කිරීමට තීරණය කර ඇත. දේශීය ගුවන් කේන්ද්රස්ථානයක් ල...
07/05/2021

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් මධ්යස්ථානයක් ලෙස ප්රවර්ධනය කිරීමට තීරණය කර ඇත. දේශීය ගුවන් කේන්ද්රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ එය ක්රියාත්මකයි. ඒ අනුව සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පඨ හඳුනා ගැනීමත් සිදුකෙරෙනු ඇත.
මීට අමතරව රත්මලාන ජාත්යාන්තර ගුවන්තොටුපල නව ක්ෂේත්රයන් රැසක් ඔස්සේ ප්රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙන අතර විනොදාස්වාද ජනක ගුවන් ගමන් විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහා රත්මලාන ගුවන්තොටුපල ප්රවර්ධනය කිරීමට ද නියමිතයි. මීට අමතරව ජාත්යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 4...
06/05/2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40,000 ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කරන කොට සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි. කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත, ස්ටේඩියම්ගම, සිරිමුතු උයන අසල නිවාස 1000කින් සමන්විත මහල් නිවාස පරිශ්‍රය මෙම නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක පියවර ය.

මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප්‍රමාණය වර්ග අඩි 550කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස පරිශ්‍රය වෙනුවෙන් ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 5950කි. වසර 03ක් ඇතුළත මෙම මහල් නිවාස පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරිමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ ඇක්සස් ඉංජිනියරින් සමාගම විසිනි.

එයා එහෙම නෑ.
06/05/2021

එයා එහෙම නෑ.

රුසියාවෙන් කටුනායකට ආ ස්පුට්නික්-V ආරම්භක පියවර ලෙස එන්නත් මාත්‍රා 15,000 ක් ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලිය...
04/05/2021

රුසියාවෙන් කටුනායකට ආ ස්පුට්නික්-V
ආරම්භක පියවර ලෙස එන්නත් මාත්‍රා 15,000 ක් ලැබුණු අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිතය..

උණුසුම් සුබ පැතුම් ඔබ දෙපලට..👍
03/05/2021

උණුසුම් සුබ පැතුම් ඔබ දෙපලට..👍

ඊබ්‍රාහිම් සිටියේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ නම්? ===============================කල්පනා කරලා බලන්න,ජාතික ලැයිස්තුවක් ති...
03/05/2021

ඊබ්‍රාහිම් සිටියේ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ නම්?
===============================
කල්පනා කරලා බලන්න,
ජාතික ලැයිස්තුවක් තියෙන්නේ ඇයි? මැතිවරණයට තරග නොකරන උගත් බුද්ධිමත් නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න...දැන් එහෙම යවලා තියෙනව ද? නෑ...මෙන්න සාක්කි.. පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට දාලා ඊබ්‍රාහිම් කියලා දෙමටගොඩ මුස්ලිම් හාදයෙක්..කවුද ඊබ්‍රාහිම් කියන්නේ ? සිරියාවේ අන්තවාදී ISIS ත්‍රස්තයන් ගේ ලංකාවේ නියෝජිතයා...කවුද ඊබ්‍රාහිම්ව සිරියාවට යැව්වේ? මහින්ද රාජපක්ෂ...කාගේ සල්ලි ද මේ ? ( දෑත දෙපසට විහිදුවා පෙන්වයි) ඔබ තමුන්නාන්සේලා ගේ දුක් මහන්සියෙන් හම්බුකරලා ගෙවන බදු මුදල්...ඕං අපේ පාලකයෝ...අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනෙද නැද්ද ? ඊයා...
මෙන්න තියෙනවා කෙරුවාව...දෙදාස් දොළහේ අප්‍රේල් විසිහතර වෙනිදා උදේ 11. 53 ට සිරියාවෙන් මිලියන දහයයි සත හැත්තෑහතරක මුදලක් එවනවා ලංකාවේ ගිණුමකට...මොකක්ද ගිණුම? ශිරන්ති රාජපක්ෂ ගේ සිරිලිය සවිය ගිණුම...ඇයි මෙච්චර මුදල් ප්‍රමාණයක් එව්වේ? ( දෑතින් ත්‍රිකෝණයක පාද දෙකක් ඇඳ පෙන්වයි) තනිකරම පාස්කු ඉරිදා ප්‍රහාරය කළ ත්‍රස්තවාදීන්ට මුදල් දුන්නේ මේ ගිණුමෙන්....කල්පනා කරලා බලන්න ( ඇඟිලි තුඩුවලින් ලුණු කුඩු ගන්නවාක් මෙන් ඇඟිලි ඉහලට ඔසවා පෙන්වයි) උමතු බල තණ්හාවෙන් වියරු වැටිලා රාජපක්ෂලා මේ කරන විනාශය අපි නවත්තන්න ඕන ද? නැද්ද ? ලැජ්ජයි ! අම්මපා...
ඒ විතරක් ද? මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා කාගේ යාළුවො ද? නාමල් රාජපක්ෂ ගේ හොඳම යාළුවෝ...කාල්ටන් ස්පෝට්ස් වලට සල්ලි වියදම් කරේ මේං මේ කියන ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා..දෙදහස් දහතුනේ මාර්තු 26 වෙනිදා රුපියල් මිලියන පහයි සත විසිහතරක් කාල්ටන් ගිණුමකට බැර කරනවා...කවුද? මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා...මොන ජීවිත ද අප්පා මේ ? ( දෑත දෙපසට විහිදුවා පෙන්වයි) බේබිලාට සැප ගන්න ගිහිල්ලා නැතිවුණේ අපේම අහිංසක ජීවිත...නැද්ද හා..?
මම අහනවා අපි මේ පාදඩ කාලකණ්නි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෙද නැද්ද ? මම වගකීමකින් කියනවා...මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්, හොර බොරු වංචා නැති දේශපාලන පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි !
================

Address


Alerts

Be the first to know and let us send you an email when SL News Mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share