05/07/2024
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්
2024 ජූලි මස 04 වන දින පවත්වන්නට් යෙදුණු බ්‍රිතාන්‍ය මහ මැතිවරණ්‍යන් කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් ලබා තිබේ . බ්‍රිතාන්‍යයේ මැතිවරණ කොට්ඨාස 650 කට අදාළව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් මෙම මැතිවරණයෙන් තෝරා ගැනීමට නියමිත විය.
ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ සමහර ප්‍රදේශ සඳහා තැපැල් ඡන්ද සඳහා පහසුකම් ද සලසා තිබූ බව විදේශ වාර්තාවල සදහන් විය.
මහ මැතිවරණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පසුගිය මැයි 30 වැනිදා විසුරුවා හැරීමට තීරණය කළේය.බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂය මේ වන විට බලයේ සිටි අතර අගමැති ලෙස ක්‍රියා කරනු ලැබුවේ රිෂී සුනක් ය.ප්‍රබල කොන්සවේටිව් පක්ෂයේ මෙම පරාජයත් සමග බ්‍රිතාන්‍ය දේශපාලනය වෙනස්වනු ඇතිබවට මත පලව තිබේ..
ිපාලනසේවාGlobalLocaltrends