13/09/2023
සුපිරි වෙළඳසැල් වල කැශියර් එක අසලම මෙම
" #මී_මැලියම්_උගුල් "
විකිණීමට තබා ඇති බව ඔබ දැක ඇති..!
කරුණාකර මෙම නිෂ්පාදන මිලදී නොගන්න. මෙම "මී මැලියම් උගුල්" සත්ව හිංසනයේ අමානුෂිකම ආකාරයක් වේ.මෙවැනි උගුලක් සොයාගත් අය සැබැවින් ම මනෝ ව්‍යාධීන් විය යුතුය.
මීයන් මෙය ආහාරයක් යැයි සිතමින් මෙම මැලියම් මතට ඇදී ගිය පසු, මීයාට චලනය වීමට නොහැකිව ඊට දැඩිව ඇලෙන අතර, චලනය වීමට උත්සාහ කළහොත්, සම ගැලවී අධික වේදනාවක් විඳීමට සිදුවේ.
නරකම දෙය නම් මෙම සත්වයා කිසි විටෙකත් කොතරම් වේදනාවට ලක් වුවද ඉන් මිය නොයෑමයි.මිනිසුන් පසුව මෙම පන ඇති සත්වයා සමඟ මැලියම් උගුල කුණු ගොඩට විසි කරයි. දින ගණනාවක් තිස්සේ මෙහි සිරවී සිටින සතුන්ට සිතාගත නොහැකි තරම් දරුණු, අමානුෂික, වේදනාකාරී මරණයක් උරුම වේ.
මීයන් පමණක් නොව මෙම උගුල්වලට හසු වන්නේ. කුරුල්ලන්, කෘමීන් සහ සුරතල් සතුන් ඇතුළු වෙනත් ඕනෑම සතෙකු ඊට හසු වීමට ඉඩ ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස නිවසේ ඇති කරනු ලබන සුරතල් සතුන් පවා ඊට හසු විය හැකි ය..
බොහෝ කරදරයක් නම් මීයන් අල්ලා ඉවත් කල හැකි ඉතා පහසු ඇටවුමක් සහිත මී කූඩු ඉතා අඩු මිලට වෙළදපොළේ හෝ හාඩ්වෙයාර් වල ඇත.අසුවු පසු මඳක් ඈතට ගොස් දැමිය හැක.ඒ අපහසු තාවයට වඩා උක්ත උගුලෙන් සිදුවන පාපය අති භයානකය.
මෙම නිෂ්පාදනය කිසි විටෙකත් මිලදී නොගන්න..!
" සසර කරත්ත රෝදයකි නිතරම කැරකේ..."
උපුටා ගැනීමකී...