3rd EYE - තෙවන ඇස

  • Home
  • 3rd EYE - තෙවන ඇස

3rd EYE - තෙවන ඇස මව්බිම වෙනුවෙන් තෙවන ඇස අවදියෙන්...!
(2)

26/03/2020

අද එලියට යනකොට අවධානයෙන්.. 👍

ආසාදිතයකු වීමට පෙර ප්‍රවේසම වෙමු. ♥️😷

26/03/2020

අමතක වෙයි.. ♥️

පරෙස්සමින්, එක් අමතකවීමකින් හැමදෙයක්ම වෙනස්වෙන්න පුලුවන්. 😷👍

26/03/2020
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ් මහතා ♥️

"මේ අවුරුදු 11ට මාධ්‍යත් එක්ක ඉදගෙන මම සන්තෝෂ වෙනව මගේ මව් භූමියට කරන්න පුලුවන් වූ සේවය පිලිබඳව"

- පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ් මහතා.

🇱🇰

26/03/2020

⭕🔴 කොරොන හි රෝග ලක්ෂණ සහ තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද?

ජපන් හා තායිවාන වෛද්‍යවරුන්ගේ උපදෙස් කොරොන වයිරස් දින ගණනක් ආසාදනය වී ඇති බවට ලකුණු නොපෙන්වයි, පුද්ගලයා ආසාදනය වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද. ඔවුන්ට උණ සහ හෝ කැස්සක් ඇති වී රෝහලට යන විට පෙනහළු සාමාන්‍යයෙන් 50% ෆයිබ්‍රෝසිස් වන අතර එය ප්‍රමාද වැඩියි! ගැඹුරු හුස්මක් ගෙන තත්පර 10 කට වඩා ඔබේ හුස්ම තබා ගන්න. කැස්ස, අසහනය, හුස්ම හිරවීම හෝ තද ගතිය වැනි දේ නොමැතිව ඔබ එය අවසන් කළහොත් පෙනහළු වල ෆයිබ්‍රෝසිස් නොමැති බව පෙන්නුම් කරයි.වැදගත් කාලවලදී, නැවුම් වාතය සහිත පරිසරයක ඔබ සෑම උදෑසනකම ඔබම පරීක්ෂා කර බැලිය යුතුය!

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කරන ජපන් වෛද්‍යවරුන්ගේ බරපතල උපදෙස්.

ඔබේ මුඛය සහ උගුර තෙතමනය ඇති බවට මිනිසුන් වග බලා ගත යුතුය. අවම වශයෙන් සෑම මිනිත්තු 15 කට පසු වතුර කෝප්ප කිහිපයක් ගන්න. ඇයි? වෛරසය ඔබේ මුඛයට ඇතුළු වුවද … ජලය හෝ වෙනත් ද්‍රව පානය කිරීමෙන් ඒවා ආහාරයට ගෙන ආමාශයට අතුගා දමනු ඇත. ඇතුළට ගිය පසු ACID ඔබේ බඩ මගින් සියලුම වෛරස් විනාශ වේ. ඔබ නිතර නිතර ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන්නේ නම් වෛරසය ඔබේ ආමාශයට හා පෙණහලුවලට ඇතුළු විය හැකිය. එය ඉතා භයානක ය.

කරුණාකර මේ ගැන සෑම කෙනෙකුටම මතක් කරන්න!

සෑම දිනකම කොරෝනා ආසාදන වල ලක්ෂණ දිනය 1 ~ දින 3 – රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වේ , උගුරේ අමාරුව, ටිකක් වේදනාව ,- උණ නැහැ. වෙහෙසට පත් නොවේ

දිනය 4 – උගුරේ අමාරුව, මිනිසුන් හැන්ගෝවර්., ගොරෝසුකම ආරම්භ විය.ශරීර උෂ්ණත්වය 36.5 from සිට පුද්ගලයා අනුව ,ඇනරෙක්සියා ආරම්භ වේ. මෘදු හිසරදය , මෘදු පාචනය

දින 5 – උගුරේ අමාරුව, ගොරෝසු බව – මෘදු උණුසුම් සිරුර. උෂ්ණත්වය 36.5 ~ 36.7 සිට- වෙහෙසට පත්ව සිටින අයට සන්ධිවල වේදනාව දැනේ ,මෙම අවධිය සීතල හෝ කිරීටක ආසාදන ලෙස හඳුනා ගැනීම දුෂ්කර ය

දින 6 – මෘදු උණ ආරම්භ වේ, 37 ක් පමණ වේ- සෙම් හෝ වියළි කැස්ස සමඟ කැස්ස- ආහාර ගැනීමේදී, කතා කරන විට හෝ ගිලීමේදී උගුරේ අමාරුව- තෙහෙට්ටුව, ඔක්කාරය- ඉඳහිට අපහසු හුස්ම ගැනීම- පිටුපසට, සෙවන සහිත උගුරේ ඇඟිලි- පාචනය, වමනය විය හැක.

දින 7- උණ 37.4 – 37.8 සිට වැඩි ය- වැඩිපුර කැස්ස, වැඩිපුර කතා කරන්න.- ශරීර කැක්කුම සහ වේදනාව.
හිස ගලක් මෙන් බරයි – හුස්ම හිරවීමේ වාර ගණන එලෙසම පවතී.- තවත් පාචනය- වමනය

දින 8- 38 මට්ටමට හෝ 38 ට වැඩි උණ- හුස්ම ගැනීමට අපහසු, හුස්ම ගැනීමේදී පපුව දැඩි බවක් දැනේ. හුස්ම හිරවීම – නොකඩවා කැස්ස, බොහෝ දේ කතා කරන්න, නිශ්ශබ්ද කරන්න- හිස වේදනාව, සන්ධි කැක්කුම, පිටුපස වේදනාව

දින 9- රෝග ලක්ෂණ වෙනස් නොවන නමුත් නරක අතට හැරේ.- අවුල් සහගත උණ කැස්ස අඩු නොවන නමුත් පෙරට වඩා නරක ය.- උත්සාහ කළද, ඔබට තවමත් හුස්ම ගැනීමට අපහසුය. මෙම අවස්ථාවේදී, රුධිර පරීක්ෂණ සහ පෙනහළු වල එක්ස් කිරණ පරීක්ෂා කිරීම සඳහා ගත යුතුය පී / එස් එක් එක් පුද්ගලයාගේ ප්‍රතිරෝධය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. නිරෝගී ඕනෑම අයෙකු සොයා ගැනීමට දින 10-14 ක් ගතවේ. නිරෝගී නොවන, පසුව දින 4-5. මුලාශ්‍රය: සාමාන්‍ය වෛද්‍යවරයා (සනිලෙසන් සහ යොමිඩර්)

මිනිසුන් මතක තබා ගත යුතුය: හැකි සෑම විටම මුඛ ආවරණ පළඳින්න (රෙදි ආවරණ හොඳයි,).අත් සේදීම, ජනාකීර්ණ සමූහයන්ගෙන් වළකින්න.ප්‍රතිරෝධය වැඩි කිරීම සඳහා වැඩි වශයෙන් විටමින් සී ලබා ගන්න .දුරකථන, ලැප්ටොප් වැනි පුද්ගලික අයිතම නිතිපතා පිරිසිදු කරන්න.

වැඩි පිරිසක් දැන ගැනීමට හා corona වළක්වා ගැනීමට අප මිනිසුන් අතර මෙම දැනුම බෙදා ගමු.

3rdEYE - තෙවන ඇස
මව්බිම වෙනුවෙන් තෙවන ඇස අවදියෙන්
2020/03/26

26/03/2020
ඉතාලියේ ඉදන් පුප්පන කාන්තාව. 😡

මෙතරම් කැපකිරීම් සිදුකරන අපේ නිලධාරී මහතුන්ට නින්දිත විදිහට බනින ඉතලි කාන්තාව.

මුංට කොහොම සලකන්නද? මිනිස්සු ගැන කිසි කැක්කුමක් නැති ආත්මාර්ථකාමී මිනිස්සු.😢😡

25/03/2020

⭕🔴 "කෙරුවාව"
⭕🔴 "ජනපතිට පිරිසිදු පාර්ලිමේන්තුවක්"

පිලීගදගහන චරිත ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් පන්නමු. අප ශ්‍රී ලංකාව මේ වන විට දරුණු කොරෝනා ව්‍යසනයට මුහුණ දෙමින් බැට කන මොහොතක අපට දේශපාලනය ශ්‍රී ලාංකික සමාජය තුලට රිංගවීමේ නිර්ලජ්ජිත අවශ්‍යතාවක් නොමැත.

නමුත්, මෙම ව්‍යසන තත්වයටම මුවා වෙමින් නැවත ජනතාව රවටමින්, ගොනාට අන්දමින් තමන්ගේ දූෂණ වංචා වසා ගැනීමට, හොර ජාවාරම්, ව්‍යාපාර (තැබෑරුම් ඇතුලත්ව), මැරකම් පවත්වා ගෙන යෑම සදහා පාර්ලිමේන්තුවට යෑමට දගලන ජාවාරම් කාර, දූෂිත, හොර තක්කඩින්ගේ හෙලුව සමාජය ඉදිරියේ ලිහා දැමීමට තීරණය කලෙමු. මෙය කිසිසේත් ජනපතිදුන් අපහසුතාවයට පත් කරන ක්‍රියාවලියක් නොව එතුමා කෙරෙහි විශ්වාසයෙන් යුතුව, එතුමා සමග වැඩ කල හැකි උගත්, බුද්ධිමත් සහ ක්‍රියාශීලී පිරිසකට මාවත විවර කරන්නා වූ ක්‍රියාදාමයකි.

සමස්ථ පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මොවුන්ගේ කෙරුවාවල් හෙලිකරන "කෙරුවාව" සමග අත්වැල් බැදගන්න. කොරෝනා සමග මොවුන්ද අප පරාජයට පත් කරමු.

අපේ මව්බිමට තෙරුවන් සරණයි..! 🇱🇰

3rdEYE - තෙවන ඇස
මව්බිම වෙනුවෙන් තෙවන ඇස අවදියෙන්.
2020/03/25 ප.ව. 9.35

25/03/2020
කප්රුකට වැඩ වරදී. 👍💪

මෙම අසීරු අවස්තාවේ මිනිස්සුන්ගේ මුදල් පසුම්බියට තට්ටු කර, කලු කඩ මිලට බඩු විකිණීමට ගිය කප්රුක ආයතනයට පාරිභෝගික අධිකාරකාරියෙන් දඩුවම්. 🙏🌷

25/03/2020

බැංකු සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ. ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ බැංකු විවෘතව තබන ලෙසට ජනාධිපතිතුමාගෙන් උපදෙස්. 🇱🇰

25/03/2020

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු මෙන්ම සංරක්ෂකයකු වූ
තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්ත වෙයි.
ඔබට නිවන් සුව 🙏

25/03/2020

චාල්ස් කුමරුට කොරෝනා වැළදේ.. 😢

ඔහුටත්, ආසාදිත සියලූම ලෝකවාසී ලක්වාසී සියලූම ජනතාවට නීරෝගී සුව පතමු. 🙏🌷

25/03/2020

කොරෝනා අතරේ තවත් මාරාන්තික වෛරසයක් හිස ඔසවයි..මළ, මුත්‍රා, රුධිරය සහ වාතයෙන් බෝවේ.

හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

හැන්ටා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම් නමැති මෙය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැළඳෙන දුර්ලභ ගණයේ රෝගයක් වනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

හැන්ටා වෛරසය ආරම්භ වූයේ මීයන්ගෙන් බවයි පැවසෙන්නේ.

1990 වසර තුල ඇරිසෝනා,කොලරාඩෝ, නව මෙක්සිකෝව, යුටා ජනපද වල පැතිර ගිය මේ වෛරසය “Sin Nombre Virus” නමින් ද හඳුන්වනවා.

මළ, මුත්‍රා, රුධිරය සහ වාතය හරහා බෝවෙන මේ රෝගය මුලින්ම සොයාගනු ලැබුවේ කොරියානු යුධ සමයේදීයි.

වකුගඩු අක්‍රිය වීම, පෙනහළු වලට දියර එකතුවීම වැනි රෝග ලක්ෂණ වලින් සමන්විත හැන්ටා වයිරසය ඇමරිකාවේ වසර 2012 දි යලි හිස එසවීමක් වුනා.

යෝසේමයිට් ජාතික උද්‍යානය අසලින් මේ රෝගය ආසාදනය වුනු රෝගීන් සිව් දෙනෙක් ඒ වසරේදී සොයා ගත්තත් ඔවුන්ගෙන් දෙදෙනෙක් සුවයක් නොලබාම රෝගලක්ෂණ උත්සන්න වීමෙන් මියගියා.

2020/03/25 ප.ව. 1.47

25/03/2020

Facebook පුරා මේ වන විට ප්‍රචාරය වන මෙම ඡායා රූප 2014 වර්ෂයේ පැරණි ඒවා වේ.
මෙවන් පහත් පෙලේ දේශපාලන මඩ ගැසීම් මේ වෙලාවෙහි නොකල යුතු කාරණයකි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු කාලයකි.

ජනපතිදුනි, නැවත පරණ යුගයට නොයා ත්‍රිවිධ හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන් සමග මෙම කටයුත්ත ඉදිරියට ගෙන යන්නේ නම් ඉතා හොඳයි. එවිට බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමද අවශ්‍ය නොවනු ඇත. ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසයද රැකෙනු ඇත. 🙏

25/03/2020

අතිගරු ජනාධිපති ගෝඨාබය මැතිතුමනි,

2005 - 2014 රජයන්හි සිදුවූ යම් යම් සිද්ධීන් වලට බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම් කෙරෙහි ජනතාව අතර ඇත්තේ කුමන අදහසක්දැයි ඔබතුමා නොදන්නවා යැයි අප සිතන්නේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හෝ නොවන, රජයේ තනතුරක හෝ නොදරන මෙතුමා හට මෙවන් වූ විශේෂිත අවස්ථාවක මෙහෙයුම් බලකායක සභාපති තනතුරක් ලබා දී බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබ කුමක් බලාපොරොත්තු වුවත් සමස්ථ මහජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය පලුදු වන බව ස්ථීර වශයෙන්ම අපට කිව හැක. 😢

ඔබ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පසැතැවීමකට මගක් නොවේ යැයි අප බලාපොරොත්තු වෙමු.

3rdEYE - තෙවන ඇස.
මව්බිම වෙනුවෙන් තෙවන ඇස අවදියෙන්.
2020/03/25

25/03/2020

චීනය මේ දක්වා මෙපමණ කැපවීමක් තමන්ගේ සහ තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කර ඇත.

අපිට මෙය නොහැකි නම් අප කණගාටුවිය යුතුයි. වචනයට පමණක් අභිමානවත් ජාතියක් යැයි කෑගසන උන් ලැජ්ජා විය යුතුයි. 😢

25/03/2020
සියලු දෙනා එක්ව විසදුම් හොයමු. ♥️

ජාතික ව්‍යසන තත්වයක් තුල සියලුදෙනා එක්ව කටයුතු කිරීම ප්‍රසංශාත්මක ක්‍රියාවක් සේම භේද දුරලා කොරෝනා පරදවමු. 🙏🌷

අපි එක්ව ජයගමු කොරෝනා. ♥️

25/03/2020

ජනතාව ගැන හොයලා බලන්න ආපු ජනපති. ♥️ 🇱🇰

25/03/2020

ශ්‍රී දළදා සමිදු පිහිටෙන් මගේ රට සුරක්ෂිත වේවා....! ♥️ 🇱🇰

රතන සූත්‍ර දේශණයේ අවසන් දිනය.
උභය මහා විහාරීය ගරුතර මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් පුරා දින 7ක් ඓතිහාසික මගුල් මඩුවේ දී සජ්ඣායනය කරන්නට යෙදුන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශණය අද(25) අලුයම 6ට නිමා විය. අපේ රටටත් ලෝකයටත්‍ සෙත්පතමින් දේශණය කළ මේ පිරිත, ඔබ සැමට ආශිර්වාදයක්ම වේවා.
The Chanting of the most powerful Rathana Sutta - at Magul Maduwa' of Sri Dalada Maligawa.

25/03/2020

රාජ්‍ය සේවයකයින්ගෙ ණය වාරිකය මැයි මස 30 වන දින දක්වා අය කරන්නේ නෑ කීව නමුත්
ලංකා බැංකුව විසින් ණය වාරිකය අඩු කර තිබේ.මේ පිලිබඳ රජයේ අවධානය යොමු කරන්න.🙏

25/03/2020

ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් කොරෝනා ආසාදිත තත්වයට.
ඉතාලි මහ කොමසාරිස් කාර්‍යාලය
😢

25/03/2020

නීරෝගී සම්පන්නවූ, සුබ උදෑසනක් වේවා...!

🌷♥️

24/03/2020
3rd EYE - තෙවන ඇස

මගහැරී ගියා නම් නැවතත් ඔබේ සහ ඔබේ සමීපත්මයන්ගේ ආරක්ෂාව පිණිස. ♥️

අන් අය වෙනුවෙන් share කර දැනුවත් කරන්න. 🙏

කොරෝනා කොතරම් භයානකද?
ව්‍යාප්තිය කෙසේද, ව්‍යාප්ති කාලය?
ආරක්ෂා විය යුතු කෙසේද?

සටහන: එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රසික වික්‍රමසිංහ මහතා.

අපි ප්‍රවේසම් වෙමු, අන් අයද දැනුවත් කරමු 🌷

24/03/2020

අනිවාර්යයෙන් කල යුතු දෙයක්, මේ මිනිස්සු මොනවද මේ මොහොතේ කැප නොකලේ. 🙏

සෞඛ්‍ය සේවාව ඇතුලත්ව මේ මොහොතේ මෙම කර්තව්‍යයේ යෙදී සිටින සියලුම මහත්ම මහත්මීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමද ප්‍රමුඛ කොට සලකමු. ප්‍රමුඛත්වය ලබා දෙමු. ♥️🌷

24/03/2020
මෙහෙමත් මිනිස්සු. 😢😡

මෙච්චර භයානක කම පැහැදිලි කරන කොට මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කොහොමද කියන එකයි ගැටලුව. 😢

වගකීමක් නැතුව කටයුතු කරන මෙවන් පුද්ගලයන්ට කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න. 🙏 මේ වගේ නූගත් මිනිස්සු කිහිප දෙනෙක් නිසා තමයි මේ තත්වෙයට පැතිරීම සිදුවුණෙත්. මින් ඉදිරියට වත් නීති මාර්ගයෙන් දැඩි දඩුවම් දිය යුතුයි. නැතිනම් සාමාන්‍ය මහ ජනතාව ඒ තත්වයට පත් විය හැකි. 😢😡

24/03/2020

Foodcity වල රාක්ක හිස් කරන මිනිසුන් අතරේ, ජීවත්වෙන විදිහ හොයන අති විශාල අසරණ මිනිස්සු කොට්ඨාසයක එක් රූපයක්.

COVID-19 මිනිස්සුන්ගෙ ජීවිතවල ඇත්ත කොච්චර එලියට ඇද්දද?
මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විකුණල සුර ලෝක වල ජීවත් වෙන හැම දෙනාම තව කොච්චර කාලයක් ඒ දේම කරයිද?

අපේ රටේ බහුතරය අසරණයි. 😢
_19

ඡායාරූප වල අයිතිය එහි මුල් හිමිකරු සතුයි.

24/03/2020

අද රාත්‍රියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, හෙලිකොප්ටර් මාර්ගයෙන් ගුවනින් විශබීජ නාශක ද්‍රව ඉසීම් සිදු කරන බවට පැතිර යන කට කතා අසත්‍යයි.

24/03/2020

අද වන විට ඉතාලියේ තත්වය මිනිසුනේ. මේ තත්වයට අපේ රට පත් කරගන්නේ නැතුව ප්‍රවේසම් වෙමු. ♥️

දෙයියන්ගෙ නාමෙන්, නිවස තුලත් නිවසින් බැහැර වන විටත් සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් පිලිපදිමු.

හෙටක් වෙනුවෙන් අද ප්‍රවේසම් වෙමු. 🙏 🇱🇰

24/03/2020
මේව අහන කොට මේ රටේ සමහරක් මිනිස්සු ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.. 😢

මෙච්චරත් බලල කියන දෙයක් තේරෙන් නැති මිනිස්සුන්ට විරුද්ධව උපරිම ක්‍රියාමාර්ග ගත්ත කියල කවුරුත් ප්‍රශ්ණ කරන්නෑ.
දැන් වෙන කරන්න දෙයකුත් නෑ. ස්වයං විනයක් ඇතුව වග්කීමෙන් කටයුතු කරමු. 🙏

මේ නිලධාරීන් වෙන මොකුත් බලාපොරොත්තු වෙන් නෑ මේ මොහොතේ. 🌷🌷

24/03/2020

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහලට.
😢😷🙏🌷

2020.03.24, ප.ව. 3.21

24/03/2020

⭕🔴 කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක 03 අධි අවදානම් කලාප ලෙස නම් කරයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවාස වලටම සපයන බවත් රජය පවසයි.

අපගේ වගකීම් විරහිත ක්‍රියාවන්ට කොරෝනා වෛරසයෙන් සමාවක් නැත. එසේ නොකර ඉමු, එසේ කිරීමට අන් අයටත් ඉඩ නොදෙමු. එසේ වුවහොත් බලධාරීන් දැනුවත් කරන්න.
නිවසේ සිට උපදෙස් පිලිපදිමු. 🇱🇰

24/03/2020

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත් කෙරේ.

24/03/2020

මේ වෙලාවේ මේ අහිංසක මිනිනිස්සුන්ට හයියක්. 🙏🌷

24/03/2020

දැන් මුන් ටිකව තව කී දවසක් නිරෝදායනය කරන්න වෙයි ද 😐😐

24/03/2020

අතිගරු ජනාධිපති ගෝඨාබය මැතිතුමනි,

ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ජාතියක් වශයෙන් ව්‍යසන තත්වයකට මුහුණ දෙන මේ මොහොතේ ඔබතුමන්ගේ කැපවීම හා රටට ලබාදෙන ශක්තිය පිලිබඳව ඉමහත් විශ්වාසයකින් යුක්තව සිටී. වඩා ආරක්ෂාකාරී වූ හැගීමක් හැමදෙනා සතුවම ඇත.

ඊයේ දිනයේ ඔබතුමා විසින් ලබා දුන් සහන ජනතාවට මහමෙරක් බව නැවතත් කිව යුතු කාරණයකි. නමුත් ජනාධිපතිතුමනි, මෙම සහන ගොන්නෙහි යම් ප්‍රායෝගික ප්‍රශ්ණ ගෙන දෙන බරපතල කාරණා කිහිපයක් ඇත.

1). 2.ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 06 කට අත්හිටුවීම. - ඉතාමත් හොඳ තීරණයක් සේම සමාජයට බෙහෙවින් බලපෑමක් සිදු කල හැක. කෙසේ වෙතත් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රටෙහි ආර්ථිකයේ කොදු නාරටිය ලෙස සැලකිය හැක. විශාල ජනතාවක් මෙම සාධක කේන්ද්‍ර කොට ගෙන ජීවත් වෙයි. මෙම අවස්ථාවේ ව්‍යාපාර කඩා වැටීම හේතු කොට ගෙන මෙම ව්‍යාපරයන් සදහා භාවිත කරන රථ වාහන (බට්ටා ලොරි, ඩිලිවරි වෑන්, සංචාරක කේෂ්ත්‍රයේ භාවිත වන රථ, පාසල් සේවා සදහා භාවිත කරන වෑන් ආදිය..) සදහාද ලබා දෙන්නේ නම් ඉතා වටී. තවද සුලු, මධ්‍ය, හා මහා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ලබා දෙන ණය ගෙවීමේ සහන කාලය පිලිබඳව නිසි සහතිකයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවමත් ලබා දී නොමැත. මේ පිලිබඳව විදිමත් සහතිකයක් ලබා දීමට කටයුතු කරන මෙන්ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

2). 5.රැකියා සදහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ. -
මෙම කාරණාව ප්‍රශ්ණ රාශියකට අතවනන ගැටලුවක් බව කිව යුතුයි. ඔබතුමන්ගේ සම්පූර්ණ කැපවීමම අපතේ යා හැකි ගැටලුවකි. මක් නිසාදයත්, මේ වන විට මෙම පිරිසගෙන් බහුතරයකගේ බැංකු ගිණුම් විස්තර තියා නිවරදි තොරතුරුවත් එක් රැස් කොට ගෙන නොමැත. වඩා දරුණුම කාරණය වන්නේ අභ්‍යාසලාභී පත්වීම් ලෙස මොවුන සදහා දීමනාවක් දීමට තීරණය කොට තිබුනේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මගින් ලබාදෙන වවුචර් පත හරහාය. පවතින ක්‍රමවේදය මත මාසික වේතන පමණක් බැංකු ගිණුමට බැර කරයි. ඉදිරි කාලය මෙම තීරණය නිසාම රටට විශාල බරක් පැටවෙනු නොඅනුමානය. මෙය නැවත සිතා බලන්න.
යෝජනාව : මේ අවස්තාවේ මෙම පියවර නොගෙන කොරෝනා මැඩලීම වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන සියලු සේවාවන්හි යෙදෙන මහත්ම මහත්මීන්ට දීමනාවක් ලබාදීමට කටයුතු කිරීම.

3). 15. COVID-19 වෛරසය පැතිරයාම වැලැක්වීමට හා අදාල සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතු වලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සදහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින්ට ඊට දායක වීම සදහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත. - ඉතාමත් හොඳ කාරණයකි. නමුත් අතිගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලය පුරාවට ජනතාවට මෙම ජනාධිපති අරමුදලේ අරමුදල් තමන්ගේ ලෙඩකට දුකකටවත් ලබා ගැනීම ඉමහත් අසීරු කාරණයක් බවට පත්ව තිබූ මොහොතක, රටෙහි පාලන තන්ත්‍රයට හවුල් වූ පාර්ලිමේන්තුව නියෝජනය කල සමහර ඇමති මන්ත්‍රී හොරුන් හෙලිකොප්ටර්වලින් සිංගප්පූරු යවා බෙහෙත් කිරීමට යොදවන ලදී. මේ ගැන තබන සහතිකය කුමක්ද?

4). 16.SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ.ඩො. මිලියන 50 ක් වෙන් කිරීම. - අතිගරු ජනාධිපතිතුමනි ඇ.ඩො. මිලියන 50 (රු. මිලියන 9,350 (50*187)) යනු විශාල මුදලක් වන අතර අප කලාපයේ තවමත් ඒක පුද්ගල දල ජාතික අගය පහල මට්ටමක සිටිනා රටකි. පසුගිය මාසය තුල ලබා ගත් මුලු විදේශ ණය ප්‍රමාණය පමණක් ඇ.ඩො. මිලියන 1200 (රු. මිලියන 224,400 (1200*187)) කි. කොරෝනා නිසා මුලු ලොවක් කඩා වැටී ඇති මොහොතක මේ ණය ගෙවන්නේ කෙසේද යන්නත් අප සිතිය යුතුයි. විදේශ විනිමය ලංකාවට ගෙනෙන ප්‍රධානම ක්ෂේත්‍රයක් වන ඇගලුම් ක්ෂේත්‍රයේ කඩාවැටීම ඇස්පනා පිට අපට දැකිය හැකිය. අපේ පුධාන ගැනුම් කරු වන එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපය කඩාවැටී අවසානය. අපරටේ ඇගලුම් ක්ෂේත්‍රය 65% කින් කඩා වටීම අතින් අල්ලා නැවතිය නොහැක. මිනිසුන් ලක්ෂ ගාණකට රැකියා අහිමි වන දුර්භික්ෂයකට අප යමින් සිටී. මේ ණය උගුලෙන් අප ගැලවෙන්නේ කෙසේද ?

අතිගරු ජනාධිපතිතුමනි, කොරෝනා අප ජය ගත යුතුයි. ඔබගේ කැපවීම අතිවිශාලයි, අවිවාදයෙන් අප පිලිගනිමු. නමුත් මේ සගවන භයානක අනාගතය පිලිබඳව අපි නොසිතන්නේ නම් එය කොරෝනාට වඩා භයානක වනු ඇත.

විධායකය ඔබ සතුව ඇත. රටෙහි අනාගතය ඔබ සතුයි. ඔබේ තීරණය අපේ රටෙහි හෙට දවස තීරණය කරණු ඇත. පසුතැවීමට කරුණු නොතබනු ඇතැයි අප විශ්වාස කරමු. ♥️

3rdEYE - තෙවන ඇස
මව්බිම වෙනුවෙන් තෙවන ඇස අවධියෙන්.
2020/03/24

24/03/2020

ඇදිරිනීතිය කඩකල පුද්ගලයින් 2262 ක් අත්අඩංගුවට -
පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගෙදරටම වෙලා ඉදල සහයෝගය දෙමු නේද?

24/03/2020

ලෝකයම පිස්සු වට්ටපු ඉතාලිය,❤️❤️

* ලෝක සිතියමේ බූට් සපත්තුව' වන නුඹ,

* ක්‍රිස්තු පූර්ව 71 වසරෙදී තම 40 වෙනි වියේදී ඝාතනයට ලක් වන රෝම අවිසුරුවකු (Gladiator) වූ ස්පාටකස් බිහි කළ නුඹ,

* ක්‍රිස්තු පූර්ව 44 වසරේ මාර්තු 15 දින ඝාතනය කෙරුණු, ජූලියස් සීසර් නම් රෝම අධිරාජයා බිහි කළ නුඹ,

* ක්‍රි.ව. 79 වසරේ අගෝස්තු මස 24, 25 දෙදිනදී පිපිරුණු විසූවියස් යමහලේ ලාවා වලින් යටවූ පොම්පේයි හා හ‍ර්කියුලේනියම් නගර තම ඇකයේ සඟවාගත් නුඹ,

* ක්‍රි.ව. 64 වසරේ ජූලි මස 17, 18 දිනවල රෝමය ගිනි ගත් විට වීනා වාදනය කළ බව කියන, මාතෘ ඝාතක පාලක නීරෝ බිහි කළ නුඹ,

* පීසා වල ඇලවුණු කුළුණ උසුලන් සිටින නුඹ,

* පාලම් 400 කින් යාවුණු, දූපත් 118 ක් ඇල මාර්ග වලින් වෙන්වූ, සුන්දර වෙනිස් පුරවරය අයත් නුඹ,

* ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන Bologna සරසවිය ක්‍රි.ව. 1088 දී ඇරඹූ නුඹ,

* අති උත්තම පාප් වහන්සේ හට සෙවණ දෙන වතිකානුව දරා සිටින නුඹ,

* බ්‍රහස්පතිගේ සුවිසල් චන්ද්‍රයන් වන අයෝ,යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ සිව්දෙන සහ සූර්ය ලප, සිකුරු කලා, චන්ද්‍ර ආවාට, මුලින්ම දුටු මහා විද්‍යාඥ, ගැලීලියෝ ගැලීලී බිහි කළ නුඹ,

*සෙනසුරු චන්ද්‍රයන් වන ඉයාපැටුස්,රියා, ටෙතිස්, ඩියෝනි සිව්දෙන සොයාගත් තාරකා විද්‍යාඥ, ගියොවන්නි ඩොමෙනිකෝ කැසිනි බිහි කළ නුඹ,

* සුප්‍රකට ගණිතඥ ලියනාඩෝ ෆිබොනාච්චි බිහි කළ නුඹ,

* මිනිසෙකුගේ මැදිකන උගුර හා සම්බන්ධ කෙරෙන යූස්ටේකීය නාලයන් යුගල සොයා ගත්, බාතොලොමියෝ යූස්ටේකී බිහි කළ නුඹ,

* මිනිස් සිරුරක කුඩාම සෛලයක් වන ශුක්‍රාණුවක් විශාලම සෛලයක් වන ඩිම්බය සමඟ එක්වන අඳුරු,පටු මඟ වන පැලෝපීය නාලයන් යුගල සොයා ගත් කාය ව්‍යවච්ඡේද විද්‍යාඥ, ගේබ්‍රියෙල් ෆැලෝපියෝ බිහි කල නුඹ,

* රුධිර කේශනාලිකා සොයා ගත් මාර්සෙලෝ මැල්පිගී බිහි කළ නුඹ,

* කෘත්‍රිම සිංචනය මුලින්ම ලොවට හඳුන්වා දුන් ලැසරෝ ස්පැලන්සානි බිහි කළ නුඹ,

* ස්වයංසිද්ධ ජනන මතය සාවද්‍ය බව පරීක්ෂණාත්මකව තහවුරු කළ ෆ්‍රැන්සිස්කෝ රෙඩි බිහි කළ නුඹ,

* ලොව මුල්ම වායු පීඩනමානය ( Barometer ) තැනූ, ඉවැන්ජලිස්ටා ටොරිසෙල්ලි බිහි කළ නුඹ,

* ලොව මුල්ම රසදිය රුධිර පීඩනමානය ( Sphygmomanometer ) තැනූ සිපියෝනි රිවා රොකී බිහි කළ නුඹ,

* සත්ව විද්‍යුතය අනාවරණය කළ ලුයිජි ගැල්වානි බිහි කළ නුඹ,

* ලොව මුල්ම විදුලි කෝෂය හා බැටරිය තැනූ, ඇලෙසැන්ද්‍රෝ වෝල්ටා බිහි කළ නුඹ,

* දැන් වාමන ග්‍රහයෙකු ලෙස සැළකෙන මුල්ම ග්‍රහකය වන සෙරෙස් සොයාගත් තාරකා විද්‍යාඥ, ගයිසෙප්පි පියාසි බිහි කළ නුඹ,

* කණුවක බැඳ පණ පිටින් පුළුස්සා ඝාතනය කළ තාරකා විද්‍යාඥ, ගියොර්දානෝ බෲනෝ බිහි කල නුඹ,

* ඇවගාඩ්‍රෝ නියමය ඉදිරිපත් කළ රසායන විද්‍යාඥ, අමාදියෝ ඇවගාඩ්‍රෝ බිහි කළ නුඹ,

* සෛල තුල ස්‍රාවයන් නිපදවන ගොල්ගි සංකීර්ණය සොයා ගත් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ, කැමිලෝ ගොල්ගි බිහි කළ නුඹ,

* මැලේරියා පරපෝෂිත ක්ෂුද්‍ර ජීවියාගේ ජීවන චක්‍රය මෙන්ම ඇනොපිලිස් ගැහැණු මදුරුවන්ගෙන් මැලේරියාව මිනිසාට ආසාදනය වන බව සොයා ගත්, ගියොවන්නි බැටිස්ටා ග්‍රාසි බිහි කළ නුඹ,

* කොළරා බැක්ටීයාව මුලින්ම සොයා ගත්, ෆිලිපෝ පැසිනි බිහි කළ නුඹ,

* ජලභීතිකා රෝගී බල්ලන් හා එම මිනිසුන්ගේ මොළයේ සෛල තුල වයිරසය අඩංගු 'නෙග්රි දේහ' නම් පොකුරු සොයාගත් ඇඩෙල්චි නෙග්රි බිහි කළ නුඹ,

* AIDS රෝගීන්ට මාරාන්තික වන නියුමෝනියා රෝගයක් ඇති කරන නියුමොසිස්ටිස් කැරීනි නම් අහිංසක බැක්ටීරියාව සොයා ගත්, ඇන්ටෝනියෝ කැරීනි බිහි කළ නුඹ,

* අඟහරු ග්‍රහ ලොව මත දුරේක්ෂයෙන් දුටු රේඛා කෘත්‍රිම ඇල මාර්ග ලෙස වරදවා හඳුනාගත්, ගියොවන්නි ෂියාපෙරලි බිහි කල නුඹ,

* ගුවන් විදුලි යන්ත්‍රයේ නිර්මාණකරු, ගුග්ලියෙල්මෝ මාර්කෝනි බිහි කළ නුඹ,

* ලොව මුල්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය කළ නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ, එන්රිකෝ ෆර්මි බිහි කළ නුඹ,

* ටෙක්නීෂියම් (Tc) සහ ඇස්ටටීන් (At) යන මූල ද්‍රව්‍ය මෙන්ම ප්‍රති ප්‍රෝටෝන අංශු මුලින්ම සොයා ගත් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ, එමිලියෝ ජිනෝ සෙග්රේ බිහි කළ නුඹ,

* අභ්‍යවකාශයේදී 'එස්ප්‍රෙසෝ' නම් ක්‍රමයට කෝපි පිළියෙල කර පානය කළ මුල්ම පුද්ගලයා වන, සමන්තා ක්‍රිස්ටොෆොරෙටි යන අභ්‍යවකාශගාමිනිය ඇතුළු තම දරුවන් රැසක්ම උඩු ගුවනට යනු ආඩම්බරයෙන් බලා සිටි නුඹ,

* පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වා දුන් අධ්‍යාපනඥ, මාරියා මොන්ටිසෝරි බිහිකළ නුඹ,

* 'මොනාලිසා' සිත්තම් කළ ලියනාඩෝ ඩාවින්සි බිහි කළ නුඹ,

* 'ඩේවිඩ්' ප්‍රතිමාව මූර්තිමත් කළ මයිකල් ඇන්ජිලෝ බිහි කළ නුඹ,

* ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන රෆායෙල් සහ ගියෝටෝ බිහි කළ නුඹ,

* 'The Divine Comedy' පබැඳූ මහා කවි, ඩාන්ටේ අලිගියරි බිහි කළ නුඹ,

* 'The Prince' රචනා කළ දාර්ශනික හා ලේඛක, නිකොලෝ මැකියාවෙලි බිහි කළ නුඹ,

* මහා කවි හා ලේඛක ගියොවන්නි බොකාසියෝ බිහි කළ නුඹ,

* සුප්‍රකට නවකතාකරුවකු හා ලේඛකයකු වන ඇල්බර්ටෝ මොරේවියා බිහි කළ නුඹ,

* 'Last Emperor', 'Last Tango In Paris', 'Little Budda' සිනමා කෘති නිමැවූ ඇකඩමි සම්මානලාභී අධ්‍යක්ෂ බර්නාඩෝ බර්ටොලුසී බිහි කළ නුඹ,

* නාසි නායක හිට්ලර් සමග දෙවන ලෝක මහා සංග්‍රාමයේදී එක් වූ ෆැසිස්ට් නායක, බෙනිටෝ මුසොලිනී වැන්නෙකුත් බිහි කළ නුඹ,

* 'ෆියට්' , 'ෆෙරාරි' , 'ලැම්බොගිනි' වැනි වටිනා මෝටර් කාර් රථ ලොවට බිහි කළ නුඹ,

* මාරාන්තික වයිරස් වසංගතයකින් ලොවම ගලවා ගැනීමේ සටනක් ගැන ඩෑන් බ්‍රවුන් ලියූ, Inferno' (නිරය) නවකතාවට තෝතැන්න වූ නුඹ,

* Covid 19 වයිරස් වසංගතය ඉදිරියේ පරාජය විය නොහැක!!!

මනුෂ්‍යත්වයේ නාමයෙන්,

ඔබට Covid 19 වෛරසය පරාජය කිරීමට ශක්තිය ලැබේවා!!! ❤️❤️

Premashantha Kumarasiri ගේ වෝලයෙන් උපුටා ගැනුමකි.

24/03/2020

අපි අපිම ආරක්ෂාව සපයා ගමු.. 🌷
සැමවිටම නිවසටම වී සිටීමට වග බලා ගමු.

අන් අයත් දැනුවත් කරන්න, share කරන්න.
නිවසින් පිටතට යන්නේ නම්,

24/03/2020

♥️💚💛🧡💜️🖤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 3rd EYE - තෙවන ඇස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 3rd EYE - තෙවන ඇස:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share