Sahasra Productions

  • Home
  • Sahasra Productions

Sahasra Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahasra Productions, Video Creator, .

13/07/2023

https://youtu.be/IjWm56PBk1M

විස්ස හෝ තිහ දශක වල පමණ සිට වූ කාලාන්තරයේ පැල් කවි, පාරු කවි, පතල් කවි, කරත්ත කවි, බඹර කවි ආදී වූ ජනකවි ද; තේවා, සොකරි ආදී වූ නේකවිධ ශාන්තිකර්මද ඔස්සේ තව තවත් වූ ගීතමය වූද, කලාත්මක වූද, රසවත් වූද පැරැණ්නකට හිමිකම් කියාපාන මෙසිරිලකේ ජනයා සහ ජනසම්ප්‍රදාය එතැන් සිට මේ විසිඑක්වන සියවසේ අත්‍යාසන්න සංගීත ක්ෂෙත්‍රය දක්වා විකසනය වී ඇති පරාසය ඇත්තෙන්ම බොහෝ විස්මිත හැඟීමකි. එමෙන්ම එය එසේ වියද යුතුය. විවිධත්වයෙහි පෙඟවී ඇති හෙළ කලාකෙත බිහිවීමට එය එසේ විය යුතුවම තිබිණි.

ඉතින්, ඒසා වූ සංගීතමය නිර්මාණ එකින් එක ගෙන පදයෙන් පදය ලෙහා විමසා; එම ගේය පද වල සඟවා ඇති රචකයන්ගෙ තිර පිටු පස කතාන්දර ද, ඔවුන් ගෙ අත්දැකීම් සහ අත්විඳීම් ද විමසා බැලීමෙන්, ඒ ගැන ප්‍රබුද්ධ තර්ක ඉදිරිපත් කිරීමෙන් එම ගී නිර්මාණ වල ද්වීතීයමය රසවින්දනයක් අප වෙත ලඟාකරගැන්මට ඇති හැකියාව නිසැකය.

ආයුබෝවන් ! 'සහස්‍ර' යේ ' වචන' නමින් වූ අප⁣ මේ කුඩා කණ්ඩායමේ පරිශ්‍රමය එම ද්වීතීය රසවින්දනය ප්‍රේක්ෂක ඔබ ට මදක් කිට්ටු කර දීමටයි.

මෙතැන් ඔබ්බට 'වචන' සැසිය ඔස්සේ විවිධාකරයේ වූ නිර්මාණ ලිහා, පොතු හැර, ඵලය ඔබට පිදෙනු ඇත ♥️

----------------------------

• පළමු 'වචන' සැසිය

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් ලියැවුණු, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්⁣ අතින් ස්වර එලුනු, පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් විසින් ගැයුණු "හන්තානේ කඳු මුදුන සිසාරා" අද අපි පදින් පද ලෙහා බලමු ...

Address


Alerts

Be the first to know and let us send you an email when Sahasra Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share