IMSU MEDIA

IMSU MEDIA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMSU MEDIA, Media, .

16/12/2023
15/12/2023

Join us if you Dare
For a Halloween Scare…
Eat Drink & Be Scary
On 19th Tuesday…👻



10/12/2023

Six soaring into the stands - the roar of the crowd echoes the boundary. 🚀





10/12/2023
ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වැදගත්කම 🙏🌼🙏   🌼 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම  පිටත්කර හැරීම.....
25/11/2023

ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වැදගත්කම 🙏🌼🙏

🌼 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත්කර හැරීම..

🌼 බුදුහිමියන් විසින් තුන් බෑ ජටිලයන් දමනය කිරීම..

🌼 පස්වග තවුසන් සහ යස කුලපුත්‍රයා ප්‍රමුක යහළුවන් පිරිස .මෙම භික්ෂූන් වහන්සේලා සඳහම් චාරිකාව ඇරඹුවේ අදවන් ඉල් පොහොය දිනකය .

🌼 උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසබඩ අසපු තනා ගෙන වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිලයන් ඇතුළු එක්දහස් පන්සියයක් දෙනා බුදු හිමියන්ගෙන් බණ අසා පැවිදි වූයේ ද අද වැනි දිනයකයි .

🌼 සැරියුත් මහරහතන් වහන්සේ තම උපන් ගමට ගොස් මවට ධර්මය අවබෝධ කරදී පිරිනිවන් පෑ වදාළේ ද අද වැනි පොහෝ දිනයක ය .

🌼 එවකට සිරිවර්ධන නම් සිටුවරයා ගේ පුතකු ව ඉපිද සිටි මෙත් බෝසතුන් පසුව බුදු සසුනේ පැවිදි වූ අතර උන්වහන්සේ තමාට දායකයින් පිදූ වස්ත්‍ර යුගලයක් බුදු හිමියන්ට පූජා කළහ. එහි ආනිසංසයෙන් ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නමින් මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බව පවසා බුදු හිමියෝ නියත විවරණ දුන්හ ..

ඔබ සැමට පින්බර පෝය දිනයක් වේවා 🙏

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

11/11/2023
29/10/2023

GOOD LUCK
&
ALL THE BEST
For
Final year 1st semester examination
2016/2017 Batch

Indigenous medical students' union

🌺 දහවන මාසය හෙවත් ඔක්තෝම්බරයේදී අද වන් උතුම් වූ වප් පුන් පොහොය උදා වෙයි.🌺 වප් මාසය අපට වැදගත් වන්නේ විශාල පුණ්‍ය කර්මයක්...
27/10/2023

🌺 දහවන මාසය හෙවත් ඔක්තෝම්බරයේදී අද වන් උතුම් වූ වප් පුන් පොහොය උදා වෙයි.
🌺 වප් මාසය අපට වැදගත් වන්නේ විශාල පුණ්‍ය කර්මයක් වන චීවර පූජාව හෙවත් සිවුරු පූජාව වස් තුන් මාසය අවසානයේ දී එනම් වස් පවාරණයෙන් පසු වප් මාසයේ සිදුවන බැවිනි.

🌺 මෙම චීවර පූජාව මහත් ආනිශංස ගෙන දෙන පූජාවක් ලෙස සැලකෙන බැවින් සෑම ගමකම පාහේ ලොකු කුඩා සෑම බෞද්ධයෙක් ම පාහේ මෙම මහා පුණ්‍යෝත්සවය ට දායක වෙති .

🌺 මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ථුපාරාමයට භික්ෂූන් වහන්සේ කැඳවා විනය සංගායනාවක් පැවැත්වූයේත් අද වන් වූ වප් පුන් පොහොය දිනයේදීය. ලංකාවේ පිරිසිදු බුදු දහම දිගුකල් පැවතීම සඳහා දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි එය එසේ සිදු කරන ලදී.

🌺 බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට බැසීම සිදු වූයේ ද වප් පුන් පොහෝ දිනකයි. ඒ දුටු අනන්ත අප්‍රමාණ සැදැහැවත් සැදැහැවත්හු සාධුනාද දෙමින් බුද්ධාලම්භන ප්‍රීතිය භුක්ති වින්දහ…

🌺 අනාගතයේ දී බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පන්සියයක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළත් වීම ද අද වන් වූ උත්තරීතර වප් පොහොය දිනයක සිදු විය.

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

*Gear for Little Warriors*🏥👶🫡🤝 Join us in making a difference!The Leo Club of Mount Lavinia Orient Centennial & Indigeno...
07/10/2023

*Gear for Little Warriors*🏥👶🫡

🤝 Join us in making a difference!

The Leo Club of Mount Lavinia Orient Centennial & Indigenous Medical Students' Union are launching a fundraising campaign for the Pediatric Ward at Colombo National Ayurvedic Hospital.

Help us provide vital resources for young patients with special needs.

Your support can change lives!



/24_අපි



භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි. වස් සමයේ අතරමැදි ප...
28/09/2023

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේ ද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේ ද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේ ද අදවන් දිනකයි.

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේෂ ධාතු නිධන් කර ගිරිහඬු සෑය ඉදිකිරිම.

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා!!!

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

25/09/2023
21/09/2023

"රටට වින කරන හොර වෙද කඩ විගඩම පරදමු!"
සම්මන්ත්‍රණයේ සජීව විකාශය...

ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය සේවයේ ගුණාත්මක වර්ධනයක් උදෙසා ප්‍රතිපත්තිමය හැරවුමක්...💪

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

සම්මන්ත්‍රණයේ සජීවී ව්කාශයසවස 2.30 සිට මෙම පිටුව ඔස්සෙ බලාපොරොත්තු වන්න..-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
21/09/2023

සම්මන්ත්‍රණයේ සජීවී ව්කාශය
සවස 2.30 සිට මෙම පිටුව ඔස්සෙ බලාපොරොත්තු වන්න..

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

17/09/2023

රටට වින කරන හොර වෙද කඩ විගඩම පරදමු!

ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය සේවයේ ගුණාත්මක වර්ධනයක් උදෙසා ප්‍රතිපත්තිමය හැරවුමක්..

සම්මන්ත්‍රණය
සැප්. 21 සවස 2.30ට
දේශීය වෛද්‍ය පීඨය තුළ දී

සංවිධානය
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

16/09/2023
සිදුහත් බෝසතාණන් මව්කුස පිළිසිඳ ගැනීමත්,සිදුහත් කුමරුන්ගේ මහාභිනිෂ්ක්‍රමණයත්,බුද්ධත්වය ලැබීමෙන් පසුඋන්වහන්සේගේ ප්‍රථම ධර...
01/08/2023

සිදුහත් බෝසතාණන් මව්කුස පිළිසිඳ ගැනීමත්,
සිදුහත් කුමරුන්ගේ මහාභිනිෂ්ක්‍රමණයත්,
බුද්ධත්වය ලැබීමෙන් පසු
උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවත්,
දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් සිදු වූ

*පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි.*

මෝහාන්ධකාරය දුරු වී
ධර්මාලෝකයෙන් සියල් සිත්සතන් ආලෝකමත් වන
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

-මාධ්‍ය ඒකකය-
-දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව-
-කොළඹ විශ්වවිද්‍යාලය-

ශිෂ්‍ය සුභසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමට දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සංවිධානය කරන ලද හිතුමතේ ආදරේ වේදිකා නාට්...
28/06/2023

ශිෂ්‍ය සුභසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමට දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සංවිධානය කරන ලද හිතුමතේ ආදරේ වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාර ශාලාවේදී 2023 ජූනි 21 වන දින සවස 3.30 සහ සවස 6.30 ලෙස දර්ශන වාර දෙකක් ලෙස සාර්ථකව ප්‍රදර්ශනය කරන ලදී.

- මාධ්‍ය ඒකකය -
- දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව -

18/06/2023

2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළ
2020 යෞවන සම්මාන උලෙළේ වැඩිම සම්මාන ගනනකින් පිදුම් ලැබූ

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර නාට්‍ය නිර්මාණ

හිතුමතේ ආදරේ..

වේදිකා නාට්‍ය
2023 ජුනි 21 සවස 3.30 සහ 6.30, කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාර ශාලාවේදී (NAT).

ප්‍රවේශ පත්‍ර විමසීම :-
0702797606 - කෝකිල
0718203020- ගනිදු
(ප්‍රවේශ පත්‍ර Online වෙන්කරවා ගත හැක)

Tickets Now Available at
UOC Art student's union
UOC Management student's union
UOC Law student's union
UOC Science student's union

ප්‍රවේශ පත්‍ර මිල :- 1500/= , 1000/=
400/=(විශ්ව විද්‍යාල සිසුන් සදහා )

සංවිධානය:
දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

දර්ශන විමසීම් - 0713069311

16/06/2023

2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළ
2020 යෞවන සම්මාන උලෙළේ වැඩිම සම්මාන ගනනකින් පිදුම් ලැබූ

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර නාට්‍ය නිර්මාණ

හිතුමතේ ආදරේ..

වේදිකා නාට්‍ය
2023 ජුනි 21 සවස 3.30 සහ 6.30, කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාර ශාලාවේදී (NAT).

ප්‍රවේශ පත්‍ර විමසීම :-
0702797606 - කෝකිල
0718203020- ගනිදු
(ප්‍රවේශ පත්‍ර Online වෙන්කරවා ගත හැක)

ප්‍රවේශ පත්‍ර මිල :- 1500/= , 1000/=
400/=(විශ්ව විද්‍යාල සිසුන් සදහා )

සංවිධානය:
දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව
දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

දර්ශන විමසීම් - 0713069311

15/06/2023

හිතේ මැවෙන කතාවලට පණ දෙන්න ඔයත් එන්න 21 හවස 3ට.

13/06/2023

Mood Fix කරන දවස 21 Ready වෙලා ඉන්න !

10/06/2023

ජාතියට හුස්ම දෙන
පරපුරක් තැනූ,
පුරවර සරසවියේ ආදරණීය
දේශීය වෛද්‍යය...
94 වන වර්ෂ පූර්ණය
මෙලෙස සනිටුහන් කරන වගයි...!

වෙසක් සඳ පායන්නසඳ රැසින් නැහැවෙන්නසෝ සුසුම් නිම වෙන්නසිත් සතන් සැනසෙන්නරෝ බියෙන් වෙලුන සතදම් දියෙන් සුව වන්නද්වේශ ගිනිමෙ...
05/05/2023

වෙසක් සඳ පායන්න
සඳ රැසින් නැහැවෙන්න
සෝ සුසුම් නිම වෙන්න
සිත් සතන් සැනසෙන්න
රෝ බියෙන් වෙලුන සත
දම් දියෙන් සුව වන්න
ද්වේශ ගිනි
මෙත් සිතින් නිවා සනසාලන්න
සිල් සුවඳ පැතිර යන
දම් ගඟුල ගලා යන
උතුම් මනු ලොවක් යළි
දකින්නට හැකිවන්න
ගොහොරු මඩ සුවඳ දෙන
සියපතක් විලසට
වඩිනු මැන යළිත් බුදු සමිඳුනේ
මනු ලොවට....

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!

-මාධ්‍ය ඒකකය-
-දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව-

Eid Mubarak!Happy and Blessed Ramadan Festival...May the blessings of the day be with you and your families.Media UnitIn...
22/04/2023

Eid Mubarak!
Happy and Blessed Ramadan Festival...
May the blessings of the day be with you and your families.

Media Unit
Indigenous Medical Students' Committee
University of Colombo.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී අදට වසර 4ක් ගත වී හමාරය.ඉන් 272ක් මිය ගොස් 500කට අධික තුවාල හා ආබාධිත වූවන් වන තරමටම එය ඉත...
21/04/2023

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වී අදට වසර 4ක් ගත වී හමාරය.
ඉන් 272ක් මිය ගොස් 500කට අධික තුවාල හා ආබාධිත වූවන් වන තරමටම එය ඉතා මිලේච්ඡ විය.
පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරනු වස් අහිංසක මිනිසුන් මරා දමා එම ලේ මතින් ඔවුන් ජය පැන් පානය කළහ.
තවමත් යුක්තිය ඉටු වී නොමැත. එහි සත්‍යය හැකි සියලුම අගුලු දමා සිර කොට වසන් කර ඇත. දැන් එය ඉවතට ගෙන වින්දිතයන්ට සාධාරණය ඉටු කරදීමට අප ද හඬක් නැගීම අපගේම සහෝදර සහෝදරිය වෙනුවෙන් අපගේ යුතුකමකි.

මාධ්‍ය ඒකකය
දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව
කොළඹ විශ්ව විද්‍යාලය

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos part 7
18/04/2023

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos part 7

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos part 6
17/04/2023

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos part 6

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos part 5
17/04/2023

ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos part 5

ලැබුවා වූසිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියලුදෙනාට ජාති,වර්ණ භේදයන්ගෙන් තොරව,දේශපාලනික බැමි වලින් නිදහස් වූ, නිවහල...
14/04/2023

ලැබුවා වූ
සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියලුදෙනාට
ජාති,වර්ණ භේදයන්ගෙන් තොරව,දේශපාලනික බැමි වලින් නිදහස් වූ, නිවහල් රටක්, නිවහල් ජාතියක් ලෙස තම අභිමානය ලොව පුරා විධහා දැක්වීමට හැකි,
සාමය සතුට පිරි,
නිදුක් නීරෝගී සෞභාග්‍යමත්
සුබ අලුත් අවුරුද්දක් වේවා!!

මාධ්‍ය ඒකකය
- දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව -

උන්මේෂ '23 🎶ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos Part 4
13/04/2023

උන්මේෂ '23 🎶
ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos Part 4

උන්මේෂ '23 🎶ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos Part 3
13/04/2023

උන්මේෂ '23 🎶
ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos Part 3

උන්මේෂ '23 🎶ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅Annual Art DayFaculty of Indigenous MedicinePhotos Part 2
13/04/2023

උන්මේෂ '23 🎶
ගඟන සිසාරා සියොත් කැල සමගින් පිය මනින්නට...🦅
Annual Art Day
Faculty of Indigenous Medicine
Photos Part 2

27/11/2020

Indigenous medical students' committee

දේශීය වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ විභාග සෞඛ්‍යාරක්ශිත ලෙස පවත්වන ලෙස ඉල්ලා අධ්‍යක්ෂතුමිය වෙත යොමු කරන ලද ලිපිය

27/11/2020

Students' Union University of Colombo

පවතින COVID 19 තත්වය තුළ දේශිය වෛද්‍ය ආතයයේ පැවැත්විමට නියමිත විභාග කටයුතු නිසි සෞඛ්‍ය ආරක්ශිත ක්‍රමවේදයන්ට අනුව පවත්වන ලෙසත් දේශිය වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ශකතුමියගේ අත්තනොමතික ක්‍රියාකලාපයට විරෝධය පල කරමිනුත් මහා ශිෂ්‍ය සංගමය ලෙස ඊයේ දිනයේ උපකුලපතිතුමිය වෙත යොමුකරන ලද ලිපිය..

Indigenous medical students' committee

2020/11/26

24/11/2020

Students' Union FMF

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු විශ්වවිද්‍යාල පීඨ ශිෂය සංගම් සියල්ල එක්ව මේ වන විට උද්ගත වි තිබෙන ගැටලුවට විසදුම් සොයන අතර ඒ සදහා ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති සේම ඉදිරියටත් ගැනීමට බලාපොරොත්තු වෙමු.ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වශයෙන් අප විශ්වවිදයාලයේ පවතින තත්වය ඔබට වැටහී ඇති බව අප සිතමු.
ශිෂ්‍ය සංගමයක් ලෙස ලබා ගැනීමට පෞද්ගලික ලාභ ප්‍රයොජන නොමැති අතර ලබා ගාන්නා සියලු දිනාගැනීම් ඔබේත් විශ්වවිද්‍යාලයේ මතු පරපුර වෙනුවෙනුත් බවද ඔබ වටහාගත යුතුය..
විශ්වවිද්‍යාලයට උග්ගතවී ඇති තත්වය හමුවේ තවත් කොටස් වශයෙන් බෙදී වෙන් නොවී එක්ව එක අරමුණකින් කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමු.
පවතින ගැටලුව සත්‍ය වශයෙන් අවබෝධ කරගත් පුද්ගලයින් විශ්වවිද්‍යාලය බේරාගැනීමට අවශ්‍ය මොහොතක ශිෂ්‍ය අයීතින් උදුරා ගැනීම සදහා සිදුකරන ක්‍රියකාරකම් තරයේ හෙලාදකිමු. තවද කලමණාකරන හා මූල්‍ය පීඨ ශිෂය සංගමය ලෙස අප කිසිදු දේශපාලන මතයක් නොදරන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කලමණාකරන හා මූල්‍ය පීඨ ශිෂය නියෝජනයන් බවත් ඔබට මෙසේ දන්වා සිටින්නෙමු.

23/11/2020

එක්ව පෙළ ගැසෙමු
එක්ව සටන් වදිමු
සරසවි අයිතීන් සුරකිමු

කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා නේවාසිකාගාර ඉඩම ඇතුළු සියලු විශ්වවිද්‍යාලීය ඉඩම් සුරක්ෂිත කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාලීය සියලු ශිෂය සංගම් ඇතුළු මහා ශිෂය සංගමය එකට එක්ව ශිෂය අයිතීන් සුරකීම සදහා කරනු ලබන ප්‍රයන්තය වෙනුවෙන්....!
කළමණාකරන හා මූල්‍ය පීඨ ශිෂය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when IMSU MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share